Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » උනුන් පරයා නැගෙන පවුරු තැනීමට නොව, ඔවුනොවුන් යා කරන පාලම් තැනෙන කාලයි

අදින් වසර 600 කට පෙර උතුර ජයගත් සපුමල් කුමරු  විජයග්‍රහනයේ අභිමානය දැයට කියමින් එහි සිංහ කොඩිය එසවීය.එදා ඔහු උතුරේ  විජය කොඩි නැගූ බිම කොඩිකාමම් ලෙසින් අදද නොනැසී පවතියි.  ඉනින් මතු අප ඉතිහාසය කියවූයේ ලක්බිම එක්සේසත් කල අවසන් සෙන්පති සපුමල් කුමරුන් ලෙසය.අවුරුදු 600ක් පුරා කියවූ ඒ ඉතිහාසය නුතනයේ සෙන්පතියකු අලුතින් ලිවීය. අවුරුදු 2500ක හෙල ඉතිහාසයේ වීර රාජ නාමාවලිය අලුත් කලේය.හේ  ගෝඨාභය රාජපක්ෂයි. ඔහුගේ  පුනරාගමනය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවින. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ  දු‍ටුගැමුනු නොවන්නට හෙල ඉතිහාසය එලාරගේ දමිල ඉතිහාසයට යටවන්නේ යම්සේද, 21 සියවසේ රෝහනයෙන් පැමිනි  රාජපක්ෂලා  නොවන්නට ලක්බිම කැබලි කැඩී  හෙල ඉතිහාසය උඩු යටිකුරු වනු නියතය.

ඉකිබිදින මවට සැනසුම් සුසුමක්

2005 රාජපක්ෂලා දකුනුකරේ  බලයට පත්වනවිට  ත්‍රස්තාවදියෙකුට උතුරුකරේ  ඔ‍ටුනු පලදවා තිබුනි.ඉහටත් උඩින් විදේශ අතපෙවීම් ක්‍රියාත්මකව තිබුනි.ආර්ථිකය කඩා වැටී තිබුනි.සංචාරක කර්මාන්තය නට්ටංව තිබුනි. උතුරු නැගෙනහිර පය ගැසීම  හුදු සිහිනනක්ව තිබුනි.තැන තැන පිපිරුනු බෝම්බ ජන ජීවිතය භීතියෙන් භීතියට පත්කොට තිබුනි.පාසැල් ගිය දරුවන් නිවස කරා පැමිනෙන තෙක් මව්පියන්  පසුවූයේ දෙගිඩියාවෙනි.ජගත් ප්‍රජාව ලංකාවට අසාර්ථක රටක ලේබලය අලවා තිබුනි.රජයේ හමුදාවන්ට යුධ ආම්පන්න සැපයීමට ජත්‍යන්තරය මැලිවිය.දකුනේ රජය සහ උතුරේ ත්‍රස්තවාදී කන්ඩායම සම තන්හිලා සලකනු ලැබීය.ප්‍රභාකරන් ඇමෙරිකානු කදවුරේ සුරතෙලකු විය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බැස තිබුනි.30 වසරක යුද්ධයෙන් හෙම්බත් වූ ජනයා තුල එක්සේසත් රටක  බලාපොරොත්තු මියදෙමින් තිබුනි.

විජයග්‍රහනය ‍රැගෙන ආ චින්තනය.

රනිල්ගේ සටන් විරාම ගිවිසුම මගින් රජයේ භූමි ප්‍රදේශ සහ එල්ටීටීඊ භූමි ප්‍රදේශ වෙන් කොට තිබුනි. සාම බ්‍රෝකර් කටයුත්ත භාරවූයේ කොටි හිතවාදී නෝර්වේ ප්‍රමුඛ සුද්දන්ය. සටන් විරාමයට මුවාවී කොටියා ශක්තිමත් වනබව රහසක් නොවීය.ගෝඨාභය සියල්ලටම පෙර යුද්ධය කලහැකි අයෙකුට හමුදාව භාරදුන්නේය.අවි ආයුධ වලින් හමුදාව සංනද්ධ කෙරීය.ලොරි කන්ටේනර් පිටින්  අවි අයුධ ඉදිරි ආරක්ෂක වලල්ලට බෑවේය.ගිනි බලය සහ මරනීය පරාසය  විශාල මල්ටිබැරල් ගෙන ආවේය.රජයේ හමුදාවේ චිත්ත ධෛර්ය නැංවූයේය.රනිල්ගේ ඊනියා සාම ගිවිසුම කුනුගොඩට විසිකරමින්  ඉදිරි ආරක්ෂක වලල්ලේ බංකර් තැනීය.කොටියාට කඩේ යන මාධ්‍ය කාරයන්ට, කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට,කොටි සමග නිදිවදින තානාපතිවරුන්ට  රතු ඉර පෙන්වීය.කොටියාට කහින සුද්දන්ට පිලිතුරු බැන්දේ මැදමුලන භාෂාවෙනි. සාම බ්‍රෝකර්ලාට, යුධ විරෝදීන්ට සංග්‍රහ කලේ මැද මුලන තියරියෙනි.

දෙස් විදෙස් සතුරු බලමුලු පරදා පෙරට

රජයේ හමුදා කොටි බලමුලු සුන් කරමින් ඉදිරියට ඇදෙන විට ජයග්‍රහනය ආපිට හැරවීමට කුමන්ත්‍රන දියත් විය.තානාපති කාර්යාල ඇගිලි ගනිමින් සිටියේ මහින්ද වැටෙන තුරුය .වරෙක අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙ පර්ලීමේන්තු කන්ඩායම රජයෙන් ඉවත් විමට තීරනය කෙරීය.නමුත් විමල් ඇතුලු  පර්ලීමේන්තු මත්රීන්  11 ජවිපෙ කඩා ගෙන ගොස් මහින්දට එක් වීමෙන්  දුෂ්ට සැලසුම ව්යාර්ථ විය. තොප්පිගල වන්ෆොබේස්  කදවුර අල්ලාගත් විට එජාපය කීවේ කැලය ඇල්ලිමෙන් පලක් නොමැති බවය.  අලිමංකඩ ජයග්‍රහනය උපමා කලේ පාමංකඩ ඇල්ලිම ලෙසිනි.යුද්ධය දිනිය නොහැකි බවට මොර දුන්නේය.මංගල සහ  ශ්‍රීපති මහින්දගේ රජය පෙරලීමට මුලු වෙර යෙදීය.තමිල්නාඩු මහ ඇමති කරුනා නිදි උපවාස කලේය. රොබට්ලා මිලිබෑන්ලා කුෂ්නර්ලා යුද්ධය නැවැත්වීමට නොකල දෙයක් නැත.කිසිවකින් ඉදිරියට තැබු පය පි‍ටුපසට නොගැනිනි.

ඇමෙරිකාවට බඩගිය නන්දිකඩාල් මෙහෙයුම.

ප්‍රභාකරන් ඇතුලු ත්‍රස්ත ‍රැල මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප‍ටු බිම් තීරුවකට කො‍ටු කොට අවසාන සුද්දයට සැරසෙත්ම ඇමෙරිකාව රත් විය. ඇමෙරිකාවේ සැලසුම වූයේ ඉන්දියන් සාගරයේ සිය නාවික බලය  යොදවා ප්‍රභාකරන් බේරා ගැනීමය.ඇමෙරිකාවේ මෙහෙයුම  සම්බන්දව එක්සත් ජාතීන්ගේ සංවිධානයද දැනුවත්ව තිබුනි . සැලසුම සම්බන්දව එජා සංවිධානය ,ඇමෙරිකානු ආරක්ෂක අංශ හා ප්‍රභාකරන් අතර පනිවිඩ හුවමාරු විය. ඒ අනුව අවසන් කොටි ‍රැල කල්ලි 3කට බෙදුනි. එක් කල්ලියක් සුදු කොඩි අතැතිව භාරවීමටද  , පොට්‍ටුගේ කල්ලිය මැරෙන තුරු සටන් වැදිමටද,  ප්‍රභාගේ කල්ලිය කලපුව හරහා පැන යාමට සැලසුම විය.මුලතිව් මුහුද අසලටම පැමිනි ඇමෙරිකානු යුධ නෞකාව ප්‍රබාකරන් ආරක්ෂාකාරීව ‍රැගෙන යාමට සියලු කටයුතු යොදා තිබුනි. නමුත් ගෝඨාබයගේ  හමුදාවේ කනෙන් රිංගීමට කිසිවකුට හැකි වූයේ නැත. දිනකට පසු  අඹුඩයක් ගැස්සූ ප්‍රභාකරගේ සිරුර ඇමෙරිකාව ප්‍රමුඛ තානාපතින්ගේ ප්‍රදර්ශනය සදහා කොලඹ එවීය.

විජයග්‍රහනයේ අභිමානය

අඹුඩය ගැස්සූ ප්‍රභාකරගේ නිසල  සිරුර දැක සාම ලැදි ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත්වූහ.ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව ජනයා රිසිසේ සතු‍ටු වූහ . සිංහ කොඩි ලෙලදෙවමින් ජයග්‍රහනයේ උත්කර්ශය සැමරූහ.උතුරා යන දේශප්‍රේමයෙන් සිත් සතන්  මුසපත් විය.ඇතමුන්ගේ සතුට නිම් හිම් නොවිනි .තැන තැන පිසුනු කැවුම් කිරිබතින්   එකිනෙකාට සංග්‍රහ කලේය.ගම් දනව් , පුරවර සිසාරා රාජකාරි කල  රජයේ  හමුදා සාමාජිකයන් සිප වැලද ගනිමින්  ජනයා ඔවුන්ට  කෘතුගුන දැක්වීය. මුලු රටම මගුල් සිරි ගෙන තිබුනි අවුරුදු 30 ක් පුරා ජනයා භීතියට පත්කල ගිනි බට නිහඩ විය.විජයග්‍රහනයේ සුභ පුවතත් ‍රැගෙන රාජ්‍ය නායකයා ජොර්දානයේ සිට මව් බිමට සැපැමිනිනි .මහ පොලව සිප ගනිමින් ලක් මවට වැද  ආචාර කල ඒ හැගීම්බර මොහොත ජන සිත් දේශප්‍රේමයෙන් අවුලුවා ලීය .මෙකි නොකී මේ අසිරිය කියා සිටියේ  වසර 600 කට පසුව ලක්බිම එක්සේසත් කල අභිමානවත් පුවතය.

රට බෙදීමේ මාර්ග සිතියම

ප්‍රභාකරන් මියදුනද  ශ‍්‍රී ලංකාව බෙදාවෙන් කිරීමේ අධිරාජ්‍යවාදී මාර්ග සිතියම අකුලාගන්නේ නැත. ප්‍රභාකරන්ගේ මිනියේ උනුසුම යාමටත් ප්‍රථම රාජපක්ෂ හමුවීමට  විශේෂ නියොජිතයෙකු එවන ඉන්දියාව 13ට එහා ගිය බල  බෙදීමකට බලපෑම් කර සිටියි.  13 සංශෝධනය යනු ලංකාවට අවැසි දෙයක් නොව ඉන්දියාව විසින් ඊළමයට අඩිතාලම සැපයීම සඳහා අප මත බලෙන් පටවන ලද්දකි.  අනතුරුව පැමිනින්නේ ලක් රජයට එරෙහි යුධ අපරාධ චෝදනා පෙලය.ඊට අත්වැල සපයමින් චැන්ල්4 ජඩ මාධ්‍ය බයිස්කෝප් තැනීය. ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එජා මහා මන්ඩලයට ඉදිරිපත් කරනුයේ ඇමෙරිකාවය. මෙකී ජවනිකාවන් කොටි ඩයස්පෝරාවට නව පනක් ලැබිනි.ඇමෙරිකාවේ ඉලක්කය  රාජපක්‍ෂලා ඉතිහාසයෙන් පිටමං  කොට ඊලමට පාර කැපීමය.

ලෝක සිතියමේ  මර්මස්ථානය

ලංකාව, ලෝක ගුවන් හා නාවුක මාර්ග සිතියමේ  මර්මස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත.ලෝක බලවතුන්ගේ ආර්ථික හා දේශපාලන න්‍යාය පත්‍රය  අනුව මෙහි වටිනාකම දිනෙන් දිනම වැඩිව ඇත.වර්තමානයේ ඉන්දීය සාගර  මෙහෙයුම් වලින් වැඩිම  ආර්ථික  වාසියක් ලබනුයේ චීනයය. චීනයේ බල ශක්ති සැපයුම රදා පවතිනුයේ  මැදපෙරදිග සම්පත් මතය.  සම්පත් ප්‍රවාහනයට නාවුක මාර්ග අතිශය වැදගත්ය .  'මුතුවැල් පොට' නම් වූ අරාබී චීන  නාවුක මාර්ගය වැටී ඇත්තේ  පාකිස්ථානයේ  ග්වාදාර් වරාය, ලංකාවේ හම්බන්තොට ,බංගලිදේශයේ චිටගොං වරාය, බුරුමයේ සිට්වේ වරාය පසු කරමිනි.චීනයේ අනාගත සැලසුම් තව බෝහෝය.ඉන් ප්‍රධානතම වන්නේ නල මගින් සහ නැව් මගින්   අප්‍රිකාවේ ඛනිජ සම්පත් චීනයට පැටවීමේ මෙහෙයුම් ක්‍රයාවලියයි.  මෙකී ක්‍රියාවලියේ මධ්‍යම වැඩපොල  ස්ථාපිත කිරීමට යෝජිත වූයේ හම්බන්තොටය.එහෙයින් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තො‍ටුපොල යනු සුදු අලියෙකු නොව දිගුකාලීන ආර්ථික  ක්‍රමෝපායන් බව කිව යුතුද නොවේ.

 ත්‍රස්තවාදයේ ගෝඩ් ෆාදර්

ඉන්දියානු කලාපයේ චීන ආර්ථික මෙහෙයුම  ඇමෙරිකාවේ ඇහැට ක‍ටු අනින්නකි.ආර්ථික ශක්තියෙන් අද චීනය සිටිනුයේ ඇමෙරිකාවට ගව් ගනනක් ඉදිරියෙනි.ලෝකයේ නිපයුම් වලින් 60% ක් එනුයේ චීනයෙනි.අනාගත  චීන ආර්ථික මෙහෙයුම් කේන්ද්‍ර ගතවනුයේ දකුනු ආසියානු කලාපය තුලය. ඇමෙරිකාවට අවශ්‍ය පරිදි චීන මෙහෙයුම් හැසිරවීමට නම් දකුනු ආසියානු කලාපයේ දේශපාලන නාස් ලනුව සියතට ගත යුතුය.ඉන්දියාව,  ඊශ්‍රායෙලය , එසේම එල්ටීටීඊ සංවිධානය  වැනි කුලී කාඩරයන්  ඉ‍ටු කරනුයේ ඇමෙරිකාවේ මේ කොන්ත්‍රාත්තුවය.යුධ ගිනි අවුලුවා රාජ්‍යන්  අරාජික කිරීම,  ඩොලර්බෙදන  ව්‍යපෘති, දේශප්‍රේමී රජයන් පෙරලා ඇමෙරිකානු ගැති පාලක පන්ති පිහි‍ටුවීම වැනි විවිධ ක්‍රමවේද ඔස්සේ ඇමෙරිකාව සිය කූට උපාය මෙහෙයවයි.

යහපාලනයෙන් ඔතා දෙන  සයිනයිඩ් සීනිබෝල

විදේශ බලපෑම් වලට නතු නොවී දේශීය චින්තනය සමග  ඉදිරියට ගිය රාජපක්ෂ රජය  ඇමෙරිකානු කදවුරට තර්ජනයක් විය.චීනය සමග ආර්ථික  ඉදිරි පිම්මකට සැරසුනු රජය පෙරලීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට විය.දේශීය චින්තනය, ආර්ථික වර්ධනය  , නවෝත්පාදනය සමග පෙරට ඇදෙන ඕනෑම පාලකයකුට එරෙහිව පොදුවේ දමා ගසන චෝදනාවක් වන්නේ  දූෂණය හා විනිවිදභාවයයි . දූෂණයට තිත, අලුත් රටක් , නව ගමනක් වැනි යහපාලන කඩදාසියෙන් එතූ සයිනයිඩ් සීනී බෝල  වලට ජනයා ‍රැවටෙනුය .එදා ලිබියාවේ ගඩාපි පැන්නීමටත්,මෙදා රාජපක්ෂලා වැට්ටවීමටත්   ජනයාට විසිකලේ මෙකී සීනි බෝලය. ජනයා ‍රැව‍ටුනු තරම් තේරුම්  යනවිට  විනාශය මුවගටම පැමින තිබුනි.

ඇමෙරිකන් කාසියේ ඊශ්‍රායෙල් මුහුන.

ඊශ්‍රායෙලය ඉන්දියානු කලාපයේ ඉ‍ටුකරනුයේ චීනයට එරෙහි ඇමෙරිකානු කොන්ත්‍රාත්තුවය.ඊශ‍්‍රායලයට ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට නැගීමට කවුරුන් සමග ගනුදෙනු කරන්නේ ද යන්න  වැදගත් නැත. චීන හිතවාදී රාජපක්ෂ රජය පෙරලීම පි‍ටුපස ක්‍රියාත්මක වූයේ ඉන්දීය  සහ ඊශ්‍රායෙල් චරපුරුශ ජාලයයි. බොදුබල සේනා හරහා රාජපක්ෂලා කෙරේ වූ අතිවිශාල මුස්ලිම් ජන පදනම බිදවීය. බොදු බල සේනාවට මුදල් පොම්ප කලේ ඊශ්‍රායෙලයයි.ඥනසාර යනු හුදු  කුලී හේවායෙකි.ඒ අයුරින්ම ඥානසාරගේ ලොකු අයියා වූ මියන්මාරයේ අශ්වින් විරතුද බොදු සසුනේ ‍රැකවලෙකු හෝ  ගැලවුම් කරුවකු නොව ඊශ්‍රායෙල් වැඩසටහනේ කුලී කරුවෙකු පමනි.

මොසාඩ් බලල් අත්

රාජපක්ෂ රජය තුල සිටිමින් මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචන්ඩත්වයට අඩියලොජිය ප්ලාන්ට් කලේ චම්පිකය.ඉස්ලාම් මූලධර්ම ,කුරානයේ ඉගැන්වීම් වලට එරෙහිව  පොත් ලියුවේ චම්පික රණවකය.තැන තැන සම්මන්ත්‍රන තිබ්බේ ඔහුය.චම්පික මුස්ලිම් ප්‍රජාවට එරෙහි පලමු පොත නිකුත් කලේ ඊලාම් යුද්ධය  අවසාන වනවාත් සමගය. හිජාබ් භීතිය , හලාල් භීතිය, මුස්ලිම් ව්‍යාපාරික භීතිය,ඔවුන්ගේ ඉහල ජන වර්ධනය පිලිබද මුල් බීජ රෝපනය කලේ චම්පිකය.ඔහු මෙහෙයවූ  ව්‍යාපෘතියේ  දරුවා බිහිවන විට විට උපාසක ලීලාවෙන් ගෙවල් මාරු  කලේය. අවසානයේ  අවජාතක දරුවාගේ උප්පැන්නයට වග උත්තර බැදීමට සිදුවූයේ ගෝඨාභයටය.සියල්ල සිදුවූයේ චීන හිතවාදී රාජපක්ෂ රජය පෙරලීමට ගැසූ ඇමෙරිකානු සැලසුම අනුවය. චම්පිකලා, රාජිතලා, ඥානසාරලා, චන්ද්‍රිකාලා මොසාඩ් බලල් අත් පමනි.


චන්ද්‍රිකාගේ 'අරක්කුයි පරක්කුයි' තියරිය .

රාජපක්ශලගේ චීන මිත්‍රත්වය ඉන්දියාවට හිසරදයක් විය.අනෙක් පසින් ඔවුන් කිරි පොවා ඇති දැඩි කල ප්‍රභාකරන් මිය පරලොව යැවූ වේදනාවද විය. ඇමෙරිකානු කදවුරේ ඊලාම් ව්‍යාපෘතිය එක තැන ලොප් වී තිබුනි.සියල්ලන්ට අවැසිවූයේ රාජපක්ෂලාට කෙලීමටය.එකී අලුගෝසු කර්ත්‍යවය්‍යට යොදාගත්තේ ජාතියක් ජම්මයක් නැති චන්ද්‍රිකාය.මෙහෙයුමට අවශ්‍ය මුදල් ඉන්දියාව විසින් චන්ද්‍රිකා වෙත පොම්ප කලේය.කුමන්ත්‍රන  ජාලය සම්බන්ධීකරනයට සැටලයිට් දුරකථන ලැබින.ඒ අනුව ජවිපෙ,එජාපය,හෙල උරුමය  සහ සිරිසේන චන්ද්‍රිකා සමග එකට හිටගත්‍තෝය. දේශපාලන ඔලු මාරුව මෙහෙයවූ රෝ ඒජන්තයා කොළඹින් පන්නා දමන විට සියල්ල සිදුවී හමාරය.ඉතිහාසයේ ප්‍රථම වතාවට 'අරක්කුයි' පරක්කුයි ' චන්ද්‍රිකාගේ  තියරියක් වැඩ කලේය.නමුත් රට නැගීමට නොව පාවා දීමටය.

දිය රෙද්දෙන් බෙල්ල කපන ඉන්දියාව

අතීතයේ පටන් ලංකාවේ ගැ‍ටුම් අවුලුවා ලීමට  උල්පන්දම් දුන්නේ ඉන්දියාවය.අනතුරුව බිහිවන දුර්වල රජ්‍යත්වයක බලය පැහැර ගැනීම ඔවුන්ගේ තියරිය විය.ඉන්දියානු ආක්‍රමන වලට බියෙන්  හෙලයේ මහා වාරි අගනගර වූ අනුරපුර, පොලොන්නරුව , දඹදෙනිය හැරයමින් දකුනට මාරු විය. අවසානයේ නතරවූයේ සෙංකඩගල කන්ද උඩය . මහනුවරට පැමිනියද  ඉන්දියානුවාගෙන් ගැලවීමක් නැත.එහිදී රජතුමාගේ අන්තංපුරයට බඩු සපයන ඒජන්තයා වන්නේ ඉන්දියාවය. රාජකීය බඩු සෙල්ලම කෙලවර වන්නේ1739 දී ඉන්දීය කේරලයන් මහනුවර රජවීමෙනි.එදා මෙදා තුර ඉන්දිය ගනුදෙනු සියල්ලෙන් වූයේ අපට කෙලවීමය. කොටින්  කියතොත් ඉන්දියාව යනු ලගින් ගියත් ඇහැක් ගලවන ජාතියකි.අරක්කුයි පරක්කුයි චන්ද්‍රිකා මෙවර හාන්සිවූයේ එහෙව් ඉන්දීයන් සමගය.


