Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » කේප්ප සිරා,පිං අගමැති සහ දංකුඩ කන වෙබ් මාෆියා කාරයන්ගේ හෙලිකොප්ටර් භිතීකාව

තමාගේ ගමන් පහසුව සදහා කිසිදු අකාරයේ හෙලිකොප්ටර් යානයක් ලබාදී නොමැති බවත් ජනවාරි 09 වනදා කොළඹ සිට තංගල්ලට හිටපු ජනාධිපතිවරයා ලෙස නිල වශයෙන් පාවිච්චි කල හෙලිකොප්ටර් ගමන හැර අද වන තෙක් රජයේ හෙලිකොප්ටර් පහසුකම් ලබා ගෙන නැති අතරම එදා මෙදා තුර කිසිම අවස්ථාවක තමා විසින් හෙලිකොප්ටර් යනා පහසුකම් ඉල්ලා නොමැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.තමාට හෙලිකොප්ටර් යාන පවතින බවට අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරන බවත් ඒ සියල්ල අසත්‍ය ප්‍රචාර බවත් ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.

පහත දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනයයි.

හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව හා ගමන් පහසුකම්

මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් යානයක් ලබා දී ඇතැයි යන්න සත්‍යයෙන් තොර ප‍්‍රවෘත්තියකි. එතුමා ජනවාරි 09 වනදා කොළඹ සිට තංගල්ලට හිටපු ජනාධිපතිවරයා ලෙස නිලවශයෙන් පාවිච්චි කල හෙලිකොප්ටර් ගමන හැර අද වන තෙක් රජයේ හෙලිකොප්ටර් පහසුකම් ලබා ගෙන නැත. එසේම එදා මෙදා තුර කිසිම අවස්ථාවක එතුමා හෙලිකොප්ටර් පහසුකම් ද ඉල්ලා නැත.

>පොලිස් ආරක්‍ෂාව

පොලිස් නිලධාරීන් 105 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරුන් තුන් දෙනෙකු සිටී. ඒ අයට නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන තුනක් ලැබි ඇත. නමුත් ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා කාර්යාල පහසුකම් ලබාදී නොමැති අතර අවම පහසුකම් වලින් යුත් ගොඩනැගිල්ලක නේවාසික පහසුකම් ලබා දී ඇත. ඉහත වාහන තුන හැර මෙම පොලිස් නිලධාරීන් 105 දෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාහන හෝ එකදු යතුරු පැදියක් හෝ ලබාදී නොමැත. ලබාදී තිබූ වාහන 17ක් හා රාජකාරී දුරකථන ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත ලබා ගෙන ඇත. මෙම නිලධාරීන් හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කරන්නේ පෞද්ගලිකව ලැබුණු වාහන හා කුලී පදනම මත ලබා ගත් වාහනය.

>හමුදා ආරක්‍ෂාව

හමුදා නිලධාරීන් 108 දෙනෙකු ලබාදී ඇත. ඒ අතර උසස් නිලධාරීන් දෙදෙනෙකුද ඇත. එම නිලයන් සඳහා යුද හමුදාවෙන් ලැබීමට නියමිත නිල වාහන හෝ කාර්යාල පහසුකම් අද වන තෙක් ලැබී නොමැත. එසේම මෙම හමුදා නිලධාරීන් 108 දෙනාට ප‍්‍රවාහන පහසුකම් සඳහා එකම වාහනයක් හෝ යතුරු පැදියක් හෝ ලැබී නොමැත. තවද දෛනික රාජකාරි කටුයතු සඳහා කාර්යාල පහසුකම් ලැබී නොමැති අතර නේවාසික පහසුකම් පමණක් ලැබී ඇත. හිටපු ජනාධිපතිතුමා ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ භාවිතය සඳහා ප‍්‍රභූ වාහන තුනක් හා ආරක්‍ෂක රථ තුනක් පමණක් ජනාධිපති කාර්යාලයෙන් ලැබී ඇත. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කර තිබෙන පරිදි එතුමාගේ ගමන් පහසුකම් සඳහා හෙලිකොප්ටර් පහසුකම් ලබා දී නොමැති අතර එසේ ලබා දෙන ලෙස ඉල්ලිමක්ද කර නොමැති බව අවධාරණයෙන් දන්වා සිටිමි.

රොහාන් වැලිවිට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ

මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments