Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ඩයස්පොරාව සහ උතුරේ කොටි හිතවාදින් හමුදාව පැන්නිමේ කුමන්ත්‍රණයක

උතුරේ ආරක්ෂක හමුදා සම්පුර්ණයෙන් ඉවත්කර ගැනිම සදහා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් දෙමළ ඩයස්පොරාවේ මෙහෙය විම මත ක්‍රියාත්මක වෙමින් සිටින බව අනාවරණය වි තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ගෝලීය දෙමළ සංසදය සමඟ ලන්ඩනයේදී පැවැත්වූ සාකච්ඡාවේදී ගත් තිරණයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට දෙමළ ඩයස්පොරාව උතුරේ කොටි හිතවාදින්ට උපදෙස් ලබාදි තිබේ.

ඒ අනුව මේ වනවිටත් උතුරේ කණ්ඩායම් සිය මෙහෙයුම ආරම්භකර ඇති අතර ඒ අනුව හැකිතාක් උතුරේ හමුදා කණ්ඩායම් අප්‍රසාදයට ලක්වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිටි.අදළ ප්‍රකාශයන් ජාත්‍යන්තර වෙබ් අඩවි මෙන්න පුවත් පත් ඉලක්ක කර පලකිරිමටද ඔහුන් කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර වලිගාමම් උතුර හමුදා අධි ආරක්‍ෂක කලාපයේ ඇති ජනතාවගේ නිවාස බිඳ දමන හමුදාව, එහි ඇති ළිං වසා දමන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අප්පාතුරෙයි විනායගමූර්ති චෝදනා කරමින් නිවේදනයක් ජාත්‍යන්තරයට නිකුත් කර තිබේ.

මේ අතර ගෝලීය දෙමළ සංසදය සමඟ ලන්ඩනයේදී පැවැත්වූ සාකච්ඡාවේදී, එක් රටක් තුල විසඳුමක් දැකීමටත්, අනාගතයේදී ප්‍රචණ්ඩත්වයට යොමු නොවන බවට ප්‍රසිද්ධ පොරොන්දුවක් ගෝලීය දෙමළ සංසදයෙන් ලබාගැනීම සම්බන්ධයෙනුත් සාකච්ඡා කළ බව මංගල සමරවීර කල ප්‍රකාශය මුලුමනින්ම අසත්‍යක් බව අප ජාත්‍යන්තර වාර්තාකරු සදහන් කළා.

මේ අතර නීතිඥ ගුරුබරන් කුමාරවඩිවේල් තම ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන පහත පරිදි වේ.


"ගෝලීය දෙමළ සංසදය සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම සඳහා වන කොන්දේසියක් ‍වශයෙන් ‘එක් රටක් තුල විසදුමක් දැකීමට එකඟවන්නෙමු’ යනුවෙන් ගෝලීය දෙමළ සංසදය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලයුතු බව මංගල සමරවීර ප්‍රකාශ කර ඇත. (ඔවුන් වෙත පනවා ඇති තහනම ඉවත් කිරීම සඳහා වන කොන්දේසියක්ද විය හැකිය"

"වෙනම රටක් ඉල්ලීම අත්හැරීමට පිළිතුරු වශයෙන් ඒකීය රාජ්‍යයක් යන්න අත්හැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට මංගල සමරවීර සූදානම්ද? ‘ප්‍රචණ්ඩත්වය අත්හරින්නෙමු’ යන්නට පිළිතුරු වශයෙන් ‘හමුදාව ඉවත් කරගන්නෙමු’ යනුවෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට මංගල සූදානම්ද? මෙය ගෝලීය දෙමළ සංසදය විමසුවාද? නොමැතිනම් සුපුරුදු ලෙස ඒකපාර්ශවීය සාකච්ඡාව (one way monologue) අපගේ රාජතාන්ත්‍රික කමද? එය රාජතාන්ත්‍රික කම නම් කිසිවක් නොදන්නා ළදරු ප්‍රශ්ණ ලෙස සැලකිය හැකිය."

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments