Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

සුලං කොපමණ සැරෙන් හැමුවත් ....
සැලෙන්නේ නැති ගල් කුලක් සේ .....
රිදුම් දෙන නින්දා ප්‍රශංසා....
හමද්දි නැනවත්තු නොසැලෙත්....//



දැන් නිහඬව සිටියා ඇති, අගාධයට යමින් තිබෙන රට බේරාගන්නට අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න’ කියා මෙහි දී හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට මහජන නියෝජිතයන් ඇතුළු ජනතාව හෙට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලින් ආරම්භ වි පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස වෙත යාමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගිවන ජනතාවට පෙරවරු 8.00ට දෙවිනුවර උපුල්වන් දේවාලය අසලට හෝ පෙරවරු 9.00ට තංගල්ල කාල්ටන් නිවස අසලට එක්වන ලෙස මෙම රථ පෙරහර සංවිධායක වන බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටී.

ඉදිරි මහ මැතිවරණයේ දී සිය සහභාගිත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‍හෙට පෙරවරු 10.30ට වීරකැටිය, මැදමුලන නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 
-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් අගමැතිවරයෙකු පත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිලිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකර නොමැති බව දන්වා සිටිමු යනුවෙන් මෛත්‍රීපාලගේ බත් ගොට්ටන් ජනාධිපති මාධ්‍ය එකකය හරහා නිවේදන නිකුත් කිරිම හරහා කරුණු දෙකක් තහවුරු කර තිබේ.

ඉන් පලමු වැන්න මහින්ද නොමැතිව ශ්‍රිලනිපය හෝ සන්ධානයකට ජයග්‍රහණයක් ලබාගත නොහැකි බවත්.දෙවැන්න සන්ධාන මැතිවරණය මෙහෙය විමේ බලය හා නාමයෝජනා මහින්දට ලබා දිමට මෛත්‍රීට සිදුවි ඇත යන්නයි.

නමුත් මෛත්‍රී බොහෝ දේ ඉගෙන ගත යුතුව තිබේ. නැතහොත් රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම වලට පටහැනිව ශ්‍රිලනීප මාධ්‍ය නිවේදන ජනාධිපති මාධ්‍ය අංශය හරහා නිකුත් කිරිමට කටයුතු නොකරනු ඇත.

විශේෂ නිවේදනයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලබා දීම සම්බන්ධවයි

ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.සියළුම දිස්ත්‍රික්ක වලට අදාල අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු මේ සතියේ සිකුරාදා එනම් ජුලි මස 03 වෙනි දින අවසන් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මේ වන විට අපේක්ෂකයන් තේරීමේ නාම යෝජනා කටයුතු සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුල තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති අතර අගමැති අපේක්ෂකත්වය පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැති තුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් අගමැතිවරයෙකු පත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිලිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකර නොමැති බව දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය 
2015 - 06 - 30
-
මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය. 

මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය  හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත. 

ඔහු ඒ බවට පොරොන්දුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ.  මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය. 

අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

නලින් ද සිල්වා

2015 ජූනි 30

-
ජාතික හෙළ උරුමයට වැලේ වැල් නැතිවි ඇති බව වාර්තා වේ.බෙදුම්වාදීන්ගේ මුදල් මත යැපෙමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ එක්සත් ජනතා සන්ධානය පාවාදෙමින් කටයුතු කල පාඪලී චම්පික රණවක සහ රතන හිමියන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මෙහෙය වන්නේ නම් නාම යෝජනා ලබාදිමට මහින්ද පාර්ශවයේ ප්‍රභලයන් සිය අකමැත්ත පලකර තිබේ.

පාඪ්ලී සහ රතන යනු කිසිදිනක විස්වාසය තැබිය හැකි පුද්ගලයන් දෙදෙනෙකු නොවන බවත් අද වනවිට ජාතික හෙළ උරුමය යනුවෙන් පක්ෂයක් නොමැති අතර රතන-චම්පික-නිශාන්ත පමණක් සිටින ත්‍රීඉ රෝද රථයක් බවද සන්ධාන ප්‍රභලයන් මහින්දට පෙන්වා ඉ තිබේ.

පසුගිය කාලසිමාවේ බැසිල් රාජපක්ෂ රෝහලේ සිටියදි රහසිගතව හමුවි මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය භාරගෙන මෙහෙයවන්නේ නම් ජාතික හෙළ උරුමය නීයෝජනය කරමින් තමන්ට හ පාඪ්ලී චම්පිකට මැතිවරණයට ඉදිරිපත් විමට අවස්ථාව උදාකර දෙන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව තරගවදින බවත් හිටපු ජනපති සම්බන්ධයෙන් ජනපති ගන්නා තීරණයට එකගවන බවද රතන හිමි මාධ්‍ය හමුවක් කැදවමින් පවසා තිබේ.රතන ඒ හරහාද උත්සහ කරමින් සිටින්නේ සන්ධානය මෙහෙය විමේ බලය මහින්ද අතට ගියහොත් මෛත්‍රී පිහිටෙන් හෝ සන්ධානයට රිංගා ගැනිමට බවයි අනාවරණය වි ඇත්තේ.

මේ අතර එක්ස්ටසි‘ නමැති හෙරොයින් වලටත් වඩා භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් සමග ඊයේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී අත් අඩංගුවට ගත් ජනාධිපති උපදේශක, ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ලේකම් වරයෙකු යැයි ඔහු විසින්ම නලින්ද ලක්ෂාන්, සහ සීඅයිඩියේ සීඅයියූ බුද්ධි අංශ නිලධාරී කවීෂ වීරක්කොඩි ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධාගාර ගත කර තිබේ.

එම සිද්ධිය අල්ලා ගනිමින් එක්සත් ජාතික පක්ෂය රතන හිමියන්ට මඩ ගැසිම ආරම්භ කර ඇති අතර පාඪ්ලී චම්පික රණවක සම්බන්ධයෙන්ද ඉදිරියේදි මඩ මෙහෙයුමක් දියත් කිරිමට මේ වනවිටත් එජාප මඩ කල්ලිය සුදානමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

-
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ බලය  සම්පුර්ණයෙන්ම මහින්ද පාර්ශවය විසින් අත්පත්කරගෙන තිබේන බව අප දේශපලාන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව ලබන අගෝස්තු 17 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධානයේ අපේජෂක කණ්ඩායම් නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකඟතාවය දැනට පලකර තිබේ.

නිමල් සිරිපාලද සිල්වා, අනුර ප‍්‍රියදර්ශණ යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් මේ හමුව සඳහා මෙම සාකච්චාව සඳහා එක්ව ඇති අතර ඔවුන් දැඩිව පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට යාමෙන් පක්‍ෂය විනාශ වීම අනිවාර්ය බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක මෛත්‍රීපාල සිරිසේන සිටින බවද වාර්තා වේ.කෙසේවත් සන්ධාන විධායක සභාව පෙන්වා දි ඇත්තේ මෛත්‍රී විසින් මහින්දව අගමැති ලෙස නම්,කලත් නොකලත් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැති කර අවසන් බවයි.

මේ අතර අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විමට හැකියාවක් තිබේද යන්න එජාප නායකයාගෙන් විමසා තිබේන බව වාර්තා වේ.2010 ජනාධිපතිවරණයේදිද යන එන මං නැතිකරගත් අර්ජුන අවසානයට ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව සරත් ෆොන්සේකා විකුණමින් යන්තම් පාර්ලිමේන්තුවට පිවිසි අයෙකි.

සියල්ලටම වඩා තමන්ගේ සහොදරයා වන ප්‍රසන්න රණතුංග අද ජනප්‍රිය තරුවක් බවට පත්විම අර්ජුන පක්ෂය අතහැර යැමට හේතු වි තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමායි ඒ කල්ලියයි නැවත ගෙනාවොත් එතුමාටත් ඔය ජනාධිපති පුටුවේ වැඩිකල් ඉන්න ඒගොල්ලෝ ඉඩ තියන්නේ නැහැ, එතුමාගේ ජීවිතයට පවා තර්ජනයක්, ඒ විතරක් නෙවෙයි අපි රාජිතලා, දුමින්ද දිසානායකලා, හිටපු ජනාධිපතිතුමිය ඇතුළු කණ්ඩායම ඉදිරිපත් වුනේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව විශ්වාස කරලා. ඉතින් එතුමාට ඒ විශ්වාසය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් මේ ඡන්දෙදී’ යනුවෙන් අර්ජුන ප්‍රකාශයක්ද කර තිබේ.
-
‘පසුගිය කාලවල ජනාධිපති ආරක්ෂක අංශයත් ගංඟාවලට බැහැලා මැණික් හාරන්න කටයුතු කළා. එයාලා මේ මැණික් ගිහින් දුන්නේ කාටද කියා මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ.‘ යි මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙහිඕවිට දී කුණු කතාවක් කියා ගැලරිය පිනවා තිබේ.

නමුත් දින 160ක කාලයක් රට කුලීයට දෙමින් මේ වන විට රටේ මැණික් සහ සම්පත් කොල්ල කෑ එවුන් ගැන මෛත්‍රීට වගේ වගක් නැත අනිත් අතට පොලොන්නරුව සහ අනුරාධපුරයෙහි නිධන් සහ වැනි ගොඩ දැමු අයියලා,මල්ලිලා තමන්ට සිටින බව අමතක වෙලාය.(එකෙක් නම් පොරෝ පහර කා  මියගොස් අවසානය) 

පසුගියදා රාජ්‍ය බලය යොදවා ගනිමින් ත්‍රිකුණාමලය පාලෙයිතොපුර් ප්‍රදේශයේ ජනතාව භිය ගන්වමින්  ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ නාම පුවරුවද සහිතව අදාල අමාත්‍යංශ භාර ජෝන් අමරතුංග ඇමතිවරයාගේ බෑණා රත්තරං කිලෝ 6000ක් සොයමින් නිධන් හැරිම මාට්ටු වුවද මේ වනවිට එම නිධන් හැරිමට සම්බන්ධ කණ්ඩායම් මේ වනවිට ඇප ලබා නිදහස ලබාගෙන අවසන්.

දෙහිඕවිට ගිහින් කුණු කතාවක් කියපු නිසාම මෛත්‍රීට දැන් අප් කතාවක් කියා දෙන්නේමු...පුලුවන්නම් තමන්ගේ බල්ලට ගිය ජෝන් පොලිසිය යොදවා අල්ලා ගන්න කියා අප අභියෝගයක් කිරිමට සුදානම්.පසුගිය දින 160ක ලයක් ගොන් ජොන් පොලිසිය අතට ගෙන කල නීතිවිරෝධී වැඩ ගැන අගෝස්තු 17 වැනිදායින් පසුව බලා ගැනිමට පුලුවන. නමුත් හෙට අනිද්දාට වෙන්න යන දෙයක් වලක්වා ගැනිම ජෝන්ගේ බල්ලට ගිය පොලිසියට බැරි බැවින් හැකිනම් මෛත්‍රී බලය යොදවා වලක්වා ගන්නා ලෙසයි.

දෙහිඕවිට ප්‍රදේශයේ මැණික් ඉල්ලමක් තිබේ.එය තිබෙන්නේ දෙහිඕවිට හරහා ගලායන ගංග මැද්දේය.පසුගිය කාලයේ ජනතාවට අහම්බයෙන් ලැබුනු මැණික් කිහිපයක් නිසා ගඟ හාරමින් මැණික් සොයන්නට ජාවාරම් කාරයන් කටයුතු කල අතර පසුව එවකට රජය එම ප්‍රදේශය තහනම් කලාපයක් කර පොලිස් ආරක්ෂාවද යොදා තිබේ.

දැන් මේ වෙන කතාවකි.....ලංකාවේ උත්තරීතර යැයි කියන මහජන සභාව පාර්ලිමේන්තුව බව මිට දින 160කට පෙරනම් ජනතාව පිළිගෙන තිබුනි.ඔය පාර්ලිමේන්තුවේ ගංගාවල් මෙන් එහෙන් මෙහෙන් ඇදි යන එජාපයේ ලලනාවන් සිටින බව රටේ වගකිවයුතු බොහෝ දෙනේකු දන්නා කරුනකි.ඔය ලලනාවන්ගේ ප්‍රධාන කාර්‍යය වි ඇත්තේ එජපයේ එක එක මන්ත්‍රිවරුන්ගේ ඔපාදුප ටික එකතු කර අනිකාට කිමයි.ඒ විතරක් නොවේ ඔය යමක් කමක් කර ගන්න බැරි (හැගිම් දැනිම් නැති) ඇමතිවරුන්ට පොඩ්ඩක් ආතල් එකක් දි විවිධ ජාවාරම් කිරිමට මෙම ලලනාවන් සමත්‍ ය.

දැන් ඔය කියන විදියේ ලලනාවක් සමග සම්බන්ධ වුනු පොලිස් ජොන් සහ මහා බැංකුවේ රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ රවී කරුණානායක සහ තවත් කොල්ල කල්ලියක් එකතු වී එම මැණික් ඉල්ලමට වැඩක් දෙන්න ප්ලෑන් එකක් ගසා තිබේ.මේ වනවිට ජොන්ගේ නියෝගය මත අදාළ ඉල්ලම ගොඩ ගන්නා දිනයේ ප්‍රදේශයේ පොලිසිය තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ගැනිමට සුදානමින් සිටින අතර ඉල්ලම ආසන්නයේ තිබේන මුර කපොල්ලේ සිටින සියලුම පොලිස් නිලධාරින් එදිනට නිවාඩු ලබාදි කොළඹ සිට යන විශේෂ කණ්ඩායමකට ආරක්ෂාව භාර දිමට නියමිතයි.

පැය 24ක මෙහෙයුමකින් පසුව ගොඩගන්නා ඉල්ලම් වහාම කොළඹට ගෙනවිත් එවා ගරා මැණික් විකිණීමෙන් ලැබෙන මුදල් බෙදාහදා ගැනිමෙන් පසුව ජාවාරම අවසන් විමට නියමිතයි.

ජෝන්ගේ හොරා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරිමට දැන් හැකියාවක් නැත.රාජපක්ෂලාට හින්ට් පාස් කරමින් ගොන් ජොක් පෙන්වමින් හැසිරෙන්නේ නැතුව වහාම නීතිය ක්‍රියාත්මක කර මෙම කුමන්ත්‍රණ කාරියන් සහ කාරයන් අල්ලා ගැනිමට තරම් මෛත්‍රීට කොන්දක් තිබේද යන්න අප බලා සිටිමු.

හෙලිදරව්ව - කඩවර බලකාය




-
හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ පැවැති ජන හමුවකදී ගැලරිය පිනවන පොඩි කතාවක් කියා තිබේ.සමහර මාධ්‍ය එය හදුන්වා දුන්නේ රනිල්ගෙන් මහින්දට අභියෝගක් යනුවෙනි.එක අතකට ජාතියක් ජම්මයක් නැති බාලවයස්කාරියන් සමග සැතපෙන පක්ෂයක් නැති ලැබේන දේයකට ඔනැම පක්ෂයක ලගින කක්කුස්සි කටක් ඇති පියෙකුගේ නන්නත්තාර ප්‍රත්‍රයාගේ සතයක් වටින්නේ නැති කතාවටත් මහින්දට අභියෝගයක් යනුවෙන් මාධ්‍ය වාර්තා කලෙ රනිල් දැන් චතුරගේ ගානටම වැටි ඇති වන්නට පුලුවන.

තමන් සටනට සූදානම් යැයිද එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා සටනට එනවාද, පැනලා යනවාද කියා තමා දන්නේ නැති බවද රනිල් එහිදී කියා තිබේ.අපි දන්නා තරමින් මහින්ද රාජපක්ෂ සටන් කරනුයේ සමස්ත බෙදුම්වාදීන්ට එරෙහිව රනිල් යනු බෙදුම්වාදීයෙකු නිසා රනිල්ටද එය වලංගු බව මතක තබාගෙන සිටිම අනිවාර්‍ය වේ.

තමා සමග අගමැති සටනට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට කළ අභියෝගය මෑත කාලයේ දේශපාලන ලෝකයේ සිදු වූ ලොකුම විහිළුව යැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියමකතාවක් කියා තිබේ.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ දරන්නේ පිං අගමැතිකමක්. ඔහුට අගමැති ධුරය දැරීම සඳහා ජනමතයක් නැහැ. මම දැක්කා එතුමා මහනුවරදී හැකිනම් අගමැති සටනට එන්නැයි මහින්ද මහත්තයාට අභියෝග කරලා තියනවා. මැතිවරණ 29ක් පැරදුණු රනිල් වික්‍රමසිංහ තමයි මේ මහින්ද මහත්තයාට අභියෝග කරන්්නේ. රනිල් මහින්දට කොච්චර බය වුණාද කිවුවොත් පහුගිය කාලේ මහින්ද මහත්තයත් එක්ක මැතිවරණයට තරග කරන්න බයවුණා. හැංගිලයි හිටියේ. මහින්ද මහත්තයාගේ නම කියනවටවත් බයවුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පින් සිද්ධවෙන්න අගමැතිකම ගත්ත රනිල් දැන් අභියෝග කරනවා මහින්ද මහත්තයාට පුළුවන්නම් අගමැති සටනට එන්න කියලා. මේක තරම් විහිළුවක් තවත් තියනවද?

අර ඉස්සර කතාවක් තියනවා. කොටළුවෙක් සිංහ හමක් පොරවගෙන ඉඳලා සද්ද කරන්න ගිහිල්ලා මැරුණු කතාවක්. රනිල් වික්‍රමසිංහත් අද සිංහ හම පොරවගත්ත කොටළුවෙක් වෙලා. කෑගහනකොට අ`දුරගන්න පුළුවන් සිංහයෙක්ද කොටළුවෙක්ද කියලා. රනිල් වික්‍රමසිංහගේ අභියෝගයට ජනතාව මහ මැතිවරණ දිනයේදී උත්තර දේවි. මහින්ද මහත්තයා මහ මැතිවරණයට තරග කරන එක ගැන රනිල් වික්‍රමසිංහ පිං අගමැතිවරයා ඉන්නේ බයවෙලා. 

මේ කතාවේ හොදම හරිය දැන් අනාවරණය වි තිබේ.පසුගිය ජනාධිපතිවරණ සමයේ මේ රටට ආදරය කරන ප්‍රගතිශිලී මිනිසුන් ජාත්‍යන්තරය මේ රට බිල්ලට ගැනිමට සුදානමින් සිටින බවත් ඒ සදහා මුදල් මෙන්ම විවිධ පුහුණුවක් රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරටට ලබාදෙන බවත් අනාවරණය කළා.

පසුව ජනධිපතිවරණයෙන් බෙදුම්වාදී කල්ලිය ජයගත් පසුව ජාත්‍යන්තර එය ඔහුන්ගේම වචන වලින් කිව්වේ මහත් උද්දාමයට පත්වුවන් ලෙසයි.

ජෝන් කෙරී  2015.02.25 වන දින ඇමරිකානු පාර්ලිමේන්තුව ඇමතිම

"I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,” 


බෙදුම්වාදීන්ගෙන් ටියුෂන් ගත් පොනිල්ලා එය පසුගියදා පිළිගත්තේ මෙසේය.....

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමන් ඇමෙරිකාවට ගොස් මැතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳ විශේෂ අධ්‍යයනයක නිරත වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා හෙලිකර තිබේ.

මැතිවරණ ජයග්‍රහණය කිරීම පිළිබඳ විශේෂ දැනුමක් සහිත ඔස්ට්‍රේලියානු මිත්‍රයකුත් මෙරටට පැමිණ ජනාධිපතිවරණය ජයග්‍රහණයට උරදුන් බව පිං අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදි අනාවරණය කළා.

ඡන්දයට පෙර ඇමෙරිකාවේ ආයතනයක මාසයක් සිටිමින් ඡන්ද පිළිබඳ කළ අධ්‍යයනයත්, උපක්‍රමශීලී වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට හැකි බවට ඇමෙරිකාවේ දී ලද උපදෙසුත් මත ඡන්දයට සූදානම් වූ බව ද ඔහු සදහන් කර තිබේ.

ඇත්තම කතාව එයම වේ.නමුත් අපේ රටේ එජාප පාක්ෂිකයා හිතාගෙන හිටියේ ඊයේ පෙරේදා දොට්ට බැස්ස...වෙනසට....දුන් යනුවෙන් පාරපුරා පොස්ටර් ගැසු විශ්වවිද්‍යාලයෙන් පන්ති තහනම් කර දොට්ට දැමු ලමයින්ට අමු කෙප්ප සහ ලිංගිකත්වය ගැන ටියුෂන් දෙන සන්නස්ගලගෙන් රනිල් ටියුෂන් ගත් බවයි.බලාගෙන ගියාම සන්නස්ගල කර ඇත්තේ අකිල,සාගල හා මංගල කරන වැඩේම පමණක් බව දැන් හෙලිවනු ඇත.

අවසාන වශයෙන් පිං අගමැතිට යමක් කියා යා යුතුය.....මේ රටේ ඉන්නේ බත් කන් හරක් නොවන බවයි.....යන්තම් බෙදුම්වදින්ගේ ලක්ෂ 17ක ඡන්දවලින් හා ටොපි,සිගරට්,චුවිංගම් දි යන්තම් අපේ රටේ සමහර තාරුණ්‍යය යම් ප්‍රමාණයක් රවටා සුදු ඇදගත් මෛත්‍රීපාල පෙන්වා යන්තම් ගොඩගියද අගෝස්තු 17 වැනිදා එම වරද දහස් ගුණයකින් නිවැරදි කිරිමට රටේ ජනතාව තින්දු කර හමාර බවයි. 
-
කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ වාර්තාව ගැන යම් සකච්ඡාවක් කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවක් තිබී ඇත. එසේ තිබිය දී වාරාතාවේ නිල තත්ත්වය පිළිබඳ ඇතැම් භාරකාර නියෝජ්‍ය ඇමතිවරුන් බයිලා කීම කණගාටුදායක ය. 
   
අදාළ අනුකමිටු සාමාජිකයන් අද කළ යුත්තේ තමන් මන්ත්‍රීවරුන් නොවුණ ද වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස හිටපු කතානායකවරයාගෙන් ඉල්ලා සිටීම ය. ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක් සකස් කර ගැනිම පාර්ලිමේන්තු නිලධාරීන්ට හිටපු කතානායකවරයාට හා ජනාධිපතිවරයාට භාර ය. එවැනි සම්ප්‍රදායක් නොමැති නම් නව සම්ප්‍රදායක් බිහි කර ගත හැකි ය. 

අර්ජුන් මහේන්ද්‍රන් හිටි අඩියේ ආපසු තම රටට, එනම් සිංගප්පූරුවට ගියේ ඇයි? ඔහු විසින් අත්සන් කරන ලද රුපියල් 5000 නෝට්ටු සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගී ඇත. ඔහු මහා බැංකුවේ ප්‍රධානියා ලෙස පත්වීමේ දී රජයට පක්‍ෂපාති වන බවට දිවුරුම් ප්‍රකාශයක් දී තිබිණි ද? ආණ්ඩුව ඔහු පත් කෙළේ එලෙස දිවුරුමක් ලබා නොදී තිබූ පරිසරයක ය.  සිංගප්පුරු පුරවැසියකුට ද්විත්ව පුරවැසියකු ලෙස වෙනත් රටක ද පුරවැසියකු විය නො හැකි ය. එබැවින් අර්ජුන් මහේන්ද්‍රන්ට ලංකාවේ රජයට පක්‍ෂපාති වන බවට දිවුරුමක් ලබා දීමට හැකියාවක් නො වී ය.   

මහේන්ද්‍රන් පිළිබඳ බැඳුම්කර චෝදනා ඉදිරිපත් වූ විට රනිල් වික්‍රමසිංහ කෙළේ ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට නීතිඥයන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම ය. බලාපොරොත්තු වූ පරිදි ම කමිටුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කෙරිණි. බැඳුම්කර සම්බන්ධ ටෙන්ඩර කමිටුවට තමා සහභාගි නොවූ බව මහේන්ද්‍රන් පැවසුවේ ය. එහෙත් ඔහු මහා බැංකු අධිපති ලෙස එහි සියළු මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වග කිව යුතු විය. ටෙන්ඩර් කමිටුවට සහභාගි නොවීම නිදහසට කරුණක් නො වේ.

බැඳුම්කර පිළිබඳ ව රනිල්ගේ ද යම් සම්බන්ධයක් තිබූ බව කියැවෙයි. ඒ කෙසේ වෙතත් මැතිවරණයට පෙර අදාළ වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු වෙයි. අගොස්තු 17 වැනි දා ජනතාව තීරණයක් ගන්නා විට අදාළ සියළු තොරතුරු ඔවුන් සතුව තිබිය යුතු ය. අප කලින් කී පරිදි වාර්තාව තොරතුරු හා සම්බන්ධ ය. ඒ පණත් කෙටුම්පතක්, විශ්වාසභංග යෝජනාවක් වැන්නක් නො වේ. 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පණත් කෙටුම්පත්, විශ්වාසභංග යෝජනා ආදිය අහෝසි වෙයි. එහෙත් තොරතුරු අහෝසි නො වෙයි. තොරතුරු ජනතාව අතට පත්කිරීම වගකිව යුත්තන්ගේ කාර්යභාරය වෙයි. විශේෂයෙන් ම මැතිවරණයක දී වැදගත් වන තොරතුරු මැතිවරණයට පෙර ජනතාවට දැනගැනීමට සැලැස්විය යුතු වෙයි. ඒ නව සම්ප්‍රදායක් නම් ඒ එසේ ම වේවා! සෑම සම්ප්‍රදායකට ම ආරම්භයක් වෙයි.

නලින් ද සිල්වා

2015 ජූනි 29
-
නොසිතු ලෙස මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුක්ෂම ලෙස මැතිවරණ වයාපාරය මෙහෙය විමත්, රටේ ජනතාවගෙන් සියයට 60කටත් වඩා මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනතාව පිළිගන්නා බව තමන්ගේම බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග 2010 වසරේදී ඇනගත් ආකාරයටම යලිත් එක්සත් ජාතික පක්ෂ හොම්බෙන් යන්නට ඇනගෙන ඇති බව දැන ගත් එජාප ප්‍රභලයන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින අතර සුපුරුදු පක්ෂ නායකත්වය වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

30 වතාවක් එක්සත් ජාතික පක්ෂය පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහට ඉදිරි මහ මැතිවරණයේදීත් එජාපය ජයග්‍රහණය කරවීමට නොහැකි බව එජාපයේ බහුතරයක් පාක්ෂිකයින්ගේ අදහස වී තිබේ.ඊට හේතු වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහට සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අකමැති වීම, පසුගිය දින 100 වැඩපිළිවෙළ අසාර්ථක බවත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ දැරිය යුතු බවටත් පාක්ෂිකයින් කල්පනා කිරීම සහ එජාපයේ එක්තරා පැළැන්තියක් පමණක් රනිල් වික්‍රමසිංහ විසින් පෝෂණය කර අනෙක් අයව නොසලකා හැරීමයි.

ඒ අනුව එජාපයේ රනිල්ට එරෙහි බහුතරයක් සාමාජිකයින්ව සිරිකොතට කැඳවා කරු ජයසූරිය ව එජාප නායකත්වයට පත් කරවීමටත්, එජාපයට තරුණයින්ව ආකර්ශනය කරගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු ට එජාප නියෝජ්‍ය නායක කම ලබා දීමටත් සැලසුම් සකස් වී ඇත.ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස ව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා කරවීම සහ ඉන් පසුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුව ජනාධිපති අපේක්ෂකයා කිරීම මෙම සැලසුමේ මුඛ්‍ය පරමාර්ථයයි.

එජාපයේ මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මූලිකත්වය ගන්නා 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මෙලෙසයි.

1. සුජීව සේනසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. කරු ජයසූරිය
4. බුද්ධික පතිරණ
5. හරීන් ප්‍රනාන්දු
6. තිස්ස අත්තනායක
7. රෝසි සේනානායක
8. මෛත්‍රී ගුණතිලක
9. ශිරාල් ලක්තිලක
10. තලතා අතුකෝරාල
11. රංජිත් මද්දුමබණ්ඩාර

වර්තමානයේ එජාපය රාජ්‍ය බලය ලබාගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ දක්ෂතාවය නිසා නොව පොදු අපේක්ෂක භූමිකාව වටා සියලුම මහින්ද විරෝධීන්ව රැස් කරවීමට හැකි වීමෙනි. නමුත් ඉදිරි මහ මැතිවරණයේ එක් එක් පක්ෂ තනි තනිව සටන් වදින හෙයින් එජාපයට මැතිවරණ ජයග්‍රහණය තීරණාත්මක වී ඇත.මීට පෙරද අවස්ථා කිහිපයකදීම එජාප නායකත්වය වෙනස් කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. 

එහි තීරණාත්මක අවස්ථාවක් වූයේ 2011 දෙසැම්බරයේදී පැවැති එජාප නායකත්ව  සටනයි. එහිදී රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 42 ක් ලබා ජයග්‍රහණය කළේය. එවකටද ඔහුගේ ප්‍රතිවාදියා වූ කරු ජයසූරිය ලබා ගත්තේ ඡන්ද 26 ක් පමණි. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය.

එහිදී නි‍යෝජ්‍ය නායකත්ව සටනේදී එජාපයේ ජනප‍්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡුන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. ප්‍රතිඵලය වූයේ දයාසිරි ජයසේකර, මහින්ද රාජපක්ෂ මහතා ළඟ නැවතීමයි.රනිල් වික්‍රමසිංහ එක් එක් සභිකයාට එල්ල කළ පීඩනය හේතුවෙන් පක්ෂයේ උන්නතිය වෙනුවට එම පුද්ගලයන්ගේ දේශපාලන ඉදිරි ක්‍රියාමාර්ග තකා ඡන්දය දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයේ සැබෑ දක්ෂයන් පක්ෂයට අහිමි විය.

ප්‍රතිඵලය වූයේ එජාප කැරළි කණ්ඩායම වරින් වර සිරිකොතට පවා ගල් ගසමින් තම පීඩනය එල්ල කිරීමත්, ඔවුන්ට අවස්ථාවක් එන තුරු කුරුමානම් ඇල්ලීමයි. ඉදිරි මහ මැතිවරණය පොදු අපේක්ෂක සළුවෙන් වසාගැනීමට නොහැකි නිසා එජාපයේ නායකත්වය වෙනස් වීම වැළැක්වීමට නොහැක්කකි.

විශේෂ ස්තූතිය ලංකා කුවික් 
-
දෙමළ ඊළාම් විමුක්ති කොටි නිල ඇඳුම් ලග තබා ගැනිමේ සිද්ධින් කිහිපයක්ම උතුරේන් වාර්තා වේ.කොටි නිල ඇඳුමක් ලඟ තබාගැනිමේ චෝදනාව මත කයිතඩි පොලීසිය විසින් පුද්ගලයන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුන් සතුව තිබී එල්ටීටීඊ නිල ඇඳුම් 02 ක්, හිස් වැසුම් 03 ක්, ජැකට් 02 ක් සොයාගෙන තිබේ.

ප්‍රශ්ණ කිරිමේදී එල්ටීටීඊ නිල ඇඳුමින් ඡායාරූප ගෙන විදෙස් රටවලට තරුණයින් යැවීමේ නියෝජිත රැකියාවෙහි මොවුන්ගෙන් එක් අයෙකු නිරතව සිට ඇති බවට අනාවරණය කර තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුදුකුඩියිරිප්පු වල්ලිපුනම්හි පදිංචි මනෝගරන් මයුරන්, කයිතඩි බටහිර පදිංචි වාරිත්තම්බි බරත්කුමාර් යන අයයි.මෙම දෙදෙනාගෙන් එක අයෙකු පුනරුත්ථාපනය වු කොටි සමාජිකයෙකු බවද අනාවරණය වි තිබේ.

යාපනය-පෙදුරුතුඩුව කිට්ටු පාර්ක් ආසන්නයේ කුඩා නිවසක ආයුධ සහිත සිටි පුද්ගලයන් 2 දෙනෙකු පසුගියදා කොළඹ සිට ගිය විශේෂ ආරක්ෂක කණ්ඩායම විසින් අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව අප පසුගියදා වාර්තා කළා.(එම වාර්තාව කියවන්න - Exclusive:ආයුධ සහිත තරුණයන් දෙදෙනෙකු යාපනයෙදි අත් අඩංගුවට -රහසේම කොළඹට -මඩකලපුවෙන් රතු එළියක්!)

මේ අතර කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන ආත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රූපන් ඉදිරි මහ මැතිවරණයට දෙමළ රාජ්‍ය පක්ෂයෙන් තරග කිරීමට අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත අයැදුම්පත්‍රය ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම අයැදුම්පත්‍රයෙහි ඔහුගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳවද සඳහන් කර තිබීම විශේෂත්වයක්.මඩකලපුව බන්ධනාගාරයේ ගත කළ කාලය මෙන්ම, කොටි නායක ප්‍රභාකරන් පළමු වතාවට හමුවූ ආකාරයද අයැදුම්පත්‍රයේ සඳහන් කර තිබෙනවා.ඉන්දු – ලංකා ගිවිසුම යටතේ කොටි සංවිධානය පිහිටවූ උතුර නැගෙනහිර කමිටුවේ සාමාජිකයෙකු ලෙසද රවීන්ද්‍ර කටයුතු කළා.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ පැවැති සාකච්ඡාවලදීද ඔහු කොටි සංවිධානය නියෝජනය කරමින් ඊට සහභාගි වී ඇති බව සඳහන්.

-
1988 ශ්‍රි ලංකාවේ අභීත රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන්ගේන් මේ රට බේරා ගැනිමට තවත් සතියක කාලයක් ඉතුරුව තිබියදි රටේ පාලකයන් රණවිරුවන් පාවාදෙමින් රට යලි ත්‍රස්තවාදීන්ට බිලි ගන්නට මඟපැදු නායකයන් සිටි රටක යුද්ධය අවසන් කර රටක ජනතාවට කළගුණ සැලකු එකම නායකයා මහින්ද රාජපක්ෂ බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි හත්වන පරිවේණාධිපතීන් වහන්සේ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ පසුගියදා අවධාරණය කළා.ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ සිය අත්දැකීම් විස්තර කල අයුරු ....


-
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීමේ බලය එජාප නියෝජ්‍ය නායක සහ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය සහ එජාප සභාපති මලික් සමරවික්‍රම ඇතුලු කණ්ඩායමට ලබාදිම හේතුවේන් පක්ෂය තුල අර්බුදයක් හටගෙන තිබේන බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රීයේ රනිල් හමුවු සජිත් ඇතුලු කණ්ඩායම මලික් සමරවික්‍රම නාමයොජනා කමිටුව සදහා තමන්ගේ කැමැත්ත පරිදි කණ්ඩායම් ඇතුල් කිරිමට කටයුතු කරන බවට චොදනා කර තිබේ.මලික් අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරන බවත් පක්ෂ නායකත්ව අර්බුදය සමයේ තමන්ට සහ තමන්ගේ කණ්ඩායමේ අනිත් පුද්ගලයන්ට සැලකු ආකාරයද සජිත් මතක් කර තිබේ.සියල්ලටම වඩා මලික් යනු පක්ෂයේ අංක එකේ ඩීල් කාරයෙක් බවත් අන්තිමට ඩීල් කාරයන් පක්ෂය විකුණා අලියා මකා දමනු ඇති බවටද සජිත් චොදනා කර තිබේ.

කරු ජයසුරිය සම්බන්ධයෙන් ද සජිත් පිලේ කණ්ඩායම සිය අප්‍රසාදය පලකර ඇති අතර "පක්ෂ මාරුකරන මිනිසුන්ට පක්ෂ දිනවන්න බෑ.." යනුවෙන් නොක්කාඩු කියා තිබේ. 

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා පත්කරන්නට ඒ.ජා.ප . නායකයන් එකඟවූ බවට පැතිර යන ආරංචියත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන කණ්ඩායම කරු ජයසූරිය මහතා  වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන්නටද කටයුතු කළා.
-
හෙට දිනය තුල ගන්නා තිරණාත්මක තින්දුව සමග ජුලි 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වෙන ඓතිහාසික රැලියට මහින්ද රාජපක්ෂ මහතා සමග සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් 110ක් සහ පළාත් සභා,ප්‍රාදේශිය සභා සහ ශ්‍රිලනිප.හා එක්සත් ජනතා නිදහස් සන්ධාන සිවිල් සංවිධාන රැසක් සමග සහභාගී විමට නියමිත බව අප විශේෂ දේශපලන වාර්තාකරු සදහන් කළා.මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුද එක් විමට නියමිතව සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

ලාංකිය ඉතිහාසයේ දිර්ඝතම රාජධානිය වන අනුරාධපුරය ඉතා දක්ෂ පාලකයන් රැසක්  ලංකාවේ පුනරුද ඇති කල රාජධානියක් ලෙසටද ප්‍රසිද්ධයි එවන් රාජධානියක සිට මෙවර මහින්ද රාජපක්ෂ සමග මේ සටන අරඹන්නේ යලිත් කිසිදිනක මේ රට පාවා දෙන්නන්ගේ ග්‍රහණයට හසු නොවේවා යන ප්‍රාර්ථනයද සහිතව බව රැස්විම සංවිධානයේදි තින්දුවක් ගෙන තිබේ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ඉල්ලීම් කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන් හෙට  (01 වැනිදා) තංගල්ලේ කාල්ටන් නිවසට රථ පෙළපාලියකින් යැමට තීරණය කර තිබේ.

මේ සඳහා සන්ධාන නායකයන්, පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන නියෝජිතයන් සහභාගි වන අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක්‌ කිරීමටද නියමිතය.

එක්සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස්‌ අලහප්පෙරුම, කුමාර වෙල්ගම, එස්‌. එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු 15 දෙනකුගෙන් යුත් කමිටුවකින් ගත් තීරණයක්‌ මත මෙම වැඩසටහන දියත් කෙරේ.
-
මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු දේශපාලනඥයන් අතර ද සිටින අවස්ථාවාදියා වෙයි. භික්‍ෂූන් වහන්සේ හිසින් පාර්ලිමේන්තුවට ගිය ඔහු අද නැවතත් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා කරා ඒමට උත්සාහ කරයි. මහින්දට දේශපාලනය අහිමි කරන බවට වහසි බස් දෙඩූ මොහු සංධානයක හතර මායිමට වද්දා නොගත යුතු පුද්ගලයෙකි. රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමට ඔහු උනන්දුවක් දැක්වූයේ ම තම ජනාධිපති ඉලක්කය කරා යෑමට ය. 

අද එ ජා පක්‍ෂයටත් කරකියා ගත හැකි දෙයක් නැත. පසුගිය කාලයේ ඔවුන් බලයේ රැඳී සිටියේ පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම බලවත් වූ බැවිනි. එහෙත් මසක පමණ කාලයක සිට බල තුලනයේ වෙනසක් වෙමින් ඇත. අද මහින්ද කණ්ඩායම බලවත් ය. විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීමට අද එ ජා පක්‍ෂයට හැකියාවක් නැත. ඔවුන්ට අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර විකල්පයක් නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත කී පුද්ගලයාගේ උපදෙස් මත ඒ වළක්වයි. ආප්ප කා තම මුල් පක්‍ෂයට ද්‍රෝහි වී එය ද කා දැමීමට උත්සාහ කළ  මෛත්‍රිපාල සිරිසේන වැන්නකු බලයට පත්කර ගැනීම සම්බන්ධයෙන් අද එ ජා පක්‍ෂය ද කණගාටු වන බව නිසැක ය. හකීම් මහතාගේ මුවින් පිටවූයේ  මේ දුක් ගැනවිල්ල ය.      

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනීමට මෛත්‍රිපාල කණ්ඩායම මෙන් ම ජාතික හෙළ උරුමය ද කුඩා පක්‍ෂ ද පමණක් නොව එ ජා පක්‍ෂය ද උත්සාහ කළේ ය. එ ජා පක්‍ෂය කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට ද අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව දිගට පවත්වාගෙන යෑම ය. විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවන වගන්ති එ ජා පක්‍ෂයෙන් ද අනෙක් පක්‍ෂවලින් ද ඉදිරිපත් වූයේ එබැවිනි.  මනාප ක්‍රමය ජනතාවට අවශ්‍ය නැති වුව ද බොහෝ දේශපාලනඥයන්ට අවශ්‍ය වෙයි. තම මැතිවරණ කොට්ඨාශයෙන් පරාජය වූ කි දෙනෙක් අද මනාප ක්‍රමය නිස්ා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත් ද? එහෙත් මහින්ද කණ්ඩායම බලවත් වීම ඉදිරියෙහි එ ජා පක්‍ෂයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. 

ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, අසාද් සාලි, මනෝ හා ප්‍රභා ගනේෂන් තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීහු විස්සට විරුද්ධ වෙති. ඒ ඔවුන්ට එමගින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් නොලැබෙන බැවිනි. අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කළ නමුත් දැන් යෑමට සිදුව ඇත්තේ තමන්ට බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කරනු ලැබුයේ ඔත්තු සේවා සුලු ජාතික පක්‍ෂ, ජාතික හෙළ උරුමය හා ජ වි පෙරමුණ විසිනි. ඒ බව අපි දනිමු. 

මේ පක්‍ෂ අද ඉදිරිපත් කරන අදහස නම් සුලු පක්‍ෂවල මතවාද ද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු බව ය. බැලූ බැල්මට එහි ඇත්තක් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව එය එලෙස විය යුතු යැයි ද  ඇතැමුන් කියනු ඇත. එහෙත් අප මේ කතා කරන්නේ මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය වීම ගැන ය.  දැන් ප්‍රශ්නයක් වෙයි. දේශපාලන පක්‍ෂ නොවන කණ්ඩායම්වල මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු ද? එසේ නම් ඒ සිදු වන්නේ කෙසේ ද යන්න ය. 

ඕනෑම මතවාදයක් අවසාන වශයෙන් ගත්කල දේශපාලනික වෙයි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම මතවාදයක් හෝ දැනුම් පද්ධතියක් හෝ නොවන බැවින් ඒ ගණයට අයත් නො වේ. එහෙත් සිංහල බුද්ධාගම දේවානම්පිය තිස්ස රජු දවස දේශපාලනික මතවාදයක් වීම ඈරඹිණි. එසේ නොවන්නට බුදුදහම ඉන්දියාවෙන් මෙන් ම මෙරටින් ද ඒ හේතුවෙන් ලෝකයෙන් ද අතුරුදහන් වීමට තිබිණි. අද එය මෙරට දේශපාලනයෙහි ක්‍රියාත්මක බලවේගයකි. විවිධ ආගම් ද මතවාද වන බැවින් ඒ දේශපාලනික වෙයි. කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි දේශපාලන සංස්ථා ය. කාදිනල්තුමා පාසල් රජයට ගැනීම ගැන කතා කරන්නේ දේශපාලන අර්ථයකිනි. සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් අයත් වන්නේ යැයි කීම පට්ටපල් බොරුවකි. මේ ඊනියා වෙන් කිරීම ම බටහිර දැනුමේ තවත් පට්ටපල් බොරුවක් පමණකි. මෙරට මුස්ලිම් පක්‍ෂ විසින් නියෝජනය කෙරෙන්නෙ මුස්ලිම් මතවාදය ය, ඉස්ලාම් ආගමික දේශපාලනය ය. රටේ අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් නියෝජනය කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි මතවාදය හා අදාළ දේශපාලනය ය.

ඊනියා සුලු පක්‍ෂවලට තම මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට අමුතු අවස්ථා ලබා දිය යුතු නො වේ. එසේ නම් දේශපාලන පක්‍ෂ විසින් නියෝජනය නොකෙරෙන මතවාදවලට ද පාර්ලිමේන්තුවේ නියෝජනත්වයක් ලබා දීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. සුලු පක්‍ෂ කළ යුත්තේ එක්කෝ තමන් මහා පක්‍ෂ බවට පත්වීම ය. ඒ කළ හැක්කේ රටේ බහුතරය දරණ මතය අවශෝෂණය කර ගැනීමෙනි. නැත්නම් තම මතය බහුතර ජනතාවගේ මතය බවට පත් කිරීම ය. 

දහනවය හා විස්ස අතර ඇති ප්‍රධාන වෙනස දහනවයෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට උත්සාහ කිරීමත් විස්සෙන් මනාප ක්‍රමය නැති කිරීමට කටයුතු කිරීමත් ය. විධායක ජනාධිපති බලතල කපා දැමීම සිංහල ජනතාවගේ ඉල්ලීමක් නො වී ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක බලතල සහිත ජනාධිපති කෙනකු සිටි බැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි ද තවමත් දෙමළ ජාතිවාදය පවතියි. එය පසුගිය කාලයේ ජනවාරි 8 වැනි දා තෙක් පැවතුණේ බටහිර රටවල හා ඉන්දියාවේ ය. එහෙත් ජනවාරි 8 වැනි දාට පසුව දෙමළ ජාතිවාදය නැවතත් ලංකාවේ ද ක්‍රියාත්මක වෙයි

දෙමළ බෙදුම්වාදය ගලා එන්නේ ද දෙමළ ජාතිවාදයෙනි. දෙමළ ජාතිවාදය බටහිර රටවල හා ඉන්දියාවේ ක්‍රියත්මක වන්නේ ඒ රටවල අනුග්‍රහයෙනි. එහි දී බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජාතිවාදීහු ද ආධාරයට ගැනෙති. බටහිර රටවලට අවශ්‍ය නම් තම රටවල ඇති විසුරුණු දෙමළ ජාතිවාදීන්ගේ සංවිධාන නැති කළ හැකි ය. එහෙත් ඔවුහු එසේ නො කරති. බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගනියි. එයට විරුද්ධ ව ක්‍රියා කළ හැක්කේ ශක්තිමත් විධායක ජනාධිපති කෙනකුට මිස ඊනියා සාමූහික වගකීමක් ඇතැයි කියන කැබිනට්ටුවකට හා පාර්ලිමේන්තුවකට නො වේ.

ලංකාවේ කැබිනට්ටුවේ සාමූහික වගකීම ඇත්තේ නමට පමණකි. මෙහි ඇමතිවරු තම තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වති. එවැනි කැබිනට්ටුවක් සමග බටහිර බලවේගවලට එරෙහිව ගොස් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නො හැකි ය. එබැවින් දෙමළ ජාතිවාදය පරාජය කරනතුරු ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය වෙයි. මේ දේශපාලනය වැසූ බටහිරයෝ ඊනියා සාධාරණ සමාජ, පිවීිතුරු හෙට වැනි සංවිධාන මගින් ව්‍යාජ යහපාලනයක් හා ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට බොරු චෝදනා ගෙතූහ. 

මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව  අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි. 

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනතාවගේ ඉල්ලීමක් නො තිබුණ ද, මනාප ක්‍රමය වෙනස් කරන ලෙසට ඉල්ලීමක් විය. අපි දහනවයට කලින් විස්ස ගත යුතු යැයි කීවෙමු. එහෙත් සෝභිත හිමියන්ටවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තිබූ වුවමනාව විස්ස වෙනුවෙන් නො වී ය. මනාප ක්‍රමය වෙනස් කිරීම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට ප්‍රශ්නයක් වෙයි. එ ජා පක්‍ෂය ද මනාප ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධ ය. ඔවුන්ට කේවල ක්‍රමයට වඩා සමානුපාතික ක්‍රමය වාසි සහගත වෙයි. අනෙක් අතට එ ජා ප සිංහල විරෝධී ජාතිවාදී පක්‍ෂවලට ආධාර කරයි.

ඉතා කෙටියෙන් කියන්නේ නම් දහනවයට සිංහල විරෝධී දෙමළ හා මුස්ලිම් ජාතිවාදවලට පක්‍ෂපාති වූ අතර, විස්ස සිංහලයන්ට පක්‍ෂව දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට අවාසි තත්තාවයක් උදා කරයි. දහනවයෙන් විධායක බලතල රාශීයක් නොකැපී ඉතිරි වුනු බැවින් සිංහල විරෝධීන්ගේ අරමුණු ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් ම ඉටු නො විණි. එහෙත් ඔවුහු විස්ස සම්මත කර ගැනීමට ඉඩ නොදීමෙන් තම අවශ්‍යතා ඉටු කර ගනිති. සිංහල ජාතිකත්වයේ මිතුරන් ලෙස පෙනී සිටින බොහෝ දෙනකුගේ වෙස් මුහුණු දැන් ගිළිහී ඇත. සිංහල විරෝධී මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් ව්‍රිමසිංහ මහතා හැකි ඉක්මණින් ඉවත් කළ යුතු ය.  

අද අවශ්‍ය වන්නේ සිංහලයන්ගේ හා රටට හිතැති දෙමළ මුස්ලිම් ජයාගේ එකතුවකි. මීළඟ මැතිවරණය කවදා පැවැත්වුවත් සටන් පාඨය විය යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් පරාජය කිරීමට මහින්දගේ නායකත්වයෙන් එකතු වෙමු යන්න ය. 

නලින් ද සිල්වා 

2015 ජූනි 28

-
තමන්ට ඉදිරි වසර 5ක කාලය ජනාධිපති ධුරයේ කටයුතු කරගෙන යැමට අවශ්‍ය සහය තමන්ට ලබාදෙන ලෙස පසුගිය 25 වැනිදා රහසිගතව සිදුවු මෛත්‍රී-මහින්ද සාකච්ඡාවෙදි ජනපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.රනිල් වික්‍රමසිංහ යටතේ තමන් නිකම්ම නිකම් ජනපති කෙනෙක් බවට පත්ව ඇති බවත් රනිල් රටේ අගමැති වුවහොත් අනිවාර්යෙන් තමන් දෝෂාභියෝගයක් හරහා තමන් ඉවත් කිරිමට මාන බලමින් සිටින බවද මෛත්‍රී පවසා තිබේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නොගෙනම පාර්ලිමේන්තුව තමන්ට විසුරුවාලීමටසිදුවන බවත් ඊට ප්‍රධානම හේතුව වන්නේ කෝප් අතුරු වාර්තාව බවත් එය පාර්ලිමේන්තුවට ගෙන ආවේ නම් රනිල් වික්‍රමසිංහ,රවි කරුණානායක සහ අර්ජුන් මහේන්ද්‍ර නිසැකවම වැරදිකරුවන් වන බවත් මෛත්‍රී පෙන්වා දි තිබේ.

ඊළඟ ආණ්ඩුවක් තුලදි රනිල්,රවි සහ අර්ජුන් ඇතුලු එජාප ආණ්ඩුවේ දින 160ක කාලය තුල සිදුකල දැ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන ලෙසද මෛත්‍රී මහින්දගෙන් ඉල්ලා තිබේ.නමුත් මහින්ද රජපක්ෂ එම ඉල්ලිම ප්‍රතිකේෂ්ප කර ඇති  අතර මට හොරා ...හොරා කියමින් රටේ ජනතාවගේ මුදල් කොල්ල කෑ අයට නිතියෙන් දඩුවම් අනිවාර්යයෙන් ලැබෙන බව පවසා තිබේ.

මේ අතර දෙදෙනා අතර මංගල සමරවිර පැවැත්විමට යන ඩයස්පොරා නාඩගම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර එහිදි මෛත්‍රීපාල පවසා ඇත්තේ මංගල කරන දෙවල් ගැන තමන්ගේද කැමත්තක් නැති නමුත් මංගල සියල්ල කරන්නේ චන්ද්‍රිකාට අවශ්‍ය පරිදි බවයි මෛත්‍රී සදහන් කර ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා සහ වත්මන් ජනාධිපතිවරයා වෙන වෙනම ඡන්ද සටන මෙහෙයවමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණින් තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහා එකඟ වී  ඇති අතර මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් සෑදිම සම්බන්ධයෙන් මෛත්‍රී සිය අදහස් පලකර තිබේන අතර මහින්ද එයට සිය අකමැත්ත පලකර තිබේ. ජාතික හෝ වෙනත් කවර ආකරයේ හෝ ආණ්ඩුවක් අනවශ්‍ය බවත් ආසන 130ක් ඉක්මවු විශිෂ්ට ජයක් සන්ධානයට ලබාගත හැකි බව මහින්ද එහිදි පෙන්වා දි තිබේ.

මේ අතර මෛත්‍රී-මහින්ද සාකච්ඡාවේදි ඇති වී තිබෙන විශේෂ එකඟතාවයක් වන්නේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් නොකිරීම සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරීමටය.
-
එදා විසාලා මහනුවර ජනතාවට ඇතිවුණු තුන්බිය දුරු කරන්න ගෞතම බුදුන්ට රතන සූත්‍රය දේශනා කරන්න සිද්ධ වුණේය. රතන සූත්‍රය දේශනා කරලා විසාලා මහනුවරට පිරිත් පැන් ඉස්සාම ජනතාවට ඇති වෙලා තිබුණු අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය යන තුන්බිය ධූරිංභූත වෙලා ගියේය. එදා විශාලා මහනුවර ඇතිවුණු තුන්බිය ඒ විදියට නැති කරලා දාන්න ගෞතම බුදුන්ට පුළුවන් වුණත් අද කොළඹට, අත්තනගල්ලට හා පොළොන්නරුවට ඇතිවෙලා තියෙන තුන්බිය දුරු කරන්න රතන සූත්‍රය තියා මුළු පිරිත් පොතම කිව්වත් බැරිය. එදා විසාලා මහනුවරට ඇතිවුණු තුන්බිය වාගේ අද කොළඹට, අත්තනගල්ලට හා පොළොන්නරුවට ඇතිවෙලා තියෙන තුන් බිය මෙන්න මේ විදියට පෙළ ගස්සන්න පුළුවන්ය.


1. රනිල්ගේ බිය
2. චන්ද්‍රිකාගේ බිය
3. මෛත්‍රිගේ බිය

ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකාව අරාජික වෙලා තියෙන්නේ මෙන්න මේ තුන්දෙනාට ඇතිවෙලා තියෙන මහා භීතිකාවක් නිසාය. ඒ මහා භීතිකාව නම් වෙන මොකක්වත් නොව මහින්ද භීතිකාවය. මහින්ද භීතිකාව ඇතිවීම නිසා මේ තුන්දෙනා පෙන්නන්නේ එක එක රෝග ලක්‍ෂණය. ඉතින් මේ වෙලාවේ රටේ ජනතාව මේ තුන්දෙනා පෙන්නන විවිධ රෝග ලක්‍ෂණ හරියට හඳුනා ගන්න ඕනෑය. ඒ රෝග ලක්‍ෂණ හරියට හඳුනා ගන්න නම් එක එක්කෙනා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෑය. ඒ නිසා මේ තුන් දෙනාගේ බිය ගැන පිළිවෙළින් අධ්‍යයනය කරමු.


1. රනිල්ගේ බිය

රනිල්ට දැන් තියෙන ලොකුම බිය මහින්ද බියය. මේ මහින්ද බිය රනිල්ට 2005 ඉඳලාම තිබේ. රනිල්ට මේ මහින්ද බිය පළමුවරට හැදුණේ 2005 ජනාධිපතිවරණයේදීය. 2005 ජනාධිපතිවරණයේදී රනිල් මහින්දට පැරැදුණාට පස්සේ මහින්ද එක්ක තරග කරන්න රනිල් අම්බානක බය වුණේය. ඇත්තම කිව්වොත් 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ රනිල් මහින්ද එක්ක තරග කරලාම නැත. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද එක්ක තරග කරන්න බය වෙච්ච රනිල් ෆොන්සේකාව ඉස්සරහට දාලා මහින්ද එක්ක ජනාධිපතිවරණයට තරග නොකර බයේ හැංගුණේය. ඊට පස්සේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාලව ඉස්සරහට දාලා මහින්ද එක්ක ජනාධිපතිවරණයට තරග නොකර බයේ හැංගුණේය. ඉතින් ඵහෙම බලනකොට 2005 ඉඳන් 2015 දක්වා හරියටම අවුරුදු 10ක් රනිල් කෙළින්ම මහින්දත් එක්ක තරගයට ඉදිරිපත් වෙලා නැත. හැබැයි ඊළඟ මහ මැතිවරණයට මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වුණොත් රනිල්ට අනිවාර්යයෙන්ම මහින්දත් එක්ක තරග කරන්න සිද්ධවේ. ඒකට රනිල් පණ බයය. මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා වෙන එක වළක්වන්න රනිල් දන්නා දහංගැට හැම එකක්ම දාන්නේ ඒ නිසාය.


මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂක විදියට එන එක නතර කරන්න රනිල් මුලින්ම පාවිච්චි කරන්නේ තමන්ගේ අඹ යාළුවා වන මෛත්‍රිපාලවය. මහින්දට සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය දෙන්න එපා කියලා මෛත්‍රිපාලට රහසෙන් බලපෑම් කරන්නේ රනිල්ය. රනිල්ට ඕනෑ සන්ධානය ශක්තිමත් අගමැති අපේක්‍ෂකයකු නැතිව මහ මැතිවරණයට ගෙන්නා ගන්නය. එතකොට රනිල්ට තරගකරුවකු නැත. තරගකරුවකු නැතිව තනියෙන් දුවලා දිනන්න රනිල් දත කට මැදගෙන සිටියි.
"රනිලුයි, මෛත්‍රිපාලයි ඔය තරම් යාළුයි නම් මේ දවස්වල මෛත්‍රිපාල සන්ධාන ආණ්ඩුවක් හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ ඇයි? දැන් රනිලුයි මෛත්‍රිපාලයි ටිකක් තරහා වෙලා වගේ නේද?"


මේ දවස්වල වේදිකාවල මෛත්‍රිපාල කරන කතා දිහා බැලුවාම කාටහරි එහෙම හිතෙන්න පුළුවන්ය. එහෙම හිතෙන අයට කියන්න තියෙන්නේ රැවටෙන්න එපා ඒක ගුළියක් කියලාය. මේ දවස්වල මෛත්‍රිපාලයි, රනිලුයි තරහා වෙලා වාගේ පෙන්නන්නේ බොරුවටය. එහෙම බොරු තරහක් පෙන්නන්නේ මෙන්න මේ හේතුව නිසාය.


මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ තියෙන ටී.එන්.ඒ., ජේ.වී.පී., හෙළ උරුම හා ෆොන්සේකාගේ ඡන්ද ටිකයි, මෛත්‍රිපාලට ලැබුණු නිදහස් පක්‍ෂ ඡන්ද ටිකයි අඩු කළාම යූ.ඇන්.පී. එකට ඉතිරි වෙන්නේ ඡන්ද ලක්‍ෂ 42ක විතර ප්‍රමාණයකි. මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ ටී.එන්.ඒ. ඡන්ද ලක්‍ෂ හයහමාරකුත්, ජේ.වී.පී. ඡන්ද ලක්‍ෂ හතහමාරකුත්, හෙළ උරුම ඡන්ද ලක්‍ෂයකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ලක්‍ෂ තුනකුත්, ෆොන්සේකාගේ ඡන්ද ලක්‍ෂ දෙකකුත් තිබේ. එතකොට රනිල්ට ඉතිරි වෙන්නේ ඡන්ද ලක්‍ෂ 42ක් පමණි. ඔය ඡන්ද ලක්‍ෂ 42න් පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්න බැරිය. ඒ නිසා මේ වෙලාවේ රනිල්ට පාර්ලිමේන්තුවේ 113 හදාගන්න නම් මෛත්‍රිපාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයෙන් අඩුම තරමේ මන්ත්‍රි ධුර 25ක්වත් ලැබෙන්න ඕනෑය. එහෙම වුණාම මෛත්‍රි පිලෙන් පාර්ලිමේන්තු එන අප්පච්චි මළා නිකායේ මන්ත්‍රිවරුන්ට ඇමැති කටු ටිකක් සූප්පු කරන්න දීලා ජාතික ආණ්ඩුවක් අටවලා රනිල්ට අගමැති වෙන්න පුළුවන්ය. ඊට පස්සේ දැන් කරනවා වගේ අගමැතිකම කරන්න පුළුවන්ය. රනිල්ගේ අරමුණ ඔන්න ඕකය. ඉතින් මේ වෙලාවේ රනිල් මෛත්‍රිපාලත් එක්ක තරහ වෙලා වාගේ රඟපාන්නේ මහින්දගේ ඡන්ද ලක්ෂ 58න් ටිකක් මෛත්‍රිපාලගේ මල්ලට දාගන්න චාන්ස් එක හදලා දෙන්නය.


තමන් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් කියලා ස්ටේජ් එකකට නැඟලා කිව්වාම මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58න් ටිකක් තමන්ගේ කතාව විශ්වාස කරලා තමන්ගේ පිලට ඡන්දය දෙයි කියලා මෛත්‍රිපාල හිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් බොරු ආදරයක් පෙන්නලා මෛත්‍රිපාල මේ හදන්නේ මහින්දගේ ඡන්ද ලක්ෂ 58න් ටිකක් ඩැහැගෙන ඒ ඡන්ද ටිකයි, රනිල්ගේ ඡන්ද ටිකයි එකතු කරලා ජාතික ආණ්ඩුව යන නමින් යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදලා සොයිසලාට හා එස්.බී.ලාට ඇමැති කටු දෙක තුනක් දීලා රනිල්ට අගමැතිකම දෙන්නය. රනිල්ට ඇති වෙලා තියෙන මහින්ද භීතිකාව නැති කරන්න මෛත්‍රිපාල කරන මේ රඟපෑම හරියට තේරුම් ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේ වෙලාවේ බැරි වුණොත් යූ.ඇන්.පී. ආණ්ඩුවක් එන එක හා රනිල් අගමැති වෙන එක වළක්වන්න බැරිය. ඉතින් මේ හොරා - පොලිස් සෙල්ලම කරන මෛත්‍රිපාල - රනිල් අඹ යාළුවන්ගේ උප්පරවැට්ටිය හොඳට තේරුම් අරගෙන නිවැරැදි තැන හිටගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දෙපාරක් හිතන්න ඕනෑ නැත.

2. චන්ද්‍රිකාගේ බිය

කලින් සඳහන් කරපු විදියට මහින්ද භීතිකාව රනිල්ට තදින්ම දැනෙද්දී මහින්ද භීතිකාව දරුණුවටම දැනෙන තවත් කෙනකු වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාය. චන්ද්‍රිකාට මහින්ද භීතිකාව හැදුණේ මහින්ද ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව කතරගමට පා ගමන යද්දීය. ඇත්තම කිව්වොත් චන්ද්‍රිකාට මහින්ද ගැන තියෙන්නේ භීතියකට වඩා ඉරිසියාවකි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන්ට හූ කියමින් මහින්ද වටා එකතු වීම ගැන චන්ද්‍රිකා ඉන්නේ ඉරිසියාවේ පුපුරමින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩියෙන්ම අප්‍රසාදයට පත්වූ කෙනා කවුද කියලා ඇහුවොත් ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ චන්ද්‍රිකාය.


මහින්දට විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්න කියන චන්ද්‍රිකාට අමතක වෙලා තියෙන ලොකුම දේ වන්නේ තමන් මීට අවුරුදු 10කට කලින් දේශපාලයෙන් විශ්‍රාම ගියා කියන එකය. ජනාධිපතිවරුන් විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනෑ නම් මුලින්ම ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනෑ චන්ද්‍රිකාය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හූ සංග්‍රහ භුක්ති විඳිමින් වේදිකා ගාණේ යන චන්ද්‍රිකාට මහින්දට ගෙදරට වෙලා ඉන්න කියන්න හැකියාවක් නැත. හැකියාවක් නැතත් චන්ද්‍රිකා එහෙම කියන්නේ වෙන මොකක්වත් නිසා නොව මහින්දට තියෙන බය නිසාය.


මහින්දට බය නැතිනම් චන්ද්‍රිකා කරන්න ඕනෑ මෛත්‍රිපාලගේ පිලේ අගමැති අපේක්ෂිකාව විදියට ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන එකය. එතකොට විශ්‍රාම යවන්න ඕනෑ චන්ද්‍රිකාවද මහින්දවද කියලා ජනතාව තීරණය කරනු ඇත. එක ඡන්දයක් පැරැදුණාම දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඕනෑ නම් ඡන්ද 30ක් පැරැදුණු රනිල් මේ වෙනකොට තිස් පාරක් විශ්‍රාම යන්න ඕනෑය. දෙපාරක් අගමැති වෙලා හිටිය රනිල් තුන්වැනි පාරටත් දැන් අගමැති වෙලා ඉන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ හතරවැනි පාරටත් අගමැති වෙන්න හිතාගෙනය. තුන්වැනි පාර ජනාධිපති වෙන්න යෑම බල තණ්හාවක් නම් හතරවැනි පාර අගමැති වෙන්න හදන එක මොන වාගේ තණ්හාවක්ද කියලා එක්සත් ජාතික පක්ෂය රටට කියන්න ඕනෑය.

ඇත්තම කිව්වොත් අද චන්ද්‍රිකාට ඇතිවෙලා තියෙන මහින්ද භීතිකාවට එකම විසඳුම මහින්දව දේශපාලනයෙන් අතුගාලා දාලා ඊළඟ මහ මැතිවරණයෙන් පසුව රනිල්ව අගමැති කරවන එකය. එතකොට රනිල්ගේත්, චන්ද්‍රිකාගේත්, මෛත්‍රිපාලගේත් මහින්ද භීතිකාව එකවර සනීප කරගන්න පුළුවන්ය. මයික් එකක් දකින දකින තැන අද චන්ද්‍රිකා මහින්දට බැනවදින්නේ තමන්ගේත්, රනිල්ගේත්, මෛත්‍රිපාලගේත් මහින්ද භීතිකාව එකවර සනීප කරගන්නය.

03 මෛත්‍රිපාලගේ බිය

රනිලුයි, චන්ද්‍රිකායි මහින්ද අගමැති වෙයි කියලා බය වෙද්දී මෛත්‍රිපාල බය වෙලා තියෙන්නේ මහින්ද අගමැති වෙලා තමන්ට වෙඩි තියයි කියලාය. මහින්ද අගමැති වුණොත් මහින්දට ජනාධිපති පුටුවට එන්න තියෙන්නේ බුලට් එකක දුර කියලා මෛත්‍රිපාල පහුගිය දවස්වල සන්ධාන මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී ප්‍රසිද්ධියේම කිව්වේය. මහින්ද යුද්ධය ඉවර කළාට පස්සේ මෛත්‍රිපාල ජනාධිපති වුණේ හොඳ වෙලාවටය. බුලට් එකට බය නැති මහින්ද 2005දී ජනාධිපති පුටුවේ වාඩි වුණු නිසා ප්‍රභාකරන්ව මරලා යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේය. මහින්ද මෛත්‍රිපාලට අගමැතිකම නුදුන්නේ මෛත්‍රිපාල බුලට් එකට මේ තරම් බය නිසාද කියලා දන්නේ නැත. බුලට් එකට බය මෛත්‍රිපාලට නම් යුද්ධය ඉවර කරන්න තියා හිතන්නවත් බැරිය. මහින්දගේ ආණ්ඩුව ප්‍රභාකරන්ව විනාශ කළේ මහින්ද බුලට් එකට තියා බෝම්බයටවත් බය නොවුණු නිසාය. ඊට පස්සේ ආපු මෛත්‍රිපාල - රනිල් ආණ්ඩුව කළේ යුද්ධයෙන් තුවාල වෙච්ච කොටි සාමාජිකයන්ට රජයේ මුදල්වලින් වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමය. ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගෙනාවේ නැවැත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ඩී.එම්. ස්වාමිනාදන්ය. මහින්ද ආණ්ඩුවේ හා මෛත්‍රිපාල - රනිල් ආණ්ඩුවේ වෙනස ඔන්න ඕකය.

බුලට් භීතිකාවට අමතරව මෛත්‍රිපාලට මහින්ද ගැන තියෙන අනෙක් භීතිකාව වන්නේ මහින්ද තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවලා පක්ෂ නායකත්වය ගනියිද කියන එකය. තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වෙනවා කියලා ජනාධිපතිවරණයේදී ජනතාවට දිවුරා පොරොන්දු වෙලා තමන්ට බල තණ්හාවක් නෑ කියලා මෛත්‍රි බෝධිසත්වයන්ගේ ගතිගුණ පෙන්නලා ජනාධිපති පුටුවට ආවාට පස්සේ මෛත්‍රිපාල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බදා ගැනීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බදා ගත්තා නම් මෛත්‍රිපාල දැන් කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න කටයුතු කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න නම් මෛත්‍රිපාල කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ජනප්‍රියම නායකයා වන මහින්ද රාජපක්ෂව රනිල්ට එරෙහිව අගමැති සටනට දැමීමය. හැබැයි මෛත්‍රිපාල ඒකට බයය. මෛත්‍රිපාලගේ මේ මහින්ද භීතිකාව නිසා විනාශ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවංකවම ආදරේ නම් මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හඬට කන්දෙන්න ඕනෑය. ඒත් මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හඬට කන්දෙනවා වෙනුවට රනිල්ගේත්, චන්ද්‍රිකාගේත් හඬට කන්දීලා රනිල්ට ඉන්න ලොකුම හතුරා වන මහින්දව ගෙදර තියලා ඊළඟ මහ මැතිවරණයේදී රනිල්ට වන් හෝස් රේස් එකක් හදන්න ට්‍රයි කරයි.

ඉතින් මෛත්‍රිපාල, රනිල්, චන්ද්‍රිකා කියන මේ තුන් කට්ටුවට ඇතිවෙලා තියෙන මහින්ද භීතිකාව නිසා අද මේ තුන්දෙනාගේම එකම අරමුණ වෙලා තියෙන්නේ මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යැවීමය. මහින්දව විශ්‍රාම යවලා, රනිල්ව අගමැති කරලා, ජාතික ආණ්ඩු මන්තරය ජප කරමින් නටන්න යන මේ තොවිලයට තිත තියන්න සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මහින්ද වටා එකතු වෙන්න ඕනෑය. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න නම් මෛත්‍රිපාල - චන්ද්‍රිකා - රනිල් තුන් හවුල එකට තියලා පරද්දන්න ඕනෑය. එදා රතන සූත්‍රය කියලා විසාලා මහනුවර තුන්බිය නැති කළා වගේ මෙදා මහින්ද සූත්‍රය කියලා මේ තුන්කට්ටුව දේශපාලන කනත්තට දක්කන්න ඕනෑය. මෛත්‍රිපාලගේත්, රනිල්ගේත් හොරා - පොලිස් සෙල්ලමට රැවටෙන්නේ නැතිව නිවැරැදි තීන්දුව ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පුළුවන් වුණොත් රනිල්ව 31 වැනි වතාවටත් පරද්දන්න පුළුවන්ය.

සඳුන් ජීවන්ත

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.

බොහෝ දෙනා සිතා සිටියේ මෛත්‍රිපාල කණ්ඩායම තව තවත් බලවත් වේය කියා ය. එහෙත් සිදුවූයේ අනෙකකි. ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. නුගේගොඩ රැස්වීමෙන් පසු මහින්ද කණ්ඩායම  බලවත් වීම ඇරඹිණි. අඩු තරමෙන් ඒ ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ නුගේගොඩ රැස්වීමෙන් පසුව ය. අද වන විට මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායමට වඩා බලවත් ය. 

පාර්ලිමේන්තුවෙන් පිටත එදත් මහින්ද බලවත් විය. මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ හතරක් පමණ මහින්දට වැඩියෙන් ලැබුණු බව සැබෑ ය. එහෙත් ඒ ඡන්ද ලක්‍ෂ හතරට ජ වි පෙරමුණේ ඡන්ද ලක්‍ෂ තුනක් පමණ ජාතික හෙළ උරුමයේ ඡන්ද ලක්‍ෂයක්  පමණ ඇතුළත් විය. එපමණක් නොව මුස්ලිම් ඡන්ද හා දෙමළ ඡන්ද ද ලැබුණේ මෛත්‍රිපාලට ය. පැහැදිලිව ම සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ මහින්දට ය. 

අද පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද ශී්‍ර ල නි පාක්‍ෂිකයන්ගේ කැමැත්ත ගතහොත් මහින්ද බලවත් ය. සන්ධානය ලෙස ගතහොත් ඒ තවත් මහින්දට පක්‍ෂපාති වෙයි.  ජනවාරි 8 වැනි දා තිබූ තත්ත්වය අද වෙනස් වී ඇත. ඒ වෙනස් වී ඇති තත්ත්වයට අනුව අද මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ මෙන් ම සංධානයේ ද නායකත්වයට (සභාපතිත්වයට) පත්කර ගත යුතු ය.  

මහින්ද කිසි දවසක ශ්‍රී ල නි ප හැරගියේ නැත. වෙනත් පක්‍ෂයකින් හෝ සංධානයකින් හෝ තරග කර නැත. අදත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ල නි ප සභාපති බවට පත්කර ගැනීමට බාධාවක් තිබිය යුතු නො වේ. එමෙන් ම ඔහු සංධානයේ ද නායකයා ලෙස පත්කර ගත හැකි ය. ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ සෙසු නායකයන්ට භාර වෙයි. 

මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ ද එක්සත් ජනතා නිදහස් සංධානයේ ද නායකයා වීම එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයට මෙන් ම සංධානයට ද වාසියක් වනු ඇත.  විවිධ හේතු නිසා ජනවාරි 8 වැනි දා මහින්ද ශ්‍රි ල නි ප සභාපතිත්ත්වය අත්හැර දැමී ය. අද ඒ හේතු වෙනස් වී ඇත. මහින්දට ශ්‍රී ල න ි ප අවශ්‍ය වනවාට වඩා අද ශ්‍රී ල නි පක්‍ෂයට මහින්ද අවශ්‍ය වෙයි. වහාම ශ්‍රී ල නි ප නායකත්වයට හා සංධාන නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 27


-
කක්කුස්සි කටා නොහොත් රාජිත සේනාරත්න එක්සත් ජාතික පක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් විමට තිරණය කර ඇති බව වාර්තා වේ.පසුගිය ඉන කිහිපයේම කක්කුස්සි කටා නොහොත් රාජිත සේනාරත්න මහින්ද රාජපක්ෂ මහතාගේන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් විමට අවස්ථාව හිඟා කමින් සිටි අතර එය අසාර්ථක විමේ ප්‍රථිපලයක් ලෙස ඔහු රනිල්ගෙන් නාම යොජනා ඉල්ලා තිබේ.

පසුගියදා කක්කුස්සි කටා මහින්දගේ සුවදුක් විමසිමට යන මුවාවෙන් ගොස් වැද වැටි ඉල්ලා ඇත්තේ තමන්ටද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරිමට අවස්ථාව ලබාදෙන ලෙසයි.කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ එම ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකල බවද වාර්තා වේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරිමේ කොන්ත්‍රාත්තුව භාරගත් කක්කුස්සි කටා අවසාන මොහොත දක්වාම ඒ සදහා එක්සත් ජාතික පක්ෂය සහ රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා පිලේ ලගින එවුන් සමග උත්සහ කලද සන්ධානයේ ප්‍රගතිශී සටන මෙහෙයවු මහින්ද එම කුමන්ත්‍රණ සියල්ල ව්‍යාර්ථ් කළා.

මේ අතර හිටි හැටියේම යහපාලන ආණ්ඩුව විවේචනය කිරිමට පටන් ගත් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඉන්දියාවෙන් කෝටි ගණන් මුදල් අරගත්  ප්‍රගීත් අතුරුදහන් කිරිමට චොදනා ලබා සිටින "ප්‍රා" නායක අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක හා රතන හිමියන් තමන්ගේ ගෙදර මෙහෙකරුවා වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යොදාවා අපේක්ෂකත්වය හිඟා කමින් සිටි.

මේ වනවිටත් රතන හා පාඨ්ලී මහින්ද රාජපක්ෂ හමුවිම සදහා විවිධ උපක්‍රම භාවිතා කරන අතර පාඨ්ලීට නිශාන්තට පවසා ඇත්තේ තමන්ට අහ රතන හිමියන්ට පමණක් හෝ අවම වශයෙන් අපේක්ෂකත්වය අවශ්‍ය බවයි.

කක්කුස්සි කටා මහින්දට මුට්ටිය දැමු හැටි 
-
මහා මැතිවරණයේ දි එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙහෙය විමේ සම්පුර්ණ බලය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතට පත්කර තිබේන බව අප විශේෂ  දේශපාලන වාර්තාකරු  සදහන් කළා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම විසින් අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුම සාර්ථක අතට පත්ව තිබේන බව මෛත්‍රීපාල සිරිසේනට පෙනෙන්නට තිබේන නිසා මෛත්‍රීම එක්සත් ජනතා නිදහස් සන්ධානය අතහැර දමා තිබේ.

ඒ අනුව මේ දිනවල විදේශ සංචාරයක නියැලෙමින් සිටින එක්සත් .ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා හෙට රාත්‍රී දිවයිනට පැමිනිමෙන් පසුව අගහරුවාදා සන්ධාන විධායක සභාව කැදවා එම තින්දුව දැනුම් දිමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව සඳහා සාමාජිකයෝ 37 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඉන් 25 දෙනෙක් සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වන අතර සෙසු පිරිස සන්ධානයේ සෙසු ප්‍රධාන පක්ෂ ලෙස සැලකෙන සමසමාජ පක්ෂය,කොමියුනිස්ට් පක්ෂය,දේශ විමුක්ති ජනතා පක්ෂය,මහජන එක්සත් පෙරමුණ හා මහජන පක්ෂය යන පක්ෂවලට අයත් වෙති.

මින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් 25 දෙනාගේ බහුතරය හා සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බහුතරය ද මහින්ද කණ්ඩායමට කලින් ලැබි තිබු අතර පසුගිය 25 වැනිදා මහින්ද -මෛත්‍රී හමුවෙන් පසුව සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් සමග එම සංඛ්‍යාව 31 දක්වා ඉහල ගොස් තිබේ.

ඒ නුව තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනිම පලක් නොමති බව මෛත්‍රී වාදින් පෙන්වා දි තිබේ.ඒ හේතුවෙන් ලැජ්ජාවෙන් ගැලවිම සදහා තමන් සන්ධානය මහින්දට ලබාදුන් බවට ඇඟවීමට මෛත්‍රී සුදානමින් සිටින බවද වාර්තා වේ.

-
වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුකිරිමට ජනපති මෛත්‍රී තමන්ට පොරොන්දු වු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් දමිළ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

නැගෙනහිර පළාතෙහි වෙනම පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන තමන් වසර ගණනාවක සිට කරගෙන ආ බවත් පසුගිය රාජපක්ෂ රජයේ වසර 5ක කාලයක් තමන්ට එය කරගැනිමට මහින්ද රාජපක්ෂ ඉඩ නොදුන් බවද ඔහු පවසා තිබේ.

අදාළ පරිපාලන ඒකකය නිර්ණය කිරිමේදි භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතු බවත් තින්දු ගැනිමේ හැකියාව එම පරිපාලන එකකයේ ප්‍රධානියා සතුවිය යූතු බවද ඔහු සදහන් කර තිබේ.

"ජනතාව තම අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යාම වෙනුවට ප්‍රාදේශීය වශයෙන් ඒවා ඉටුකරගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. ඒ හේතුවෙන් නව පරිපාලන ඒකකය පිහිටුවිය යුතුය යන ඉල්ලීම අඛණ්ඩවම ඉදිරිපත් කරනු ඇති බවත් ජනාධිපතිවරයා අවශ්‍ය අවස්ථාවේදී එය පිහිටුවීමට ක්‍රියාමාර්ග ගනු ඇති බවත් රවුෆ් හකීම් සදහන් කර තිබේ."

-
එදා මෙදා තුර රට වෙනුවෙන් සටන් කර ජීවිතය පූජා කළ, ආබාධිත වූ සහ අනෙකුත් සියලුම රණවිරුවන්ට පින් පැමිණවීමේ ජය පිරිත් දේශනය දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය සහ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන් පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවී පිරිවෙනේ ඊයේ (27)පැවැත්වුණි.අවස්ථා ගණනාවකදි මෙම පිරිත් පිංකම කඩා කප්පල් කිරිමට කටයුතු කල යහපාලන රෙජිමය පසුව විදුලිය ද විසන්ධි කරනු ලැබුවා.විනාඩි 15 කට පමණ විදුලිය අත් හිටවීම නිසා එයට බාධා සිදුවුණද, ජෙනරේටර් යොදාගනිමින් අඛන්ඩව පිරිත් විකාශයේ කටයුතු සිදුවිය.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නය විසින් 8 වන වරටත් පවත්වනු ලබන මෙම ජය පිරිත් දේශනාව සංවිධානය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. මානුෂික මෙහෙයුම සමයේ සිටම එතුමා තම වගකීමක් ලෙස සලකමින් රණවිරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙයි.හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතලු ජනතා නියෝජිතයන් රැසක් සහභාගි වි සිටියා.

ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රැකගත් මාතෘභූමියත් රණවිරුවනුත් පාවා දෙමින් පවතින මෙවක් වකවානුවක, හිටපු නායකයින් එදා කොතෙකුත් ජාත්‍යන්තර බලපෑම් මධ්‍යයේ වුවද රණවිරුවන්ව පෝරකයට යා නොදි රැකගෙන වර්තමානයේදී පවා ඔවුන්ගේ ආධ්‍යාත්මය වෙනුවෙන් මෙහෙවර කීරීම ප්‍රසංශනීය බව වැඩම කළ මහා සංඝරත්නය පවසා සිටියහ.

සේනාධි නායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රට වෙනුවෙන් කල කැපකිරිම...









-
මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත් මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලය අත්පත් කර ගැනිමට අවස්ථාව ලබාදි පෙන්දෙකු ලෙස මෛත්‍රී කටයුතු කිරිමත් හේතුවෙන් කලකිරීමකට ලක්වු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග රටින් පිටවීමට උපායක් ක්‍රියාත්මක කර තිබේන බව වාර්තා වේ.

ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග කොළඹ ඩර්ඩන්ස් පුද්ගලික රෝහලට ඇතුලත් වි ඇති අතර තමන්ට ඇති රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනිම සදහා රටින් පිටවිමට අවශ්‍ය බව දන්වා හෙට දිනයේ ලන්ඩනය බලා යැමට සුදානමින් සිටින බව වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් අතුගා දමන බවට තැන තැන කුණු කතා කියමින් FCID හොරා පොලිස් එකකයක් යොදවා ගනිමින් මහින්ද පිල නියෝජනය කරන පුද්ගලයන් මර්දණය කිරිමට ගත් සියලු උත්සහයන් සහ ඉන්දිය රෝ සංවිධානය සහ යුරෝපා ත්‍රස්තවාදීන් සමග නිදි වදිමින් රට පාවාදිම සදහා කිසිදු දිනක මහින්දට එන්නට දෙන්නේ නෑ කී යහපාලන වට්ටි අම්මාට කලකම් පලදි අවසානය.
-
අදින් වසර 600 කට පෙර උතුර ජයගත් සපුමල් කුමරු  විජයග්‍රහනයේ අභිමානය දැයට කියමින් එහි සිංහ කොඩිය එසවීය.එදා ඔහු උතුරේ  විජය කොඩි නැගූ බිම කොඩිකාමම් ලෙසින් අදද නොනැසී පවතියි.  ඉනින් මතු අප ඉතිහාසය කියවූයේ ලක්බිම එක්සේසත් කල අවසන් සෙන්පති සපුමල් කුමරුන් ලෙසය.අවුරුදු 600ක් පුරා කියවූ ඒ ඉතිහාසය නුතනයේ සෙන්පතියකු අලුතින් ලිවීය. අවුරුදු 2500ක හෙල ඉතිහාසයේ වීර රාජ නාමාවලිය අලුත් කලේය.හේ  ගෝඨාභය රාජපක්ෂයි. ඔහුගේ  පුනරාගමනය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවින. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ  දු‍ටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යටවන්නේ යම්සේද, 21 සියවසේ රෝහනයෙන් පැමිනි  රාජපක්ෂලා  නොවන්නට ලක්බිම කැබලි කැඩී  හෙල ඉතිහාසය උඩු යටිකුරු වනු නියතය.

ඉකිබිදින මවට සැනසුම් සුසුමක්

2005 රාජපක්ෂලා දකුනුකරේ  බලයට පත්වනවිට  ත්‍රස්තාවදියෙකුට උතුරුකරේ  ඔ‍ටුනු පලදවා තිබුනි.ඉහටත් උඩින් විදේශ අතපෙවීම් ක්‍රියාත්මකව තිබුනි.ආර්ථිකය කඩා වැටී තිබුනි.සංචාරක කර්මාන්තය නට්ටංව තිබුනි. උතුරු නැගෙනහිර පය ගැසීම  හුදු සිහිනනක්ව තිබුනි.තැන තැන පිපිරුනු බෝම්බ ජන ජීවිතය භීතියෙන් භීතියට පත්කොට තිබුනි.පාසැල් ගිය දරුවන් නිවස කරා පැමිනෙන තෙක් මව්පියන්  පසුවූයේ දෙගිඩියාවෙනි.ජගත් ප්‍රජාව ලංකාවට අසාර්ථක රටක ලේබලය අලවා තිබුනි.රජයේ හමුදාවන්ට යුධ ආම්පන්න සැපයීමට ජත්‍යන්තරය මැලිවිය.දකුනේ රජය සහ උතුරේ ත්‍රස්තවාදී කන්ඩායම සම තන්හිලා සලකනු ලැබීය.ප්‍රභාකරන් ඇමෙරිකානු කදවුරේ සුරතෙලකු විය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බැස තිබුනි.30 වසරක යුද්ධයෙන් හෙම්බත් වූ ජනයා තුල එක්සේසත් රටක  බලාපොරොත්තු මියදෙමින් තිබුනි.

විජයග්‍රහනය ‍රැගෙන ආ චින්තනය.

රනිල්ගේ සටන් විරාම ගිවිසුම මගින් රජයේ භූමි ප්‍රදේශ සහ එල්ටීටීඊ භූමි ප්‍රදේශ වෙන් කොට තිබුනි. සාම බ්‍රෝකර් කටයුත්ත භාරවූයේ කොටි හිතවාදී නෝර්වේ ප්‍රමුඛ සුද්දන්ය. සටන් විරාමයට මුවාවී කොටියා ශක්තිමත් වනබව රහසක් නොවීය.ගෝඨාභය සියල්ලටම පෙර යුද්ධය කලහැකි අයෙකුට හමුදාව භාරදුන්නේය.අවි ආයුධ වලින් හමුදාව සංනද්ධ කෙරීය.ලොරි කන්ටේනර් පිටින්  අවි අයුධ ඉදිරි ආරක්ෂක වලල්ලට බෑවේය.ගිනි බලය සහ මරනීය පරාසය  විශාල මල්ටිබැරල් ගෙන ආවේය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවූයේය.රනිල්ගේ ඊනියා සාම ගිවිසුම කුනුගොඩට විසිකරමින්  ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකර් තැනීය.කොටියාට කඩේ යන මාධ්‍ය කාරයන්ට, කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට,කොටි සමග නිදිවදින තානාපතිවරුන්ට  රතු ඉර පෙන්වීය.කොටියාට කහින සුද්දන්ට පිලිතුරු බැන්දේ මැදමුලන භාෂාවෙනි. සාම බ්‍රෝකර්ලාට, යුධ විරෝදීන්ට සංග්‍රහ කලේ මැද මුලන තියරියෙනි.

දෙස් විදෙස් සතුරු බලමුලු පරදා පෙරට

රජයේ හමුදා කොටි බලමුලු සුන් කරමින් ඉදිරියට ඇදෙන විට ජයග්‍රහනය ආපිට හැරවීමට කුමන්ත්‍රන දියත් විය.තානාපති කාර්යාල ඇගිලි ගනිමින් සිටියේ මහින්ද වැටෙන තුරුය .වරෙක අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ පර්ලීමේන්තු කන්ඩායම රජයෙන් ඉවත් විමට තීරනය කෙරීය.නමුත් විමල් ඇතුලු  පර්ලීමේන්තු මත්රීන්  11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක් වීමෙන්  දුෂ්ට සැලසුම ව්යාර්ථ විය. තොප්පිගල වන්ෆොබේස්  කදවුර අල්ලාගත් විට එජාපය කීවේ කැලය ඇල්ලිමෙන් පලක් නොමැති බවය.  අලිමංකඩ ජයග්‍රහනය උපමා කලේ පාමංකඩ ඇල්ලිම ලෙසිනි.යුද්ධය දිනිය නොහැකි බවට මොර දුන්නේය.මංගල සහ  ශ්‍රීපති මහින්දගේ රජය පෙරලීමට මුලු වෙර යෙදීය.තමිල්නාඩු මහ ඇමති කරුනා නිදි උපවාස කලේය. රොබට්ලා මිලිබෑන්ලා කුෂ්නර්ලා යුද්ධය නැවැත්වීමට නොකල දෙයක් නැත.කිසිවකින් ඉදිරියට තැබු පය පි‍ටුපසට නොගැනිනි.

ඇමෙරිකාවට බඩගිය නන්දිකඩාල් මෙහෙයුම.

ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්ත ‍රැල මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප‍ටු බිම් තීරුවකට කො‍ටු කොට අවසාන සුද්දයට සැරසෙත්ම ඇමෙරිකාව රත් විය. ඇමෙරිකාවේ සැලසුම වූයේ ඉන්දියන් සාගරයේ සිය නාවික බලය  යොදවා ප්‍රභාකරන් බේරා ගැනීමය.ඇමෙරිකාවේ මෙහෙයුම  සම්බන්දව එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුවත්ව තිබුනි . සැලසුම සම්බන්දව එජා සංවිධානය ,ඇමෙරිකානු ආරක්ෂක අංශ හා ප්‍රභාකරන් අතර පනිවිඩ හුවමාරු විය. ඒ අනුව අවසන් කොටි ‍රැල කල්ලි 3කට බෙදුනි. එක් කල්ලියක් සුදු කොඩි අතැතිව භාරවීමටද  , පොට්‍ටුගේ කල්ලිය මැරෙන තුරු සටන් වැදිමටද,  ප්‍රභාගේ කල්ලිය කලපුව හරහා පැන යාමට සැලසුම විය.මුලතිව් මුහුද අසලටම පැමිනි ඇමෙරිකානු යුධ නෞකාව ප්‍රබාකරන් ආරක්ෂාකාරීව ‍රැගෙන යාමට සියලු කටයුතු යොදා තිබුනි. නමුත් ගෝඨාබයගේ  හමුදාවේ කනෙන් රිංගීමට කිසිවකුට හැකි වූයේ නැත. දිනකට පසු  අඹුඩයක් ගැස්සූ ප්‍රභාකරගේ සිරුර ඇමෙරිකාව ප්‍රමුඛ තානාපතින්ගේ ප්‍රදර්ශනය සදහා කොලඹ එවීය.

විජයග්‍රහනයේ අභිමානය

අඹුඩය ගැස්සූ ප්‍රභාකරගේ නිසල  සිරුර දැක සාම ලැදි ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව ජනයා රිසිසේ සතු‍ටු වූහ . සිංහ කොඩි ලෙලදෙවමින් ජයග්‍රහනයේ උත්කර්ශය සැමරූහ.උතුරා යන දේශප්‍රේමයෙන් සිත් සතන්  මුසපත් විය.ඇතමුන්ගේ සතුට නිම් හිම් නොවිනි .තැන තැන පිසුනු කැවුම් කිරිබතින්   එකිනෙකාට සංග්‍රහ කලේය.ගම් දනව් , පුරවර සිසාරා රාජකාරි කල  රජයේ  හමුදා සාමාජිකයන් සිප වැලද ගනිමින්  ජනයා ඔවුන්ට  කෘතුගුන දැක්වීය. මුලු රටම මගුල් සිරි ගෙන තිබුනි අවුරුදු 30 ක් පුරා ජනයා භීතියට පත්කල ගිනි බට නිහඩ විය.විජයග්‍රහනයේ සුභ පුවතත් ‍රැගෙන රාජ්‍ය නායකයා ජොර්දානයේ සිට මව් බිමට සැපැමිනිනි .මහ පොලව සිප ගනිමින් ලක් මවට වැද  ආචාර කල ඒ හැගීම්බර මොහොත ජන සිත් දේශප්‍රේමයෙන් අවුලුවා ලීය .මෙකි නොකී මේ අසිරිය කියා සිටියේ  වසර 600 කට පසුව ලක්බිම එක්සේසත් කල අභිමානවත් පුවතය.

රට බෙදීමේ මාර්ග සිතියම

ප්‍රභාකරන් මියදුනද  ශ‍්‍රී ලංකාව බෙදාවෙන් කිරීමේ අධිරාජ්‍යවාදී මාර්ග සිතියම අකුලාගන්නේ නැත. ප්‍රභාකරන්ගේ මිනියේ උනුසුම යාමටත් ප්‍රථම රාජපක්ෂ හමුවීමට  විශේෂ නියොජිතයෙකු එවන ඉන්දියාව 13ට එහා ගිය බල  බෙදීමකට බලපෑම් කර සිටියි.  13 සංශෝධනය යනු ලංකාවට අවැසි දෙයක් නොව ඉන්දියාව විසින් ඊළමයට අඩිතාලම සැපයීම සඳහා අප මත බලෙන් පටවන ලද්දකි.  අනතුරුව පැමිනින්නේ ලක් රජයට එරෙහි යුධ අපරාධ චෝදනා පෙලය.ඊට අත්වැල සපයමින් චැන්ල්4 ජඩ මාධ්‍ය බයිස්කෝප් තැනීය. ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එජා මහා මන්ඩලයට ඉදිරිපත් කරනුයේ ඇමෙරිකාවය. මෙකී ජවනිකාවන් කොටි ඩයස්පෝරාවට නව පනක් ලැබිනි.ඇමෙරිකාවේ ඉලක්කය  රාජපක්‍ෂලා ඉතිහාසයෙන් පිටමං  කොට ඊලමට පාර කැපීමය.

ලෝක සිතියමේ  මර්මස්ථානය

ලංකාව, ලෝක ගුවන් හා නාවුක මාර්ග සිතියමේ  මර්මස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත.ලෝක බලවතුන්ගේ ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රය  අනුව මෙහි වටිනාකම දිනෙන් දිනම වැඩිව ඇත.වර්තමානයේ ඉන්දීය සාගර  මෙහෙයුම් වලින් වැඩිම  ආර්ථික  වාසියක් ලබනුයේ චීනයය. චීනයේ බල ශක්ති සැපයුම රදා පවතිනුයේ  මැදපෙරදිග සම්පත් මතය.  සම්පත් ප්‍රවාහනයට නාවුක මාර්ග අතිශය වැදගත්ය .  'මුතුවැල් පොට' නම් වූ අරාබී චීන  නාවුක මාර්ගය වැටී ඇත්තේ  පාකිස්ථානයේ  ග්වාදාර් වරාය, ලංකාවේ හම්බන්තොට ,බංගලිදේශයේ චිටගොං වරාය, බුරුමයේ සිට්වේ වරාය පසු කරමිනි.චීනයේ අනාගත සැලසුම් තව බෝහෝය.ඉන් ප්‍රධානතම වන්නේ නල මගින් සහ නැව් මගින්   අප්‍රිකාවේ ඛනිජ සම්පත් චීනයට පැටවීමේ මෙහෙයුම් ක්‍රයාවලියයි.  මෙකී ක්‍රියාවලියේ මධ්‍යම වැඩපොල  ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය.එහෙයින් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තො‍ටුපොල යනු සුදු අලියෙකු නොව දිගුකාලීන ආර්ථික  ක්‍රමෝපායන් බව කිව යුතුද නොවේ.

 ත්‍රස්තවාදයේ ගෝඩ් ෆාදර්

ඉන්දියානු කලාපයේ චීන ආර්ථික මෙහෙයුම  ඇමෙරිකාවේ ඇහැට ක‍ටු අනින්නකි.ආර්ථික ශක්තියෙන් අද චීනය සිටිනුයේ ඇමෙරිකාවට ගව් ගනනක් ඉදිරියෙනි.ලෝකයේ නිපයුම් වලින් 60% ක් එනුයේ චීනයෙනි.අනාගත  චීන ආර්ථික මෙහෙයුම් කේන්ද්‍ර ගතවනුයේ දකුනු ආසියානු කලාපය තුලය. ඇමෙරිකාවට අවශ්‍ය පරිදි චීන මෙහෙයුම් හැසිරවීමට නම් දකුනු ආසියානු කලාපයේ දේශපාලන නාස් ලනුව සියතට ගත යුතුය.ඉන්දියාව,  ඊශ්‍රායෙලය , එසේම එල්ටීටීඊ සංවිධානය  වැනි කුලී කාඩරයන්  ඉ‍ටු කරනුයේ ඇමෙරිකාවේ මේ කොන්ත්‍රාත්තුවය.යුධ ගිනි අවුලුවා රාජ්‍යන්  අරාජික කිරීම,  ඩොලර්බෙදන  ව්‍යපෘති, දේශප්‍රේමී රජයන් පෙරලා ඇමෙරිකානු ගැති පාලක පන්ති පිහි‍ටුවීම වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ ඇමෙරිකාව සිය කූට උපාය මෙහෙයවයි.

යහපාලනයෙන් ඔතා දෙන  සයිනයිඩ් සීනිබෝල

විදේශ බලපෑම් වලට නතු නොවී දේශීය චින්තනය සමග  ඉදිරියට ගිය රාජපක්ෂ රජය  ඇමෙරිකානු කදවුරට තර්ජනයක් විය.චීනය සමග ආර්ථික  ඉදිරි පිම්මකට සැරසුනු රජය පෙරලීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට විය.දේශීය චින්තනය, ආර්ථික වර්ධනය  , නවෝත්පාදනය සමග පෙරට ඇදෙන ඕනෑම පාලකයකුට එරෙහිව පොදුවේ දමා ගසන චෝදනාවක් වන්නේ  දූෂණය හා විනිවිදභාවයයි . දූෂණයට තිත, අලුත් රටක් , නව ගමනක් වැනි යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල  වලට ජනයා ‍රැවටෙනුය .එදා ලිබියාවේ ගඩාපි පැන්නීමටත්,මෙදා රාජපක්ෂලා වැට්ටවීමටත්   ජනයාට විසිකලේ මෙකී සීනි බෝලය. ජනයා ‍රැව‍ටුනු තරම් තේරුම්  යනවිට  විනාශය මුවගටම පැමින තිබුනි.

ඇමෙරිකන් කාසියේ ඊශ්‍රායෙල් මුහුන.

ඊශ්‍රායෙලය ඉන්දියානු කලාපයේ ඉ‍ටුකරනුයේ චීනයට එරෙහි ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවය.ඊශ‍්‍රායලයට ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට නැගීමට කවුරුන් සමග ගනුදෙනු කරන්නේ ද යන්න  වැදගත් නැත. චීන හිතවාදී රාජපක්ෂ රජය පෙරලීම පි‍ටුපස ක්‍රියාත්මක වූයේ ඉන්දීය  සහ ඊශ්‍රායෙල් චරපුරුශ ජාලයයි. බොදුබල සේනා හරහා රාජපක්ෂලා කෙරේ වූ අතිවිශාල මුස්ලිම් ජන පදනම බිදවීය. බොදු බල සේනාවට මුදල් පොම්ප කලේ ඊශ්‍රායෙලයයි.ඥනසාර යනු හුදු  කුලී හේවායෙකි.ඒ අයුරින්ම ඥානසාරගේ ලොකු අයියා වූ මියන්මාරයේ අශ්වින් විරතුද බොදු සසුනේ ‍රැකවලෙකු හෝ  ගැලවුම් කරුවකු නොව ඊශ්‍රායෙල් වැඩසටහනේ කුලී කරුවෙකු පමනි.

මොසාඩ් බලල් අත්

රාජපක්ෂ රජය තුල සිටිමින් මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයට අඩියලොජිය ප්ලාන්ට් කලේ චම්පිකය.ඉස්ලාම් මූලධර්ම ,කුරානයේ ඉගැන්වීම් වලට එරෙහිව  පොත් ලියුවේ චම්පික රණවකය.තැන තැන සම්මන්ත්‍රන තිබ්බේ ඔහුය.චම්පික මුස්ලිම් ප්‍රජාවට එරෙහි පලමු පොත නිකුත් කලේ ඊලාම් යුද්ධය  අවසාන වනවාත් සමගය. හිජාබ් භීතිය , හලාල් භීතිය, මුස්ලිම් ව්‍යාපාරික භීතිය,ඔවුන්ගේ ඉහල ජන වර්ධනය පිලිබද මුල් බීජ රෝපනය කලේ චම්පිකය.ඔහු මෙහෙයවූ  ව්‍යාපෘතියේ  දරුවා බිහිවන විට විට උපාසක ලීලාවෙන් ගෙවල් මාරු  කලේය. අවසානයේ  අවජාතක දරුවාගේ උප්පැන්නයට වග උත්තර බැදීමට සිදුවූයේ ගෝඨාභයටය.සියල්ල සිදුවූයේ චීන හිතවාදී රාජපක්ෂ රජය පෙරලීමට ගැසූ ඇමෙරිකානු සැලසුම අනුවය. චම්පිකලා, රාජිතලා, ඥානසාරලා, චන්ද්‍රිකාලා මොසාඩ් බලල් අත් පමනි.


චන්ද්‍රිකාගේ 'අරක්කුයි පරක්කුයි' තියරිය .

රාජපක්ශලගේ චීන මිත්‍රත්වය ඉන්දියාවට හිසරදයක් විය.අනෙක් පසින් ඔවුන් කිරි පොවා ඇති දැඩි කල ප්‍රභාකරන් මිය පරලොව යැවූ වේදනාවද විය. ඇමෙරිකානු කදවුරේ ඊලාම් ව්‍යාපෘතිය එක තැන ලොප් වී තිබුනි.සියල්ලන්ට අවැසිවූයේ රාජපක්ෂලාට කෙලීමටය.එකී අලුගෝසු කර්ත්‍යවය්‍යට යොදාගත්තේ ජාතියක් ජම්මයක් නැති චන්ද්‍රිකාය.මෙහෙයුමට අවශ්‍ය මුදල් ඉන්දියාව විසින් චන්ද්‍රිකා වෙත පොම්ප කලේය.කුමන්ත්‍රන  ජාලය සම්බන්ධීකරනයට සැටලයිට් දුරකථන ලැබින.ඒ අනුව ජවිපෙ,එජාපය,හෙල උරුමය  සහ සිරිසේන චන්ද්‍රිකා සමග එකට හිටගත්‍තෝය. දේශපාලන ඔලු මාරුව මෙහෙයවූ රෝ ඒජන්තයා කොළඹින් පන්නා දමන විට සියල්ල සිදුවී හමාරය.ඉතිහාසයේ ප්‍රථම වතාවට 'අරක්කුයි' පරක්කුයි ' චන්ද්‍රිකාගේ  තියරියක් වැඩ කලේය.නමුත් රට නැගීමට නොව පාවා දීමටය.

දිය රෙද්දෙන් බෙල්ල කපන ඉන්දියාව

අතීතයේ පටන් ලංකාවේ ගැ‍ටුම් අවුලුවා ලීමට  උල්පන්දම් දුන්නේ ඉන්දියාවය.අනතුරුව බිහිවන දුර්වල රජ්‍යත්වයක බලය පැහැර ගැනීම ඔවුන්ගේ තියරිය විය.ඉන්දියානු ආක්‍රමන වලට බියෙන්  හෙලයේ මහා වාරි අගනගර වූ අනුරපුර, පොලොන්නරුව , දඹදෙනිය හැරයමින් දකුනට මාරු විය. අවසානයේ නතරවූයේ සෙංකඩගල කන්ද උඩය . මහනුවරට පැමිනියද  ඉන්දියානුවාගෙන් ගැලවීමක් නැත.එහිදී රජතුමාගේ අන්තංපුරයට බඩු සපයන ඒජන්තයා වන්නේ ඉන්දියාවය. රාජකීය බඩු සෙල්ලම කෙලවර වන්නේ1739 දී ඉන්දීය කේරලයන් මහනුවර රජවීමෙනි.එදා මෙදා තුර ඉන්දිය ගනුදෙනු සියල්ලෙන් වූයේ අපට කෙලවීමය. කොටින්  කියතොත් ඉන්දියාව යනු ලගින් ගියත් ඇහැක් ගලවන ජාතියකි.අරක්කුයි පරක්කුයි චන්ද්‍රිකා මෙවර හාන්සිවූයේ එහෙව් ඉන්දීයන් සමගය.


ඉන්දියානු ඇදුම් ඇදි විකට සිරිසේන

ඉන්දියන් කාරයාගේ වචන වලට සිරිසේන කොතෙක්  දුරට නැමුනේදයත්  ඔහු සිය වස්ත්‍රයද ඉන්දියන් ඌරුවට මාරු කලේය. සිරිසේන පු‍ටුවට පැමිනි විගස 13වන සංශෝධනය  හෙවත් ඊළමේ සැකිල්ල ‍රැගෙන මෝඩි ලංකාවට පැමිණියේය .හමුදා කදවුරු එකිනෙක ගැලවීය, උතුරේ සිටි දේශප්‍රේමී ආන්ඩුකාරයා එලවීය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සින්නක්කර අයිතියට ලියාදීමට පොරොන්දු විය.සීපා අත්සන් කිරීමට පොරොන්දු විය.ඉන්දියානු වාහන මත පැටවූ බදු ඉවත් කෙරීය.දකුනු ඉන්දියාවේ සරනාගත කදවුරු වල වෙසෙන ලක්ෂ 6 පිරිසක් නැවත කැදවීමට එකගවිය.චීන ආයෝජකයන් අධෛර්යමත් කෙරීය.ඉන්දියාව සහ ඇමෙරිකාව ගෙතුලට ගෙන චීනය පිට මං කෙරීය.

ගොබෙල්ස් න්‍යාය

'ගොබෙල්ස් න්‍යාය' යනු ගල් පැලෙන බොරු ඇසූ දු‍ටු සත්‍ය ලෙසින් ජනයා හමුවේ තැබීමයි.මෙහිදී පොඩි පොඩි බොරු වලට වඩා  දැවැන්ත බොරු ජනයා වෙත ගෙනයාම පහසු බව පිලිගැනෙයි. පට්ටපල් බොරු  ඇත්ත  බවට ස්ථාපිත කිරීම සිදුවන්නේ 'බොරුව' නැවත නැවතත් විවිධ මාර්ග හරහා පැතිරවීම තුලිනි.ඒ අනුව කලාකාරයන් , ආගමික නායකයන්, උගත්තු යයි සමාජය පිලිගත් අයවලුන්  හරහා 'බොරුවේ' ප්‍රචාරනය සිදුවෙයි.'බොරුව' නැවත නැවතත් කිය වෙනවිට  මෙහි කුමක් හෝ ඇත්තක් ඇතැයි සිතීමට ජනයා පෙලඹෙයි.ඒ අනුව කඩපිලේදී ,  ලිද ලගදී , මග තොටදී ජනයා  කථාවක් ගොඩනැගෙයි. එහිදී තමන් පොර වීමට මොවුන් ගෙන් සමහරෙක්ම  "මහා බොරුව"  ඇසින් දු‍ටුසේ සාක්ෂි දරයි.දුෂණ චෝදනා එල්ල කොට රාජපක්ෂලා කෙරේ ජනතාව බිදවීමට ඇප්ලයි කලේ මෙකී න්‍යායයි.මෙකී මෙහෙයුමේ මධ්‍ය කරුවන් කඩේ යැවීමට,සමාජ ජාලා හැසිරවීමට ,  මධ්‍ය ආයතන වලට,කලාකාරයන්ට , උගතුන්ට ගෙවීමට , අවශ්‍ය මුදල් තානපති කාර්යාල හරහා ලැබිනි.

සුපිරි බලවතුන් වික්ශිප්ත වූ සාගර මෙහෙයුම

අප්‍රිකානු මහාද්වීපයේ තරුනයන් අතර  'පයිරට්' නොහොත් මුහුදු මංකොල්ල යනු අනාදිමත්  වෘත්තියකි. නවකයන් බදවා ගැනීම, පුහුනුව, ක්‍රියාන්විත, මුදල් පාලනය, ආයෝජන, කන්ඩායමෙන් වෙන්වීම වැනි  සියල්ල අතිශය සංවිධානාත්මකය. මුහුදු මංකොල්ල කරුවන් ඉලක්ක කොතරම් තියුනුදයත්,  ඉතාලිය බලා යන බෝට්‍ටුවේ  සිට දැවන්ත නැව් දක්වා සුද්දය දෙයි. ඒසේම ඇමෙරිකානු නැවක් වුවද බංගාලි නැවක් වුදද පහරදී හයිජැක් කිරීමට ඔවුන් බිය නොවෙයි.ඊලාම් යුද්ධය අවසානයේ පැවැත්වූ 'ගෝල් ඩයලොග්' සමුලුව  ඇමතූ ගෝඨාභය  ඉන්දියානු සාගර  කලාපයේ ආරක්ෂාව ශපත කලේ මෙවන් පසුබිමකය. අනතුරුව පාවෙන අවි ගබඩා 2ක් මුහුදේ පිහි‍ටුවා නාවික ආරක්ෂක මෙහෙයුම් ඇරඹීය.මරාගෙන මැරෙන කොටි බෝට්‍ටු සමග ගැ‍ටුනු අපේ කෝල්ලන්ට සෝමාලි පයිරට්ලා හා ගේමක් නොවිනි.ලාංකික ධජය පෙර‍ටුව  පරිවාර ආරක්ෂාව සපයන බෝට්‍ටු දකින විට සෝමාලියානුවන් මුහුදට පනින තරම් බිය විය.

ගෙන්දගම් පොලොවේ රියලිටිය

ප්‍රභාකරන් මිය ගියද දෙමළ බෙදුම්වාදය අවසන් වී නොමැති බව අපි දනිමු. එතෙර පිහිටුවා ඇති රුද්‍රකුමාරන්ගේ දෙමළ රාජ්‍යයේ අරමුණ ඇමෙරිකානු හාම්පුතාගේ සහයෝගය ඇතිව උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍ය පිහි‍ටුවීමය.ඔහුගේ රජය අමාත්‍ය මන්ඩලයකින්ද යුතුය.අද සිරිසේනගේ විදේශ ඇමති ඩයස්පෝරා සමුලු පවත්වමින්  රාජතාන්ත්‍රික පිලිගැනීමක් ලබාදෙන්නේ මොවුන්ටය.එදා  සිංහලයන් අතර හලාල් භීතිය , හිජාබ් භීතිය  වැනි හුදු බිල්ලන් පෙන්වූ චම්පිකලා ගෙන්දගම් පොලොවේ නියම තත්වය හමුවේ  බොරු නින්දේ පසුවෙයි.වර්තමානයේ මෙරට අනවසරයෙන් ‍රැකියා කරන බංගලියන් ගනන 5000 ඉක්මවන බව කියවෙයි.මොවුන් ‍රැකියා කරනුයේ ලංකික මුස්ලිමුන්ගේ ව්‍යාපාර වලය.බංගලියන් ගිය තැනක පැල වන ජාතියකි. විලපත්තුවේ රක්ෂිත  වනය ඩෝසර් කරමින්  ගොඩනගන  අනවසර මුස්ලිම් ජනපද පිලිබද චම්පිකලා නිහඩය.මෙවා හාලාල් හිජාබ් වැනි බිල්ලන් නොව ගෙන්දගම් පොලොවේ රියලිටිය.

යහපාලකයන්ගේ ගැහිලි

ලදරු කිරි පැකැට්‍ටුවේ සිට මිනී පෙට්ටිය වසන ඇනය දක්වා ගසන බදු මුදල් එක්තැන් වන්නේ මහා භාන්ඩාගාරයේය. යහපාලු ආන්ඩුව, රටේ සහ ජනතාවගේ සකල සංබුද්දයම තැන්පත් භාන්ඩාගාරය භාරදුන්නේ රටේ පුරවැසිභාවයවත් නොතිබූ  දෙමලෙකුටය. භාන්ඩාගාර බිලපත් විකුනමින්  සිදුකල පලමු ගනුදෙනුවෙන්ම ඔහු බිලියන 5ක ඉතිහාසගත ගැහිලක් ගැහුවේය. සමුපකාර කඩයක මුදලාලියෙකු වන්   සිරිසේනගේ සහෝදරයා ටෙලිකොම් සභාපති ධූරයට පත් කෙරීය.ඔහු ගැහිලි  පටන් ගත්තේ පත්වීමේ ලිපියේ තීන්ත වේලීමටත් ප්‍රතමය.ධූරයට පත් දෙවන දින  හුවාවි සමාගමෙන් ඔහු නෙලූ  කොමිස් කුට්ටිය කෝටි 10කි. පසුගිය රජයේ ධීවර ඇමතියා ලෙස නැව් 8කින් මාලු බා ධීවරයන්ට කැදත් නැතිකලේ රාජිතය.ඔහුගේ පුත්‍රයා මාස 6ක් තුල ගිය විදේශ සංචාර ගනන 28කි. කාබාසීනියා කල මහජන මුදල් ප්‍රමානය කෝටි 7කට වැඩිය.

විනාශයේ අක්මුල් සහ  සාපේක්ෂ විසදුම

යහපාලුවන්ගේ මුල් මාස හය ගෙවුනේ ගද සුවද දැනෙන වුන්ගේ දෑස් නිලංකාර කරමිනි. මෙහි නොකියු නොලියූ මුත් මාස හය තුල   යහපාලුවන් කල  වංචා,දුෂණ,ගසාකෑම් අනන්තය.  වංචාවෙන් සහ ප්‍රෝඩාවෙන්   සිරිසේනලා  බිලිගෙන ඇත්තේ දුවා දරුවන්ගේ සමස්ථ අනාගතයයි. තරුණ තරුණියන්ගේ හෙට දවසේ මුහුණු වල මැවෙන්නට තිබූ සිනහවයි. දරුවන් වෙනුවෙන් ජීවිතයම කැපකළ දෙමාපියන්ගේ අනාගත සුභ සිහිනයි. මේසා අලුගුත්තේරු වැඩ කල  සිරිසේනලා රනිල්ලා තවත්    ජනතාව ඉදිරියට විත් ‘‘යහපාලනය ’’ ගැන දොඩවයි.විනාශයේ අක්මුල් සහ  සාපේක්ෂ විසදුම නොදැන  අන්ධ ලෙස භාවිතා වන චන්ද  වූ කලී  සර්ව ජන චන්ද බලයට කරන නිගාවකි.ඉදිරියට යන ජාතියේ  මං අවුරන්නකි.

ජනතාවගේ හදගැස්ම

77-88 එජාප ආන්ඩුවේ සිටි පුද්ගලයන් අතර ජනතාවට වඩාත්ම එපා වූයේ ජේආර්ය.89-94එජාප  රජයේ ජනතාව දෙස් දෙවොල් තිබ්බේ ප්‍රේමදාස නමටය.94-2002 පොදු පෙරමුනු රජයේ ජතාවට තිත්තම වූ චරිතය චන්ද්‍රිකාය. 2002-2004 එජාප රජයේ ජනයා වැඩියෙන්ම මතක්කලේ රනිල්ගේ අම්මාය.2005-2014  රජයේ ජනතාවට එපාවූයේ රාජපක්ෂලා නොව  වටේ සිට ගසාකෑ පිරිවරය. මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් , හමුදාවේ සහ පොලීසියේ දූෂිත උන්ය.රාජපක්ෂ ආන්ඩුවේ කාලේ  ජනතාව වෛර කල එම දූෂිතයන් ‍රැල  අද සිරිසේනගේ  ආන්ඩුව සමග යහමින් වැජඹෙයි.ජනතාව ගොනාට ඇන්දවූ සිරිසේනගේ  යහපාලු   රජය  සියල්ලන්ටම අරහං වී ඇත.අද ජනයා අතර වඩාත්ම ගෞරවාදරයට පත් පුද්ගල ලැයිස්තුවේ අංක එක ගෝඨාභය රාජපක්ෂය.

තුන් හෙලේ කෑලෑ වල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්

දේශීය චින්තනයත් ජනමූල නායකත්වයත් සමග ඉදිරියට යන රාජ්‍යක ගමන සුපිරි බලැති අමෙරිකාවට හෝ  එජා සංවිධානයේ සම්බාදක පවුරු මතින් නැවැත්විය නොහැක. නිශ්චිත හා යුක්ති සහගත දේශපාලන ඉලක්ක සමග නැගී සිටින ලාංකික ජාතිය ඉන්දියානු  ව්‍යවස්ථා විලංගු වලින් සිරකල නොහැක. ස්වර්ණ භූමියේ උරුමය ‍රැකීමට  ගොඩ නැගෙන දේශමාමක  ජන පවුර අධිරාජ්‍යවාදීන්ගේ සැටලයිට් වලට ඉලක්ක කළ නොහැක.දේශප්‍රේමීන්ගේ අතික්‍රමන හෝරාව  කිසිවෙකුගේ රේඩාර් වලට හසු නොවනු ඇත. ජනතාවගේ අපේක්ෂාවට පි‍ටුපා විදෙස් තානාපතියන්ගේ ඔඩොක්කුවේ සිට  දේශපාලනය මෙහෙයවන නෝනා මහත්වරුන් ප්‍රවේසම් විය යුතු කාලය එලඹ ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක
lankaeye1@gmail.com


-