ඉන්දියානු ඇදුම් ඇදි විකට සිරිසේන

ඉන්දියන් කාරයාගේ වචන වලට සිරිසේන කොතෙක්  දුරට නැමුනේදයත්  ඔහු සිය වස්ත්‍රයද ඉන්දියන් ඌරුවට මාරු කලේය. සිරිසේන පු‍ටුවට පැමිනි විගස 13වන සංශෝධනය  හෙවත් ඊළමේ සැකිල්ල ‍රැගෙන මෝඩි ලංකාවට පැමිණියේය .හමුදා කදවුරු එකිනෙක ගැලවීය, උතුරේ සිටි දේශප්‍රේමී ආන්ඩුකාරයා එලවීය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සින්නක්කර අයිතියට ලියාදීමට පොරොන්දු විය.සීපා අත්සන් කිරීමට පොරොන්දු විය.ඉන්දියානු වාහන මත පැටවූ බදු ඉවත් කෙරීය.දකුනු ඉන්දියාවේ සරනාගත කදවුරු වල වෙසෙන ලක්ෂ 6 පිරිසක් නැවත කැදවීමට එකගවිය.චීන ආයෝජකයන් අධෛර්යමත් කෙරීය.ඉන්දියාව සහ ඇමෙරිකාව ගෙතුලට ගෙන චීනය පිට මං කෙරීය.

ගොබෙල්ස් න්‍යාය

'ගොබෙල්ස් න්‍යාය' යනු ගල් පැලෙන බොරු ඇසූ දු‍ටු සත්‍ය ලෙසින් ජනයා හමුවේ තැබීමයි.මෙහිදී පොඩි පොඩි බොරු වලට වඩා  දැවැන්ත බොරු ජනයා වෙත ගෙනයාම පහසු බව පිලිගැනෙයි. පට්ටපල් බොරු  ඇත්ත  බවට ස්ථාපිත කිරීම සිදුවන්නේ 'බොරුව' නැවත නැවතත් විවිධ මාර්ග හරහා පැතිරවීම තුලිනි.ඒ අනුව කලාකාරයන් , ආගමික නායකයන්, උගත්තු යයි සමාජය පිලිගත් අයවලුන්  හරහා 'බොරුවේ' ප්‍රචාරනය සිදුවෙයි.'බොරුව' නැවත නැවතත් කිය වෙනවිට  මෙහි කුමක් හෝ ඇත්තක් ඇතැයි සිතීමට ජනයා පෙලඹෙයි.ඒ අනුව කඩපිලේදී ,  ලිද ලගදී , මග තොටදී ජනයා  කථාවක් ගොඩනැගෙයි. එහිදී තමන් පොර වීමට මොවුන් ගෙන් සමහරෙක්ම  "මහා බොරුව"  ඇසින් දු‍ටුසේ සාක්ෂි දරයි.දුෂණ චෝදනා එල්ල කොට රාජපක්ෂලා කෙරේ ජනතාව බිදවීමට ඇප්ලයි කලේ මෙකී න්‍යායයි.මෙකී මෙහෙයුමේ මධ්‍ය කරුවන් කඩේ යැවීමට,සමාජ ජාලා හැසිරවීමට ,  මධ්‍ය ආයතන වලට,කලාකාරයන්ට , උගතුන්ට ගෙවීමට , අවශ්‍ය මුදල් තානපති කාර්යාල හරහා ලැබිනි.

සුපිරි බලවතුන් වික්ශිප්ත වූ සාගර මෙහෙයුම

අප්‍රිකානු මහාද්වීපයේ තරුනයන් අතර  'පයිරට්' නොහොත් මුහුදු මංකොල්ල යනු අනාදිමත්  වෘත්තියකි. නවකයන් බදවා ගැනීම, පුහුනුව, ක්‍රියාන්විත, මුදල් පාලනය, ආයෝජන, කන්ඩායමෙන් වෙන්වීම වැනි  සියල්ල අතිශය සංවිධානාත්මකය. මුහුදු මංකොල්ල කරුවන් ඉලක්ක කොතරම් තියුනුදයත්,  ඉතාලිය බලා යන බෝට්‍ටුවේ  සිට දැවන්ත නැව් දක්වා සුද්දය දෙයි. ඒසේම ඇමෙරිකානු නැවක් වුවද බංගාලි නැවක් වුදද පහරදී හයිජැක් කිරීමට ඔවුන් බිය නොවෙයි.ඊලාම් යුද්ධය අවසානයේ පැවැත්වූ 'ගෝල් ඩයලොග්' සමුලුව  ඇමතූ ගෝඨාභය  ඉන්දියානු සාගර  කලාපයේ ආරක්ෂාව ශපත කලේ මෙවන් පසුබිමකය. අනතුරුව පාවෙන අවි ගබඩා 2ක් මුහුදේ පිහි‍ටුවා නාවික ආරක්ෂක මෙහෙයුම් ඇරඹීය.මරාගෙන මැරෙන කොටි බෝට්‍ටු සමග ගැ‍ටුනු අපේ කෝල්ලන්ට සෝමාලි පයිරට්ලා හා ගේමක් නොවිනි.ලාංකික ධජය පෙර‍ටුව  පරිවාර ආරක්ෂාව සපයන බෝට්‍ටු දකින විට සෝමාලියානුවන් මුහුදට පනින තරම් බිය විය.

ගෙන්දගම් පොලොවේ රියලිටිය

ප්‍රභාකරන් මිය ගියද දෙමළ බෙදුම්වාදය අවසන් වී නොමැති බව අපි දනිමු. එතෙර පිහිටුවා ඇති රුද්‍රකුමාරන්ගේ දෙමළ රාජ්‍යයේ අරමුණ ඇමෙරිකානු හාම්පුතාගේ සහයෝගය ඇතිව උතුරු නැගෙනහිර ඊලාම් රාජ්‍ය පිහි‍ටුවීමය.ඔහුගේ රජය අමාත්‍ය මන්ඩලයකින්ද යුතුය.අද සිරිසේනගේ විදේශ ඇමති ඩයස්පෝරා සමුලු පවත්වමින්  රාජතාන්ත්‍රික පිලිගැනීමක් ලබාදෙන්නේ මොවුන්ටය.එදා  සිංහලයන් අතර හලාල් භීතිය , හිජාබ් භීතිය  වැනි හුදු බිල්ලන් පෙන්වූ චම්පිකලා ගෙන්දගම් පොලොවේ නියම තත්වය හමුවේ  බොරු නින්දේ පසුවෙයි.වර්තමානයේ මෙරට අනවසරයෙන් ‍රැකියා කරන බංගලියන් ගනන 5000 ඉක්මවන බව කියවෙයි.මොවුන් ‍රැකියා කරනුයේ ලංකික මුස්ලිමුන්ගේ ව්‍යාපාර වලය.බංගලියන් ගිය තැනක පැල වන ජාතියකි. විලපත්තුවේ රක්ෂිත  වනය ඩෝසර් කරමින්  ගොඩනගන  අනවසර මුස්ලිම් ජනපද පිලිබද චම්පිකලා නිහඩය.මෙවා හාලාල් හිජාබ් වැනි බිල්ලන් නොව ගෙන්දගම් පොලොවේ රියලිටිය.

යහපාලකයන්ගේ ගැහිලි

ලදරු කිරි පැකැට්‍ටුවේ සිට මිනී පෙට්ටිය වසන ඇනය දක්වා ගසන බදු මුදල් එක්තැන් වන්නේ මහා භාන්ඩාගාරයේය. යහපාලු ආන්ඩුව, රටේ සහ ජනතාවගේ සකල සංබුද්දයම තැන්පත් භාන්ඩාගාරය භාරදුන්නේ රටේ පුරවැසිභාවයවත් නොතිබූ  දෙමලෙකුටය. භාන්ඩාගාර බිලපත් විකුනමින්  සිදුකල පලමු ගනුදෙනුවෙන්ම ඔහු බිලියන 5ක ඉතිහාසගත ගැහිලක් ගැහුවේය. සමුපකාර කඩයක මුදලාලියෙකු වන්   සිරිසේනගේ සහෝදරයා ටෙලිකොම් සභාපති ධූරයට පත් කෙරීය.ඔහු ගැහිලි  පටන් ගත්තේ පත්වීමේ ලිපියේ තීන්ත වේලීමටත් ප්‍රතමය.ධූරයට පත් දෙවන දින  හුවාවි සමාගමෙන් ඔහු නෙලූ  කොමිස් කුට්ටිය කෝටි 10කි. පසුගිය රජයේ ධීවර ඇමතියා ලෙස නැව් 8කින් මාලු බා ධීවරයන්ට කැදත් නැතිකලේ රාජිතය.ඔහුගේ පුත්‍රයා මාස 6ක් තුල ගිය විදේශ සංචාර ගනන 28කි. කාබාසීනියා කල මහජන මුදල් ප්‍රමානය කෝටි 7කට වැඩිය.

විනාශයේ අක්මුල් සහ  සාපේක්ෂ විසදුම

යහපාලුවන්ගේ මුල් මාස හය ගෙවුනේ ගද සුවද දැනෙන වුන්ගේ දෑස් නිලංකාර කරමිනි. මෙහි නොකියු නොලියූ මුත් මාස හය තුල   යහපාලුවන් කල  වංචා,දුෂණ,ගසාකෑම් අනන්තය.  වංචාවෙන් සහ ප්‍රෝඩාවෙන්   සිරිසේනලා  බිලිගෙන ඇත්තේ දුවා දරුවන්ගේ සමස්ථ අනාගතයයි. තරුණ තරුණියන්ගේ හෙට දවසේ මුහුණු වල මැවෙන්නට තිබූ සිනහවයි. දරුවන් වෙනුවෙන් ජීවිතයම කැපකළ දෙමාපියන්ගේ අනාගත සුභ සිහිනයි. මේසා අලුගුත්තේරු වැඩ කල  සිරිසේනලා රනිල්ලා තවත්    ජනතාව ඉදිරියට විත් ‘‘යහපාලනය ’’ ගැන දොඩවයි.විනාශයේ අක්මුල් සහ  සාපේක්ෂ විසදුම නොදැන  අන්ධ ලෙස භාවිතා වන චන්ද  වූ කලී  සර්ව ජන චන්ද බලයට කරන නිගාවකි.ඉදිරියට යන ජාතියේ  මං අවුරන්නකි.

ජනතාවගේ හදගැස්ම

77-88 එජාප ආන්ඩුවේ සිටි පුද්ගලයන් අතර ජනතාවට වඩාත්ම එපා වූයේ ජේආර්ය.89-94එජාප  රජයේ ජනතාව දෙස් දෙවොල් තිබ්බේ ප්‍රේමදාස නමටය.94-2002 පොදු පෙරමුනු රජයේ ජතාවට තිත්තම වූ චරිතය චන්ද්‍රිකාය. 2002-2004 එජාප රජයේ ජනයා වැඩියෙන්ම මතක්කලේ රනිල්ගේ අම්මාය.2005-2014  රජයේ ජනතාවට එපාවූයේ රාජපක්ෂලා නොව  වටේ සිට ගසාකෑ පිරිවරය. මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් , හමුදාවේ සහ පොලීසියේ දූෂිත උන්ය.රාජපක්ෂ ආන්ඩුවේ කාලේ  ජනතාව වෛර කල එම දූෂිතයන් ‍රැල  අද සිරිසේනගේ  ආන්ඩුව සමග යහමින් වැජඹෙයි.ජනතාව ගොනාට ඇන්දවූ සිරිසේනගේ  යහපාලු   රජය  සියල්ලන්ටම අරහං වී ඇත.අද ජනයා අතර වඩාත්ම ගෞරවාදරයට පත් පුද්ගල ලැයිස්තුවේ අංක එක ගෝඨාභය රාජපක්ෂය.

තුන් හෙලේ කෑලෑ වල සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්

දේශීය චින්තනයත් ජනමූල නායකත්වයත් සමග ඉදිරියට යන රාජ්‍යක ගමන සුපිරි බලැති අමෙරිකාවට හෝ  එජා සංවිධානයේ සම්බාදක පවුරු මතින් නැවැත්විය නොහැක. නිශ්චිත හා යුක්ති සහගත දේශපාලන ඉලක්ක සමග නැගී සිටින ලාංකික ජාතිය ඉන්දියානු  ව්‍යවස්ථා විලංගු වලින් සිරකල නොහැක. ස්වර්ණ භූමියේ උරුමය ‍රැකීමට  ගොඩ නැගෙන දේශමාමක  ජන පවුර අධිරාජ්‍යවාදීන්ගේ සැටලයිට් වලට ඉලක්ක කළ නොහැක.දේශප්‍රේමීන්ගේ අතික්‍රමන හෝරාව  කිසිවෙකුගේ රේඩාර් වලට හසු නොවනු ඇත. ජනතාවගේ අපේක්ෂාවට පි‍ටුපා විදෙස් තානාපතියන්ගේ ඔඩොක්කුවේ සිට  දේශපාලනය මෙහෙයවන නෝනා මහත්වරුන් ප්‍රවේසම් විය යුතු කාලය එලඹ ඇත.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක
lankaeye1@gmail.com


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments