Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » එලිපිටම ඊළාම ගැන කතා පවත්වයි-හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න ජිනිවා නුවර පෙත්සම් ගහයි

ප්‍රභාකරන්, දෙමළ ජනතාව සහ අපගේ භූමියේ වීරත්වයේ සංඛේතය බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනය වරණි මධ්‍යම මහා විද්‍යාලයේ තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව විවෘත කිරීමේ වැඩසටහන එක්වෙමින් පවසා තිබේ.

"ජීවත්වන ජීවිතයේදී අප දක්ෂතා මේ ලෝකයට හඳුන්වාදිය යුතුය. විවේකානන්ද ස්වාමි, තරුණ චින්තනය සඳහා වන සංකේතයයි. තෙරේසා මව්තුමිය, ප්‍රේමය සහ පෙළඹවීමේ සංකේතයයි. නෙල්සන් මැන්ඩෙලා, විමුක්ති සටනේ සංකේතයයි. ප්‍රභාකරන්, දෙමළ ජනතාවගේ සහ අපගේ භූමියේ වීරත්වයේ සංකේතයයි. එබැවින් සිසුන් සහ අප මේ ලෝකයේ දක්‍ෂ පුද්ගලයින් ලෙස වෙනස්විය යුතුය. එයට සටන්කල යුතුව ඇත. එයට ජයග්‍රහණය පිළිබඳව විශ්වාසය අවශ්‍යයි. විශ්වාසයකින් සිටින පුද්ගලයින් ජයග්‍රහණය කරනු ඇත. සියළු ජීවයන් සටන්කරමින් දිනපතා ජීවත්වනු ඇත."

"එබැවින්, ජීවිතයේ සෑම අංශයකින්ම අප ජයග්‍රහණය කිරීමට දැනුම සහ අධ්‍යාපනය වර්ධනය කර, මෙම ලොව අප ජයග්‍රහණය කල යුතුය. එයට මෙම තාක්‍ෂණික විශ්ලේෂන ශාලාව අවස්ථාවක් කරගත යුතුය” යනුවෙන් එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කර තිබේ"

මේ අතර එක්‌සත් ජාතීන්ගේ නීතිරීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් ඊළාම්වාදීන් පිරිසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ අංක 9 ශාලාවේදී ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතු යයි දක්‌වමින් අත්සන් ලබාගැනීමට ක්‍රියාකර තිබේ.රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය රාජ්‍ය නොවන සංවිධාන සාකච්ඡාවක්‌ සඳහා යයි දක්‌වමින් මානව හිමිකම් කවුන්සලයට පැමිණි විදේශිකයන්ගෙන් මෙලෙස අත්සන් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන ලෙස ඉල්ලමින් ඊළම් ඩයස්‌පෝරාව අත්සන් දසලක්‍ෂයක්‌ ලබා ගැනීමට දියත් කළ මෙහෙයුම බිඳ වැටී ඇති  බව වාර්තා වේ.මේ සඳහා මෙතෙක්‌ අත්සන් කර ඇත්තේ ලක්‍ෂ දෙකක පිරිසක්‌ යෑයි පවසන ඊළම් ඩයස්‌පෝරාව ලොව පුරා සිටින ද්‍රවිඩයන් ඊට අත්සන් නොකිරීම ගැන චෝදනා කර තිබේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments