Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ජාතිය අනතුරේ දමන අවමංගල සමාගම..

මංගල සමරවීර යනු තමන් සමලිංගික සේවනයට ඇබ්බහිවූවෙකු බව ප්‍රසිද්දියේ ආඩම්බරයෙන් පිලිගන්නා, සදාචාරයක් නැති, රටට ආදරයක් නැති මිනිසෙකි. තම බලය වෙනුවෙන් ලංකාව පාර්සලයක ඔතා සතුරන්ට විකුන්නට අවස්ථාවක් ආවොත් දෙවරක් නොසිතන ඉතා දුෂ්ට, ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකි., අපේ රටේ අවාසනාවට මෙවන් මිනිසෙකු රටේ විදේශ ඇමති වශයෙන් පත්කොට ලෝකය හමුවේ ලංකාවේ නියෝජිතයා ලෙස ක්‍රියා කරන්නට යමපාලක ආන්ඩුව ඉඩ දී ඇත.

අපේ රට විනාශ කරනට කැසපට කවන විදේශ බලවේග වලටනම් මෙම දේශද්‍රෝහී ජාතිද්‍රෝහී විදේශ ඇමති, කියලාවත් ලබා ගන්නට බැරි වස්තුවකි. මන්ද ඔවුන් ලංකාවට එරෙහිව ගන්නා සෑම තීරණයක්ම තම වාසියට යම්හෙයකින් හේතු වේ නම් එයට පක්ෂපාතව අත උස්සන්නට මංගල දෙවරක් නොසිතන නිසාය.

විදේශ ඇමති ලෙස පත්වූ දා සිට අද වනතුරු මංගල මේ රටට කල හානිය මේ රටේ ජනතාවගෙන් කී දෙනෙකු දන්නාවාද ? විශේෂයෙන්ම යුද අපරාධ පිලිබඳ අන්තර් ජාතික විමර්ශනය සම්බන්දව මේ මොහොතේ මංගල කරමින් සිටින්නේ යුද්ධයෙන් පසු ලංකාවේ සිදුවන්නට යන විශාලතම පාවාදීම බව දන්නේ මේ රටේ කීයෙන් කී දෙනාද ?

මංගල හා ඔහු වටා සිටිනා බලවේග ගැන කතා කරන්නට පෙර, බටහිර රටවලට මේ තරම් මහින්ද විරෝදයක් ඇත්තේ මන්ද යන්න  වටහා ගැනීම අවශ්‍යය. තම ආර්ථික හා දේශපාලන අවශ්‍යතා  වෙනුවෙන් නව යටත් විජිත වාද ප්‍රතිපත්ථියක්  ලෝකය පුරා ක්‍රියාත්මක ඇමෙරිකාවට හා ඔවුන්ට හිතැති යුරොපීය රටවලට, ලොකයේ මර්මස්ථානවල ඔවුන්ට ගැති රූකඩ ආන්ඩු තිබීම අත්‍යාවශ්‍යය. එවැනි රටක ශක්තිමත් නායකත්වයක් බිහිවුනොත් හැකි පමන ඉක්මනින් එය විනාශකර දැමීම නව යටත් විජිත වාදීන්ගේ ප්‍රතිපත්තියය්. එවැනි නායකත්වයන් දුර්වල කරන්නට ඔවුන් ලෝකය පුරා බාවිත කරන ප්‍රධානතම ආයුදය වන්නේ අදාල රට තුල ජාතික හා ආගමික සංහිදියාව පිලිබඳ  අර්බූද නිර්මානය කිරීමය්. ලංකාව සම්බන්ධයෙන්  මෙම කාර්යයේදී ඔවුන්ගේ අතකොලුව වුයේ දෙමළ ඩයස්පෝරාව හා එහි සහායෙන් පෝෂණය වූ කොටි ත්‍රස්තවාදයය්. ඔවුන් සියලු දෙනාගේ බලාපොරොත්තුව වුයේ මහින්දා රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වී  පලමු  ධූර කාලය අවසන් වන 2011 වන විට රට දේශපාලන හා ආර්ථික වශයෙන් අස්ථාවර කොට බටහිර මුදල් බලයෙන් මහින්ද එලවා  බටහිර ගැති නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ යටතේ රජයක් පිහිටවීමය. එහෙත් ඔවුන් කිසිවිටක නොසිතූ නොපැතූ අන්දමින් මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය 2009 මැය් 18 සහමුලින්ම පරජය  කිරීමෙන් මෙම බලවතුන් දැඩි පරාජයකට හා අවමානයකට පත්විය. මුදල් වලට බා ගත් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට දමා උත්සාහ කලද 2010 මහින්දගේ දෙවන ජයග්‍රහනය වැලක්විය නොහැකි විය.  තම ආරක්ෂාව යටතේ සිටි දෙමළ ඩයස්පෝරාවට පොරොන්දු වී තිබූ පරිදි මහින්ද රාජපක්ෂව එලවන්නට තවත් අවුරුදු 5ක් ඉදිරියට සැලසුම් කරන්නට බටහිර බලවතුන්ට සිදුවිය. එක්සත් ජාතීන්ගේ සංවිධනය හරහා  මහින්දව යුධ අධිකරණයකට  ගෙන ඒමේ නව කුමන්ත්‍රණය ඇරබෙන්නෙ මේ නිසාය.  නූතන යුගයේ දොන් ජුවන් ධර්මපාල වන මෛත්‍රීපාල සිරිසේනගේ ඓතිහාසික පවාදීම හරහා 2015 ජනවාරි 8 මහින්ද එලවා ගත්තද ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කරන තුරු  දෙමළ ඩයස්පෝරාවට හෝ බටහිර බලවේග වලට විවේක ගත නොහැක.


පසුගිය වසර කිහිපය මුලුල්ලේ  බටහිර බලවතුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අර ඇන්දේ මහින්ද රාජපක්ෂ, ගෝටාභය රාජපක්ෂ ඇතුලු සැබෑ රණ විරුවන් ( යුද්ද්ය අවසන් වූ වහාම ඇමෙරිකානු ඩොලර් සඳහා සුදු කොඩි චෝදනාව හරහා රණවිරුවන් පාවා දුන් ෆොන්සේකා හැරුනු විට ), යුධ අධිකරණයක් හමුවට ගෙනවිත් දඩුවම් දී එදා ප්‍රබාකරන් ගලවාගැනීමට නොහැකීවීමේ පලිය ගන්නටය.

ශ්‍රී ලංකා රජය දිගින් දිගටම යුධ අපරාධ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම හා අපට චීනය රුසියාව වැනි මිත්‍ර රටවල ආරක්ෂාව එක්සත් ජාතික මන්ඩලය තුල තිබීම නිසා මෙතුවක්කල් ඔවුන්ගේ බිහිසුනු සැලස්ම ක්‍රියාත්මක කරවන්නට බටහිර බලවතුන් අසමත් වූහ. එහෙත් ලංකවේ සහයෝගයෙන් තොරව හෝ ඒකපාක්ෂිකව යුධ අධිකරණ්යක් පිහිටුවා රණවිරුවන්ට විරුද්ධව තීරණ ලබාදෙන්නට ඔවුන් තීරණය කොට තිබුනේ කවදා හෝ රාජපක්ෂලාට බලය නැතිවූ දවසක ඔවුන් පවාදෙන රජයක් ලංකාව තුලම බිහිවෙනු ඇතැය්  එවකට සිටි රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු විරුද්ධ පක්ෂයේ හැසිරීම රටාව තුල ඔවුන්ට පෙනී ගොස් තිබුනු බැවිනි. 

එහෙත් එම අවස්තාව මෛත්‍රීපාල සිරිසේනගේ පාවා දීම හරහා මේ තරම් ඉක්මනට උදාවනු ඇතයි ඔවුන්වත් නොසිතන්නට ඇත.

ද්‍රවිඩ ඩයස්පෝරාවේ උවමනාවට පිහිටවනු ලබන යුධ අධිකරණයක් හරහා රට බේරාගත් විරුවන්ට දඬුවම් ලබාදීමට ලාංකික ජනතාව අකමැති බව සිරිසේන දැන් සිටියේය. එහෙත් ජනාධිපතිවරණයට බටහිර මුදල් හා අන් ආධාර ලබා ගැනීම අවශ්ය වූ නිසා ඒ වෙනුවට  දේශීය විමර්ශණයක් කිරීමට ඔහු පොරොන්දු විය. මෙය ජනාධිපතිවරණය වෙනුවෙන් කරණ ඇස් බැන්දුමක් පමනක් බවත් සිරිසේන දින්නොත් රාජපක්ෂ්ලා ඇතුලු රණ විරුවන් පවාදීම අනිවාර්යයෙන්ම සිදුවන බවත්  තේරුම් ගැනීමේ හැකියාව කී දෙනෙකුට තිබුනාදැය් අපි නොදනිමු. 

දැන් ජනාධිපතිවරණය අවසන්ය.  ජයග්‍රහණයට උදව් කිරීම වෙනුවෙන් පොරොන්දු වු බිලි පිදේනිය වහාම සූදානම් කරන ලෙස සිරිසේන රනිල්, චන්ද්‍රිකා ආන්ඩුවට ඔවුන්ගේ බටහිර හාම්පුතුන්ගෙන් නියෝග ලැබී ඇත. මහ මැතිවරණයද අවසන් වී තිබුනානම් මෙය කරන්නට සිරිසේන, රනිල්, චන්ද්‍රිකා ආන්ඩුව දෙවරක් සිතන්නේ නත.  එහෙත් මැතිවරණ්යට තව කල් ඇති බැවින් මෙය කල යුත්තේ ලාංකීය ජනතාවට නොතේරෙන සූක්ෂම ආකාරයකටය. 

කවදත් සටකපට, කැත වැඩ හා හොර වැඩ කොට මනා පලපුරුද්දක් ඇති මංගල සමරවීර හරහා අද ඉටුකෙරෙමින් පවතින්නේ  මෙම කොන්තරාත්තුවය.

මංගල සමරවීරට ඉලක්කයන් දෙකක් ඇත

පලමුවැන්නනම් සිය ආණ්ඩුවේ බටහිර හාම්පුතුන් සතුටුකිරීම සඳහා දෙමළ ඩයස්පෝරාව  ඉල්ලන සියලු දේ හැකි ඉක්මනින් ලබාදීමය. ඒ තුලින් රටට හෙන ගැහුනත් බටහිර ආනුභාවයෙන් තම කල්ලියේ පැවත්ම සහතික වන බව ඔහුගේ දැඩි විශ්වාසයයි.

දෙවැන්න නම් කිසියම් විදියකින් මහින්දා රාජපක්ෂ හෝ අන් රාජපක්ෂ කෙනෙකු නැවත බලයට ඒමේ අනතුර සම්පූර්නයෙන්ම වලක්වාලීමේ නොවරිදින ක්‍රමය වන මහින්ද හා ගෝටාභ්ය යුධ අධිකරණයකට මුහුන දීම සඳහා රටින් පිටුවහල් කොට ඔවුන් සහමුලින් වනසා දැමීමය.

ඔහු එය ඉටු කිරීමට සිරිසේන, රනිල්, චන්ද්‍රිකා  තුන්කට්ටුවේ පූර්ණ අනුග්‍රයෙන් ක්‍රියාත්මක කොට ඇති සූක්ෂම සැලැස්ම  මේ රටට ආදරය කරන ජනතාව කඩිනමින් වටහා ගත යුතුය.

එහි පලමු පියවර වූයේ මාර්තු මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ලංකාවෙ යුධ අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිටුවේ වාර්තාව සැප්තම්බර් දක්වා කල් දමා ගැනීමය. එයින් බලාපොරොත්තු වූයේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණට පෙර ජනතාව යුධ අධිකරණ සැලසුම් පිලිබඳ සත්‍ය දැන ගැනීම වැලැක්වීම හා ලබා ගත් වැඩිපුර මාස 6ක කාලය තුල රාජපක්ෂලාට යලි ගොඩ එන්නට බැරි ලෙසම වාර්තාව තද කිරීමට අවශ්‍ය වැඩිපුර දත්ත ලබාගැනීමට ශ්‍රී ලංකා රජය හරහාද උපකාර කිරීමය.

දෙවැනි පියවර වූයේ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කිරීම, හමුදා ඉඩම් කොටි හිතවාදීන්ට බෙදා දීම, ජාතික ගීය බාල්දු කිරීම, ඉතුරු වූ හමුදා ඛාන්ඩද බැරැක්ක වලට සීමා කොට ත්‍රස්ත හිතවාදීන්ට නිදහසේ උතුරේ ක්‍රියාත්මක වීමට ඉඩදීම, ඩයස්පෝරා හිතවාදී බටහිර මාධ්‍යයන්ට උතුර විවෘත කිරීම, ව්‍යවස්තා සබාවට කොටි හිතවාදීන් නම් කිරීම වැනි ඩයස්පෝරාව නලවන පියවර රාශියක් කඩිනමින් ගැනීම හරහා තම රජයේ සුවච කීකරු  බව බටහිර හාම්පුතුන්ට ඔප්පු කිරීමය. අද බොහෝ බටහිර ලොක්කන් මෙම දීන සේවක පිරිස ගැන බොහෝ සතුටින් කතාකරන්නේ ඇස් පනාපිටම සුදුසුකම් පෙන්වූ මේ ජාති ද්‍රෝහී බව නිසාය. එදා  තෑගි ඔප්පුවකින් පරංගි රජුට ලංකාව  පවා දුන් දොන් ජුවන් ධර්මපාල ගැත්තා ගැන පරංගීන් කතා කලේත් මෙවැනිම ආදරයකිනි.

තුන්වැනි හා ඉතා බියකරු පියවර ගැන දන්නේ මේ රටේ ඉතා සුලු පිරිසකි. මාධ්‍ය කිහිපයකින් වාර්ථා වුවද මේ පිළිබඳ ප්‍රසිද්දියේ නිවැරදි අර්ථ කථනයක් දීමට සමත් වී ඇත්තේ ආචාර්‍ය දයාන් ජයතිලක  පමනි. මෙම අමනෝඥ හා ජාති ද්‍රෝහී තුන්වන පියවර නම් සිහිබුද්ධියක් ඇති කිසිදු ස්වාධීන රජයක් නොකරන දෙයක් වන, එක්සත් ජාතික මන්ඩලයේ බටහිර බලල් හස්තයට ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට  ඍජුවම සම්බන්ධ  අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කර දීමය.

පසුගිය ජූනි 4 දා එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ශ්‍රී ලංකා කාර්‍යාල ප්‍රධානී 'සුබිනේ නන්දි' විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට සහය වීමට දෙපාර්ශවය එකඟ වී ඇති ආකාරය පිලිබඳ කරුණු 4 ක් පැහදිලි කලේය.

1.යුධ අපරාධ පිලිබද්ව කෙරෙන දේශිය විමර්ශනයට අවශ්‍ය තාක්ෂණ සහාය ලබා දීම

2.ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමත අවශ්‍ය යාන්ත්‍රනයක් එක්සත් ජාතීන්ගේ සංවිදානයේ ශ්‍රී ලංකා කාර්‍යාලය  යටතේ ක්‍රියාත්මක කිරීම 

3.පලාතේ සංවර්ධන කටයුතු හා ආදායම් වැඩිකරගනීම සඳහා උතුරු පලාත් ආන්ඩුවට සහය වීම

4. උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම


විදේශ ඇමති මංගල සමරවීර  හා දේශ ද්‍රෝහී යහපාලන  ආන්ඩුව මින් වසර 4 කට පෙර අපේ රණවිරුවන්  ලෙයින් කඳුලින් දිනූ දේශය නැවත පවා දීමේ කොන්ත්‍රාත්තුවේ ආපසු හැරවිය නොහැකි ප්‍රබල  පියවරක් මේ හරහා තබා ඇත. 

පලමුව ඔවුන් උතුරු පලාත් සභාව උතුරු පලාත් ආන්ඩුව ලෙස හැඳින්වීමට ඊලාම් හිතවාදීන්ට අවසර දී ඇත.  මෙය කොතරම් බියකරු ප්‍රවේශයක්ද ? ලංකාවේ අනෙකුත් එකද පලාත් සබාවක් හෝ ආන්ඩුවක් ලෙස පිලිගැනෙනවාද ?

ඊට අමතරව ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඍජුවම බටහිර රටවලින් මුදල් ලබා ගැනීමට යාන්ත්‍රනයක් සකස් කරදී ඇත. මේ මුදල් යෙදෙවෙන්නේ මොනවාටද ?

මෙහි අනෙකුත් බියකරු හා සංවේදී කරුණ වන්නේ ශ්‍රී ලංකික අන්තර් ජාතික යුධ අධිකරණ විමර්ශනයකට ඉඩ නොතබා ඒවෙනුවට  දේශීය විමර්ශණයක් කරනවා යැය් ජනතාවට දුන් පොරොන්දුව අමු අමුවේ කඩ කරමින්  අන්තර් ජාතික යුධ අධිකරණ විමර්ශකයන්ව තාක්ෂණ උපදෙස් කඩතුරාවෙන් වසාගෙන ලංකාවට වැද්දා ගනීමය. මෙයින් කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනි දෙයකි.  රාජප්ක්ෂලා විනාශ කිරීමේ අරමුණින් අන්තර් ජාතික යුධ අධිකරණයක් සැලසුම් කල අය යහපාලන සිරිසේනගේ දේශිය විමර්ශණය, තිරයෙන් පසුව සිටගෙන මෙහෙයවනු ඇත. විමර්ශණය රටින් පිට සිට කරනවාටත් වඩා හොඳින් ඔවුන්ට අවශ්ය සියලු දත්ත ජනතා ද්‍රෝහී රජයේ පූර්ණ අනුග්‍රයෙන් ලබා ගැනීමට මෙයින් ඉඩ සැලසෙය්.

ජාතීන් අතර ප්‍රශ්න විසදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හවුල් කර ගත් ලෝකයේ සෑම රටක්ම අවසන්වූයේ දෙකඩ වීමෙන්ය. සර්බියාවෙන් කොටසක් කොසෝවෝ ලෙස වෙන් වීම හා සුඩාන් රට දෙකඩ වීම  මෑත කාලයේ උදාහරණය. යුධමය වශයෙන් හෝ ආර්ථික වශයෙන් සම්පූර්ණයෙනම කඩා වැටුන රටක් මිස කිසිදු ස්වාධීන රජයක් තම අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ නොදෙති.  උදාහරණයක් වශයෙන් දැනට වසර 60කටත් වඩා පැරණි කාෂ්මීර ප්‍රශ්නයට අත පොවන්නට ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩ දෙනවාද ?. ඒ සම්බන්ධව පිටස්තරයෙකු ඉල්ලීමක් වත් කල්හොත් එය තම රටේ ගෞරවයට කල අපහාසයක් ලෙස ඔවුන් සලකති. 

පිටකොන්ද නැති යහපාලන නායකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය  ගෙදරට වැද්ද ගන්නේ අභ්‍යන්තර අර්බූධයක් විසදන්නද  නැත්නම් බොහෝ දුරට විසඳා තිබුනු ප්‍රශ්නය බටහිරට අවශ්‍ය පරිදි නැවත වපුරා ගන්නටද ?  බිරිඳගේ හා සැමියාගේ ප්‍රශ්න විසදන්නට  බිරිඳගේ අනියම් සැමියා ගෙදර පදිංචිකර ගත් පිරිමියාට කියන්නට ඇත්තේ එක නමක් පමනක් නොවේද ? ඒ නම මෙම රජයේ නායකත්වයටනම් හොඳින් ගැලපෙන බව බොහෝ දෙනෙකු පිලිගනු නිසැකය.

මෙම අවධානමට වහා මුහුනදී නිසි පියවර  නොගතහොත් අපේ රට නැවත වතාවක් ඉතා බියකරු ව්‍යසනයකට ලක්වී, ආර්ථික හා සමාජීය වශයෙන් අන්ත අගාධයකට ඇද වැටී අවසානයේදී නිසැකවම දෙකඩ වනු නියතය. මේ බව රටට ආදරය කරන පුරවැසියන්ගෙන් බහුතරය කඩිනමින් වටහා ගනු ඇතැය් යනු අපේ එකම පැතුමයි.

විශේෂ ලියුම්කරු 

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments