Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

යුද අපරාධ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විමට  ශ්‍රී ලංකා රජයට ඇමරිකාව බලපෑම කල යතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ඇමරිකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කියා සිටි.

විශේෂයෙන්, සංහිදියාව සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.

“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්‍රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය යලි නගාසිටුවීම, ප්‍රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය."යනුවෙන් ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

-
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු සමස්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයම මේ වනවිට මහින්ද රජපක්ෂ මහතා සමග එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම වෙනුවෙන් එකට එකමුතුව සටන ආරම්භ කර තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

"විවිධ කණ්ඩායම් පසුගිය දින කිහිපයේ පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් විකල්ප කණ්ඩායම් නිර්මාණය කිරිමට කටයුතු කලා ...නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා....ඊයේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග යම් හෝ අවුලක් තිබුනු හැමොමත් දැන් ඒ ප්‍රශ්ණ විසදගෙන ඉවරයි...."

"මේ සමගිය බලාගෙන ඉන්න බැරි ඔය සමහර කට්ටිය දැන් රටෙත් නෑ"

" මම හිතන්නේ ශ්‍රි ලංකාවේ ඉහලම ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් අපි අගොස්තු 17 වැනිදා මැතිවරණයෙන් හදනවා එකේ දෙකක් නෑ....ඒ වගේම අපි කල්පනාකාරිව කටයුතු කරන්න ඔනෑ....මොකද බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන් හැමතැනම ඉන්නවා.."
-
2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි. 

හදිසියේ දේශප්‍රේමී බවට පත් වූ පඬි දෙනක තමන්  පුනබ්භවය විශ්වාස කරන්නේ ඇයි දැයි බෞද්ධ සංදර්භයක ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දී ගත නොහැකිව ෙසෙලවල නැවත ඇතිවීම ගැන කියන පඬි විද්‍යාත්මක බෞද්ධයකු පවත්වා ගෙන යන එක්තරා කසිකබල් වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප රැකගන්න කියා සිංහල ජාතියට දිවි නසාගන්න ඉඩ දෙන්න බැහැ යනුවෙනි. ඇය නොදන්නා කරුණ නම් ශ්‍රී ල නි ප පිහිටුවීමට පෙර සිංහල ජාතිය තිබූ බව ද ඇය සිටියත් නැතත් ශ්‍රී ල නි ප ඝාතනය කිරීමෙන් පසුව ද සිංහල ජාතිය  පවතින බවත් ය. එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව අප කියා ඇත්තේ අද ඊයේ නො වේ. 

1989 භීෂණ සමය විය. ජයවර්ධන ප්‍රේමදාස විජේවීර භීෂණය ඉහළම තලයක පැවතිණි. එකල පැවතියේ යුද්ධයක් යැයි ඊනියා දේශපාලන විචාරකයෝ නො පවසති. එය හුදෙක් ත්‍රස්තවාදය මැඩලීමක් පමණක් ලෙස හැඳින්විණි. යුද්ධයක් නොපැවති බැවින් යුද්ධාපරාධ ද නො වී ය. එකල සොල්හයිම්ලා  මෙහී නො වූහ. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ජ වි පෙ ත්‍රස්තවාදය (සෝමවංශලා එදා ත්‍රස්තවාදය මෙහෙය වූ නායකයෝ වූහ. අනුර කුමාරලා ලාල්කාන්තලා හුදු ඇටිකිච්චෝ වූහ. එහෙත් එදා සිදු වූ ඝාතනවලට අද ශාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයෝ ද වගකිවයුත්තෝ වෙති) මැඩලීමට එ ජා ප ආණ්ඩුවලට සහාය දුන්හ. එබැවින් ද එකල යුද්ධාපරාධ තිබෙන්නට හැකියාවක් නැත. බටහිරයන් අතින් යුද්ධාපරාධ නො කෙරෙයි! 

එහෙත් දෙමළ ත්‍රස්තවාදය මැඩීමට කෙරී ඇත්තේ යුද්ධයක් යැයි බටහිරයෝ ද ඊනියා දේශපාලන විචාරකයෝ ද කියති. අභාවප්‍රාප්ත මර්වින් සිල්වා ජනමාධ්‍යවේදියා ඊළාම් යුද්ධය 1, 2, 3 ආදී වශයෙන් ඒ නම් කෙළේ ය. අද යුද්ධාපරාධ ගැන බටහිරයන් ද රාජ්‍ය නොවන පඬියන් ද එ ජා ප නායකයන් ද කතා කරන්නේ ඒ බටහිර සංකල්ප මත පදනම් වෙමිනි. කොටින්ට විරුද්ධව කෙරුණු යුද්ධාපරාධ තිබිණි නම් ජ වි පෙරමුණට ද එරෙහිව කළ යුද්ධාපරාධ තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ ඒ ගැන නිහඬ ඇයි? බටලන්දේ දී මරා දැමුණේ අත් අඩංගුවේ පසු වූවන් බව අමතක නොකළ යුතු ය. අඩුම තරමින් එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත.   

ශ්‍රී ල නි පක්‍ෂය ද දුර්වල වූ නමුත් ඒ නොමැරි පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ඇතුළු කිහිප දෙනෙක් සමත් වූහ. ඔවුහු 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසු සමරු දේශනයක් සංවිධානය කළහ. එයට බණ්ඩාරනායක මැතිණිය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ජනතා සහභාගිත්වය අඩු මට්ටමක තිබේ යැයි එතුමිය විශ්වාස කළ බැවිනි. එපමණක් නොව දේශකයකු සොයා ගැනීම ද සංවිධායක මණ්ඩලයට අසීරු කරුණක් විය. අවසානයේ දී දේශනය පැවැත්වීම මට භාර කෙරිණි. ඒ දේශනයේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. සංවිධායක මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම හේතුවෙන් අති විශාල පිරිසක් දේශනයට සවන් දීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එක් රොක් වූහ. 

ඉන්පසු අනූවේ දශකයේ මුල එංගලන්තයේ පදිංචි වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවට ආනයනය කර ඇය ලවා පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් කර ශ්‍රී ල නි ප ඝාතනය කරවීමට වික්ටර් අයිවන්, ප්රාජිත ආදී පිරිසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ ව්‍යර්ථ විය. එහෙත් අද එය වෙනත් ක්‍රමයකින් සාර්ථක වී ඇත. මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකාට ද කළ නොහැකි වූ ඝාතනය සිදු කෙළේ ය. කළ යුතුව තිබුණේ ඉන් පසුවවත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කිරීම ය. එහෙත් ඒ නො කෙරිණි. ශ්‍රී ල නි ප නායකයෝ අපට සවන් නොදුන්හ. අදත් සවන් නො දෙති. ඒ අතර පඬියෝ හා පඬි දෙන්නු අපට උගන්වති. 

නලින් ද සිල්වා

2015 ජූලි 09
-
එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.

ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.

සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.

මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.

මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.

ඔහුන් පෙන්වා දෙන්නේ  2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA  2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.
-
පසුගිය සදුදා සිට ආරම්භ වුනේ යහපාලන නාඩගමේ  අවසාන ජවනිකාව. මේ ජවනිකාවේ තමයි ජනතාවට පෙන්වන්නේ යහපාළනය නමින් රාජ්‍ය දේපල මැතිවරණයකදී අවභාවිතා කරන්නේ කොහොමද කියලා. අපේ විමල් වීරවංශ මැතිතුමා ඒ පිළිබදව උදාහරණ ගනණාවක් කියුවා. ඒ වගේම අද දිනයේ හදිසි ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා. ඒ රැස්වීමේදී විශේෂ ජල ව්‍යාපෘති කිහිපයක් පිළිබද භාණ්ඩාගාරයේ නිරික්ෂණයකින් තොරව අරමුදල් වෙන් කිරිමට නියමිතයි. මෙය සෘජුවම මැතිවරණය ඉලක්ක කරගත් ජල ව්‍යාපෘති කිහිපයක්. ඒ වගේම මේක පිටිපස්සේ මැතිවරණයට මුදල් සොයා ගැනිමට ටෙන්ඩර් ප්‍රධානය කිරිමේ අරමුණත් තියෙන්න පුළුවන්. යහපාලනය ගැන කථා කරන්න පෙරමුණ ගත් අයම අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පත් මැතිවරනයට අවභාවිතා කරලා තියෙනවා. ඒනිසා යහපාළනය නමින් බුක්ති විදින ලැබුණු යමපාළනයේ අවසන් ජවනිකාවත් බලමින් පහන් සංවේගය උපදවා ගන්නයි කියලා අපි ජාතියෙන් ඉල්ලා සිටිනවා.

කැප කිරිම් මතින් ජයග්‍රහණය කරා

මේ සමගිය ගැන විවිධ කටකථා පැතිරෙනවා. අපි දන්නවා දෙපාර්ෂවයක් විසින් තනි තනිවම හදපු ලැයිස්තු දෙකක් එකතු කරලා එක ලැයිස්තුවක් හදන විට දෙපාර්ශවයටම යම් යම් කැප කිරිම් කරන්න වෙනවා. අපි එම කැප කිරිම් කරන්නේ එක්සත් ජාතික පක්ෂය නතර කර යුතු නිසා. එක්සත් ජාතික පක්ෂය පරාජය කල යුතු නිසා. ඒ වගේම පසුගිය මාස 6 තුල සවිමත් උන බෙදුම්වාදයට, ආර්ථිකය කඩා වැටිමට, සංවර්ධන නතර විමටත් තිත තැබිය යුතු නිසාය. අද අපිට මතකයි එක්සත් ජාතික පක්ෂය ජග්‍රහනයේ සූත්‍රයක් විස්තර කළා කොහොද එක විස්තර කළේ. සන්ධානය දෙකට කැඩෙනවා ඒ නිසා අපි දිනනවා. ඒ සූත්‍රය අදට ගැලපුවනම් එජාපය කියන්න ඕනේ සන්ධානය දෙකට කැඩුනේ නෑ. ඒ නිසා එජාප අපි පාරදයි කියලා. මොකක්ද අපේ ජග්‍රහනයේ සූත්‍රය අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී බුලත් කොළේට ලක්ෂ 58ක් ලැබුණා, හංසයාට 62ක් ලැබුණා. මේ ලක්ෂ 58 ගෙන්න දායක වුනු සියළුම දේශපාලන පක්ෂ අද එක මිටියට මෙවරත් සන්ධානයෙන් ඉදිරිපත් වෙනවා.

එහෙම නම් මේ ලක්ෂ 58 ගෙඩිය පිටින් බුලත් කෙළේ වටේ රැදිලා තියෙනවා. කොහොමද හංසයාගේ 62 දෙමළ සන්ධානයේ හංස පැටවු ලක්ෂ 07ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුනේ හංස පැටවු ලක්ෂ 05ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා.ිල්ඩ් මාෂල්ෆොන්සේකාමහත්මයාගේ ප්‍රජන්ත්‍රවාදි පක්ෂයේ හංස පැටවු ලක්ෂ 02ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. හෙළ උරුමයත් සමාවන්න දැන් යහපාළන මොකක්ද කියන පක්ෂයේ පෙරමුණ මට හරියට නම මතක නෑ ටිකක් දිගයි. ඒ පක්ෂයත් ලක්ෂයක විතර හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ වර්තමාන ජනාධිපතිතුමා ලක්ෂ 03ක් විතර අරගෙන ඒ පැත්තට ගියේ. එතුමා අද ඒ ඡන්ද ටිකත් අරන් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තට නායකත්වය දෙනවා. මේ ටික ඔක්කොම එකතු වුනාම ලක්ෂ 18ක් විතර ඒ පැත්තෙන් අඩු වෙලා තියෙනවා. ඡන්ද ලක්ෂ 03කින් අපේ වැඩි වෙලා තියෙනවා. 58යි 03යි 61. 62න් 18ක් අඩු කළාම 44යි. ජනාධිපතිවරණයේ දී පක්ෂ ගොනු වෙච්ච අකාරය පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත ගොනු වීමත් සමග සලකා බලද්දි දෙපාර්ශවය අතර පරතරය ලක්ෂ 61ට ලක්ෂ 44 බවට පත්වෙලා තියෙනවා.

හැබැයි අමතක කරන්න එපා මේ දවස්වල හංසයා වෙනුවෙන් පෙනි සිටිය අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක වැනි හංස පිලේ නායකයන්ම තමයි කියන්නේ මේ ආණ්ඩුව හොරකම් කලා, මේ ආණ්ඩුව බෙදුම්වාදයට පාර කැපුවා, මේ ආණ්ඩුව බඩු මිල අඩු කරනවා කියලා බොරු කලා, මේ ආණ්ඩුව සහන දුන්නේ නෑ කියන්නේ හංස පැටවුමයි. අපිට වඩා කියන්නේ හංස පැටවු මේ නියෝජනය වෙන්නේහංසයාට ඡන්දය දුන් පාවෙන ඡන්දයේ හඩයි. පාවෙන ඡන්ද තමන්ට ආකර්ෂනය කර ගන්නයි මේ කියන්නේ. එමෙනම් විවිධ කාරණා මත පාවෙන ඡන්ද දස ලක්ෂයක් පමණ ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිත් තියෙනවා. 44න් 10ක් ගියාම 34යි ඒ 10 මේ පැත්තට එකතු කලාම 71යි. එජාපය ලක්ෂ 34ක් ගන්නා විට අපි ඡන්ද 71යි සරල ගණිතයට අනුව  දෙගුණයකටත් වඩා ඡන්ද ලැබීමට නියමිතයි. ඒ නිසා ඉතිහාසයේ ලොකුම ජග්‍රහනය අපි කරනවා කියන්න කැමතියි.


මේ මැතිවරණය වැදගත් වන්නේ ජග්‍රහනයේ විශිෂ්ඨ බව නිසාම නොවේ අපි දන්නවා ජනතාව වෙනසක් ඉල්ලුවා ජනතාවට වෙනස දුන්නා බුදු අම්මෝ මේක නම් වෙනස, වෙනස එපෝ කියලා ජනතාව සැදිපැහැදි ඉන්නනේ වෙනස වෙනස් කරන්න. මාස 06ක් විපක්ෂයේ සිටීම නිසා ජනතාව අපිට ලක්ෂ 58ක් ඡන්දය දෙන්න බලපැ හේතුත්, ලක්ෂ ගනණනින් අප වටා එකතු වෙන්න බපලැ හොද ගුණාංග ඒ අකාරයටම රුකගෙන අපෙත් තිබුණු දුර්වල ස්ථාන හදුනා ගන්න මේ මාස 06 විවේක කාලය අපිට හේතු බුත වුනා. ඒ නිසා අපි විස්වාස කරනවා ආගෝස්තු 18 වෙනිදා එළබෙන්නේ නිදහසෙන් පසු ශ්‍රි ලංකා ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගය පමණක් නෙවෙයි නිදහස් ශ්‍රි ලංකාවේ ස්වර්ණම යුගය ආගොස්තු 18 වෙනිදායින් පසු මේ රටට අපි උදා කරනවා කියන පොරොන්දුව ප්‍රතිඥව අපි ජාතියට ලබා දෙනවා.
-
මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ සටන් අතට ගැනිමත් සමග මාධ්‍ය හරහා උද්යෝගයට පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂයේ නිරුවත රට හමුවේ අනාවරණය කරමින් සටන ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමය දැඩි ලෙස විවේචනය කරමින් සිටි එජාප මන්ත‍්‍රී අපේක්‍ෂකයන් වන උපුල් ශාන්ත සන්නස්ගලට හා එස්.එම්. මරික්කාර්ට බලාපොරොත්තු නොවූ දැවැන්ත ප‍්‍රහාරයක් ස්වර්ණවාහිනිය සංග‍්‍රාමය දේශපාලන වැඩසටහනේදී එල්ල විය.

සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මෙම ප‍්‍රබල ප‍්‍රහාරය එල්ල කරද්දී එජාප නියෝජිතයන් කර කියා ගත නොහැකි ලෙස සිටියහ.

නිමල් පියතිස්ස මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජාතික නිදහස් පෙරමුණු නායකයාද වන අතර වලපනේ ආසනය නියෝජනය කරයි.


-
දෙමළ ඊළාම් වීර විමුක්ති සටනේදී, ජනතාවගේ ජාතික විමුක්තිය පමණක් තමන් තුල අරමුණක් කරගෙන, යකඩ මිනිසකු ලෙස ඕනෑම බාධකයක් බිඳ දමමින් මාතෘ භූමිය ආරක්‍ෂා කල ගොඩබිම, මුහුදු සහ ගුවන් කළු කොටි ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල බවත් තමන්ගේම රටක් වෙනුවෙන් අප තබා තිබු බලාපොරොත්තු යලිත් කඩා වැටෙමින් තිබේන බව ස්විට්සර්ලන්තයේ Bern ප්‍රාන්තයෙදී කළු කොටි සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කියා තිබේ.

ඊළාම් දිනාගැනිමේසටන වෙනුවෙන් තවත් දස දහස් ගණනින් වුවද ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරිමට කළු කොටි හමුදාව සුදානම් බවයි එහිදි අවධාරණය කර ඇත්තේ.

කළු කොටි අනුස්මරණ දිනය පසුගිය 5 වන දින උත්කාර්ශවත් අන්දමින් ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජනතාව සමරා ඇති අතර එම අවස්ථාවට දේශපාලන රැකවරණය පතා ස්විට්සර්ලන්තයට පැමිණි සිටින මාධ්‍යවේදීන් යැයි හදුන්වන කිහිප දෙනෙකුද සහභාගී වි සිටි බව අප ස්විට්සර්ලන්ත වාර්තාකරු සදහන් කළා.

ජනතාව විසින් කළු කොටි සාමාජිකයින්ගේ ඡායාරූප වලට පුෂ්පෝපාහර දක්වා, ඔවුන්ට ගෞරවය පුදකර ඇත. පසුගිය කාලයේ සිට මේ දක්වා දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය විසින් සැළැසුම් සහගතව අඛණ්ඩව සිදුකරමින් සිටින දෙමළ ජාති ඝාතනයේ සාක්ෂියක් ලෙස ඇති “ මෙය ජාති ඝාතනයක්ද? නැද්ද?” යන වාර්තාමය චිත්‍රපටය මෙහිදි තිරගත කර තිබේ.

‘ජනතා විප්ලවයක් ඇතිකර, ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවමු’ යන ත්‍යාගි තිලිපන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අප සියළුදෙනා සමඟි බලයෙන් කටයුතු කිරීමට, සැත්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිශ්‍රයට රැස්වන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.



-
මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හේතුවෙන් අලියා අත හැරිමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තිරණය කර තිබේන බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.
-
1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය. 

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි. 

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි. 

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය. 

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.  

නලින් ද සිල්වා

2015 ජූලි 08

-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති එස්.බී.නාවින්න එක්සත් ජාතික පක්ෂයට එක්ව මහ මැතිවරණයට තරග කරන්නේ සන්ධානයෙන් මහින්ද කුරුණෑගලට ඉල්ලන බව දැන් ගැනිමෙන් පසුව බවත් එජාප ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිස යලිත් සන්ධාන රජය සමග එක්ව ඇමතිකම් ලබා ගැනිමට සුදානමක් පවතින බව තමන් දන්නා බව රනිල්ගේ කොලුගැටයෙකු වන අධ්‍යපණ අමාත්‍ය අකීල විරාජ් කාරියවසම් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා තිබේ. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරයේ මහා පරිමාණ මුල්‍ය වංචාවකට නාවින්න මන්ත්‍රිවරයා සම්බන්ධ බවත් එය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ අතටම මාට්ටු වි ඇති බවද අකිල රනිල්ට කියා තිබේ.

මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට පවා පාර්ලිමේන්තුවට පිවිසිම  අපහසු වන බවද අකිල රනිල්ට පවසා තිබේ.

පසුගිය වයඹ පලාත් මැතිවරණයේදිද එස්.බි.නාවින්න මහතා තමන් වයඹ මහඇමති ධුරයට තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින බව කල්තබා ඇඟවු අවස්ථාවේ ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකුට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී පළාත් සභාවට තරග කිරීමට ඉඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය විසින් ලබා නොදෙන බවයි. 

එම නිසා නාවින්න මහතා මහ ඇමැති වීමේ ආසාව අත් හැර ගත්තේය. එහෙත් එකී නීතිය සන්ධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී පැමිණි දයාසිරි සම්බන්ධව අනුගමනය කෙරුණේ නැත. නාවින්න මහතාගේ කළ කිරීමට හේතු වී ඇත්තේ මෙලෙස බොරු කියා තමන්ව නොමඟ යැවීම ගැනය.
-
හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට  හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ  දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.

චතුර සේනාරත්න යනු කවුද?

වාචාල කට නිසාම දේශපාලනයේ තැනකට ආ දේශපාලඥයෙකුගේ පුතෙකි. හැකර කට හැරෙන්නට වෙනත් කිසිම් හැකියාවක් නොමැත. නොහැකියාව නිසාම පියා පක්ෂ මාරු කරමින් පැන පැන ගිය එකෙකි. ප්‍රතිපත්තියක් නැති පවුලක වැඩිමහල් පුතා චතුරය.  පුතුන් දෙදෙනෙකුගේ බාලයා ගැන මුළු රටම දනී. චතුරට කොන්ද පණ නැති රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය යූ. එන් පී ආණ්ඩුකාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නාලද ශල්‍යකර්මයකි.

 එදා පටන් අද දක්වා චතුරට ඇත්තේ කෘතීම කොන්දකි. කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්ය. චතුර සේනාරත්න තම බාල සොහොයුරු එක්සත් මෙන්ම 2008 වර්ෂයේදී ගැහැණු ළමයෙකු ගෙදරට බලහත්කාරයෙන් කැන්දා ගෙන ආවේය. වෙනසකට ඇත්තේ ඇය අවුරුදු 20 ක් වූ බාල වයස්කාරියක් නොවීමයි.  ලංකාවේ සුප්‍රසිද්ධ පවුලක් වූ රාජිත සේනාරත්නගේ දරු දෙපලම නෑදෑයන් හෝ නෑදෑ හිතමිතුරන් කැඳවා විවාහ උත්සව පවත්වා විවාහ වූ දෙපලක් නොවේ. පොඩි ගැහැණු ළමයින් උස්සන් ඇවිත් ගෙදර බලහත්කාරයෙන් ගෙදර පදිංචිකොට තබා බලෙන් විවාහ වූ අය ය. චතුර කොන්ද පණ නැති එකෙක් වූවේද මලයා එක්සත් මන්දබුද්ධිකත්වයෙන් ද  උපතින්ම  පෙළෙන දරුවෙකු වූයේ තම පියාගේ දේශපාලන පාඩදකම හා ප්‍රා සංවිධානය විසින් කරන ලද මිනිස් ඝාතන නිසාය. 

චතුර යනු කොන්ද පණ නැති අබ්බගාතයෙකු පමණක් නොව 2005 වර්ෂයේ සිට ට්‍රැමඩෝල් යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද වෙයි. දහවල් 12 වෙනතෙක් නැගීටීමට නොහැකිව නිදා ගෙන සිටිනුයේ මත් ද්‍රව්‍ය භාවිතය නිසාය. ඔහුගේ දවසේ කටයුතු ඇරබෙන්නේ දහවල් 12න් පසුවය. බලහත්කාරයෙන්  ගැහැණු ළමයෙකු 2008 වර්ෂයේ තම පියාගේ කැබිනට් නිල නිවසට ගෙන ආවද මේවෙන තෙක් දරුවෙකු වැදීමට තරම් පුරුෂ ශක්තියක් නොමැත්තේ ඔහු උපතින්ම වාගේ නපුංසක ගති ඇත්තෙකු බැවිනි. ට්‍රැමඩෝල් නම් මත් පෙති අල බලයෙන් ඔහු ඕනම කතාවක් කිරීමට දක්ෂකම් පාන්නෙකි. එහෙත් කතාවේ අරුත ගැන තේරුම් ගැනීමට මොහුට හැකියාවක් නොමැත. කටපාඩම් කොට ගිරවෙකු ලෙස කිරීමට මත්ද්‍රව්‍ය පිහිටෙන් ඔහුට හැකියාව ලැබේ.

හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට  හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයේ අපට නම් කිසිදු රහසක් නොවේ.

වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ  දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දෙමිනි. දෙවන වසරෙන් එහා ඉගනීමට නොහැකිව චතුර වෛද්‍ය පිඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි. චතුරට වෛද්‍ය පීඨය ඉවර කර නොගැනීමට ප්‍රධාන හේතුව මොලේ නැති කම නිසා පමණක් නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමද  හේතු පාදක විය. සිය දෙමාපියන්ගේ බලපුළුවන්කාරකම වෛද්‍ය පීඨයේ ලොක්කන්ට උපරිමයෙන් යෙදෙවුවද අන්තිමේදී මේ නපුංසක අධමයාට වෛද්‍ය පිඨයෙන් ඉවත් විමට සිදු විය.

පියාගේ පව් ගෙවන මේ දරුවන් දෙදෙනා මෙලොවදීම පඩිසන් දුන් ශාපලත් ප්‍රතිඵලය.

චතුර නම් නපුංසකයාට තවම දරුවෙකු වැදීමට පුරුෂ ශක්තිය නැති වුනාට තාත්තාගෙන් හිමි වූ හැකර කට නිසා දේශපාලනය කිරීමට ඔහුට හැකියාව ඇතැයි ඔහු සිතති. 

චතුර යනු නූගතෙකි, නපුංසකයෙකි,කොන්දට ඔපරේෂන් කර ඇද හැර ගත් නරියෙකි.වෙන අයට අභියෝග කිරීමට පෙර තම උඩු කමිසය ගලවා තම පපුව ප්‍රදර්ශනය කළ යුතුය. පිරිමියෙකුට හිමි පපුවේ වට ප්‍රමාණය නොමැති නපුංසක චතුරයා අඩුම තරමේ තම මුහුණේ රැවුල් ගස් 2 3 ක් වත් වවා පෙන්විය යුතුය. 

ඊට පසුව තම පියාට අභියෝග කොට තම පියාගේ දේශපාලන ජීවිතය අවසාන කළ යුතුය. මක්නිසාද යත් ඔහුගේ පියා දේශපාලන අබ්බගාතයෙකු වන නිසා පළමුවෙන්ම ඔහුට සමු දීම මේ රටේ යහපතට ඉතාමත් සුභවාදි බැවිනි. එය ඔහුට නම් කළ හැකිය මන්ද යත් පියා ඔහු වැනිම චරිතයක් ඇත්තෙකු වන නිසාය. එහෙත් ඊට අමතරව දේශපාලනයට පිවිසීමට හොඳ ප්‍රතිවාදින් හොයා ගැනීමට අපහසුය. හැබැයි මංගල අඛිල රනිල් වැනි අයගේ ආශිර්වාදය නම් ඔහුට ලැබෙනවාට කිසිදු සැකයක් නොමැත.

මීට වෛද්‍ය පීඨය.

ලංකා නිවුස් වෙබ් ටුඩේ මිතුරෙකු චතුර සේනාරත්න සම්බන්ධයෙන් පුවත පිළිබඳව තවත් අනාවරණයක් කර තිබේ.

මෙතන පොඩි ඌණපූරණයක් කරන්න ඕනේ... චතුර අඩු ලකුණින් හරි යන්න A/L ලිව්වේ නෑ... උගේ තාත්තා වෙන කොල්ලෙක්ට සල්ලි දීලා විභාගෙ ලියෙව්වා. ඒ කොල්ලාව විභාගෙට ගෙනිච්චේ නන්දසිරි කියලා Driver කෙනෙක්.... යහපාලනේ ගෙනාව කියපු රාජිතයාගෙ හැටි ඔහොම තමා....
-
ජහ පාලනයේ මජර මාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග එක්ව කුමන්ත්‍රණය නියැලී සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය නියෝජනයක් රමින් රත්නපුරයට තරග කරන බවට ප්‍රචාරය විමත් සමග සන්ධාන නාම යෝජනාවට රත්නපුරින් අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සිය නම ඇතුලත් කර තිබේ.නාමයෝජනා කැදවිම ආරම්භ විමට පෙර අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් දරණ අයෙකු ඉන් ඉවත්ව නාමයෝජනා සදහා ඇතුලත් කලයුතු අතර එසේ නොවුනහොත් නාමයෝජනා කැදවිමෙන් පසුව පැයක කාලයක් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතාවයන් ගොනුකල හැකි අතර එහිදි පරණවිතානන්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද කටයුතු යොදවා තිබේ.

ඒ අනුව වංචනික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රයම අහෝසි කිරිම කරු සහ ගයන්තගේ කුමන්ත්‍රණය වි තිබේ.පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවකදි මෙම කුමන්ත්‍රණ මෙහෙයුම දියත්කර ඇති අතර ඒ සදහා ඒ සදහා ගයන්ත හරහා කරුණාරත්න පරණවිතානට සන්තෝෂමක් වශයෙන් මුදල් ලබාදිමටද කටයුතු කර තිබේ.
-
පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොකවුට් වෙයි කියන බයට මේ දිනවල සෑම නගරයකම අහස උසට කටවුට් ගැසු රනිල්ගේ කටවුට් කොල්ලෙක්ගේ හපන්කම් මේ දිනවල හෙලිවෙමින් තිබේ. 

තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය ය.

මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.

ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි
-
සොඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ හමුවි සමාව ඉල්ලා තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා කොළඹදි මහින්ද රාජපක්ෂ හමුවු රාජිත සමාව ඉල්ලා ඇත්තේ තමන්ගේ පුතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට කල අපහාසයට බවයි අප වාර්තාකරු සදහන් කළේ.

"...සර් දන්නවානේ ළමයි කියන කතා ගණන් ගන්න එපා.....ඒ ළමයි තාම දේශපාලනය දන්නේ නෑ ...ඒ කියපු දේවල් වලට සමාව දෙන්න....."

මහින්ද රාජපක්ෂ එම ඉල්ලිමට සිනාසී රාජිතගේ පිටට තට්ටුවක් දමමින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

මේ අතර එම සමාව ඉල්ලිමට හේතුව  සම්බන්ධයෙන් අප LNW ඔත්තුකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට රනිල් වික්‍රමසිංහ කලින් පොරොන්දු වි සිටියද දැන් එය ප්‍රතිකේෂ්ප කර ඇති බවයි,ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ අජිත් පෙරේරා වන අතර චතුරට නාමයෝජනා දිමට අජිත් තරයෙම විරුද්ධ වි තිබේ.

-
අනේ කාලේ වනේ වාසේ කියා කතාවක් ඇත්තේමු....අපේ රටේ මිනිස්සු ගොනාට අන්දන්නට සමත් ගිහියන් පමණක් නොව පැවිද්දන් මෙන්ම තවත් ආගමික නායකයන් යැයි කියමින් පෙනී සිටින අය සිටින බව අප මතක තබාගත යුතුය.

ධර්ම රාජ්‍යය සදහා යන මාර්ගය ජනතාවට පසක් කර දෙන බව පවසමින් සෝම හිමියන්ගේ මරණයෙන් පසුව උන්වහන්සේගේ ජනබලයට කෙලවා යන්තම් පාර්ලිමේන්තුවට පිවිසි අපේ හාමුදුරුවෝ ධර්ම රාජ්‍යය සදහා යන්නට බෙන්ස් කාර් සහ සුරූපී ලලනාවන්,සුඛෝපභෝගි නිවාස පමණක් නොව අසීමාන්තික බලයද එකරාශී කර ගත්තා පමණක් නොවේ දැන් මේ රටේ බහුතයක් උ සිංහල බෞද්ධයන්ටද පස්ස හරවා අවසානයේ බෞද්ධාගමමද වලපල්ලට යැවිමට කටයුතු කරන බව මෙම ඡායාරූපය කියා පායි.

වර්තමානයේ  පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ හිරුණිකාගේ මගුල් ගෙදරට ගොස් ගත් ඡායාරූපයකි.හිරූනිකා පමණක් නොවේ ඔනෑම මගුලක් ගියාට අපට කමක් නැත.නමුත් මේ රටේ භික්ෂූන් වහන්සේලා,චීවරයට ඇති ගෞරවය කෙලසිමට රතනලාට නොව වෙන චිවරයක් දමාගත් සොර දෙටුවෙකුටවත් ඉඩ නොදිය යුතුය.

අපේ රටේ ස්වාමින්වහන්සේලා මගුල් ගෙවල්වලට වඩින්නේ නැත.මනාල යුවල විහාරස්ථානයට ගොස් ආශිර්වාදය ලබා ගැනිම සමාන්‍ය සම්ප්‍රදායයි.

ස්වාමින්වහන්සේ නමක් මගුලකට වැඩියද ඡායාරූපයකට පෙනි සිටිම කිසිවිටකත් කරන්නේ නැත.ඒ අනුව රතන හිමියන් මේ චිවරයට හා අපේ බෞද්ධාගමට කර ඇත්තේ මහා අපහාසයකි.



-
මහින්ද රාජපක්ෂ මහතාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා අවලංගු කර ගැනිමට එක්සත් ජාතික පක්ෂ හෙංචයියන් සහ බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙන කණ්ඩායම් ගත් සියලු උත්සහයන් පරාජය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරයි.

මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදිමට මෛත්‍රී කටයුතු කිරිමත් සමග කුපිතවු රනිල් සහ චන්ද්‍රිකා මේ වනවිට මෛත්‍රී සම්බන්ධ කර ගැනිමට නොහැකිව ලතවෙමින් සිටින බවත් මෛත්‍රී ඔනෑකමින් රනිල් හා චන්ද්‍රිකා මගහරිමින් සිටින බවද අප වාර්තාකරු අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරිය හා අගමැතිවරයාත් කීප වතාවක් ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ල ව්‍යවර්ථ වී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා ඔහුගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගන්නා ලෙසට චන්ද්‍රිකා මෛත්‍රීට පෙරේදා නියෝග කර ඇති අතර පසුව අනුර ඒ සම්බන්ධයෙන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..."එයා කියන හැමදේම කරන්න මට පිස්සුවක් ඇතැයි..."යනුවෙනි.
-
අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය. 

මෛත්‍රිපාල බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් පික්පොකට් අගමැති ලෙස පත්කර පික්පොකට් කැබිනට්ටුවක් පත් කෙළේ ය. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීති විරෝධී ව ගෙදර යැවුවේ ය. අල්ලස් ලෙස ඇමතිකම් දෙමින් ආණ්ඩු පක්‍ෂයේ මෛත්‍රි කණ්ඩයමේ ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුනට ගර්ජන මරදන කරමින් රනිල්ගේ සුළුතර ආණඩුව පවත්වාගෙන යෑමට ආධාර කෙළේ ය. රනිල්ගේ අවශ්‍යතාච මත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මෙහි දී ඩිව් ගුණසේකර ද වරදක් කර ඇති බව පැහැදිලි ය. 

ඒ සියල්ලෙහි දී මෛත්‍රිපාල කටයුතු කර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව ය. ඔහුගේ අනුගාමිකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කළහ.  ඔවුහු අද ඊනියා සමගියක මුවාවෙන් නැවතත් එ ජා පක්‍ෂයට බලය ලබා දීමට කටයුතු කරති. ඒ අතර ශ්‍රී ල නි ප දුර්වල කරති. අද ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද සමග ය. මෛත්‍රිපාල සමග වැඩ කර ඇමතිකම් බදා ගත්තෝ ද මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රී කණ්ඩායමෙන් ඉදිරිපත් වී තනතුරු බලාපොරොත්තු වූ නිවටයෝ ද මහින්දට විරුද්ධ වූහ. මේ නිවටයන් නොදැන සිටිය ද රටේ සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය ද සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.

අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 8 වැනි දා සිට ඉතා ඉක්මණින් වෙනස්වීමට පටන් ගත්තේ ය. නුගේගොඩ රැස්වීමට පෙර ද ජන ගඟ මහින්ද දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ ය. තවත් පනස්හයක පෙර නිමිති පහළ විය. නිවටයෝ මහජන අප්‍රසාදයට ලක් වූහ. මහින්ද කණ්ඩායමට තනිව ම තරග කර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙනෙන්නට තිබිණි. 

එහෙත් එසේ නොදුටු කිහිප දෙනෙක් ද වූහ. ඔවුහු රනිල් අගමැති ධුරයේ දිගටම සිටියහොත් තම ජීවිතවලට අනතුරක් වන බව සිතුවෝ ය. ඔවුහු නිවටයන් සමග එක්වී මෛත්‍රිපාල හා මහින්ද සමගි කිරීමේ ද්‍රෝහී ක්‍රියා මාර්ගයකට එළඹියහ. මහින්ද වෙන ම තරග කිරීම පක්‍ෂය කැඩීමක් ලෙස හැඳින්වූහ. එසේ හැඳින්වූවෝ පක්‍ෂය කඩාගෙන ගිය මෛත්‍රිපාලගේ නිවට ඇම්බැට්ටයෝ ම වූහ. මේ නිවටයන් දැන සිටි කරුණ නම් මෛත්‍රි කණ්ඩායම වෙන ම තරග කළහොත් ඔවුන්ට කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව ය.  නිවටයන් සැලසුම් කෙළේ මහින්ද සමග එකතු වී මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර පසුව මෛත්‍රිපාලගේ සුපුරුදු ද්‍රෝහි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එ ජා ප සමග නැවතත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම ය. මෛත්‍රිපාල ඇමතිකම් අල්ලස් දීමෙන් මහින්ද කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය. 

සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුව පක්‍ෂය කැඩී ගොස් නො තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද ජයග්‍රහණය කරවීම ය. නිවටයෝ ද රනිල් බලයට පත්වුවහොත් ජීවිත නැති වේ යැයි සිතුවෝ ද මහින්දගේ කරපිටින් බලයට පැමිණ මහින්දට අගමැති කම නැතිකිරීමට සැලසුම් කළහ. ඔවුහු මහින්ද හා මෛත්‍රිපාල කණ්ඩායම් එකතු කිරීමේ ජනතා විරෝධී ක්‍රියාදාමයක නිරත වූහ. දේශපාලන බල තුලනයේ වෙනස හේතුවෙන්  මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දීමට නිවටයන් එකඟ වූයේ මහින්දගේ කරපිටින් බලයට පැමිණීමට ය.

ඔවුන්ගේ ද්‍රෝහි සැලැස්මේ පියවර කිහිපයක් වෙයි. පළමුවෙන් ම මහින්ද පිළ රවටා අවසාන දිනයේ දී ශ්‍රි ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් වී සංධානය අහෝසි කර එහි අපේක්‍ෂකයන් අතරමං කිරීම ය. ඒ අතර නිවටයන් කිහිප දෙනකු එ ජා ප සංධානයකින් තරග කර නැවතත් රනිල් මෛත්‍රි දේශද්‍රෝහි ආණ්ඩුවක් පිහිටුවීම ය. දෙවනු ව සංධානයෙන් තරග කර හැකිතාක් මෛත්‍රිපාල හිතවාදීන් මන්ත්‍රීන් ලෙස පත්කරගෙන මහින්ද කණ්ඩායමෙන් ද කිහිප දෙනකු අල්ලස් දීමෙන් තමන්ට දිනාගෙන මහින්ද හා මහින්ද හිතවාදීන් නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ය. අද මේ සඳහා නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ දී මෛත්‍රි කණ්ඩායමට වාසි ලබා දෙන ලෙස නිවටයෝ ඉලලා සිටිති. මහජන බලවේගය ඇත්තේ මහින්ද සමග මිස පක්‍ෂයට ද්‍රෝහීවූ මෛත්‍රිපාල සමග නො වේ. අද මහින්ද වෙනුවෙන් පළමුවෙන් ම වේදිකාවට නැගි අයට, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට, නාමයෝජනා නොලැබී මහින්දට ද්‍රෝහි වූවනට නාමයෝජනා ලැබෙන  තත්ත්වයක් උදා වී ඇත.

මේ ඉතා අයහපත් තත්ත්වයකි. මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි. එවිට නිවටයන්ට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලබා ගෙන හෝ මෛත්‍රිපාල පිළ ලෙස තනිව තරග කර නන්නත්තාර වීමට අවස්ථාව සැලසෙනු ඇත. මහින්ද කණ්ඩායමට තනිව තරග කළත් අද ජයග්‍රහණය කළ හැකි ය. නිවැරදි සටන් පාඨ මත පදනම් වුවහොත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වුව ද පිහිටුවීමට හැකි වනු ඇත. 

නලින් ද සිල්වා

2015 ජූලි 07

-
බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරිමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු නොකිරිම නිසා අහිමිකර තිබු  GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු ජනාධිපති අත්සන් කර ඇතැයි නියෝජ්‍ය විදේශ ඇමැති නීතිඥ අජිත් පී පෙරේරා කල ප්‍රකාශය අමුලික පට්ටපල් බොරුවක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි ලිපියකට අත්සන් කරන්නේ නම් ඒ සදහා අනුගමනය කරන ක්‍රමවේදයක් තිබේන බවත් එය අජිත්ට හෝ මංගලට අවශ්‍ය පරිදි සිදුනොවන බවද ඔහු සදහන් කළා.

උපුටා ගැන්ම පච අජිත්ගේ ප්‍රකාශය 

“ GSP + සහනය අපිට ලැබෙනවා කියලා කියන කොට අපේ ඇඟලුම් කර්මාන්තය ඇතුලු කර්මාන්ත විනාශය කරා අරන් ගිය රාජපක්ෂගේ උද්දච්ඡ ගෝල බාලයෝ කීවේ ඔය අජිත් පෙරේරලා මංගල සමරවීර ලා කියන්නේ බොරු කියලා. නමුත් දැන් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා GSP + සහනයට අත්සන් කරලා තියෙනවා.  අපේ නිෂ්පාදන වලට ඇමරිකානු වෙළඳ පොලේදි සියයට 15 ක 20 ක වාසියක් අපිට ලැබෙනවා. ලංකාවේ භාණ්ඩ වලට තිබෙන විශාලම වෙළෙඳ පොලක් තමයි ඇමරිකානු වෙළඳ පොල. ඒ නිසා මේ රටේ කර්මාන්ත දියුණු වෙනවා. සේවක සේවිකාවන්ගේ පඩි වැඩි වෙනවා. ඕක කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුවකට විතරයි.“ 

උපුටා ගැන්ම අවසන් 

GSP + සහනය යලි ලබා දීමට ඇමරිකානු රජය මග මංගල සමරවිර ඇමරිකාව ඉදිරිපිට දණගසා වැදවැටුනද උතුරේ ස්වයං පාලනය පිහිටුවිම,යුධ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම යනාදි කරුණු කිහිපයක් ඉටුවන තුරු යලිත් GSP + සහනය ලබා නොදිමට යුරෝපා සංවිධානය තිරණය කර තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.
-
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේන් අවහිරයකින් තොරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරිමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තිරණයක් ගැනිමට තමන්ට සිදුවන බව මහින්ද රාජපක්ෂ පාර්ශවය අවධාරණය කරයි,ඒ සම්බන්ධයෙන් තිරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට සිදුවෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවූ බවට පසුගියදා එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්විණි.

නමුත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සිදුකරන අනවශ්‍ය ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් හේතුවෙන් මේ සම්බන්ධයෙන් අවසන් තින්දුව ගැනිම සදහා මෙම තිරණාත්මක සාකච්ඡා සිදුකරමින් සිටි.


-
යහපාලන ආන්ඩුවේ සියලු අදක්ෂකම් යටපත් කරගෙන මතුවු ඉතාමත් අන්දෝලනාත්මක සිද්ධිය වුයේ මහ බැංකු බැඳුම්කර මගඩියයි. එහෙත් බොහෝ දෙනෙකු මෙය තවමත් වටහාගෙන නැත්තේ එය සාමන්‍ය පුද්ගලයෙකුට තේරුම් ගැනීමට අපහසු සංකිර්ණ විශයක් කියා සිතා අතහැර දමන නිසාය. මෙම මගඩිය සලසුම් කල අයද  මෙය කිසි දිනෙක අසු නොවෙනු ඇතැය් සිතුවේත් ඒ නිසාමය.

එහෙත් මෙය තේරුම ගැනීම අපහසු දෙයක් නොවේ. ඉවසීමෙන් මෙම ලිපිය කියවන ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් වටහා ගත හැක.

බැඳුම්කර සිද්දියේ පසුබිම :

සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි. 

මහබැංකුව බැඳුම්කර නිකුත්  කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමය්.  

මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ  ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමනි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්ෂෙස්ත්‍රය පිළිබඳ විශේසඥ්ඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස  ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක්   ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය,

මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ  කාල සිමාව එහි නිලධාරින් විසින්  අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 ක්, 15ක් හෝ 30ක් වශයෙනි.

බැඳුමකර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්‍රාථමික වෙළදුන්ගෙන් ඒ සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමයි.  අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනියි.මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්‍රමවේදයකි. ඒ තමුන්ගේ මුලු අවශ්‍යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත්  කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය.

සාමාන්‍යයෙන් රජයෙ ණය අවශ්‍යතාවයෙන් 10%-20% පමන ප්‍රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන්  ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්‍රාථමික වෙළඳුන් සමග ඍජුව ගනුදෙනු කරමිනි. 

ආන්දෝලනයට ලක්වූ පෙබරවාරි 27 බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙල :

මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි.  මෙම මුදල සොයාගතව තිබුනේ  කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්‍රනයක් තුලිනි.

2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ  අවුරුදු 30 ක කාලසීමකට යටත් රුපියල් බිලියන් 1 ක බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවයි. වෙදේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය.

සුපුරුදු පරිදි ප්‍රාථමික වෙළන්ඳ ආයතන 16 ම වෙන්දේසියට සහබාගී විය.

ඒ වෙලාවලේ රටේ පැවති පොලී අනුපාතය ඉතා අඩු නිසා මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්‍රමානය රුපියල් බිලියන් 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්‍යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්‍රමානයන්ය. 

පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ක ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ක ගිනි පොලියකටය. සාමන්‍ය තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන් 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි.

එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල්‍ය වංචාවක පලමු පියවර විය.

හොරුන්ගෙත් හොරු ( තිරයෙන් පිටුපස කතාව  :

රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ  ආයතනයේ නම පර්පෙචුවල් ට්‍රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු  මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය.

අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.

මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස්  රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන  පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකි

අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් පත්කරනාවිට එයට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විරුද්ධ වුයේ මෙම මාමා බෑනා සම්බන්ධය නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අන් ප්‍රාථමික වෙළඳුන්ට නැති වාසියක් ලැබෙනු ඇත කියාය. එහෙත් ඒ කිසිවෙකුට සවන් නොදී අත්තනෝමතික තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ රටට පැවසූවේ අර්ජුන ඇලෝසියස් මෙම සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අස්වී  ඇති බවය.

රනිල් හැමදාමත් හිතුවේ රට වැසියන් බූරුවන් කියාය. අර්ජුන අධ්‍යක්ෂ කමෙන් අස්වුනාට සමාගමේ අය්තිය ඔහුගේ සහ පියාගේය. ඒ නිසා සමාගමේ තීරණ ගන්නේ කවුද කියා හිතාගන්නට බුරුවෙකුට උනත් පුලුවන.

එදා මාමා බැණා සම්බන්ධය ගැන බොහෝ දෙනෙකු කී, රනිල් යම් කපටි අරමුණක්  නිසා පිලිනොගත්, අනාවැකිය අද ඇත්ත වී ඇති ආකාරය වටහාගන්නට පහත දැක්වෙන කරුණ පමනක්ම ප්‍රමාණවත්ය.

2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකුවට බැඳුම්කර රුපියල් බිලියන  3.275 කට ලංසු ඉදිරිපත් කල නමුත් දිනා ගත හැකිවුයේ රුපියල් මිලියන 27ක් වටිනා බැඳුම්කර පමනි. සාර්ථකත්වය 1% ටත් අඩුය.

නමුත් මාමා අධිපති උනාට පසු 2015 පෙබරවාරි සිට මැය් දක්වා මාස 4දී පමනක් බැඳුමකර රුපියල් බිලියන  32.425 කට ලංසු ඉදිරිපත් කර රුපියල් බිලියන 14.75ක් වටිනා බැඳුමකර දිනා ගෙන ඇත. ගනුදෙනුවල  සාර්ථකත්වය 45% කි.  මාස හතරකින් මේ ප්‍රාතිහාර්‍යය කරන මට්ටමට බෑණාගේ සමාගම දියුනුවූයේ  මාමාගේ අනුහසින් නොවේද ?  


බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙල තවදුරටත් :

දැන් අපි අදාල සිද්ධියට ආපසු යමු.  27 දා වෙන්දේසිය අවසන් වීමට නියමිතව තිබුනේ උදේ 11 ටය. වෙන්දේසිය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බංකුවට  යම් බලවතෙකුගෙන් දුරකතන ඇමතුමක් ලබුනි. ඉන් ඉල්ලා සිටියේ මහ බැංකු බඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන් 2.5 ක ලංසුවක් තබන ලෙසය්. මෙතරම් විශාල මුදලක් රාජ්‍ය බැංකුවකින් මෙතරම් සුලු කාලයකින් වෙන් කරන්නටනම් එම දුරකතන ඇමතුම පිටුපස තිබිය යුත්තේ කිසිවෙකුට බෑ නොකිය හැකි බලයකි.

ලංකා බැංකුවේ නිලධාරීන් එක ඉල්ලීමක් පමනක් කලහ. ඒ ඔවුන්ට අවශ්‍ය අත්සන් ලබා ගන්නා තෙක් වෙන්දේසිය උදේ 11.10 වන තුරු ප්‍රමාද කල හැකිද කියාය්. දුරකථන ඇමතුම දුන් තැනත්තා එසේ කිරීමට පොරොන්දු විය.

මේ සිද්ධිය කරලියට එන්නේ පසුගියදා යටපත් කරන ලද කෝප් කමිටු පරීක්ෂණයේදීය. මෙම දුරකථන සාකච්චාවේ පටිගත කරන ලද කොටස් කෝප් කමිටුව ලබාගෙන තිබුනි.

ඊලඟට සිදුවන්නේ මහබැංකු ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයකි. උදේ10.45 ට මහ බංකු අධිපති කඩිමුඩියේ වෙන්දේසිය පැවත්වෙන කාමරයට පැමිනෙය්. මීට පෙර කිසිදිනක මහ බැංකු අධිපතිවරයෙකු බැඳුමකර වෙන්දේසියක් අතරමැද වෙන්දේසිය පැවත්වෙන තැනට පැමින නැත. ඔහු වෙන්දේසිය අවසන් වන තුරු එහි රැඳී සිටියේය. ඔහු මොනවා සඳහා එහි ආවාදැය් තෙරුම් ගැනීමට කල යුත්තේ වෙන්දේසිය අවසන් වූ කාලය පරීක්ෂා කිරීම පමනි. වෙන්දේසි කොලයේ පහදිලිවම සටහන් කර තිබෙන පරිදි වෙන්දේස්ය අවසන් වී තිබෙන්නේ ප්‍රාථමික වෙළඳුන් 16ට කලින් දන්වා තිබූ  පරිදි උදේ 11 ට නොව,  ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉල්ලා සිටි පරිදි උදේ 11.10 ටය.


බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙලේ තවත් හොඳ දේවල් : 

මහ බැංකු අධිපති තනතුර යනු කාර්‍ය බහුල රැකියාවකි. නමුත් අර්ජුන මහෙන්ද්‍රන් 27 දා සම්පූර්ණ  අවධානය දී තිබුනේ නිලධාරීන් විසින් කරනු ලබන මහබැංකුවේ එදිනෙදා සාමාන්‍ය කටයුත්තක් වන බැඳුම් කර වෙන්දේසියට ඇඟිලි ගැසීමටය. ඔහු දහවල් 12.30 ට දෙවන වරටත් වෙන්දේසි කාමරයට පැමිනියේය.

මේ වන විට නිලධාරීන් වෙන්දේසිය අවසන් කොට ලිපි ලේඛන සකස් කරමින් සිටියහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉදිරිපත්වූ බිලියන් 15ත් සමග මුලු ලංසු ප්‍රමානය රුපියල් බිලියන් 20.7 ක් විය.  බිලියන් 1 බැඳුමකර නිකුතුවට සුදුසුකම් ලබා තිබුනේ ආයතන 7 කි. ඉහලම පොලී අනුපාතය වූයේ 10.45% කි.  12.5% ගිනි පොලියට ලංසු තබා තිබුන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම  සුදුසුකම් ලබා තිබුනේ නැත.

මේ දුටු මහබැංකු අධිපති පුදුමාකාර නියෝගයක් දුන්නේය, ඒ රුපියල් බිලියන් 20.7ක් වන සියලු ලංසු පිලිගන්නා ලෙසය්. එසේ කලානම් ඇලොසියස් බෑණාගේ 12.5% ගිනි පොලියට දෙන රුපියල් බිලියන්15ම රජය ණයට ගන්නට තිබුනි. එයින්  බැණා ලබන්නට තිබුනේ එසේ මෙසේ ලාබයක් නොවේ.

නමුත් වෙන්දෙසිය බාරව සිටි අවංක නිලධාරීහු මෙය තරයේ ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පෙන්නා දුන්නේ 10.45% පොලියට වෙන්දේසිය අවසන් කොට රජයෙ ඉතුරු මුදල් අවශ්‍යතා 10.45% උපරිම පොලියට යටත්ව ඍජු සාකච්චා මගින් ලබා ගැනීමේ සම්ප්‍රදාය කැඩුවොත් රජයට විශාල පාඩුවක් වන බවය්.

ආපසු හැරී ගිය මහ බැංකු අධිපති  බැඳුම්කර ටෙන්ඩර් කොමිටියෙ රැස්වීමක් දහවල් 12.45 ට කැඳවීය. 1.10 නිකුත් වූ කමිටු වාර්තාවෙන් උපදෙස් දී තිබුනේ බාරගන්නා ලංසු ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කරණ ලෙසය්.  මෙම කමිටුවද මෙම යෝජනාවට වැඩි කැමැත්තක්  නොදැක්වූ බව පෙනෙන්නෙ එක් අවංක නිල්ධාරියෙකු තම අත් අකුරින් එම වාර්ථාව මත " බාර ගන්න ලංසු ප්‍රමාණය වැඩිකරන්නේ මහ බැංකු අධිපතිගේ උපදෙස් මතය" කියා එදා ලියා තිබෙන නිසාය.මෙම සටහනද කෝප් කමිටුවට ලැබී ඇත.

කෝප් කමිටුව විසින් සොයා ගත් කරුණු අනුව මහ බැංකු ලොක්කා පෞද්ගලිකවම සම්බන්ධ වී මෙය  කල බව ඉහත කී  කරුණු වලින් ඉතා පැහදිලිය.

බැඳුම්කර මගඩියේ ප්‍රථිපලය :

මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියා කලාපය නිසා සිදුවුයේ කුමක්ද ?

පළමුව අර්ජුන ඇලොසියස් බෑනා රුපියල් බිලියන 7.5ක් පමණ මුදලක් 12.5% ගිනි පොලියට 30 අවුරුදු කාලයකට මහ බැංකුවට ණයට දීමට සමත් විය. මේ වන විට රටේ තිබුන පොලී අනුපාතය 9.5% පමන වෙය්. ඉතින් ඇලෝසියස් බෑනා මේ ගිනි පොලියට මහබැංකුවට ණයට දෙන්නේ ඔහුගේ අම්මා අප්පාගේ මුදල්ම නොව  වැඩි හරියක්ම 9.5% අඩුපොලියට රජයේ බැංකු වලින්ම ණයට ගත් මුදල්ය. ඒ හැම රුපියලකටම ඔහු 3% පමන ලාබයක් උපයය්. ඒ වසරකටය. බිලියන 7.5ක බැඳුම්කර අවුරුදු 30 ක් වලංගුය.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කරන්නේ එම ලාබය පෙන්නා මෙම බැඳුමකර දින කිහිපයක් තුල රජයේ බැංකු, ඉන්ෂුරන්ස් සමාගම් හා විදේශ අයෝජකයන්ට විකුනා දැමීමය. ඒ අනුව තමන්ගේ සියලු ණය පියවා දින කිහිපයකින් කෝටි ගනනක අති විශාල ලාබයක් ඉපයීමට මහ බැංකු අධිපතිගේ පවුල වාසනාවන්ත විය.

දෙවනුව රජයට මෙම ගනුදෙනුව නිසා විශාල පාඩුවක් සිදුවිය. 10.45% පොලියට ණය ගන්නවා වෙනුවට බැඳුම්කර සීමාව බිලියන 10ට නැංවීමට ගත් තීරණය නිසා දල පොලී අනුපාතය 11.7% දක්වා වැඩිවිය. මෙම වැඩිවීම ඉන්පසු රජය ලබාගන්නා සියලු කෙටි මධ්‍යම හා දිගුකාලීන ණය වල පොලියට බලපාය්. මේ අනුව මාර්තු , අප්‍රේල්  මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන් 59 කට වැඩියැය් ඇස්තමේන්තුගත කර ඇත. මේ මුදලින් සංවර්ධන කටයුතු රැසක් කරන්නට තිබුනි. උදාහරනයක් ලෙස රජයට වූ මාස හතරක පාඩුව පමනක්  මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. එසේම එය උසස් අධ්‍යාපනය සඳහා රජය වසරකට වැය කරන රුපියල් බිල්යන 23 හා අධ්‍යාපනය සඳහ රජය වසරකට වැයකරන රුපියල් බිලියන් 30 එකතුවට වඩා වැඩි මුදලකි. දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවා මෙයින්ම වටහා ගත හැක.


මෙයට සම්බන්ධ අන් අය කවුද ? :

බැඳුමකර මගඩිය එලියට ආවේ ආන්ඩුව කිසිදිනෙක අපේක්ෂා නොකල ආකාරයකටය. සාම්ප්‍රධායික ප්‍රවෘතී නාලිකාවල හෝ පුවත්පත්වල මෙම විශය සාකච්චාවන්නට පෙර වෙබ් අඩවි හරහා මගඩිය වාර්ථා විය. 

දූෂන මර්ධනය සිය මූලික තේමාව කරගෙන බලය ලත් යහපාලන ආන්ඩුවෙන් ඕනෑම අයෙකු බලාපොරොත්තු වූයේ රජය මෙම සිද්දිය ගැන පැහැදිලි විමර්ශ්හණයක් කරනු ඇත කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි. සිද්ධිය වාර්ථාවූ සැනෙකින් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පහුවදාම කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. ඒ පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඔහු එසේ ප්‍රකාශයක් කරන්නේ කෙසේද ? 

දෙවනුව ප්‍රශ්ණය කරට ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහු මේ ප්‍රශ්නය යට ගහන්නට නොකල තොවිලයක් නැත.පලමුව ඔහු පාර්ලිමේන්තුව තුල අර්ජුන මහෙන්ද්‍රන් නිදොස් කරන්නට කතා කලේය. දෙවනුව තම මහ බැංකු අධිපතියා ගැන සොයනවා වෙනුවට හිටපු මහ බැංකු අධිපති නිවඩ් කබ්‍රාල්ට  දිගට හරහට බනින්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුව තුල හා පිටත විරෝදය නවතා ගන්නට බැරි වන විට ප්‍රශ්ණය විමර්ශණය කරන්නට කියා මුල්‍ය විශය ගැන කිසිදු අවබෝධයක් නැති එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් වන නීතිඥ්යන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කලේය. ඔවුන්ට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට පත්කල හිටපු මහබැංකු උප අධිපති කෙනෙකු අර්ජුන මහෙන්ද්‍රන්ගෙ ක්‍රියාපටිපටිය සැක සහිතයැය් කී විට ඔහුගේ අදහස් කමිටු වාර්තාවෙන් ඉවත් කොට මහෙන්ද්‍රන් සුද්ද වෙන වාර්ථාවක් ඉදිරිපත් කලේය. එක්සත් ජාතික පක්ෂයේම තිදෙනෙකු ලවා වැරදි නඩු නිමිත්තකට ශ්‍රෙෂ්ඨාධිකරණයේ  නඩුවක් දම්මවා එය ප්‍රතික්ෂේප කරවාගෙණ අධිකරණයෙන් මහෙන්ද්‍රන් නිදොස් කරායය් බොරු ප්‍රචාරයක් ගෙන යමින් මහජනතාව රවටන්නට බොහෝ සේ උත්සාහ කලේය. අවසානයේ කෝප් කමිටුව හොරකම අල්ලාගත් පසු වාර්ථාව එලියට එන්නට පෙර සිරිසේනට කියා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තේය.

බිලියන ගනනාවක වංචා වහන්නට රටේ අගමැති හා මුදල් ඇමති මේ තරම් කැපවීමකින් කටයුතු කලේ ඇය් කියා සිතන්නට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ සිද්දියට සම්බන්ධ ආයතන් 4 ක් ඇත. මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම, මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුවය්. මේ සියලු ආයතන වලට සම්බන්ධයක් තියෙන ඒ සියලු ආයතන වලට නියෝග හා උපදෙස් දීමට සමත් පුද්ගලයා කවුද ?

කෝප් කමිටුව නොවන්නට මේ සිද්දිය කෙසේ හෝ යට ගහන්නට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව සමත් වනු ඇත. ඔවුන්ගේ මුල් වාර්ථා වලින් කියවුනේ අර්ජුන මහෙන්ද්‍රන් ඉතා අහිංසක බවත් බැඳුම්කර සිද්දියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නති බවත්ය. අර්ජුන මහෙන්ද්‍රනුත්  දිගින් දිගටම කීවේ එයමය.

වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය. 

ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.

සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.

හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් කෝප් කමිටු වාර්තාව සකසන ලිපිකරුවන්ට බල පෑම් කොට ජූනි 26 දා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසබංගයන් කල් දානා බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ  මේ කෝප් වාර්තා උවදුර නිසාය.

මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් සැබෑ හොරුන් කවුදැය් ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වී තම ගෝලබාලයන්ගේ පාලනය  ඉවරටම ඉවරවන  නිසා ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා මෛත්‍රීට උපදෙස් ලැබුනේ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය ෆේස්බුක් හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියායි. එහෙත් අපේ රටේ මිනිස්සු ඔවුන් සිතනා මෙන් මෝඩයන් නොවේ. මෝඩයා  කවුද කියා අගොස්තු 18 ජනතාව පෙන්නා දෙනු ඇත.

විශේෂ ලියුම්කරු 
-