Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » මුසාගේ කැසිනෝ ජාතකය

ගෝඪාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේ සර්....සර් ...කියමින් පස්සේන් වැටි සිට් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මේ දිනවල වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක් වෙලා. එයට ප්‍රධාන හේතු කිහිපයක් තිබේ. 

එකක් තමන්ගේ ඇබේනියට බස්නාහිර පළාත් සභාවට තරග කිරිමට රනිල් ඉඩ නොදිම සහ ලග එන මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට මුසා තබාගෙන සිටින බලාපොරොත්තු එජාපයෙන් තරග කරන මුස්ලිම් කණ්ඩයම්වල තර්ජන හේතුවෙන් අහිමි වි යැමත් නිසා බව වාර්තා වේ. මේ හේතුවෙන් මුසා ඉන්නේ රනිල් සමග මරාන්තික සටනක බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් මසකට රුපියල් ලක්ෂ 10 බැගින් කප්පම් ගන්නා බව LNW අනාවරණය කරගෙන තිබේ. ආණ්ඩුව පත්විමට පෙරසිටම තමන් කොළඹ නගරාධිපති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ තමන් සමග ඉතා මිත්‍රබවත් පවසමින් මෙම් කොල්ලය මුසා විසින් මෙහෙයවා තිබේ.

ආණ්ඩුව පෙරලුණු වහාම ධම්මිකට කතාකල මුසා ..."දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්...හරිද?...දන්නවානේ රනිල් කියන්නේ මගේ දකුණු අත වගේ"......යනුවෙන් පුරසාරම් දොඩවා තිබේ.(සැ :යු මුසා යනු පසුගිය කලසිමාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ආර්බුදය හටගත් අවස්ථාවේ සජිත් සමග එකතුව රනිල් එලවිමට කැසිනෝ සල්ලි විසිකරමින් කටයුතු කල අයෙකි.)

අංක එකේ  කැසිනෝ කාරයෙකු වන මුසම්මිල්  පසුගියදා කොල්ලුපිටිය ‘මැරයින් ඩ්‍රයිව්‘හි පිහිටි කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න මහතාට අයත් සුපිරි පන්නයේ කැසිනෝ හලකදී රුපියල් මිලියන 15ක කැසිනෝ දිනුමක් ද දිනාගෙන තිබේ.නමුත් ඒ මොහොතේදී එම දිනුම් මුදල ගෙවීමට රවී විජේරත්න මහතාට මුදල් තිබී නැති බවත්, කොටස් වශයෙන් එම දිනුම් මුදල ගෙවීමට ඒ මහතා පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත.

කොළඹ නගරාධිපතිවරයා කලෙක සිට කැසිනෝ ගැසීමට පුරුදු වී සිටි අයකු බවත්, ඒ සදහා නිතර නිතර රවී විජේරත්න මහතාට අයත් කැසිනෝහලට යන එන බවත් ප්‍රසිද්ධ රහසක් වන අතර මෙම කැසිනෝ ක්‍රිඩා කිරිම සදහා  ධම්මික පෙරේරාගෙන් සල්ලි ගරණ බවද වාර්තා වේ.මිට අමතරව ධම්මික පෙරේරාගේ කැසිනෝ ශාලා වලට යන  මුසම්මිල් කැසිනෝ ක්‍රිඩාකර සල්ලි නොදිම චණ්ඩිකම් පෙන්වා යන බවද වාර්තා වේ.

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments