Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » ශ්‍රිලනිපය පාවාදුන් නරකම නායකයා මෛත්‍රී-නිමල් සිරිපාලත් මහින්ද සහයට!

තවදුරටත් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහය දිමට කිසිදු අවශ්‍යතාවක් නැති බව ශ්‍රිලනිපය ප්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයකම නායකයන් අද සවස රැස්ව ගත් තින්දුවෙන් පසුව ලංකා නිවුස් වෙබ් ඩොට්.ටුඩේ වෙබ් අඩවිය අමතමින් කියා සිටියා.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගත් බොහෝ නායකයන් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සියල්ල කැපකර කටයුතු කල නායකයන් වන බවත් දැන් ඒ ගොඩට මෛත්‍රීපාල සිරිසේන එකතු වන බවත් ඔහුන් පෙන්වා දුන්නා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ නරකම පාවාදීම මේ වනවිටත් මෛත්‍රී-චන්ද්‍රිකා-රාජිත සිදුකර අවසන් බවද ඔහුන් පෙන්වා දුන්නා.මීළඟ මැතිවරණයෙන් කවුරුන් දිනුවත් අගමැති රනිල් යැයි තලතා අතුකෝරාළ වැන්නන් පවසන්නේ ඒ පාවාදිමේ ප්‍රථිපලයක් ලෙස බවද ඔහුන් අවධාරණය කළා.

මෛත්‍රිපල කණ්ඩායම මහින්ද පිළ සමග එකතු නොවුනහොත් අවසාන වශයෙන් මෛත්‍රිපාල සමග ඉතිරිවනු ඇත්තේ කිසිදු ඡන්ද පදනමක් නැති රාජිත, එස් බී, හිරුණිකා, මල්ෂා කුමාරතුංග, සෝලංගආරච්චි ආදී පිරිසක් පමණක් බවත් නිමල් සිරිපාල ද බොහෝ දුරට මහින්ද කණ්ඩායම සමග එකතු වනු ඇති බවද ඔහුන් පෙන්වා දුන්නා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments