Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු  සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ගැන දැන් හාංකවිසයක් යහපාලකයන්ට අමතක විමට හේතුව අනාවරණය වෙමින් තිබේ.ඊට හේතුව වී ඇත්තේ හෙට අනිද්දාට යහපාලන මඩගොඩේ වෙලේ සුදාගේ කුඩු ගෑවුනු උන්ද සිටින නිසා බව අප වාර්තාකරු අනාවරණය කර සිටි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව සැකසෙන යහපාලන ආණ්ඩුවේ කටුකන ඇමති භාග පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වාට සහ හිටපු කුප්‍රකට අමාත්‍යවරයෙකු වන ජෝන්ස්ටන් ප්‍රනාන්දුට රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදීමට තීරණය කිරිමයි.

මිට අමතරව තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට සූදානම් බවට වාර්තා වේ.මේ සමඟ මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 77 සිට 92 දක්වා ඉහළ යනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
යහපාලනය යනු තවදුරටත් යථාර්ථයක් නොවන බව අද කොල්ලුපිටියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ මෛත්‍රීගේන් පඩි ගන්නා පොලිසිය අනාවරණය කළා.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටළුව ඇතුළු ඉල්ලීම්  කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය කොළඹ කොල්ලුපිටිය මංසංදියේ ආරම්භ කළ උද්ඝෝෂණයට අද සවස ඉතිහාසයේ කවරදාකවත් කන්නට නොවු තරමේ ගුටි කැමක් කන්නට වුනා.

දැන් අපිට අහන්න්නට ප්‍රශ්ණ කිහිපයක් තිබේ......

මෛත්‍රීගේ හෝ යහපාලනයේ බල්ලවත් යන්නේ නෑ කියපු අරලියගහ මන්දිරය රකින්න මේ තරම් පොලිසියට ඇති රුදාව මොකක්ද?

ඔනෑම ප්‍රශ්ණයක් කතාකර විසදා ගැනිම සදහා රටේ ජනතාවට හැකි බව වේදිකා උඩට වි කැ මොර දුන් ටොයියන් අද සැගවි සිටියේ කොහේද?

අරහැමදේටම බල්ලෙක් වගේ බුරන ඩීල් කුමාර හෙවත් අනුර කුමාර දිසානායක දැන් ඉන්නේ කොහේද?

අන්තිම ප්‍රශ්ණය ....අන්තරේ මල්ලිලට දැන් යහපලානේ ලැබුනද බොලවූ!


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com






ජනාධිපතිවරණ සමයේ සහ දින සියයකට අඩුකාලයක් තුල තමන්ගේ ප්‍රතිරූපය නැති කරගත් වත්මන් යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ නැති  ප්‍රතිරූපය හේතුවෙන් රටට සිදුවන විනාශය ඉවසා ගත නොහැකිව සමාජ වෙබ් ජාලා භාවිතා කරමින් තමන්ගේ අදහස ප්‍රකාශ කරන තරුණ තරුණියන් සහ විවිධ කණ්ඩායම් භිය වැද්දිමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.

පසුගියදා ~~මෛත්‍රීට වෙබ් ෆෝබියාව වැලදේ - WEB මර්දණයකට සුදානමක්!~~ යනුවෙන් අප කල අනාවරණයට අනුව මෛත්‍රී දැන් සුදානම් වන්නේ තමන්ගේ කොන්ද පණ නැතිකම වසා ගැනිම සදහා රට වෙනුවෙන් පෙනි සිටින ප්‍රගතිශීලි ජනතාව භීය වැද්දිමට මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ රුපියලේ කාසිවලට යටවු ඇතැම් මාධ්‍ය පඩංගු සුදනම් වන බව දැන් එලිපිටම පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකුට මඩ ගැසීමේ අරමුණින් අසභ්‍ය වචන අන්තර්ජාලයට මුදාහැරීමත්, අසභ්‍ය වචන අන්තර්ජාලයේ ෆේස්බුක් ගිණුම්වලට යොමුකරමින් කාන්තාවකගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමත්, අදාළ කාන්තාවට මානසික පීඩනයක් ඇතිවන අයුරින් අසභ්‍ය කාරණා ලිවීමත් හේතු කොට ගෙන දිසානායක මුදියන්සේලාගේ සුජිත් නිලන්ත නමැති බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අද (30) ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර තිබිණ.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ සංශෝධන පනත යටතේ ද, 1997 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පරිච්ඡේදයේ 136 (1) ආ වගන්තිය යටතේද ඔහු දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇතැයි පොලිසිය චෝදනා නගා තිබිණ. මෙම නඩුව ලබන 01 දා විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
යෝජිත මැතිවරණ සංශෝධනය හරහා සුළු දේශපාලන පක්ෂ දේශපාලන ප්‍රවාහයෙන් අතුගා දැමිම මෛත්‍රීපාල ඇතුලු ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවට චොදනා එල්ල වෙමින් තිබේ.

අද LNW Skype තාක්ෂණය ඔස්සේ එක්වෙමින් සිංහල නොවන සුලු දේශපාලන් පක්ෂ නියෝජිතයන් අවධාරණය කර සිටියේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම් හරහා රටේ සුළු ජාතින් නියෝජනය කරමින් දේශපාලන ප්‍රවාහයට එක්වෙන ප්‍රමාණය සියයට් 99කින්ම පහත වැටිය හැකි බවයි.

මේ අතර සම්බන්ධයෙන් යෝජිත මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් අවසන් එකඟතාවකට පැමිණීමට තවමත් අසමත්ව සිටි.මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔවුන්ට යෝජිත මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා. කෙසේවෙතත් අවසන් එකඟතාවකට පැමිණීමට පෙර තවදුරටත් කරුණු පැහැදිලි කරගත යුතු බවයි පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
දන්නවද මේ කවුද කියලා? නම රොහාන් වැලිවිට. සිනමා සහ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කථිකාචාර්ය තුමෙක් ලබා දුන් තොරතුරු අනුවයි මේ දේවල් හෙළි කරන්නේ. සාමාන්‍යයෙන් මහින්ද පාක්ෂිකයින්ව විවෙචනය නොකිරීමේ සම්ප්‍රදායක් මට තිබුණත් මොහු ඇත්තටම මහින්ද පාක්ෂිකයෙක්දැයි යන පැනය මේ ටික කියවීමෙන් ඔබටත් ඇතිවේවි.

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගිය කාලයේ පැවැත්වුණ නුගේගොඩ, මහනුවර සහ රත්නපුර රැළි සජීවීව විකාශය කිරීම බාර ගෙන තිබුණේ මොහුයි. ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මාධ්‍ය නිවේදන කරනුද දක්නට ලැබුණා.

මොහු මාධ්‍යය සම්බන්ධීකාරක වරයෙක් වශයෙන් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කළද මහින්ද රාජපක්ෂ මහතා මොහුව නිල වශයෙන් තවමත් සම්බන්ධ කරගෙන නෑ.

පසුගිය ජන රැළි තුනම මොහුගේ චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා සජීවීව අන්තර්ජාලයේ විකාශය කරද්දී ඒවා ඇණහිටීම් දක්නට ලැබුණා. See This එසේ වූයේ රජයෙන් කරපු යම් බාධාකිරීම් නිසා නිසා හෝ මොහුගේ අඩුපාඩු / නොසැලකිල්ල නිසා හෝ නැතිනම් මොහු සිතාමතාම කළ වැඩක් නිසා විය හැකියි. ඒ කෙසේ වුවද එහි වගකීම ඇත්තේ මොහුටයි.

යම් විදිහකින් රජයෙන් වීඩියෝ බ්ලොක් කිරීම් සිදුකළද අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයක් යොදාගනිමින් ඇනෝනිමස් ප්‍රොක්සි සර්වර් එකක එන්ක්‍රිප්ෂන් එකක් හරහා වීඩියෝ ලයිව් ස්ට්‍රීමිං කිරීමට හැකි විය යුතුයි. සැටලයිට් ටීවී එකක් තිබෙනවා කියන කෙනෙකුට ඒකවත් කරගැනීමට නොහැකිනම් ඇති පලේ කුමක්ද?

"තිනෙත" නමින් ටීවී එකක් මීට පෙර ඔබ අසා තිබෙනවාද? ඒක බලන කෙනෙක් ලංකාවේ නෑ. ඔහු ඒක ප්‍රචාරය කරගන්න යොදා ගත්තේ මහින්ද මහතාගේ රැළියයි. එම විකාශය යම් හේතුවක් මත නතර වු පසුව රොහාන් වැලිවිට සිදුකළේ තම නාලිකාවේ ප්‍රචාරක දැන්වීම් පළ කිරීමයි. මෙන්න See This අපේ මිනිස්සු පුද්ගලික කටයුතු පවා අතපසු කරගෙන මහින්ද මහතාට සහාය දක්වද්දී, මේ මනුස්සයා එතුමාගේ රැළිය පවා විකුණමින් සිදුකළේ බිස්නස් එකක්. ඔන්න අඩුම තරමින් කොහොම හරි ඒක විකාශය කළානම් තව කමක් නෑ.

මොහුගේ ඉතිහාසය එතරම් හොඳ තත්ත්වයක නෑ. මොහුගේ පුතා සහ තවත් ගැහැණු ළමයෙක් අතර පලහිලව්වක් වී අවසානයේදී පුතා විසින් එම ගැහැණු ළමයාව පැහැර ගැනීමට තැත් කරන අතර එහිදී ඔහුගේ පුතාව අත් අඩංගුවට පත් වෙනවා. එවිට මෙම රොහාන් වැලිවිට එවකට මහින්ද මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක තනතුරේ නම යොදවා පුතාව නිදහස් කරගන්නවා.උපුටා ගැන්ම මොහුට මහින්ද ගැන කැක්කුමක් තිබුණානම් කළ යුතුව තිබුණේ එදිනම තම තනතුරෙන් ඉල්ලා අස් වීමයි. එහෙත් මොහු කළේ මහින්දව ඇපේට තබා පුතාව බේරා ගැනීම. කෙසේ හෝ එම සිද්ධිය මහින්ද මහතාගෙන් වසං කිරීමටත් තම මාධ්‍ය තනතුරේ සබඳතා යොදා ගත්තා. පසුව මෙය දැනගත් මහින්ද මහතා මොහුව ඉවත් කරනවා. එවිට විපක්ෂ මාධ්‍ය මගින් මහින්ද මහතාට මඩ ගසා අවසන්.

රොහාන් වැලිවිට මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග වැඩ කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුවද චන්ද්‍රිකා සමග සාදයකටද සහභාගී වුණා.

ඊට අමතරව මොහු බැසිල් රාජපක්ෂගේ ගජ යාලුවෙක්. විවෘත කිරීම් ආදිය සිදුකළේ දෙන්නා එකට.

මොහු චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. කිසියම් කාන්තාවකට ප්‍රධාන චරිතය දීමටනම් ඒ සඳහා මොහු ලිංගික අල්ලස් ලබා ගන්නා බවට ක්ෂේත්‍රයේ අය අතර කතාවක් පවතිනවා. ඉතින් එවන් චෝදනා සහිත පුද්ගලයෙක්ව මහින්ද මහතා අසලට ඒමට හැදීම කිසි සේත්ම සුදුසු නෑ.

සී එස් එන් නාලිකාව ආරම්භයේදී රොහාන් වැලිවිට ඊටත් සම්බන්ධ වී තිබෙනවා. එහිදී මොහුට භාර දුන් පළමු ව්යාසපෘතිය අසාර්ථක වුණා. ඒ විතරක් නෙමෙයි එයට ලබා ගත් මුදල් වලටත් වුණ දෙයක් නෑ. සී එස් එන් නාලිකාවට ලැබුණ දෙයකුත් නෑ. එනිසා මොහුව සී එස් එන් ආයතනයෙන් ඉවත් කරනු ලැබුවා.

වස්සානයේ සෙනෙහස චිත්‍රපටය විකාශය කිරීමට නොහැකි වූයේත් මෙම රොහාන් වැලිවිටගේ අකාර්යක්ෂමතාවයක් නිසයි. පහත ලිපියේ ඒ ගැන දැක්වෙනවා. එවන් පුද්ගලයෙක්ට තීරණාත්මක අවස්ථාවක මාධ්‍ය සම්බන්ධීකරණයකට සුදුසු ද?

මොහු මාධ්‍යවේදීන්ට දක්වන උද්ධච්ඡ ස්වභාවය නිසා බොහෝ මාධ්‍යවවේදීන් මොහු සමග අමනාප වී සිටිනවා. නිකරුණේ මිනිස්සුන්ට බැනීමත්, මොහුගේ මෝඩ කම නිසාත් අනිත් අය රුස්සන්නේ නෑ.

වෙනකක් තියා පසුගිය දවසක යහපාලනය එපා වූ විශ්ව විද්‍යාල ක්‍රියාකාරී තරුණ පිරිසක් පැමිණ මහින්ද මහතාව මුණ ගැසීමට අවශ්‍යයි කියනවා. එහිදී රොහාන් වැලිවිට මැදට පැන එම තරුණයින්ව ආපසු හරවා යැවූ බවකුයි දැනගන්න ලැබුණේ.

පසුගිය කාලයේ මහින්ද මහතා සහ සමහර මාධ්‍යවේදීන් අතර විරසකයට මොහු බලපෑවා. ඉතින් මොහු නිසා නැවතත් මාධ්‍යවේදීන් මහින්ද මහතාගෙන් විරසක වෙනවාට අප කැමති නෑ.

රොහාන් වැලිවිට වතාවක් ජයන්ත වික්‍රමසිංහ සහ ඔහුගේ ආමි එකේ පුතාගෙන් ගුටි කා ඇපලෝ රෝහලටත් ඇතුළත් වෙනවා. ඊට හේතු වී තිබෙන්නේ රොහාන් වැලිවිට සිදුකරන ලද වංචාවක්.  ඒ වගේ වංචාකාරයෙක් මහින්දට ලං වෙන්න හදන්නේනම් හොඳකට නෙමේ.

මෙච්චර දේවල් කරලත් මොහු මහින්ද රාජපක්ෂ මහතාට සමීප වීමට හදන්නේ නම හෙළි කළ නොහැකි ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරියෙකුගේ හයියෙනුයි. එතුමා මෙය දකිනවානම් ඔන්න ඔබතුමාට අනතුරු අඟවන්න කැමතියි, මේ මනුස්සයා දවසක ඔබතුමා ගොඩ නගා ගත් කීර්ති නාමයත් උගස් කරනවා.

මහින්ද මහතාට වැඩ කළ බොහෝ අය තම ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරලා අන්තිමට කළේ එතුමාට වල කපපු එක. එහිදී මහින්ද මහතා ඒ ගැන ක්‍රියාමාර්ගයක් අරන් විනයානුකූලව කටයුතු කරන්න ගියාම කරන්නේ අනිත් පැත්තට පනින එක. ඒ වගේ පාවාදීම් යළිත් සිදුවෙනවාට අපි කැමති නෑ. රොහාන් වැලිවිට යනු සේවයක් කරන කෙනෙක් නෙමෙයි, බිස්නස් කාරයෙක්.

මොහු දක්ෂයෙක් නම් (ඔය දයාන් ජනතිලක වගේ) ඔන්න මොන විරෝධතා තිබුණත් අපි ඒවා නොසලකා හරිනවා. ඒත් මොහුගේ ඇති දක්ෂතාවය කුමක්ද? මොහු අන්තර්ජලය ගැන හෝ බ්‍රෝඩ්කාස්ටිං ගැන දන්න දෙයක් නෑ. මොහුට සැටලයිට් ටීවී එකක් තියෙනවා කිව්වත් ඒක බලන්නේ ඔහුයි ඔහුගේ කාර්ය මණ්ඩලයයි විතරයි වගේ.

කොප්ටර් කැමරා තියෙන නිර්මාණශීලී තරුණයින් ස්වෙච්ඡාවෙන්ම මහින්ද මහතාට කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව උදව් කරන හැටි අපි දැක තිබෙනවා. රොහාන් වැලිවිට වගේ අදක්ෂයින්ට ඉඩ දීමෙන් අර ස්වෙච්ඡාවෙන් වැඩ කරන දක්ෂ තරුණයින් පවා කළ කිරෙනවා.

මේ වෙලාවේ මිනිස්සු මහින්ද මහත්තයාට එක් වන්නේ වටේ ඉන්න කවුරුවත් නිසා නොවෙයි, "මහින්ද කියන්නේ නමක් නොව රටක් නිසයි". එහෙව් එකේ රොහාන් වැලිවිටව තවදුරටත් තියාගෙන ප්‍රශ්න ඇතිකරගත යුතු නෑ...!

මේ දේවල් පුද්ගලිකව මහින්ද මහත්තයාට කියන්න තිබුණානම් තමයි හොඳ. ඒත් මට එතුමාව ඕන ඕන වෙලාවට මුණ ගැසීමට නොහැකියි. එනිසා එතුමාව නිතර හමුවෙන මහත්මයින්ගේ අවධානයට යොමු වේවා.

මේක කියවා ටොයියන් ෆෝම් වෙන්න ඕනෑ නෑ. යහපාලනයට එක් වී සිටින මර්වින් සිලවා, ඩඩ්ලි සිරිසේන, දුමින්ද සිල්වා, එස් බී දිසානායක ආදීන්ගෙන් මෛත්‍රීපාලට ප්‍රවේශම් වන ලෙස ලිපියක් ලිව්වොත් එය මෙගාබයිට් සිය ගාණක ලිපියක් වේවි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ස්ථාපිත කිරිමට පෙර වහාම උතුරේ සියලුම හමුදා කදවුරු ඉවත් කිරිමට ශ්‍රි ලංකා රජයට බලපෑම් කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දන්වා එවා තිබෙන බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) පවසයි.මිට දින 5කට පමණ පෙර උතුරේ විශේෂ නියෝජිතයෙකු හරහා මෙම දැනුම්දිම සිදුකර ඇති බවද ඔහු අනාවරණය කර සිටියා.

මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මැතිවරණයට පෙර ඇති කරගත් එකඟතාව අනුව ස්වයං පාලනයට පෙර උතුරේ සියලුම හමුදා කදවුරු ඉවත් කිරිමට එකඟ වුවත් වර්තමානයේ රටේ ජනතාවගෙන් එල්ල වන පීඩනය හමුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අඩිය පස්සට තබමින් සිටින බවද එම පණිවිඩය හරහා දැනුම්දි තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව උතුරට ලබාදිමට නියමිත ස්වයං පාලනය දැන් යථාර්ථයක් බව අනාවරණය වී තිබේ.දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව අප පසුගියදා අනාවරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
"අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි."- රාජිත සේනාරත්න.


රූපසිංහලාගේ රාජිතලාගේ සැලසුම වූයේ සිංහල රජය හැකි තාක් අරාජික කොට ෆෙඩරල් ක්‍රමයක් බලෙන් පැටවීමය.  බිහිවන නව පාලනයේ මුල් පු‍ටු ඩැහ ගැනීම  සැලසුම විය.චම්පිකද මේම කූට සැලසුමේ කොටස් කරුවකු විය.ඔහුට බාරවූයේ සිංහල කොටියාගේ චරිතයයි.එනම් රාජිතලා යුද්ධය එපා කියා රට වටේ යන විට,  ප්‍රදශනාත්මකව  ඔවුන්ට පහර දීමයි.

මෙම නාට්‍ය  ලෝකයා වෙත ගෙනයාම මහ රාජාගේ සිරස නාලිකාවට බාර විය.නාට්‍යයේ ප්‍රථම ජවනිකාව රගදැක්වූයේ කොළඹ විහාර මහාදේවී පිටියේය. එහි වූ යුධ විරෝධීගේ ‍රැස්වීමට කඩා වැදුනු ගලබොඩ අත්තේ ඥානසාර මයික්‍රපෝන විසිකරමින්, අසභ්‍ය වචන කියමින් කලහ කෙරීය. නාලාගිරිට රා කල 7ක් පෙව් දේවදත්තයා (චම්පික) තිරය පි‍ටුපස විය.යුධ  විරෝධී පෙරමුනේ ආරක්ෂාව බාර වූයේ කුප්‍රකට ප්‍රා කන්ඩායමටය. ප්‍රා සාමාජිකයන්ට අවශ්‍ය වී නම් ඥානසාරගේ පිරිස පාලනය කල හැකිව තිබුනි. නමුත් එවැන්නක් රාජිත- චම්පික ලියු තිර පිටපතේ නොවීය.ඔවුන්ට අවශ්‍ය වූයේ ලෝකය හමුවේ සිංහල බෞද්ධයා කුජීත කිරීමය. (වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ -2 )

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

කරන කලට පව් මිහිරිය මී සේ, විදින කලට දුක් දැඩි වේ ගිනිසේ. සියලු පාපතරයනට ගැලපෙන හොදම යෙදුම සුභාෂිතයේ එන මේ කව් පෙළයි. පව්කාරයනට මෙලොවින් චූත වීමට මත්තෙන් තමන් කල පව් කම් වල අසිරිය දැනෙන අතර ලොකුම අඩුපාඩුව උන් නරකයෙහි දැවෙන අයුරු මිහිපිට සිටින පව්කාරයනට දැක ගැනීමට නොහැකිවීමය. 
අපගේ නුතන ජනාධිපති සිරිසේනගේ මියගිය නැතහොත් මරාදමනු ලැබූ බාල සොහොයුරාත් මිහිපිට ජීවත්වූ පාපතර පව්කාරයකු විය. අපගේ සමාජය හුරු පුරුදු වී ඇත්තේ මියගිය අපරාදකාරයකු වුවත් අනේ පව් කියා යහපත් පුද්ගලයෙකු ලෙස සැලකීමටය. මානුෂිය ගුණ ධර්මයනට අනුව මෙවන් සිතුවිලි ඇති ලොව එකම ජාතිය සිංහල ජාතිය බවට අවිවාදයක් නොමැත. බුදු දහමින් පෝෂණය වූ අප ජාතිය සතු ඉහල ගුණාංග අප අගය කොට යුතුය. 80-90 දශකයේ පාතාල ලෝකයේ දරුණු මිනිමරුවන්ගේ මළගෙවල් වල මතක බණට වැඩිය ස්වාමින්වහන්සේලා ඔවුන්ගේ ගුණයන් ඉස්මතු කොට කියූ කථා අප අසා ඇත්තෙමු. එහි හොදක් මෙන්ම නරකක් ද ඇත. හොද යනු ජිවත්ව සිටින අනිකුත් පුද්ගලයින් යහමගට ගැනීම පිණිසය. වැරැද්ද මැරුණ එකාට නැති ගුණ ආදේශ කිරීමට යෑමය .

ජනාධිපති සිරිසේන හා මියගිය සොයුරු ප්‍රියන්ත සිරිසේන අතර විරසකයක් මවා පාමින් ජනාධිපති  සිරිසේනට සුදුහුණු ගෑමේ නිර්ලජ්ජිත ප්‍රයත්නයක අද යහපාලන මාධ්‍ය නිරත වේ. මේ ලිපියේ අරමුණ එය එසේ නොවන බව හෙළිදරව් කිරීමය. ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජු අද ඔවැනි තැනකට ඇද දැමීමට මුලිකව ක්‍රියා කර ඇත්තේ අන් කවුරුන් වත් නොව මෛත්‍රීපාල සිරිසේනම බව ඔවුන්ගේ පවුල් සංස්ථාව හොදින්ම දන්නා උතුරු මැද පළාත් සභාවේ තදයෙකු මා සමග පැවසුයේ මොහු බෙරා ගැනීමට හා හොද මගට ගැනීමට මේ පවුලේ අයට පුළුවන් කම තිබුනත් ඔවුන් එසේ නොකළ බවය.. මියගිය ප්‍රියන්ත සිරිසේන ජනාධිපති සිරිසේන පවුලේ බාල පිරිමියාය. ඔහු මහා සිරිසේනට වඩා අවු 20 කින් බාලය. කුඩා කල සිටම දාමරික ගති පැවතුම් පෙන්වා ඇති පොඩි සිරිසේන හැදී වැඩි ඇත්තේ සමාජයට පිළිලයක් ලෙසය. පවුලේ අන්තිමයා බැවින් සහෝදරියන් ගණනාවකගේ ආදරය මැද ඇතිදැඩි වුන ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු කුඩා කල ගමේ මිනිස්සුන්ට කරදර කොට අඩන්තේට්ටම් කොට පැමිණි කොට සිරිසේන පවුල කර ඇත්තේ ඔහුව ආරක්ෂා කිරීමය. ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු තරුණ වියට එළබෙන කාලයෙහි ලොකු සිරිසේන බියකරු ප්‍රේමදාස පාලනයෙන් පසු භීෂණයෙන් තොර නිදහස් පාර්ලිමේන්තු මැතිවරණයක ජය ලැබුවේ චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පිහිටුවනු ලැබූ රජයක මන්ත්‍රීවරයෙකු ලෙසය. මෙම මැතිවරණයේ සිය යහළු කොල්ලෝ කුරුට්ටෝ එකතු කරගෙන මහ සිරිසේනට චන්ද ව්‍යාපාරය සදහා ලොකු ශක්තියක් වී ඇත්තේද ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජුය. අයියා පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස පත්ව යද්දි පොඩි සිරිසේන ප්‍රදේශයේ පොඩි පොඩි ව්‍යාපාර සදහා අත්වැල් දමා ඇත. ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු යනු සාමාන්‍ය මිනිසුන් අතර ගැවසුන චරිතයක් වූ අතර ඔහුගේ ව්‍යාපාර සියල්ල පදනම් වී ඇත්තේ සාමාන්‍ය ජනයා අතර ය. ජනතාවට මේ ව්‍යාපාර විටෙක ඔවුනට වාසියක් හා විටෙක පිඩාවක් ලෙසය ඉදිරියට ගොස් ඇත . ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු ගේ ප්‍රදාන අදායම් මාර්ගයක් වී ඇත්තේ ජෝඩු වලට කාමර කුලියට දෙන ව්‍යාපාරය ය. උතුරේ මෙහෙයුම් වල සිට පැමිණෙන හමුදා සෙබළුන් ගේ ප්‍රධාන නැවතුම් පලක් වුයේද පොළොන්නරුවය. මෙසේ ගිමන් නිවන හමුදා අංශ සාමාජිකයන්ගේ අවශ්‍යතා ඉටු කිරීම මොවුන් යහමින් මුදල් හරි හම්බ කල ප්‍රධාන තෝතැන්නකි.

සිය සොයුරාගේ චන්ඩි ගති හා නොමනා හැසිරීම් වලින් මෙන්ම ඔහු හා සිටි මදාවි ගෝල බාලයන්ගේ , යහළුවන්ගේ ශක්තිය සිරිසේන පවුලට හා ඔවුන් විසින් ආරම්භ කල විවිධ ව්‍යාපාරයන්ට මහත් ශක්තියක් විය. මේ හේතුවෙන් මොහු ආණ්ඩු මට්ටු කිරීමට සිරිසේන පවුලට කිසිම උවමනාවක් නොවි ඇත. ඔහුගේ ක්‍රියාකාරකම් ඔවුනට අත්‍යවශ්‍ය මෙවලමක්ම වී ඇත.මෛත්‍රීපාල සිරිසේන පවුලට අවශ්‍ය ව්‍යාපාර සදහා චන්ඩි බලය සැපවුයේ ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු හා කල්ලිය විසිනි. මේ කල්ලිය විසින් බලහත් කාරයෙන් ඉඩම් වලින් පන්නා දැමු අසරණයින් ගණනාවක් අදත් පොලොන්නරුව හා අවට සිටිති. සිය සොහොයුරාගේ දේශපාලන බලය මොහු විසින් කදිමට තම පවුලේ දියුණුව වෙනුවෙන් කැප කළේය. මෛත්‍රීපාල සිරිසේන නම් සිය සොහොයුරා වෙනුවෙන් අනුගමනය කලේ දෙබිඩි ජීවිතයකි. මෛත්‍රීපාල තම සොහොයුරා ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු නොමනා වැඩක් කොට අනාගත් හැම වෙලේම කලේ පොඩි සද්දයක් දමා අත පිහදා සුදනාවිමය. සිරිසේන පවුල ගැන දන්නා අයට මේ යථාර්තය සාමාන්‍ය දෙයක්ම විය. මෛත්‍රීපාල සිය අයෝමය හස්තය හා මැරකම් පොලොන්නරුව හා අවට පුරා ක්‍රියාත්මක කලේ ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු හා ඔහුට හිතවත් සගයන් හරහාය. තමාගේ වැලි ව්‍යාපාරය හෝ සිය සොයුරන්ගේ ව්‍යාපාරයනට එල්ලවූ සැම විරුද්ද බලයක්ම සිරිසේන පවුල මැඩ පැවැත් වුයේ ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු හා සම්බන්ද කල්ලි හරහාය.

මොහු නිසා පිඩාවට පත්වූ පවුල් කිහිපයක් අද මොහුගේ වියෝවෙන් සැනසුම් සුසුම් හෙලනු නොඅනුමානය. මොහු නිසා කරදරයට පත්වූ ස්ත්‍රීන් ගණනාවකි. අද මාධ්‍ය විසින් වෙනත් චිත්‍රයක් මවා පෙන්වීමට උත්සහා දරුවත් මොහු අවසන් ගමන් ගියේද සිය බලපරාක්‍රමය භාවිතා කොට කරගෙන ගියාවූ සල්ලාල ගමනක ප්‍රතිපලයක් ලෙසය. අද මෛත්‍රීපාල පාලනය විසින් ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු මරණයට පත්වූ සත්‍ය වසන් කිරීම සදහා රාජු ගේ අවසන් කටයුතු වලට වඩා දැඩි ප්‍රයත්නයක යෙදී ඇත. ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු යනු අධික ලෙස මත්පැනට ලොල්වූ දාමරිකයෙකු මෙන්ම කමාතුරයෙකි . සිය මිතුරන්ගේ අබුවන් සරණ පතා ගොස් මිට කලින්ද මොහු යම් යම් අකරතැබ්බයනට මුහුණදී ඇත. මේ සිද්දිය වනදාත් මොහු සිය මිතුරා හා අමනාප වී ඇත්තේ මෙවන් කරුණක් නිසාමය. මොහුගේ කුරුමානම වැරදුන තැන මොහු විසින් ඔහුගේ මිතුරාට හා පවුලේ අයට සිය සොහොයුරාගේ ජනාදිපති බලපරාක්‍රමය පාවිච්චි කොට නොයෙකුත් කරදර වැඩ හිංසා පමුණුවා ඇත. මේ නිසා එම පවුලේ උදවිය ජිවත්ව ඇත්තේ බයින් හා දරුණු මානසික පීඩනයක් මැදය . මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාදිපති වූ බැවින් හා සිරිසේන පවුලේ ක්‍රියාකාරකම් හොදින් දන්නා නිසා ප්‍රියන්ත සිරිසේන නොහොත් රාජු ට මන්නා පහර දුන් මොහුගේ මිතුරා සිතා ඇත්තේද කොයි යම් මොහොතක හෝ රාජු විසින් තමාව මරා දමනු ඇත කියාය. අන්තිමේදී එම මානසික පීඩනය මෛත්‍රීපාල ගේ චන්ඩි මල්ලිට මරු කැදවිය. සිරිසේන පවුල නිසා පොළොන්නරුවේ ජිවත්වන උදව් ලැබූ පවුල් මෙන්ම, නන්නත්තාර වූ විනාශ වූ පවුල් ද ගණනාවක් පොලොන්නරුව හා අවට ප්‍රදේශ වල අදත් ජිවත් වේ.

මේ පලදී ඇත්තේ සාපයකි . මහ සිරිසේන රටේ ඉහලම පුටුවට ගිය විටම තමාට හා සිරිසේන පවුලට ඉහලට නගින්නට චන්ඩි කමින් හා මැර බලපරාක්‍රමයෙන් උදව් කල සොයුරා ස්වභාව ධර්මය විසින් රැගෙන ගියේ දරුණු සිග්නල් එකක් පත්තු කරමිනි. සුදු පිරුවටයට මුව වී අහිංසකයෙකු මෙන් සමාජය ඉදිරියේ රගපා රටේ ජනතාව රවටා කුමන්ත්‍රණකාරී සිද්ධි දාමයකින් රටේ ඉහලම පුටුවට නැගීමට සමත් වුවහත් විදින කලට දුක් දැඩි වේ ගිනි සේ යන්න සත්‍ය ලෙසම මෛත්‍රීපාල සිරිසේන හමුවේද විරාජමාන වනු ඇත .

නිරය ඔහු ඉදිරියේ දිවා රෑ දෙකේ දර්ෂණය වී දැන්වත් මෛත්‍රීපාල සිරිසේනගේ සිත සුමගට යොමුවී මේ රට වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් බෞද්ධාගම වෙනුවෙන් නැබුරු වේවා නැබුරු වී සැබෑ ජනතා නායකයාණන් සමග ඇත වැල් බැදගෙන මේ රට ගොඩනගත්වා කියා අපි දොහොත් මුදුන් දී ප්‍රාර්ථනා කරන්නෙමු.

~~ෂන්තික ප්‍රනාන්දු.~~


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිම පසුපස වත්මන් යහපාලක ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක සිටින බව ඊ නිවුස් හිටපු මාධ්‍යවේදී දැනට නේපාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටින ප්‍රගීත්ගේ සමකාලිනයෙකු වන ශාන්ත විජේසුරිය අනාවරණය කර සිටි.නේපාලයේ සිට විවර වෙබ් අධවියේ සංවාදයක එක්වෙමින් ශාන්ත මෙ බව අනාවරණය කර සිටි.ඒ අනුව ලංකා නිවුස් වෙබ් ටුඩේ වෙබ් (www.lankanewsweb.today)අධවිය කල අනාවරණයන් සත්‍යයක් බවට තහවුරු වෙමින් තිබේ.






ශාන්ත විජේසුරිය කළ අනාවරණය පහත හඬ පටයේ 38 වැනි විනාඩියේ සිට අහන්න 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

තමන් රටට යහපාලනය ඇති කිරිමට ආ අයෙකු නොව අධිරාජ්‍යවාදයේ රූකඩයක් පමණක් බව රටට පමණක් නොව මුලු ලෝකයටම කියා දෙමින් තමන්ගේ සොහොයුරු වැලි රාජුගේ මළගමට පවා සහභාගි නොවි සිටිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන අද කටයුතු කළා.

තමන් රටක් පාලනය කිරිමට නොව තමන්ගේ පවුල පාලනය කිරිමට අසමත් බව මේ හරහා මෛත්‍රී රටට අනාවරණය කර තිබේ.තමන්ගේ සොහොයුරාගේ මළගම තමන් ලංකාවට පැමිණිමට පෙර අවසන් කරන ලෙසට මෛත්‍රීගේ හැම වලත්ත වැඩක්ම පසුපස සිටි ඩඩ්ලි සිරිසේනට උපදෙස් ලබාදි තිබෙන බවද අනාවරණය වි තිබේ.එපමණක් නොවේ මෛත්‍රීට වාතයක් පිටවු සැනින් එහි දිග-පළල සමග වාර්තාකරන සියලුම රාජ්‍ය මාධ්‍ය හා කඩේ යන පත්තර කසිකබල් හා වෙබ් කැලි කිසිවක් මේම මලගම වාර්තා කර තිබුනේ එපා වාහෙට හොදි බෙදන ආකරයටය.

කථානායක චමල් රාජපක්‍ෂ, අමාත්‍ය කරු ජයසූරිය, හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු තවත් මැතිඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව නමුත් මෛත්‍රී හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් මෙම අවස්ථාවට එක්ව සිටියේ නෑ.

දැන් අපට අහන්න තියෙන එකම ප්‍රශ්ණය පහුගිය දවස් ටිකේ අපේ පත්තර මල්ලිලයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි, 4 ඇල ග්‍රාමසේවක උන්නැහෙයි ඔක්කොම කිව්ව නේ මේ මරණය උනේ කොටු පනින්න ගිහින් නෙමෙයි කියලා. ඉතින් අහවල් දේකටද අපේ සිරිසේන මහත්තයා ලැජ්ජ වෙන්නේ තමන්ගේ එක කුස උපන් සහෝදරයාගේ මලගමට යන්න...


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපෙක්ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රිලනීපය කටයුතු නොකලොත් ඇතිවන තත්ත්වය කුමක්ද?ප්‍රසන්න රනතුංග මහතාගේ Hard Talk අහන්න.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන් නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් ලහි ලහියේ සුදානම් වෙමින් සිටින්නේ ලඟ එන මහා මැතිවරණයට තරග වැදිමට බව මේ රටේ නොදනේ යහපාලනයට කඩේ යන ටොයියන් පමණි.

මහින්ද රාජපක්ෂගේ පවුල් ගස ට එරෙහි ගොඩ නැගුණු ජන බලයට නිගා කරමින්, මෛත්‍රීපාල ජනාධිපති වරයා, සිය සහෝදරයා වන පී.ජී.කුමාරසිංහ ව ටෙලිකොම් සභාපති කිරීමෙන් නොනැවතුන අතර සිය බෑණා, දියණීය චතුරිකාගේ සැමියා වන තිලින සුරන්ජිත්ව(Thilina Suranjith ) ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන් පත්කරක ගත්තේ යහපාලනය ගැන තිබුණු බලාපොරොත්තුව බිද දමමනි.

දැන් ඒ ගැන් කතා කර වැඩක් නැත ....මාමණ්ඩියගේ ගේදරට වි තම්බා දෙන බත් පත ගිල දමමින් සිටි සුරංජිත්ට නව රැකියාවෙන් ලැබෙන පඩිය වනුයේ සියලුම දිමනා සහිතව රුපියල් 25000/- කටත් අඩු මුදලකි.

ඒ වුනාට මෛත්‍රී බෑණා පොඩ්ඩ නෑ බෑ නොකියාම ජර්මනියෙන් රුපියල් ලක්ෂ 435ක් වටිනා මෝටර් රථයක් ඇනවුම් කර තිබේන බව යහපාලන ටොයියන් දන්නවාද දන්නේ නෑ.ලබන මස (අප්‍රියෙල්) 10 වැනිදාට පෙර එම රථය ලංකාවට ලගාවිමට නියමිත අතර මේ ලක්ෂ 435 තමන්ට යහපාලන දුව කර ගැහුවාට ලැබුනු දැවැද්ද නොවන බව ටොයියන්ට නොතෙරුනද බයියන්ට හොදටම තෙරේ.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යා හෙවත් රනිල් පැන්නිමේ කල්ලියේ අයෙකු වූ රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බංඩාර කෝටිපති පෞද්ගලික බස් ව්‍යාපාරිකයකු රහසිගත ගනුදෙනුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.අමාත්‍යවරයාගේ ඥාතියකු හරහා එම ගනුදෙනුව සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාල ව්‍යාපාරිකයාට අයත් බස් රථ බොහොමයක් මේ වනවිටත් දුර ගමන් සේවා සඳහා යොදවා තිබේ.

පසුගිය කාලයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම, කටුනායක අධිවේගී මාර්ගයේ ඔහුට අයත් බස් රථ වැඩි වශයෙන් ධාවනයට එක්කිරීම සුවිශේෂී කාරණාවක්.එම මාර්ගවලට ලබාදී ඇති පෞද්ගලික බස්රථ ධාවන බලපත්‍ර අයථා ලෙස ලබාදී ඇති බව පවසමින් ඒවා අවලංගු කිරීමට නව රජය බලයට පත්වීමත් සමග තීරණය කළා.ඒ බස් සංගම් නියෝජිතයන් සහ හිමිකරුවන් කළ ඉල්ලීම්වලට අනුවයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයා ධාවනයට එක්කර ඇති අදාල බස් රථ තවදුරටත් ධාවනයේ යෙදවීම සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමට රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

~~සිංහ පුවත්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු වලත්ත කමේ ගොස් වැදුණු පොරෝ පහරකින් මරණයට පත්විමත් එම පොරෝ පහරට සැබැවටම හේතුවු කරුණ ඉතා වගකිමෙන් www.lankanewsweb.today හෙළිදරවු කිරිමෙන් පසුව මහත් කලබලයට පත්වු යහපාලන සිරිසේනගේ අනිකුත් සහෝදරයන් පොළොන්නරුවේ යකා නටමින් සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

අද දවස පුරාම ප්‍රදේශයේ සැරිසැරු අප වාර්තාකරු මේ සිද්ධිය සම්බන්ධයෙන් හොදින්ම දන්නා කිහිප දෙනෙකු හමුවිමට උත්සහ කලද වැලි රාජුට නොදැවෙනි කැසිනෝරජා වන ඩඩ්ලි සිරිසේනගේ මැර කණ්ඩායමේ තර්ජනයන් හා භිය වැද්දිම් හමුවේ කිසිවෙකුත් වචනයක්වත් කතා කිරිමට කැමැත්ත පලකර නෑ.

වැලි රාජාට එල්ල වු පොරෝ පහර සම්බන්ධයෙන් ලක්මාල් ලබාදුන් කට උත්තරය සම්පුර්ණයෙන් වෙනස් කර අත්සන් ගැනිමට යහපාලන පොලිසිය කටයුතු කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර මෙය දඩමීමා කරගෙන මෛත්‍රීට මඩගසන්නට වලිකන රාජපක්ෂ කණ්ඩායම පෙලඹී සිටින බවට යහපාලක කණ්ඩායම් පුවත් මවමින් සිටින අතර කවුරුන් මොනවා කිවුවද අප කල අනාවරණය ඉතා නිවැරදි බව මේ මොහොතේ යලිත් අවධාරණය කරමු. 

~උපුටා ගැන්ම අප වෙබ් අධවියේ පුවත~

සිරිසේනගේ බලය අතට ගෙන ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු)  ක්‍රියාත්මක කරමින් තිබු වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරයට අද මරු ප්‍රහාරයක් එල්ලවි තිබේ.බෙදුම්වාදින්ගේ ඡන්ද වලින් මෛත්‍රී ජනපති වු සැනින් පොලොන්නරුවේ පමණක් නොව මුලුරටේම මැරකම් ක්‍රියාත්මක කල ප්‍රියන්ත සිරිසේන අසරණ මිනිසුන්ගේ වැලි කැටයට පවා කෙලියේ කිසිම ගරුසරුවක් නැතිවය.

කෙසේවෙතත් මෙම එල්ල කර තිබෙන පොරො පහර පසුපස කතාව වෙන එකකි..අප පොලොන්නරුව වාර්තාකරු සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරය අනාවරණය කරගෙන තිබේ.

මෛත්‍රීපාල ජනපති විමට පෙර සිටම වැලි රාජු සමග මිතුරෙකුව සිටි ලක්මාල් නැමැත්තා සමග රාජු කල දුෂණ ක්‍රියා අපමණ ගණන්ක් තිබේ.වැලිගොඩ දැමිම,දඩමස් ජාවාරම,ස්ත්‍රි දුෂණ වැනි රැසක් මෙම දෙදෙනා එක්ව කර තිබෙන්නේ තිබෙන ගජ මිතුරු කම නිසාය.

මෛත්‍රී ජනපති විමට පෙර ප්‍රදේශයේ සුන්දර කාන්තාවක් සමග මෙම දෙදෙනා එකගේ කැමක නිරත වු අතර අදාල කාන්තාවට සියලු පහසුකම් සැපයිමට දෙදෙනාම කටයුතු කර තිබුනා.

නමුත් හදිසියේම මෛත්‍රී බලයට පැමිණිමෙන් පසුව හවුලේ පවුල් කෑම හදිස්සියේම නතර කිරිමට  වැලි රාජු කටයුතු කර ඇති අතර තම මිතුරා වු ලක්මාල්ට අවස්ථා ගණනකදි තර්ජනය කර තිබේ.

පසුව දෙදෙනා අතර බහින්බස් විම උග්‍ර අතට හැරි ඇති අතර එහි  ප්‍රතිපලයක් ලෙස මෙම පහරදිම අද සවස සිදුවු බව අප වාර්තාකරු අවරණය කළා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  පැවසුයේ  ඔහුගේ මිතුරකු වන නැමැත්තකු  ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගැනීමට සොයන බවයි.

~උපුටා ගැන්ම අවසන්~

වැලි රාජු හොඳ පුද්ගලයෙක් නොවේ ඔහු පොලොන්නරුවේ ජීවත් වූ මැරයෙකි. නීති විරෝධී වැලි ජාවාරම් කරුවෙකි. නමුත් ඔහු මැරයෙක් වූයේ මෛත්‍රී ජනාධිපතිවූවාට පස් නොවේ. ඔහු නීතිවිරෝධීව වැලි ගොඩදැමීම පටන්ගත්තේ මෛත්‍රී ජනාධිපති වූවාට පසුව නොවේ, එමෙන්ම ඔහු හා මෛත්‍රී අතර ඇති හිත හොඳකමක්ද නැත.

මෛත්‍රීපාල සිරිසේන හා වැලි රාජු අතර ඇති අමනාපකම (විඩියෝව බලන්න)


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


දැනට තිබෙන තත්ත්වය  අනුව අප්‍රේල් 7 වැනි දා වන විට කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු පත් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නම් තුනක් කියැවෙයි. ඒ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා හා ආර් සම්බන්දන් ය. පළපුරුද්ද හා සුදුසුකම් අතින් නම් අනෙක් දෙදෙනාට දිනේෂ් ගුණවර්ධනට තරගයක් දිය නො හැකි ය.

එහෙත් පාර්ලිමේන්තුවේ තනතුරුවලට පත්කිරීමේ දී දේශපාලනය බල නොපාන්නේ නම් දේශපාලනය බල නොපන්නේ කොහේ ද? 

දේශපාලනය යනු බලය පිළිබඳ ක්‍රියාවලිය ය. ඒ දේශය පාලනය කිරීම පමණක් නො වේ. එය ඕනෑම ආයතනයක දැකිය හැකි ය. නිවසෙහි ද පාර තොටෙහි ද දේශපාලනය වෙයි. එහෙත් අද දේශපාලනය යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාර කෙරෙන්නේ පක්‍ෂ දේශපාලනයට ය. ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව හා ජනාධිපතිධුරය දක්වා එය ක්‍රියාත්මක වෙයි. අද වන විට අනෙක් දේශපාලන කටයුතු පක්‍ෂ දේශපාලනයට යට වී අවසන් ය. 

විපක්‍ෂ නායක ධුරය ඉංගිරිසින්ගේ පාර්ලිමේන්තු සම්ප්‍රදායෙහි වැදගත් තනතුරකි. විපක්‍ෂ නායකට හිමි වූ බලතල හා වරප්‍රසාද රාශියකි. ඒ බලතල හා වරප්‍රසාද යොදා ගනිමින් බෙදුම්වාදය වෙනුවෙන් නිල වශයෙන් ක්‍රියාත්මක විය හැකි ය. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අගය කරන රටවල විපක්‍ෂ නායකගේ ප්‍රකාශවලට වැදගත් තැනක් හිමි වෙයි. කලක් විපක්‍ෂ නායක ව සිටි අමිර්තලිංගම් දෙමළ ජාතිවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් ඒ පදවිය යොදාගත් ආකාරය අපි දනිමු.

යම් ආකාරයකින් සම්බන්දන් ජනතා විමුක්ති පෙරමුණේ ද ආධාරයෙන් විපක්‍ෂ නායක වුවහොත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අටුවා ටීකා අවශ්‍ය  නො වේ. එංගලන්තය, ඉන්දියාව හා ඇමරිකාව වැනි රටවල විපක්‍ෂ නායකයා නිතර සංචාරය කරනු ඇත. ඒ සිංහල ජනයාගේ ද මුදලෙන් ය. ජනතා විමුක්ති පෙරමුණ මෛත්‍රිපාල රනිල් නීත්‍යානුකූල නොවන පලනයට සහාය දෙන පක්‍ෂයකි.  ජ වි පෙරමුණ මදිවාට නීත්‍යානුකූල නොවන පාලනයට සෘජුව මැදිහත් වන හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය ද  සම්බන්දන්ට සහාය දෙයි. මේ පක්‍ෂ විපක්‍ෂයේ පක්‍ෂ නොවන බව පැහැදිලි විය යුතු ය. 

කතානායකවරයාට ප්‍රශ්නය වන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කවුරුන් දැයි තීරණය කිරීමේ දී ය. ශ්‍රී ල නි පක්‍ෂයේ සමස්ත ලංකා කාරක සභා තීරණය අනුව නම් ඒ පක්‍ෂයේ මන්ත්‍රීවරු විරුද්ධ පක්‍ෂයට අයත් නො වෙති. එවිට කතානායක තේරීමේ ක්‍රියාවලියට ශ්‍රී ල නි ප මන්ත්‍රීන් සහභාගි නොවිය යුතු ය. ඒ තර්කය අනුව දෙමළ ජාතික සංධානය ද රනිල් සිරිසේනට සහාය දෙන  බැවින් ඔවුන් ද විපක්‍ෂය ලෙස සැලකිය හැකි නො වේ.

අද විපක්‍ෂය ලෙස කටයුතු කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්‍ෂ කිහිපයකි.  ඒ පක්‍ෂ සංධානයේ පක්‍ෂ වුවත් කතානායකට දන්වා වෙන ම පක්‍ෂ ලෙස ක්‍රියාකරයි. එබැවින් ඒ පක්‍ෂ විපක්‍ෂයේ පක්‍ෂ ලෙස සැලකීමට කතානායකවරයාට බාධාවක් නැත. කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු තෝරාගත යුත්තේ මේ පක්‍ෂවලින් ය.

කෙසේ වෙතත් ජ වි පෙරමුණ සම්බන්දන්ට විපක්‍ෂ නායක ලෙස පත්වීමට ආධාර කළහොත් ඔවුන් දෙමළ බෙදුම්වාදයේ නියෝජිතයන් ලෙස ඉතිහාස ගතවනු ඇත. ඔවන්ට මීළඟ   පාර්ලිමේන්තු මැතිවරණයේ දී අත්වන ඉරණම ගැන දැනගැනීමට ජ්‍යෙතිෂවේදියකු විය යුතු නො වේ. 

නලින් ද සිල්වා

2015 මාර්තු 29

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මේ රටේ මාධ්‍ය ඔස්තාර්ලා යනුවෙන් තමන්ව හදුන්වා ගත්තද උන් දන්න .......නැති බව අද මට වැටහුනේ මේ රටේ යහපලනය ඇති කරන්න ජනාධිපති වෙච්ච මෛත්‍රීපාල සිරිසේන හා ඒ සදහා මහා ගෙමක් ගැසු බව තැන් තැන කයිවාරු එකෙක්වත් කියා ඇත්තේ අම්බානකට පච මිස වෙන කිසිවක් නොවන බව මෙ හරහම ඔප්පු වේ.(..... කැමති වචනයක් දා ගන්න)

මේ මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිළ සමාජ වෙබ් ජාලය හේවත් Facebook පිටුවේ සටහනකි....මකන්න කලින් ගිහින් ඔබත් බලන්න -https://www.facebook.com/maithripalas


කොළඹ ඉගෙනගත් වෙල්ලායන් තරම් සිංහලත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය පෝ’ෂනය කරන පිරිසක් තවත් නැත. 1833 දී  මෙරට දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කිරීම සඳහා ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදාගත්හ. ඔවුන් අතර ද ප්‍රධාන වූවෝ කොළඹ උසස් යැයි සම්මත පසල්වල ඉගෙන ගත් අය ය. ඉංගිරිසින් බර්ගර්වරුන්ට පසුව රටේ නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වූයේ ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් දෙමළ වෙල්ලාලයන් ය. එකී වෙල්ලාලයෝ ද සිංහල නායකයන් පරදවා රටේ ම නායකත්වයට පත්වීමට කටයුතු කළහ.
පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාශලම්, ඔවුන්ගේ මාමා වූ කුමාරස්වාමි වෘත්තීය හා දේශපාලන නායකත්වයට ද ඔවුන්ගේ ඥාති සහෝදර ආනන්ද කුමාර්ස්වාමි ශාස්ත්‍රීය නායකත්වයට ද පත්වූයේ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඉංගිරිසි කියවන ලෝකයෙහි ශාස්ත්‍රීය නායකයෝ සිංහල ශාස්ත්‍රිය ලෝකයේ නායකත්වයට පත්කෙරී ඇති මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීහු නො වෙති. ඉංගිරිසි කතාකර්න්නන්ගේ ලෝකයෙහි පාණ්ඩිත්‍යයෙන් හෙබි භික්‍ෂූන් වහන්සේට ඇති පිළිගැනීම කුමක් ද?        

ඉංගිරිසින් ්1931 දී සර්වජන ඡන්දය වෑරදීමෙන් දුන් පසු වෙල්ලාලයන්ට දේශපාලන තලයෙහි තිබූ වැදගත්කම නැතිවන්නට පටන්ගත්තේ ය. සර්වජන  ඡන්දය නොවන්නට සිංහලයන්ට මෙරට කිසිම තැනක් නැතිවන්නට තිබිණි. දේශපාලන තලයෙහි වෙල්ලාලයන් රටෙහිම නායකත්වයට පත්වීමට නො හැකිව ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් දෙමළ බෙදුම්වාදයට යොමු වූහ. විග්නේස්වරන් ඇතුළු යාපනයේ දෙමළ වෙල්ලාලයෝ එමග තවදුරටත් ගමන් කරති. 

විග්නේස්වරන් කියා තිබුණේ ලංකාව ඒකීය රාජ්‍යයක් වීම නිසා දෙමළ ජනයා සුළුතරයක් බවට පත් වූ බව ය. මොහු මේ කියන්නේ සංඛ්‍යාත්මක සු්‍රළුතරයක් ගැන නො වේ. ඒකිය වුවත් සන්ධිය වුවත්  සංඛ්‍යාත්මක ව දෙමළ ජනයා සුළුතරය වෙයි. විග්නේස්වරන් කියන්නේ ඒකීය රාජ්‍යයක දෙමළ වෙල්ලාලයන්ට රටේ ම පාලන බලය ලබාගත නොහැකි බව ය. සුළුතරයක කතාවක් ඔහු කියන්නේ එබැවිනි. දෙමළ වෙල්ලාලයන්ට රටේ ම පාලන බලය ගැනීමට නොහැකි බැවින් විග්නේස්වරන්ලා රට බෙදා එක් කොටසක පාලන බලය ලබාගැනීමට කටයුතු කරති. 

අප අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ දෙමළ ජාතිවාදය විකාශ වී ඇති ආකාරය කියන නමුත් සිංහල ජාතිකවාදීන් ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නො කරති. සමහර විට මා දක්වන ඉතිහාසය වැරදි විය හැකි ය. එහෙත් ඔවුහු ඒ බවක් ද නො කියති. දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට නම් දෙමළ ජාතිවාදය යනු කුමක් ද එහි විකාශය කෙසේ සිදුවීද යන්න තේරුම් ගත යුතු ය. ඒ සඳහා අපට ප්‍රවාදයක්, කතන්දරයක් තිබිය යුතු ය.

විග්නේස්වරන්ලා ට පැහැදිලි කතාවක් ඇත. ඔවුහු එහි දී ව්‍යාජ ඉතිහාසයක් ද ගොතා ප්‍රචාරය කරති. අපි මේ ඉතිහාස කතාවේ බොරුව ද හෙළිදරවු කළෙමු. අපට මේ සියළු කතා වඩා හොඳ සංගත කතාවකින් පරාජය කළ හැකි ය. අපට එවැනි සංගත කතාවක් ඇත. එහෙත් අවාසනාවකට ජාතික ව්‍යාපාරයේ නායකයෝ එයට සවන් නො දෙති. ඒ කතාව මදි නම් ඔවුන් කළ යුත්තේ වෙනත් වඩා සංගත කතාවක් ගෙතීම ය. 

විග්නේස්වරන්ලාට අවශ්‍ය මුල දී සන්ධීය රාජ්‍යයක් පිහිටුවා පසුව වෙන ම රාජ්‍යයක් බිහි කිරීම ය. ඔවුහු ඒ සඳහා ඔවුන්ගේ කතාව කියති. සිංහලයෝ ඒ කතාව සාවධාන ව අසා සිටිති. 

නලින් ද සිල්වා

2015 මාර්තු 28

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට ගත් තීන්දුව ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් ජයග්‍රහණයක් බවට යහපාලන ආණ්ඩුව කෑ මොර දුන්නද ඒ  සදහා ආණ්ඩුව කල කෙන්ගෙඩියක් නැති බව බ්‍රසල්ස් නුවර සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

රජයට පක්ෂ මාධ්‍ය ආයතන සහ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ජයග්‍රහණය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් වසරේදී යුරෝපා සංගම් සාමාන්‍ය අධිකරණයක් විසින්  කොටි සංවිධානයට එරෙහිව පැවැති තහනම ඉවත් කරමින් ලබා දුන් තීන්දුව යළි සලකා බලන්නැයි යුරෝපා සංගමයෙන් කල ඉල්ලිම සලකා බලා තින්දුව දුන් බව දක්වා තිබුනා.මීට අමතරව 

විදේශ අමාත්‍යංශය මංගල සමරවීර මහතා ප්‍රමුඛ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශය  එක්ව කොටි සංවි‍‍‍ධානය ය‍‍ළි තහනම් කිරීමේ මෙහෙයුම් යුරෝපා සංගමය තුළ දියත් කිරිම හරහා මෙම තහනම ඉවත් කරගත් බව රටට එත්තු ගැන්විමේ මෙහෙයුමක යහපාලන ආණ්ඩුව යෙදි සිටින බව ඔහු පෙන්වා දුන්නා. 

නමුත් යුරෝපා සංගමය විසින්  කොටි සංවිධානය නැවත වතාවක් තහනම් කිරිම පසුපස ඇත්තේ සම්පූර්ණයෙන් වෙනස් කතාවක් බවත් එනම්...

ගෙවිගිය මාස 3ක කාලය තුල කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ආසියාව කෙන්ද්‍ර කරගනිමින් සීඝ්‍රයෙන් වර්ධණය වි ඇති බව ""රෝ"" CLA හා FBI වාර්තා පෙන්වාදිමත්,එම වර්ධනයේ බලපෑම යුරෝපා රටවල් කරා පැතිර යැමට තිබෙන අවදානම ඉතා බවට වාර්තා කිරිමත්.LTTE සංවිධානය සතු මාධ්‍ය අංශය යලි වේගයෙන් සක්‍රීය තත්ත්වයට පැමිණිම සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා LTTE සංවිධානය සතුව වත්කම් පැවැතිම මෙම තහනමට බලපා තිබේන බවයි  බ්‍රසල්ස් නුවර සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

United States, Canada, Britain, and India යන රටවල් සදහා කොටි සංවිධානය ව්‍යාප්ත විම මෙම තහනමට මුලිකම හේතුව බව තින්දුව ප්‍රකාශ කරමින් යුරෝපා සංගමය පැහැදිලිව දක්වා තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


ජනතා විමුක්ති පෙරමුණ බරපතල දේශපාලන අර්බුදයක මුහුණ දි සිටින බව ඒම පක්ෂයේ දේශපාලන  මණ්ඩලය නියෝජනය කරන සමාජිකයෙකු අප සමග Skype ඔස්සේ සම්බන්ධ වෙමින් සදහන් කළා.

පෙබරවාරි 8 වැනිදා ""ලාල්කාන්ත සීනුව අතහරි!"" යන මැයෙන් අප පලකල පුවත දැන් සත්‍ය වෙමින් ඇති බවත් එදා අභ්‍යයන්තර අරගලයක්ව තිබුනු ගැටලුව අද මතුපිටට පැමිණ ඇති බවද ඔහු සදහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට කුමන්ත්‍රණයකින් අනුර කුමාර දිසානායක පත්විමේ සිට මේ දක්වා පක්ෂය මහත් අර්බුද රැසකට පත්ව ඇති බවත් ඒ සැම ප්‍රශ්ණයකටම ප්‍රධාන හේතුව වි ඇත්තේ අසීමාන්තිකව විවිධ පාර්ශවයන් සමග ගණුදෙනු කිරිම බවද ඔහු අනාවරණය කළා.

මේ වනවිට පක්ෂ සාමාජිකයන් අතර පවා ගැටලුකාරි තත්ත්වයන්  ඇතිවි ඇති අතර ඉදිරි සති දෙක ඇතුලත ගණ්නා දේශපාලන තින්දු හේතුවෙන් ලාල්කාන්ත පමණක් නොව තවත් බොහෝදෙනා පක්ෂය අතහැර යැම විනා වෙන සිදුවන දෙයක් නොමැති බවද ඔහු සදහන් කළා.

දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන්  තමන් කලකිරිමට පත්ව සිටින බවත් ඒ අනුව තමන් පක්ෂයෙන් ඉවත් විමට තිරණය කර තිබෙන බව අප පසුගිය දා අනාවරණය කර සිටියා.

ජවිපෙ අර්බුදය -ලාල්කාන්ත සීනුව අතහරි!

                     - මේ අනුරගේ LAST CHANCE එක

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



රාජ්‍ය අනුග්‍රය යටතේ යහපාලනයට මුවාවි රටින් රට විකුණමින් ජනතාව ගොනාට අන්දවා ඇති බව දින 100ක් යන්නට මත්තෙන් යහපාලන රෙද්ද ලිහා පෙන්විමට හැකිවිම මේඑ රටේ ප්‍රගතිශීලි ජනතාව ලැබු ජයක් බව අමතුවෙන් කිව යුතු නෑ.

ගමේ බයියෙකුව සිටි සිරිසේන චන්ද්‍රිකා,රනිල්,අනුර,චම්පික,රතන සහ සොභිත වැනි ටොයියන්ගේ පහස ලබා ටොයියෙකු ලෙස ජනපති ධුරයට පත්වු දින සිට තමන් ටොයියෙකු කිරිමට සහය දුන් රටවල් වන්දනා කල ආකරය අප අමුතුවෙන් කිව යුතු නොවේ.

රටේ ජනතාව ගොනාට අන්දමින් නිළ වශයෙන් සමාන්‍ය ගුවන් යානයක නැගී(ජහපාලකයන් කියන අකාරයට )ඉන්දියාවට 6, එංගලන්තයට 10, චීනෙට 33 ක්ද ගිය නමුත් වෙනත් ගුවන් යානාවල නැගි අන්තිමට ඔය සැම රටකටම ගිය ගණන 100 ඉක්මවු බව (ඉන්දියාව හැර) වගකිමෙන් කිව යුතුය.

දැන් ප්‍රශ්ණය වෙන එකකි... ලංකාවේ සාමාන්‍ය පෙළ වැඩ 5ක් පමණක් සමත් සිරිසේන පුතු තාත්තා රටේ ජනතාවගේ පිහිටෙන් ලන්ඩන් ගිය විට හමුවි ආතල් එකක් ගත්තාට අපට කමක් නැත.නමුත් රජපක්ෂලාගේ කාලයේ මේ රට චීනය විනාශ කල බව පවසමින් බොරුවට කෑ ගසා සිරීසේන චිනයට ගිය ගමනටද පුත්‍රයා එක්වුයේ ඇයිද යන්න අපට පමණක් නොව රටේම ජනතාවට ප්‍රශ්ණ කිරිමට අයිතියක් තිබේ.

මොකද දහම් තාරක සිරිසේනට එංගලන්තයේ සිට චිනය එන්නට ගුවන් ටිකට් පත් සහ නවතින්නට තැන් ගන්නට වෙන්නේ රටේ ජනතාවගේ සල්ලි වලින් මිසක දහම්ගේ පොකට් මනී වලින් නොවන නිසාය.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

දවස් 75ක් ගතවන විට මහ බැංකුවේ බැඳුම්කර ‘ගේම.’ එක හරහා  පැයක ගනුදෙනුවකින් රුපියල් කෝටි 300කට වැඩිය කොල්ල කා රටේ ජනතාවට කෝටි 10,000ක් අහිමි කල ටොයියන්ට දැන් වෙහෙර ගිල්ල එකාට අග්ගලා ගෙඩිය මොන කජ්ජක්ද? කියලා හිතනවා විනා වෙන කරන්නට දෙයක් නැත. ඒ නිසාම මේ දිනවල ටොයියන් හැසිරෙනුයේ මඳ කිපුනු අලින් ගානයටය.

ඒ අනුව මහා බැංකුව කාපු එවුන්ට අනිත් බැංකු කියන්නේ ටොයිස් භාණ්ඩයකි.ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ලෙස එම බැංකුවේ ජාතික සේවක සංගමයේ සභාපති වන සුරංග නාඋල්ලගේ යන අය මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා විසින් නීති විරෝධී අයුරින් පත් කර තිබේ.

2007 අංක 11 දරණ වාණිජ බැංකු සඳහා වන පනතට විරුද්ධව ඔහු මෙසේ අධ්‍යක්ෂක මණ්ලයට පත් කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ආයතනවල සේවකයකු එහි අධ්‍යක්ෂක මණ්ඩලයට පත් නොකළ යුතු බවට නීතියක්ද ඇති අතර එම නීති උල්ලංඝණය කරමින් විෂයභාර ඇමතිවරයා මෙම පත් කිරීම සිදු කර තිබේ. පත්වීම් ලැබීමෙන් පසුව ඔහු විසින් බැංකුවේ පරිපාලන කටයුතුවලට බලපෑම් සිදුකරමින් සිටින බවද වාර්තවේ.

ඒ පමණක් නොවේ රවී කරුණානායක මහතාට බොහෝ කාලයත් හිතෛෂීව කටයුතු කරන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වන එස්. රහ්මාන් මහතා ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කර තිබේ.ඒ සදහා රහ්මාන්ට තිබුනු ලොකුම සුදුසුකම වි ඇත්තේ පසුගිය වසර 14 ක කාලයක් මුළුල්ලේ රහ්මාන් මහතා රවී කරුණානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කිරිමයි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රාජපක්ෂ පන්නා දැමිම සදහා ඩීල් පිට දමමින් තමන්ගේ මල්ල තරකරගත් වෙබ් මාෆියාකරුවන්ට යහපාලන ආණ්ඩුවේ දුෂිතයන් හෙලිවිමත් සමග් ඇග කසන්නට පටන්ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.
මෛත්‍රීගේ රවි විද්‍යාලංකාර ඉත්තා මහින්දට එරෙහි අලුත් කුමන්ත්‍රණයක! යන පුවත පලවු වහාම ඇග කසන යහපාලන මාධ්‍යවේදීන් යැයි කියාගත් පිරිස මුල්‍ය අපරාධ විමර්ශනට එරෙහි මෙහෙයුමක් ! යනුවෙන් පුවතක් පලකිරිමෙන් පෙනෙන්නට තිබෙන්නේ සත්‍ය වශයෙන්ම රවි විද්‍යාලංකාර වැනි අය දුෂිතයන් බවම නොවේද?

උපුටා ගැන්ම .....

"රාජපක්ෂ පාලන සමයේ සිදුවී ඇති වංචා හා දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෑතකදී ස්ථාපිත කරනු ලැබූ 'මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය' අඩපන කිරීම සඳහා ප්‍රබල මෙහෙයුමක් ආරම්භවී ඇත.

එම කුමන්ත්‍රණකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, එම විමර්ශන ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාය.

රවී වෛද්‍යලංකාර මහතා දුෂිත නිලධාරියකු බවට එම කුමන්ත්‍රනකරුවන් ප්‍රබල මතයක් ගොඩනගමින් සිටියි."

උපුටා ගැන්ම අවසන් ....

යනුවෙන් එම පුවත පලකර තිබුනේ මංගලගේ මාධ්‍ය ලේකම්වරයෙකු මෙන්ම තමන් වෙබ් මාෆියාවේ පියා යනුවෙන් තමන් විසින්ම පුවත් වාර්තාකර ගත් රුවන් ෆර්නැන්ඩස්ට අයත් ශ්‍රි ලංකා මිර්ර් වෙබ් අඩවියයි.

රවී විද්‍යාලංකාර යනු නිවැරදි පුද්ගලයෙකු නම් එයට පිලිතුරු දිය යුත්තේ ඔහුමය.නමුත් වටේ සිටින හොරි කඩන හොරිකඩයන් මේ තරම් අප කරන අනාවරණයන්ට කලබල වන්නට හේතුවද අපි හොදින්ම දන්නා අතර් අවශ්‍ය ඔනෑම වෙලාවක එයද හෙලිකිරිමට අප දෙවරක් නොසිතන බවද මේ ආකාරයට සටහන් කර තියමු.

රවි විද්‍යාලංකාර මෛත්‍රීපාලට හොදට ගැලපෙන්නේ රටපුරා ගැනු සම්බන්ධයෙන් කියවෙන ඔනෑම වංචාවකට (රුපියල් කෝටියට වැඩි) විද්‍යාලංකාර නමද කියවෙන්නේ ඒ තරමට ගෑනු ගැටවල විද්‍යාලංකාරද සිටින නිසාය.

රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න......

ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාරයක නිරත වන බව පවසමින් ඇගේ නූල් පොටක් නැතුව විද්‍යාලංකාර සමග සැතපෙන කිරුළපන තුෂාරි මේනකා ප්‍රනන්දු(Thushari Menaka Fernando) රටේ ව්‍යාපාරිකයන්ගෙන් වංචාකර ඇති කෝටි ගණනක් මුදල් සම්බන්ධයෙන් වගකිමට කිසිම පොලිසීයකට හෝ අධිකරණයකට නොහැකි වුයේ ඇයිදැයි යන්න අමුතුවෙන් කිවයුතු නෑ.හොරාට ගත් ආචාර්ය පට්ටමක්ද ගත් රවී වෛද්‍යාලංකාර පසුගිය දිනක දෙහිවල ලැගුම්හලකදී කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමග යහන් ගතව සිට අසුවීමද  මේ වන විට ප්‍රසිද්ධ රහසකි. තුෂාරි මේනකා මේ වනවිට වංචා කර ඇති මුදල (වාර්තාවන අන්දමට ) මිලියන 400ද ඉක්මවා තිබේ.

තුෂාරි මේනකා ප්‍රනන්දුගේ වැඩ බැලුම්ගල හෙලිකල ආකාරය පහතින් අසන්න...

හිටපු පොලිස්පතිවරුන් වන වික්ටර් පෙරේරා, ඩබ්. බී. රාජගුරු, ලකී කොඩිතුවක්කු, චන්ද්‍රා ප්‍රනාන්දු, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී. පතිරණ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් යන අයවළුන් පිළිබඳව ඔවුන්ට විරුද්ධව පැවති විමර්ශණයන් පිළිබඳව තමා දන්නා බවත් එකී සියළු ලිපි ලේඛණ තමා සන්තකයේ ඇති බවත් පවසන රවී තමාට විරුද්ධව කවරෙකු හෝ කටයුතු කිරීමට ආවොත් එය එම තැනැත්තාගේ අවසානය බවද පුන පුනා කියවන්නේ තමන් වැඩ කාරයෙක් බව පෙන්විම සදහාය.

අනුන්ගේ කුණු හොදන්නට තද කන අයට අපි තවත් කරුණක් හෙලිකිරිමට කැමැත්තෙමි ...

දිනකට රුපියල් කෝටි හයක පමණ කළු සල්ලි ජාවාරම් කරමින් රටේ ආර්ථිකය බීද වැට්ටු පිටකොටුවේ උන්ඩියල් කප්පිත්තා වු ඉන්දියානු ජාතිකයා සමග සමීප සම්බන්ධයන් පවත්වමින් මුල්‍ය වංචාවට සම්බන්ධව කටයුතු කලේ රවි විද්‍යාලංකාර බව අප අද අනාවරණය කර සිටිමු.

පහත දැක්වෙන් වීඩියෝව නැරඹීමේ සහ බැලුම්ගල වැඩසටහනට සවන් දිමෙන් පසුව දුෂිතයන්ට කඩේ යන ටොයියන් සිටීනම් ඔහුන්ගේ අදහස් අපට ලියන්න.

රවි විද්‍යාලංකාර සහ පහත කියවෙන තුෂාරි මේනකා ප්‍රනන්දු අතර සම්බන්ධය දැන ගන්න පහත දැක්වෙන විඩියෝව නරඹන්න......


තුෂාරි මේනකා ප්‍රනන්දුගේ වැඩ බැලුම්ගල හෙලිකල ආකාරය පහතින් අසන්න...

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com



ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ගැන ව්‍යාජ පුවතක් නිර්මාණය කල බවට යහපාලක මෛත්‍රීපාල සිරිසේන ජනපති වු සැනින් ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ ඇතුලු තවත් දෙදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරමින් තමන් සුදනෙකු බව රට හමුවේ ඔප්පු කිරිමට සිරිසේන කටයුතු කලද පසුගියදා චිත්තයක් හේතුවෙන් පොරෝ පහරක් කා මිය ගිය වැලි රාජු හෙවත් මෛත්‍රී සොහොයුරු ජනපති සිරිසේනගේද රෙද්ද කඩා දමා තිබේ.

මෛත්‍රී ජනපති අපේක්ෂකයාව සිටියදි ඇයව සිරකර තබා සිටින බවට ඇගේ පුතු හා සැමියා යොදවා අසත්‍ය පුවතක් නිර්මාණය කළ බවයි මෛත්‍රී ජනපති වු සැනින් කියා සිටියේ.

එදා එම පුවත ව්‍යාජ එකක් යැයි යමෙකුට හැගි ගියේනම් අද එම පුවත සත්‍යයක් බව තහවුරු වෙනු නියතය......

වර්තමානයේ පාලකයන් බොරු යැයි හඬ නඟා කිමට උත්සහ දරණ බොහෝ දේ අතීතය නිවැරදි කරනු ඇත.....එම විඩියෝව බලන්න


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com








ගෑනු හුටපට හේතුවෙන් යහාපලන සිරිසේන පරපුරම කා ඇති ගුටි සංඛ්‍යාව හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ගෑනු හුටපටයක් හේතුවෙන් ගෙවල් වලට ගොස් චණ්ඩිකම් පෙන්විමට ගිය සිරිසේන සොහොයුරු වැලි රාජාට එල්ල වු පොරෝ පහර සම්බන්ධයෙන් ලක්මාල් ලබාදුන් කට උත්තරය සම්පුර්ණයෙන් වෙනස් කර අත්සන් ගැනිමට යහපාලන පොලිසිය කටයුතු කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

ඊයේ සාමාන්‍යයෙන් විත්තිකරුවෙකුගෙන් කට උත්තරයක් ලබා ගන්නා ආකාරය ඉක්මවා ගොස් වෙනම කණ්ඩායමක් පැමිණ ලක්මාල්ව තනි කාමරයක රදවා මෙම කට උත්තරය ගැනිමට කටයුතු කර තිබේ.

වැලි රාජා සහ ලක්මාල් එක්ව එකම ගෙදරක කාන්තාවක් තබාගෙන එකගෙයි කැමක නිරත වු අතර පසුව මෛත්‍රී ජනපති විමෙන් පසුව වැලි රාජා තමන්ගේ මිත්‍රයා වු ලක්මාල්ට එම නිවසට පැමිණිම තහනම් කර තිබේ.තහනමින් පමණක් නතර නොවු වැලි රාජා කටගොන්නක් බී ලක්මාල්ගේ නිවසටම ගොස් තර්ජනය කිරිමට කටයුතු කර තිබේ.

වැලි රාජු මගේ හොඳ යාළුවෙක්‌. එයා යන හැම ගමනක්‌ බිමනක්‌ම යන්නේ මා එක්‌ක. පෞද්ගලික ප්‍රශ්නයක්‌ නිසා මෑතකදී එයා මා එක්‌ක අමනාප වුණා.

අපි දෙන්නා එකට කාපු මගුල දැන් ඉවරයි.... ඔබ ආපහු ඒ පැත්තේ ආවෝත් ඔබට කුඩු වෙන්න වෙඩි තියනවා....වැලි රාජු හැමදාම අපේ ගෙදරට බීගෙන ඇවිත් පහරදී කරදර කරනවා. නින්දිත විදියට බනිනවා. මේ දේවල් ඉවස ගන්න බැරි තැන මම එයාට කෙටුවා” 

යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාට පොරොවකින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මේකත් කියවලා යන්න -එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com





මෛත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදි තමන්ගේ ප්‍රත්‍රයාගෙන් කල්කුඩා මුහුදු වෙරළේදි එවකට නැ‍ඟෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාරගේ පුත්‍රයා කෑ ගුටිවලට සන්තොෂං ලෙස ජනපති වු වහාම මෛත්‍රීපාල විසින් ලබාදුන් වරප්‍රසාදයන්ට ඇති තරම් කඩේ යමින් සිටින  රවි විද්‍යාලංකාර අලුත් නාඩගමක් පටන් ගැනිමට යන බව වාර්තා වේ.

කොළඹ නගරය තුල උණ්ඩියල් මුල්‍ය වංචා කරුවන්ගෙන් කප්පම් එකතු කරමින් ස්ත්‍රි දුෂණ හා මිනිමැරිම් රැසකටද සම්බන්ධ රවි විද්‍යාලංකාර මහින්දට එරෙහි ඉත්තෙකු ලෙස යොදා ගැනිමට මෛත්‍රීපාල සිරිසේන කටයුතු කල අතර ඒ නිසාම නියෝජ්‍ය පොලිස්පති රවි විද්‍යාලංකාරගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මහා පරිමාණ මුල්‍යමය වංචා සෙවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා දුන් අතර ඒ හරහා අමුතුම් නාඩගම් රැසක් ඉදිරියේ නැටිමට රවී සුදානමින් සිටින බව පොලිස් සේවය නියෝජනය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

කොල්ලුපිටියේ කාල්විල් පෙදෙසේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ කාර්යාලයේදී පසුගියදා මහජන සාමය පිළිබඳ  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම එකකය පිහිටු වු අතර රවී සමග ජනතා විමුක්ති පෙරමුණේ මහින්ද විරෝධින්ද සිටින බව ඔහු සදහන් කළා.පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතාගේ අධික්ෂණය යටතේ මෙම එකකය පිහිටු වුවද රවී ක්‍රියැම එකකය තමන්ගේ යටතට ගෙන අතනොමතිකව ක්‍රියාකරමින් සිටි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවුලේ සාමාජිකයන් හා සහායකයන් ඩුබායි රාජ්‍යයේ බැංකු ගිණුම් තුනක ඇමරිකා ඩොලර් කෝටි 200ක් තැන්පත් කර ඇතැයි කියමින් මහා බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදී රු. කෝටි 270 කට අධික මුදලකට කෙලවු කෙලවිල්ල වසා ගැනිමට උත්සහ කළද අන්තිමට එය ජහපාලයක් ආණ්ඩුවේ අතේ පත්තු වෙන් බොරුවක් බව ඔප්පුවි හමාරය.

දැන් අලුත්ම් නාඩගම නටන්නේ රවී විද්‍යාලංකාරය ඒ ශාන්ත මාටින් දූපත්, හොංකොං, මැකාවු හා සීෂෙල්ස් හි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අයත් වත්කම් තිබෙන බවට අනාවරණය කිරිමෙ මෙහෙයුමයි.ඒ සදහා මේ වනවිට  රවී විද්‍යාලංකාරය සුදානම් වෙමින් සිටින අතර යහපාලන ආණ්ඩුවේ මිලියන ගණනක් වියදම් කර විවිධ කූට ලේඛණ සැකසීම් හා ඒ සදහා වගකියන් පුද්ගලයන් බව පෙන්විම සදහා කිහිප දෙනෙකුම එම රටවලට යවා තිබේන බවද අනාවරණය වි තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

ඇමතිකම් ගත් ශ්‍රිලනිපයේ අමනයන් මහින්ද රාජපක්ෂට සහය දැක්වු පිරිස් වලට එරෙහිව චොදනා කිරිමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනිමට උත්සහ කල හොත් ඊට එරෙහිව සටන් කිරිමට තමන් සුදානම් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රභල අමාත්‍යවරයෙකු මෙන්ම ඊයේ රත්නපුර රැලියට සහභාගි වු මන්ත්‍රිවරයෙකු  Skype හරහා එක්වෙමින් අවධාරණය කර සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම්කරන්නැයි ඉල්ලමින් ඊයේ (26) රත්නපුර පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන නියෝජිතයන් සහභාගි වී ඇත්නම් ඒ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික, කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා මාධ්‍යට කියා තිබුනා.

ඊයේ රැලියට එක්වු අයට දඩුවම් කිරිමට අද දවස පුරාම ශ්‍රිලනිප ප්‍රබලයන් යැයි කියාගත් පිරිසක් අද දවස පුරාම සාකච්ඡාකර ඇති බවත් මෛත්‍රී රටේ නැති වෙලාවේ මුන් එක දාගන්න හදන බවටද ඔහු චොදනා කර සිටියා....

ඇමති නාවින්නට නාලා තමා එන්න වෙන්නේ ..ඇමතිකම ලැබුන ගමන් ඔලුව ගලක වැදිලා....පිස්සු දොඩවනවා.....

ඊයේ රත්නපුරයට පැමිණි ඇති විශාල ජන ගංගාව දැක හොරිකඩ යහපාලන නඩයට පිස්සු ඩබල් වී ඇති බැවින් රත්නපුරය නගරයට පැමිණි ජනතාව සමග අත්වැල් බැදගත් පාර්ලිමේන්තු,පළාත්සභා ,ප්‍රාදේශීයසභා,සහා නගරසභා, මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ කරන බව කියමින් ඔහුන් බය ගැන්විමට කටයුතු කරන බවයි මන්ත්‍රිවරයා අවධාරණය කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

මිත‍්‍රවරුනි, අද රටේ ජනමතය කුමක් වුවද ජනවාරි 08 වැනිදා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් අපට වඩා ශක්තිමත් වූ බව අපි පිළිගත යුතුව තිබේ. එමෙන්ම මැතිවරණයෙන් පරාජය වුව ද අපි කිසිවෙකු දේශපාලනයෙන් පරාජය කළ නොහැකි බව සතුරාට අවධාරණය කළ යුතුව තිබේ. එසේම පරාජිතයන් වුව ද නිවටයන් නොවන බව අප සතුරාට ඔප්පු කළ යුතුව තිබේ. බෙදුම්වාදයේ රූකඩ හා හෙවනැලි ජාත්‍යන්තර තලයේ හෙල්මන් කරන මෙවැන් පසුබිමක අපි අපගේ අධිෂ්ඨානය වඩාත් මුවහත් කර ගත යුතුව තිබේ.

රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ ඊයේ(26) පස්වරුවේ පැවැති ජනරැලියට මහින්ද රාජපක්ෂ මහතා විසින් එවා තිබු සුබපැතුම් පණිවිඩය


ගෞරවනීය මහා සංඝයා වහන්ස/ පුජකතුමනි,
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකවරුන් ප‍්‍රමුඛ
ගරු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනි, පළාත්සභා මන්ත‍්‍රීවරුනි,
නගර සභා/ප‍්‍රාදේශිය සභා සභාපතිවරුනි, මන්ත‍්‍රීවරුනි,
ආදරණීය මිත‍්‍රවරුනි,

‘‘දිනූ නිදහස අනතුරේ’’ තේමාය යටතේ පළමුව නුගේගොඩදී ද අනතුරුව මහනුවරදී ද මම මෙලෙස ඔබට සුබ පැතුවෙමි. රුවන්පුරයට ඒකරාශී වූ දස දහස් සංඛාත ඔබට සුබ පැතීමට අද තෙවැනිවත් මා භාග්‍යවන්තයකුව සිටී.

මාගේ පළමු යුතුකම වනුයේ අප ආදරණිය මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් 2005 සිට වසර 10 කාලයක් මා සමග ඍජුව පෙනී සිටි මේ දුෂ්කර මොහොතේ ද මා අතනොහැර සිටින ඔබ සියළු දෙනා වෙත මාගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කිරීමයි. මිත‍්‍රවරුනි මාතෘභූමියට ආදරය කළ ඔබ නොසිටියානම් නැසැකවම බෙදුම්වාදයට එරෙහි අරගලය පරාජය වීමට ඉඩ තිබුණි. දෙවැනිව අවලාද හා චරිත ඝාතන හා බොරු බේගල් ඇද බාමින් බෙදුම්වාදයේ සුරතලූන් වූ ඇතැම් විදේශ රාජ්‍ය දියක් කළ කුමන්ත‍්‍රණ හමුවේ පසු නොබැස පසුගිය ජනාධිපතිවරණයේ දී මා කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සියලූ දෙනා වෙත නැවත නැවතත් මාගේ ගෞරවය ප‍්‍රකාශ කොට සිටිමි.

මිත‍්‍රවරුනි, මේ ඓතිහාසික රුවන්පුරයේ කොළොන්න, රක්වාන, පැල්මඩුල්ල,නිවිතිගල,බලංගොඩ, කලවාන, ඇහැළියගොඩ හා රත්නපුර සියලූ මැතිවරණ කොට්ඨාසයන්හි ජයග‍්‍රහණය බුලත්කොළය මත සහතික කලේ ඔබ විසිනි. ජාතික මතවාදය සබරගමුවේ ආත්මගරුත්වය ද රැකගැනීමට කැප වූ ඔබ සියළු දෙනා මා හදවතේ සදානුස්මරණිය ලෙස තැන්පත්ව සිටින බව දැනුම් දීමට කැමැත්තෙමි.

එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුවේ ජනතා විරෝධී පාලනය පෙරලා දැමීමේ මූලික අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආත්මගරුත්වය වෙනුවෙන් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදරත්වය වෙනුවෙන් ද මා කෙරෙහි තිබෙන ලෙන්ගතු බව ප‍්‍රකාශ කිරීම සඳහා ද මෙහි රොක් වූ ඔබ සියළු දෙනා වෙත මාගේ නොසැලෙන මිත‍්‍රත්වය පුන පුනා ප‍්‍රකාශ කිරීම සඳහා ද මම මේ අවස්ථාව උපයෝගී කරගනිමි.

මිත‍්‍රවරුනි, අද රටේ ජනමතය කුමක් වුවද ජනවාරි 08 වැනිදා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකරුවන් අපට වඩා ශක්තිමත් වූ බව අපි පිළිගත යුතුව තිබේ. එමෙන්ම මැතිවරණයෙන් පරාජය වුව ද අපි කිසිවෙකු දේශපාලනයෙන් පරාජය කළ නොහැකි බව සතුරාට අවධාරණය කළ යුතුව තිබේ. එසේම පරාජිතයන් වුව ද නිවටයන් නොවන බව අප සතුරාට ඔප්පු කළ යුතුව තිබේ. බෙදුම්වාදයේ රූකඩ හා හෙවනැලි ජාත්‍යන්තර තලයේ හෙල්මන් කරන මෙවැන් පසුබිමක අපි අපගේ අධිෂ්ඨානය වඩාත් මුවහත් කර ගත යුතුව තිබේ.

ලෝකයේ දියුණු සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් ගොඩනැගෙමින් තිබූ අප ආර්ථිකය මුළුමනින්ම පාහේ ඇනහිටීම පිළිබඳව ද අපි එක්සත් ජාතික පක්‍ෂ සභාග ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුය. එයට එරෙහි වන බව ද රත්නපුරයේ සිට ඔබ හඩනගා ලෝකයාට පැවසිය යුතුය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අප මිතුරන් මෙන්ම මෙහි රැස්ව සිටින අතිබහුතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආදරණීය පාක්ෂිකයන් බව මම දනිමි. එදා ජයවර්ධන-පේ‍්‍රමදාස දුර්දාන්ත පාලනයට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුළු ගැන්වී සිටියදී කොළඹ සිට කතරගම දක්වා දියත් කළ පාද යාත‍්‍රාව මට අද මෙන් මතකය. කකුලේ දිය පට්ට කඩමින් අගුපිල වල නිදා ගනිමින් ගිය ඒ ඓතිහාසික ගමනේ මා සමීපයෙන්ම සිටි සගයකු වූ වාසුදේව නානායක්කාර සහෝදරයාට ගෞරවයක් වශයෙන් මෙනම් අඹිලිපිටිය මහ විදුහලේදී ඝාතනයට ලක් වූ දරුවන්ගේ ලේ තැවරුනු කමීස ඇදගෙන පෙළපාලි ගිය අඹිලිපිටිය මව්වරුන් හා පියවරුන් මම අද දවසේදී ගෞරවයෙන් සිහිපත් කරමි. දරුදුක කවියකට පෙරළා ඔවුන් පාදයාත‍්‍රාවේ රැගෙන ගිය බැනරය මට තාම මතකය.

‘මූණු සයකි අත් දොලසකි මයුරා පිට වාහනේ
රුහුණු රටේ කතරගමේ කදිර දේව සාමිනේ
මුණු බැදන් අපේ දරුවන් උස්සන් ගිය කාරණේ
වානු බැරිය සුන්කල මැන පේ‍්‍රමදාස පාලනේ’’

මිත‍්‍රවරුනි, අපි ශ‍්‍රී ලංකාවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද රැකගැනීම සඳහා අප‍්‍රමාණව සටන් කළෙමු. එකී උත්සාහයන් කිසි ලෙසක අපතේ යාමට ඉඩ දිය යුතු නොවේ. අපගේ ජයග‍්‍රහණ ගැන මෙන්ම අපගේ අඩුපාඩු ගැනද අතපසුවීම් ගැනද ඉගෙන ගැනීම සඳහා සියළු දෙනා නිහතමානී විය යුතුය, අවංක විය යුතුය.

මව්බිමේ එකීයභාවය ද සංවර්ධනයද ආත්මගරුත්වයද අභිමානයද සුරකින නිවහල් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහාද ඒ වෙනුවෙන් කැපවෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැගීම සඳහාද අපි එක්සත්ව ගමනු කරමු. ලෝක දේශපාලන සිතියමේ ඉහළින්ම අපගේ අභිමානවත් ජාතික ධජය ලෙලදිය හැකි දේශයක් ගොඩනැගීමේ උතුම් අරමුණ වෙනුවෙන් අපි එක්ව සටන් කරමු.

සියලූ දෙනාය සුභ අනාගතයක් වේවා
තෙරුවන් සරණයි
සියලූ දෙවි පිහිටයි

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රිවරුන් පිරිසකට වහාම ඇමතිකම් ලබාදිමට අග්‍රාමාත්‍ය,පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කල යුතු බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස දැනුම්දි තිබෙන බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඇමතිකම් ලබා ගැනිමත් තවත් ඇමතිකම් 10ක් ලබාදිමට එකඟ විමත් හේතුවෙන් පක්ෂය තුල අර්බුදයක් මතුවි ඇති බවත් සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහට දන්වා තිබේ.

අප විශේෂ වාර්තාකරු සදහන් කලේ ශ්‍රිලනිපයේ ඇමතිකම් ලබාගත් අය තමන්ගේ පමණ ඉක්මවා කටයුතු කරන බවද සජිත් රනිල්ට දැනුම් දි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com