Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » බිරිඳට සැප දෙන්න ලිට්‍රෝ ගෑස් සමාගමට රවී වැඩක් දෙයි

රවී කරුණානායක කියන්නේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා කියලා අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැනේ. යහපාලන ආණ්ඩුව පත් වෙච්ච ගමන්ම රවිට එරෙහිව අධිකරණයේ තිබුණු නඩු කිහිපයක්ම රවී වැරදිකාරයා කරන්නේ නැතුවම ඉවර වුණා. රවී හැමදාම මීයක් කඩන්නේ අත ලෙවකන්න බලාගෙන නෙමෙයි. ඒ වගේම යහපාලන ආණ්ඩුව ගේන්න එයාගෙන් වියදම් වුන ගාණට වඩා වැඩි ගාණක් දින සීය ඉවර වෙනකොටම  තමන්ගේ එකවුන්ට් වලට බැර කර ගත්තා.

එ.ජා ප ය ආණ්ඩුවක් පිහිටපු හැම වතාවෙම රවී ගන්නේ හොඳට ගරන්න පුළුවන් අමාත්‍යාංශ. කාටවත් ඒකට මුකුත් කියන්න බැරි රවීගේ සල්ලි නැත්තම් එජාපයට දුවන්න බැහැ කියලා  දන්න නිසා. 2001 එජාපෙ ආණ්ඩුව පිහිටපු වෙලාවේ රවී ගත්තේ කර්මාන්ත ඇමතිකම ඒ අවුරුද්ද ඇතුළත හොදට හම්බ කරගත්තා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුවේ අර ගත්තේ මුදල් ඇමතිකම. අවුරුදු ගාණක ඇරියස් එක දින සීයෙන් හම්බ කර ගත්තා. 

රවීට වාසනාව  ගෙනාවේ එයාගේ බිරිඳ කියලා හැමෝම කියනවා.  මේ දෙන්නම බිස්නස් කරන්නේ එකට රවීට කෙලින්ම සම්බන්ධ වෙන්න බැරි බිස්නස් වලට බිරිඳ මාර්ගයෙන් සම්බන්ධ වෙනවා. හොඳම උදාහරණය වෙන්නේ ලිට්‍රෝ  ගෑස් සමාගමට රවියි එයාගේ බිරිදයි කරන්න යන දේ. 

ලිට්‍රෝ ගෑස් සමාගම මීට පෙර කවුරුත් දන්නේ ෂෙල් ගෑස් කියන නමින්. ගෑස් බෙදාහැරීමේ අයිතිය ෂෙල් වලින් ලිට්‍රෝ සමාගම ම්ලදී ගත්තට පස්සේ ගත වෙච්ච අවුරුදු තුන ඇතුලත බිලියන 13ක ලාභයක් ලබා ගත්තා. මේ ලාභය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ වියදම අඩු කිරීම සහ ෂෙල් සමාගම එක්ක තිබිච්ච ගිවිසුම අවලංගු කිරීම. රවී කරුණානායක මුදල් ඇමති විදියට ගහන ඊලඟ ගුණ්ඩුව වෙන්නේ ලිට්‍රෝ වලින් ගෑස් සැපයීමේ අයිතිය තම බිරිදගේ සමාගම වෙන මැක්ලරන්ස් සමාගම වෙත ලබා දීමයි. 

මේ මැක්ල්රන්ස් සමාගම යුරෝපීය රටක ලියාපදිංචි වූවක්. මේ අලුත් බිස්නස් ගුණ්ඩුව ගැන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දුන් අවස්ථාවේදී ප්‍රොකියුමන්ට් අංශයේ සේවකයන් ගෑස් බෙදා හැරිම සඳහා ප්‍රමාණවත් තරම් තාක්ෂණයක් තම සමාගම සතුව නොපවතින බව පෙන්වා දී තිබෙනවා. ඔවුන්ට අනුව ආසියානු කලාපයටම ගෑස් බෙදා හැරිම ප්‍රමාණවත් තාක්ෂණයක් සමග සුදුසුකම් සහිත සමාගම් දෙකක් විතරයි තියෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලය ඉදිරියේම එම සේවකයන්ට බැන වැදී ඇති රවී ඔවුන්ට තම කටවල් පරිස්සම් කර ගන්න කියලා තර්ජනය පවා කරලා තියනවා.

සභාපති ශලීලා සහ කළමනාකරණ අධ්‍යක්ෂක මුදිත රවිගේ කැමැත්ත පරිදි සැපයුම ලබා ගන්නකටයුතු කරන අතර අඩු මිලට ටෙන්ඩර් ලබා දෙන ලෙසට හා මසක් පමණක්වත් ගෑස් අඩු මිලට ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිනවා. ඒ රටට තියන ආදරේට නම් නෙමෙයි මැතිවරණ වේදිකාවේ ගෑස් අඩු මිලට දුන්නා කියලා කෑ මොර දෙන්න පුළුවන් නිසා.

        ගම්බාර බලකාය  
~ආර්ථික ඝාතකයන්ට එරෙහිව~ 

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments