Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » දඩයමට බය නම් අපි මේ සටනේ කොඩිය අතට ගන්නේ නැහැ. තිස්දහසක් රණවිරුවන් දිවි පුදලා බේරාගත්තු මේ රට මේ තක්කඩි රැලට ගිලගන්න ඉඩ නොදෙමු!


යහපාලන ටොෆිය’ සූප්පු කරමින් තවදුරටත් මේ රට ඉදිරියට ගියහොත් නැවත උතුර හා නැග‍ෙනහිර පළාත් බෙදුම්වාදී කල්ලිවලට නතුවීම අනිවාර්ය යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(12) මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘මහින්ද සමග නැගිටිමු!’ ජන රැලි මාලාවේ 05 වැන්න අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී දිර්ඝ වශයෙන් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ස්වාධීන ජාතියක් හැටියට ගොඩනැගුණු ලක් පොළොව නැවතත් පාවාදීමේ දිශාවට හැරවුණු දවස ලෙස ජනවාරි 08 වැනිදා හඳුනාගත හැකියි. ඒ අවාසනාවන්ත දවසේ ඇරඹුණු ඒ මහා පාවාදීමේ ගමන ආපස්සට හරවන්න තමයි අද මේ මාතර ඓතිහාසික පුරවරයට දැවැන්ත ජන ගගක් ඒකරාශී වුණේ.

ටෙලිකොම් එක අයිති මංගල පින්සිරි සමරවීර මහත්තයා සියලූම විදුලි සංදේශ තාක්ෂණ ක‍්‍රමවේද පාවිච්චි කරලා මාතරින් අන්තර්ජාලයට කිසිදු සජීවී රූපයක් ඇතුළත් කරන්න බැරි තත්ත්වයක් හදලා තියෙනවා. මේ ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය දරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදරයා. එයා සභාපති වුණාට පස්සේ ලැබෙන පඩිය 100%කින් ඉහළ දැම්මා. එයා එක් කෝටියකට වැඩි පඩියක් මාසිකව ලබාගන්නවා. අපි මේවා කියන කොට මේ විදියේ තාක්‍ෂණ සෙල්ලම් දාලා අපේ හඩ යටපත් කරන්න හදනවා. මේ විදියේ තුට්ටු දෙකේ තාක්‍ෂණ සෙල්ලම් දාලා මේ මතය ජාතිය අතරට යන එක වළක්වන්න බැහැ පින්සිරි මහත්තයෝ. පින්සිරි හිතාගෙන ඇති අපි ‘පුන්සිරිලා’ කියලා.

අපි දන්නවා අද වෙනකොට මේ රට ඇදලා දාලා තියෙන තැන. යුද ජයග‍්‍රහණයෙන් වසර 06කට පස්සේ උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහත්තයා, පොලීසිය භාර ඇමති ජෝන් අමරතුංග ළග තියාගෙන කියනවා, ‘උතුරින් සියලූ හමුදා කඳවුරු ගැලවෙන්න ඕනෙ. අපේ දැරියෝ ආරක්ෂාකර ගන්න නම් ඒක කරන්න ඕනේ’ කියලා. ඒක අහගෙන ජෝන් අමරතුංග ඉන්නවා, බම්මන්න වගේ. විග්නේෂ්වරන්ට මේ වගේ හයියක් ආවේ කොහොමද? අද උතුරේ යුද හමුදා ආඥාපති කියනවා, ‘ මේ වන විට හමුදා කඳවුරු 59ක් ඉවත් කර තිබෙනවා. අක්කර 19,850ක සිවිල් ජනතාව යළි පදිංචි කර තිබෙනවා’ කියලා. ඒ සියල්ල කරලා තිබියදී තමා දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන් සියලූ හමුදා කඳවුරු ඉවත් කරන්න ඕනෙ කියලා කියන්නේ

‘මහින්ද ඝාතන තැතක්’

පින්සිරි මහත්තයා පසුගිය සතියේ ලන්ඩන්වලට ගියා. ගිහිල්ලා ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා මුණ ගැහිලා සාකච්ඡුා කළා. එමානුවෙල් පියතුමා කියන්නේ කොටි සංවිධානය යුදමය වශයනේ පරාජය කළාට පස්සේ එම සංවිධානය යළි අන්තර්ජාතිකව ඉහළට ඔසවා තැබීමට පුරෝගාමී වූ පුද්ගලයා. ඒ විතරක් නොවෙයි, ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව එල්ලා මරන හැටි කියපු ගෝලීය දෙමළ සංසදයේ සුරේන් සුහන්දිරන්වත් මේ පින්සිරි මහත්තයා ලන්ඩනයේදී හමු වෙනවා. ඒ වගේම නෝර්වේ සාම නියෝජිතයා විදියට කටයුතු කළ එරික් සෝල්හයිම්වත් මුණගැහිලා සාකච්ඡා කරනවා.

පින්සිරි මහත්තයා මේ අයව ලන්ඩනයේදී හමු වෙන්නේ ඇයි? ඒකීයභාවය, ජාතික සමගිය, හදන්නද? නැහැ. එක පැත්තකින් මේ අය සාකච්ඡා කරන්නේ, ‘මහින්ද රාජපක්‍ෂව පරද්දන්න බැරි නම් මරලා දාන්නේ කොහොමද? කියලයි. අනෙක් පැත්තෙන් කතා කරනවා ‘කොහොමද මේ රට බෙදන්නේ?’ කියලා. ගෝලීය දෙමළ සංසඳය කියන්නේ මේ රටේ තහනම් කරපු සංවිධානයක්. තහනම් සංවිධානයක් සමග ලන්ඩනයේදී සාකච්ඡුා කළ පින්සිරි මහත්තයලා මේ රට කොතැනටද අරගෙන යන්නේ? වික‍්‍රමසිංහලා, සිරිසේනලා මේ රට අද කොතැනටද අරගෙන යන්නේ?

එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ (UNDP) ශ‍්‍රී ලංකා නියෝජිතයා පැවසුවා, ‘අපි ඩොලර් බිලියන 3.3 ලංකාවට දෙනවා. නැවත පදිංචි කිරිම්වලට ඩොලර් බිලියන 1.1කුත්, යුද අපරාධ ගැන සොයන්න තවත් ඩොලර් බිලියන ගණනකුත්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට භාරදී ඇති සහජීවන ව්‍යාපෘතියට තව ඩොලර් බිලියන ගණනකුත් දෙනවා’ කියලා. (චන්ද්‍රිකා නම කියනවාත් සමග දසතින් හූ හඩ පැතිරිණි)

අද උතුරින් හමුදාව එලවන්න හදන්නේ, නැග‍ෙනහිරින් සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවන්නේ, පින්සිරි මහත්තයා ලන්ඩනයේදී කොටි ඩයස්පෝරාව හමුවෙන්නේ සහජීවනය හදන්නද? නැහැ. 2015 නොවැම්බරයේදී කොටින්ගේ ඊනියා මහවිරු සතිය එළඹෙනවා. ඒ සතියේදී චන්ද්‍රිකා නෝනයි, පින්සිරි මහත්තයායි කොටි ඩයස්පෝරාවේ සංවිධාන ගෙනල්ලා මහ සැණකෙලියක් කොළඹදී පවත්වන්න යනවා. ඒක තමයි ‘සහජීවනයේ සැණකෙළිය.’

පින්සිරි මහත්තයා විදේශ ඇමති වුණු ගමන්ම වාගේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අය - වැය කමිටුවට ආවා යෝජනාවක්, ‘එක්සත් ජාතින්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලවල සේවය කරන විවාහක ජෝඩුවලට ලැබෙන වරප‍්‍රසාද එසේ සේවය කරන සමලිංගික ජෝඩුවලටත් ලබාදිය යුතුයි’ කියලා. මෙම යෝජනාව රැගෙන ආවේ එක්සත් ජාතින්ගේ මහ ලේකම් බන් කි මූන් මහත්තයා. මේ යෝජනාවට විරුද්ධව රුසියාව යෝජනාවක් රැගෙන ආවා, ‘එහෙම කරන්න එපා! ඒ ඒ රටවල සමලිංගික ජෝඩු ගැන තීරණය කරන්න ඒ ඒ රටවල සංස්කෘතීන් අනුව ඉඩ දෙන්න, බන් කි මූන් මහත්තයෝ ඔයා ඒකට මැදිහත් වෙන්න එපා!’ කියලා. රුසියාව රැගෙන ආ යෝජනාවට දකුණු ආසියානු රටවල් අතුරින් ශ‍්‍රී ලංකාව විතරයි විරුද්ධ වුණේ. ලැජ්ජයි පින්සිරි මහත්තයෝ, ඔයා ශ‍්‍රී ලංකාව ඇදලා දාපු තැන ගැන. 

හිතලා බලන්න අපේ හාමුදුරුවනේ, අද මේ රට ඇදගෙන යන තැන ගැන. අද සංස්කෘතික වශයෙන් මේ රට පාදඩකරණයකර ගෙන යනවා. එදා හොරකම් ගැන, කුඩු ගැන කතා කළා. අද බලන්න, එක්සත් ජාතික පක්‍ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී රොයිස් ප‍්‍රනාන්දු කුඩු කප්පිත්තෙක් වෙලා. එයාගේ වාහනයේ තිබූ කුඩු රියදුරු සම`ග හසු වුණා. මේ කුඞ්ඩෝ තමයි එදා කුඩු ගැන කතා කළේ. අද නාවික හමුදාව බෝට්ටු පරික්ෂා කරන්නේ නැහැ. ඒ නිසා බෝට්ටුවලින් කුඩු එනවා. අද කුඩු මිල අඩුයි. එදාට වඩා ඉල්ලූම වැඩියි. ඒ නිසා රට තුළට මේ ඊනියා යහපාලකයෝ යටතේ කුඩු තොග වැඩියෙන් එනවා.

‘බැදුම්කර සුදා’ ගහපු ගැහිල්ල

කුඩු ජාවාරම ගැන කතා කරපු මේ අයට අද ‘වගේ වගක්’ නැහැ. වෙලේ සුදාගේ ලිපිගොනු දැන් අස්ථානගත වෙලා. ‘වෙලේ සුදා’ දැන් ‘ගොඬේ සුදා’ වෙලා. තව ටික දවසක් යන කොට ‘ගෙදර සුදා’ වෙයි. ඒ විතරක් නොවෙයි, අර මහ බැංකුවේ ‘බැදුම්කර සුදා’ තාම ඉන්නවා අධිපති පුටුවේ. ඊට පස්සේ තව ඉන්නවා ‘තඹ සුදා.’ එයා තඹ කන්ටේනර් බදු නොගෙවා හොරෙන් අරන් යන්න හැදුවා. මුදල් ඇමතිතුමා දැන් ‘කරුංකා සුදා’ වෙලා. අද ඉහළ නිලධාරීන් ඉල්ලා අස් වෙනවා. මේ ඇමතිවරුන් කියන දේ කළොත් හිරේ යන්න වෙන නිසයි ඒ අය ඉල්ලා අස්වෙන්නේ. අද සහනශීලී වාහන බලපත‍්‍ර දෙන්නේ කවුද? ආගමන විගමන පාලක නොවෙයි, කෝට්ටේ පැත්තේ ඉන්න එක්තරා ඇමතියෙක්. එයා තමන් ගාව පොත තියාගෙන ලක්‍ෂ 08-05ට පර්මිට් එක දෙනවා. ‘මහින්ද රාජපක්‍ෂ හොරා කෑවා’ කියලා කීවේ මේ වගේ චෞර රැලක්.

පින්සිරි කියනවා, ‘මහින්ද රාජපක්‍ෂට ඩොලර් බිලියන 18ක වත්කම් තියෙනවා. ඒවා හොයන්න අවුරුදු 03-04ක් යනවා’ කියලා. ඔන්න දැන් මිනිස්සුන්ව තව අවුරුදු තුන හතරක් අන්දන්නයි යන්නේ. පින්සිරි මහත්තයෝ ඒ බොරුවලට අද මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නැහැ. සිද්ධ වුණු වැරැද්ද නිවැරදි කරන්න මේ රටේ මිනිස්සු මහ ඡන්දයක් එනකම් බලා ඉන්නේ.

‘යෞවනයේ පොපියන චමත්කාරය: කොත්තමල්ලි’

තව මාසයක් යනකොට රුපියල තවත් අවප‍්‍රමාණය වෙනවා, ඩොලරය රුපියල් 150 දක්වා නගිනවා. මේ හේතුව නිසා පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල රුපියල් 10-30 අතර ගණනකින් ඉහළ ගොස් තිබෙනවා. ‘යෞවනයේ පොපියන චමත්කාරය: කොත්තමල්ලි’ මිලත් දැන් වැඩිවෙලා. දේශීය කිරිපිටි මිලත් වැඩි කළා. උන්නැහේලාගේ කොතැන උකස් කළ රත්තරන් භාණ්ඩවල පොලියද කපා දැම්මේ? පිං පඩියටත් තට්ටු කළා. රස්සා දුන්නා නොවෙයි, රස්සාවලින් දොට්ට දැම්මා. කඩිගුලක් ඇවිස්සුණා වගේ වැඩ කරපු රට, සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලබමින් ඉදිරියට ආපු රට, ඉන්දියාවට, යුරෝපයට ඊර්ෂ්‍යාව ඇති වන තරමට ඉහළට නැගගෙන ආපු රට අද තක්කඩි රැලක් අතට පත්ව තිබෙනවා. කසල ගොඩක් වෙලා තිබුණු කොළඹ, ලෝකයේ අංක 01 දියුණු වන නගරය බවට මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ පත් වුණා. එහෙම දියුණු වෙමින් ආපු රට තමයි, මේ කම්බ හොරු රැල, බෙදුම්වාදයට උඩගෙඩි දෙන රැල, නැවත ත‍්‍රස්තවාදය බලගන්වන රැල, සටන් විරාම ගිවිසුම් ගහපු රැල, සුනාමි සහන මණ්ඩල දෙන්න ගිය රැල, ඕනෙ ගොනෙකුට යුද්ධය කරන්න පුළුවන් කියලා කියපු රැල අතට පත් වුණේ. මේ කම්බහොරු රැල. හිටපු ජනාධිපතිතුමන් හදපු හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු කොම්පැණියකට විකුණා තිබෙනවා. ඒවා මාධ්‍යයේ දාන්නේ නැහැ. ඒක තමයි ‘යහපාලන මාධ්‍ය නිදහස.’ ඒ විතරක් නොවෙයි සතොස විකුණන්න හදනවා, කාර්ගිල්ස් කොම්පැණියට.

2005 දී මේ රට දෙකඩ වෙන්න ඔන්න, මෙන්න කියලා තිබුණේ. එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැඩි ඡන්ද ලක්‍ෂයකින් පමණ ජනාධිපතිවරණයෙන් ජය ගත්තා. ඒ නිසා තමයි, අවුරුදු 05කටත් පෙර මේ රටේ යුද්ධය අවසන් වුණේ. අදත් මේ රට නැවත බෙදීයාමේ දිසාවට යමින් තිබෙනවා. අන්තවාදී බලවේග ශක්තිමත් වෙනවා. ජාතික ආරක්‍ෂාව දියකර හරිමින් තිබෙනවා. දැන් සැලසුම්කර තිබෙනවා දියතලාව ආරක්‍ෂක හමුදා පුහුණු පාසල, වැල්ලවාය කුඩාඔය කමාන්ඩෝ කඳවුර වැනි ආරක්‍ෂක මර්මස්ථානවල ඉඩම් බෙදා දීලා එම ස්ථාන අනාරක්‍ෂිත කරන්න. බුද්ධි අංශවලට එරෙහි ප‍්‍රහාරයන් ආරම්භ කරලා තිබෙනවා. හිටපු බුද්ධි අංශ ප‍්‍රධානී හෙන්දාවිතාරණ මහත්තයාව FCID එකට ගෙන්වලා දැන් බලනවා බුද්ධි අංශ වීරයෝ ටික පාවාදීලා ‘දෙවැනි මිලේනියම් සිටි’ පාවාදීම කරන්න. ඒ වගේම හිටපු නාවික හමුදාපති කරන්නාගෙඩ මහත්තයාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා. මේ රට වැටිලා තිබුණු වලෙන් ගොඩගත්තු නායකයා ඇතුළු ඔහුට ශක්තිය ලබා දෙන සියලූ දෙනා කොටු කරන එක ඇරෙන්න අද මේ රටේ කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය දේශපාලන විරුද්ධවාදීන් දෙන සාක්‍ෂි විඩියෝ කරනවා. පිටපත යවනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට. එයා ඒවා කකුල් දෙක හොල්ල හොල්ලා බලනවා. මේක තමයි එයාගේ විනෝදාංශය. ජනාධිපතිතුමා සපත්තු ගන්න සාප්පු යනවා. මේ අය අද රට පාලනය කරන්නේ නැහැ. අද මේ රටේ වැඩක් කෙරෙන්නේ නැහැ. රට හතරගාතෙන් වැටිලා තියෙන්නේ. මේ ‘යහපාලන ටොෆිය’ සූප්පු කරමින් මේ රට තවදුරටත් ඉදිරියට ගියොත් ආර්ථික වශයෙන් බෙලහීන කිරීම පමණක් නොවෙයි, නැවත බෙදුම්වාදී කල්ලිවලට උතුරු-නැෙ`ගනහිර ඒකාබද්ධ කරලා දීමත් මේ අය සිදු කරනවා.

‘එජා සංවිධානයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම’

2015 සැප්තැම්බර් අග වනවිට එනවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ යුද අපරාධ පරික්‍ෂණ වාර්තාව, ‘මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු හමුදාවේ 43ක් මේ යුද අපරාධවලට වගකිය යුතුයි’ කියලා ඒ වාර්තාවෙන් තීන්දු කරලා තිබෙනවා. ඒ අතර දැන් එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ(UNDP) මූල්‍ය සහයෝගය යටතේ දේශීය පරික්‍ෂණය ඇරඹෙනවා. ශ‍්‍රි ලංකාවේ UNDP නියෝජිතයා කියනවා, ‘අපි මේ දේශීය පරික්‍ෂණයට නායකත්වය දෙනවා’ කියලා. නායකත්වය දෙනවා කියන්නේ, ජිනීවාවල රිපෝට් එක, දේශීය පරික්ෂණය මගින් ඒ විදියටම සනාථ කිරීම දේශීය පරික්‍ෂණ මණ්ඩලයේ වගකීම වෙනවා කියන එකයි. දේශීය පරික්‍ෂණ මණ්ඩලය, ජාත්‍යන්තර පරික්‍ෂණ වාර්තාව සනාථ කරපු වාර්තාවක් අවුරුද්දක් ගත වන විට ලබා දෙනවා. ඒ අනුව ‘යුද අපරාධ, සමූහ මිනිස් ඝාතන සිදු වී ඇත. මේ චූදිතයන් 43 දෙනාට එරෙහිව පියවර ගත යුතුයි’ කියලා තීන්දු වෙනවා.

ඊළගට මොකද වෙන්නේ? යම්කිසි ජන කොටසකට එරෙහිව නිත්‍යනුකූල හමුදාවක් විසින් සමූහ මිනිස් ඝාතන සිදුකොට තිබේ, කියලා ඔප්පු වුණොත් ඒක සුදුසුකමක් වෙනවා, පීඩාවට ලක්වුණු ජන කොටසට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට. ඒක තමයි න්‍යාය පත‍්‍රය. අපේ අම්මා, තාත්තා හූල්ල හූල්ලා දරුවෝ සටනට යවලා බේරාගත්තු රට ඇස් පනාපිට අද පාවා දෙමිනුයි මේ අය ඉන්නේ.

මේ අරුමෝසම් නඩයට මේ රට බාරදීලා බලන් ඉන්න පුළුවන්ද? අම්මෙක්ගේ, අප්පෙක්ගේ, දරුවෙක්ගේ වටිනාකම නොදන්න, මේ පොළොව නැවත ගොඩනැගිය යුතුයි කියලා නොසිතන, මේ රට බෙදලා දෙන්න, විකුණලා දාන්න වලිකන මේ රැල පරද්දන්න ඕනේ නැද්ද? ඒකට පෙරමුණ ගත යුත්තේ කවුද? මේ දකුණේ විරෝදාර ජනතාව නොවෙයිද? දකුණ තමයි මහින්දගේ වගේම කීර්ති කුමාරයාගේත් උපන්ගම. දකුණ තමයි කීර්ති කුමාරයා රැක්ක බිම. දකුණ තමයි චෝල අධිරාජ්‍යවාදීන් පන්නන සටනට වැඩියෙන්ම දරුවන් පූජා කරපු බිම. දකුණ තමයි මහ මැතිවරණයෙන් විග්නේෂ්වරන්ලා උතුරෙන් උස්සන ඉස්සිල්ල ඊට වඩා දෙගුණයකින් උස්සන තැන. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අද තමුන්නාන්සේලාට මාතර කොටු පවුරට ඇවිත් ආචාර කරලා ගියා. අද කොටු පවුරට ඇවිල්ලා අත වනන නායකයා හෙට මේ වේදිකාවේ ඉදගෙන තමුන්නාසේලාට නායකත්වය දීම නියතයි.

දැන් ‘සිරිලිය ගිණුම’ ගැන අහන්න ශිරන්ති මැතිනිය අරගෙන යනවා FCIDයට. මේ ආණ්ඩුවේ ඉන්නේ අලි ගිලපු එවුන්. මුදල් ඇමතිගේ නඩුවට සිද්ධ වුණු දේ දන්නවානේ. අවුරුදු 06ක් තිස්සේ අහපු නඩුව අලූත් නඩුකාරතුමියකට ගියා. තාක්‍ෂණික දෝෂය නිසා මුදල් ඇමති නිදොස් කොට නිදහස් කර එතුමිය විශ‍්‍රාම ගියා. එතුමියට ඉතාමත් ප‍්‍රීතිදායක විශ‍්‍රාමික දිවියක් ලැබුණා, ඒ තීන්දුවේ ආනිසංශයෙන්. එහෙම කරපු අය අද එන්න කියනවා ‘සිරිලිය ගිණුම’ ගැන හොයන්න. නාමල් රාජපක්‍ෂ මහතාට එන්න කියනවා වතුර බෝතලය ගිනි අවියක් වීම ගැන කට උත්තරයක් දෙන්න. මේ වගේ බොරු චෝදනා පටලවන්න බලනවා, මහින්ද රාජපක්‍ෂව මානසිකව වට්ටන්න. යහපාලන මහත්වරුනි, අපි නුඹලාට මතක් කර සිටිනවා. ‘ගහන්න ගහන්න සදුන් ගහේ සුවඳ වැඩි වෙනවා’ කියලා.

දඩයමට බය නම් අපි මේ සටනේ කොඩිය අතට ගන්නේ නැහැ. තිස්දහසක් රණවිරුවන් දිවි පුදලා බේරාගත්තු මේ රට මේ තක්කඩි රැලට ගිලගන්න ඉඩ නොදෙමු! අපි අපේ පාලනයක් යළි ගොඩනගමු!

සිරිසේන ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සීල් එක අපට අවශ්‍ය නැත. තිබුණා වුවත් කම් නැත. නොතිබුණාට අවුලක්ද නැත. ඒ කෙසේ වෙතත් මහින්ද අගමැති කරලා මේ රට බේරාගන්න එක අපි අනිවාර්යෙන්ම සිදු කරනවා. ගමට ගිහිල්ලා ධෛර්ය සම්පන්නව, සටන්කාමීව ඒකට සූදානම් වෙමු!’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-06-13

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments