Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

Exclusive:රිය අනතුරකින් මිය ගිය වසීම් තාජුඞීන්ගේ මරණය  ස්වාභාවිකව සිදුවූවක් නොවන බව පවසමින් රනිල්ගේ ගෙස්ටාපෝ පොලිසියට සාක්ෂි දිම සදහා පුද්ගලයෙකු සුදානම් කරමින් ඉටින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු පවසයි.අදාළ රිය අනතුර සිදුකිරිම පසුපස මහින්ද රාජපක්ෂගෙ පුත් යෝෂිත රාජපක්ෂ සිටින බවට සාක්ෂි ලබාදිම මෙම පුද්ගලයාට පැවරි තිබේ.

නාවික හමුදාවේ සමාන්‍ය සෙබලෙකු වන මෙම පුද්ගලයා යුද්ධ පැවති සමයේ කල නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් දඩුවම් ලබා රැකියාවෙන් නෙරපන ලද්දෙකි.

මිට සතියකට පමණ පෙර සිට දිගින් දිගටම එජාප වෙබ් මාෆියාව සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ලංකාදිප පුවත්පත යොදා ගනිමින් ඉදිරි සති දෙක තුළ යෝෂිත අත්අඩංගුවට...!,රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනයට වගකිවයුත්තන් ළගදීම අත්අඩංගුවට,රගර් ක්‍රීඩකයා මරා දැමු බවට යෝෂිතට යසාරාගෙන් චෝදනා ? යනුවෙන් මාධ්‍ය වාර්තා පලකරගත් පිං අගමැතිගේ කණ්ඩායම මේ සුදානම් වන්නේ රගර් ක්‍රිඩකයාගේ මරණය ඝාතනයක් ලෙස අර්ථ ගන්වා එම ඝාතනය යෝෂිත රාජපක්ෂ පිට පැටවිමටයි.


2012 මැයි මස 17 වනදින රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් තම මෝටර් රථය තුළදී දැවී පිළිස්සී ජීවිතක්ෂයට පත්වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට වන තොරතුරු හෙළිදරව් වී ඇති අතර ඒ සදහා මුල් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලත් තොරතුරු හා සාක්ෂි අධ්‍යයන කිරීමෙන් අනතුරුව මෙම ඝාතනයේ මුල් සැකකරුවා ලෙස යෝෂිත රාජපක්ෂ මේ වන විට කරුණු තහවුරු කරගැනීමට හැකියාව ලැබී ඇති බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කල බවට පසුගියදා යහපාලනආරක්ෂක අමාත්‍යංශයේ සිටින රනිල්ගේ ඇදේ සැතපෙන කොලුවෙකු හරහා පුවතක් පලකර තිබේ.

මිට අමතරව යෝෂිත රාජපක්ෂගේ යෙහෙළියක් වන යසාරා අබේනායක පැවසු බව පවසමින් මුදලට කඩේ යන වෙබ් අඩවියක් හරහා පුවතක් පලකරමින් මෙම පරික්ෂණ සදහා පච ටොන් එකක් වාර්තා කර තිබේ. 

යහපාලනයේ ගූ කන වෙබ් අඩවි කිහිපයක් පලවු පුවතේ කොටසක් ~~නමුත් මෙම පුවත සම්පුර්ණයෙන් අසත්‍ය බව ඇය පවසා තිබේ.

උපුටා ගැන්මකි 

ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක මෙනවිය චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.

2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.

ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.

උපුටා ගැන්ම අවසන් 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ අද කොහෙදෝ යනගමන් යන්නේ කොහේද මල්ලේ පොල් ජාතියේ කාතාවක් කියා තිබේ.පරාදවු ජනාධිපති මහින්ද රාජපක්ෂ පස්සා දොරින් ගෙනවිත් අගමැති කිරිම සදහා කාටවත් හැකියාවක් නැති බව කියා තිබේ. මහින්ද පස්සා දොරින් අගමැති පුටුවේ තියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේවත් පුටුවේ ඉදගත් අයෙකු නොවන බව පලමුවෙන්ම පිං අගමැතිට මතක් කර දිය යුතුය.රනිල් වික්‍රමසිංහ කවුරුන්ද යන්න අප අමුතුවෙන් ජනතාවට කියා දියයුතු නැත නමුත් මේ ලියන්නේ රනිල්ට රනිල් කවුරුන්ද යන්න මතක් කර දිමටය.

පක්ෂයේ නායකත්වය ආරක්ෂා කරගැනිම සදහා පක්ෂ ව්‍යවස්ථාව අවස්ථා ගණනාවකදි හොර රහසේ වෙනස් කල,පක්ෂ නායකත්වය බලෙන් ලබාගැනීමට එරෙහිව තමන්ගේ පක්ෂ මධ්‍යස්ථානයට තම පාක්ෂිකයින් විසින් ගල් ගසද්දි කාමර වලට වි හැංගි...කලිසමේම මුත්‍රා කරගත් බව රනිල්ට අමතක නම දැන් මතක් කර ගත යුතුය.

එපමණක් නොවේ රටේ සැම දිස්ත්‍රික්කයකම රනිල් පලයන් යනුවෙන් උද්ඝොෂණ කල බවත් ..අද ලග ඉදගෙන ඉන්න ඇතැම් මන්ත්‍රිවරුන් රනිල්ට බැන්නේ "පොන්නය ඉන්නකම් අපිට දිනන්නට බෑ " කියාය.මට මතක ඇති ආකාරයට රනිල් පැරදුනු මැතිවරණ ගණන 15ක් පමණ වේ.එම සැම මැතිවරණයකදිම රනිල්ගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය රනිල් මෙන් දියාරු වි ගියා මිස පණ ගසා නැගිට්ට දිනයක් නැත.

පක්ෂයේ හතර පස් දෙනෙකු අල්ලාගෙන මාධ්‍ය මාෆියාව හරහා ඔහුන්ට ගරහමින් යන්තම් බලය අල්ලාගෙන් සිටින රනිල් බලයට කෑදර මෛත්‍රීපාල සිරිසේන වැනි අමනයෙකුහරහා බෙදුම්වාදීන්ගේ ඡන්ද ප්‍රථිපලයෙන් ජනාධිපති පුටුවට මෛත්‍රී දමා පැයක් යන්නට මත්තේන් අගමැති කම හොරා කෑ අයෙකු බව රනිල්ට අමතකද?

අවසාන වශයෙන් රනිල්ට එකක් මතක් කරදිය යුතුය මහින්ද රාජපක්ෂ මේ රටේ අයිතිය හිමි ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වු අයෙකු බවත් හෙට අනිද්දාට මැතිවරණයක් පැවැත්විමෙන් පසුව බෙදුම්වාදීන් නොමැති එජාපයට සිද්ධ වන්නේ හැමදාම වගේ රාජපක්ෂලාට පරදින්නට විම බව මතක තබාගත යුතුය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පසුගියදා උතුරු පළාතේ පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමීමේ සිද්ධිය දැඩි දඩමිමා කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසිමට මෙලෝ රහක් නැති කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි රෝසී සේනානායක හා ජාතකය අවුල් වු අධිකරණ අමාත්‍යංශයේ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුලු කොටි හිතවතුන් කොළඹදි මාධ්‍ය සංදර්ශණ පැවැත්වුවද අන්තිමට කෙලවි ඇත්තේ යහපාලන පිං අගමැතිටම බව දැන් අනාවරණය වි තිබේ.

එදා නිදහස් චතුරශ්‍රයේ සිට රාජපක්ෂලා හම ගසන්නට ගිය රෝසී මිසි හා විජේදාසලා අල්ලාගෙන සිටි බැනරයේ සටහන්ව තිබුනේ "ආණ්ඩුවේ යහපාලන කාන්තාවන්ට ආරක්ෂාවක් නැද්ද" යනුවෙනි.දන්නේ නැති මගුල් වලට අත දාන්න ගියාම සිද්ධ වෙන දේ තවමත් එජාපය තෙරුම්ගෙන නැති බව මෙයින් හොදින්ම අවබෝධ කර ගත හැක.


විද්‍යා නැමති දැරිය ඉලක්ක කරමින් ආණ්ඩුවේ ජාතකයක් නැති ඇමතිවරුන් ගැසු මඩ ගැන ඩග්ලස් දෙවානන්ද මහතා අනාවරණය කල අයුරු... 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පිං අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කර ගැනිම සදහා යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇමතිකම් වෙන්දේසියේ දමා තිබෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු lnw.today ස්කයිප් හරහා එකතු වෙමින් කියා සිටියා. 

මහින්ද රාජපක්ෂ සමග මේ මොහෙතේ එකතු වෙමින් රට බෙදුම්වාදීන්ගෙන් මුදවා ගැනිම සදහා කරන සටන කරන මන්ත්‍රිවරුන් වෙනුවෙන් ඉතා ඉහල පෙලේ ඇමතිකම් ලබාදිමට තමන් සුදානම් බව මෛත්‍රීපාල එම මන්ත්‍රිවරුන්ට පණිවිඩ එවා තිබෙන බවද ඔහු සදහන් කළා.දැනට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දරණ ඇමතිකම්ද එහි සදහන්ව ඇති බවයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයා සදහන් කළේ.

ඉදිරි මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකර එක්සත් ජාතික පක්ෂයම සමග එකට එකතුව තරග කිරිමට රනිල්-මෛත්‍රී කුමන්ත්‍රණය කරමින් සිටින බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ රට පාවාදෙමින් මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු ඇමතිකම් ලබා ගැනිමට බොහෝදුරට ඉඅඩ ඇති බවත් එසේ වුවහොත් ඔහුන්ව පරාජය කිරිමට රටේම ගෙන යන ශක්තිමත්ව ජනතාව එකතු කරගනිමින් ගෙනයන බවද ඔහු අවධාරණය කළා.

ඇමතිකම්එකක් නොවේ 100ක් ලබාදුන්නද මහින්ද රජපක්ෂ වෙනුවෙන් නැගි සිටි ජනතා බලවේගය කිසිදිනක යටකල නොහැකි බව යමපාලකයන් මතක තබා ගතයුතු බවද ඔහු සදහන් කළා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
-
30 වසරක භීෂණකාරී යුද්ධයේ අවසානය අප අද එකට එකතුව විදින්නට තිබු අවස්ථාවන් බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව අද රටට අහිමිකර හමාරයි.....යහපාලනය නිරන්තරයෙන් උත්සහ කරනුයේ මේ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් නොවන බව සමාජගත කිරිමට බව අප පසුගිය දින 150ක කාලය තුල හොදින්ම දැකපු දෙයක්.....නමුත් මේ කතාව අහන්න......


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර ගැටුමක් පැන නැගී ඇත. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙනි. එය අද ඊයේ පැන නැගුණක් ද නො වේ. එහෙත් එක්තරා අයුරකින් ගත්කල එය සාකච්ඡා කළ යුත්තක් ද නො වේ. ඒ අවසානයේ දී රනිල් ජයග්‍රහණය කරන බැවිනි. එහෙත් සංධානයේ කිසිවකු මෙවැනි ගැටුම් පිළිබඳ සුළුවෙන් වුවත් අවධානය යොමු නො කිරීම ප්‍රශ්නයකි. 

මේ ප්‍රශ්නය සංධානයට වැදගත් වන්නේ විසිවැනි සංශෝධනය හා රනිල්ට එරෙහිව ගෙන ඒමට බලාපොැරාත්තු වූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. විසිවැනි සංශෝධනය කුමක් දැයි තවමත් කිසිවකු දන්නා බවක් පෙනෙන්නට නැත. එහි අන්තර්ගතය හරිහැටි දන්නේ කවු ද? දෙමළ හා මුස්ලිම් නියෝජනත්වය වැඩි කිරීම සඳහා මන්ත්‍රි සංඛ්‍යාව තිහකින් ඉහළ දැමීමට සාකච්ඡා වෙයි. සමානුපතික ක්‍රමය වෙනුවට මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට සමරුන්ට අවශ්‍ය ය. 

චම්පක, ප්රාජිත හා එස් බී දිසානායක යන ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හකීම් සමග විස්ස සම්බන්ධයෙන් ගැටුණු බව වාර්තා වෙයි. එහෙත එය ඔවුන් අතර වූ ගැටුමක්වත් විස්ස සම්බන්ධයෙන් වූ ආරවුලක්වත් නො වේ. ඒ ගැටුම රනිල් හා මෛත්‍රිපාල අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ව වූ ගැටුමකි. ඒ එක්තරා ආකාරයකින් ගතහොත් ආණ්ඩුවේ ඉන්දීය පාර්ශ්වය හා බටහිර පාර්ශ්වය අතර  වූ ගැටුමකි. එහෙත් එයට ඉන්දියාව සෘජුව සම්බන්ධ යැයි එයින් නො කියැවෙයි.  

මෙහි දී එස් බී හුදෙක් මෛත්‍රිපාලගේ ආධාර කරුවකු පමණක් වෙයි. මෛත්‍රිපාල, ප්රාජිත, චම්පක හා රතන හිමියෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල්දැමීමට කටයුතු කරති. ඒ් ඔවුන් තවමත් මැතිවරණයකට සූදානම් නැතිවීම නිසා ය. රනිල්ට ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඔහුට අනුව ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම එ ජා පක්‍ෂයට වාසි සහගත ය. මහින්ද කණ්ඩායමට ද ඉක්මණින් මැතිවරණයක් අවශ්‍ය ය. ඒ අතර මහින්දට මෙන් ම මෛත්‍රිපාලට ද විස්ස අවශ්‍ය ය. එහෙත් එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ.

මේ කිසිවක් රට ගැන කල්පනා කර ගන්නා තීරණ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට මිශ්‍ර ක්‍රමය වාසි සහගත වන අතර, එ ජා පක්‍ෂයට සමානුපාතික ක්‍රමය අවශ්‍ය ය. විස්ස පිළිබඳ තීරණ ගැනෙන්නේ ඒ අනුව ය. ඒ අතරට රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාව ද පැමිණ ඇත. රනිල් එයට අකමැති බව අමුතුවෙන් කිවයුතු නො වේ. එබැවින් ඔහු විශ්වාසභංගය ගෙනෙන්නේ නම් විස්සට විරුද්ධ වන බව කියයි. පැහැදිලිව ම බටහිරයෝ ද විශ්වාසභංග යෝජනාවට අකමැති වෙති. එබැවින් ඒ සියල්ලෝ ම මෛත්‍රිපාල මගින් බලපෑම් කරති. විස්ස අවශ්‍ය නම් විශ්වාසභංගය ඉවත්කර ගන්නා ලෙස ඔවුහු කියති. නිමල් සිරිපාල එයට එකඟ වනු ඇත. 

එහෙත් විස්ස ගෙන ඒමට එ ජා ප සහාය දේවි යැයි එයින් නො කියැවෙයි. මෛත්‍රිපාල, චම්පක, ප්රාජිත කණ්ඩායම විස්ස සම්මත කිරීමෙන් තොරව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට බොරු ඝෝෂාවක් නගති. මෛත්‍රිපාල, මහින්ද, රනිල් යන තිදෙනා අතරෙන් ජනබලය අතින් දුර්වල ම මෛත්‍රිපාල ය. ඔහුට ඇත්තේ විධායක බලතල පමණ ය. එහෙත් එයින් කළහැකි දේ සිමාසහිත ය. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිරයන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකල විට මෛත්‍රිපාලට කරන්නට වෙනත් දෙයක් නැත. රතන හිමියන්ගේ පාගමන් කතාබහට සීමා වනු ඇත. 

අප දේශපාලනයේ එදිනෙදා සිදුවන දෙයින් නොමග යා යුතු නො වේ. එහෙත් සිංහලයන් පුරුදු වී ඇත්තේ එදනෙදා සිද්ධි පිටුපස යෑමට ය. ප්‍රධාන ප්‍රශ්නය විස්සවත් විශ්වාසභංග යෝජනාවවත් නොව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය.  

නලින් ද සිල්වා

2015 මැයි 31

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
තමන් වැඩි ඡන්දයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් දිනවිම සදහා මංගල සමරවිරට එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්‍යාල මණ්ඩල ප්‍රධාණි සාගල රත්නායක නොහොත් රනිල්ගේ කොලු ගැටයා රනිල් වික්‍රමසිංහට බලපෑම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු පවසයි.

අවස්ථා ගණනාවකදි තමන් පරාජයට පත්වු බවත් පසුගිය දින 25ක ය තුල මාතර දිස්ත්‍රික්කය කල සමික්ෂණයට අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදය සියයට 40 කින් පමණ තවත් පහල බැස ඇති බවත් දැනුම් දි ඇති සාගල පවසා ඇත්තේ මේ පාරත් තමන් පැරදුණු හොත් එය තමන්ගේ දේශපාලන ගමනට අහිතකර බවයි. ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ මෛත්‍රී සමග සන්ධාන ගත විම හරහා එක්සත් ජාතික පක්ෂ පාවා සහ  යුද්ධය අවසන් කල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසීම බවද එම සමික්ෂණ වාර්තා පෙන්වා දි තිබේ.

අග්‍රාමාත්‍ය කාර්‍යාල මණ්ඩල ප්‍රධාණි සාගල රත්නායකගේ මෙහෙය විම යටතේ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් සහ එජාප යොවුන් පෙරමුණේ තරුණයන් භාවිතාකරමින් මෙම සමික්ෂණය සිදුකර තිබේ.

අවසන් වරට පැවති 2010 මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ඡන්ද 91,114 ලබගත් අතර එය ප්‍රථිශතයක් ලෙස 27.81 පමණි.නමුත් මේ වන විට එම අගය සියයට 22ක දක්වා පහත බැස තිබෙන බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

එම මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 213,937 ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 65.31ක්.

එම මැතිවරණයේ මාතර විශේෂත්වය වුයේ ලාංකික දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සි‍ටි පිල්මාරු කල මංගල සමරවීර වැනි පලපුරුදු දේශපාලකයකු අබිභවා නවක දේශපාලන තරුණ නායකයකු වන බුද්ධික පතිරණ මහතා මනාප ලයිස්තුවේ පළමු තැනට පැමිණීමයි.

මාතර දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රී ධූර ගණන 6 යි,සනත් ජයසූරිය - 74,352,මහින්ද යාපා අබේවර්ධන - 70,439,ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන - 67,510,චන්ද්‍රසිරි ගජදීර - 51,742,හේමාල් ගුණසේකර - 51,013,විජය දහනායක - 44,463


එක්සත් ජාතික පෙරමුණ මන්ත‍්‍රී ධූර ගණන 2 යි

අකලංක බුද්ධික පතිරණ - 62,499,මංගල පින්සිරි සමරවීර - 59,836

මේ අතර මැතිවරණයක් සම්බන්ධයෙන් ඉඟියක් ලැබිමත් සමගම පළාත් සභාවන් නියෝජනය කරන එජාප මන්ත්‍රිවරුන් රැසක් පෝස්ටර් අලවමින් මහා මැතිවරණයට ඉදිරිපත් විමට උත්සහ කළද ඔහුන්ගෙන් රැසකට අපේක්ෂකත්වය ලබාදිමට නොහැකි වන බව එජාප මහා ලේකම් කබීර් හෂිම් දන්වා තිබේන අතර මේ වන විටත් එම හෙතුවෙන් එජාප නාම යෝජනා මණ්ඩලයට විරෝධය එල්ල වෙමින් තිබේ.

අපේක්ෂකත්වය ලබාදිමට නොහැකි වන බව පැවසු අය අතර උදාර රත්නායක හා එස්.එම්.මරික්කාර්ද ඉටින බව වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
-
කෙසේ හෝ බලය ලබා ගැනිම වෙනුවෙන් චන්ද්‍රිකා,මෛත්‍රී,අර්ජුන,රාජිත,යන ගස් ගෙවලයන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවජාතක මෛත්‍රී-රනිල් කසාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට දෑවැද්දට ලියාදී ඇති බව අද අනාවරණය වුනා,

අගමැතිකම ඉල්ලාගෙන කවුරුන් පිණ්ඩපාතයේ ගියද එන මැතිවරණයෙන් පසුවත් අගමැති ලෙස දිවුරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාම බව ඇමති සජිත් පේ‍්‍රමදාස අම්බලන්තොට ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් කියා තිබේ.මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා අගමැතිකම රනිල් වික‍්‍රමසිංහට ලබා දීමට පක්‍ෂ දෙකම එකඟ වී ඇති බවයි. 

ඒ අනුව හිවල් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවාදි අවසන් බව තහවුරු වි අවසන්.ඒ අනුව තවටික දිනකින්  එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොන්න රැලක් ශ්‍රිලනීප බලය අල්ලාගනු ඇත.දැන් මේ රටේ ජනතාවට මෛත්‍රීට හෝ චන්ද්‍රිකාට හෝ අර්ජුන,රාජිත,යන ගස් ගෙවලයන් එකෙකුට කියන්නට තවත් දෙයක් නැත.

ජනතාවට යහපාලනය ගෙන එන මුවාවෙන් කිසිදිනක රටේ බලය ලබාගත නොහැකි රනිල් වැන්නෙකුට බලය ලබාදිම වෙනුවෙන් මෙම පාලනය ඇතිකරගත් බව දැන් පැහදිලිය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
එ ජා ප සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යෑම පිළිබඳ ව මෛත්‍රිපාල සිරිසේන කාර්යක්‍ෂම ව කටයුතු කරන නමුත් බටහිරයෝ ඔහුගේ ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් ව නො සිටිති. ආණ්ඩුවට විරුද්ධ ව ගෙනා විශ්වාසභංග යෝජනා අකර්මණ්‍ය කිරීම, දහනවය සම්මත කරගැනීම ආදියට මෛත්‍රිපාලගෙන් සේවයක් වී ඇති බව ඔහුගේ විරුද්ධවාදීනට වුවත් පිළිගැනීමට සිදුවෙයි. ඒ ක්‍රියාවලින් රටට අයහපතක් වී තිබීම වෙන ම කරුණකි. 

බටහිරයන් හා ඉන්දීයයන් මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා බවට පත්කර ගැනීමේ දී ඔහුගෙන් බලාපොරොත්තු වූ ප්‍රධාන ම කරුණ වූයේ ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රින් සැපයීම ය. බටහිරයන් බලාපොරොත්තු වූ ආකාරයට හා චන්ද්‍රිකා කයිවරු ගැසූ ආකාරයට මන්ත්‍රීන් හතළිස් දෙනකුට වැඩි සංඛ්‍යාවක් සැපයීමට මෛත්‍රිපාල අපොහොසත් වුව ද ඔහු සැපයූ මන්ත්‍රීන් සංඛ්‍යාව ආණ්ඩුවට මහත් පිටුවහලක් විය. 

එසේ වුවත් බටහිරයෝ මෛත්‍රිපාලගෙන් තවත් දෙයක් බලාපොරොත්තු වූහ. ආණ්ඩුවේ ප්‍රතිපත්ති බටහිරයන්ගේ අවශ්‍යතා මත රනිල් විසින් තීරණය කෙරුණ ද,  ඊනියා සංහිඳියාව ඇතිකිරීමට ඔවුහු මෛත්‍රිපාලගේ සේවය අවශ්‍ය බව දුටුවෝ ය. එයට හේතුව සිංහල බෞද්ධයන් අතර රනිල්ට පිළිගැනීමක් නොමැතිවීම ය. මුහුණක් නැති මුහුණු පොතේ තරුණ තරුණියන් යම් ප්‍රමාණයක් රනිල්ට පක්‍ෂපාති වුව ද ඔහුගේ සිංහල බෞද්ධ විරුද්ධත්වය හැඳීනගැනීමට රතන හිමියන්ට හා චම්පක වැන්නන්ට හැරෙන්නට අනෙක් බොහෝ අයට අසීරු කරුණක් නො වී ය. එබැවින් ඊනියා සංහිඳියාවට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයන්  ගොනාට ඇන්දවීම සඳහා ය. බටහිරයෝ හා ඉන්දීයයෝ ජාතික හෙළ උරුමයෙන් බලාපොරොත්තු වූයේ ද සිංහල බෞද්ධයන් ගොනාට ඇන්දවීම ය. 

එහෙත් එය මුළුමණින් ම අසාර්ථක වී ඇත. චම්පකලා දේශපාලනයේ නන්නත්තාර වී විස්ස ඔස්සේ ගොඩ එන මගක් සොයමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය තමන් ශක්තිමත් වන තුරු (ඒසේ විය හැකි යැයි උපකල්පනය කරමින්) මැතිවරණය කල්දැමීමට ය. මෛත්‍රිපාලට ද ඒ අවශ්‍ය ය. එහෙත් එ ජා පක්‍ෂය එයට ඉඩ නොදෙනු ඇත. ඊනියා සංහිඳියාව බටහිරයන් සිතන ආකාරයට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වත ඇත. ඔවුහු එයට වරදකරුවා මෛත්‍රිපාල යැයි සිතති. 

සැප්තැම්බරයේ දී ජෙනීවාහි දී ලංකාවට ඊනියා යුද්ධාපරාධ චෝදනා වාර්තාවකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ වාරාතාව ලංකාවට විරුද්ධ ව ලියැවී ඇති බව පැහැදිලි නමුත් ඒ පිළිබඳ ප්‍රතිචාරය තීරණය කෙරෙනු ඇත්තේ එවකට ලංකාවේ පවතින ආණ්ඩුව අනුව ය. එහි දී බටහිරයන්ට එ ජා ප පික්පොකට් ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති ගැටළුව නම් ඊනියා සංහිඳියාව තමන් බලාපොරොත්තු වූ ආකාරයට සාර්ථක නො වීම ය. 

මෙහි දී කැලිෆෝර්නියාවේ ඕක්ලන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා ලියා ඇති වාර්තාවක් වැදගත් වෙයි. ඒ වාර්තාවෙහි ඊනියා සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය මෛත්‍රිපාලට නැතැයි  සඳහන් වන්නේ යැයි කියැවෙයි. අතනින් මෙතනින් නිකුත්වන මෙවැනි වාර්තා මෛත්‍රිපාල සිරිසේනට යහපත් නො වේ. සෝභිත හිමියන්ට කෙසේ වෙතත් බටහිරයන්ට අනුව තැටිය රත්වී ඇතත් ලැබී ඇත්තේ කොත්තු රොටියකි. එහි තිබී ඇත්තේ සද්දය පමණකි. 

බටහිරයෝ යහළු මිත්‍රකම්වලට වඩා වැඩවලට සලකති. ඔවුන්ගේ භාෂාවෙන් කියන්නේ නම් බඩු ලබාදීමට නොහැකි අය තනතුරු දැරීමට සුදුස්සෝ නො වෙති. මෛත්‍රිපාලට බටහිරයන් අතර අනාගතයක් ඇති බවක් නො පෙනෙයි. 

නලින් ද සිල්වා

2015 මැයි 30

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
-
රාජපක්ෂලා දියකර හැරිමේ මෙහෙයුමේ බොරු නිර්මාණය කිරිමේ (පච ෆැක්ටරියේ) ප්‍රධානින් ලෙස කටයුතු කල අයගේ ගොලබාලයන් යහපාලනයි සාදා ඇත්තේ සමාජ වගකිම වෙනුවෙන් නොව තමන්ගේ මල්ල සහ බඩ පුරවා ගැනිම වෙනුවෙන් බව දැන් පහැදිලිය.රාජපක්ෂලාට මඩ ටොන් ගණන් ගසා රටේ මොඩ වෙබ් කරුවන් අතර තමන් මාරම පොරක් ලෙස පෙන්වා දෙමින් රෑ එලිවෙනකම් රාජ්‍ය නොවන සංවිධාන වලින් කොළඹ තැන තැන තිබෙන සමාජ ශාලාවලින් අඩියක් ගසමින් ඔනෑම එකකුගේ කරේ නැග ගොස් රැය පහන් කල ලංකා හෙරල්ඩ් (Lankaherald) නැමති වෙබ් අඩවියේ මන්දනා ස්මයිල් අබේවික්‍රම කිසිවෙකුටත් හොරෙන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ මාධ්‍ය ලේකම් ලෙස පත්ව තිබේ.

අඩුම තරමේ අග්‍රාමාත්‍යවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ලෙසවත් පත්වුයේ නම් දුකක් නැත මේ කොහේවත් යන ලපයි-සිපයි පොරක් ලග මාධ්‍ය ලේකම් තනතුරක් ගැනිම හරහා අනාවරණය වන්නේ කටයි .....පු ..... විතරක් ඇත්තියෙකු බව පමණී.

අනුන්ගේ මිනිස්සු අරන් ගෙදර ගිහින් අන්ත්මට ගෙදරට මැරයන් පැන්න විට එයටත් රාජපක්ෂලා වගකිවයුතු බව පෙන්වා දේශපාලන රැකවරණය ලබාගැනිමට ගොස් එයද කෙලවා ගත් මන්දනා යහපාලන ආණ්ඩුවේ මඩ ෆැක්ටරියට සම්බන්ධ වි පසුගිය ජනාධිපතිවරණ සමයේ  ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් මන්දනා ස්මයිල් අබේවික්‍රම ආරම්භ කල ලංකා හෙරල්ඩ් (Lankaherald) නැමති වෙබ් අඩවිය සදහා ඉන්දිය රෝ සංවිධානය හරහා මිලියන 13ක මුදල්ක්ද ලබා ගත්තා. එම පුවත කියවන්න -රෝ සංවිධානයෙන් මිලියන් 13ක් අරන් -යලිත් රාජපක්ෂලා දඩයමේ යන ස්මයිලා




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට ය. සමහරවිට අප කියන දෙය ද වැරදි විය හැකි ය. එසේ නම් ඒ ගැන සාකච්ඡාවක් තිබිය යුතු ය. 

අද දේශපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ කාර්යභාරය කුමක් ද යන්න ගැන යම් ආකාරයක කතන්දරයක් ගොතා ගැනීමෙන් තොරව, එනම් අවබෝධයක් ලබා ගැනීමෙන් තොරව, කරන කියන සෑම දෙයක් ම පුස්ස බින්දා වැන්නක් වනු ඇත. අපේ කතන්දරය වැරදි නම් ඒ වෙනස්කර ගත යුතු ය. 

ඒ බටහිරයන්ගේ ක්‍රමයයි. මම එයට විරුද්ධ වෙමි. එහෙත් බටහිරයන් අපට තනා දෙන කතාව වෙනුවට අපේ ම කතාවක් තිබීම රටට වැඩදායක ය. අනෙක් අතට අපට වැඩකිරීමට සිදු වී ඇත්තේ බටහිරයන්ගේ කතාව දැනගැනීමෙනි. මෛත්‍රිපාලට නියම වී ඇත්තේ එකම එක කාර්යයක් පමණකි. එනම් බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන මේ සුළුතර ආණ්ඩුූව ශ්‍රී ල නි ප මන්ත්‍රින්ගේ, ශ්‍රී ල නි ප මෛත්‍රි කණ්ඩායමේ, සහායෙන් පවත්වාගෙන යෑම ය. ඔහු එහි දී ඒ මන්ත්‍රීවරුන්ට දේශපාලන අල්ලස් දීම්, තර්ජන ගර්ජන කිරීම්, රැවටීම් ආදිය කරයි. 

බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතා ඉටුකරන තෙක් මෛත්‍රිපාලට ජනාධිපතිකම දැරිය හැකි ය. යම් අයුරකින් ඔහු බටහිර හා ඉන්දීය අවශ්‍යතාවලට පිටුපෑවහොත් ඔහුට ජනාධිපතිකම අහෝස්ි වනු ඇත. රනිල් ජනාධිපති වනු ඇත. මෙය බටහිරයන් හා ඉන්දීයයන් ඔහු ඊනියා පොදු අපේක්‍ෂක බවට පත්කර ගැනීමේ ගනුදෙනුවේ ප්‍රතිඵලයකි.

මෙය එ ජා ප ආණ්ඩුවක් මිස ඊනියා ජාතික ආණ්ඩුවක්වත් අඩුම තරමෙන් හවුල් ආණ්ඩුවක්වත් නො වේ. බොහෝ දේ බටහිරයන්ගේ අවශ්‍යතා අනුව රනිල් තීරණය කරයි. රවි කරුණානායක, ජෝන් අමරතුංග වැන්නන්ට ද එහි දී යමක් කළ හැකි ය. එහෙත් කරු ජයසූරිය වැනි දුර්වල සිංහල බෞද්ධයෝ නමට ඇමතිවරු වෙති. සංධානය නියම පුද්ගලයන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එයි. එහෙත් ඒ එකක්වත් එහි අන්තය කරා යොමු නො වෙයි. ඒ ක්‍රියාමාර්ගය යම් තැනක දී අවසන් වෙයි. ඒ අවසන් කරන්නේ මෛත්‍රිපාල ය. එහි අනෙක් පැත්ත ද සිදුවෙයි.

 එ ජා පක්‍ෂයට දහනවවැනි සංශෝධනය අවශ්‍ය විය. ඒ සඳහා ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබාගැනීම අනිවාර්ය විය. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපති ලෙස මැදිහත් වී ඒ ඡන්ද ලබාදුන්නේ ය. ඔහු විස්ස පෙන්නා දෙන්නම් කාසිවලට දහනවය සම්මත කරවා ගත්තේ ය. ශ්‍රි ල නි ප හා සංධානය විස්ස බලාපොරොත්තු විය. ඒ සමග ඔවුහු රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූහ. 

පසුගිය දා මෛත්‍රිපාල සංධාන නායකයන්ට කියා ඇත්තේ විස්ස සම්මත කරගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අත්හරින ලෙස ය. සංධානය ඒ පිළිගැනීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. විශ්වාසභංගයේ හුළං ඇරීම අද මෛත්‍රිපාල ලවා බටහිරයන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙයි. එයින් කියැවෙන්නේ එ ජා පක්‍ෂය විස්ස සම්මත කරගැනීමට සහාය දෙන බව ද? කිසිසේත් ම නැත. එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ. ඔවුහු ඒ බව කෙළින් නො කියති. ඔවුන් කියන්නේ ඒ පිළිබඳ සුළු පක්‍ෂවල එකඟත්වයක් නැති බව ය.  

සංධානය මේ පිළිබඳ ව මුස්ලිම් කොංග්‍රසය විවේචනය කිරීම වැඩකට නැති ක්‍රියාවකි. සංධානය මේ ක්‍රියාවලිය නිශ්චිත ව  ම නැතිවුවත් දළ වශයෙන් දැන සිටිය යුතු විය. මුස්ලිම් කොංග්‍රසය නොවන්නට එ ජා ප වෙනත් පක්‍ෂයක් යොදාගනු ඇත. සංධානය විස්ස බලාගෙන දහනවයට ඡන්දය දුන්නේ ය. දැන් විස්ස බලාගෙන රනිල්ට විරුද්ධ විශ්වාසභංගය අකුළාගැනීමට සැරසෙයි. නිමල් සිරිපාල කිසිවක් නොදත්තකුගේ භූමිකාව රඟපායි. ඔහු මෛත්‍රිපාලගේ විපක්‍ෂ නායක ය. සද්ධාචමල් ද විපක්‍ෂ නායක කවුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම දිනෙන් දින කල්දමයි. මේ සියල්ල සුළුතර ආණ්ඩුව ආරක්‍ෂා කරගැනීම සඳහා ය. 

මෛත්‍රිපාල තම කාර්යභාරය මැනවින් ඉටුකරයි. ඔහු ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රීන් සැපයීමේ කොන්ත්‍රාත්තුව කාර්යක්‍ෂම ව කරගෙන යයි. අද (මැයි 29 වැනි දා) මෛත්‍රි කණ්ඩායමේ පස් දෙනකුට  ඇමති උසස්වීම් දුන්නේ ද ඒ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට ය. මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරනු ඇත. අද ආණ්ඩුව වැට්ටවීමට නම් මහින්ද මෛත්‍රි කණ්ඩායමෙන් යම් පිරිසක් දිනාගත යුතු ය. ඒ සඳහා සංධානය මෙහෙයවීම තවදුරටත් පමා කළ නො හැකි ය.

නලින් ද සිල්වා

2015 මැයි 29

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් නම් පිං අගමැති කෙසේ හෝ අගමැති තනතුරේ තබා ගැනිම සදහා ඔනෑම නිල මැස්සෙකුට  යහපාලනයට වැසිය හැකි බව අද මෛත්‍රීපාල සිරිසේන නැමති අධම ජනපති රටේ ජනතාව හමුවේ ඔප්පුකර පෙන්වා අවසන්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධී වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් එවකට සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය ඇමැති වරයාව කටයුතු කල හේමාල් ගුණසේකරට දඩ කොලයක් නිකුත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වු සුමින්ද සමන් නැමැත්තාට ප්‍රසිදියේම බැණ වැදි පසුව ඔහුට පහර දි අන්තිමට ඔහුගේ මෝටර් රථයට තමන්ගේ මැරයන් දමා ගීනී තබා කොස්තාපල්වරයාගේ රැකියාව පවා නැති කල හේමාල් පසුව කළුතර ප්‍රදේශයේ කසිප්පු වෙළෙන්දියකගෙන් රුපියල් දසදහසක මුදලක් ඉල්ලා ලබාගත් බවට පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ද කසිප්පු වෙළෙන්දිය ළඟ තිබී අත්අඩංගුවට ගත් කසිප්පු තොගයෙන් බාගයකට නඩු පැවරීමට රුපියල් 10,000 /= ක් ඉල්ලා ලබා ගත් බව ට උප පොලිස් පරික්ෂකවරයාටද එරෙහිව ද අල්ලස් කොමිසම් සභාව මෙලෙස නඩුවක්ද පටලවනු ලැබුවා.

අන්තිමේට අධිවේගයේ රාජකාරියේ යෙදී සිටි බව කියන පොලිස් නිලධාරියා කළුද සුදුද කියා හෝ තමාට මතකයක් නොමැති බවට තැන තැන මුසාවන් දොඩවමින් සිටි ගුණසේකර අද යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.


බැලු බැලූ හැම අතේම සොහොන් ලකුණු පෙන යහපාලානේ මේ ඉතුරුවෙලා තියෙන දින කීපයට ඇමතිකම් ගන්න තරම් දෙකේ කොලේට වැටිච්ච මේ වගේ දේශපාලඥයෝ රැළකට කියන්නට ඇත්තේ ඇමතිකම් ගත්තට කමක් නෑ මහත්තයෝ ගමට නම් එන්න එපා..යනුවෙනි.

මේ යන විදියට හෙට අනිද්දාට මැර මර්වින් සිල්වා වැනි අයටත් ඇමතිකමක් ගැනිම එතරම් අපහසු වැඩක් නොවනු ඇත.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ 14ක නායකයින් හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර ඊයේ (28) පැවැති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයේ අගමැති ධූර අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඔවුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ යනුවෙන්  මාධ්‍ය පකීර්ලා යැයි සිතාගෙන සිටින නමුත් මුදල් මත ජනතාවට බොරු වපුරන වෙබ් අධවි කිහිපයක් ප්‍රචාරය කර තිබුනද කෙලින් උත්තරයක් මෛත්‍රී පාර්ශවයෙන් මේ වන තෙක් ලබාදි නෑ.

මෛත්‍රී යනු එ තරම්ම වැඩර් කෙනෙකු නම් කල යුත්තේ අට අසමත් පකීර් මාධ්‍ය යොදාගනිමින් තැන් තැන කටකතා පැතිරවිම නොවේ ජනතාව හමුවේ කෙලින්ම තමන් මහින්දට අකමැති බව පැවසිමය.නමුත් මෛත්‍රීට ඒතරම කොන්දක් නැත එතරරම් නොවේ අඩුම ගානේ තමන්ගේ පක්ෂයේ ඇමතිවරුන්ට  පිං අගමැතිගේ සිදුවන මදිපුංචිකමකටවත් එරෙහිව කට අරින්නට තරම් මෛත්‍රීට හයියක් නැත.

අපි මෛත්‍රීපාල සිරිසේනට සහ ඔහුගේ ඇම්බැට්ටයන් හය හත්දෙනාට විවෘත අභියෝගයක් කිරිමට කැමැත්තෙමු ඒ අන් කිසිවක් නොවේ ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයේ අගමැති ධූර අපේක්ෂකත්වය ලබා දිමට තමන් අකමැති බව මාධ්‍ය හමුවේ කෙලින් සිටගෙන පවසන ලෙසටයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහගේ ආකර්ශනය දිනා ගත් තරුණයෙකු ජාතික තරුණ සේවා සභාවේ සභාවේ සභාපති ලෙස පත්ව සිටීම නිසා එජාප යොවුන් පෙරමුණ සමාජිකයින් බලවත් අපහසුතාවට පත්ව ඇත. මොහු මෙවර පක්ෂය බලයට ඒමට මාස 06කට පෙර ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ පුතුණුවන්ගේ තනියට ආ පුද්ගලයෙකි. මිනිසුන් 05 දෙනෙකු වත් පක්ෂ නායක රැස්වීමට ගෙන ඒමට නොහැකිව මුළු ගැන්වී සිටි මොහි අද කටයුතු කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගෙන බව ප්‍රසිද්ධ රහසකි. 

අගමැති මොහුගේ මසට කෙතරම් වශී වී ඇත්ද යත් හෙලිකොප්ටර් පද්දවයි, තරු පංතියේ හෝටල් වලට රැගෙන යයි, ස්ටේජ් කතාවක් ඔහු නොකලත් කොලු පැටියාට දෙයි. මේවා හරි ප්‍රසිද්ධය. අපිට කාගෙත් පුද්ගලික ආතල් වැඩක් නැත. න්මුත් පක්ෂය වෙනුවෙන් කඩිසරව එඩිතරව අවුරුදු ගාණනාව්ක් වැඩ කළ එජාප යොවුන් පෙරමුණේ සමාජිකයනට කුඩම්මාගේ  සැළකිලි  දක්වන මොහු තරුණ සේවා සභාවේ පාක්ෂිකයන්ට ලබා හිය යුතු තනතුරු කිසිවක් ලබා නොදී ඔහු ලොක්කෙක් යැයි පවසා ගනී. මොහුට ඇත්තේ නිදි යහනේ බලයයි. එයට අප යටයි. නමුත් වැනසෙන්නේ පක්ෂයයි.

යොවුන් පෙරමුණේ ලේකම් වෙනුවට අද තීරණ ගන්නේද මොහුයි. එරංග වැලිඅංගේ නම් මේ පුද්ගලයාගේ නමවත් මෙයට පෙර අසා නැතැයි එජාප ක්‍රියාකාරින් පවසන අතර මොහු කාගේ කවුද කෙසේ පක්ෂයට දායක වුවේද යන ප්‍රශ්න වලට යොවුන් පෙරමුණේ සභාපති ගරු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාටද මුනිවත රැකීමට සිදුව ඇත. 

අගමැතිතුමාගේ බෝල මිරිකන මෙම පුද්ගලයාට කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලන දොර විවෘත කිරීම අගමැතිවරයාගේ උප්පරවැට්ටිය වී ඇත. එයට අවශ්‍ය පසුබිම සැකසීම මොහු විසින්  කරගෙන යන අතර තරුණ සේවා සභාවේ ඔහු කර ඇති ලබ්බක් නැත. කෙසේවෙතත් මෙවන් හිරිකිත පුද්ගලයෙකුගේ ක්‍රියාව නිසා තරුණ සේවයම වැනසීම වැඩිකල් නොගොස් සිදුවනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ තරුණයෙකු විසිනි 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

-
යාපනයේ පාසල් ශිෂ්‍යයාවක් දූෂණය කර මරා දැමූ සිදුවීම මුළු සමාජයම කම්පනයට ලක් කළ පුවතක් විය. එයට ජාති ආගම් භේදයක් නොවීය. ඇසූ ඇසූ බොහෝ දෙනා ‘අනේ අපොයි’ කිව්වා මිස සිහි බුද්ධිය ඇති කිසිවෙකු ‘ඕකිට හොඳ වැඩේ’ කිව් බවක් නොඇසිණ. ඒත් සමගම මෙවැනි පාහරයින් එල්ලා දැමිය යුතු යැයි බොහෝ දෙනාගේ අදහස විය. එහිදී ඇය දෙමළ ජාතික දැරියක් වීම පරහට හිටියේ නැත. මීට පෙරද මෙවැනි සිදුවීම් සිය දහස් ගණනින් අසා ඇති මුත් මාධ්‍ය මගින් ලබා දෙන අසාමාන්‍ය ප්‍රචාරය නිසාත් , එමෙන්ම මේ හරහා උතුර යළි ගිනි ගැනීමේ අවධානමක් ඇතැයි යන සාධාරණ සැකය නිසාත් මෙම සිද්ධිය වැඩිපුර කතාබහට ලක් විය.

ඒ අතර උගත් වියත් දැනුවත් ජනතාව යැයි තමා විසින්ම හඳුන්වා ගන්නා කොටසගේ  ලෝකය, එනම් සමජ ජාලා තුලද මේ පිලිබඳ ඇති වෙන්නට කතා කර තිබිණ. කතා , ශෝක කවි, ගීත, සමාජ විචාර ආදී නොයෙක් ආකාරයෙන් බොහෝ දෙනා මේ පිලිබඳ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තිබිණ.  බොහෝ දෙනා තමන්ට ඇතිවූ අවංක කම්පනය නිසා එවැනි දේ පළ කළා වන්නට පුළුවන.

නමුත් ඒ අතර දේශපාලන  ඉහඳ පණුවන් තමන්ගේ මෙහෙයුම ආරම්භ කර තිබිණ. ඔවුන් මේ අස්සේ සැලසුම් කළේ මේ අවස්ථාව තමන්ගේ කුණුගහන ජඩ දේශපාලන වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ඔවුන්ට හොඳ පොටක් පෑදින. ස්ත්‍රී දූෂකයාට සමාන රුවක් සහිත පුද්ගලයකු හිටපු ජනාධිපතිවරයා සමග සිටින චායාරූපයක් හමුවන්න මෙහිදීය. මොහොතක්වත් පසුබට නොවී මඩ මෙහෙයුම ආරම්භ විය. ඒ සඳහා පූර්වාදර්ශයක් ඔවුන්ගේ “වියත් දැනුවත්  යහපාලන දේශපාලන පෙරගමන්කරුවා”  වූ චම්පික රණවක ශූරීන් විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කර තිබිණ ( කුප්‍රකට ෆෝටෝශොප් මෙහෙයුමෙන් ලෙසටර් ජේමිස් පීරිස් කේපී බවට පත් කිරීම හරහා ). එවැනි ඕනෑම ජවස්ථාවාදී ජඩ වැඩක් කිසිඳු කරදරයකින් තොරව, නීතිය ක්‍රියාත්මක වීමකින් තොරව සිදුකර ඔස්තාර්ලා ලෙස නිරුපද්‍රිතව වැජබීමට යහපාලනයෙන් ඉඩ ඕනෑතරම් ලැබෙන බව චම්පිකගේ සිදුවීම හරහා සමාජයම අවබෝධ කරගෙන තිබිණ.

අනිත් අතට ඕනෑම බොරුවක් විකුණා ගත හැකි පාරිභෝගික කණ්ඩායමක් අද වන විට සමාජ ජාලා වල රස්තියාදු ගසමින් සිටින බව  ඔවුන් පසුගිය කාලය පුරාම ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගෙන තිබිණ.
ජනාධිපති වැය ශීර්ෂය කෝටි දස දහසකට කිට්ටු ගණනකින් “අඩු කළා ” ‍යැයි මැජික් පෙන්වමින් ,  එමෙන්ම රත්තරන් අශ්වයින් , හෙලිකොප්ටර් ලැබොගිනි ආදිය අවශ්‍යය අවස්ථාවල මවමින් ක්ෂණිකයකින් අතුරුදහන් කරමින් ඒ මැජික් සෙල්ලම තව දුරටත් සමාජයම පුදුම කර තිබුන.  එවැනි ඕනෑම ව්‍යාජයකින් ඇන්දිය හැකි පුළුල් සමාජ තීරුවක් ‘මධ්‍යම පන්තිය පළල් වීම’ නැමති ක්‍රියාවලිය හරහා නිර්මාණය වී ඇති බව ඉතා නිවරදිව මේ මඩ ඔස්තාර්ලා අවබෝධකරගෙන තිබේ.  [ මෛත්‍රීපාලනයෙන් ජනාධිපති වැය ශීර්ෂය කෝටි නම දහස් හත්සිය පණහකින් පමණ අඩු කලා යැයි යහපාලන ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ව්‍යාජයක් බව කී දෙනෙක් නම් දනීද? තවමත් කී දෙනෙක් එම ව්‍යාජය ව්‍යාජයක් බව නොදනීද? ජනාධිපති සිරිසේන මහතාම රූපවාහිනී නාලිකාවක් ඉදිරියේදීම මේ රජ කෙප්ප කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කරද්දී අනිත් සොක්කන් ගැන කුමන කතාද. ]

ඉතින් එවැනි වටපිටාවක ස්ත්‍රී දූෂකයා මුලික කර ගනිමින් මඩ ප්‍රහාරයට මොහොතක් පසුබට නොවී ඉක්මනින් ක්‍රියාත්මක වී තිබිණ. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණ සමයේ සහ ජනාධිපති වීමෙන් පසුවද ඇගයුමට ලක් කල මෛත්‍රීවේශයෙන් මඩම ගසන ෆේස්බුක් අඩවි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල  ෆේස්බුක් ගිණුම පවා මේ පාහර ක්‍රියාවලියට නොමසුරුව දායක කර ගැනිණ. දස දහස් ගණනින් Shares සහ Likes සමග ලෝකය පුරා ක්ෂණිකයකින් පුවත පැතිරී ගියේය.  

“වියත් දැනුවත්” ජනතාව කිසිඳු සෙවිල්ලකින් බැවිල්ලකින් තොරව යහමින් මේවා ෂෙයාර් කර තිබුණි.
[මේ ලියුම්කරුගේ උගත් ඉංජිනේරු මිත්‍රයන් කිහිප දෙනෙකුම මෙය එලෙස තම ගිණුම හරහා ප්‍රචාරය කර ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතදාරීන්ට ඔච්චම් කර තිබුණේ “මෝඩ බයියොන්ට පේන්න ෂෙයාර් කරමු ” යන කැප්ෂනයද සමගිනි.  ]  එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර නැමැත්තාද කිසිදු හිරිකිතයක් නැතිව පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී  මේ සමාජ ජාලා මඩ ප්‍රචාරය පිළිබඳ ආඩම්බරයෙන් දීර්ඝව විස්තර කරනු දුටුවෙමි.
එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව එම පුවත පළ කල ආකාරයයි මේ.

ෆේස්බුක් මාධ්‍ය තුල දෛනික පඩි ලබන කුලීකරුවන් මේ වන විට ක්‍රියාත්මක බව ප්‍රකට රහසකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සමාජ ජාලා තුල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් සමග අරලිය ගහ මන්දිරයේ තිබූ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ස්ත්‍රී දූෂණය තම දේශපාලනය සඳහා යොදාගනිමින් සිටීම ලැජ්ජාවට කරුණක් බවයි. 

ඒ රාජපක්ෂ මහතා උතුරේ පොලිසියට සහ උසාවියට පහර දීම අනාගත ව්‍යසනයක් වීමට ඉඩ ඇතැයි පල කල අදහසටයි. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රකාශය කරන කණ්ඩායම තුලද මේ තිරිසන් ප්‍රචාරණයට හවුල් වූ කී දෙනෙකු සිටියේද?
දේශපාලනඥයන් අරභයා මඩ අවලාද නගිනවා ඇප මීට කලින්ද දැක ඇත්තෙමු. නමුත් මෙහිදී සිදූවී ඇත්තේ කුමක්ද. මේ ස්ත්‍රී දූෂකයකු ලෙස හංවඩු ගසා ඇති අහිංසකයා දැනට ජීවත් වන්නේස්විස්ටර්ලන්තයේ .
මේ එම ව්‍යාජ ප්‍රචාරණයට එරෙහිව ඔහු හඳුනන හිතවතෙක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. 

“එම පුද්ගලයා වෙන කිසිවෙක් නොව මේ මොහොතේත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින ”ස්විස් රංජන්” නැමැති ශ්‍රී ලාංකිකයායි. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රංජන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගිය අතර ඔහු යාපනයේ සිටියදී ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. විදේශගතව සිටියදීත් ඔහු සිය දේශපාලන කටයුතුවල යෙදුන අතර.දමිළ ජනයාටත් මහා පිළිකාවක් වී තිබු ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අවසන් කල 2009 අවසාන සටන සමයේ ශ්‍රී ලංකාව තුල ඒ සදහා බල කෙරෙන ජාතික සංවිධාන නිර්මාණය වුවා හා සමානවම රන්ජන් විසින් ස්විස්ටර්ලන්තයේ Gtv නම් දෙමළ සංවිධානය සාදාගනිමින් විදේශගතව නැගෙන Ltte හඩට පිළිතුරු ලබාදුන්නේ සැබෑ ශ්‍රී ලාංකිකක් බව පසක් කරමිනි.

ඔහුගේ ගිණුම මෙයයි - https://www.facebook.com/swiss.ranjan.1
 ඊට අමතරව මේ රන්ජන් නැමැත්තාද තම ෆේස්බුක් ගිණුම හරහා මේ මඩ ප්‍රචාරයට එරෙහිව දෙමළ බසින් තම අදහස පළ කර තිබුණි.

ස්ත්‍රී දූෂණයට සිතුවිල්ලකින්වත් දායක නොවූ මෙවැනි අහිංසකයෙකු ගස් බැඳ තිබෙන ව්‍යාජ ඡායාරූපයක් සමග ස්ත්‍රී දූෂකයෙකු ලෙස හංවඩු ගසා ලෝකය වටා ප්‍රචාරය කිරීමේ ජඩ විකෘත්ති ‘යහපාලන’ සමාජ ජාලා භාවිතයේත්  , පාපතරයන් නම දෙනෙකු වින්ද්‍යා දියණිය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමූ විකෘති මානසිකත්වයේ වෙනසක් නැත. උතුරේ පාපතරයක් වින්ද්‍යා දූෂණය කරද්දී දකුණේ සිට යහපාලන වෙළෙන්දන් වින්ද්‍යා මෙන්ම රංජන්ලාද එකවර දූෂණය කර ඔවුන්ගේ අත්මය මරා දමා තිබේ.

ඔහුගේ මානව හිමිකම් වෙනු වෙන්පෙනී සිටීමට අලුත් පරපුරේ ලැබ්බෝගිනි නළුවන්වත් ,යහපාලන වෙළඳාමට “බුද්ධිමය” දායකත්වය සපයන ආචර්‍ය නිර්මාල්ලාගේ පරපුරවත්  , 

නිරමාල්ට ටොක්කක් ඇන්න විට කොටුවේ පිකටින් කල කිසිවෙකුවත් ඉදිරිපත් වේද?

අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ එක පැනයකි..

මහත්වරුණි අපි මෙසේ බොරුවෙන්ම තව කොතරම් දුරක් යමුද?

කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මෛත්‍රීපාල සිරිසේන යනු හිවලෙකු බව අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කර සිටියේ සාක්ෂි සහිතවය.ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පමණක් නොව අවශ්‍යනම් ගෙදර ගෑණු උන්දෑ වුවද ඔනෑම කෙනෙකු ඉදිරියේ දණ ගැස්සවිමට සුදානම් මෛත්‍රී රටේ ජනතාව වෙනුවෙන් නිවැරදිව පමණක් සිට ගැනිමට නොහැකි බව ඔප්පුකර හමාරය.

පක්ෂ නායකයන් හමුවේ අඬා වැටෙමින් රනිල්ට පිටුපැමට තමන්ට නොහැකි බවත් එසේ වුවහොත් තමන්ට වෙඩි කා නසින්නට වන බවයි.

බෙදුම්වාදීන් වෙනුවෙන් තමන් ලබාදි ඇති පොරොන්දු ඉටු කිරිමට රටේ බහුතර සිංහල බෞද්ධයන් අමතක කිරිමට මෛත්‍රී දෙවරක් නොසිතනු ඇත.

මෛත්‍රිපාල අවසන් වශයෙන් වැඩ කරන්නේ එ ජා පක්‍ෂයට අවශ්‍ය අන්දමට මිස ශ්‍රී ල නි පක්‍ෂයේ කිසි කණ්ඩායමකට අවශ්‍ය අන්දමට නො වේ. අද ආණ්ඩුව වැඩ කරන්නේ රනිල්ට, බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. ඒ සඳහා යටිතල පහසුකම් සපයන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. මෛත්‍රිපාල එදත් අදත් ශ්‍රී ල නි පක්‍ෂයේ  ආණ්ඩුවක් පිහිටුවීමේ දී ප්‍රධාන බාධකය වෙයි.

ඒ අනුව තවදුරටත් වෙනුවෙන් පෙළගැසුණු ප්‍රගතිශිලි ජනයා මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සතපහක බලාපොරොත්තුවක් තබාගැනිම කිසිදු පලක් නැති ක්‍රියාවලියක් බව ඔප්පු කර හමාරය.

දැන් ජනතාව වහාම සුදානම් විය යුතුය...ඒ අවජාතක ආණ්ඩුව පමණක් නොව පිං අගමැති මෙන්ම මෛත්‍රීපාලනයද අවසානයකට රැගෙන යාමටය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
යහපාලනේ ගෙනා  "මහ ඔලූවා" තමා යැයි කියාගන්නා හල්ලොලූවා ගැන අප වෙබ් අධවිය හරහා කරන ලද අනාවරණයත් සමග තුසිත හල්ලොලුව භූමිතෙල් ගැවුනු ගැරඩියෙකු ලෙසට කැලේ කඩාගෙන දුවන බව වාර්තා වේ.8 පාස් නැති මැස්සෙක් ගිය උඩ........ යනුවෙන් අප කල අනාවරණය හමුවේ තුසිත තමන්ගේ කලකට පෙර මාෆියා සහොදරයෙකුව සිටි ලංකා නිවුස් වෙබ් ඩොට් කොම් චන්දිම සගයාටද ලංකා ඊ නිවුස් හරහා පහරදි තිබේ.

...උපුටා ගැන්ම ලංකා ඊ නිවුස් ...

මෛත්‍රීට පක්ෂව සහ මෛත්‍රීට මඩ ගහන වෙබ් අඩවි දෙකම කරන්නේ එක් අයෙක්: තුසිත හල්ලොලුව සීඅයිඩියට කළ පැමිණිල්ලකින් හෙළි වෙලා

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.28, ප.ව.5.30) පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වනවාත් සමගම කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවම ඔහුට ද්වේශ සහගතව මඩ ගැසීම සඳහා ඒ වන විට පොදු අපේක්ෂකයාට සහාය දැක්වූ වෙබ් අඩවියක නමට සමාන නමකින් රාජපක්ෂලාගේ මුදලින් මඩ වෙබ් අඩවියක් ආරම්භ කර තිබිණ. 

එය දිගින් දිගටම ජනාධිපති මෛත්‍රී ඉලක්ක කරමින් ඉතාමත් නින්දිත ලෙස පහර එල්ල කරමින් සිටි අතර පසුගියදා ශ්‍රීලනිප සුරැකීමේ සංවිධානයේ කැඳවුම් කරු තුසිත හල්ලොලුව මහතා ඉලක්ක කරමින්ද මඩ ප්‍රහාරයක් එල්ල කර තිබිණ. 

...උපුට ගැන්ම අවසන් ...

පසුගිය සමයේ රාජපක්ෂලාගෙන් ඇති පදමට ගරාගත් මෙම වෙබ් මාෆියා කරුවන් දැන් මේ උත්සහ කරනුයේ යහපාලන මාධ්‍ය මිලිටරිකරණයට යට කිරිමට එරෙහිව සටන් වදින අප වෙබ් අධවියේ අයිතිකරුවන් තැනිමට බව ජනතාව තෙරුම් ගත යුතුය.

උඩින් මෛත්‍රීලාගේ යහපාලන මිතුරන් ලෙස පෙනි සිටියද තුසිතලා,සදරුවන්ලා දිය යටින් ගිනී ගෙනයන බව අමුතුවෙන් කිවයුතු නෑ.පසුගියදා මහින්ද -මෛත්‍රී හමුවු අවස්ථාවේ මෛත්‍රීට පොන්නයා යනුවෙන් ඇමතිමට තරම් ලංකා ඊ නිවුස් පහත් තත්ත්වයට ඇද වැටුනේ තුසිතලාගෙම වැඩ නිසා බව දැන් පැහදිලිය.

එම නිසා මෛත්‍රී හා මෛත්‍රීපාලනය වෙනුවෙන් එකතුවු අය දුර සිට්න හතුරාට පෙර ලග සිටින හතුරා හදුනා ගැනිම ජිවිත ආරක්ෂාවට වටින බව මතක තබාගත යුතුය. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Exclusive:පසුගිය දින කිහිපය තුල වැඩිපුරම කතා බහට ලක්වුයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය පිළිබදවයි.විදේශ කටයුතු අමාත්‍යංශයට සිදුවි ඇත්තේ කුමක්ද කියා දැන ගන්නට හැකි එකම පුද්ගලයා එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මංගල සමරවිර වුවද ඔහුගෙන් මේ සම්බන්ධයෙන් කල සැම විමසිමකදිම ඔහු ලිස්සා ගියේ නිකම්ම නොවේ බිම බලාගෙනය.

දැන් ලංකා නිවුස් වෙබ් ටුඩේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය මෙහෙය වන්නා කවුරුන්ද යන්න අනාවරණය කරගෙන තිබේ. ඒ වෙන කවුරුත් නොවේ වට්ටි අම්මා මෙන් තැන තැන ගොස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම රට බෙදුම්වාදීන්ට පාවා දෙන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය ලෙස පත් කරනු ලැබ සිටින මහීෂිනී කොලොන්නේ සිය ප්‍රථම මාධ්‍ය හමුව එම අමාත්‍යංශයේ දී අද පැවැත්වූ අතර ඒ සඳහා සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත එවා තිබූ ආරාධනා පත්‍රය මගින් මාධ්‍යවේදීන්ට කොන්දේසි ගණනාවක් පනවා තිබුනේද ඇයට චන්ද්‍රිකා හරහා ලැබුනු ඔඩර් අනුවය.

නමුත් අද රාජපක්ෂකරණය වූවාට වඩා වැඩි වේගයකින් අද තානාපති සේවය චන්ද්‍රිකාකරණයකට ලක් වෙමින් පවතින බව දැන ගන්නට තිබේ. අද විදේශ අමාත්‍යංශයේ අභ්‍යන්තර පාලනය තනිකරම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කැමැත්තට අනුව සිදුවෙමින් පවතී. මෙම තත්ත්වයට වැඩි බාධාවක් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් නැත. එයට හේතු දෙකකි.

එනම් ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමග සීතල යුද්ධයක් ආරම්භ කර එම තත්ත්වය සමහන් කර ගැනීමේ වෑයමක යෙදී සිටිම සහ තමන් ජනාධිපති පුටුවේ හිඳවන්නට දැඩි වෙහෙසක් ගත් හිටපු ජනාධිපතිණියට විරුද්ධව යාමට ඔහුට ශක්තියක් නැති වීම යැයි කියනු ලැබේ. තමන් අල්ලා ගත් කොටි වලිගයේ ප‍්‍රමාණය අනුව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සිරවී ඇත්තේ මග හිටියොත් තෝ නසියි ගෙදර ගියොත් අඹු නසියි යන පරිසරයකය. තමන්ගේ දේශපාලන ගුරුතුමිය වූ චන්ද්‍රිකාට විරුද්ධව කිසිවක් කරන්නට ශක්තියක් විදේශ ඇමති මංගල සමරවීරට නැත.

මෙම පසුබිම තුළ චන්ද්‍රිකාගේ හැසිරීම මෙසේ විග‍්‍රහ කළ හැකිය. විදේශ ලේකම්වරිය සහ චන්ද්‍රිකා මැතිණිය හා දිගු කලායක සිට මිතුදමක් පවතී. මේ නිසා චන්ද්‍රිකාට තම හිතවතතුන්ට තානාපති පත්වීම් ලබාගත හැකි පරිසරයක් ලේකම්වරිය හරහා සකස් කර ගන්නට හැකි විය. ඒ කෙසේද යත් මෙතෙක් විදේශ අමාත්‍යංශයේ පැවති සම්ප‍්‍රදාය වූ ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් තානපතිවරුන් ලෙස පත් කිරීම අතහැර දෙවන පෙළ නිලධාරීන් පිරිසක් තානාපතිවරුන් ලෙස නම් කර වැදගත්කමෙන් සහ සම්බන්ධතා අතින් අඩු තත්ත්වයක පවතින මැදපෙරදිග සහ ආසියාතික රටවලට යැවීමට හැකි විය. 

විදේශ සේවයට 1996 දී බැඳුණු කණ්ඩායමේ සියලූ දෙනාටම තානාපති තනතුරු ලබා ගැනීමට හැකි විය. මෙය විදේශ සේවා ඉතිහාසයේ පළමු වතාවට වු විරල සිදුවීමකි. විදේශ ලෙක්ම්වරිය විසින් මේ හරහා දුන් පණිවිඩය වූයේ තානාපතිවරුන් ලෙස පත් කිරීමට ඇත්තේ මේ කණිෂ්ට නිලධාරීන් පිරිස පමණක් යන්නය. මේ තුළින් ලෝකයේ ප‍්‍රධාන රටවල්වලට තමන්ගේ හෙංචයියන් රිංගවීමට චන්ද්‍රිකාට හැකියාවක් ලැබිණි. 

මෙම කාලෙකට පස්සේ ලැබූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ඇය තමන්ගේ නැගණීයගේ සැමියාගේ සහෝදරයෙක් ඔස්ටේ‍්‍රලියාවේ තානාපති ලෙස පත් කර ගැනීමට පවා හැකි විය. එසේම තමන්ගේ පුතාගේ එක්තරා විශේෂිත හිතවතෙක් ජපානයේ තානාපති කර ගත්තාය. තමන්ගේ පවුලේ හිතවතෙක් ස්විට්සර්ලන්තයේ තානාපති කිරීමට ද ඇය යෝජනා කර තිබේ. තමන්ගේ හිටපු ලේකම්වරයෙක්, තමන්ට කඬේ ගිය මහාචාර්යවරු කීප දෙනෙක්, තමන්ට නීති උපදෙස් දුන් නීතිඥයෝ පිරිසක් ඇතුලූ අයට තානාපති කම් ලබාදීමට චන්ද්‍රිකා මැදිහත් විය.

මීට අමතරව හිටපු ජනාධිපතිණියගේ ඥාතිවරියකගේ දියණියක විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශිකාව ලෙස පත් කර ගත්තාය. මෙම ප‍්‍රකාශිකාවට ඇත්තේ කුණුගඳ ගසන සේවා වාර්තාවකි. එසේම ඇය දන්නා කෙංගෙඩියක් නැත. ඇය විදේශ සේවයේ සිටින දුර්වලම චරිතයකි. මෙම පත්වීමට අමාත්‍යංශය තුළින් විරෝධතා මතු වුණද මංගලට තම ගුරුතුමියට පිටින් යන්නට බැරිය. දැන් මෙම ප‍්‍රකාශිකාව චන්ද්‍රිකාගේ හයිය අරගෙන අභ්‍යන්තර පාලනයට ඇඟිලි ගසන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. ඒ අනුව තම වියපත් බඹරාට තවත් කාලයක් විදේශ තානාපති තනතුර රැකදීමට ඇය දැන් කටයුතු කරගෙන යන්නීය. ඉතා දූෂිතයෙක් වූ පාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට මංගල ඇමතිවරයාට අවශ්‍ය වුවත් මෙම ප‍්‍රකාශිකාවගේ බලපෑම මත එය කළ නොහැකි වී තිබේ.

රටේ ජනතාව යහපාලකයන් ගොනාට අන්දවා අවස්න් බව දැන් ජනතාව තෙරුම්ගෙන අවසන් ය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව සිංහල බෞද්ධ නොවන බව අපි කල් ඇතිව ම ප්‍රකාශ කෙළෙමු. එහෙත් කිසිවකු එයට සවන්දුන් බවක් නැත. ජූනි 3 වැනි දා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී තහවුරු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එහි සංයුතිය පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී වන බව නිසැක ය. එහෙත් සංධානය කළ යුත්තේ කුමක් දැයි නො දනියි.

මෙරට සිංහල බෞද්ධ වන්නේ සාමාන්‍ය ජනතාවගේ මනසෙහි ය. සාමාන්‍ය දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් පමණක් නොව මුස්ලිම් ජනයාගෙන් යම් ප්‍රමාණයක් ද මෙරට සිංහල බෞද්ධ බව පිළිගනිති. එහෙත් ඔවුන්ගේ නායකයන්වත් සිංහල බෞද්ධයන්ගේ නායකයන් යැයි කියාගන්නා අයගෙන් බහුතරයවත් මෙරට සිංහල බෞද්ධ රටක් බව නො පිළිගනිති. පසුගිය දා විජයදාස රාජපක්‍ෂ කළ ප්‍රකාශය අසාමාන්‍ය එකක් නො වේ. බොහෝ දේශපාලනඥයන්ට හා ඊනියා උගතුන්ට අනුව මෙරට සිංහල බෞද්ධ රටක් නො වේ. උසස් පෙළ පංතිය දක්වා උගත් බොහෝ දෙනා මෙරට සිංහල බෞද්ධ යැයි නොකියනු ඇත. සුචරිත ගම්ලත් නම් ඊනියා උගතාගේ බහට නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි යන ගීතය ගැයීම නැවැත්වූවා ය.  

දැනට ඇති තොරතුරු අනුව ව්‍යවස්ථාදායක සභාව කතානායක සද්ධාචමල්, පික්පොකට් අගමැති, ජනාධිපතිගේ විපක්‍ෂ නායක, චම්පක රණවක, විජයදාස රාජපක්‍ෂ, ආර් සම්බන්දන්, ජෝන් සෙනෙවිරත්න, ඒ ටි ආරියරත්න, රධිකා කුමාරස්වාමි, සහ මුස්ලිම් සිවිල් සාමාජිකයකු යැයි කියාගන්නා අයකුගෙන් සමන්විත වනු ඇත. මේ අයගෙන් කී දෙනකු සිංහල බෞද්ධයනට පක්‍ෂපාති ද, මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නේ ද යන්න ඕනෑම අයකුට සිතා ගත හැකි ය. ඒ ටි ආරියරත්න යාපනයේ දෙමළ වැසියන් වෙනුවෙන්  පෙනී සිටියේ සිංහලයන්ට විරුද්ධව ය. චම්පක රණවක මෛත්‍රිපාලගේ නියෝජිතයා ය. රනිල් බලයට පත්කිරීමට වැඩ කළ ඔවුහු අද දෙමළ ජාතිවාදීන සමග එකට පෙළ ගැසෙති.  පික්පොකට් අගමැති ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. සුභාරංචිය ප්‍රමාණවත් ය. ඊනියා විපක්‍ෂ නායක විපක්‍ෂ වන්නේ විපක්‍ෂයට මිස ආණ්ඩුවට නො වේ. ඉතිරිවන්නේ සද්ධාචමල් පමණ ය. ඔහුගේ බුද්ධාගම සිංහල බුද්ධාගම ද කිරිබත්ගොඩ බුද්ධාගම ද යන්න ප්‍රශ්නයකි. 

මෙරට ප්‍රශ්නය අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට, සිංහල ඉතිහාසයට, සිංහල බහුතරයට හිමිතැන නොලැබීම බව අපි අනේක වාරයක් කියා ඇත්තෙමු. ඉංගිරිසින් 1833 දී දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කළ අවස්ථාවේ දී ද ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවිණි. එහි නිල නොලත් මන්ත්‍රින් හයදෙනාගෙන් තුන් දෙනෙක් පමණක් ලාංකිකයෝ වූහ. ඒ තුන්දෙනාගෙන් එක් අයෙක් සිංහල ද එක් අයෙක් දෙමළ ද අනෙක් තැනැත්තා බර්ගර් ද වූහ. සිංහල බෞද්ධ කිසිවෙක් නො වී ය.  එදා මෙන් ම අද ද අප ආණ්ඩු කරනු ලබන්නේ ඉංගිරිසින් ඇතුළු බටහිරයන් විසිනි. එහෙත් එදාට වඩා අද ඊනියා උගතුන්ගේ, එනම් ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් අයගේ සංඛ්‍යාව වැඩි වී ඇත. එය සිංහල බෞද්ධයන්ට අහිතකර ය.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන ලෙස අප කළ ඉල්ලීම  සංධානය විසින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. ඊනියා සංශෝධනවලට මුවා වී ඔවුහු දහනවයට ඡන්දය දුන්හ. ඔවුන්ගේ එක් සංශෝධනයක් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දෙකකින් වැඩි කිරීම ය. ඒ වැඩි කළ දෙදෙනා සිංහල බෞද්ධයන් නියෝජනය කරන්නේ ද? සංධානයේ මන්ත්‍රීවරුන්ට දැන් කළ හැකි එක් දෙයක් නම් තුන්වැනිදා ට පිටතින් පත්කිරීමට යන නියෝජිතයන් තුන්දෙනා අනුමත නොකර සිටීම ය. එහෙත් බටහිරයන් හා ඉන්දීයයන් විසින් පාලනය කෙරෙන මෛත්‍රිපාලගේ සෙවනැල්ලේ සිටින මන්ත්‍රීවරුන් එයට කැමතිකර ගත හැකි ද? 

නලින් ද සිල්වා

2015 මැයි 29

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක දුරකථනය හරහා කල නියෝගයකට අනුව ඇවන් ගාඩ් සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික නාවික හමුදා නිලධාරී පාලිත පියසිරි ප්‍රනාන්දුට විදේශගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ  (27) අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මලල ක්‍රීඩා උත්සවයක් සඳහා සහභාගි විමට ඇති හෙයින් තමන්ට විදේශගත විමට අවසර දෙන ලෙස පාලිත පියසිරි ප්‍රනාන්දු ඉල්ලා තිබෙන අතර ඊයේ තින්දුව දැනුම් දිමට පෙර දුරකතනයෙන් විනිසුරුවරිය ඇමතු ආරක්ෂක ලේකම්වරයා ඒ සදහා අවසර දෙන ලෙස දැනුම් දි තිබේ.එය තමන්ට් ඉහලින් ලැබුණු නියෝගයක් බවද ඔහු සදහන් කළ බව විනිසුරුවරිය සදහන් කර තිබේ.

රට ගොස් නැවත පැමිණි පසු ජූනි 6වැනිදා තම නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමකින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද විනිසුරුවරිය නියෝග කර තිබේ.

පසුගිය දින 150ක කාලය තුල යහපාලන රජය ඉතා බරපතල ලෙස නීතියට බලපැම් කල අතර තමන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරුන් පත්කර ගැනිම,මාරු කිරිම,නඩු තින්දු වෙනස් කිරිම හා නැති වැරදි පටවමින් අත් අඩංගුවට ගැනිම සදහා නීතිය භාවිතා කල බව පැහැදිලිවම ඔප්පුකර පෙන්වා හමාරය.

පසුගිය කාලසිමාව තුල ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත් කල්ලියක්ද අප අනාවරණය කල අතර එම කල්ලිය තව තවත් වැඩිවි ඇති බව දැන් පැහැදිලිය.කියවන්න - නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග...තව අය ඉන්නවා


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



රනිල් වික්‍රමසිංහ යනු වඳපීදි ගිය පිං ගොයියෙකු බව ජනතා විමුක්ති පෙරමුණට හදිසියේම මතක් වි තිබේ.රනිල් සමග අරලියගහ මන්දිරයේ මධුසමය ගතකල අනුර අරලියගහ මන්දිරයෙන් දොට්ට දැමිමත් සමග රනිල් යනු වඳපීදි ගිය අයෙකු බවත් රටේ ආර්ථිකය අනාථ කර ඇති බවත් ජවිපෙට මතක් වි තිබේ.

නමුත් ජවිපෙ මහා න්‍යාචාරවරුන් යැයි කියා ගත් ගොයියන්නට මතක් කර දිමට දෙයක් තිබේ.එ ඊළග මැතිවරණයෙදි ඡන්දය ඉල්ලාගෙන ගෙදරට එන විට කොසු පාරක් කන්නට වන් බව මතක තබාගෙන පුලුවන්නම් ෆුල් ෆේස් හෙල්මට් තහනම ඉවත් කර ගැනිමට කටයුතු කිරිම අතිශය වැදගත් බවයි.

දැන් රටේ ආර්ථිකය වඳ පීදිලා... වැදගත් ආයතන දේශපාලනීකරණය වෙලා..


ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති 


වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ජනතාව ඡන්දයක් දීලා පත්කරගත්තේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව බලාපොරොත්තුවෙන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි ජනතාව ආර්ථික කාරණා ගැන කතාබහ කිරීම ටිකකට පැත්තකින් තිබ්බා. නමුත් ආණ්ඩුව රටේ ආර්ථිකය අමතක කළයුතු නැහැ. වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය අනාථ කරලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, යහ පාලනය ගැන, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැන කතා කරමින් වෙන වෙන මාතෘකාවලින් මල් පිපිලා වගේ පෙනුනට මේ රටේ ආර්ථිකය වඳපීදිලා ගිහිල්ලා. 

රටේ යහපත් ආර්ථික ගමනක් සඳහා මේ ආණ්්ඩුවෙන් යෝජනා, අණපනත් කිසිම දෙයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ නැහැ. ආණ්ඩුව ගෙනාපු අතුරු අයවැයේ තිබෙන සමහර යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡුා කළයුතුව තිබෙනවා. නමුත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් නැහැ. උදාහරණයක් විදියට පසුගිය අතුරු අයවැයෙන් සමෘද්ධි ලාභීන්ගේ දීමනාව රු.1000 සිට 3000 දක්වා වැඩිකරන්න යෝජනාවක් ගෙනාවා. මහපොල ශිෂ්‍යාධාර රු.5000ක් දක්වා වැඩිකරනවා කිව්වා. නමුත් එම යෝජනා පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කරලා කි‍්‍රයාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒවා අතුරු අයවැයේ යෝජනා පමණක් බවට පත්වෙලා. පාර්ලිමේන්තුව රැස්වෙන්නේ එක එක්කෙනාගේ ඇෙඟ් හයිය, දේශපාලන බලය පෙන්වන්න. කිසිදු ඵලදායි දෙයක් සිදුවෙන්නේ නැහැ. රටේ ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ වැඩකටයුතු නතර වෙලා. එම ක්‍ෂේත‍්‍රයේ සේවය කරපු 70,000කගේ පමණ රැුකියා අහිමි වෙලා. එම ව්‍යාපෘති සඳහා රජයේ ආතනවලින් ගෙවිය යුතු මුදල් ගෙවා ගැනීමේ දුෂ්කරතාවයන් මතුවෙලා. සතොස වැනි ආයතන භාණ්ඩ මිලදී ගැනීම් නතරකොට තිබෙනවා. ජනතාවට අවශ්‍ය බඩු දැන් සතොසේ නැහැ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම අරාජික වෙලා. 

රටේ ආර්ථිකය යහපත් වෙන්න නම් මහබැංකුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතන සකී‍්‍රයව තිබිය යුතුයි. නමුත් මෙම ආයතනවල කි‍්‍රයාකාරිත්වය දැන් රටේ ආර්ථිකය කඩා වැටීම පිළිබිඹු කරන ආයතන බවට පත්වෙලා. ආණ්ඩුවට ආදායම් ගෙන දෙන එම ආයතන කඩා වැටිලා. අරාජික වෙලා. ඒ විතරක් නෙවෙයි, දේශපාලනීකරණය වෙලා. දැන් ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ගැන කතා කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභා හදලා රජයේ සේවය ස්වාධීන කරන්න කතාකරනවා. එහෙම කියන ආණ්ඩුව රජයේ ආයතනවල ඉහල නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න දේශපාලන බලපෑම් කරමින් ඉන්නවා. පහුගිය ආණ්ඩුව කාලේ විණිමය කොමිසමේ මෙවැනි ඉල්ලා අස්වීම් සිදුවුණා. තිලක් කරුණාරත්න සභාපතිධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් පසුව පත්වූ ඉන්ද්‍රාණි සුගතදාසත් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔවුන් අස්වෙනකොට කිව්වා, ‘පෞද්ගලික හේතු මත’ ඉල්ලා අස්වෙනවා කියලා. නමුත් එම පෞද්ගලික හේතු පිටිපස්සේ දේශපාලන කාරණා පෙළ ගැහිලා තිබුණා. පෞද්ගලික හේතු මත කියලා ඉල්ලා අස්වුණු සෑම නිලධාරියෙක්ම පස්සේ දේශපාලන කාරණා පිළිබඳව හෙළිදරව් කළා. 

රටේ ආර්ථිකය බිඳවැටෙමින් තිබෙන මොහොතක රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් පෞද්ගලික හේතු මත කියමින් ඉල්ලා අස්වුණා. මෙම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම තනතුරට පත්වීමේදීත් ඔහුට විවිධ විවේචන එල්ල වෙලා තිබුණා. ඔහුගේ පත්වීම දේශපාලනික හේතු මත සිදුවූවක් බවට චෝදනා තිබුණා. පහුගිය රජයේ පත්වීම් සිදුවුණෙත් ඉල්ලා අස්වීම් සිදුවුණෙත් දේශපාලනික කාරණා මතයි. එම නිසා පහුගිය ආණ්ඩුවෙන් මෙම නිලධාරියා පත්කිරීමේදී දේශපාලන ඇඟිිලි ගැසීම් තිබුණ බව පැහැදිලියි. ඔහුගේ ඉල්ලා අස්වීමට දේශපාලනික කාරණා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. නමුත් අපි කියන්නේ මෙවැනි රටේ වැදගත් ආයතනවල පත්කිරීම්, මාරු කිරීම්, ඉවත් කිරීම් දේශපාලනීකරණය කිරීමෙන් එය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. මොකද මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී බලපාන්නේ දේශපාලනික කාරණා පමණක් නෙවෙයි. මේ රටේ ස්වාධීනව ව්‍යාපාර කරන ව්‍යාපාරික ප‍්‍රජාවක් ඉන්නවා. ඔවුන්ටම ස්වාධීනවූ වෙළදාම්, ආනයන අපනයන ව්‍යාපාර කටයුතු තිබෙනවා. අද ඔවුන්ට තමන්ගේ ව්‍යාපාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට දේශපාලන බලපෑම් බාධා කරමින් තිබෙනවා. ව්‍යාපාරික ප‍්‍රජාව තීන්දු තීරණ නොගෙන වෙන්නේ මොකද කියලා බලාගෙන ඉන්නවා. රටේ දේශපාලන අස්ථාවරභාව ව්‍යාපාරික ප‍්‍රජාවට වදයක් වෙලා. 

පහුගිය ආණ්ඩුව කාලේ විනිමය කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසුව විශාල අයථා ගනුදෙනු ප‍්‍රමාණයක් හෙළිදරව් වුණා. රේගුව මුළුමනින්ම දේශපාලනීකරණය වුණා. එතනෝල් කන්ටේනර් ගණන් රේගුව හරහා එළියට ගියා. කුඩු කන්ටේනර් ගණන් රේගුවෙන් එළියට ආවා. එම ගනුදෙනු පිටුපස දේශපානඥයින්, ඔවුන්ට උදව් කරපු රේගු නිලධාරීන් සිටියා. දේශපාලනඥයින් තමන්ට අවශ්‍ය නිලධාරීන් රේගුවට පත්කරගත්තා. එතනෝල්, කුඩු, කැසිනෝ ආර්ථිකයක් රටේ නිර්මාණය වෙන්න රේගුවේ කටයුතු උදව්වෙමින් තිබුණා. රටේ අගමැතිවරයා පවා කුඩු ගනුදෙනුවලට සම්බන්ධ බවට කරුණු හෙළිදරව් වුණා. දේශපානීකරණය නිසා රේගුව හරහා රටට ලැබීමට නියමිතව තිබූ විශාල මුදල් ප‍්‍රමාණයක් රටට අහිමි වුණා. මේවා සම්බන්ධයෙන් තිබුණ දේශපාලන විවේචන යහපාලනයට ගමනක් ආරම්භ කිරීම සඳහා හේතු කාරණා වුණා. 

ඒ වගේම අද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීම පිටුපසත් දේශපාලන මැදිහත්වීම් සහ විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු එළියට එමින් තිබෙනවා. කරුංකා පුවක් ගනුදෙනුවක් පිළිබඳව දැන් සාකච්ඡාවක් මතුවෙලා. ඒ වගේම ග්ලයිකෝ පොස්පේට් කන්ටේනර් 15ක් රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳවත් පැරණි වාහන ලංකාවට ගෙන ඒමේදී නිකුත් කරන බලපත‍්‍ර ලබාදීම පිළිබඳවත් දැන් විවිධ කතාබහ මතුවෙලා තිබෙනවා. පහුගිය ආණ්ඩුවේ ඇමතිවරුත් තමන්ගේ විෂය පථය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කළා. අද එක්සත් ජාතික පක්‍ෂ පාලනය තුළත් ව්‍යාපාර කරන ඇමතිවරු ඉන්නවා. එක්සත් ජාතික පක්‍ෂයට උදව් කරන්නේත් ව්‍යාපාරිකයෝ. ඔවුන් කරන ව්‍යාපාර සාධාරණද නැද්ද කියන එක වෙනම ප‍්‍රශ්නයක්. නමුත් දේශපාලකයින් ඒ ව්‍යාපාරිකයින්ට උදව් කරනවා. පහුගිය ආණ්ඩුවේ තිබුණු දේශපාලන බලපෑම් අද වෙනත් ආකාරයකින් සිදුවෙමින් තිබෙනවා. 

සප්තා ගිවිසුම අනුව ලංකාවෙන් ඉන්දියාවට කරුංකා පුවක් අපනයනයේදී බදු සහනයක් ලැබෙනවා. එම සහනය පාවිච්චි කරලා දැන් ඉන්දුනීසියාවෙන් කරුංකා පුවක් ලංකාවට ගෙන්වලා ලංකාවේ කරුංකා පුවක් විදියට ඉන්දියාවට පටවන ජාවාරමක් කෙරෙනවා. මොකද ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට කරුංකා පුවක් යැවීමේදී විශාල බද්දක් ගෙවිය යුතුයි. ඉන්දුනීසියාවෙන් ලංකාවට කරුංකා පුවක් ගෙන්වීමේදී ලබාගත යුතු තාවකාලික අපනයන බලපත‍්‍රය මේ අයථා ගනුදෙනුවේදී ලබාගන්නේ නැහැ. ඒවගේම කරුංකා පුවක් ගෙන්වීමේදී ලබාගත යුතු පරිසර බලපත‍්‍රයද ලබාගන්නේ නැහැ. ඒ වගේම ලංකාවට ගෙන්වා ප‍්‍රති අපනයනය කිරීමේදී  ඕනෑම භාණ්ඩයකට මිලක් එකතු කළ යුතුයි. නමුත් මෙම කරුංකා පුවක් ජාවාරමේදී කිසිදු මිලක් එකතු නොකර කන්ටේනරය විතරක් මාරු කර ඉන්දියාවට යවනවා. මේ කි‍්‍රයාවලිය පහුගිය කාලයේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට සම්බන්ධ වයඹ ටේ‍්‍රඩර්ස් ආයතනය මගින් සිදුකරගෙන ගියා. දේශපාලන පත්වීම් ලැබුණු ඉහළ රේගු නිලධාරීන් මෙයට උදව් කළා. මෙම කරුංකා පුවත් ගනුදෙනුවේදී සුළු මුදලක ආදායමක් රේගුවට ලැබුණා. නමුත් එයින් සිදුවන පරිසර හානිය ගැන නොහිතා මෙම ගනුදෙනුව කරගෙන ගියා. පහුගිය කාලයේ අපේ රටේ කෘමි උවදුරක් පිළිබඳව සාකච්ඡුාවක් මතුවුණා. එයට ලංකාවට ආනයනය කරන ශාඛ හා සත්වමය භාණ්ඩ බලපාන බවට කතාබහක්ද මතුවුණා. එම නිසා රටකට භාණ්ඩ ආනයනය කිරීමේදී මුදල ගැන පමණක් නොව පරිසර හානිය සම්බන්ධයෙන්ද සැලකිල්ලට ගත යුතුයි. එම නිසා පසුව මැයි මාසයේ සිට මෙම කරුංකා පුවක් ජාවාරම නතර කරන්න රේගුව තීරණක් ගත්තා. එසේ තිබියදී කරුංකා පුවක් කන්ටේනර් 58ක් නිදහස් කරන්න කියලා දේශපාලන බලපෑම් ආවා. මෙම බලපෑම් නිසා රේගුවේ නිලධාරීන් කළකිරුණා. එම නිලධාරීන්ට තමන්ගේ රාජකාරි කටයුතුවලට බාධා සිදුවුණා. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්වීමටත් මෙම ගනුදෙනුව බලපාලා තිබෙනවා. 

ලංකාවට පැරණි වාහන ගෙන්වීමේදී වසර 3කට වඩා පැරණි වාහන ගෙන්වනවා නම් ආනයන අපනයන පාලකගෙන් විශේෂ අවසරයක් ලබාගත යුතුයි. නමුත් මේ වන විට එම නීති නොසලකා පැරණි වාහන ගෙන්වමින් තිබෙනවා. පහුගිය කාලයේ වගේම මේ ආණ්ඩුව නීතිය ගණන් ගන්නේ නැහැ. ආනයන අපනයන පාලකගේ සීමාවක් නැති අවසරය ඇතිව පැරණි වාහන ගෙන්වනවා. ආණ්ඩුවේ ඇමතිවරු එයට මැදිහත් වෙනවා. ඡුන්දයේදී උදව් ගන්න දැන් තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට උදව් කරනවා. පහුගිය කාලයේ වාහන කොටස් ගෙන්වා එකලස් කිරීමේ මහා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. එම නිසාම වාහන කොටස් ගෙන්වා එකළස් කිරීමේ ව්‍යාපාරයේ සිටින ඇතැම් ව්‍යාපාරිකයින් ඊට එරෙහිව නීතිමය පියවර ගත්තා. එවැනි ගනුදෙනු අදත් සිදුවෙමින් තිබෙනවා. පැරණි වාහන ගෙන්වන බලපත‍්‍රයක් ලක්‍ෂ 09කට පමණ අලෙවි කරන්නත් පුළුවන්. මෙය බරපතල තත්වයක්. මේ නිසාම ඉදිරියේදී ආනයන-අපනයන පාලක පෞද්ගලික හේතු මත යැයි කියමින් කියමින් ගෙදර යන්න පුළුවන්. 

ආණ්ඩුවක් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුත්තේ ව්‍යාපාර කරන දේශපාලඥයින් ගැන හිතලා නොවේ. දේශපානඥයින්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්න ආණ්ඩුවක් ප‍්‍රතිපත්ති සකස් කළයුතු නැහැ. පහුගිය ආණ්ඩුව කාලයේදී කොටස් වෙළඳපොල සම්බන්ධයෙන් ප‍්‍රතිපත්තිමය තීන්දු-තීරණ ගැණුනේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වුවමනාවට අනුවයිි. ඒ නිසා තමයි නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ. දැන් සිදුවන්නේත එයමයි.

මෙවැනි අයථා ගනුදෙනු සිදුවන්නේ දේශපාලන ඇඟලිගැසීම් නිසයි. ජනතාව ඡුන්දය දීලා බලයට පත්කරන ආණ්ඩුවෙන් ව්‍යවස්ථා සංශෝධන සම්මත කරලා කොමිසන් සභා පත්කරනවා. ඒවාට නිලධාරීන් පත්කරනවා. නමුත් ඊට පිටින් දේශපාලන බලපෑම් සිදුවෙනවා නම් කොමිසන් සභාවලින් ඇති වැඬේ මොකක්ද? මේ තත්වය වළක්වන්න මැදිහත් වෙන්න  ඕනෑ. ආණ්ඩුව සිදුකරන දේශපාලන පත්වීම්, මාරු කිරීම්, ඉවත් කිරීම් වහා නතරකළ යුතුයි. රටක ආර්ථිකයේ හදවත බඳු රේගු දේපාර්තමේන්තුව පිරිහුනේ දේශපාලන පත්වීම් නිසයි. එම නිසා රජයේ ආයතනවලට පත්කිරීම්, ඉවත් කිරීම් සඳහා දේශපාලන ඇඟලි ගැසීම් එපා. ඒ නිසා එම ආයතන කඩා වැටෙනවා. රේගුව වැනි ආයතනවල නිලධාරීන් තම රාජකාරි කටයුතු සිදුකරන්නේ ජීවිත පවා අභියෝගයට ලක්කරමින්. අඹේපිටිය වැනි නිලධාරීන්ට ඇසිඞ් ප‍්‍රහාර එල්ල වුණා. ඇතැම් රේගු නිලධාරීන්ට ජීවිත අහිමි වුණා. එවැනි කැපකිරීමකින් වැඩ කරන ආයතනවලට දේශපාලන ඇඟලි ගැසීම් සිදුකිරීම ඉතාම කණගාටුදායක තත්වයක්. මේ ආණ්ඩුවේ මහබැංකු ගනුදෙනුවේදී දකින්නට ලැබුණේ එවැනි තත්වයක්. එම නිසා සුදුසුකම් මත රාජකාරී අවශ්‍යතාවය මත හැකියාව මත ඉහළට එන නිලධාරීන් රාජ්‍ය ආයතනවලට පත්කළ යුතුයි. එසේ නැතිනම් රටේ ආර්ථිකය අරාජික වෙනවා. එම නිසා ආයතන ස්වාධීන ආයතන බවට පත්කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ සඳහා සියලූම දේශපාලන බලපෑම් නතර කළ යුතුයි. 

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්...

පහුගිය ආණ්ඩුවේ රෝග ලක්‍ෂණ, විෂබීජ මේ ආණ්ඩුවටත් තියෙනවා. ඒ ලෙඩරෝග නතර වෙලා නැහැ. පහුගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ වැඩකටයුතුවලත් කිසිදු විනිවිදභාවයක් බලාපොරොත්තු වියයුතු නැහැ. තාවකාලික ඔළුගෙඩි මාරුවකින් යහපාලනයක් හදන්න හෝ රටක් වෙනස් කරන්න බැහැ. මේ ජරාජීර්ණ වෙලා තිබෙන සිස්ටම් එකේ දිගටම සිදුවෙන්නේ එකම ජාතියේ කි‍්‍රයාවලියක්. පහුගිය ආණ්ඩුවේ තිබුණු මූණූ වෙනුවට අලූත් මූණු ටිකක් මාරුවෙලා තිබෙනවා. වෙන කිසිදු වෙනසක් සිදුවෙලා නැහැ. 
ජාතික විධායක සභාව දින 100න් පසු අවසන් වෙනවා. දින 100න් පසු ජාතික විධායක සභාවේ කටයුතු බලාපොරාත්තු විය යුතු නැහැ. ජාතික විධායක සභාවෙන් ගත් තීන්දු තීරණවල යම් දිගුවක් තියෙන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ පනත, මන්තී‍්‍රවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය, 19වන ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා පත්කිරීම වැනි දේ ජාතික විධායක සභාවෙන් යෝජනා කරලා සාකච්ඡුාවකට බඳුන්කර අවසන්. ඒවා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට සහ කැබිනට් මණ්ඩලයටයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජාතික විධායක සභාවත තුළ සාකච්ඡුාවක් නැහැ. ගැටලූව තිබෙන්නේ එසේ යෝජනා කළ වැදගත් අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නේ නැති එකයි. එම නිසා ආණ්ඩුවේ වැඩකටයුතු ජාතික විධායක සභාවට පවරාගන්න බැහැ. එහි වගකීීම තිබෙන්නේ ආණ්ඩුවටයි. 

මුල සිටම අපි නව මැතිවරණ ක‍්‍රමයක් සම්බන්ධයෙන් සාකච්ඡුා කළා. මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අපේ එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපි ප‍්‍රායෝගිකව කළ හැකි යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡුා කිරීමයි. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ එපා වාහෙට හොදි බෙදනවා වගේ මේ යෝජනා එහාට, මෙහාට දාන එකයි. අපි හිතන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ ඡන්ද ක‍්‍රමය ගැන සාකච්ඡුා කරලා තිබෙනවා. දැන් කළ යුත්තේ එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිත්කොට සම්මත කරගැනීමයි. ඒක සිදු නොකරන එක ආණ්ඩුවේ ප‍්‍රශ්නයක්. ආණ්ඩුව අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ එකඟතාවයකට එන්න  ඕනෑ. මොකද, අප ඉදිරිපත්කර තිබෙන්නෙත් ප‍්‍රායෝගිකව කරන්න පුළුවන් යෝජනා. ගමේ ජනතාවට තමන් කැමති කෙනා ජනතා නියෝජිතයා ලෙස පත්කර ගැනීමේ අයිතිය තිබිය යුතුයි. ඒවගේම රටේ ජනතාවට රටේ පාලනයට අවශ්‍ය කෙනා තෝරා පත්කර ගැනීමේ අයිතිය තිබිය යුතුයි. නමුත් එක ඡුන්ද පති‍්‍රකාවකින් ඒක කරන්න බැහැ. ඒ නිසාම අපි සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනාවලට මහජන නියෝජිතයින්ගේ කැමැත්ත ලබාගන්න එක ආණ්ඩුවේ වැඩක්. 




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
-
ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කූට ලේඛන පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය විය. ඒ "නහී වේරේන වේරානී" බණ පදයෙන් ආරම්භ කළ යහ පාලන ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමඟ ගිනි කන්දක් පුපුරා ගියා සේ වෛරය, පළිගැනීම නමැති ලෝ දිය රට පුරා ගලන්නට වූ හෙයිනි.

ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ මහින්දගේ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයින් අත් අඩංගුවට ගන්නා බවට සපථ කළ ද අත් අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක සහ ශෂී වීරවංශ ය. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව කූට ලේඛන සෑදීමයි. තිස්ස අත්තනායක ව්‍යාජ මෛත්‍රී-රනිල් ගිවිසුමක් හැදූ බවට චෝදනා කළ ද ඒ ගිවිසුමේ තිබුණු කරුණු සත්‍ය බව යහ පාලන ආණ්ඩුව දින 100 තුළ ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් ය. ශෂීට එල්ල වී ඇති චෝදනාව පිළබඳ අධිකරණයේ නඩු ඇසෙමින් පවතී.

එහෙත් ශ්‍රී ලාංකේය මහා සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපවලට කේ. පී. පද්මනාදන්ගේ හිස සවි කර පාඨලි චම්පික රණවක කළ මහා කූට ලේඛන වංචාව සඳහා යහ පාලන ආණ්ඩුවේ දඬුවම වූයේ ඔහු නැවත විදුලි බල හා බලශක්ති ඇමති ධූරයෙහි පිහිටුවීම ය. තමන් කූට ලේඛන හැදූ බව පිළිගත් වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවේ විධායක සභාව නම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ආයතනයේ යෙහෙන් වැජඹෙයි. තමන් කූට ලේඛන මිටි ගණන් හැදූ බව පිළිගත් යහ පාලන පෙරගමන්කරු උපුල් ශාන්ත සන්නස්ගල ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල සුපිරි තරුව බවට පත්ව බබළයි.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කෘති නීති විරෝධි ලෙස මුද්‍රණය කිරීමේ වරදට ලක්ෂ 7.5 වන්දි ගෙවූ සන්නස්ගලයෝ පියසේන කහඳගමගේ සූරීන්ගේ පොත් හොරට මුද්‍රණය කොට බෙදා හැරීම පිළිබඳ සමාව ඉල්ලා කහඳගම සුරීන්ට ලිපියක් යැවූහ. සන්නස්ගලයෝ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ග්‍රන්ථ 11ක් කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති තවමත් මුද්‍රණය කරන බව ගම්ලත් මහතාගේ බිරිඳ සේපාල් අමරසිංහයන්ට පවසා කළ හැකි දෙයක් නැතිව දුක් වෙත්. ගම්ලතුන්ගේ මහාර්ඝ ශබ්දකෝෂයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳ නඩුව තවමත් අධිකරණයේ ඇසෙත්.

මේ අනුව යහ පාලන සුපිරි තරුව සන්නස්ගලයන් තරම් කූට ලේඛන පිළිබඳ කුප්‍රකට චරිතයක් ලොව ඇතැයි මම අසා නොමැත. එහෙත් සන්නස්ගලයන් මෙවැනි වංචාකාරයෙකැයි නළුවෙක් නොවන මොළයක් බව කියන, හොර බොරු වංචාවලට කිසිදා ඉඩක් ලබා නොදුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දැන සිටියේ නැත. ඒ වරද සැලවූ වහා ම යහ පාලන ආණ්ඩුව තරාතිරම නොබලා සියලු වැරදිකරුවන් අල්ලා සිරගත කරන බව නැවත වරක් සනාථ කරමින් උපුල් ශාන්ත සන්නස්ගලයෝ එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධූරයෙහි සිරගත කළේ ය.

මෙලෙස නැවත නැවත යහ පාලන නීතිය සැමට එක බවත් නීතියට උඩින් කිසිවෙකුට ක්‍රියාත්මක විය නොහැකි බවත් අකනිටා බඹලොව දක්වා විහිද පැතිරවූ යහ පාලන ආණ්ඩුව දිගුකල් දිනේවා!

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මිලග මහා මැතිවරණයකදි අනිවාර්යයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි  එම්.ඒ සුමන්තිරන් පරාජය කිරිමට කටයුතු කරන ලෙස ඊළාම් මාතෘ භූමියේ සියලු දෙනාටම නියෝග කරන බව චාල්ස් ඇන්තනී බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.

ද්‍රවිධ ජාතික සංධානය හේවත් TNA ඉන්දිය රජයේ නියෝග නොසලකා හරිමින් යුරෝපා රටවලට අවශ්‍ය අකාරයට කටයුතු කිරිම හේතුවෙන් TNA සංවිධානය 3කට කැඩිම සදහා රෝ සංවිධානයට පවරා ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් පසුගිය පෙබරවාරියේ අනාවරණය කර සිටියා. එම පුවත කියවන්න - TNA තුනට කැඩේ - අපේ එකඟතා කැඩුවා

උපුටා ගැන්ම චාල්ස් ඇන්තනී බලකාය නිවේදනය


ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතිකයින් වන ඔබලා ඉතා වැදගත් තීරණයක් ගත යුතු අනිවාර්ය තත්වයකට පැමිණ ඇත. ඔබලා ගන්නා මෙම තීරණාත්මක තීරණය අනාගතයේදී ඔබලා සඳහා වන හොඳ නරක තීරණය කරනු ඇත.

අද ඊළමෙහි බොහෝ දෙමළ ද්‍රෝහි පක්‍ෂ තම පැවැත්ම වෙනුවෙන් තම පැරණි ප්‍රථිපත්ති වෙනස් නොකර මේ දක්වාම අධිෂ්ඨානශීලීව සිටියි. ඔවුන් එලෙස ප්‍රථිපත්තියෙහි නොවෙනස්ව සිටින විටදී දෙමළ ජාතික සන්ධානය කෙරෙහි විශ්වාසයක් නොමැති වෙනත් පක්‍ෂ වලට සමාන පුද්ගලයෙකු සිටින්නේ නම්, ඔහු දෙමළ ජාතික සන්ධානය අත්හැර අනෙකුත් දේශද්‍රෝහි පක්‍ෂ වලට සම්බන්ධ වුවහොත් ඔවුන්ට එහිදී මහා ගෞරවයක් ලැබෙනු ඇති අතර එම පක්‍ෂය තුල ප්‍රබලයෙකු ලෙස සලකණු ඇත.

එය නොකර, දෙමළ ජාතික සන්ධානය දුර්වල කිරීම සඳහා විකල්ප පක්‍ෂ වලට නොවෙනස් ප්‍රථිපත්තියක සිටින සුමන්දිරන් වැනි පුද්ගලයින් පිළීබඳව දෙමළ ජාතික සන්ධානය තම දෑස් වසාගෙන ඕනෑම අයෙකුට පක්‍ෂයට සම්බන්ධ වී ඕනෑම දෙයක් ප්‍රකාශ කල හැකිය යන ප්‍රථිපත්තිය අත්හැර ශක්තිමත් දේශපාලන සටන්කාමීන් ඇතුලත් කරගැනීමටත්, තෝරා ගැනීමටත් කටයුතු නොකරන තත්වයේදී ජනතාව වන ඔබලා වැරදි නිවැරදි කිරීම සඳහා මොවුන්ගේ පැවැත්ම විනාශ කිරීමට ඔබලාගේ ඡන්දය ඔවුන්ට දඬුවමක් බවට පරිවර්තනය කරගෙන දඬුවම් කල යුතුය.

එබැවින්, පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය තුලින් පසුගිය කාලයේ ඔබගේ දැක්මටත්, අත් දැකීමටත් ද්‍රෝහිකම් කල කිසිවෙකුට අනුකම්පාවක් ‍නොදක්වා ඔවුන්ට ඡන්දය ලබාදීමෙන් වැලකී, ඔවුන්ව දෙමළ ජාතික සන්ධානයෙන් පලවා හරින්න. ස්තූතියි චාල්ස් ඇන්තනි බලකාය

උපුටා ගැන්ම අවසන් 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Exclusive: යාපනය-පෙදුරුතුඩුව කිට්ටු පාර්ක් ආසන්නයේ කුඩා නිවසක ආයුධ සහිත සිටි පුද්ගලයන් 2 දෙනෙකු පසුගියදා කොළඹ සිට ගිය විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව උතුරේ හමුදා ප්‍රධානියෙකු අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පොලිස් ස්ථානයක් දැනුවත් නොකර ඇති අතර ඔහුන් රහසේම කොළඹට රැගෙන විත් තිබේ. තොරතුරු ලැබුනු සැනින් බලාපොරොත්තු වන්න.....

මේ අතර දීර්ඝ කාලයකට පසු ඊයේ 26 දින පෙරවරුවේ මඩකලපුව මන්ඩූර් ප්‍රදේශයේ සමාජ සේවා නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශ අනතුරු අගවා තිබේ. 

නාවින්දවෙලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ සමාජ සේවා නිලධාරී ‘මදිදයාන්’ මෙලෙස වෙඩිතබා ඝාතනය කර තිබේ.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් අද දමිළ මාධ්‍ය සියල්ලක් මෙන්ම තමිල්නාඩුවේ මාධ්‍ය රැසක්ද වාර්තාකර තිබු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය අවධානයෙන් සිටිය යුතු බව ඉන්දිය LNW විශේෂ වාර්තාකාරිණි  ආසෝ ඛාන් (Aazo Khan) අවධාරණය කර සිටි.

රට තුල යහපාලනයක් ඇති වූ බව ප්‍රකාශ කරන මෙම කාලයේදී සිදුව ඇති මෙම ඝාතනය දෙමළ ජනතාව තුල බොහෝ සැකයන් ඇති කරවා ඇති බවත් මෙම ඝාතනයේ සැලසුම්කරුවන් අත් අඩංගුවට ගැනීම පැහැර හැරියහොත් නැගෙනහිර පළාතේ ජනතාව නැවතත් අවි සංස්කෘතිය තුලට තල්ලුවන අතර, නැගෙනහිර පළාතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් වන සියළු කටයුතු බිය හේතුවෙන් අක්‍රීය වනු ඇත යන්න යථාර්තය වේ. යනුවෙන් සැම පුවතකම සදහන්ව තිබු බවයි ඔහු අවධාරණය කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com