Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

මහ බැංකු අධිපතිවරයා ලෙස  අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගැනිම හා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා කෝටි ගණනක මුල්‍ය වංචාවක් කල පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ හෙංචයියන් යොදාගනිමින් අර්ජුන් ගලවා ගැනිම පසුපස සත්‍ය කතාව අනාවරණය කරගැනිමට අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරුවෙකුට හැකි වි තිබේ. එනම් මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බවයි.

පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.

මේතාක් කාලයක් රටේ ජනතාව නොමඟ යවමින් මිස්ටර් ක්ලීන් යනුවෙන් තමන්ගේ දෑතම පිරිසිදු බව පෙන්වමින් මේ ආකරයේ ගේම් ගණනාවක්ම රනිල් ගසන්නට ඇති බව දැන් අමුතුවෙන් කිවයුතු නෑ.

<<<<<තවත් තොරතුරු බලාපොරොත්තු වන්න >>>>>

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට රුපියල් කෝටි 23ක් සහ තවත් වරප්‍රසාදන් රැසක් ලබාදි නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට ලවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට මඩ ගසන්නට ගිහින් පිචංවු ජේ.සී. වැලිඅමුණට අද ලැජ්ජාව වසා ගැනිම සදහා මෛත්‍රී ජනපති තවත් තනතුරක් ලබාදි තිබේ.

රාජ්‍ය දේපළ නැවත පවරා ගැනිමේ කාර්‍යය සාධක බලකාය නමින් නම්කරන ලද රාජපක්ෂ විරෝධි මෛත්‍රී බලකායකට ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ කමිටුව නියෝජනය කල පිරිසක් පත්කර තිබේ.

මෙම කණ්ඩායමට නිශ්චිත වැඩ කොටසක් පවරා නැති අතර වරප්‍රසාදයන් රැසක් පමණක් අද සිටම භුක්ති විදිමට ඉඩ සලසා ඇති බවද වාර්තා වේ.

වැලිඅමුණගේ රෙදි ගැලවේ-රුපියල් කෝටි 23කට හැදු යහපාලන අපරාධ වාර්තාව මාට්ටු

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.

එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

කෙසේ වුව ද වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පාරම්බාන සිරිසේන ජනාධිපතිවරයා, ඔහු ගෙනා ඊනියා නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කළ පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීම අප අවබෝධ කර ගන්නේ කෙසේ ද? ජනාධිපතිවරණයේ දී තමන්ට එරෙහි වූ පිරිස සහිත පක්ෂයට පැමිණ එහි නායක පුටුවේ වාඩිවීම ලොව කවර නම් නිවහල් නායකයෙකු කර තිබේ ද? සන්ධාන පාර්ලිමේන්තු සහ සියලු ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ කැමැත්ත විමසා ඔහුට පක්ෂ නායකයා විය හැකි ද? ඔහු සැබවින් ම කර ඇත්තේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් මත සිය නායකත්වය පිහිටුවා එම ජනතාව වහලුන් බවට පත් කිරීම නොවේද? වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පවසා රට ඉන්දියාවේ සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර වහල් දේශයක් බවට පත් කර ශ්‍රීලනීපය ප්‍රමුඛ සන්ධානය වහල් පක්ෂයක් බවට පත් කිරීම පමණි ඔහු කර ඇත්තේ.

බටහිර සුවච කීකරු ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ද වසර 20ක් තිස්සේ වහල් හිමියෙකු ලෙස නතැහොත් නියෝජිතයෙකු ලෙස එජාපය පාලනය කරමින් සිටී. එය උපන්ගෙයි ම බටහිර වහලුන්ගේ පක්ෂය හෙයින් එහි ඇති අරුමයක් නැත. එහෙත් ඒ වහල්භාවයට එරෙහිව මතු වූ ජනතා බලය සහිත පක්ෂය ද අද වහල්භාවයට ඇද දමා තිබේ. ජාතිය අමතනවා යැයි කියා ජනපති විසින් කරන ලද්දේ විධායක ජනාධිපති ධූරයේ බලය පාචිච්චි කරමින් ඩැහැ ගත් පක්ෂයේ සාමාජිකයින් සහ ජනතා නියෝජිතයින් වහලුන් යැයි අවමානයට ගැරහුමට පාත්‍ර කිරීම පමණි. එසේ අවමාන කරන්නේ 58 ලක්ෂයක් ජනතාව වහල්භාවයට ඇද දැමූ වහල් හිමියා ය. නැත වහල්හිමියාගේ ටොමියා ය. එහෙයින් එය ජාතික ඇමතිල්ලක් නොව හැමිනිල්ලකි.

'අප්පා මළයි!' ගෑ විට බලු කෙඳිරිල්ල
විසිකර ඇමති කටු නිවටුන් කර මෙල්ල
වහලුන් කියා ගැරහුම නිවහල් ගොල්ල
ඇමතුම නොව බොලවු! ජාතික හැමිනිල්ල

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පහුගියදා මහජන අවධානයට ලක්වු මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා එක්සත් ජාතික පක්ෂ රජය හත්පොලේ ගා ගත් බව මුලු රටම දනී.. යහපාලන නම්බුව බෙරා ගන්නටනම් කල යුතුව තිබුන හොඳම දෙය අතටම අහු උන මහ බැංකු ලොක්කා අර්ජුන මහෙන්ද්‍ර පිට වරද පටවා රජය සායම බේරා ගැනීමය.

එහෙත් ඇස්පනාපිට පෙනෙන හොරකමක් වසාදමන්නට නිශ්ඵල උත්සාහයක යෙදෙමින් රනිල් හා රවී දෙදෙනා තවමත් මහ බැංකු අධිපති ආරක්ෂා කරන්නට කල හැකි සියලු දේ කරන්නේ මෙම සිද්ධිය පිටුපස පෞද්ගලික වංචාවකට වඩා මහා බයානක සහ හිරිකිත පක්ෂ දේශපාලනයක්ද ගෑවී තිබෙන නිසා නොවේද ?. මෙම අතුලාන්ත කතාව මහජනයාද දැන ගත යුතුය.  මේ පිලිබඳව දැනට හෙලිදරව්වී ඇති කරුණු කිහිපයක් පහත දැක්වේ.

පහුගිය ජනාධිපතිවරනයට විදේශ රටවලින් ලැබුන මුදල කලමනාකරණය කලේ එක්සත් ජාතික පක්ෂයය්. සිංගප්පුරුවේ සිට විටින් විට සිංගපූරුවට එන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරින් හා හිතමිතුරන් අත මෙම මුදල් ලංකාවට එවන ලදී.  ප්‍රචාරන කටයුතුවලට හා ආන්ඩු පක්ෂ ඇමතිවරු/මන්ත්‍රීවරු බිලී බා ගන්නට ලෝස් නැතුව වියදම් කලේ මේ මුදලුය්.  බොහෝ විට ලංකාවේ සිටි ව්‍යාපාරිකයෙකු පිටරටින් මුදල් එන පොරොන්දුව පිට මෙහි වියදම් දැරූ අතර ප්‍රචාරක කටයුතු කරන ලද්දෙද දෙන්නම් කාසි වලටය.

එහෙත් චන්දය අවසන් වී ගනන් හිලව් හදද්දී පෙනී ගියේ අය හා වැය අතර බිලියන ගනනක පරතරයක් තිබෙන බවය්. සුපුරුදු පරිදි අතරමැදියන්  සල්ලි යටිමඩි ගසා තිබුනි.

ජයග්‍රහනයෙන් පසු මෙම ගනන් හිලව් පියවීමේ ප්‍රධාන වගකීම පැවරුනේ මුදල් අංශය බාරව සිටි රනිල්,  රවි හා අර්ජුනටය්. ඔවුන් තීරණය කලේ මේ සා විශාල මුදලක් ඉක්මනින් පියවීමට හොඳම ක්‍රමය එය රජයේන් හොරකම් කිරීම බවය්. බොහෝ දෙනෙකුගේ විරුදධත්වය මැද විදේශිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙසත්,  මුලු රටම දන්නා පට්ට හොරෙක් වන රවි කරුණානායක මුදල් ඇමති ලෙසත් රනිල් පත්කරන්නේ මේ සුසංයෝගය රජයේ මුදල් කොල්ලකෑමටනම් අත්‍යවශය නිසාය. මීට වසර 10 කට පමන පෙර මිලියන 300 ක විදේශ විනිමය වංචාවකට රවී අසුවු වෙලාවේත් ඔහුගේ හොර සගයා වුයේ අර්ජුන මහෙන්ද්‍රය. ඔහු එම නඩුවට අසු නොවුයේ සිංගප්පුරු පුරවසියෙකු වීම නිසාය. ඉතින් මේ හොර ඩබලට ලංකාවේ ආර්ථිකය බාර දෙන්නට රනිල් තීරණය කලේ ඒ අනුවය.

අර්ජුන මහෙන්ද්‍රන්ගේ බෑනා වන තවත් කුප්‍රකට මුල්‍ය වංචා කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය හරහා පෙබරවාරි 27 වෙනිදා මහ බැංකු බැඳුමකර හරහා රුපියල් බිලියන් 13 ක පමන වංචාවක් මේ හොරු නඩය සැලසුම් කරන්නේ ඒ අනුවය.

කිසිවෙකුටත් අසුනොවෙතැය් ඔවුන් සිතූ හොරකම කල ආකාරය බුද්ධිමත්ව සිතන්නෙකුට වටහා ගැනීම ඉතා සරලය. එහි පියවර කිහිපයක් ඇත.

රුපියල් බිලියන 1 ක බැදුම්කර පෙබරවාරි 27 මිලදී ගන්නාබව මහ බැංකුවේ ලියා පදිංචි තැරව්කාර සමාගම් 13 ට දින දෙකකට පෙර දන්වනු ලැබේ. මහ බැංකුව ඔවුන්ට කියන්නේ සාමාන්‍යයෙන් 9% ක පමන් පොලියක් ගෙවන්නට මහ බැංකුව සූදානම් බවය්. ඉතින් මෙ සියලු දෙනා  ( අර්ජුන් අලෝසියස්ගේ සමාගම හැර ) ලන්සු තබන්නේ සුලු මුදලක් අඩු පොලියට මහ බැංකුවට ණයට දෙන්නටය.

එහෙත් මාමා එදාට බිලියන 10ක ලංසු බාරගන්නා බව බෑණා පමනක් දනිය්. ඒ නිසා ඔහු බිලියන 8 ක් පොලියට දීමට ලංසු තබය්. ඔහු ඉල්ලන පොලිය ඉතා ඉහල 12.5% ක පොලියකි.

මේ මුදල්ද ඔහුගේ මම අප්පාගේ බුදල් නොවේ. එයින් වැඩි හරිය ඔහු 8% පොලි‍යට එදා උදේ ලංකා බැංකුවෙන් ණයට ගත් මුදල්ය. වැඩි පොලියට මහ බැංකුවට ණයට දෙන්නට  අඩු පොලියට ලංකා බැංකුවෙන් අර්ජුන ඇලෝසියස්ට ණයක් දෙන්නේ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීට ඉහලින් ආ නියෝගයක් අනුවය.

බිලියන් 1ක් වෙනුවට බිලියන 10 ක් දක්වා ණය ගැනීමට මහබැංකුව සූදානම් බව ප්‍රකාෂ වන්නේ වෙන්දේසිය අතරමැදය. අඩු පොලියට ඉදිරිපත්වූ ලංසු කිහිපය අවසන් වූ පසු මහ බැංකුවට ගන්නට ඉතුරුව ඇත්තෙ 12.5% ගිනි පොලියට දෙන අර්ජුන ඇලෝසියස්ගේ ණය පමනි. මේ ලාබය එක වසරකට නොවේ අවුරුදු 30 කටය. කොහොමද ටිකිරි මොලේ.

යහපාලන හොර නඩය එක දවසක් ඇතුලත බිලියන ගනනක්  සෙව්වේ මේ ආකාරයටය. එයින් කොටසක් පක්ෂයේ ණය බේරීමට යන අතර ඉතුරු ටික යන්නේ කාගේ කාගේ සාක්කු වලටදයි විශෙෂ්යෙන් පහදා දෙන්නට අවශ්‍යතාවක් නැත.

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
වසර ගණනාවක් මේ රට විනාශ කල දැන් යහපාලන ආණ්ඩුවේ පත්තිනි අම්මාගේ චරිතය රඟන හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ කැරැට්ටුව අද අල්ලස් කොමිසම හමුවේ කල පැමිණිල්ල හමුවේ අනාවරණය වි තිබේ.

හිටපු ජනාධිපතිනිය ඇතුළු පාර්ශවකරුවන් වසර හතකට පෙර ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10ක් නැව්වලට තෙල් සැපයීම සඳහා පුද්ගලික අංශයට පැවරූ ආකාරය නීති විරෝධි යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළත් හත් වසරක් යනතුරු ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර යහපාලන ආණ්ඩුවට කොන්දක් තියෙනවානම් දැන් චන්ද්‍රිකාට විරුද්ධව කටයුතු කර පෙන්විමට හැක.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කෝටි 4500 ක මහා කොල්ලයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 දෙනකු අත්සන් කරන ලද යෝජනාව හේතුවෙන් අර්ජුන් ඉවත් කිරිමට සිදුවන නිසා ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිම හැර වෙන කරන්නට දෙයක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රවි කරුණානායකට පවසා තිබෙන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුල තිබෙන තත්ත්වය අනුව මෙම යෝජනාව අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන නිසා විසිරුවිම හැර වෙනත් විකල්පයක් නැති බවයි රනිල් පෙන්වා දි ඇත්තේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රුපියල්  කෝටි 4500 ක මූල්‍ය වංචාවක්‌ සිදු කර ඇති අයකු බවත් එවැනි පුද්ගලයකු එම තනතුරෙහි තබා ගැනීම නුසුදුසු බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 දෙනකු අත්සන් කරන ලද යෝජනාවක්‌ පෙරේදා (28) කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත භාරදි තිබේ.

එම අදහස එම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉතා ඉක්‌මනින් සම්මත කරගත් පසු ජනාධිපතිවරයා මැදිහත්වී මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හැකි වනු ඇති බවයි ශ්‍රිලනීප මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ.

ඩලස්‌ අලහප්පෙරුම, විමල් වීරවංශ සහ බන්දුල ගුණවර්ධන යන් මන්ත්‍රි කණ්ඩායම එම යෝජනාව කථානායකවරයා වෙත භාරදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
තමන්ගේ දේශපාලන තින්දුව ප්‍රකාශ කිරිමට කල්මරමින් සිටිනුයේ මැතිවරණයක් නොකැදවා තිබෙන් අවස්ථාවක තින්දුව ප්‍රකාශ කලහොත් තමන්ගේ විරුද්ධවාදින් එය පාවිච්චි කරමින් තමන්ට මඩ ගැසිමට සුදානමින් සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තම සමිපතමයෙකු සමග පවසා තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ සහයෝගය අවශ්‍ය බවට ප්‍රකාශ නිකුත් කරමින් මහින්ද හමුවිමට මෛත්‍රිපාල සිරිසේන සුදානමින් සිටින බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව සහ ඇතැම් මාධ්‍ය මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පලකරන මාධ්‍ය වාර්තා පිළිබඳව කල විමසිමකදි ඔහු මේ බව පවසා තිබේ.

තමන් දේශපාලනීකව රටේ ජනතාව වෙනුවෙන් අතිශය වැදගත් තින්දුවක් ගැනිමට දෙවරක් නොසිත්න බවත් ඒ සදහා සුදානමින් සිටින බවත් පක්ෂයත්,රටත් දිනවිමට ලගදිම කටයුතු කරන බවද හිටපු ජනපති පවසා තිබේ.

මේ අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ බොහෝ විට මැයි දෙවන සතියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය නිළ මාධ්‍ය සාකච්ඡාව පැවැත්විමට සුදානමින් සිටින බවයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. අප අකමැති වුවත් එය අගමැතිකමට කෑදරවී පක්‍ෂය අතහැර ගිය මෛත්‍රිපාලගේ ජයග්‍රහණයකි. ජනමාධ්‍ය ඔස්සේ අද ඔහු සියල්ල අත්හැරි බෝසතාණන් කෙනකු බවට පත්කිරීමේ වෑයමක් ඇත. සංධානය පළමුව කළ යුත්තේ මෛත්‍රිපාල පක්‍ෂයට ද්‍රෝහි වූ බලලෝභී පුද්ගලයකු බව ජනතාවට හෙළිදරවු කිරීම ය.

අප පසුගිය කාලයේ ඇතැම් දේ නොකීවේ එසේ කීම මහින්ද රාජපක්‍ෂ සංධාන දේශපාලනයේ නායකත්වයට ගෙන ඒමට බාධාවක් වන බව කල්පනා කළ බැවිනි. රනිල් හා මෛත්‍රිපාල වැනි බටහිර ගැත්තකු නොවූ  මහින්ද යටත්විජිත විරෝධී අරගලයට නායකත්වය දිය හැකි එක ම පුද්ගලයා ය. එහෙත් මහින්ද ඒ නායකත්වය දීමට සූදානම් ද යන ප්‍රශ්නය අද කණගාටුවෙන් වුවත් ඇසිය යුතු ය. ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැර එහි සාමාජිකයන් තම පක්‍ෂයට එකතු කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයකු සංධානයේ සිටින බව අමතක නොකළ යුතු ය. ඒ අතර සමහරු බැසිල් රාජපක්‍ෂ නායකත්වයට ගෙන ඒමට සූදානම් වෙති. 

සංධානය අද කීමට උත්සාහ කරන්නේ තමන් ගෙනා සංශෝධන නිසා දහනවයේ අවශ්‍යතා ඉටුකර ගැනීමට රනිල්ට නොහැකි වූ බව ය. එහෙත් සිදුවූයේ කුමක් ද? අපි තවමත් සුද්දා ඉගැන්වූ ආණ්ඩුක්‍රම විෂයයෙහි එල්ලී රට ජාතිය ආගම අමතක කරමු. පළමුව ඇසිය යුතු ප්‍රශ්නය දහනවය සිංහලයන්ට හිතකර ද යන්න මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට හිතකර ද යන්න නො වේ. හෙට අනිද්දා ලංකාවට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් සිංහලයන්ට මෙරට හිමිවිය යුතු තැන තවදුරටත් අහිමි කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව රනිල්ට උපදෙස් දී ආපසු යනු ඇත්තේ මෝඩ සිංහල බෞද්ධයන්ගේ සිත් සතුටුවන ආකාරයට තොරණක් ද විවෘත කිරීමෙන් පසුව ය. 

දහනවය ගෙන ආවේ රනිල්ට ජනාධිපති වීමට නොහැකි නිසා  ය යන්න සංධානය විසින් නො පිළිගැනෙයි. මේ රටේ දෙමළ ජාතිවාදය නිල වශයෙන් 1833 දක්වා  දිව යන බව මා දන්නා තරමින් කිසිම දේශපාලනඥයෙක් නො පිළිගනියි. සිංහලයන්ට වියුක්තව කල්පනා කිරීමට නො හැකි ය. එහෙත් ඔවුහු වියුක්ත ප්‍රවාද ඇති බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. වියුක්තව සිතන්නට පුරුදු නොවී වියුක්ත ප්‍රවාදවලට නමස්කාර කිරීමෙන් අපට බටහිරයන් පැරදවිය නො හැකි ය. 

අද සංධානය පවසන්නේ ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව තුනකින් වැඩිකර ගැනීම විශාල ජයග්‍රහණයක් කියා ය. එහෙත් මේ මන්ත්‍රීවරුන් පත්කෙරෙන්නේ අගමැතිගේ හා විරුද්ධ පක්‍ෂ නායකයාගේ එකඟත්වය මත ය යන්න මගේ විශ්වාසය වෙයි. (මා තව ම නිල සංශෝධන කියවා නැත) එවිට සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ අටුවා ටීකා අවශ්‍ය නො වේ. ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුද්දන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ නායකයන්ට අවශ්‍ය අන්දමට පාර්ලිමේන්තුව මෙහෙයවීමට ය. පර්ලිමේන්තුවට වගකීම යන්න ද හිස් පාඨයක් පමණකි. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතු ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අඟහරුවාදා ජනාධිපති පාර්ලිමේන්තුවට වග කී ආකාරය අපි දුටුවෙමු. ඔහු තමාට අවශ්‍ය අන්දමට උපක්‍රම මගින් පාර්ලිමේන්තුව හැසිරවී ය. අඩු තරමෙන් සංධානයට ඊනියා සංක්‍රමණීය විධිවිධානවලින් අගමැති තම ධුරයේ දිගට ම කටයුතු කරන්නේ ය යන්න ඉවත්කර ගැනීමට හැකිවිණි ද? ජී එල් පීරිස් තමන් කියවා ඇති පොතක් අනුව යමින් එය ඊනියා අන්තර්කාලීන විධිවිධානයක් බව පවසා මන්ත්‍රීවරයකු ගෙනා සංශෝධනය විසිකර දමා ඇත. 

සංධානය රට ජාතිය ආගම වෙනුවට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව ගැන එතරම් සැලකිලිමත් වී නම් කළ යුතුව තිබුණේ රනිල්ට පික්පොකට් අගමැතිකම නීත්‍යානුකූල කිරීමට ඉඩ නොදී 54 (අ) වගන්තිය සංශෝධනය කිරීමත් 42 (4) වගන්තිය සංශෝධනය කර අගමැති තේරීම පාර්ලිමේන්තුවට පවරා ගැනීමත් ය. එහෙත් සංධානය ඒ වැදගත් සංශෝධන දෙක බක පණ්ඩිතයන්ගේ අවශ්‍යතාව මත පැත්තකට දමා ඇත. බටහිර දැනුමට වහල් වී සිංහලයන්ට ජයග්‍රහණයක් නැත.

නලින් ද සිල්වා


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා.  මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ. බයවෙන්න එපා ඊළඟ පාර මං ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී කියා සිටියා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජාත්‍යන්තර  වහලෙකුව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එක්ව අලුත් නාඩගමක් නැටිමට සුදානම් වන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.19 සම්මත කර ගැනිමත් සමග එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ලංකාවට පැමිණෙන අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී  ලවා තොරණක් විවෘත කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඒ හරහා බෙදුම්වාදීන්ට උඩගෙඩි දි රට යලිත් කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු කිරිමේ ව්‍යාපෘතිය භාරව සිටින ජොන් කෙරීලා ශුද්ධ වන්තයන් සහ සිංහල බෞද්ධයන්ට සලකන අයෙකු ලෙස පෙන්විමට යහපාලක ගැත්තන් සුදානම් වනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ‍්‍රී.ල.නි.පය තුළ නිවටයෝ සිටින බවත්,එම පක්ෂයේ නිමල් සිරිපාල, රාජිත සේනාරත්න, ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට විවාදයකට පැමිණෙන ලෙස තමා ආරාධනා කරන බවත් මහාචාර්ය නලින්ද සිල්වා ශ්‍රිලනීප ගුණමකුවන්ට අභියෝගයක් කර සිටි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපතා සංශෝධනයක් බවත් තවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිම හේතුවෙන්  ශ‍්‍රී.ල.නි.ප. නිල වශයෙන් දෙකඩ කළ යුතු බවත්, ඉන් අනතුරුව හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි නිල නායකයා බවට පත් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපතිවරණ සමයේ ශ‍්‍රී.ල.නි.පක්ෂයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉවත්ව ගියේ ඔහුට අගමැතිකම නොලැබුණු හේතුවෙන් බවත්, විධායක බල තල අඩුකර යුතු බව මේ වන විට ප‍්‍රකාශ කරනමින් සිටින බවත්, ඒ මහතා කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නින්දිත පුද්ගලයෙකු බවත්, බටහිරට අවශ්‍ය ආකාරයට වැඩ කළ වෙනත් පුද්ගලයෙකු මෙරටේ නොමැති බවත්, ඔහු අවධාරණය කළේය.

එසේම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිකම පික්පොකට් ගැසූ අයෙකු බවත්, මෙරටේ තවමත් නීත්‍යාණුකූල අගමැති වන්නේ දී.මු. ජයරත්න මහතා බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.

තවද ඊයේ දින 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරමින් පාගමන් යන ලද්දේ මෙරට සිටින සිංහල කොටි බවත්, මාදුළුවාවේ සෝභිත හිමි මේ වන විට සිංහල විරෝධි වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
19 වැනි සංශෝධනය සම්මත විමත් සමග එක්සත් ජාතික පක්ෂය මැතිවරණයක් සදහා සුදානම් එමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඒ අනුව මේ දිනවල එජාපයට යහපාලන ආණ්ඩුව නිර්මාණය කිරිමට උදවු දුන් විවිධ පුද්ගලයන් එජාපයෙන් තරග වැදිම් සදහා ඉල්ලුම් කරමින් සිටින බවත් ඒ අය සමග කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ සිටින කවදත් ඩීල් දැමිමට උපන් හපන්කම් දක්වන අයෙකු මේ දිනවල සැහෙන්න නාමයොජනා ලබාදිමේ පොරොන්දු විකුනමින් සිටින බවද වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර දින 100ය අවසන් වු වහාම මැතිවරණයක් පවත්වන් බවට එක්සත් ජාතික පක්ෂ නායක පික් පොකට් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව අනුව යහපාලන ආණ්ඩුව සැදිම සදහා රටේ ජනතාව රවටමින් කටයුතු කල ඉතා විශාල පිරිසක් සදහා මෙවර නාම යෝජනා ලබාදිමට සිදුව ඇති බවද වාර්තා වේ.

එම පිරිස අතර ජාත්‍යන්තර සල්ලි වලින් මෙරට බෙදුම්වාදීන් ශක්තිමත් කරන රාජ්‍ය නොවන් සංවිධාන නියෝජනය කරන පිරිසක් සහ මාධ්‍යවේදීන් ලෙස පෙනි සිටිමින් රාජපක්ෂලාට මඩ ගැසු කිහිප දෙනෙකුම සිටින බවද වාර්තා වේ.මිට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් සන්ධාන රජය තුල සිටිමින් බෙදුම්වාදීන්ට උදවු කල මන්ත්‍රිවරුන් පිරිසක්ද සිටින බවද අනාවරණය වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ආණ්ඩු පෙරලියකට පෙර සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ඝාතනය කිරිම සදහා සුදානමක් පවතින බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

තමන් සමග මුල්‍ය ගණුදෙනු කල පිරිස ලෙස වෙලේ සුදා විසින් අනාවරණය කර ඇති පිරිස අතර වත්මන් යහපාලක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහොදරයෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙකු වු ඩඩ්ලි සිරිසේනගේ නාමයද තිබෙන බව වාර්තා වේ. කෙසේ නමුත් රහස් පොලිසිය අදාළ වාර්තාව හරහා මේ බව ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනට දැනුම්දි තිබෙන අතර පසුව එම නාමය සහිත කට උත්තරය තමන් භාරයේ පමණක් තබන ලෙසට නියෝගකර තිබේන බවද අප පසුගියදා අනාවරණය කළා.

මිට අමතරව "වෙලේ සුදා"සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය විමත් වයඹ පළාත් සභාවේ  විපක්ෂ නායක අලවතුවල මහතාගේ දුව විවාහ වී සිටින  පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික් ද වෙලේ සුදා සමග සම්බන්ධකම් පවත්වා ඇති බව අප අනාවරණය කළා.

මිට අමතරව වත්මන් යහපාලන ආණ්ඩුවේ ඉහල තනතුරු දරණ කිහිපදෙනකුගේ නම් අනාවරණය විම හේතුවෙන් ආණ්ඩුව දැඩි අර්බුදයකට මුහුණ දි ඇති අතර ඒ අනුව වෙලේ සුදා ඝාතනය කර එම සියලු වගකිම් වලින් නිදහස් විමට ආණ්ඩුව සුදානම් වන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

මෙරට මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන 'වෙලේ සුදා' නමැත්තාට එරෙහිව පවතින කුඩු නඩුවකට අදාළ සටහන් යෙදූ ගල්කිස්ස පොලිසියේ තිබි අස්ථානගත වු තොරතුරු පොත ආරක්ෂක අමාත්‍යංශයේ සුරැකිව තිබෙන බව අප පසුගියදා අනාවරණය කළා.

වෙලේ සුදා කළ ගණුදෙනු 

වෙලේ සුදා එක්ක ගණුදෙනු කල අය අතර ඩඩ්ලි සිරිසේන!

"වෙලේ සුදා"සමග ඩිල් දැමු කුරුඳු පොලු හමුදාවේ නදිෂා හේමමාලි

'වෙලේ සුදා'ගේ අතුරුදහන් පොත ආරක්ෂක අමාත්‍යාංශයේ!

විනිල්ගේ කුඩු සල්ලිවලින් දුවන ජේ. සී. අලවතුවල


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රී ලංකා රජයේ දින 100 වැඩ සටහන අසාර්ථක වී ඇති බව ලෝක ප්‍රකට ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පවසා සිටියි.එසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නව රජය තුල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තම බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසමත් වීම බව එම සඟරාව පෙන්වා දෙයි.

නව රජයේ දින 100 තුල ජනපතිවරයාට වැඩි කාලයක් වෙන් කිරීමට සිදු වූවේ ලබාගත් බලය සමතුලිත කරගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට බව පවසන ‘ඉකොනොමිස්ට්’ සඟරාව මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුවද මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ ආධාරකරුවන් සිටින නිසා ඔහුට යම් වාසි සහගත තත්වයක් පක්ෂය තුල නිර්මාණය වී තිබෙන බව ද පවසා සිටියි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා අත්සන් 113 කින් යුතු පෙත්සමක් කතානායකවරයා ට බාර දීමේ සිද්ධිය ඇති වී තිබෙන අසමතුලිත බාවය කෙරෙහි හොඳම නිදර්ශනයක් සපයන බව සඟරාව ප්‍රකාශ කරයි.

එමෙන්ම රාජපක්ෂ රජයට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතර බලය හිමි වී තිබුනද වත්මන් රජයට තවම හැකි වී ඇත්තේ එයට අවංක නොවෙන කණ්ඩායම් වල වැඩ පිළිවෙලවල් පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පමණක් බව ද ‘ඉකොනොමිස්ට්’ හි මතයයි.

ඇති වී තිබෙන තත්වය පිලිබඳ ‘ඉකොනොමිස්ට්’ සඟරාව හා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සිටිය ද තමන්ට තවම දැනෙන්නේ තමන් විපක්ෂයේ සිටින බව ය.

මෙම තත්වය තුල හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනපතිවරයා කටයුතු කරනු ඇති බවට ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව අනාවැකි පළකරයි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි දා වන තුරු කල් දැමුණේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමි කර දීමට ය. එහි වරදක් නැත.  එහෙත් ඇතැම් පඬි ජනමාධ්‍ය නිවේදකයන් අපට කියා දෙන්නේ අප්‍රේල් 23 වැනි දාට ආණ්ඩුවට දින සියය පිරෙන බව ය. 

අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය සාකච්ඡාවක දී තර්ජනයක් කර ඇත. ඔහු කියනු ඇත්තේ ඒ තර්ජනයක් නොවන බව ය. ඔහු කියා ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් 28වැනි දාට සම්මත කරගැනීමට නොහැකි වුවහොත් එදින ම ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. ඔහුගේ තර්ජනය ඇතිව හෝ නැතිව හෝ ශ්‍රී ල නි පක්‍ෂය පාර්ලිමේන්තුවේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කොන්දේසි විරහිත ව පැරද විය යුතු ය. 

වෙනත් වචනවලින් කිවහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙකේ බහුතර ඡන්දයක් නොලැබෙන බවට ශ්‍රී ල නි පක්‍ෂය වග බලාගත යුතු ය. මේ බව මෛත්‍රිපාල සිරිසේන මහතා නොදන්නවා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය කළ යුත්තේ ඊනියා 20 වැනි සංශෝධනය 19ත් සමග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලකිරීම නොව 19ට පෙර ඉදිරිපත් කිරීමට බලකිරීම ය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනාධිපති විධායක බලතල සමහරක් අගමැතිට පැවරීමට පෙර සිදු කළ යුතු ය. 

නීති විරෝධීව අගමැති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව පමණක් ජනාධිපති විධායක බලතල කප්පාදු කිරීමට කටයුතු කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිටුපස වැඩි වශයෙන් ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන් බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතා නීති විරෝධී අගමැති ලෙස සිටිය දී 19 සම්මත කරගැනීම දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමකි. ඒ පිටුපස බටහිරයෝ ද ඉන්දීයයෝ ද වෙති. විධායක ජනාධිපති ක්‍රමය ඒකීයභාවය රැකගැනීමට ය. 13 වැනි සංශෝධනය අවසානයේ දී ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට ය. ජනාධිපති බලතල කප්පාදු කිරීමට පෙර 13 කප්පාදු කර ඉඩම් බලතල හා පොලිස් බලතල පළාත් සභාවලට අහිමි කළ යුතු ය.

දින සියයේ වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුව තිබිණි. ඒ අතර අප්‍රේල් 22 වැනි දා  ඇමරිකානු තානාපති, ජර්මන් තානාපති හා එංගලන්තයේ වැඩ බලන මහ කොමසාරිස්වරිය මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා දින කිහිපයකට පෙර සංධානයේ පක්‍ෂ නායකයන්ට කියා තිබුණේ බටහිරයන් තමන්ට බලපෑම් කරන බවත් බටහිරයන් විශ්වාස කරන්නේ රනිල වික්‍රමසිංහ මහතා බවත් ය. 22 වැනි දා  හමුවීම, ප්‍රධාන බටහිර රටවල් තුනෙන් කියා කීම වරදක් නො වේ. ඔවුන් මෛත්‍රිපාල සිරිසේන මහතා එකම දිනයක, 23 වැනිදාට දිනයකට කලින් හමුවූයේ බලපෑම් නොදැමීමට යැයි අපි කෙසේ කියමු ද? 

ඒ අතර බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කෙරී ඇත. මෙය පළමු පියවර පමණක් බව ශ්‍රි ල නි පක්‍ෂයට හා සංධානයට මතක් කර දිය යුතුව ඇත. බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේ දී සම්ප්‍රදාය අනුගමනය කෙරී ඇත් දැයි දැනගනු කැමැත්තෙමු. එහෙත් ලබ්බට තැබූ අත පුහුලට ද තබන දිනය වැඩි ඇතක විය නො හැකි ය. මේ වැරදිකරුවන්ට දඬුවම් කිරීමක් නොව පළිගැනීමක් බව පැහැදිලි ය. බැසිල් රාජපක්‍ෂ මහතා එකල ඇතැම් ඇමතිවරුන්ට කෙණෙහිළිකම් කළ බවට චෝදනා වෙයි. එසේ වුවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයෙන් නො වේ. අප්‍රේල් 23 වැනි දා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධව කුප්‍රසිද්ධ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම ඉදිරියට කැඳවා තිබිණි. එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් එයට විරුද්ධව පවත්වන ලද උද්ඝෝෂණය තහනම් කිරීමට පොලීසිය උසාවියෙන් නියෝගයක් ලබාගත්තේ අහවල් දෙයකට ද? අදාළ ප්‍රදේශය අධිආරක්‍ෂිත කලාපයක් නො වේ. උතුරු හා නැගෙනහිර පළාත්වල අධි ආරක්‍ෂිත කලාප ගලවද්දී කොළඹ අධිආරක්‍ෂිත කලාප කොහොමටත් අවශ්‍ය නැත. ආණ්ඩුවට වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව නොව රනිල් වික්‍රමසිංහ මහතාගේ මිත්‍රයකුගේ භාර්යාවගේ ආරක්‍ෂාව බව පැහැදිලි ය. පොලීසිය කියන්නේ උද්ඝෝෂණය නිසා සාමය කඩවීමට තිබූ බව ද? ඒ තර්කය අනුව රටේ සියළු උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය උසාවි යනු ඇත.

අද යමපාලන ආණ්ඩුවට ඇත්තේ පළිගැනීම හා කෙසේ නමුත් බලයේ රැඳී සිටීම යන අරමුණු පමණ ය. රාජපක්‍ෂලාගෙන් පළිගෙන ඔවුන් අවසානයේ දී ඊනියා යුද්ධාපරාධ චෝදනාවලට වරදකරුවන් කර බටහිරයන්ට භාර දී දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත. වැඩිකල් නොගොස් සිංහල ජාතිවාදීන්ට මර්දනයේ හස්තය දික්කෙරෙනු ඇත. බටහිරයන්ට අවශ්‍ය මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සඳහා මැතිවරණ සමයෙහි දී ඔවුන්ට තර්ජනයක් විය හැකි අය හිර කඳවුරුවල රැඳවීම ය. ඔවුන්ගේ ජයග්‍රහණයකට ජාතිකත්වය එරෙහිව සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ නිවට ශ්‍රී ල නි ප ඇමතිවරු හා ඊනියා විරුද්ධ පක්‍ෂ නායකයා දනිති. එ ජා ප හා විජාතික බලවේග නැවතත් ජාතිකත්වය පසෙකට දමා ව්‍යාජ දුෂණ චෝදනා මත මැතිවරණ ව්‍යාපාරය ගෙන යෑමට අදහස් කරන බව පෙනෙයි. මහින්ද රාජපක්‍ෂ තමා වැරදිකරුවන්ට දඬුවම් නොකළ බව කියා ඇත. එයට අජිත් පෙරේරා මහතා ද විරුද්ධත්වය පා ඇත. ඔහු විරුද්ධ වූයේ බටලන්ද වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිලිබඳ ව ද? එසේත් නැත්නම් වෝටර්ස් එජ වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ ව ද? අජිත් පෙරේරා මහතා අපට ඒ පිළිබඳ ව කියා දෙන්නේ ද? ඊනියා යහපාලනය යමපාලනයක් වූයේ ජනවාරි 9 වැන දා ම ය.  

එ කුමක් වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතාට  රනිල් වික්‍රමසිංහ මහතා සමග තවදුරත් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බව පැහැදිලි ය. අජිත් පෙරේරා මහතා 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තර්ජනය කරන්නේ මේ සුළුතර ආණ්ඩුව ශ්‍රී ල නි පක්‍ෂයේ සහය නොමැතිව කරගෙන යා නොහැකි බැවිනි. ඔහුගේ හා එ ජා පක්‍ෂයේ වෙනත් අයගේ ද උත්සාහය තර්ජනයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ සහය ලබාගැනීම ය. එහෙත් ඔවුන්ගේ පොරොන්දුව අනුව අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. එබැවින් තර්ජනයක් ලෙස19ක් ගැන අමුතුවෙන් කොන්දේසි නොදමා දැනටමත් විසරුවා හැර නැත්නම් අද හෙට ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. 

ඇතැම් විට මේ ලිපිය පළවන විට මෛත්‍රිපාලසිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන්නට හැකි ය. එසේත් නැත්නම් ජනතාව අමතා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැක්කේ ඇයි දැයි කියා තිබෙනු ඇත. ඒ කුමක් වුවත් ඔහු කියන්නට ඇත්තේ බටහිර තානාපතිවරුන් ඔහුට කිරීමට කී දෙය ය. දැනටමත් විසුරුවා හැර නැත්නම් 28 වැනි දා හෝ 29 වැනි දා හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇත. අජිත් පෙරේරා මහතා ජනාධිපති නොවූවත් 28 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියන්නේ  බටහිරයන් ඒ බලපෑම මෛත්‍රිපාල සිරිසේන මහතාට  කරන බව එ ජා ප දෙවැනි පෙළේ නායකයන් ද දන්නා බැවිනි. 19 සම්මත වීමට ඉඩක් නැති බව බටහිරයන්ට වැටහි ඇත්නම් මේ වන විටත් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. 

එහෙත් ඒ කුමකටවත් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය බිය විය යුතු නො වේ. රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා තව තවත් සංධාන නායකයන් හා සිංහල ජාතිකවාදීන් අත් අඩංගුවට ගෙන මැර බලය යොදා මැතිවරණයක් පැවැත්වීමට ඉඩ ඇත. එහෙත් සංධානයට සිංහලයන්ගේ ඡන්දයෙන් 65%ක් ලැබෙනු ඇත. ජනාධිපතිවරණයේ දීත් එය 58%ක් විය. ජනාධපතිවරණයේ දීත් ආසන සංඛ්‍යාව ලෙස ගතහොත් සංධානයට වැඩි ආසන සංඛ්‍යාවක් ලැබිණි. 

අජිත් පෙරේරාගේ මහතාගේ තර්ජනය පුස්සකි. ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය කළ යුත්තේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ විරුද්ධත්වය පළකිරීමත් මැතිවරණයකට සූදානම් වීමත් ය. එහි දී මෛත්‍රිපාල සිරිසේන මහතා හා ඇතැම් ශ්‍රී ල නි ප ජ්‍යෙෂ්ඨයන් එ ජා ප සමග එකතුවන්නේ නම් එය වඩාත් හොඳ ය. කෙසේ වෙතත් එකී ජ්‍යෙෂ්ඨයන්ට සංධානයෙන් නාම යෝජනා දිය යුතු නො වේ. අද රට ජාතිකත්වය හා විජාතිකත්වය අතර බෙදී ඇත. සිංහලයන්ට තීරණය කිරීමට ඇත්තේ නිවටයන් ලෙස බටහිරට හා ඉන්දියාවට යටත් වී දෙමළ ජාතිවාදයට කප්පන් දෙමින් ජීවත්වන්නේ ද නැත්නම් නිදහස් ප්‍රෞඪ ජාතියක් ලෙස ජීවත්වන්නේ ද යන්න ය.  

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 26

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සම්මත වු අවස්ථාවේ සිටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙසට තමන්ට බලපෑම් කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල ඊයේ රාත්‍රියේ ශ්‍රිලනිප ප්‍රභලයන් සමග පවසා තිබේ.19 සම්මත කිරිමට ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් ඡන්දය භාවිතා කළේ 20 වැනි සංශෝධනය ඉතා ඉකමනින් ගෙන් එමට එකඟ විම මතයි.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනට පවසා ඇත්තේ මැතිවරණ ක්‍රමය සම්මත කිරිමෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවිම සිහිනයක් බවත් එම නිසා වහාම ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් කැමතිකරවගෙන මැයි මස මුල් සතිය තුල පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට වහාම කටයුතු කල යුතු බවයි.

මේ අතර මෙම ඉල්ලිම හේතුවෙන් තමන් මහත්සේ පීඩනයට ලක්ව සිටින බවත් මෛත්‍රී ජනපති පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
අභිනවයෙන් පත් වූ ආණ්ඩුවට දින 100ක් ගත වී ඇත. මැතිවරණයේදී දින 100ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළද ගත වූ දින සියය එම වැඩපිළිවෙල හා සමගාමී වූවේද යන්න පිළිබඳව ඇත්තේ බරපතල විවේචනයකි. එසේ තිබියදී පත් වූ යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය අප්‍රේල් 23 වැනිදා ජාතිය ඇමතීය. මේ ඒ පිළිබඳව පළවන සමාලෝචනයකි.

මැතිවරණයේදී මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා වෙත ඡන්දය ලබා දුන් හැට දෙලක්ෂයක ජනතාව තුළ ජනවාරි 9 වැනිදා පහන්වන විට පැවතියේ ඉතා සුභවාදී බලාපොරොත්තුවකි. මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාද හිටපු ජනාධිපතිවරයා මෙන්ම ගමෙන් පැමිනි නායකයෙකි. එතුමා බිහි වූයේ වසර දහස් ගනනක් අඛණ්ඩව රට කරවූ රජ රටිනි. එමෙන්ම එතුමා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද විය. ඒ අනුව එතුම ජන්මයෙන් ලද ග්‍රාමීය සංස්කෘතික පදනමද, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයන් යටතේ ලද දේශපාලන පරිචයද ජනතාව තුළ නවමු බලාපොරොත්තුවක් ජනිත කලේය. ප්‍රධාන විපක්ෂය බංකොලොත් වී තිබූ මොහොතක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයට ඉදිරිපත් වීමට පවා නොහැකිවන තත්ත්වයක් තිබූ මොහොතක මහින්ද රාජපක්ෂට එරෙහිව ගොඩනැගුනු සංධානය හරහා එතුමාව ජනාධිපති තනතුර තෙක් ඔසවා තැබුවේ එම පහන් බලාපොරොත්තුවයි.
එබැවින් එම ජනතා බලාපොරොත්තුව සමඟ එතුමා ප්‍රමුඛ රජයේ දින 100 ගමන්මග කෙතරම් සමපාත වේද යන්න මේ මොහොතේදී සළකා බැලිය යුතුය.

දින 100 අවසාන වන දිනය වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙමින් පවතින ජන රැල්ළ ජනාධිපතිතුමාගේ හද සසළ කර ඇති බව පැහැදිලිය. ප්‍රතිවිප්ලවය නමින් එතුමා සඳහන් කලේ එම බලවේගයයි. එම විග්‍රහය එතුමාගේම විග්‍රයක්ද එසේත් නැතහොත් එතුමාගේ දේශපාලන උපදේශකයන්ගේ විග්‍රහයක්ද යන්න මම නොදනිමි. කෙසේ වුවද එතුමා විසින් ඉදිරිපත් කළ එහි බරපතල පරස්පරයක් මම දකිමි.

2009 වන තෙක් රට පැවතියේ බරපතල අනතුරකය. තිස් අවුරුද්දක් පුරා අපි ත්‍රස්තවාදයකින් බැට කෑවෙමු. එම ත්‍රස්තවාදය බිහි කලෝ සහ වඩා වර්ධනය කරමින් පවත්වා ගත්තෝ බටහිර ජාතීන් සහ ඉන්දියාවයි. ඉන්දියාවෙන් පැමිනි සාම සාධක හමුදා ප්‍රභාකකරන්ව විනාශ කිරීමට ඕනෑතරම් හැකියාව තිබියදී එසේ නොකර ඔහුව ආරක්ෂා කළ බවට පසුගියදා ඉන්දියානු බලධරයෙකුම ප්‍රකාශ කර තිබිනි. එසේ ප්‍රකාශ කළද නොකළද එම 30 අවුරුදු ජාතිවාදී යුද්ධය ඔවුන්ගේ නිපැයුමක් බව ඉතා පැහැදිලිය. සාමය මුවාවෙන් කොටි ශක්තිමත් කලේ නෝවේ කැනඩාව සහ ඇමරිකාවයි. අවසාන මොහොතේත් ප්‍රභාකරන් බේරා ගැනීමට මෙරටට දුවගෙන ආවේ බ්රිතාන්යක සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ය. 
ඒ අනුව 2010 දී අප ජාතියක් ලෙස ලැබූයේ සුවිසල් ග්‍රහණයකි. 

ලෝකයේ ප්‍ර බල රාජ්ය යන්, යටත්විජිත වාදීන්, බලවන්තයන් එක්ව අධ්‍යක්ෂණය කළ යුද්ධය අපි ජය ග්‍රහණය කළෙමු. මෑත ඉතිහාසයේ එවන් යුද්ධයක් ජයග්‍රහණය කළ එකම රට බවට අපි පත් වීමු. එම ජයග්‍රහණයේදී ලඟින් සිටි, එම ජයග්‍රහණයට උර දුන් රජයේ සාඩම්බර ප්‍රබල චරිතයක් වූ මෛත්රීමපාල සිරිසේන මහතා තේරුම්ගත යුත්තේ අප ජයග්‍රහණය කළ විප්ලවය එය බවයි. නමුත් එතුමාගේ ප්‍රකාෂය තුළින් එවැන්නක් ගම්ය  නොවිනි. එය කණගාටුවට කරුණකි.

එදවස අප ජයග්‍රාහී විප්ලවයක් සිදු කළද ජාතිය හමුවේ නොතිත් අනතුරක් විය. අවි ගත් කොටි සංවිධානය රට තුළදී පරාජය වුවද ජාත්යහන්තරව ඔවුන් තවමත් ක්‍රියාත්මක වේ. ඔවුන්ට අධාර උපකාර දෙන රටවල් තවමත් එලෙසින්ම පවතී. එබැවින් අප ජයග්‍රහනය කළ විප්ලවයට එරෙහි ප්‍රතිවිප්ලවයක් කොයි මොහොතේ හෝ ඇති විය හැකිය යන අනතුර රට අභිමුවෙහි විය. ජනතාව පෙළගැසුනේ එම අනතුරට එරෙහිවය. විප්ලවය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එබැවින් ප්‍රතිවිප්ලවය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන්ද වඩාත් බලාපොරොත්තු තැබිය හැක්කේ එතුමා කෙරෙහි විය යුතුය. නමුත් එතුමාගේ පාලනය තුළ දිස් වූ යම් යම් දුර්වලතා හේතුවෙන් ජනතාව විකල්පයක් වෙත යොමු විය. විප්ලවය මෙන්ම ප්‍රතිවිප්ලවය ජයග්‍රහණය කර ගැනීමද ජනතාවගේ පැතුම විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු නොවී මෛත්රීිපාල සිරිසේන මහතා වෙත ඔවුන් යොමු වූයේ ප්‍රතිවිප්ලවයට එරෙහිව වඩාත් හොඳ මහින්ද කෙනෙකු බිහි කර ගැනීමටය.

ඇතිවිය හැකිව තිබූ එම ප්‍රතිවිප්ලවය අංශ ගණනාවක් ඔස්සේ දියත් වීමට ඉඩ තිබිණි. දේශපාලන සහ ආර්ථික අංශ ඉන් ප්‍රධාන වේ. බටහිර ප්‍රබල රටවළින් එල්ලවිය හැකිව තිබූ එම ආර්ථික ප්‍රහාරයට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස චීනය වෙත අවධානය යොමු කළද පසුගිය මහින්ද රාජපක්ෂ රජය කෙරේ ප්‍රබල චෝදනාවක් එල්ල විය. ඒ දූශන, වංචා පිළිබඳව චෝදනාවයි. එදවස ආර්ථික වර්ධන වේගය 7% ආසන්නයේ ප්‍රබල අගයක විය. දස අත සංවර්ධන යෝජනා ක්රවම ක්රිවයාත්මක විය. ජනතාවගේ තේ රබර් කුරුඳු වැනි නිශ්පාදන වෙත හොඳ ඉල්ලුමක් පැවතිනි. යටිතල පහසුකම් වර්ධනය විය. නමුත් ජනතාව තීරණය කළේ එය පමනක් ප්‍රමානවත් නොවන බවයි. එල්ලවිය හැකි එම ආර්ථික අභියෝගයට මුහුන දීමටනම් දූශනයෙන්, වංචාවෙන් තොර නිකැළල් ආර්ථික ප්‍රතිපත්තියක් අත්යායවශ්යන විය. මෛත්රීචපාල මහතා දිනවීමෙන් ජනතාව අපේක්ෂා කළේ එයයි.

නමුත් දින 100 තුළ එම අරමුණ සම්බන්ධයෙන් රජය සාර්ථක ප්‍රතිචාර දක්වා ඇතිද? තේ, රබර් වැනි ප්‍රධාන වැවිලි භෝගවල මිළ දරුණු අන්දමින් පහත වැටී ඇත. සංවර්ධන ව්යාරපෘතීන් නතරවීම හේතුවෙන් පෞද්ගලික අංශය බිඳ වැටී විශාල පිරිසකට රැකියා අහිමි වී ඇත. මේ සියල්ලම ඉවසා සිටියද මෙම රජයේ අගමැතිවරයා වෙත එල්ල වී ඇති දූශන චෝදනාව සුළු පටු නොවේ. “හැමදා නියං එක දා වැහි වළාවේ” කියමන සිහි කරමින්, මෙම රජයේ මහ බැංකු බැඳුම්කර වංචාවේ අලාභය අද වන විට රුපියල් කෝටි 4280 බවට පත් වී ඇත.

ඒ අනුව දූශනයෙන් වංචාවෙන් තොර රටක් වෙනුවෙන් ජනතාව තැබූ යහපාලන බලාපොරොත්තුව රජය විසින් බිඳ දමා ඇතැයි යන විවේචනය සාධාරන නොවේද? එම චෝදනාවට ජනාධිපතිවරයාගේ කතාව තුළින් දුන් පිළිතුර කුමක්ද? මේ කතා කරන කාලය නොව වැඩ කරන කාලය බව එතුමා අමතක කළේද?  
ආර්ථික අංශය එසේ තිබියදී අපි දේශපාලන අංශය වෙත යොමු වෙමු. 2005 ජනාධිපතිවරණය සමයේදීද මහින්ද රාජපක්ෂ වෙත එල්ල වූ එක් චෝදනාවක්නම් ඔහු රාජතාන්ත්රිලක කටයුතු කෙරේ අදක්ෂයෙකු විය හැකිය යන්නය. ඔහු හා සසඳන විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රවීනයෙක්ය යන මතය ප්‍රචළිත විය. නමුත් 2009 තෙක් ධූර කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කොට පෙන්වූයේ එම අදහස මුසාවක් බවය. රනිල් වික්‍රමසිංහද ඇතුළු බොහෝ නායකයන්ට නොහැකි වූ යුද්ධය ජයග්‍රහණය කරමින් විප්ලවය ජය ගැනීමට එතුමා සමත් විය. එය එතුමාගේ අද්විතීය රාජ තාන්ත්රිදක හැකියාවේ ජීවමාන සාධකයකි. එසේ වුවද 2009න් පසු ඇතිවූ අභියෝග හමුවේ, එක්සත් ජාතීන් වෙතින් එල්ල වූ අසත්යි යුධ අපරාධ චෝදනා, ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ රටවලින් මෙන්ම ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් වලට එරෙහිව කෙළින් සිටගනිමින් එම අභියෝග පරාජය කිරීමේදී මහින්ද කෙතරම් දුරට සාර්ථක වේද යන පැනය ජන මනස තුළට ඇතුළු විය. විශේෂයෙන්ම තානාපති සේවය ඥාති ග්ර හනයට නතු වීම පිළිබඳව ප්‍රබල චෝදනාවක් එල්ල විය. ජනතාව ජනවාරි 8 දා ප්‍රතිචාර දැක්වූයේ එම දුර්වලතාවයටය. එහිදී ජනතාව අපේක්ෂා කලේ තානාපති සේවය ශක්තිමත් කර ප්‍රති විප්ලවයට එරෙහි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගොස් සැබෑ සංවර්ධනයක් බටහිරට හෝ කිසිඳු ජාතියක බලපෑමට යට නොවුනු රටක් බිහි කර ගැනීමයි.

අද වන විට රටවල් 27ක තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාල ක්රි යාත්මක වන්නේ තානාපති නිලධාරීන් නොමැතිවය. ඒ අතර කොටි සංවිධානය වඩාත් ප්‍රබලව ක්රිහයාත්මක වන රටවල් බොහෝ ප්‍රමානයක් ඇත. එයට හේතුව එම තනතුරුවලට යහ පාලකයන්ගේ ඥාතීන් පත් කිරීමට අවශ්යරව ඇති නිසා බව වාර්ථා වෙයි. ඒ අනුව තානාපති සේවය ශක්තිමත් කරාවිය යන යහ පාලන බලාපොරොත්තුව සුන් වී ඇත.

එය එසේ තිබියදී මහින්ද රාජපක්ෂ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියට සිදු වී ඇත්තේ කුමක්ද? ජනපති සිරිසේන ඉන්දියාව, එංගලන්තය, චීනය වැනි රටවල සංචාරය කළ බව සැබෑවකි. එමෙන්ම එම රටවලදී එතුමාව අත් මේස් ගලවා පිළිගත් බවද සැබෑවකි. නමුත් එපමනකින් ඔවුන් අප වෙත එල්ල කරන බලපෑම හමාර වී ඇත්ද? නැතහොත් ප්‍රති විප්ලවය නතරකර ඇතිද?

දේශපාලන ආර්ථික ක්ෂේත්රි ඔස්සේ මෙම රටවල් ක්රිපයාත්මක කිරීමට උත්සාහ කළ ප්‍රතිවිප්ලවය වැළකී ගියේ මහින්ද රාජපක්ෂගේ අධීන ස්ථාවරය හේතුවෙනි. ඔහු පැරදුන දා බටහිර මාධ්යහ වාර්ථා කලේ දකුණු ආසියානු කලාපයේ ඉතාම දරදඬු අනම්ය්ශීලී නායකයා පළවා හැරිය බවකි. බටහිරින් එල්ළවියහැකි ප්‍රති විප්ලවයට සාර්ථකව මුහුන දීමේ අදහසින් වඩාත් හොඳ මහින්ද කෙනෙකු බිහි කර ගැනීම සඳහා මහින්දව ඉවත් කිරීමට ජනතාවට අවශ්යන විය. මහින්ද ගෙදර යවන විට, යුද්ධයට අවමන් කළ, ජයග්‍රහණය හෑල්ලු කළ රනිල්ට බලය නොදී මහින්ද සමඟම සිටිමින් විප්ලවයට දායකත්වය දුන් මෛත්රී  වෙත ඔවුන් විශ්වාසය තබන්නේ එබැවිනි. නමුත් අපේ විරුද්ධවාදී බලවේගයන්ට අවශ්යය වුනේ තමන්ට ප්‍රබලම බාධාව ලෙස සිටි මහින්දව පළවා හැරීමටයි.

ඒ අනුව මෛත්රී පාල මහතා ගත යුතු මඟ පැහැදිලිය. ඔහු තම රාජතාන්ත්රිලක සබඳතා තරකරගත යුත්තේ මහින්දගේ ප්‍රති විප්ලවයට එරෙහි ප්‍රතිපත්තියම වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට මිස බටහිරට අවශ්යේ දේම කරන රනිල්ගේ ප්‍රතිපත්තිය භාරගැනීමට නොවේ. මහින්ද ඉවත් කර එතැනට රනිල් වෙනුවට මෛත්රී  පත් කර ගැනීමේ ජනතා තීන්දුව තේරුම් ගත යුත්තේ එලෙසිනි. නමුත් ඒ සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයාට කීමට ඇත්තේ කුමක්ද?

ජනවාරි 8 වෙනිදාට පෙර සාකච්ඡා වූයේ බෙදුම්වාදයට අත දුගු කරන ඉන්දියාවේ බලහත්කාරය මත රට තුළ ඇඳිරිනීතිය පනවා ව්යදවස්ථා විරෝධී ලෙස සම්මත කරගත් පළාත්සභා අහෝසි කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. නමුත් අද පාලකයන් කතා කරන්නේ එම පළාත් සභා වෙත 13නට එහා යන බලයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඉන්දීය අගමැතිවරයා පැමින 13වැනි සංශෝධනයටත් එහා යන බලයක් උතුරට ලබා දෙන ලෙස පවසන විට යහ පාලනයට කීමට තිබුනේ කුමක්ද? අභ්යවන්තර සහ ජාත්ය න්තර පරීක්ෂන හරහා යුධ විරුවන් දඩයම් කරන ලෙස ඇමරිකාව සහ ඔවුන්ගේ මානව හිමිකම් කොමිසම පවසන විට මෛත්රීනපාල හෝ රනිල් වික්‍රමසිංහ එය වැළැක්වීමට කර ඇත්තේ කුමක්ද? ඔවුන් ප්‍රතිවිප්ලවයට තිබූ මහින්ද බාධකය ඉවත් කරගෙන ඇත. අපේ සේනාධිනායකයා, රාජ්යක නායකයා ඔවුන්ගේ පැත්ත ගෙන ඇත. ඉතින් ඔවුන් මෛත්රීරපාලට අත දීම තේරුම්ගත හැකිය. නමුත් ජනතා අපේක්ෂාවන් එමඟින් ඉටු නොවේ.

ජාතික ආරක්ෂාව ගැනද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. පසුගිය රජයේ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවට නව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රි යාත්මක කරන බව පැවසිනි. එහි ප්‍රතිඵල ලෙස 2009දී යුධ අවි නිහඬ කළ පසුව ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි 5 දින වවුනියාවේදී පොලීසියට වෙඩි තැබිනි. පෙබරවාරි 26 චාවකච්චේරියේදී බෝම්බයක් පිපිරිනි. මාර්තු 3දා කොටි සංවිධානයට එරෙහි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිනි. එසේඉනම් ගරු ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂක වැඩපිළිවෙල ජනතාව පිළිගත යුතුද? හමුදා මුර කපොළු ඉවත් කර හමුදා කඳවුරු වළට අයත් ඉඩම් ජනතාව වෙත බෙදා හැරීම අනුමත කළ හැකිද?

ජනමාධ්යව නිදහස පිළිබඳවද මෛත්රී්පාල මහතා ඉතා විශ්වාසයෙන් කරුණු දැක්වීය. නමුත් එතුමාගේ රජය බලයට පත් වී සතියක් යෑමට මත්තෙන් එක්තරා නාලිකාවක මුල් පිටුව නමැති වැඩසටහනින් මාධ්ය.වේදී බන්දුල පද්මකුමාර මහතා ඉවත් කෙරිණි. එය පැහැදිලිවම දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බව හෙළි විය. එමෙන්ම යුධ සමයේ සිටම ඉතා සවිස්තර ආරක්ෂක වාර්ථාවක් ඉදිරිපත් කළ දිවයින පුවත්පතේ නිශාන්ත වර්ණකුලසූරියගේ ආරක්ෂක කොලමට වැට බැඳිනි. අගමැති රනිල් මහතා පසුගිය දිනක නම් වශයෙන්ම මාධ්යද ආයතන සහ මාධ්යේ වේදීන් සඳහන් කරමින් බරපතල තර්ජනයක් එල්ල කළේය. යුධ හමුදා මාධ්යා ප්‍රකාෂකවරයා ඉවත් කෙරින. නමුත් ටැමිල් නෙට් නමැති කොටි සංවිධානයේ වෙබ් අඩවියට වූ තහංචි ඉවත් විය. ජනාධිපතිවරයා මාධ්ය  නිදහස ලෙස අර්ථ දක්වන්නේ එම කොටි හඬට ඉඩ දීමනම් එය ජනතා පැතුම් ඉටු වීමක් ලෙස, යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලෙස අර්ථදැක්විය හැකිද? රජයේ මාධ්යඑ නිදහස ක්රිධයාත්මක වන්නේ ජනතා අපේක්ෂාව ඉටු කිරීමටද ප්‍රතිවිප්ලවය මගින් අපව යටත් කිරීමට බලා සිටින බෙදුම්වාදීන්ගේ සහ යටත්විජිතවාදීන්ගේ අවශ්යෂතාවය අනුවද යන්න යළි සළකා බලන ලෙස ඉල්ලා සිටිමි.

29 වතාවක් ප්‍රතික්ෂේප වුනු සුළුතරයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම මෛත්රීිපාල මහතා විධායක බලතල භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි. එය ප්‍රජාතන්ත්රි විරෝධී වුවද මැතිවරණ පොරොන්දු අතර එයද වු බැවින් ජනතාව නිහඬ විය. නමුත් හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීම පැහැදිලි බලතල අවභාවිතයකි. මොහාන් පීරිස් මහතාගේ පත් වීම සම්බන්ධ ගැටළුවක් තිබේද යන්න පිළිබඳව තීරනය කිරීමේ බලයක් විධායකය සතු නොවේ. එසේ තිබියදීත් ඔහුව ඉවත් කිරීම මෛත්රී්පාල මහතා සිදුකළ ඉතා බරපතල බලතල අවභාවිතාවකි. එමෙන්ම අද වන විට රජයේ අගමැති මෙන්ම විපක්ෂ නායකද පත් වී ඇත්තේ ජනාධිපතිවරයාගේ වුවමනාව අනුවය. ඒ අනුව විරුද්ධ මතයන්ට වැට බැඳී ඇත. මේ සියල්ල තිබියදී පසුගිය දාක හිටපු ජනාධිපතිවරයාට නිවසක් පරිත්යාවග කිරීමට සූදානම් වූ ලියනගේ මහතාට යහපාලන ආණ්ඩුව ප්‍රසිද්ධියේ තරවටු කළේය. ඔහු එළියට පැමින පැවසුවේ තමන්ගේ ව්යායපාර රැකගත යුතු බැවින් නිවස පරිත්යාඅග කිරීමේ අදහස අත් හැරගත් බවකි. එසේනම් ජනාධිපතිවරයා පවසන නිදහස, යුක්තිය, සාධාරනය ඇත්තේ කොහේදැයි ඇසීම වරදක්ද?

අද දවසේ රටෙහි තත්ත්වය මෙම දින 100 ප්‍රතිඵලයකි. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුළ කුමක් සඳහන් වුවද, ජනතාව කුමක් බලාපොරොත්තු වුවද අද වනවිට ජනතාව අත්දකින පාලනය ඉහත පරිදිය. ජනාධිපතිවරයා දැන්වත් තේරුම්ගත යුතු විසංවාදය මෙයයි. ජනතාව බලාපොරොත්තු වූයේ එකකි. නමුත් ලැබී ඇත්තේ වෙනකකි. ඒ පරස්පරය තුළ ජනතාව වික්ෂිප්ත වී ඇත. නමුත් අප්රේල් 23 වන තෙක් ඔවුන් තුළ ජනාධිපතිවරයා කෙරෙහි යම් විශ්වාසය තිබුනා විය හැකිය. ඒ අඩුම තරමින් තමන්ගේ නායකයාහෝ මේ වියවුල තේරුම්ගෙන ඇතැයි යන විශ්වාසයයි. නමුත් එතුමා ජාතිය අමතමින් පැවසූවේ දින 100 ඉතා සාර්ථක බවත් එය කියූ පරිදිම නිස මාවතේම ගමන් කරන බවත්ය. ඉන් ජනතාවගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වී යෑම පුදුමයක් නොවේ. මේ සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් හරි තැන සිට ගැනීමට මෛත්රීීපාල මහතා සූදානම් නැති බව පැහැදිලිය.

ජනතාව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර මෛත්‍රීපාල මහතාට බලය දෙන්නේ ඔහු නරක නිසා නොවේ. ඔහුගේ ක්රි්යාකාරිත්වයේ තිබූ යම් යම් දුර්වලතා නිසාය. මෛත්‍රීපාල මහතාගෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ වඩාත් හොඳ මහින්ද කෙනෙකු වී විජාතිකයන්ගේ ප්‍රතිවිප්ලවය ජය ගැනීමය. 2015න් ඉදිරියට රට මෙහෙයැවීමය. නමුත් මෛත්‍රීපාල මහතා තෝරාගෙන ඇත්තේ 29 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහගේ විජාතික ප්‍රතිපත්තියයි. අද වන විට මෛත්‍රීපාල  මහතා රනිල්ටත් වඩා නරක රනිල් කෙනෙකු වී ඇත. රට යටත් කරගැනීමට, ප්‍රතිවිප්ලවය හරහා අපව පරාජය කිරීමට මාන බලන ඉන්දියාව එන්ගලන්තය වැනි රටවල් සමඟ තමන් අතිනත් ගත් බව ඔහු ඉතා ආඩම්බරයෙන් පවසයි. එතුමා තුළ පැවතිය යුතු ගැමි ආභාශය හෝ සිරිමාවෝමැතිණියගෙන් සහ මහින්ද මැතිතුමාගෙන් ලද දේශපාලන පරිචය අද ප්‍රදර්ශනය නොවේ.  ඔහු පටන්ගෙන ඇත්තේ 2015 සිට 1994 තෙක් ආපසු ගමන් කිරීමේ මාවතයි.

මේ අනුව දින 100 අවසාඅනයේ අපට තේරුම් ගැනීමට සිදුවී ඇත්තේ විප්ලවය සිදු වූයේ 2009 දී බවත් එම ජයග්‍රහණය ආපස්සට හැරවීමේ විජාතිකයන්ගේ, බෙදුම්වාදීන්ගේ ප්‍රතිවිප්ලවය සිදු වී ඇත්තේ පසුගිය ජනවාරි 8 වෙනිදා බවත්ය. විප්ලවයෙන් අප ජයගත් නමුත් ප්‍රතිවිප්ලවයෙන් ඔවුන් ජයගෙන ඇත.

මහින්ද රාජපක්ෂ යනු විප්ලවය ජයග්‍රහණය කළ අපේ කාලයේ විශිෂ්ඨතම නායකයාය. එබැවින් මෛත්‍රීපාල වඩාත් හොඳ මහින්ද කෙනෙකු වනු වෙනුවට වඩාත් නරක රනිල් කෙනෙකු වීම තුළ ජනතාව නැවතත් මහින්ද සොයා මැදමුලනට යෑම අපේක්ෂා කළ යුත්තකි.

-විමුක්ති  වනිගසේකර
 යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
නාමල් රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂකයෙකු පිස්තොලයක් සහිතව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළඟට කිට්ටු වී යයි දිගින් දිගටම පලවන වාර්තා සම්බන්ධයෙන් මහින්ද ඉන්ෆෝ වෙබ් අධවියේ පලවුවකි.

[1]. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාව ඝාතන කිරීමේ ප්‍රවෘත්තියක් ගැන ව්‍යාජ කටකතා එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මඩ කණ්ඩායම විසින් දියත් කරලා තිබෙනවා. අපට වාර්තා වෙන පරිදි එම මඩ මෙහෙයුමේ අරමුණු මෙලෙසයි.

(i). මහින්ද රාජපක්ෂ මැතිතුමාට දී ඇති ආරක්ෂාව අඩු කිරීම සාධාරණීකරනය කිරීම.

(ii). මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ගැසීම.

(iii). තාර්කිකව බලන කල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ආරක්ෂාවට වැඩිම තර්ජනය එල්ල වන්නේ එජාපයෙන් බැවින් (එවිට රනිල් වික්‍රමසිංහ මහතා ඉබේම ජනාධිපති වන නිසා) එතුමාට මොනයම් හෝ හානියක් වුවහොත් එය මහින්ද පාර්ශවයට බැර කිරීමට කල් තියාම පිඹුරුපත් සකසා ගැනීමට එජාප පාර්ශවයට අවශ්‍ය වීම.

[2]. එහි එක් පියවරක් විදිහට, වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් පළකළ පුවතකුයි

එම පුවත මීටත් වඩා සාහසික ආකාරයෙන් අනෙකුත් එජාප මඩ වෙබ් අඩවි වල පලවී ඇති නමුත් ඒවායේ අයිතිකරුවන් අප්‍රකාශිත බැවින් කිසිදු වගකීම් සහගත භාවයක් නොමැති නිසා ඔවුන්ට ඕනෑම දෙයක් ලිවීමට හැකි බව මැදහත් ජනතාව වටහා ගන්නවායැයි අප විශ්වාස කරනවා. එනිසා ලංකාදීප පුවත ගැන පමණක් අවධානය යොමු කරමු.

(i). අඟුණුකොළපැළැස්ස්සේ පැවතුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිත සම්මේලනයයි. නමුත් එයට සියලුම මහජනතාවට විවෘතව ආරාධනා කර තිබුණා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් එතුමාට ලැබුණ ආරාධනාව පිට එයට සහභාගී වුණා. ඒ බව ලංකාදීප ලිපියේ සඳහන් කරලා නෑ.

(ii). කිසිදු හමුදා කෝප්‍රල් වරයෙක් හෝ වෙනත් හමුදා නිලධාරියෙක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරක්ෂකයින් ලෙස වර්තමානයේදී ලබා දී නෑ. ඒ අනුව එකී නිලධාරියා නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙක් ලෙස දැක්වීම බොරුවක්.

(iii). එලෙස පැමිණි පුද්ගලයා හමුදාවේ නිවාඩු ලබා සිටින රණවිරුවෙක්. ප්‍රදේශයේ රැස්වීමක් නිසාත්, රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ඇතුළු රටේ ප්‍රභූන් පැමිණ සිටින නිසාත්, එතුමන්ලාව දැකබලා ගැනීම සඳාහ එම රණවිරුවාත් එහි පැමිණ තිබෙනවා. සාමාන්‍ය ජනතාව අසුන් ගත් ප්‍රදේශයේම ඔහුත් වාඩි වී තිබෙනවා.

(iv). ඉතින් ඔහු යුද හමුදවේ සේවය කළ රණවිරුවෙක් නිසා, ජනාධිපති ආරක්ෂක අංශයේ අය (ඔවුනුත් යුද හමුදා සෙබලුන්) ඔහුව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු ආවේ කුමකටදැයි ප්‍රශ්න කර තිබෙනවා. එවිට හේතුව කියා තිබෙනවා. (රටේ ජනාධිපතිවරයා, කථානායකවරයා ආ බැවින් එතුමන්ලාව දැක බලා ගැනීමට පැමිණියා).

(v). ඔහු සතුව කිසි සේත්ම පිස්තෝලයක් තිබී නෑ. එවැනි පිස්තෝලයක් තිබුණානම් එම රැස්වීමට ඇතුළු වීමට ඔහුට කිසි සේත්ම ඉඩක් ලැබෙන්නේත් නෑ. එම් සිද්ධිය ඇසින් දුටු හම්බන්තොට ශ්‍රීලනිප පාක්ෂිකයින් අපට වාර්තා කළ ආකාරයට එම රණවිරුවා සතුව තිබී ඇත්තේ මුදල් පසුම්බිය, වතුර බෝතලයක් සහ පුද්ගලික ලේන්සුවක් පමණක් බවයි.

(vi). ඉහත ලංකාදීප ලිපියේ මෙලෙස සඳහන්.

පොලිස් විශේෂ බලකාය නාමල්ගේ ආරක්ෂකයන් සෝදිසි කර ඔහු ළඟ පිස්තෝලයක් ඇති බව සොයා ගත්තේය. ඔහු එම ස්ථානයෙන් ඉවත් කැරිණි.

යහපාලන බොරුව අතේ පැලවුණ ප්‍රධානම තැන තමයි ඒ. යම් විදිහකින් රටේ ජනාධිපතිවරයා අසළට අනවසරයෙන් පිස්තෝලයක් හෝ වෙනත් ඕනෑම ආයුධයක් රැගෙන ආවානම් අනිවාරයයෙන්ම ඔහුව අත් අඩංගුවට ගත යුතුයි. ඒත් පවසනවා අදාල සැක කරුව “එම ස්ථානයෙන් ඉවත් කැරිණි” කියලා. පිස්තෝලයක් ගෙනාවා කියන කතාව පට්ට පල් බොරුවක් බව ඒකෙන්ම පේනවා.

(vii). එම රණවිරුවාව අත් අඩංගුවට ගෙන නෑ. ඔහු වැරැද්දක් කර නොමැති නිසා (ඒ කියන්නේ ඔහු ඔය කියන විදිහට පිස්තෝලයක් ගෙනැවිත් නැති නිසා) තමයි ඔහුව අත් අඩංගුවට නොගෙන එතනින් යැව්වේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුන වගේ, රටේ අලුත්ම ජනාධිපතිව දැකබලා ගන්න ආවට පස්සේ ප්‍රශ්න කළාම ඒ රණවිරුවා යන්න ගියා. නිවාඩු ලබා සිටින රණවිරුවෙකුට රටේ ජනාධිපතිවරයා සිටින රැස්වීමකට ඇවිත් වාඩි වෙන්න තහනම් වුණ බවකුයි දැන්නම් අපිට පෙනී යන්නේ.

(viii). වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ ප්‍රධනියා වන එස් එම් වික්‍රමසිංහ මහතා ගැනත් ලංකාදීප ලිපියේ සඳහන්. යහපාලන කෙප්පයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා අසලට පිස්තෝලයක් රැගෙන යාමට ඉඩ හැරියානම් එස් එම් වික්‍රමසිංහ මහතාව ඒ මොහොතේම ක්‍රියාත්මක වන පරිදි සේවය අත් හිටුවා තිබිය යුතුයි. එසේ නොකර ඇත්තේත් එවැනි පිස්තෝල හමුවීමක් නොමැති නිසා.

[3]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමානම් තමන්ගේ රැස්වීම් වලට එන නිරායුධ රණවිරුවන්ව කිසිදා හරවා යවන්නේ නෑ. ඒ විතරක් නොවෙයි එතුමා උතුරු නැගෙනහිර යුද වදින රණවිරුවන් ගාවටත් ගියා. ඒ ගියේ එම රණවිරුවන් මැෂින් ගන් ඇතුළු ජීව උණ්ඩ සහිත දරුණු ආයුධ වලින් සන්නද්ධව ඉන්නකොටයි. යුද්ධයක් දිනපු නායකයෙක්ගේ ප්‍රෞධත්වය එයයි. වාකරේ මහ සටන ජයග්‍රහණය කළ රණවිරුවන්ට සුබ පැතීමට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගිය මොහොත.

[4]. මහින්ද රාජපෂ මහතාට තර්ජනයක් වුණේ කොටි ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ හිතවතුන් මිස ශ්‍රී ලංකා හමුදාවන්ගේ සෙබලුන් නොවෙයි. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට මුළු ත්‍රිවිධ හමුදාවම සිටියත්, මේ වෙද්දී එතුමාගේ ආරක්ෂාව හොඳටම අඩු කර තිබෙනවා.

(i). ඊට හේතු වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන යන තැන් වල දහස් ගණනින් ජනතාව වටවීමත්, ඒක යහපාලන ආණ්ඩුවේ සමහරුන්ට ඇස් වල කටු ඇනෙනවා වගේ වීමත් නිසයි.

(ii). දෙමළ ඩයස්පෝරා තහනම ඉවත් කිරීමත් ඒ සමගම විදේශවල සිටින කොටි හිතවාදීන්ට කිසිදු අවහිරතාවයකින් තොරව ශ්‍රී ලංකාවට ඒමට හැකි වීමත් නිසා එතුමාගෙ ආරක්ෂාව මේ වන විට බරපතල අවදානම් තත්ත්වයකයි තිබෙන්නේ.

(iii). ලංකාදීපයේ දැක්වූ ව්‍යාජ පිස්තෝල සිද්ධිය ආකාරයේ කතන්දර, යහපාලන ආණ්ඩුවෙන් ගෙතුවේ අන්න ඒක සාධාරණීකරනය කිරීමටයි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ශ්‍රෙෂ්ඨාධිකරණයට දුන් පිටපත, කථානායක තුමාට දුන් පිටපත, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දුන් පිටපත, ජනමාධ්‍ය වෙත නිකුත් කළ පිටපත, ගැසට් කළ පිටපත ආදී වශයෙන් පිටපත් කිහිපයක්ම තිබෙන බවට චෝදනා  එල්ල වෙමින් පවති.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කල කතාව 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
කුරුණෑගලදි හූ...හඩ සහ කුණුහරූප වලින් සංග්‍රහ බෙදුම්වාදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග යලිත් දකුණේ රැස්විම් සදහා සහභාගි විම නතරකර දමා තිබෙන බව වාර්තා වේ.නමුත් මන්ගේ පක්ෂයෙන් පිට රැස්වීම් වලට සහභාගි වන සියලු දෙනාට දඩුවම් කරන්න යෝජනා කරමින් ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ කොළඹ ශාඛාව සංවිධානය කල, පක්‍ෂයේ නිර්මාතෘ වන එස්.ජේ.වී.චෙල්වනායගම් මහතාගේ අනුස්මරණ වැඩසටහන චන්ද්‍රිකා එක්වුයේ බෙදුම්වාදීන් සමග තමන්ගේ ඇති සබඳතාවයන් ජනතාව හමුවේ යලිත් තහවුරු කිරිමට බව දැන් නොරහසකි.

වරක් නොබෙල් ත්‍යාගය  ලබාගැනීමට කොටින්ට උතුර බෙදා දීමට සැරසුණු චන්ද්‍රිකා නැවතත් මේ සුදානම් වන්නේ සිංහල ඒකාධිකාරය අවසන් කිරිම හරහා යලිත් නොබෙල් ත්‍යාගයට වගකිමටද?

“අප අද යුද්ධයෙන් ජයග්‍රහණය කර ඇත්තෙමු. එනමුත් තවමත් සාමය දිනාගත්තේ නැත. ගැටුමක් හෝ යුද්ධයකදී සාමය ගෙනඒම අවශ්‍යය නැත. යුද්ධය නොමැතිවීම සාමය යනුවෙන් ප්‍රකාශ කිරීමටද නොහැකිය.

ජයග්‍රහණයට වඩා සාමය ඉතා වටිනාය. බොහෝ යුද්ධයන්හි ජයග්‍රහණය සාමය ගොඩනැගීම අරමුණු කරගත් ඒවා නොවුණි.

ඉතිහාසය තුල වැරදි කලේ කවුද යනුවෙන් මතක් කරමින් සිටිය නොහැකිය. ක්‍රමවේද සහ ගැඹුරු අංශ වෙනස් කර, ගැටුම් සමතයකට පත්කර ගැනීමට පූර්ණ ක්‍රමවේදයක් අවශ්‍යය. සුළු ජාතිකයින්ගේ ගැටළු වලට සාමකාමී දේශපාලන විසඳුමක් ලබාගැනීමට චෙල්වනායගම් උත්සාහ කල බව අප දන්නෙමු. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම, ඩඩ්ලි – සෙල්වා ගිවිසුම යනාදිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන ලදි.

මාගේ පියා වන බණ්ඩාරනායක විසින් ගෙනඑන ලද ‘සිංහල පමණක්’ නීතිය සමහරෙකු සිංහල ඒකාධිපතිවාදය ස්ථාපිත කිරීම සඳහා වන තීරණයක් ලෙස දකින ලදි. එනමුත්, මට එලෙස බැලිය නොහැකිය. වත්මන් රජය ඉඩම් ගැටළුවට විසඳුම් දැකීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කාන්තාව ගෘහමූලික කරගත් පවුල් වල ආර්ථික සංවර්ධනය, යුද්ධයේ අවසන් අදියරයේදී දෙපාර්ශවය විසින් සිදුකල යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම තුලින් වගවීම තහවුරු කිරීම, දෙමළ ජනතාවට සමාන අවස්ථා ලබාදෙන අන්දමින් සියළුදෙනාට පිළිගත හැකි දේශපාලන විසඳුමක් ලබාගැනීම යන කරුණු වලට ප්‍රමුඛත්වයදී කටයුතු කරයි” 

Posted by රට නඟන නිල් රැල්ල - Rata Nagana Nil Ralla on Sunday, April 26, 2015

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 620ක මුදලක් අනිසි ලෙස පරිහරණය කල බව පවසමින් චන්ද්‍රිකාගේ බලු කුක්කා වි සිටින පොලිස් මුල්‍ය අපරාධ ඒකකය පරීක්ෂණ එකකයේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මෙහෙයවමින් හිටපු ජනාධිපති ලේකම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලලිත් විරතුංග හිටපු  අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට අත් අඩංගුවට ගැනිමේ සුදානමක් පවතින බව ආරක්ෂක තොරතුරු අනාවරණය කරන අප විශේෂ වාර්තාකරු සදහන් කරනවා.

මේ සතිය තුළ මොහුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රුපියල් මිලියන 620ක මුදලක් ලබාගෙන ඉන් සිල් රෙදි මිලදී ගෙන ජනවාරි 04 පෝය දින පන්සල්වලට බෙදා හැරීම මෙම දෙදෙනාට නගා ඇති චොදනාවයි.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රැගෙන අර්ජුන,චන්ද්‍රිකා හමුවේ -යහපාලන අධිකරණය බල්ලට යයි

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල්  28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි.

විපක්‍ෂයේ පක්‍ෂවල නායක දේශපාලනඥයන් අතරෙන් ප්‍රශ්නය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කෙළේ, කරන්නේ දිනේෂ් ගුණවර්ධන පමණ ය. මාධ්‍ය සාකච්ඡාවලට පැමිණි බොහෝ උගතුන් දහනවවැනි සංශෝධනය කියවා නො තිබිණි. දේශපාලනඥයන් ගැන කියනුම කවරේ ද? අප විසින් විවිධ අවස්ථාවල දී ඉදිරිපත් කෙරුණු කරුණු මෙසේ සාරංශ කළ හැකි ය. 

ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය නොදිය යුතු ය. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතු ය.    

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපති සංශෝධනයකි.

මෙහි අරමුණ විධායක ජනාධිපති බලතල කප්පාදු කර විධායක අගමැතිවරයකු ඇති කිරීම මිස පා ර්ලිමේන්තුවට බලය පැවරීම නො වේ. 

අද රනිල් මෙයට එකඟ වන්නේ ඔහුට  කිසි දිනෙක ජනාධිපතිවරණයකින් විධායක ජනාධිපති විය නොහැකි බැවිනි. ඒ බව බටහිර ද ඉන්දියාව ද දනියි. 2005 දී පැරදුණු ඔහු ඉන්පසු දෙවතාවක් ම ඊනියා පොදු අපේක්‍ෂකයන්ට ඉඩ දුන්නේ ය.

එබැවින් ජනාධිපති වීමට නොහැකි ඔහුට අවශ්‍ය අගමැති වී විධායක බලතල ලබාගැනීම ය

අද කෙසේවත් ඔහු නීත්‍යානුකූල අගමැති නො වේ. ඔහු අගමැතිකම පික්පොකට් ගැසූවෙකි. එවැන්නකුට විධායක බලතල දීම වඩාත් භයානක ය. 

ඔහුගේ අභිප්‍රාය මුල් සංශෝධනයෙන් පැහැදිලි විය. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඇතැම් වගන්ති ජනමත විචාරණයකට ලක්කිරීමට නියෝග නොකරන්නට ඔහු ඒ සියළු බලතල හිමිකර ගනු ඇත. ජනමාධ්‍ය සම්බන්ධ ඒකාධිපති සංශෝධන ඉවත්කර ගත්ත ද ඔහුගේ අභිප්‍රාය පැහැදිලි ය.

මෙය ඉදිරිපත් කෙරෙන්නේ සොභිත හිමියන් පවසන පරිදි මෛත්‍රිපාල ස්වකැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට සූදානම් නිසා නො වේ. ඔහුට එය නොකර බැරි ය. ඔහුට ඊනියා පොදු අපේක්‍ෂකත්වය ලැබුණේ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ය. ඒ ගනුදෙනුවට අනුව විධායක බලතල අගමැතිට හිමිකර දිය යුතු ය. අද සිදුවන්නේ ඒ ගනුදෙනුව ය. 

මෛත්‍රිපාල බලලෝභී නොවන දේශපාලනඥයෙක් නො වේ. ඔහු බලලෝභී නොවන්නකු නොවන බව පෙන්නුම් කෙරෙන්නේ ඔහු අගමැති වීමට ඇල්ලූ පොරයෙනි. ඒ පොරය නිමල් සිරිපාල ද සිල්වා සමග විය. මෛත්‍රිපාල සියල්ල අත්හැරීමට සූදානම් බෝසතකු නම් කළ යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රගතිය සඳහා අගමැති පොරයෙන් ඉවත්වීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. 

තමාට අගමැතිකම නොලැබීමේ පළිය ගැනීමට ඔහු විවිධ ඔත්තු සේවාවල අනුග්‍රහයෙන් රනිල් සමග එකතු විය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසීම සඳහා මෛත්‍රිපාල යොදා ගත්තේ ය.  රනිල්ට අවශ්‍ය වූයේ අගමැතිකම පික්පොකට් ගසා විධායක බලතල තම අතට ගැනීම ය. 

ඕනෑම පනතක සංක්‍රමණීය විධිවිධාන වැදගත් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 54 (අ) වැනි වගන්තිය අනුව එය සම්මත වුහොත් එසේ සම්මත වීමෙන් පසු දිනයේ සිට ද  සිටින ජනාධිපති හා අගමැති ඒ තනතුරුවල රැඳී සිටිති. එහෙත් ඇමතිවරුන් සම්බන්ධයෙන් එවැන්නක් නො කියැවෙයි. ජනාධිපති රැඳී සිටීම තේරුම් ගත හැකි ය. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට අද නො හැකි ය. එහෙත් අගමැති දිගින් දිගට ම රැඳී සිටිය යුත්තේ ඇයි? 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තමන්ගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කළ හැකි ය. 

රනිල්ට පැහැදිලිව ම මෛත්‍රිපාල ගැන විශ්වාසයක් නැත. මෛත්‍රිපාල ජනවාරි 9 වැනි දා තමන් අගමැති ලෙස පත්කළ ආකාරයට ම සංශෝධනයෙන් පසු වෙනත් අයකු අගමැති ලෙස පත්කිරීමට ඉඩ ඇති බව රනිල් දනියි. එබැවින් එවැන්නකට ඉඩ නොතබා  සංක්‍රමණීය විධිවිධාන මගින් තමන් මෛත්‍රිපාලගේ ආධාරයෙන් පික්පොකට් ගැසූ අගමැති ධුරය නීත්‍යානුකූල කරගැනීමට රනිල් කටයුතු කර ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ ඉතා පෞද්ගලික හා ජනවාර්ගික හේතු මත ඉදිරිපත් කරන 19 වැනි සංශෝධනයට පක්‍ෂ නො වීම ය. අඩුම වශයෙන් ඔවුන්ට සංශෝධන දෙකක් ඉදිරිපත් කළ හැකි ය. එකක් 54 වැනි වගන්තියේ අගමැති ධුරය යන්න ඉවත්කිරීම ය. දෙවැන්න පාරිලිමේන්තුවට අගමැති තේරීමේ බලය පැවරෙන  ලෙස 42 (4) වගන්තිය සංශෝධනය කිරීම ය. ඒ සංශෝධන සම්මත වුවහොත් ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවට අඩුම තරමෙන් අගමැති තේරීමේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලයවත් හිමිවනු ඇත. 

මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය. 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට වඩාත් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, බටහිරයන්ට හා ඉන්දියාවට (13 වැනි සංශෝධනයෙහි නිර්මාතෘවරුන්ට), ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට හා සරසවි ඇදුරන් කිහිප දෙනකුට ය. මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තකු පමණ ය.   

දහනවවැනි සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ව්‍යවස්ථා සභාවේ සංයුතිය සිංහලයන්ට අහිතකර ය. එහි අඩුම තරමෙන් 70%ක් සිංහල විය යුතු බව සඳහන් විය යුතු ය. මේ ව්‍යවස්ථා සභාව මගින් දෙමළ ජාතිවාදය බෞතීස්ම කරනු ලැබූ 1833ට අපි ආපසු යමු. එහි සිංහලයන් වෙනුවෙන් ද දෙමළ ජනයා වෙනුවෙන් ද එක් මන්ත්‍රීවරයකු බැගින් පත් කෙරුණේ සිංහලයන්ගේ ඉතිහාසය, ජනගහන ව්‍යාප්තිය ආදිය නොසලකමිනි.

ඊනියා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු මේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කෙරෙති. ස්වාධීන කොමිෂන් සභා යනුවෙන් සභා ලංකාවේ නම් නැත. මේ ව්‍යවස්ථා සභාවෙන් පත්කෙරෙන සභාපතිවරු කෙසේ ක්‍රියාකරනු ඇත් දැයි අපට සිතාගත හැකි ය. මේ සභා, දූෂණ සුජාත කිරීම සඳහා පමණ  ය.

අද කියාත්මක වන මැතිවරණ ක්‍රමය දූෂණ හා මැරබලය තහවුරු කරයි. පළමුව ඒ වෙනස් කළ යුතු ය. සමානුපාතික හා කේවල මිශ්‍ර ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. 

ඒ සංශෝධනය පසුව ඉදිරිපත් කිරීමේ ඊනියා පොරොන්දුවක් මත 19ට පක්‍ෂව ඡන්දය දිය හැකි නො වේ. දෙන්නම් කාසිවලට කටයුතු කිරීමට ජනතාවගේ නියෝජිතයන්ට ජනතාව බලය දී නැත.  

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන  හා ශ්‍රී ල නි ප කිහිප දෙනකු ගෙන යන සටනට ආධාර පිණිස මහින්ද රාජපක්‍ෂ වහාම සංශෝධනයට විරුද්ධත්වය පාමින් ප්‍රකාශයක් කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 28

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ නොකියාව පක්ෂයෙන් ඉවත්විමට විවිධ හේතු තිබුනද ආසන්නතම හේතුව එජාපයෙන් ලැබුණු ලක්‍ෂ 350ක මුදලක් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාලව ලබා දෙන ලද රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාදි ඇති අතර එය පක්ෂයේ පොදු ගිණුමට නොදමා පක්ෂ නායක අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ගිණුමට දමා තිබේ.

ඊට අදාලව පක්ෂය තුල ඇතිවුණු මතගැටුමක අවසාන ප්‍රථිපලය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉවත්වුබව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මෛත්‍රිපාල සිරිසේන රසිකයෙකි. ඔහුට කවි හා විරිදු කීමට හැකි ය. ඔහු ඉඳහිට විහිළු ද කරයි. ජනතාව ඔහුගේ විහිළුවලින් රසයක් විඳිති. එහි වරදක් නැත. ජනාධිපති ජනතාව සතුටු කළ යුතු ය. ඔහු බොරු කියන්නේ යැයි මම නො කියමි. රහතන් වහන්සේට අනුව නම් අප වැනි පෘථග්ජනයන්ගේ සියළු දැනුම් මුසා ය. එහෙත් මා මෙහි දී බොරු යන වචනය යොදන්නේ ඒ අරුතෙන් නො වේ.

සම්මතය හා සම්මුතිය අනුව මා ගෙදර යමින් ගෙදර යනවා යැයි කීම රහතන් වහන්සේට අනුව මුසාවක් වුවත් පෘථගාජන අපට අනුව මුසාවාදා සිකපදයට අයත් වන මුසාවක් නො වේ. එහෙත් සම්මතය හා සම්මුතිය අනුව වුව ද මා කාර්යාලයට යමින් ගෙදර යනවා යැයි කීම මුසාවකි. මෙරට බොහෝ පඬියන්ට ඒ අවස්ථා අතර වෙනස තේරුම් ගැනීමට නො හැකි ය. 

මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණේ ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම භාරගත්තේ මහත් වගකීමකින් බව ය. සභාපතිකම භාරගත්තේ ශ්‍රී ල නි පක්‍ෂය දිනවීමට බව ද ඔහු කියයි. එහෙත් ඔහු නොකියන වැදගත් කරුණු දෙකක් වෙයි. එකක් නම් ඔහු ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති නොවන බව ය. එනම් ඔහුට නී්‍යානුකූල ව  ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම නොලැබුණු බව ය. අප කිහිප වතාවක් ම පෙන්වා දී ඇත්තේ ශ්‍රී ල නි ප ව්‍යවස්ථාව අනුව  පක්‍ෂයෙන් හෝ පක්‍ෂය නායකත්වය දරණ සන්ධානයකින් ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කරන පුද්ගලයකු පක්‍ෂයේ සභාපතිකමට පත්වෙයි. එසේත් නැතහොත් පක්‍ෂයේ විධායක සභාව විසින් යම් පුද්ගලයකු පක්‍ෂ සභාපතිත්වයට පත්කරගනු ලැබිය යුතු ය. 

එහෙත් මේ දෙකෙන් එකක්වත් මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් ඉටු වී නැත. ඔහු ජනාධිපති වූයේ ශ්‍රී ල නි පක්‍ෂයට එරෙහි ව තරග කරය. එබැවින් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වයට පත් වී නැත. මහින්ද රාජපක්‍ෂට නොව ශක්‍රයාටවත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම භාරදිය නො හැකි ය. රනිල් වික්‍රමසිංහ අගමැතිකම පික්පොකට් ගසා ඇති අන්දමට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම පික්පොකට් ගසා ඇත. මෛතිපාල තමා ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති යැයි කීම රහතන් වහන්සේට අනුව මෙන් ම පෘථග්ජනයන්ගේ සම්මුතිය හා සම්මතය අනුව ද මුසාවකි. 

දෙවැන්න බටහිර රටවල ද ඉන්දියාවේ ද මෙරට විජාතික බලවේගවල ද ආධාරයෙන් හා අනුග්‍රයෙන් දෙමළ ජාතිවාදී හා මුස්ලිම් ආගමිකවාදී පක්‍ෂවල සහාය ඇතිව ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය පැරදවීමට මෛත්‍රිපාල දායක විය. ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කිරීමට ඔහු ක්‍රියා කෙළේ ය. ඔහුට අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයක් නැත. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවිය නො හැකි ය. ඔහු කියන දෙයට බොහෝ පක්‍ෂ සාමාජිකයන් සවන් නොදෙන බව පැහැදිලි ය. 

එවැනි මෛත්‍රිපාල සිරිසේන කෙනකු ශ්‍රී ල නි පක්‍ෂය දිනවන්නේ කෙසේ ද? නුදුරු අනාගතයේ දී නිල වශයෙන් ශ්‍රී ල නි පක්‍ෂ දෙකක් ඇතිවුවහොත් මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය මැතිවරණයක දී අන්ත පරාජයක් ලැබීමට නියමිත ය. මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයක් දිනවීමට නො හැකි ය. මෛත්‍රිපාල බොරු කියන්නේ ද විහිළු කරන්නේ ද යන්න තීරණය කිරීමට ත්‍රිපුද්ගල නීතිඥ කමිටුවක් පත්කරන ලෙස රනිල්ගෙන් ඉල්ලා සිටිය යුතු ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 27

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
19 වන ව්‍යවස්ථා සංශෝදනයේ නායකත්ව ජවනිකා රඟපාන 4 දෙනෙක් ඇත. ඒ සිරිසේන, රනිල් , චන්ද්‍රිකා හා සෝබිතය,මහා ජනතා සේවයක් ලෙස පෙන්නමින් දොරට වඩන ව්‍යවස්ථා සංශෝදනය පිටුපස ඇති මොවුන් සිව් දෙනාගේපෞද්ගලික  අරමුනු 19 ව්‍යවස්ථා සංශෝදනය හරහා ඉටුවන ආකාරය වටහා ගැනීම ජනතාවට  වැදගත්ය

1) සිරිසේන පොදු අපේක්ෂ්කයා ලෙස ඉදිරිපත් වුයේ ජනාධිපති විධායක බලතල ඉවත් කරනවාය යන පැහැදිලි පොරොන්දුව පිටය. ජනාධිපති තරඟයකින්නම් කිසිදිනක දින්නනට බැරි බව ඒවනවිට  වටහා ගෙන සිටි රනිල් 30 ලක්ෂයක් පමන වූ තම චන්ද  පදනම සිරිසේනගේ සහායට ලබාදුන්නේ මෙම කොන්දේසිය මතය. ජනධිපති ක්‍රමය දුර්වලකොට ඒ හරහා පලාත් සබා ශක්තිමත් කොට අවසානයේ ඒකිය ලංකාව දෙකඩ කොට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්තානය යලි අස්ථාවර කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම සමඟ ඊනියා ජාන්ත්‍යන්තරයද මෙම සැලසුම පිටුපස සිටින බැවින් දින්නට පසු විධායක බලතල ඉවත් නොකර බේරෙන්නට කොතරම් අකමැති උනත් සිරිසේනට නොහැක. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ 19 ව්‍යවස්ථාවේ සමහර ඡේද ජනමත විචාරණයකින් පසුව අනුමත කල යුතු බවය. ජනමතයට පන බය පික් පොකට් අගමැති රනිල් මේ ඡෙද අතහැර ඉතුරු ටික පමනක් සංශෝදනය කරන්නට තීරණය කිරීමෙන් සිරිසේන ගොඩගියේය. දැන් වෙන්නේ  ඔහුගේ විධායක බලතල අඩුවීමක් නොවේ. අගමැතිටද යම් බලතල ප්‍රමානයක් ලැබීම පමනි. වැඩ කරන්නට නොදන්නා සිරිසේනට රනිල් වැඩ කලාට ප්‍රශ්නයක් නැත. පිටරට සවාරී ගසමින් සුද්දන් තමුන්ට සැලකූ හැටි ගැන රටට කයිවාරු ගසමින් ඉන්නට පුලුවන්නම් බටහිර ගැති හීනමානයකින් පෙලෙන  ඔහුට ඒ ප්‍රමානවත්ය. උපන්ගෙය් බොරුකාරයෙකු වන සිරිසේනට මෙහි ඇති විශේෂම වාසිය නම් තම බලය කිස්සේත් අඩුනොවන 19 සංශෝදනය මහා පරිත්‍යාගයක් කිරීමක් මෙන් අඟවා මේ රටේ අහිංසක  ජනතාව නැවත රැවටීමට අවස්ථාවක් දැන් උදාවී තිබීමය්. වැඩ බැරි උනත් කතාවට දක්ෂ සිරිසේන මෙය යහමින් කරමින් සිටී

2) රනිල් - 29 පාරක් විවිධ චන්ද පැරදුනු රනිල් ජනධිපතිවරණ 2ක්ම පරාද වන තුරු විධායක ජනාධිපතික්‍රමයට පක්ෂව සිටියේය. ජනමත විචාරනයක් අවශ්‍ය සංශෝදන ඉවත් කොට දැන් මේ ඉදිරිපත් කරන අර්ධ පූර්ණ  19 ව්‍යවස්ථාවෙන්  ජනාධිපති විධායක බලතල අඩු නොවන බව ඔහු හොදින් දනී. නමුත් දුර්වල පාලකයෙකු බව දැනටමත් පෙන්වා ඇති තමුන්ට සර් කියන මෛත්‍රිපාල ජනාධිපති පුටුවේ ඉන්නා තුරු වැඩ කෙරෙන්නෙ තමුන්ට ඕනෑ විදියට බව ඔහු හොදින් දනිය්. අද ඔහුගේ එකම අරමුණ පික් පොකට් ගසා ලබාගත් අගමැති කමට 19 වෙන සංශෝදනය හරහා තව තව බලතල එකතු කර ගැනීමය. ඒ සමඟම  තම ප්‍රතිවාදීන් කරලියෙන් ඉවත් කර ගැනීමය. මෙම සංශෝදනයෙන් ඔහු අත්කර ගන්නා වැදගත්ම දෙයනම් අනාගත ජනධිපතිවරනයකදී රනිල්ට මහින්ද රාජපක්ෂ් මුන ගැසීමට අති අවධානම ඉවත් කර ගැනීමය. ඒ එක් අයෙකුට දෙවරකට වඩා ඉල්ලනට බැරි කිරීමෙනි. නරියෙකුට වඩා කපටි රනිල් එක ගලෙක් කුරුල්ලන් දෙදෙනෙකු මරාගැනීමට ඒ අනුව සමත් වී ඇත.

3) චන්ද්‍රිකා - චන්ද්‍රිකාගේ වර්තමාන දේශපාලනයේ ප්‍රධාන අරමුනු දෙකක් ඇත. පලමුවැන්න නම් මහින්ද රාජපක්ෂ සමග ඇති මරාන්තික පෞද්ගලික වෛරය නිසා මහින්දට නැවත මේ රටේ නායකයා වීමට ඇති ඉඩකඩ ඇහිරීමය.දෙවැනි කාරනය මේ රටෙ බොහෝ දෙනෙකු නොදන්න රහසකි.  බටහිරට නම්මා ගත නොහැකිවූ අභීත ශ්‍රී ලාංකික නායකයා පලවා හැරීමේ කුමන්ත්‍රණයට නායකත්වය දෙන්නට වසර කිහිපයකට පෙර  විදේශ රහස් ඔත්තු සේවාමගින් චන්ද්‍රිකාව තෝරගත් විට මෙම සේවාවට වන්දියක් ලෙස චන්ද්‍රිකා බොහෝ සේ ආසා කරන දෙයක් බටහිරින් පොරොන්දු වී ඇත.ඒ ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට කරන උත්සාහය අගය කිරීමක් ලෙස ඇයට සාම නොබෙල් ත්‍යාගය ලබා දීමය්. තමුන් ජනාධිපති කාලයේ ප්‍රබාකරන් දිගට හරහට සිංහලයන් මරද්දී ඇය මංගල සමරවීර සමග සුදුනෙලුම් තවලමක් රටපුරා ගෙනියමින් කාලය නාස්ති කලේද, සුනාමි සහන මන්ඩලය හරහ 10 වසරකට උතුරු නැගෙනහිර පාලනය ප්‍රබාකරන්ට දෙන්නට යෝජනා කලේද  මෙම නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීමේ  පිස්සුව නිසාය. මෛත්‍රිපාල දිනපු ගමන් ජාතික සහජීවන මන්ඩලයක් පිහිටුවා එහි සබාපතිකම චන්ද්‍රිකාට දුන්නේ මේ සැලැස්මෙ කොටසක් වශයෙනි.උතුරේ හමුදා ඉඩම් දෙමල ජනතාවට බෙදා දීම, හමුදාවන් බැරැක්ක වලට සීමා කිරීම, හමුදා බලය අඩු කිරීම, ජාතික ගීය දෙමලෙන් ගැයීමත අවසර දීම සහ දැන් 19 වන ව්‍යවස්ථාව හරහා උතුර හා නැගෙනහිර එක්වීමට තිබු ප්‍රධාන බාධකය වන ජනාධිපති ක්‍රමය දුර්වල කිරීම යන සියල්ලේ අවසාන ගෞරවය ඇයට ලබා දීම මෙම තනතුරේ අරමුණය්. අවසානයේ චන්ද්‍රිකා අයගේ සිහින නම් සැබෑකරගනු ඇත. එහෙත් ලෙයින් කදුලෙන් දිනූ දේශය නැවත අපට අහිමිවනු ඇත.

සෝබිත - මොහු ඉතිහාසය පුරාම විදේශ ඔත්තුසෙවා වලට ඩොලර් වලට වැඩකරන්නෙකි. පන්සලෙන් එහාට යන මොහුගේ පෞද්ගලික ජීවතය ගැන දන්නෝ හොඳින් දනිති. මහින්ද රාජපක්ෂ එලවා දමා රට අස්ථාවර කිරීමේ කොන්ත්‍රාත්තුවේ මූලික කොටස් කරුවෙකු වන සොබිතට බටහිරින් බාරදුන් ප්‍රදාන වගකීම් දෙකකි. පලමුවැන්න නම් මහින්ද රාජපක්ෂ පැරදිවිය හැකි පොදු අපෙක්ෂකයෙකු සොයා ගැනීමේ මූලික වගකීම බාරව තිබූ චන්ද්‍රිකා සමග එක්ව කුමන්ත්‍රණයේ පලමු අදියර දියත් කිරීමය්. එය ඔහු විසින් සාර්ථකව ඉටු කරනා ලදී. දෙවැන්නනම් ජනාධිපති ක්‍රමය දුර්වලකොට බෙදුම්වාදයට හිස ඔසවන්නට පාර කැපීමට අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝදනයය්. ජනවාරි 9 වෙනිදා සිට සෝබිතගේ එකම අපේක්ෂාව නම් 19 වෙනු ව්‍යවස්ථා සංශෝදනයය්. මොහු කිසිසේත්ම ජාතියට ආදරය කරන්නේ නොවේ. ඒ සඳහා උදාහරණය  නම් පසුගිය දිනවල මෛත්‍රීපාල, රනිල්, චන්ද්‍රිකා එක්ව අපේ හමුදා සෙබලුන් ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් සාම්පූර් කඳවුර ඉවත් කරද්දී, හමුදා ඉඩම් ටී. ඇන්. ඒ. සාමාජිකයන්ට බෙදාදෙද්දී, සිංහලයන් දෙමල ජාතිය සමූලඝාතනය කලායැය් යෝජනාවක් උතුරේ සම්මත වෙද්දී, මේ රටේ සිදුවූ ඉහලම මුල්‍ය අපරාධය මහබැංකුවේ සිද්ද වෙද්දී ඇස් කන් පියාගෙන සිටි මේ චීවරධාරියා 19 ය සම්මතකරගන්නට සත්‍යග්‍රහ කරන්නට පෙලපාලි යන්නට ඉදිරිපත් වීමය්. ඩොලර් වලට කෑදර කමට සිංහල ජාතියට මොහු මේ කරන හානිය කිසිසේත් සුළුකොට තැකිය යුතු නැත.

~~විශේෂ වාර්තාකරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com