Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » "වෙලේ සුදා"උදයන්තිට සල්ලි දුන්නේ "ටයර් රවී" හරහා - ටයර් රවී මැතිවරණයෙදි මෛත්‍රීට කෝටි 2ක් දුන්නා

ගම්පොළ විදානගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදා දැන් යහපාලනයට නියම පොරකි.අණබෙර ගසා වෙලේ සුදා අත් අඩංගුවට ගත්තද දැන් වෙලේ සුදා යහපාලන ගෙදර සුදා වෙමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.(විඩියෝව පහතින්)

මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා"සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය විමත් සමග ඇය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකල පොලිසිය නදිෂා සමග එකතුවි "වෙලේ සුදා" සමග ඩීල් දැමු උදයන්ති කුලතුංග අල්ලා ගත් පසුව ඇයගේ නංගිගේ ගිණුමේ තිබුණු කෝටි ගණනක් මුදල් සොයා ගත්තා.

වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානගේ සමන්ත කුමාර ටෙලි නාට්‍ය නිළි උදයන්ති කුලතුංගට දුන් බව කියන මුදල් ඇය විසින් ඇගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර ඇතැයිද අධිකරණයේදී සඳහන් විය.

වෙලේ සුදාගේ හෙරොයින් මත් කුඩු ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පැවසූයේ චමිලා නිශාන්ති නිල්මිණි කුලතුංගගේ බැංකු ගිණුමේ රුපියල් කෝටියක් ආපසු ගැනීමට වාරණයක් ඇත්දැයි වාර්තාවක් ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්ද නිකුත් කර තිබේ.

දැන් සිද්ධ වෙන්න යන දේ අප අනාවරණය කර ගැනිමට සමත්ව තිබේ.

වෙලේ සුදා සමග මුදල් ගනුදෙනු කළැයි කියන නිළි උදයන්ති කුලතුංගගේ සහෝදරිය බැංකු ගිනුම් පිළිබඳව කරුනු තහවුරු කිරීමේ සිද්ධිය අදාලව කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ  (12) පැමිණි නිළි උදයන්ති කුලත්ංග, ඇගේ සහෝදරිය වන ක්‍රිශාන්ති නිල්මිණී කුලතුංග යන අය අතර සිටින  රවීන්ද්‍ර ප්‍රේමතිලක හේවත් ටයර් රවීය.


රටේම නමගිය අංක එකේ වංචනිකයෙකු වන ටයර් රවී  "වෙලේ සුදා" සමග ලගින්ම ගණුදෙනු කළ අයෙකු වන අතර ඔහු කුඩු සම්බන්ධයෙන් නිරන්තර නම කියවෙන මේ දිනවල යහපාලන බත් බැලයන් අතර පිලේ නිදා ගන්නා මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකි.මර්වින්ගේ සම්බන්ධිකරණ ලේකම්වරයා විමට පෙර කාලයක් ඔහු වතමන් යහපාලක සොඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේද සම්බන්ධිකරණ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ.

දෙහිවල පැත්තේ Credit Card හොරකම් කරමින් අනුන්ගේ සල්ලි අදිමින් ජිවත් වු ටයර් රවී වෙලේ සුදාගේ පිහිටෙන් සල්ලි හම්බකරන්න පටන් ගත් අතර අද වන් විට දෙහිවල,නුගේගොඩ ප්‍රදේශ වල කෝටි ගණන් වටින ඉඩම් හා නිවාස ඇති අතර කොළඹ බාන්ස් පෙදෙස් කෝටි ගණනක ඉඩමක්ද ඔහු සතුව තිබේ.

නදිෂා වෙලේ සුදාට සෙට් වුයේද ටයර් රවි හරහාය.උදයන්ති වෙලේ සුදාට සෙට් වෙන්නේද ටයර් රවි හරහාය ඒ අනුව වෙලේ සුදාගෙන් ටයර් රවි හරහා ලැබේන මුදල් උදයන්ති තමන්ගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර තිබේ එය මනාව තහවුරු වන් කරුණකි.

මේ වන් විට වාර්තා වන අන්දමට මෙම සිද්ධිය සම්පුර්ණයෙන් යට ගැසිමට යහපාලන ටොයියන් සුදානමින් සිටි.ඊට හේතු කිහිපයක් තිබේ.ඉන් එකක් වනුයේ ජනාධිපතිවරණ සමයේ ටයර් රවි මෛත්‍රීපාල සිරිසේනගේ කැම්පෙන් එක සදහා කෝටි 2ක පමණ මුදලක් ලබා දිමයි.එය මෛත්‍රීපාල සිරිසේනත්,රාජිතත්,ඩඩ්ලි සිරිසේනත් හොදින්ම දනී.

අනිත් කරුණ වන්නේ මර්වින් සිල්වා දැන් යහපාලනයට හේත්තුව දාගෙන සිටිමයි.පසුගියදා  මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විහාරමහා දේවී උයනේ පැවැති බෝඩ් ළෑලි පක්ෂවල රැස්වීමට මරිවින්ද යහපාලනයට එකතුවු බවට නිල වශයෙන් දැනුම් දි තිබුනා.(ඡායාරූපය බලන්න)මෙ රැස්වීමට මූලික යටිතල පහසුකම් තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා සහ මර්වින් සිල්වා මන්ත්‍රීවරයා සපයා තිබු අතර ඒ සදහ ටයර් රවීගෙන් ලක්ෂ 20ක මුදලක් ලබාගෙන තිබේ.

ඒ අනුව ලබන 19 වැනිදාට ලැබේන තින්දුව දැන් පැහැදිලිය.එපමණක් නොව අන්තිමට වෙලේ සුදා යහපාලන ගෙදර සුදා වන දවසට උදයන්ති ටයර් රවීගේ සුදා,මර්වින්ගේ සුදා වි අන්තිමට ගෙදර සුදා වනු ඇත.



About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments