Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » මෛත්‍රීය පෙන්වා හංස වේශයෙන් ආ කොටියා මෙන්න

දින 100න් අළුත් රටක් කියුව එක. දින 100න් රටට අළුත් කරනවා කියලා නෙවෙයි කියුවේ. අපරාදේ කියන්න බැ මේ අය බොරු කියල නෑ. ලංකාව අළුත් කරලා ගන්නවානම් කියත හැකියි රට අළුත් කරනවා කියලා. ලොක සිතියමට දෙමළ ඊළම නමින් අළුත් රටක් එක්කිරිමටයි ජනවරම ඉල්ලලා තියෙන්නේ.  එදා හංස වේශයෙන් ඔබ ඉදිරියට ආ‍‍වේ කොටියා. දැන් හංසයාගේ පිහාටු එක එක ගැලවිලා කොටියා මතු වෙන්න පටන් අරන් එක නිසා ජනතාව තිරණය ගත යුතු බව නීතිඥ උදය ගම්මන්පිල මහතා අද සදහන් කළා.

ඥාණකෝන්ගේ විද්‍යුත් ලිපිය

සහෝදර මන්ත්‍රීවරුන් සහ මාධ්‍ය වේදී මිතුරන්ගෙන්  අවසරයි. තමුන්නාන්සේලාට මම විද්‍යුත් ලිපියක් ලබාදී තිබෙනවා. ඒ විද්‍යුත් ලිපිය ජයන්ත ඩොනල්ඩ් ඥාණකෝන් විසින් යවනවා දමිල ආයෝජකයෙක් වන රාජු රාධාට‍‍. සිය පුත් මයික් ඥානකෝන්ට. දියණිය  මිෂෙල් ඥාණකෝන්ට. රොෂාන් මෝතා කියන ඉන්දියානුවට.  මේ ලිපියේ අවසන් ඡේදයේ රොෂාන් මෝතාට ඩොනල්ඩ් ඥාණකෝන් කියනවා නිදහසේ යන්න කියල ඒ ගොල්ලන්ගෙ අරමුදලේ කාර්යාලය (දෙමළ ගෝලීය ආයෝජන අරමුදල) පිහිටි වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයට. දැනට මේ ස්ථානයේ දැවැන්ත හමුදා කදවුරක් තියෙනවා. හැබැයි ලබන අවුරුද්දේ අග වෙනවිට ඕක ඔතන නෑ.

ඩොනල්ඩ් ඥාණකෝන් කොහොමද දන්නේ. අපේ අද ජාතික ආරක්ෂාවට වගකියන ඉහලම ආයතනය වන ජාතික ආරක්ෂක සභාවේන් ඇහුවොත් වරනි හමුදා කදවුර ලබන අවුරුද්දේ අග ඉවත් කරනවාද කියලා ගිරා පැටවු ටික වගේ සියල්ලම නැත කියනවා.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇහුවොත් මේවා විපක්ශයේ බංකොලොත් දේශපාලකයන්ගේ හිතලු කියනවා. දවල් දකින හීන කියනවා. හැබැයි කොටි සංවිධානයට ක්‍රියාකාරීව සංබන්ධ බවට චෝදනා ලැබීම නිසාම අපේ ආණ්ඩුවෙන් ලංකාවට එන්න එපා කියා තහනම් ලබපු නමුත් මේ වසරේ ජනවාරි මාසයේ සිට ලංකාවේ අඛන්ඩව රැදී සිටින ජයන්ත ඩොනල්ඩ් ඥාණකෝන් කියනවා මේ හමුදා කදවුර ලබන අවුරැද්දේ අග වන විට මෙතන නෑ. මොකක්ද මේකෙ පසුබිම.

ලෝකයේ තිබෙන කීර්තිමත්ම බුද්ධි අංශ සගරාව වන ජේන්ස් ඉන්ටෙලිජන් රිවිව් සගරාව 2008 අගෝස්තු මාසෙ තම කලාපයේ සදහන් කළා කොටි සංවිධානයේ වාර්ෂික ආදායම දළ වශයෙන් ඩොලර් මිලියන 300ක් වෙනව කියලා. ඒ සගරාවේ දැක්වෙන ආකාරයට ආයුධ ජාවාරම මත් ද්‍රව්‍ය ජාවාරම මිනිස් ජාවාරම පුරාවස්තු ජාවාරම කළු සල්ලි සුදු කිරීම රූපවාහානී නාලිකා පවත්වා ගැනීම දෙමළ භාණ්ඩ විකුනන සිල්ලර අළෙවිසැල් ලොව පුරා පවත්වා ගැනීම තමයි මේ කොටි සංවිධානයේ ආදායම ගේන මූලාශ්‍ර.

මේ කොටි සංවිධානයට දැවැන්ත ආදායමක් තිබුන වගේම දැවැන්ත වියදමක් තිබුන. ඒ තමයි එක් අතකින් දැවැන්ත යුද්ධයක් සදහා වියදම් දැරීම හා පොලීසි අධිකරන සහිත ඊනියා දෙමළ ඊලාම් රාජ්‍යය නඩත්තු කරන්න තිබුනා. ඔවුන්ගේ ජාවාරම් වලින් වාර්ශිකව එකතුවෙන ඩොලර් මිලියන 300 තවමත් ඒ විදිහටම එනවා හැබැයි දැන් ප්‍රධාන වියදම් දෙකම නතරවෙලා. යුද්ධයත් නෑ. ඊලම නඩත්තුකරන්නත් නෑ. දැන් තියෙන්නේ ආණ්ඩු මාරු කිරීම ලෝකයේ විවිධ රටවල දේශපාලකයන් මාධ්‍යෙව්දීන් රාජ්‍ය තාන්ත්‍රිකයන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්  මිලට ගැනීම තමයි දැන් මේ අයගේ ප්‍රධාන වියදම වෙලා තියෙන්නේ. මේ දසහා දැවැන්ත අරමුදලක් දැන් එකතුවී තිබෙනවා. මේ අරමුදල මේ අය විවිධ ව්‍යාපාරවල ආයෝජනය කරමින් හිටියා. අද මේ අය සැලසුම් කර තිබෙනවා තමන්ගේ ඩොලර් බිලියන ගණනක අරමුදල ලංකාවට ගෙනවිත් ලංකාවේ ආර්ථික මර්මස්ථාන අල්ලා ගන්න. බැංකු  රක්ෂනය  බලශක්ති  ප්‍රාවාහනය වැනි ශ්‍රේස්ථවල ආයෝජනය කිරීම තුලින් රටේ ආර්ථිකය හැසිරවීමේ සාධකය බවට දෙමළ බෙදුම්වාදීන්  පත්වීමට මෙමගින් උත්සහ දරනවා.

එදා තුවක්කුවේන්.........

එදා උත්සහ කලේ තුවක්කුවේ බලයෙන් උතුරු නැගෙනහිර පමනක් ආදිපත්‍ය පතුරගන්න. දැන් උත්සහය දරන්නේ ඩොලර්මිටිවල ශක්තියෙන් සමස්ථ රාජ්‍යයම සිය අනසකට යටතට ගන්නයි. මේ සදහා ව්‍යාපති වාර්ථා පවා සදා අවනසන් යාපන බැංකුව නමින් අලුතින් ම බැංකුවක් පිහිටුවන්න. ඒ වගේම මේ අය මේ වනවිටත් බ්‍රිතාන්‍ය පිට්සා අලවිසල් ජාලාවක් හරහා  යුධ හමුදාව සතු තල් අරන ඇතුලු සියලුම ආපනශාලා හා හෝටල් මිලදී ගැනීමට උත්සහ කරනවා.

එතකොට මෙම ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන ලංකාවට පැමිණීම අපි තහනම් කර තිබුණු ඩොනල්ඩ් ඥාණකෝන් තමයි කියන්නේ බයවෙන්න එපා එතන තියෙන හමුදා කදවුරත් අපි ඉවත් කරනවා කියලා.  දමිල ආයෝජකයෝ අපෙන් අහන්නේ මෙන්න මේ වගේ විශ්වාස වන්ත විදිහටයි ඩොනල්ඩ් ජයන්තන් ඥාණකෝන් කතාකරන්නේ. මම අහනවා මේ අයගෙන එතකොට ඇයි ඔබ මේ අය විශ්වාස කරන්නේ. ඇයි ජයන්තන් ඥාණකෝන් ඔබලා විශ්වාස කරන්නේ කියන එකට දෙමළ ආයෝජකයන් දෙන උත්තරය තමයි ඔහුට ඕනෑම වෙලාවක අගමැති රනිල් වික්‍රම සිංහව දුරකතනයට ගන්න පුලුවන්. අපි ප්‍රශ්නයක් ඇහුවම අනික් පැත්තට අගමැති තුමාට කතාකරලා ඒ ප්‍රස්නෙ විසදල දෙනවා.

අපි දන්නවා තොරතුරු දැනගැනීමේ අයිතිය දැන් මූලික මිනිස් අයිතිවාසිකමක්. අපේ මහජන මුදලින් නඩත්තුවෙන  අපේ මහජන මුදලින් බිල ගෙවෙන රනිල් වික්‍රමසිංහ අගමැති තුමා ඩොනල්ඩ් ඥාණකෝන් සමග නිරන්තර දුරකථන සංවාදයක හිටියද නැද්ද කියන එක රටට තහවුරු කරන්න එතුමාගේ ජංගම දුරකතනයේ බිල්පත් ප්‍රසිද්ධ කල යුත්‍රයි කියල මම යෝජනා කරනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වෙනවා ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති බව අපේ මන්ත්‍රී තුමන්ලා මීට පෙර පැහැදිලි කලා. එහෙමනම් මේ විද්‍යුත් ලිපිය යවන පසුගිය කාලයේ කොටි හිතවාදියෙකු ලෙස නම් කර ලංකාවට ඇතුල් වීම තහනම් කර තිබුනු ඩොනල්ඩ් ඥාණකෝන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර මිත්‍රත්වයක් තිබෙන බවට ඩොනල්ඩ් ඥාණකෝන් කියන මේ කතාව ඇත්තද නැත්තද කියන එක රටට පැහැදිලි කිරීමේ වගකීම තියෙන්නේ රටේ අගමැති තුමාටයි.

ගෝලීය දෙමළ සංසදය සමග මංගලගේ සබදතා

ගොලිය දෙමළ සංසදය සමග විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහත්මයා සිදුකළ සකච්ඡා පිළිබදව පසුගිය සදුදා අපි එළිදරව් කරා. අපි එතෙන්දි ප්‍රශ්න කරා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා සපත්තු තොරන අතරේ තහනම් ගහේ ගෙඩි කලා තියෙනවා විදේශ අමාත්‍යවරයා. අපේ ජි.එල් පිරිස් ඇමතිතුමා විදේශ අමාත්‍යදුරය දරන සමයේ තහනම් කරන ලද සංවිධානයක් වන ගෝලිය දෙමළ සංසදයත් සමග මෙතුමා සකච්චාකළේ කාගේ අවසරයකින්ද කියලා අපි ප්‍රශ්න කලා. මේ වනවතුරු ආණ්ඩුව මේ පිළිබද ප්‍රකාශයක් කරලා නෑ. මංගල සමරවිර ඇමතිතුමාට රටේ නිතිය කඩ කල වරදට දඩුවම් කළ යුතුයි. නැත්නම් ඒ සදහා අවසර දුන්නේ අගමැති ද ,ජනපති ද නැත්නම් ඇමති මණ්ඩලයද කියලා රටට හෙළි කරන්න. මොකද මේ රටේ ජනතාවට රටේ ඉරනම ගැන තිරණයක් ගන්න තියෙනවා.

මේ ගොලිය දෙමළ සංසදය තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග අපරාදේ කියන්න බෑ වේබ් අඩවි ඔස්සේ රටටම කියල තියෙනවා. කණු 4ක් මත සිටවු වැඩසටහන් අපට තියෙනවා කියලා තියෙනවා. මේ වැඩපිළිවෙලේ ප්‍රධනතම අංගය තමයි ශ්‍රි ලංකාවේ සිදුවුනාය කියන මේ අය පවසන යුධ අපරාධ පිළිබද ජාත්‍යන්තර පරික්ෂණයක් පැවැත්විම. පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනාම එක හෙලාම කියා සිටියා අපි ජාත්‍යන්තර පරික්ෂනයට විරුද්ධයි. එහෙනම් සිරිසේන මහත්මයාට ඡන්දය දුන් ලක්ෂ 62ත් , මහින්ද මහත්තයා ඡන්දය දුන් මේ ලක්ෂ 120 ම ඡන්දය දුන්නේ ජාත්‍යන්තර පරික්ෂණයට විරුද්ධවයි. එහෙම පසුබිමක ජාත්‍යන්තර පරික්ෂණයක් යුධ අපරාධ චෝදනා වලට පැවැත්වීම තමන්ගේ න්‍යාය පත්‍රෙය් අංක එක ලෙස පවත්වාගෙන යන ගොලිය දෙමළ සන්සධයත් සමග මංගල සමරවිර අමාත්‍යවරයා සිදු කරන කථා මොනවද? මේ රටට දැන ගත යුතුයි.

මේ අයගේ දෙවැනි කාරණය වේලා තියෙන්නේ විසිරි ඇති සියළුම දෙමළ සංවිධාන එකතු කර දෙමළ ජනතාවගේ අභිලාෂය පිළිබද පොදු ප්‍රකාශනයක් යළි බිහි කිරිම. යළි බිහිකිරිම යනු 1976 වඩුක්කුඩෙයි නගරයේ පැවැත්වුනු දෙමළ එක්සත් පෙරමුනේ පක්ෂ හමුවේදි වඩුක්කුඩෙයි ප්‍රකාශනය කියලා ප්‍රකාශයක් සදහන් කලා. එකම තමයි තිම්පු වල සකච්චාවට පදනම් කර ගත්තේ. අද ලොකේම මේක දන්නවා තිම්පු සංකල්පය කියල. පළමු සංකල්පය තමයි දෙමළ යනු අන්‍යය වු ජාතියකි. දෙවන සංකල්පය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිමයි. මේ දෙක එකට එකතුකරලා 03 වන සංකල්පය ශ්‍රි ලංකාවේ උතරු නැගෙනහිර දෙමළ ජනතාවට සවංනිර්ණ අයිතිය තිබේ. එකට ඉන්නවාද වෙන් වෙලා යවනවාද කියලා තිරණය කිරිමට ස්වජාත අයිතියක් ඇතැයි කියල තමයි මේ 03 වන කාරණයෙන් කියන්නේ. එතකොට මේ ප්‍රකාශනයට කැපවු සංවිධානයක් තමයි 2009 යුධ ජයග්‍රහනයෙන් පසු බිහි වු ගෝලිය දෙමළ සංසදයේ ප්‍රධාන අරමුණු 02 ක වන්නේ. මේ වැනි සංවිධානයක් සමග රහසේ කටුකුටු ගැවේ මොනවාද කියන එක මේ රටට අවම වශයෙන් පර්ලිමේන්තුවට හෙලිකිරිමේ වගකීමක් විදේශ ඇමතිවරයාට තියෙනවා.

වචන වල ඇති වැදගත්කම වවන අර්ථ ගන්වන්න පුළුවන් ආකාර එදා ඡන්දේය එද්දි  අපේ අයට පැහැදිලිව තේරුනේ නැ. දින 100න් අළුත් රටක් කියුව එක. දින 100න් රටට අළුත් කරනවා කියලා නෙවෙයි කියුවේ. අපරාදේ කියන්න බැ මේ අය බොරු කියල නෑ. ලංකාව අළුත් කරලා ගන්නවානම් කියත හැකියි රට අළුත් කරනවා කියලා. ලොක සිතියමට දෙමළ ඊළම නමින් අළුත් රටක් එක්කිරිමටයි ජනවරම ඉල්ලලා තියෙන්නේ.  එදා හංස වේශයෙන් ඔබ ඉදිරියට ආ‍‍වේ කොටියා. දැන් හංසයාගේ පිහාටු එක එක ගැලවිලා කොටියා මතු වෙන්න පටන් අරන් එක නිසා ජනතාව තිරණය ගත යුතුයි.

නෝර්වේ කැනඩා මුදලින් යැපෙන වීදියේ විරෝදය

මේ ජූලි මාසේ 10 වෙනිදා බණ්ඩාරණායක ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විදියේ විරෝදය සංවිධානයෙන් මහින්ද එපාය කියලා සම්මන්ත්‍රනයක් ලැස්තිකරලා තියෙනවා විදියේ විරෝදය සංවිධානයෙන්ම තමයි ගිය මාසේ අනුරාධපුරයේ දී මහින්ද රාජපක්ෂ මහත්මයා පන්සලේ දේශපාලනය කරනවාට විරෝධය පලකරලා උද්ගෝෂනයක් සිදු කලේ. එතකොට විදියේ විරෝදය සංවිධානයෙන් සංවිධානය කරනු ලබන මේ සම්මන්ත්‍රනය ඊට පස්සේ රට පුරා පවත්වනවා සම්මන්ත්‍රන , විරෝධතා , ගීත ගායනා මේ සියල්ලට අරමුදල් සපයන්නේ නොර්වේ හා කැනැඩියානු තනිපති කාර්යාල වලින්. ඉතාම වගකිමෙන් මෙය ප්‍රකාශ කරන්නේ. මට තේරුම් ගන්න පුළුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මහින්ද එපා කියන්නේ ඇයි?  තමන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලකයා බලයට පැමිණිමට විරුද්ධ වෙනවාට මේ අය තේරුම් ගන්න පුළුවන්. කැනඩාවයි, නොර්වෙයි මහින්ද එපා කියන්නේ ඇයි? ඒ අයට මේ රටට දෙපලු කරලා රට දුර්වල කලා මේ රටේ ස්වාභාවික සම්පත් සුරා කැමේ න්‍යාය පත්‍රයට මහින්ද වැනි සවිමත් නායකයෙක් මේ රටට පාළනය කිරිම බාධාවක්. ඒ නිසා කැනඩාවයි, නොර්වෙයි මහින්ද එපා කියන තරමටම මේ රටේ ජනතාවට මහින්ද ඕන වෙලා තියෙනවා.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments