Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්‍ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ බව රහසක් නො වේ. ඒ අතර විදේශීය ඔත්තු සේවා ද තානාපති (මහා කොමසාරිස්) කාර්යාල ද විය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම මිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම නො වේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම යනු මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීම නො වේ දැයි කාරණාකාරයකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. එය තර්කයක් ලෙස ඇත්තක් ලෙස පෙනී යයි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන වෙනුවට නිමල් සිරිපාල ආදේශ කළත් එය වලංගු වීමට තිබිණි.

මේ පාර්ශ්වවලට අවශ්‍ය ව තිබුණේ් ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීම මිස අහවලා දිනවීම නො වේ. අහවලා කවුරුන් වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි හොඳම අපේක්‍ෂකයා තෝරා ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නය විය. යම් කිසි පුද්ගලයකු තෝරා ගෙන ඔහු ජනාධිපති කළ යුතු ය යන හැඟීමක් ඔවුන්ට ප්‍රායෝගික ව ගත්කල නො තිබිණි.

ප්‍රායෝගික ව ගත්කල යනුවෙන් මා කියන්නේ ඔවුන්ගේ අපේක්‍ෂකයා වූ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට නොහැකි බව ඔවුන් යම් අවබෝධයකින් පසු වූ නිසා ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය විය. එහෙත් ඒ දෙක ම එක්විට කළ නොහැකි බව ඔවුහු දත්හ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනත් කවුරුන් ලවා මහින්ද රාජපක්‍ෂ පරාජය කරවා රනිල්ට පසුව විධායක බලතල ලබා දීම ය. එනම්  රනිල් පළමුව අගමැති කර පසුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අගමැතිට විධායක බලතල පැවරීම ය.

රනිල් අගමැති කිරීමට තිබූ හදිසිය මෛත්‍රිපාල ජනාධිපති කිරීමට තිබූ වුවමනාවට වැඩි විය. ඒ නිසා ම දෝ ව්‍යවස්ථානුකූල ව රනිල් අගමැති ලෙස පත්කර ගැනීමට නොහැකි විය. කලබලය නිසා රනිල් පික්පොකට් අගමැතිවරයකු ලෙස පත්විණි. කෙසේ වෙතත් එතැන දක්වා නීත්‍යානුකූල ව නොවුනත් සැලැස්මට අනුව කටයුතු කෙරිණි. දැන් ඇත්තේ සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ය. රනිල් ට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ බලතල අගමැතිට පැවරීම ය. එහෙත් එය කරගන්නේ කෙසේ ද? මෛත්‍රිපාල සිරිසේන දැන් අවුරුදු හයකට ජනාධිපති ය.

මෛත්‍රිපාලට තම විධායක බලතල අහිමි කර ගැනීමට දැන් අවශ්‍යතාවක් නැත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහු විසින් පත්කරන ලද නායකයන් ලවා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරයි. ශ්‍රී ල නි පක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු තබා බලතල අඩු කිරීමට ද අද එකඟ නැත. බලතල අඩු කිරීමට නම් වෙනත් යෝජනා ද සමගාමී ව ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ එබැවිනි. මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් වැදගත් ඇමති ධුර පහක් සහිත ව තවත් ඇමති ධුර තමන්ට ලැබිය යුතු යැයි මෛත්‍රිපාලගේ  ශ්‍රී ල නි ප නායකයෝ කියා සිටිති. එහෙත් රනිල්ට අවශ්‍ය  මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ය.

රනිල්ට ඒ කටයුතු සියල්ල කරගැනීම සඳහා අප්‍රියෙල් විසිතුන්වැනි දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට ය. ජනාධිපතිට රනිල්ට ඇහුම්කම් නොදී අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට ප්‍රළුවන් ද? අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විදේශිකයන් ද බලපෑම් කරනු ඇත. මෛත්‍රිපාලට ඒ බලපෑම්වලට නොසැලී මුහුණ දිය හැකි ද?

එසේ මුහුණ දීමට හැකි ක්‍රමයක් ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කර වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමෙනි. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ බලපෑම් ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය මහින්දට ඇත. මෛත්‍රිපාල එයට සූදානම් ද?

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මහලේකම් බෑන්කී මුන් යටතේ කටයුතු කරන  එක්‌සත් ජාතීන්ගේ ප්‍රධානතම දේශපාලන නිලධාරියකු වන ජෙෆ්රි පෙල්ට්‌මන් (Jeffrey D. Feltman) යාපනයේ සංචාරයක නිරතවිමට නියමිත බව එක්‌සත් ජාතීන්ගේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම සංචාරයෙදි රාජ්‍ය බලධාරීන්, දේශපාලන පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධාන හමුවී සාකච්ඡා කිරිමට නියමිතව ඇති අතර ඔහු සොයාගන්නා කරුණු ඇතුළත් වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන්කී මූන් මහතාට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජෙෆ්රි පෙල්ට්‌මන් යනු කැනඩාවේ කොටි ත්‍රස්ත්‍රවාදින් සමග සමිප සම්බන්ධකම් පවත්වන අයෙකු වන අතර අවස්ථා ගණනාවකදි කැනඩාවේ පැවති කොටි ඩයස්පොරාවේ රැස්විම් කිහිපයකටද ඔහු සහභාගි වි තිබේ.සකස් කරනු ලබන වාර්තාව කුමණ පදනමකින් සකස් කරන්නේද යන්න තවමත් අනාවරණය වි නෑ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට උද්‍යාන මාවතේ දි අභිරහස් අන්දමින් සිය මොටර් රථය තුලම ගිනි ගෙන දැවි ගිය වෂීඩ් තාජුඩීන්ගේ නමැති 28 හැවිරිදි රගර් ක‍්‍රීඩකයාගේ මරණය සැක සහිත බවත් ඒ සදහා  යෝෂිත රාජපක්ෂගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කිරිමට යහපාලකයෝ පොරකමින් සිටින බව අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව හදිසියේම යහපාලක ගිරවා වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ හදිස්සියේ  මාධ්‍ය හමුවක් කැදවා  පවසා සිටියේ ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රිඩකයෙකු වූ  වෂීඩ් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇති බවයි.

වෂීඩ් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායකගේ හිටපු පෙම්වතා බවත්  මෙම අනතුර සිදුවූ රාත්‍රියේදී ඔවුන් දෙදෙනා එක්තරා සමාජ ශාලාවකදී හමුවී ඇති අතර ඒ අතර තුර යෝෂිත රාජපක්ෂද එම ස්ථානයට පැමිණ ඇත. එහිදී වෂීඩ් තාජුඩීන් සමග බහින් බස්වීමක් ඇතිවී තිබේන බව වෂීඩ් තාජුඩීන්ගේ මිත්‍රයෙකු සදහන් කළ බව පවසමින් මෙම පරික්ෂණ මෙහෙයවිමට සුදානමින් සිටි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ම රග්බි ක‍්‍රීඩාවට පිවිසි ,2009 වසරේ දී හැව්ලොක්ස් කණ්ඩායමට නායකත්වය දී ඇති තජුඞීන් වසර කිහිපයක් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩකයෙකු වන වෂීඩ් තාජුඩීන් මහතාගේ මරණය  එවකට  සම්පූර්ණයෙන්ම  යටපත් කිරීමට කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කටයුතු කළ බවට චොදනාද එල්ල වි තිබුනා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ද සැබෑ විපක්‍ෂය ද පණතට පක්‍ෂ විය. එහෙත් පණත කුමක් සඳහා ද? එය තේරුම් ගෙන ඇත්තේ ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය ය. ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙබරවාරි 20 වැනි දා ඒ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ඇත.

පණතෙහි අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීම හෝ මානව අයිතිවාසිකම් සුරැකීම හෝ නො වේ. ආණ්ඩුවටත් දෙමළ ජාතිවාදීන්ටත් ඉන්දියාවටත්, නූතන කඩහපොළ හිමියන්ටත් අවශ්‍ය දෙමළ ජාතිවාදී රායප්පු ජෝසෆ් හා ඔහුගේ සගයන් සුරැකීම ය. මෙහි දී ආණ්ඩුව යනු රනිල් වික්‍රමසිංහගේ එ ජා ප මෙන් ම මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂයත් ය. මේ පණත පිටුපස එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව ඇති බව පැහැදිලි ය.

පණත කඩිමුඩියේ ගෙනාවේ ආණ්ඩුව ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර බටහිරයන්ගේ ඉන්දියාවේ හා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. පණතෙන් කෙරෙන්නේ මූලිකව ම රණවිරුවන්ට, මහින්ද රාජපක්‍ෂට හා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව පැවැත්වීමට යන මේ යමපාලන පරීක්‍ෂණයේ දී බොරු සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව සැපයීමට ය. ඒ බව එන්ඩීටිවි වෙබ් අඩවියේ පළ වී ඇති නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරාගේ ප්‍රකාශයකින් ද තහවුරු වෙයි.

බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් අදත් කියන්නේ දෙමළ ජනයා සමූලඝාතනය කෙරුණු බව ය. එසේ සමූලඝාතනය කෙරිණි නම් රායප්පු ජෝසෆ්ලා තවමත් ජීවත්වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් බටහිරයන්ට ඔවුන්ගේ චැනල් ෆෝ වැනි ජනමාධ්‍යවලට දෙමළ ජාතිවාදීන්ට අනුව හමුදාව විසින් මානුෂීය මෙහෙයුම් අවසානයේ දී හතළිස් දහසකට අධික පිරිසක් මරා දමනු ලැබ ඇත.

රායප්පු ජෝසෆ් මේ පැමිණිලි ඉදිරිපත් කරන ප්‍රධානියෙකි. එහෙත් ඒ සඳහා ඔහුටවත් බටහිර ජනමාධ්‍යවලටවත් සාක්‍ෂි නැත. අද මේ සූදානම් වන්නේ ආණ්ඩුවේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීමට රායප්පුලාට අවස්ථාව ලබා දීම ය. එහෙත් රායප්පුලා මෙයින්වත් සෑහීමකට පත්නොවෙති. ඔවුන්ට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. මේ මත ප්‍රකාශ කිරීම ජාතිවාදය ඇවිස්සීමකැයි රනිල් කියනු ඇත. ජ වි පෙරමුණ ද එසේ කියනු ඇත.

ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතාව ආරම්භ කළේ සරත් ෆොන්සේකා ය. ඔහු මානුෂීය මෙහෙයුම්වල හමුදාවට අණදුන් හමුදාපති ය. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්වලට ඔහු ද වග කිව යුතු ය. ඔහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ද විය. එහෙත් නඩුව අස්කර ගනු ලැබිණි. ඔහු කුප්‍රසිද්ධ සුදුකොඩි කතාව අම්බලන්ගොඩ දී මෙන් ම රත්නපුරේ දී ද කළේ ය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපති අපේක්‍ෂකයා ද විය. ආණ්ඩුව විසින් ඔහුට විරුද්ධව තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. එහෙත් ඔහුට මන්ත්‍රීකම නො ලැබෙයි. රනිල් කෙසේවත් ඊනියා පොදු අපේක්‍ෂකයන්ට කැමති නැත.

ඒ කෙසේ වෙතත් සරත් ෆොන්සේකාට ද ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය ඉදිරියේ ඕනෑම සාක්‍ෂියක් දීමට දැන් අවස්ථාව ලැබී ඇත. ආණ්ඩුව ඉහත සඳහන් පණත යටතේ ඔහු ද ආරක්‍ෂා කරනු ඇත.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යන එන තැන් සහ ඔහු සහභාගිවන් වැඩසටහන් විද්යුත් හා පුවත් පත් හරහ පලවි නතර කිරිමට නොහැකිනම් පුලුවන් එකෙකුට පුටුව දි ගෙදර යන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතානට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක තදින් බැන වැදි තිබෙන බව අප LNW වාර්තාකරු සදහන් කළා. 

ඊයේ(26) හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර  බැලිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගිය අවස්ථාව රුපවාහිනි නාලිකාවෙන් දකින් අවස්ථාවේ මේ අකාරයට පරණවිතානට පරලු වන්නට ඇමතිවරයා බැන වැදි ඇතිඔ බවයි වාර්තා වන්නේ....තොපිට ඔනේ රනිල්ව පරද්දන්නද.....මහින්දව ගෙනාවොත් ඔබලට අපහු ඉන්න් දෙන්නේ නෑ....කියමින් තර්ජනය කර තිබේ. 

ඊයේ මහින්ද බලන්න ගැලු ජන ගඟ.......... 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මේ රට දෙකඩ් කිරිම සදහා  ජාත්‍යන්තර බලවෙග මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පරාජය කිරිමට උත්සහ දරණ බවට ගෙවුනු වසර ගණනාවක් මේ රටේ දේශප්‍රේමීහු කෑ මොර දි කියද්දි ඇතැම් ගවපාලකයින්ට එය විහිළුවක් බවට පත්විය.නමුත් දැන් අමෙරිකානු කාරයෝ එලිපිටම එම කාරනය පිලිගෙන තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුවී ඇති වෙනස්වීම් පිටුපස ඇමරිකාව ක්‍රියාත්මක වී ඇති බව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර තිබේ. පසුගිය 2015.02.25 වන දින ඇමරිකානු පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.ඇමරිකාව, ගැටළු සහගත රටවල බොහෝ සුභ සාධන වැඩකටයුතු ආරම්භ කර ඇත. මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවු බොහෝ රටවල මේ වනවිට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් දැකගැනීමට හැකි බව ඔහු ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම අදහසින්, ශ්‍රී ලංකාවේ සිදුවූ ආණ්ඩු පෙරලිය පිටුපස ඇමරිකාව ක්‍රියාත්මක වී ඇති බවට තහවුරු වී තිබේ.එපමණක් නොව අමෙරිකාවට මහත් අවශ්‍යතාවයක්ව පවතින උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ස්ථාපිත කිරිමද මේ හරහා ලග ...ලගම් සිදුවන බව හොදින්ම තවුරු වෙමින් තිබේ. අමෙරිකා කාරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය යනු රටවල් බෙදා වෙන් කිරිම මිස වෙන අන් කිසිවක් නොවේ.

"I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,”



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ ද රනිල්ගේ බෑණා වූ ද රුවන් විජේවර්ධනගේ තටු කපා දැමීමට මෛත්‍රිපාල පියවර ගත්තේ ය. අද රුවන්ට ඇත්තේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ පාසල්, ශිෂ්‍ය භට කණ්ඩායම් ආදිය ගැන සොයා බැලීමට ය. ආරක්‍ෂක කටයුතු පිළිබඳ වැදගත් කාර්යයන් සියල්ල මෛත්‍රිපාල සිරිසේන යටතේ ම පවතියි.

රනිල් මෙන් ම ජේ ආර් ජයවර්ධන ද ජනතාවට කියා සිටියේ රකින්නට පරම්පරාවක් නැති බව ය. වෙනත් කටයුතුවල දී කෙසේ වෙතත් රාජ්‍ය පාලන උරුමය සම්බන්ධයෙන් ඔවුහු මාතෘ මූලික සම්ප්‍රදාය අනුගමනය කරති. රනිල් ජේ ආර්ගේ බෑණා ය. රුවන් රනිල්ගේ බෑණා ය. රනිල්ගෙන් පසු උරුමය දීමට ඔහුට අවශ්‍ය වන්නේ රුවන්ට ය. සජිත්, රවි ආදීන් එහි දී කෙසේ ක්‍රියා කරාවි දැයි කිව නො හැකි ය. එහෙත් ඒ ඉදිරි සටනකි. අද සටන ඇත්තේ රනිල් හා මෛත්‍රිපාල අතර ය.


රනිල්ට අවශ්‍ය වූයේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ය. එහෙත් ඔහුට දිනීමට නොහැකි බව බටහිරයෝ ද ඉන්දියානුවෝ ද දත්හ. ඔවුන්ගේ ඔත්තු සේවා වෙනත් අපේක්‍ෂයකු ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක විය. විශේෂයෙන් ම ඉන්දියානු රෝ ඔත්තු සේවය එහි දී ඉදිරියෙන් සිටියේ ය. ඔවුහු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි පිරිස් හමුවූහ. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන ආදීහු සිටියහ. එක් කලෙක බටහිරයන්ට අවශ්‍ය වූයේ කරු ජයසූරිය ඉදිරිපත් කිරීමට ය. ඔවුන් සෙවූයේ රනිල් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පෑහීමට නොහැකි පුද්ගලයකු නොව සිංහලත්වය සමග ඇයි හොඳයි කම් පැවැත්විය හැකි අයකු ය.

අවසානයේ දී ඉන්දියාවට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල සිරිසේන හා නිමල් සිරිපාල යන දෙදෙනාගෙන් එක් අයකු ඉදිරිපත් කිරීමට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නිමල්ට අගමැතිකම දීමට පොරොන්දු වී ඔහු නවතා ගත්තේ ය. මෛත්‍රිපාලට අගමැතිකම පොරොන්දු වීීී නම්  ඊනියා පොදු අපේක්‍ෂකයා වන්නේ නිමල් සිරිපාල ය. අද ඔහු ව්‍යාජ විපක්‍ෂ නායකයා ය. රටේ දේශපාලනය සිදුවන්නේ ඒ ආකාරයට ය. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීමේ දී  රතන හිමියන් යම් වැඩ කොටසක් කර ඇති බව පැහැදිලි ය. මෛත්‍රිපාල එහිමියන් නූතන කඩහපොළ හිමියන් ලෙස හැඳින්වූයේ නිකමට නො වේ.

රනිල් කැමති වුවත් නැතත් අද මෛත්‍රිපාල විධායක ජනාධිපති ය. රනිල්ට අවශ්‍ය ඉක්මණින් ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක බලතල විශාල ප්‍රමාණයක් අගමැතිට පවරා ගැනීමට ය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඒ කරවා ගැනීමට නොහැකි බව ඔහු දනියි. ඔහුට අවශ්‍ය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එ ජා පක්‍ෂය බහුතරය වූ පාර්ලිමේන්තුවක් පත්කර ගෙන තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම ය. ඔහුගේ ඊනියා ජාතික ආණ්ඩුව මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නකි.

එහෙත් මෛත්‍රිපාලට හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට අවශ්‍ය මේ පාර්ලිමේන්තුව තව අවුරුද්දක් පවත්වාගෙන යෑමටත් එතෙක් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට ඉදිරිපත් වීමටත් ය. ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට හා සාමාජිකත්වයේ අති විශාල බහුතරයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් හැකි ඉක්මණින් මැතිවරණයකට යෑමට ය. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් මේ වෙනස දැකගත හැකි ය. රාජිත සේනාරත්නට අවශ්‍ය අවුරුද්දක් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමට ය. දින සියය නොව අවශ්‍ය වන්නේ දින සියයේ වැඩ නිම කිරීම බව ඔහු පවසන්නේ දින සියයකින් මැතිවරණයකට යෑමට ඔහු, මෛත්‍රිපාල  හා ශ්‍රි ල නි පක්‍ෂයේ ප්‍රබලයන් යැයි කියන නිවටයන් සූදානම් නැති බැවිනි.

ජ වි පෙරමුණ ඇත්තේ රනිල් සමග ය. ඔවුහු අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විරුද්ධ වෙති. චම්පිකලාට යන එන මං නැත. චම්පික අවුරුදු හයක් ඇමතිකම කිරීමේ සිහිනය දකියි. නූතන කඩහපොල හිමියන් ගැන ආරංචියක් නැත. එහෙත් රනිල් බොරු තර්ක ගෙන එමින් අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කතාකරයි. එහෙත් ඔහුත් අපත් දන්නා කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට බව ය. ජනාධිපති අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අකමැති ය.

රනිල් බොරු තර්ක ඉදිරිපත් කරන්නේ එක් පැත්තකින් තමා පික්පොකට් ගැසූ අගමැතිකම රැක ගැනීමට ය. අනෙක් පැත්තෙන් අප්‍රියෙල් 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. එහෙත් මෙය අසංගත බව පරස්පර විරෝධී බව ඔහුට නො වැටහෙයි. ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්‍ෂට සහාය දීමට පත්කරගත් එකක් බවත් එබැවින් ජනවාරි 8 වැනි දාට පසු එයට පැවැත්මක් නැති බවත් ය. ඒ බොරුවකි. එසේ ජනාධිපති වෙනස්වන විට පාර්ලිමේන්තුව අහෝසි වන බවක් කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් වගන්තියේ ද? එය ඇත්තක් නම් අද පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව කිහිප වතාවක් ම උල්ලංඝනය කර ඇති රනිල් වික්‍රමසිංහට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් එය බොරුවක් බව අපි දනිමු.

රනිල්ට පෙන්වීමට අවශ්‍ය මේ පාර්ලිමේන්තුවට අප්‍රියෙල් 23 දිනට පසු පැවැත්මක් නැති බව ය. එහෙත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදනයක් සොයාගත නො හැකි ය. ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව 2016 දක්වා පවත්වාගෙන ගිය හැකි ය. රනිල්ගේ බොරු තර්කයෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනවාරි 8 වැනිදාට පසු නීත්‍යානුකූල නොවන නමුත් දින සියයේ මගඩිය හේතුවෙන් එය අප්‍රියෙල් 23 දින තෙක් පවත්වාගෙන ගියත් ඉන්පසු නම් කෙසේවත් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය නොහැකි බවත් ය. මෛත්‍රිපාල සිරිසේන නීතිය හදාරා නැති නමුත් පාර්ලිමේන්තු පත්කර ගන්නේ ජනාධිපතිවරුන්ට සහාය දීමට නොවන බව දනියි. හැරත් මේ පාර්ලිමේන්තුව මහින්දට සහාය දීමට පත්කර ගත් එකකැයි මෛත්‍රිපාල කෙසේවත් පිළිගනියි ද?

අද රනිල්ට කළ හැක්කේ බටහිරයන් ලවා මෛත්‍රිපාලට බලකර අප්‍රියෙල් 23 දා කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරවීමට උත්සාහ ගැනීම ය. බොරු තර්ක ගෙන ඒමේ වාසිය මෛත්‍රිපාලට ය. එහෙත් මෙහි දී වැදගත්වන අනෙක් සාධකය වූ ඉන්දියාව  කිනම් පියවරක් ගනියි ද? ඔවුන් ගන්නා පියවර දෙමළ ජාතිවාදය සමග බැඳී ඇත.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 26


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ දියණිය ඉගෙනුම ලබන විශාඛා විද්‍යාලයට ජහපාලක ආණ්ඩුවේ  බුද්ධි අංශ නිලධාරින්  දෙදෙනෙකු ගොස් ගුරුවරුන් සහ ශිෂ්‍යයාවන්ගෙන් විමල් වීරවංශ මහතාගේ දියණිය ගැන විමසිම් කර තිබෙන බව වාර්තා වේ. විමල් විරවංශ මෙන්ම ඔහුගේ දියණියටද කටක් ඇති බව පවසමින්  බුද්ධි අංශ නිලධාරින්  සොයා බලා ඇත්තේ ගුරුවරියකට තර්ජනය කිරිමක් හෝ සොයා ගත හැකිද යන්නයි.

දුෂණ වංචා චෝදනා එල්ල වී ඇති තෝරුන් මෝරුන් සිටියදී ශෂී වීරවංශලා වැනි අය අත්අඩංගුවට ගැනීම රජය කෙරෙහි ජනතාව අප‍්‍රසාදය ට පත් කරවන්නට පොලීසිය විසින් සිදු කරන්නක්දැයි සැක සිතෙන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතාම පැවසිම තුලින් පෙනෙන ඉතා පැහැදිලි කරුණ නම් මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ පලිගැනිම පමණක් බවයි.

මේ අය දන්නව මේ ගවපාලනය ශෂී ව අල්ලගෙන කරන්නෙ අන්ත නින්දිත පහත් වැඩක් බව​. ඒ වැඩෙන් ජනතාව අප්‍රසාදයට පත් වෙමින් තිබෙන නිසා දැන් ගලේ පහරපු හොර බලල්ලු වෙන්න හදනව​.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මාර්තු මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා. ඒ, ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ලෙස ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව පවතින චෝදනාවට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදියි.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රාජ්‍ය නොවන සංවිධාන එක්ව සිංහල කොටින්ට යළි පණ දීමේ කි‍්‍රයාවලියක් අරඹා ඇතැයි සිංහල රාවය සංවිධානය අනාවරණය කර සිටි. එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අනාවරණය කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන බුද්ධි අංශ නිලධාරීන් මර්දනය කිරීමේ වැඩපිළිවෙළකද නිරත වෙමින් සිටින බවයි.පසුගිය කාලයේ ත‍්‍රස්තවාදයෙන් කරගත නොහැකි වූ දේ ඉටුකරවා ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවදුරටත් කි‍්‍රයාකරමින් ඇතැයි ද එම සංවිධානය අනාවරණය කර සිටි.

මෙහි එක් පියවරක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන  යොදා ගනිමින් ඔහුන් සමග සමීප සම්බන්ධ කම් පවත්වන වෙබ් අධවී හරහා රටේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඉලක්ක කර විවිධ මඩ හා අපවාද එල්ල කිරිමට කටයුතු කරමින් සිටි. ඊට අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට වෙබ් ඔස්තාර්ලා යැයි කියාගත් කිහිප දෙනෙකු යටතේ කණ්ඩායමක් පත්කර තිබෙන බවද අනාවරණය වි තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි. මේ ලිපිය අද දෙවියකු මෙන් සලකන පාඨලී මහතාට අදාල වේද? නැතිනම් එදා කීවේ බොරුද? අද කියන්නේ බොරුද? නැතිනම් ඇත්ත බොරු කෙසේ වෙතත් ලාබය සදහා කට්ටිය කඩේ යනවාද? රට බෙදන්නට සැරසෙනවාද? ලංකා ඊනිවුස්ට අද පාඨලී චම්පික රණවක මහතා මහත්මයකු වී ඇත. මේ වෙනස ඇයි?

ඔබත් ලිපිය කියවා තීරණය කරන්න.

මෙම ලිපියෙහි කිසිම ස්ථානයක කිසිම වෙනසක් සිදුකර නොමැති බව කරුණාවෙන් සලකන්න. එය ඒ ආකාරයෙන්ම ඇත.

පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය.

මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය..ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය.

ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත්තේ ය. ඔහුගේ මහත් වූ අනුකම්පාවට ඇය රැවටුණායැයි ඇය එදා දැන සිටියේ නැත.

ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් "දේෂප්‍රේමීයා" දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය.

පාඨලී චම්පික දේශපාලනයට අතගසා තිබුනු අතර වසර 2000 දී චම්පික ගේ ගමන වෙනස් වූයේය. ඒ නිර්මලා බලෙන් ම ඔහු හා එක් වී පිළිසිද ගැනීමක් කර ගැනීම නිසාවෙනි. පසුව නිර්මලා පාඨලී චම්පික ට දාව දුවක වැදුවාය. නිර්මලා සිතුවේ දුවක සිටින තාත්තා කෙනෙකු ලෙස චම්පික නරක පුරුදු වලින් මිදී යහපත් වනු ඇති බවයි. එහෙත් දිනක් ඔහුගේ බෑගයේ තිබී තමාගේ නිරුවත් පිංතූර හා සී.ඩී. පට තොගයක් නිර්මලාට හමුවිය. ඇය ඒ ගැන ඇසූ විට ඔහු වැද වැටී යළි එසේ නොකරන බවට දහ අතේපොරොන්දු විය.

පසුව ඔහුගේ දේශපාලන ගමන සවිමත් වී කොළඹ 7 ට ද එහි බලය දැනෙන සමය උදාවිය. කොළඹ 7 පදිංචි විරාජිනී පීරිස් සහ බ්‍රිට්නි පියසේකර ඔහුට මුනගැසෙන්නේ මෙකල ය. ඒ දෙදනාද ඔහුටම කැපෙන ඒ ජාතියේම ගැහැණු වූහ. දෙදෙනාගෙන්ම නිර්මලාගෙන් ලබා ගත නොහැකි විකෘති කම් සුව ඔහුට ලැබිණ. ඔහුට මෙම දෙදෙන හරහා ලෝකයේ ඉහළම පෙළේ කාම වෙළදපොලට ඇතුළුවන්නට හැක විය. ගෙදරත් බිරිදත් දරුවනුත් අමතක විය. නිර්මලා කෙසේ හෝ පාඨලී චම්පික හා පවුල් ජීවිතයක් ගෙන යෑමේ අරමුණින් හෙතෙම ගෙදර ගෙන්වා ගත්තද ඒ හැම දිනකම ඔහු කෙළේ ඇයගේ යෝනි මගට බෝතල් ඇතුළු කර නැරඹීමයි, ඡායාරූප ගැනීමයි. මේ අතර පාඨලී චම්පිකට හෙල උරුමයේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වීමට වාසනාව ලැබිණ.මාදිවෙල මන්ත්‍රි නිවාසවල චම්පික රණවක තනියම පදිංචි විය. දිනක එහි ගිය නිර්මලාට දකින්නට ලැබුණේ මුළු කාමරය පුරාම කාම සී.ඩී. පට තැන්පත් කර ඇති අන්දමය.

නිර්මලා මේ ගැන ප්‍රශ්න කිරීම හේතුවෙන්ද අලූතින් ලැබී තිබුණු බලයෙන්ද ඔදවත් වූ පාඨලී චම්පික රණවක නම් පාපිෂ්ඨ මිනිසා නිර්මලාව ඇඳක බැද නිරුවත් කර පහර දුන්නේය. ලේ එන තුරු පියයුරු සපා කෑවේ ය. මෙතෙක් දේ සිදු වෙද්දී ලෝකය ඔහු ගැන කිසිවක් දැන නොසිටියහ. ඔහු ලෝකයා ඉදිරියේ පෙනී සිටියේ දේශප්‍රේමී උපාසකයෙකු ලෙසිනි.


පරලෝ සැපත් ශ්‍රීමතාණන් කෙනෙකුගේ දියණියක වූ විමලා එදිරිසිංහ මහත්මිය, උසින් ද මහතින් ද හැඩ රුවින් ද තම පියා ට බොහෝ සෙයින් සමාන කම් ඇති මේ උපාසකයා ට රැවටී සිය පියාගේ උරුමය ගෙන යන ජන්ම අවතාරයයැයි සිතා ඔහුට කොළමින් වටිනා නිවසක්ද පරිත්යාකග කළාය. මෙම නිවස ලැබීමත් සමග ඔහුට නිර්මලාත් දරුවාත් එහි ගෙන එන්නට සිදු වූයේ සිය පක්ෂයේ බල කිරීම නිසාය. නමුත් ඔහුගේ අත් හළ නොහැකි පුරුදුවලින් මිදීමට ඔහුට නොහැකි විය. කිසිවක් කර කියා ගන්නට නොහැකි වූ නිර්මලා පසුව තම දරු පවුල වෙනුවෙන් ඔහුට ඕනෑ මගුලක් කර ගන්නට ඉඩ දී ඉවත බලා ගත්තාය. නමුත් ඒ වන විට ඔහු බොහෝ දුර ගොස් සිටි නිසා ඔහුට පවුල මදි විය. අවසන පාඨලී චම්පික රණවක සිය කාම අංගනාවන්ගෙන් අයෙක් වන පෙර සඳහන් කළ නාවල බ්‍රිට්නි පියසේකර සමග ඇයගේ නිවසේ පදිංචියට ගියේය. ආයු පිරිහී සිටි බ්‍රිට්නි පියසේකර අවසානයේ මිය ගියේ ඇගේ කෝටි 2 1/2 වටිනා මුළු දේපොල ම ඔහුට පවරා දීමෙනි.

බ්‍රිට්න් කෙතරම් විවෘතව ඔහුට ද ඔහු කොතරම් ඇයට ද කාමාශක්ත වූයේද යත් පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවට පත් වූ දා දිවුරුම් දෙන්නට ගියේ තම නීත්‍යානුකූල බිරිඳ කැටුව නොව බ්‍රිට්නි සමගය. සදාචාරවත් පවුල් කෑම ගැන රටට බන කියන හෙල උරුමයේ ශාස්තෘවරු නිහඬ වූහ. මේ 2000 දීය. එදින නිර්මලා තමන්ගේ අසරණ බව තේරුම් ගත්තාය. පක්ෂයේ ශාස්තෘවරුන්ට ද ඇය ඒ බව කීවාය. නමුත් කොළඹ 7 කතුන් සමග බුදියාගෙන වුවද බලය ලැබේ නම් එය ඉවසිය යුතු බව හෙල උරුමයේ ශාස්තෘවරුන්ගේ සම්යක්දෘෂ්ටික විය.

බ්‍රිට්නි පියසේකර මිය යාමෙන් පසු ඔහු වඩාත් ප්‍රචණ්ඩ විය. ඒ ඔහුට ජීවිතයේ ප්‍රථම වරට දේපොලක් හිමි වී තිබීමෙන් ය. බ්‍රිට්නි මියගියේ කැනඩාවේදීය. ඉන් පසු නාවල පිහිටි බ්‍රිට්නි ගේ නිවස ඔහුගේ නිදහස් කාම ආරාමය වූයේය. බෞදධ ජාතික ව්යානපාරය තුළට වැදුණු රතිවතියෝ එහි විත් ඔහුට උමතු කාම සුවය ලබා දුන්නෝය. දිනෙක නිර්මලා එහි යන විට එවන් රතිවතියෝ 12 දෙනෙක් එහි වූහ. ඒ අතර 2007 දී මහින්ද රාජපක්ෂගේ අනුහසින් චම්පික රණවක වඩ වඩා බලවත් විය. කැබිනට් මණ්ඩලයටද හේ ඇතුළු විය. චම්පික විදුලිබල හා බලශක්ති ඇමති ලෙස දිවුරුම් දෙන දා නිර්මලාව උත්සවයට රැගෙන ගියේ බලයෙනි. බලය පෑමට ආවේ සසුන් ගත වූ ත්‍රස්තවාදී අම්මාන්ගේ සහචරයෙකි. ඇමති වූ පසු ඔහු ඇය අතැර නාවල නිවසට ගියේය. දෙමාපිය දබරයෙන් දරුවා හඩා වැටෙන විට දරුවාට තම බඳපටියෙන් මව් බලා සිටියදී ම පහර දීමට තරම් මේ පාපී පුද්ගලයා දරුණු විය.

සිය පියාගේ කාම විකෘතිය දරුවන්ට නොරහසක් විය. ඔහුගේ වැඩිමල් දියණිය තම පියා නරඹන කාම චිත්‍රපට ගැන පිළිකුල් සහගත කරුණු ගැන තම විදුහලේ ගුරුවරුන් සමග හෙළි කළේ ය. යුද්ධය ඇවිලී යද්දී යුද්ධ රසය සමග කාම යුද්ධ රසයක් ද ඔහුට ලැබුණේය. යුද්ධ හමුදාවේ සිටි තිරශ්චීන කාම උමතුවෙන් පෙළුණු ඔහු වැන්නන්ගෙන් ඔහුට අගනා කාම තෑගි ලැබුණේය. එවා අතර අල්ලා ගත් දෙමල කොටි සංවිධානයේ කාන්තා සෙබලියන් සමූහ වශයෙන් දූෂණය කරන සිද්ධීන් පටිගත කළ දර්ශණ ද විය. ඒවා දුටු නිර්මලා ඔහුට ශාප කළාය. ශාප කිරීමට දඩුවම් ලෙස ඔහු ඇයව ඔසවාගෙන ගොස් ඇදේ බැඳ නිරුවත් කර මදන රකුසෙකු සේ හැසිරුණේය. ඒ අතර වාරේ කතුන් දූෂණය කරන දසුන් ඇතුළත් සී ඩී පට ධාවනය කරමින් ඒවායේ හඩ වැඩිකරමින් උමතු වන්නට විය. මෙම බිහිසුණු විකාරය ඔහුගේ දියණිය සියැසින් ම දුටුවාය.

එදින පටන් වැඩිමල් දියණිය පියා දුටු තැන මගහරින්නට වූවාය. එවිට ඔහු කළේ තමන් හා කතා කිරීමට දරුවන් ට බල කිරීමය. පහරදීමය. පසුව නිර්මලා දරුවන්ද රැගෙන ඇයට අයත් නිවසට ගියාය. පියාත් දරුවන් හා බිරිදත් දෙපොලක ජීවත්වීම ඇරඹුණේය. රෙදි මසා විකුණා මහන්සියෙන් ඉදිකළ හෝමාගම ජනතා මාවතේ නිර්මලාට අයත් නිවසට දිනක් රාත්‍රියේ පැමිණි ඇමති චම්පික රණවක සිය නිල රිවෝල්වරය ඇයගේ ගෙලට තබා බියවද්දා එම නිවස තමා නමට ලියා ගත්තේය. පසු දිනෙක තමන්ට හිතවත් හමුදා මිතුරන් ඇය ජීවත් වූ හෝමාගම නිවසට යවා ඇයව දූෂණය කරවා ඒවා වීඩියෝ පටිගත කර ගත්තේ නරුමයෙකුවක් නොකරන ආකාරයෙනි.

පසුව ඇය වෙත පැමිණි චම්පික රණවක ඇමැත්තා එම පටිගත කර ගත් දර්ශණ ඇයට පෙන්වා දික්කසාදය ඉල්ලා සිටියේය. තවද ජ්යොඇතිෂ්යත හේතු මත තම ජීවිතයට ඇයගෙන් අපල ඇති බවද පුන පුනා කීවේය. ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඇයට අමානුෂික අන්දමින් පහර දුන්නේය. එම පහරදීම් හා බලහත්කාරකම් කලක් තිස්සේම සිදු කෙරිණ. ඇය පක‍ෂයේ ශාස්තෘවරුන්ගෙන් මේ ගැන යුක්තිය අයැද සිටියාය. ඔහුගේ සහචර බලවේග සියල්ලටම කියා සිටියාය. එහෙත් ඒ කිසිවෙක් ඇය වෙනුවෙන් කථා නොකළෝය.

මේ අතර චම්පික රණවක සිය අමාත්‍යාංශයේ නිලතල වලට සිය කාම සහායකයන් පත් කර ගත්තේය. පක්ෂය ගොඩ නැගීමට ඇප කැප වූ අය මෙම විපිරියාසය දැක දැක නිහඩ වෙති. එහි රහස දන්නේ නිර්මලාය. කාම පිපාසිත මිතුරන් කැළ අමාත්‍යාංශයේ උපද්ශකයන් හා බලවතුන්වීම නිසා පක්ෂයේ උරුමකරුවන් ට කළ දෙයක් නොහැකිවීම ඊට හේතුවයි. දිනෙක අමාත්‍යාංශයට ගිය ඇයවද එළවා දැමීමට ක්‍රියා කළේ ඒ කාම මිත්‍යා සහචරයෝය.

ඇයට මරණ තර්ජන වැඩිවිය. ඇගේ මව් පියන් කීවේ ඔය තිරිසනා අතැර දරුවන් දෙදෙනා ද සමග වෙන්වන ලෙසය. ඇය අවසානයේ එම ඉල්ලීමට එකඟ වූවාය. ඇය ඉල්ලා සිටියේ ඇය දුකසේ ඇදුම් මසා විකුණා උපයාගත් මුදලින් ගොඩනගා ගත් ඇගේම නිවස තම දරුවන් නමට ලියා දෙන මෙන්ය. නමුත් ඇයගෙන් කොල්ලකා ගත් එම නිවස පවා ඔහු දරුවන් ට ලියා දීමට අවසානයේ එකග වූයේ සිය ප්‍රාණ භුක්තියට යටත්වය. පාඨලී චම්පික ඇමැත්තෝ එතරම්ම බෞද්ධ මානව ප්‍රේමයෙන් ත්‍යාගශිලිත්වයෙන් ද යුක්ත වූහ. රටේ අවධානය ප්‍රභාකරන්ගේ මරණය වෙත යොමු වී තිබූ අවස්ථාවේ ඔහු දික්කසාදය ඉල්ලා අධිකරණයට නඩුවක් ගොණු කොට සිය බිරිද නිර්මලාගෙන් වෙන් වීම ලබා ගත්තේය. දැන් ඔහු ජයග්‍රහාහීය . ධනයත් නිදහසත් ඇත. අවල කෙළි කෙළින්නට බාධාවක් ද නැත. යුද්ධ ජය සමරා රටම කිරිබත් කද්දී ඔහු 16 වසරක් තමන්ව රැකගත් සිය බිරිදත් තම ජාන වලින් උපන් දරුවනුත් පන්නා දමා සිය ගහල දිවියට නිදහස උදාකර ගත්තේය.

ඉතින් පින්වත්නි ධර්මරාජ්යික එක් පියවරක් එසේ අවසන් වූ වගයි..


මෙම ලිපිය 2009 දෙසැම්බර් 08 වන දින —ලංකාඊනිවුස්˜වෙබ් අඩවියේ නම් පමනක් වෙනස් කොට පලවී තිබුන අතර මේ වනතුරුත් මෙහි කථානායකයා එහි කිසිවක් ප්‍රතික්ෂේප කර නොමැත. මෙම ලිපිය වෙනුවෙන් දක්වා තිබූ පාඨක ප්‍රතිචාර බොහොමයක මෙම සිද්ධිය සත්වූ බව සනාථ කර තිබුනු අතර ඒ අතර ඔහුගේ විශ්වවිද්‍යාල සම කාලීනයන් සහ පෞද්ගලික දැන හැඳුනුම් ඇති අයද විය. මෙම ලිපිය පලවීමෙන් අනතුරුව උරනවූ මොහු සිය බිරිඳට සහ දරුවාට නඩත්තු මුදල් ගෙවීම නතර කර දමා ඇති බවද වාර්තාවේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු  සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා දැන් දැන් යහපාලකයන්ගේ යම රජු වි තිබෙන් බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

විරයෙකු ලෙස වෙලේ සුදා අත් අඩංගුවට ගෙන් රාජපක්ෂ රජයේ විවිධ පුද්ගලයන්ට එරෙහිව නීතියි ක්‍රියාත්මක් කිරිමට සිටියද සුදා අනාවරණය කර ඇති කරුණු වලට අනුව වැරදිකරුවන් සියලුම් දෙනා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විම හෙතුවෙන් යහපාලක ආණ්ඩුව අන්දොස් වි සිටින බවයි.එම හේතුව නිසාම වෙලේ සුදා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා සැපයිම් සහ ප්‍රවෘති පලකිරිමද වහාම නතර කිරිමට කටයුතු කරන ලෙසට යහපාලක බලධාරින්ට රජයේ ඉහලින් නියෝග ලැබි තිබේ.

පසුගිය දිනක දුමින්ද සිල්වා අත් අඩංගුවට නොගන්නේ ඇයි දැයි ජහපාලක රජයේ අයිතිකරුවෙකු ලෙස කටයුතු කරන අතුරුලියේ රතන හිමියන් මෛත්‍රීපාල ජනපතිගෙන් විමසා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ ..මම් රනිල් කියන නිසා දුමින්දව ගන්නේ නෑ කියන්නේ බොරුවක්..ප්‍රශ්ණය එක නොවේ දුමින්ද ගත්තොත් අනිත් එවුන්වත් ගන්න වෙනවා හිටන්,...එහෙම උනොත් ආණ්ඩු කරන්න වෙන්නේ නෑ ....

නව ආණ්ඩුව පත්වීමත් සමග අත්අඩංගුවට ගැනෙන වෙලේ සුදා මෙරට හෙරොයින් ජාවාරමේ නිරත ඒජන්තයන්, ඔවුන්ට රැකවරණය සලසන දේශපාලකයන් ගැන තොරතුරු වමාරන්නට විය. ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණ තවමත් සිදු කෙරේ. එහෙත් ඒ කෙරෙහි වූ මුල් ගැම්ම කෙමෙන් අඩුවී යන බව දකින්නට තිබේන්නේද එම නිසාය.


වෙලේ සුදා මහා පතරංග ජාතකයක් වමාරා ඇතත්, තවමත් අත්අඩංගුවට ගත් අයෙක් නොවේ. ඔහු කැලේ පැන්නීමේ වුවමනාවක් මේ ආණ්ඩුවට ඇතැයි යන්න නම් තහවුරුවෙමින් පවතීන අතර  හෙට දවසේ වෙලේ සුදාද පොලිසියට පහරදී පලායන්නට හදද්දී මියයෑමට පුළුවන. නැතහොත් අධිකරණයට ගෙන ඒමේදී ඝාතනයවීමට ඉඩ ඇති බවයි LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ජ වි පෙරමුණේ අනුර කුමාර දිසානායක නුවර දී පවත්වන ලද කතාවකින් ඔහු ජාතිවාදීන් යැයි හඳුන්වන්නන්ට හොඳ හැටි බැට දී ඇතැයි වාර්තා වෙයි. එසේ ම අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නන් ද ඔහු අතින් විවේචනය වී ඇත.  කටහඬ අනුරගේ වුවත් චින්තනය රනිල් වික්‍රමසිංහගේ ය, නැත්නම් රවි කරුණානායකගේ ය. ඒ කාගේ වුවත් ජ වි පෙ නායකයන් දැන් මැදිවියේ පසුවුව ද, ජ වි පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී අවසන් ය.

ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අනුර කුමාර අතින් විවේචනය වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය බව පැහැදිලි ය. මේ නායකයෝ තම වැරදි වසාගැනීමට හෝ වෙනත් හේතුවකට හෝ ඇමතිකම් ලබාගෙන ජාතික ආණ්ඩුවක් යැයි කියන මගඩියක තවත් අවුරුද්දක් හෝ දෙකක් හෝ කල්ගත කිරීමට උත්සාහ දරති. එ ජා පක්‍ෂයේ සිරකරුවකු බවට පත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන කැබීනට් මණ්ඩලයේ තම ශක්තිය වැඩිකර ගැනීම සඳහා එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක් පත්කර ගැනීමට කැමතිවනු ඇත. එවැනි ආණ්ඩුවක් පිහිටුවීම නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමකි.

මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් එකල නො වී ය. බොහෝ දෙනා ආණ්ඩුවට එකතු වූයේ තම තමන්ගේ දෑත් ශක්තිමත් කර ගැනීමට ය. එහෙත් ඔවුන් කීවේ ජනාධිපති දෑත් ශක්තිමත් කිරීමට යන බවකි. එහෙත් දැන් නම් මෛත්‍රිපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වී ඇත.  රනිල් හා අනුර කුමාර ඒ සඳහා සහාය නොදෙන බව පැහැදිලි ය. මෛත්‍රිපාලගේ කෙසේ වෙතත් රනිල්ගේ දෑත් ශක්තිමත්ව කිරීමට අනුර කුමාරට අරලිය ගහ මන්දිරයෙන් කාමරයක් ලැබී ඇතැයි කියැවෙයි.

එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ අද ඊනියා ජාතිවාදීන්ට එරෙහිව කරන උද්ඝෝෂණය ය. රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ඊනියා ජාතිවාදයට එරෙහිව රැළියක් පැවැත්වීමට යන බව කියැවෙයි. ඉතා පැහැදිලිව මේ පසුගිය 18 වැනි දා නුගේගොඩ පැවති රැළියට පිළිතුරකි. එසේ පිළිතුරු රැළි පැවැත්වෙන බව අපි කල්තබා ම කීවෙමු. එසේ කීමෙන් අපි ගෞරවයක් බලාපොරොත්තු නො වෙමු. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ අය පිළිතුරු රැළි ගැන සිතන්නට ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුද්දකට වැඩි කලක් තිස්සේ එ ජා ප මේ ප්‍රචාරය ගෙන ගියේ ය. එහි දී ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ  (ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය වුවත් අද එය මෙහෙයවන්නේ ඇමරිකාව ය) බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සහාය නොමඳ ව ලැබිණි. ඉන්දියාවේ උගත් රෝ ඔත්තු සේවයට වැඩ කරන සිංහලයෝ මෙහි දී විශේෂයෙන් යොදාගනු ලැබිණි. මේ එකකු මා හමුවීමට ද පැමිණියේ කොටින්ට විරුද්ධව රණවිරුවන් කළ මෙහෙයුම් ඔහු ඉන්දීය දෘෂ්ටි කෝණයකින් විස්තර කර ලියූ පොතක් ද රැගෙන ය. විය යුතු පරිද්දෙන්ම මම ඔහු ගෙදරින් එළවා දැමුවෙමි.

සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ චින්තනය (මෙය අමරසේකරගේ ජාතික චින්තනයෙන් වෙනස් බව දැන්වත් පාඨකයා දැනගත යුත්තේ අවුල් සහගත ව නොසිතීමට ය) විස්තර කරන ලිපි ඉදිරියේ දී තව තවත් ලිවීමට බලාපොරොත්තුවෙමි. එහෙත් කිව යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් කෙසේ කීව ද සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් හෝ ගත්තේ නම් මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු බව ය. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද එය දැන සිටියහ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ 65% අඩුකිරීම ය. ඒ සඳහා ඔවුහු වෙනසක් අවශ්‍යය, දූෂණයට එරෙහි විය යුතු ය, ඊනියා සාධාරණ සමාජයක් බිහිකළ යුතුය, ඊනියා යහපාලනයක් ඇතිකළ යුතු ය, ඊනියා පිවිතුරු හෙටක් උදාකළ යුතු ය ආදී සිහින ඡන්දදායකයා, විශේෂයෙන් ම තරුණ ඡන්දදායකයා හමුවේ තැබූහ. එහි දී ඔවුහු, විශේෂයෙන් ම බටහිරයෝ , සයිබර් අවකාශය යොදාගත්හ.


ජ වි පෙරමුණේ මිනීමැරුම්, බටලන්ද, වයඹ පළාත් සභා ඡන්දය, වෝටර්ස් ගේට් ආදී කිසිවක් ගැන පමණක් නොව කොටි බෝම්බ ගැන ද නොදත් තරුණ තරුණියෝ ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැතිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂට ලැබුණු සිංහලයන්ගේ ඡන්දය 58%ක් පමණ විය. එය 65%ට වඩා අඩු විය. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වූයේ 65%, 58% දක්වා අඩුකිරීම ය.

ඉදිරි මැතිවරණයේ ද එය එසේ ම සිදු නොවන බව මෛත්‍රිපාල කෙසේ වෙතත් රනිල් දනියි. එබැවින් එහි දී ජාතිකත්වය තීරක බලය වීම වැළැක්වීමට රනිල් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද සහාය ඇතිව දැන් සිට ම සූදානම් වෙයි. අසාද් සාලි කී අයුරින් නොව නුගේගොඩ රැස්වීමේ බෞද්ධ කොඩි නො වී ය. එහෙත් එහි ජාතික කොඩි ද මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප ද විය. පැහැදිලිව ම අද මහින්ද රාජපක්‍ෂ සිංහල ජාතිකත්වයේ සංකේතය වෙයි. නුගේගොඩ රැස්වීම අහවල් පක්‍ෂයක හෝ අහවල් පුද්ගලයකුගේ රැස්වීමක් නො විය. එය වත්මන් යුගයේ ජාතිකත්වයේ රැස්වීම විය.

රනිල් ද බටහිරයෝ ද ඉන්දියානුවෝ ද  ඒ බව දනිති. රනිල් අද ජාතිකත්වයට බිය වී ඇත. ඔහු ජාතිකත්වය වෙනුවෙන් යම් ප්‍රමාණයකට වුවත් පෙනී සිටින ජනමාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන්නෙත් නුගේගොඩ ජාතිකත්ව රැස්වීමට විරුද්ධව ඊනියා ජාතිවාදී නොවන රැස්වීම් සංවිධානය කරන්නේත් එබැවිනි.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 25  


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ බලයේ සිටිමට තිබෙන කෑදරකම නිසා අපේ ඇමතිකම් බිල්ලට දි එතුමාගේ අගමති කම රැක ගැනිම් සදහා කටයුතු කරමින් සිටින බව LNW ඇමතු වත්මන් රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම කියා සිටියා....." අන්තිමට ලොක්කාගේ කොල්ලො ටික ඇමතිකම් වල ඉතුරු වෙවි අපිට ගෙදර යන්න වෙවි...." ජාතික ආණ්ඩුවක් සැදිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද අකමැති බවයි ඔහුන් පෙන්වා දුන්නේ.

විපක්ෂනායක නිමල් සිරිපාලට අගමැති විය හැකි බවට් කැරට් අලයි පෙන්වමින් සිටින අතර මේ තරම් මොඩ් විපක්ෂ නායකයෙකු තමන් දුටු පලමු අවස්ථාව මෙය බවද ඔහුන් සදහන් කළා.

අන්තිමට ඉතුරුවන ඇමතිවරුන්

එක්සත් ජාතික පක්ෂයේ අලුත් නම -එක්සත් සමලිංගික පක්ෂය

සමලිංගික සාමාජිකයින්

රනිල් වික්‍රමසිංහ / පක්ෂ නායක -අගමැති

සජිත් ප්‍රේමදාස /උපනායක - නිවාස ඇමති (බිරිද හරේන් සමග සැතපේ )

මලික් සමරවික්‍රම  /සභාපති

රුවන් විජේවර්දන / ආරක්ෂක ඇමති

මාධ්‍ය ප්‍රකාශක /අකිල විරාජ් - අධ්‍යාපන ඇමති

එජාප ජාත්‍යන්තර කටයුතු හා අග්‍රාමාත්‍ය කාර්යාල මණ්ඩල ප්‍රධානි /සාගල රත්නායක

එජාප මාධ්‍ය ප්‍රධානි සහ ජිල්මාට් සම්පාදනය / මංගල සමරවිර / විදේශ ඇමති

සුජීව සේනසිංහ / අධිකරණ ඇමති

රන්ජන් රාමනායක (අතීතයේදී ජිගලෝ කෙනකි - ජිගලෝ යනු පිරිමි ගණිකාවන්)  / ඇමති

චම්පික රණවක - බහු ලිංගික (පිරිමි සහ ගැහැණු ) / ඇමති

වසන්ත සේනානායක / ඇමති  


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිතව ඇති අතර එම ප්‍රදේශයේ රැදි සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ කිසිදු ආරක්ෂක නිළධාරියෙකුට එම ප්‍රදේශට ඇතුල් විමට අවසර නැති අතර අද දහවල් වෙරළබඩපත්තු ප්‍රදේශයේ රැදි සිටි පොලිස් නිළධාරින් කිහිප දෙනෙකුට තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායමක් යැයි පවසමින් තර්ජනය කර එළවා දමා තිබෙනවා.මිට අනතරව පුදුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ප්‍රදේශ රැසකම ආරක්ෂාවට රදවා තබා සිටි ආර්ක්ෂක අංශ සමාජිකයන් පන්නා දමා තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර අප වාර්තාකරු සදහන් කළේ ලබන 28 වැනිදා මධ්‍යස්ථාන 95 ක පැවැත්වෙන මෙම් මැතිවරණයේදි ද්‍රවිධ ජාතික සංධානය(ඉලන්කෙයි තමිල් අරසු කච්චි ) තමන්ට අවශ්‍ය ආකාරයට මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවමින් සිටින අතර තම පක්ෂයට හැර වෙනත් පක්ෂයකට ඡන්දය දිම ඊළමට යන පාර වසා ගැනිමක් බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටි. මේ අතර තැපැල් කාර්යාලවල ඉතුරු වි තිබෙන  නිල ඡන්ද පත්‍රිකා වල අයිතිකරුවන් කවුරුන්ද යන්න විමසිම් කොට පසුව ඔහුන්ගේ නිවස් වලට් විවිධ පුද්ගලයන් යවා තර්ජණය කර එම  නිල ඡන්ද පත්‍රිකා ලබා ගන්නා ලෙසට හිමිකරුවන පවසා තිබේ.

2011 පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මුහුදුබඩපත්තු සහ පුදුකුඩිඉරිප්පු පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීම අධිකරණය විසින් රිට් ආඥාවක් මගින් තහනම් කරනු ලැබු අතර මෙම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සම්පුර්ණ කර නොමැති වීම සහ බිම් බෝම්බ ඉවත් කර නොතිබීම යන කරුණු නිසා මෙම පළාත් පාලන බල ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සමක් මෙම රිට් ආඥාවට හේතු විය.

දේශපාලන පක්ෂ 5කින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයින් 72 දෙදෙනෙක් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභාව සඳහා නාම යොජනා භාර දී තිබු අතර, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව සඳහා දේශපාලන පක්ෂ 6කින් අපේක්ෂකයින් 90 දෙනෙක් නාම යෝජනා භාරදී තිබිණ.

2014 ඡන්ද හිමි නාමලේඛණයට අනුව පෙබරවාරි 28 වන දින මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ඊට අනුව ඡන්ද දායකයින් 29269 ක් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියි.

මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාව සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 23489 ක් සුදුසුකම් ලබා සිටී.

ඡන්ද පොල 45ක් පුදුකුඩිඉරිප්පු හි ක්‍රියාත්මක වන අතර මුහුදුබඩපත්තුවේ ඡන්ද පොළ 50ක් ක්‍රියාත්මක වෙයි.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ජහපාලකයන්ටද මහත් හිසරදයක්ව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව කෙසේ හෝ කොටුකර ගැනිම සදහා වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

බන්ධනාගාරය විසින් හිටපු ඇමැති සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂි විරවංශ මහත්මිය අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර එහිදි ශෂී වීරවංශගේ බැංකු ගිනුම් විස්තර පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස බැංකු 19ක කලමනාකරුවන්ට නියෝග කරන්නැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.එම ගිණුම් පරික්ෂාකර ඒ හරහා කෙසේ හෝ විමල් විරවංශ අත් අඩංගුවට ගැනිමට තරම් ප්‍රමාණවත් සාක්ෂි එකතු කරන ලෙසට නියෝග නිකුත් කර තිබේ.

මේ අතර කවුරුන් තමාත් තම බිරියත් මොන හිරේ දැම්මත් තම ඉදිරි දේශපාලන පියවර නොනවත්වන බව බිරිඳ ශෂී වීරවංශ අද (25) අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ හිටපු ඇමැති විමල් වීරවංශ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.මේ තත්ත්වය මෙසේ ඇතිවේයැයි බලාපොරොත්තු වූ බවද කෙසේ වෙතත් සාධාරණත්වය පිළිබඳව තවමත් බලාපොරොත්තු තබා ඇතැයිද චෝදනා තොග හා සිල්ලර වශයෙන් පැටවු ගසන බවද එහිදී ඔහු පැවසීය.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ශ්‍රී ලංකාවේ ආණ්‌ඩු ද්‍රවිඩ ජාතිය විනාශ කරන බැවින් ඉතා ඉක්මනින් උතුරේ ඊළම නිල වශයෙන් ස්ථාපිත කිරිම සදහා  උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වන ලෙස පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත සංදේශයක්‌ යවමින් ඉල්ලා තිබේ.

උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පවත්වන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එවන ලෙසත් ඔවුන් කිසිදු අවසරයකින් තොරව උතුරු නැගෙනහිරට ගොස්‌ සාක්‌කි සටහන් කර ගැනීමට කටයුතු කළ යුතු බවත් දක්‌වා තිබේ.

පෙබරවාරි 23 දා යවා ඇති මේ සංදේශයෙන් යුරෝපා සංගමය, ඇමරිකාව, ඉන්දියාව සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී ශ්‍රී ලංකාවට දේශපාලන විසඳුමක්‌ දිය යුතු බව ද සිවාජිලිංගම් ඉල්ලා තිබෙන බව අප වාර්තාකරු සදහන්කළා.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රාජ්‍ය නොවන සංවිධාන වල ඩොලර් කුට්ටි වලට ගිජුවි තමන්ගේ රට පමණක් නොව අවශ්‍ය නම තමන්ගේ බිරිඳ,දරුවන් හෝ ඔනෑම අයෙකුට උගස් තැබිමට දෙවරක් නොසිතන නමුත් මහා දේශප්‍රේමින් ලෙස පොර ටොක්ස් දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි කියන නමුත් තුන් හතර දෙනෙකුට වඩා නැති සංවිධානයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මාධ්‍ය නිදහස අමතක කර රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය තර්ජනය සාධාරණීකරණය කරමින් සිටින බව වාර්තා වේ.

කෙලින් හිටගෙන වචන 10ක් කතාකල නොහැකි වික්‍රමසිංහලාට පොඩි අප්පුඩියට ගිය චුන් එක නිසාම මාධ්‍යට කල තර්ජනය හේතුවෙන් රනිල් පාරේ බැහැලා ගියද අනිත් මන්ත්‍රිවරුන්ට පාරේ බැහැලා යන්නට විදියක් නැති බව පැවසිම හේතුවෙන් රනිල්ගේ මාධ්‍ය තර්ජනය සාධාරණීකරණය කිරිමේ කාර්යය සුනිල්ට පවරා තිබේ.
ඒ අනුව ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදන මෙන්ම බලහත්කාරයෙන් වෙබ් අධවි වලද පල කරමින් සිටි.

අග්‍රාමාත්‍යවරයා කිසියම් ආවේගයකින් එම කාරණය පැහැදිලි කළ නමුත් ඔහු ඉදිරිපත් කළ කරුණු අනුව බලන විට ඉහත කී ප්‍රකාශය කිසි සේත් මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවන බවයි  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකරගේ මතය වි ඇත්තේ.

ජාතිවාදය උසිගන්වන අයුරින් පුවත් පළ කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අගමැතිවරයා කළ ප්‍රකාශය අනුමත කරන බව ඔබ පවසන්නේ නම් අපට සුනිල් අයියාගෙන් අසන්නට ඇත්තේ උතුරේ සිදුවන දෑ වාර්තා කරනය ජාතිවාදයද යන්නයි.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට ඉදිරිපත් වී තමා පරාජය කර අගමැති වීමට ය.

 රනිල් වික්‍රමසිංහ අද වියරුවෙන් මෙන් කතා කරන්නේ , හැසිරෙන්නේ තමන් නීත්‍යානුකූල ව අගමැති නොවන බව දන්නා නිසා ය. ඔහු සිංහල ජාතිකත්වයට මූලික වශයෙන් විරුද්ධ ය. එබැවින් සිංහල ජාතිකත්වයට යම් ආකාරයකින්වත් පක්‍ෂව කටයුතු කරන රිවිර හා දිවයින පුවත්පත් මර්දනය කිරීමට ඔහුට අවශ්‍ය වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයක දී ඔහුගේ සිංහල ජාතිකත්ව විරෝධයට ජනතාව එරෙහි  වන බව ඔහු දනියි. ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කරන්නේ මෛත්‍රිපාල සිරිසේන පික් පොකට් ගැසූ ශ්‍රී ල නි පක්‍ෂයෙන් මහින්දට නාම යෝජනා දීමට ඇති ඉඩ ඉතාමත් අඩු නිසා ය.

රනිල්ට මහින්ද පැරදවිය හැකි නම් ඔහුට 2010 දී හා 2015 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීමට තිබිණි. එහෙත් ඔහුට එය කළ නොහැකි බව දන්නා බැවින් ඔහු වෙනත් අයට ඒ අවස්ථාව ලබා දුන්නේ ය. සිංහලයන්ගේ ඡන්ද ඔහුට ලැබෙන්නේ  අඩු ප්‍රමාණයකිනි. ඔහු පවසන පරිදි 2005 දී ඔහු පැරදුණේ කොටි සංවිධානය ඡන්දය වර්ජනය කළ බැවිනි. එයින් කියැවෙන්නේ සිංහලයන් ඔහුට ඡන්දය අඩුවෙන් දෙන බව හා කොටි සංවිධානය ඡන්දය වර්ජනය නොකළේ නම් දෙමළ ඡන්ද ඔහුට ලැබීමට තිබුණු බව ය. ඔහුට සිංහල ඡන්ද ප්‍රතිශතයට වඩා දෙමළ ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි. එසේ වන්නේ කුමක් හෙයින් දැයි රනිල් තේරුම් කරන්නේ ද?

 ඔහුට නොව පොළොන්නරුවේ ගොවියකුගේ පුතකු යැයි කියන මෛත්‍රිපාල සිිසේනටවත් සිංහල ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබී නැත. මෛත්‍රිපාලට සිංහල ඡන්දවලින් ලැබී ඇත්තේ 42%ක් පමණ ය. අද මහින්ද සිංහල ජාතිකත්වයේ ඉහළ ම නියෝජිතයා වෙයි. ඔහු සමග අද සිංහල ඡන්ද සඳහා තරග කිරීමට වෙනත් කිසිම දේශපාලනඥයකුට නො හැකි ය. අප මෙයින් අදහස් කරන්නේ දෙමළ හා මුස්ලිම් ඡන්ද ප්‍රතික්‍ෂෙප කළ යුතු බව නො වේ. එහෙත් ඒ ඡන්ද ලබාගැනීමට බටහිරයන් හා ඉන්දියාව පසුපස ගොස් සිංහල ජාතිකත්වය පාවා නොදිය යුතු ය. අද මෙරට ජාතිවාදය නමින් රනිල් ඇතුළු එ ජා ප, පඬියන් හා අන් අය විසින් හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය පාවාදීමට විරුද්ධ වීූම ය.  

 ඒ කෙසේ වෙතත් ජනවාරි 8 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් මිස  පාර්ලිමේන්තු මැතිවරණයක් නො වේ. එහි දී දි මු ජයරත්න වෙනුවට රනිල් අගමැති කළ යුතු ය යන්න යම් කිසිවකුගේ සිතේ තිබුණි නම් ඒ රනිල්ගේ විය යුතු ය. ජනවාරි 8 වැනි දා රනිල් අගමැති කළ යුතු බවට කිසිම වේදිකාවක හඬක් නො නැඟිනි. යම්කිසි අයුරකින් කිසිවකු එවැනි අදහසක් ප්‍රකාශ කළේ නම් නිසැකව ම මෛත්‍රිපාල පැරදීමට තිබිණි.

තමා නීත්‍යානුකූල අගමැති නොවන බව රනිල් හොඳාකාරව ම දනියි. මෛත්‍රිපාල සිරිසසේන දිවුරුම් දුන් විගස ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නේ දි මු ජයරත්නගේ අගමැතිකම පික්පොකට් ගැසීමට ය (මේ වෙබ් අඩවියේ පළ  වී ඇති මේ ආණ්ඩුව නීත්‍යානුකූල ද යන ලිපිය කියවන්න). තවමත් මේ රටේ අගමැති දි මු ජයරත්න ය. අද රනිල් අගමැති වී සිටින්නේ විධායක ජනාධිපති බලතලවලට හා ශ්‍රී ල නි ප ඉහළ නායකයන්ගේ නිවටකමට පින්සිිදුවන්නට ය. රනිල්ට අගමැති වීමට ජනතාව ඡන්දය දී නැත.    

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 24


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
එක්සත් භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහ සංඝ සභාවේ කාරක සංඝ සභික තීනියාවල පාලිත හිමියෝ යහපාලන ඔරුවේන් නිවන් දැකිම සදහා බුද්ධ ශාසනයටත් කෙලවා ඉතිහාසයේ කිසිදු සිවුරක් දැරු භික්ෂුවක් නොකල පහත්,මජර වැඩක් කර තිබේ. ඒ  තීනියාවල පාලිත හිමියන් ලංකා හොස්පිටල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය හරහා මාර්ග ඵල ලැබිමය.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හා පුවත්පතක් සමග එක්වී සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ යැයි පවසමින් එක්සත් භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට කෙලවිමට කටයුතු කල තීනියාවල පාලිත රනිල් වික්‍රමසිංහගේ දෙඇටයම ලෙව කෑමෙ ප්‍රථිපලයක් ලෙස මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වය ලැබි තිබේ.

ජනාධිපතිවරණ සමයේ ජහපාලක ලොක්කා යැයි කියාගත් බල්ලට ගිය රටේ ජනපති මෛත්‍රී කියා සිටියේ තමන් කිසිම දිනක භික්ෂුන් වහන්සේලාට අගෞරවයක්වන කිසිදු දෙයක් සිදු කිරිමට ඉඩ නොදෙන බවය.නමුත් දැන් මේ වන්නේ ඉතිහාසයේ කවරදාකවත් සිදුවු දැ නොවන බව මෛත්‍රී දැනගත යුතුය.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
LNW Exclusive-හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර ජනාධිපතිවරන උනුසුම උච්චතම තැනකට පැමිණ තිබුනු දිනයක්......ඒ 2010 ජනවාරි 24 වැනිදා  උදේ දහයට ගෙදරින් පිට වෙලා ගියේ. එදා ඉඳල තවම මම මේ දුවන්නේ ප්‍රගීත්ගේ කටහඬ අහන්න තමයි එහේම කියන්නේ එක්‌නැලිගොඩගේ බිරිඳ....ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ප්‍රගීත් හිටියේ රාජගිරිය ප්‍රදේශයේ එවකට මහින්දට එරෙහිව බලමුලු ගන්වන විකල්ප මාධ්‍යවේදීන් නිරන්තර හමුවන ස්ථානයකය.

එම ස්ථානයේ සියලු ඔනෑ එපාකම් සොයා බැලුවේ එවකට මන්ත්‍රිවරයෙකුව සිටි වර්තමනයේ අමාත්‍යවරයෙකු වන අයෙකු වේ.(දන්නෝ දනිති..සන්ධ්‍යා නොදන්නේ නම් අපට ලියන්න )සුපුරුදු පරිදි එදිනද මධුවිත පිරුනු සාකච්ඡා වලින් පසුව අනිත් සියලු දෙනාටම පෙර එම ස්ථානයෙන් ඉවත් විමට අවශ්‍ය වුයේ ප්‍රගීත්ටය ඒ ඔහු කවුරුන් හෝ හමුවිට අවශ්‍ය බව සදහන් කරමින්‍ ය. ඒ ගිය ප්‍රගීත් අදටත් ආවේ නැත.

.....එක්කෝ ප්‍රගීත් ජිවතුන් අතර නැත....නැතහොත් පරණ් ප්‍රගීත් මරා දැමු ඔහු අලුත් කෙනකු ලෙස ලෝකයේ කොතනක හෝ ජිවත් වනවා විය හැකිය.සමහර විට එය තව කෙනකු දන්නවා විය හැක..නැතහොත් නොදන්නවාද විය හැකිය....සත්‍ය වශයෙන්ම ඒ දන්නා කෙනා දැන් ජිවත් වෙමින් සිටින බව පමණක් අපට කිව හැකිය.....(සියලු තොරතුරු අනාවරණය කල නොහැක)

සත්‍ය වශයෙන්ම ප්‍රගීත් ඝාතනය කලේ හෝ අතුරුදහන් කළේ කවුරුන්ද? මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය දඩයමේ නිළ ලකුණ බවට පත්වු ප්‍රගීත් මේ අවසන් වු ජනාධිපතිවරණයේදි මෙන්ම මැතිවරණයෙන් පසුව කතාබහට ලක් නොවන්නේ මන්ද?

අතුරුදහන් වූ බව කියන ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේදී තමන්ට මුණ ගැසුණේ යයි මහත් ආන්දෝලානාත්මක ප‍්‍රකාශයක් කල සන්ධාන මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු සිරස රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමින් තම ප‍්‍රකාශය යළිත් තහවුරු කරමින් ප්‍රසිද්ධියේ තමන්ට ප‍්‍රගීත් එක්නැලිගොඩ පෙන්වූ බව කියූ මංජුල වෙඩිවර්ධන නැමැති මාධ්‍යවේදියාද ප‍්‍රංශයේ සිට දුරකතනයෙන් සම්බන්ධ වූ අතර ඔහු මන්ත‍්‍රිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරන විටදිය.(අරුන්දික දැන් ජහපාලක ආණ්ඩුවේ) ජනාධිපතිවරණයක් පෙනේන නොපෙනෙන සමයක ප්‍රගීත් සිටින බව පැවසිමෙන් බීයට පත්වුයේ කවුරුන්ද? අද ඔහු සිටින්නේ කවර කණ්ඩායමෙද? දැන් ඔබට ප්‍රශ්ණ වැලකි.....

දැන් වෙන කතාවක්..............
"ක්ෂණික විවාහයක් වූ එදින මංගල රත්‍රියේදීම නිර්මලාව නිරුවත් කරමින් චම්පික රණවක නම් ”දේෂප්‍රේමීයා” දිගට හරහට ඡායාරූප ගත්තේය. මේ ඇයි දැයි ඇය වික්ෂිප්ත වුවද චම්පිකගේ සතුටට අකුල් හෙළුවේ නැත. එතැන් පටන් ඔහුගේ ලිංගික සතුට වූයේ එය ය. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමට චන්දනට නොහැකි බව දැන ගන්නා විට නිර්මලා පරක්කු වූවා වැඩිය. මේ මිනිසා කල් ඇතිව හදුනා ගන්නට බැරි වූ නිසා අසරණ වූ ඇය ඔහුට රිසි සේ ඉඩ දී වසර හතරක් කිසිදු කායික බැදීමක් නොමැතිව සිටියාය. බටහිර කාම චිත්‍රපට නැරඹීමෙන් ලිංගික මිථ්‍යා අශාවන්ට ගොදුරු වී සිටි චම්පිකගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. වරෙක ඇය නිරුවත් කර ලණුවලින් බැද සිරුරේ පාට තවරමින්ද, තවත් වරෙක පාට තවරමින් පහර දෙමින්ද ඔහු ආශ්වාද වින්දේය. බැරිම තැන ඇය ඔහුගේ රහසිගත මිතුරකු වූ ලෝහාන්ට මේපුවත් කීවාය. වැඩක් වූයේ නැත. ලොහාන් ද පාඨලී චම්පිකගේම කුලයේ තවත් එකෙකු බව පසුව හෙළි විය."

නිර්මලා...... 2010 ජනාධිපතිවරණ සටනේදි විපක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂයට සිටි ප්‍රධාන හතුරෙකි සිංහල බෞද්ධ පිරුවටයට මුවාව රාජපක්ෂලා පොෂණය කල ජාතික හෙළ උරුමය.... මහින්ද වට්ටන්න නම් හෙළ උරුමයට ගහන්න ඔනෑ.... (පාඨලී චම්පික රණවක මහතාගේ ජන්ම කේන්ද්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් අනුව 2020 වන විට ඒ මහතා ශ්‍රී ලංකාවේ නායකයා වීම අනිවාර්ය බවට මේ වන විට කතාවක් සදමින් සිටි.)

ඒ අනුව හදිස්සියෙම විපක්ෂයට ඉල්ලමක් පැදිනි ඒ නිර්මලා...... නම්වු ඉල්ලමය.....පාඨලී චම්පිකගෙ අවිචාරවත් කාම ආශාවන්ට බිලිවෙමින් සිටි නිර්මලා තමන්ගේ කතාව කෙසේ හෝ කාට හෝ කියන්නට අවශ්‍ය විය..... 2009 නොවැම්බර් මැද භාගයේ දවසක නිර්මලාට ප්‍රගීත් මුණ ගැසිය(ඒ අනිත් දන්නා කෙනාය) එම මුණ ගැස්සවිමට බත්තරමුල්ල පැත්තේ ජිවත් වන එජාප මන්ත්‍රිවරයෙකු මැදිහත් විය.එවකට ලංකා ඊ නිවුස් කතෘවරයෙකු ලෙස කටයුතු කල ප්‍රගීත් මේ කතාව ලංකා ඊ නිවුස් හී පල කලෙය.නමුත් මුදලට යටවු සදරුවන් එම පුවත සතියක් යන්නට කලින් ඉවත් කරනු ලැබුවා පමණක් නොව පුවත සම්බන්ධයෙන් වු තොරතුරුද හෙළිකර තිබේ. අදාළ ලිපිය ලංකා ඊ නිවුස් හී පල වුයේ 2009 දෙසැම්බර් 08 දිනය.

පසුව ප්‍රගීත් පසුපස හඹා ආවේ අමුතුම ආකාරයේ බලවෙගයකි...එය හරියටම ....1988-1989 සමයේ පාඨලී චම්පිකලා මෙහෙය වු "ප්‍රා" සංවිධානයට හරියටම සමානය.
තවදෙයක් කිව යුතුමය "ප්‍රා" සංවිධානයේ නිර්මාතෘවරුන් දෙදෙනෙකි දෙදෙනාම අද එකම තැනය ඒ පාඨලී චම්පික හා රාජිත සේනාරත්නය

දැන් ඔබට සත්‍ය වැටහෙනු ඇත කතාව තවමත් අවසන් නැත.....ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් පිටව ගිය ප්‍රගීත්ට සිදුවුයේ කුමක්ද?

දැන් සන්ධ්‍යා එක්නැලිගොඩ මේ වැඩේ ලෙසියෙන් බෙරාගත හැක.......සත්‍ය පසුපස ඇය හඹා යන්නේ නම් දැන් මාර්ගය විවෘත කර අවසන් ය........


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
බෙදුම්වාදීන්ගේ ප්‍රබලම් හතුරා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සදහා ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක් යම් උත්සහයක යෙදෙමින් සිටින බව වාර්තා වේ.LTTE ත්‍රස්තවාදීන් සමග සමිප සම්බන්ධතාවයන් ඇති ත්‍රස්ත කණ්ඩායමක් මෙම මෙහෙයුම සකස් කරමින් සිටින බව යුරොපයේ ආරක්ෂක බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. 

එම තොරතුර දැනගත් ශ්‍රි ලාංකිකයෙකු යුරෝපය පුරා SMS පණිවිඩයක් ලෙස මෙම තොරතුරු මුදාහැර තිබේ.පහත දැක්වෙන්නේ එම SMS පණිවිඩයයි.

"Just got to know from some reliable sources close to LTTE in USA , that they are planning to kill Mahinda Rajapaksha. Don't know when. But could happen anytime as a reveange of killing tamils. MR should immediatly stop seeing normal people or find alternative secured method to deal with it. Gov can involve with this secretly. If something happen it will be too late. Pl try to pass this ASAP......"


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
නුගේගොඩ පැවති මහින්දාගමනය ජන රැළියෙන් භියට පත්වු රජය සිය දින 100 වැඩ පසෙකලා අමුතුම ආකාරයේ දඩයමක් ආරම්භකර තිබෙන බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර තිබේ.

නුගේගොඩ පැවති ආකරයෙම විශාල ජනතා රැළියක් මහින්දානන්ද අලූත්ගමගේ හා ලොහාන් රත්වත්තේ ප‍්‍රධානත්වයෙන් නුවරදී පැවැත්වීමට කර ඇති සැළසුමක් ගැන නව රජයේ දේශපාලන නායකයින්ට තොරතුරු ලැබී තිබේ.මෙහි අරමුණ වන්නේද මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස තෝරාගත යුතුව ඇතැයි ජනපති සිරිසේන මහතාට බල කිරීමය. නමුත් එම රැළිය නතරකිරිම සදහා නුගේගොධ රැළිය සදහා දායකත්වයන් ලබාදුන් පිරිස් මර්දණය කිරිම සදහා වැඩපිළිවෙළක් මේ වනවිටත් සකස් කරමින් සිටින බවද විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.එම ක්‍රියාවලිය මෙහෙය විම සදහා බුද්ධි අංශ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ආරක්ෂක අමාත්‍යංශ උපදේශකයෙකුගේ යටතට පත්කර තිබේ.

නුගේගොඩ රැලියට ආධාර සැපයූ,බස් රථ සදහා ගෙවීම් සිදුකළ,අතුරුගිරියේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇතැයි කියන පති‍්‍රකා සදහා මුදල් වැය කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ තොරතුරු රජය සතු බවද වාර්තා වේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත.  ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය.

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන්  සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය.

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර  යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත  නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.


නලින් ද සිල්වා


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර සිදුකල ආකාරයෙම අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු භාරයක් වෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යලි දේශපාලන ගමන්මගේ අලුත් පියවර ආරම්භ කල බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ.

 ඊයේ කතරගමට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වු අතර එම අවස්ථාවට ශිරන්ති රාජපක්ෂ,නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ,  ශෂීන්ද්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේද සහභාගි වි සිටියා.ඊයේ රාත්‍රිය  කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ගත කල ජනපති අද (23) පෙරවරුවේ පිටත් ව ගොස් තිබේ.

ඊයේ රාත්‍රිය පුරාම දස දහස් සංඛ්‍යාතය ජනතාවක් හිටපු ජනාධිපතිවරයා දැක ගැනිම සදහා කිරිවෙහෙර විශ්‍රාම ශාලාව ආසන්නයේ රැදි සිටි අතර ජනපති සදහා වු සියලු පිංකම් වලටද ඔහුන් සහභාගි වුයේ තමන්ගේ වැඩකටයුතු සියල්ල පසෙකලා බව බව අප වාර්තාකරු සදහන් කළා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. සිදුවන්නේ නව ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කැබිනට් මණ්ඩලයට එකතු වීම පමණකි. අගමැති වෙනස්වීමක් අස්වීමක් ගැන සඳහන් නොවන බැවින් අනෙක් කැබිනට් ඇමතිවරුන්ගේ ද වෙනසක් නො සිදුවෙයි. අදටත් නීත්‍යානුකූල අගමැති දි මු ජයරත්න ය.

එසේ වුවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ නිකුත් කරන්නේ තමා ජනාධිපති ලෙස සලකමිනි. වාර්තා වී ඇති අන්දමට කුරුණෑගල පැවති රැස්වීමක දී ඔහු කියා ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මෙන් ඔහු පුවත්පත් කතුවරුන් මුණගැසීමක් නොකරන බව ය. මහින්ද රාජපක්‍ෂ මෙන් මුණගැසීමට රනිල් ට නොහැක්කේ ඔහු ජනාධිපති නොවන නිසා ය. එසේ කළ හැක්කේ මහින්දට පමණ ය. ඒ කෙසේ වෙතත් රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට විටෙක තර්ජනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇත්තේ ජනාධිපතිට පමණක් බව ඔහු නො දන්නේ ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකමින් ක්‍රියාකරන රනිල් ජාතිවාදය අවුස්සන්නේ යැයි කියමින් ඉරිදා දිවයින පුවත්පතටත් එහි කතෘ අනුර සොලමන්ස් මහතාටත් ඉරිදා රිවිර පුවත්පතටත් එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතාටත් තර්ජනය කර ඇත්තේ නමින් ම ය. රනිල් මේ අවසාන වතාව බවත් පුවත්පත් හිමියන් ගෙන්වා කටයුතු කරන බවත් ප්‍රකාශ කර ඇත. ඔහු කරන්නට යන්නේ කුමක් ද යන පැහැදිලි ය.

මගේ ලිපි ඉරිදා දිවයින පුවත්පතෙහි පළ නොවීම පිළිබඳ මට කුකුසක් ඇති වී තිබිණි. අද පුවත්පත් නිල නොවන වාරණයකට යටත් ව ඇති බවට සැකයක් තිබිණි. රනිල්ගේ කුරුණෑගල ප්‍රකාශයෙන් එය තහවුරු වෙයි. මේ පුවත්පත් ජාතිවාදය අවුස්සන්නේ ය යන්නෙන් රනිල් අදහස් කරන්නේ කුමක් ද? මේ පුවත්පත් දෙකම එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වැඩුණු පුවත්පත් ය. රණසිංහ මහතා මා දන්නා ආකාරයට එ ජා ප නිල පුවත්පත වූ සියරට පත්‍රයෙහි ද කතෘ ධුරය දැරී ය.

එහෙත් රණසිංහ මහතා එ ජා පක්‍ෂයේ සාමාජිකයකු ව සිටියේ යැයි මම නො සිතමි. කෙසේ වෙතත් ඒ මහතාට එ ජා පක්‍ෂයට හා එහි නායකයන්ට නැති ජාතිකත්වයක් තිබුණේ ය. රිවිර හා දිවයින පුවත්පත්වල රණසිංහ මහතාගේ ජාතිකත්ව ලකුණ ඇත. මේ ජාතිකත්ව ලකුණ පිළිබඳ ව රනිල් වික්‍රමසිංහට එඩ්මන්ඩ් රණසිංහ මහතාගෙන් තවදුරටත් කරුණු දැනගත හැකි ය. අද රනිල් වික්‍රමසිංහ ජාතිවාදය යනුවෙන් හඳුන්වන්නේ මේ ජාතිකත්වය විය යුතු ය. හැකිනම් ජාතිවාදය යනු කුමක් දැයි නිර්වචනය කර ඒ පුවත්පත්වලින් ජාතිවාදයක් නිරූපණය වන්නේ කෙසේ දැයි පැහැදිලි කර දෙන මෙන් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටිමි.

මෙරට දෙමළ ජාතිවාදීන් ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිංහල විරෝධීන් ද කලක් තිස්සේ මේ පුවත්පත් ජාතිවාදී යැයි කියන බව අපි දනිමු. පෘතුගීසීන් ලංකාවට පැමිණි දින සිට ම සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර එල්ල වන්නට විය. රනිල් ට පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වස සැමරීමට වුවමනාවක් 2005 දී වූ බව ද අපි දනිමු. එය මගහැරී ගියේ ඔහුට අගමැති පදවිය අහිමි වීම නිසා ය. 1815 ජනවාරි පෙබරවාරි 18 වැනි දා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසින්ට පාවා දෙනු ලැබිණි. රනිල්ට සෘජුව ම අභියෝග නොකළත් මහින්ද රාජපක්‍ෂ අගමැති බවට පත්කිරීමේ සටන නුගේගොඩින් ඇරඹුණේ ඉන් හරියට ම අවුරුදු දෙසියයකට පසුව ය. මාර්තු 2 වැනි දාට සිංහල ඉංගිරිසි ගිවිසුම අත්සන් කර අවුරුදු දෙසියයක් පිරෙයි. ආණ්ඩුව එය සැමරීමට කල්පනා කරන්නේ ද?

තමා නීත්‍යානුකූල ව  අගමැති නොවන බව දන්නා රනිල් අද හැසිරෙන්නේ  ආත්ම විශ්වාසයක් ඇතිව නො වේ. ඔහුට නුගේගොඩ රැස්වීම ප්‍රශ්නයක් වී ඇත් ද? ඒ කෙසේ වෙතත් සිංහලයන්ට දිනාගැනීමට ඇති අයිතිවාසිකම් බොහොමයකි. එ අයිතිවාසිකම් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට නැති වූයේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආක්‍රමණ සමග ය. 1505(6) දී ඇරඹී මේ ක්‍රියාදාමය 1833 ව්‍යවස්ථාදායක මණ්ඩලය පිහිටුවීමත් සමග සෘජු දේශපාලන තලයට පැමිණියේ ය. එදා පටන් ඉංගිරිසිහු සිංහල ජාතිකත්වයට එරෙහි ව දේශපාලනික වශයෙන්  දෙමළ ජාතිවාදය යොදාගත්හ. දෙමළ ජාතිවාදය හතළිස් ගණන්වල දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයෙහි දෙමළ ත්‍රස්තවාදය බවටත් විකාශය විය. මහින්ද රාජපක්‍ෂ 2009 දී නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සඳහා මානුෂික මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. ඒ මෙයෙුම්වලට රනිල් ඇතුළු එ ජා ප නායකයෝ උසුළු විසුළු කළහ. තොප්පිගල කැලෑවක් බවත් අලිමංකඩ යනවා යැයි කියමින් පාමංකඩ යන බවත් ඕනෑම ගොනකුට යුද්ධ කළ හැකි බවත් ඔවුන් කීවේ රණවිරුවන් අධෛර්යමත් කර දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමට ය. ඔවුන්ගේ කතාවලින් දෙමළ ජාතිවාදීහු ද ඒ ජාතිවාදය පිටුපස සිටින ඊනියා උගත්තු ද බටහිරයෝ ද උද්දාමයට පත්වූහ.

සිංහලයන් බටහිරයන් විසින් නැතිකරනු ලැබූ අයිතිවාසිකම් දිනාගැනීමට කටයුතු කළ යුතු ය. එය සිංහලයන්ගේ අයිතියකි. එ පිළිබඳ පුවත්පත්වලට ලිපි සැපයිය යුතු ය. සිංහලයන්ට එරෙහි ව දෙමළ ජාතිවාදීන් ගෙන යන ව්‍යාපාර ගැන සිංහලයන් දැනුවත් කළ යුතු ය. එය ජාතිවාදී ක්‍රියාවක් යැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ද? ඉංගිරිසින් සිංහල ජාතිකත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය යොදාගත් ආකාරය මා දිවයින පුවත්පතට ලියූ ලිපිවලින් හා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා යන පොතෙන් විස්තර කර ඇත. රනිල් වික්‍රමසිංහ ඒ පොත කියවා නැත්නම් රතන හිමියන්ගෙන් හෝ චම්පික රණවකගෙන් හෝ ඒ ඉල්ලා කියවිය හැකි ය. එසේත් නැත්නම් මට එරෙහිව එකල චම්පිකලා ඉදිරියට ගෙන ඒමට තැත්කල, අද එ ජා ප මාධ්‍ය ඒකකයක සිටින සුජිත් අක්කරවත්තගෙන් හෝ ජනමාධ්‍ය ලේකම් කරුණාරත්න පරණවිතානගෙන් හෝ ඉල්ලා ගත හැකි ය. ඔවුන් සියල්ලන් ම ඒ පොත කියවා ඇත.

රනිල්ලාගේ ජනාධිපති අපේක්‍ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපතිවරණයේ දී සිංහලයන්ගෙන් ඡන්දවලින් ලැබුණේ ආසන්න වශයෙන් 42% කි.  ඒ ඊනියා යහපාලනයක් ගැන ගෙන යන ලද ප්‍රචාරයක් මගින් පඬියන් විසින් ජාතික යැයි  හැඳින්වෙන ප්‍රශ්නය යටපත් කර තිබිය දී ය, ඇමරිකාව අනෙක් රටවල තමන්ට විරුද්ධ නායකයන්ට එරෙහිව සයිබර් යුද්ධයක් යොදාගෙන ඇති අන්දමට මෙරට ද තරුණයන් නොමග යවමින් මහින්දට වීිරුද්ධව සයිබර් අවකාශය යොදාගැනීමෙන් පසුව ය.

මීළඟ මැතිවරණයේ දී රනිල් පක්‍ෂ නායකයා ලෙස තරග කළහොත් එ ජා පක්‍ෂයට ලැබෙන සිංහල ඡන්ද ප්‍රමාණය ගැන අටුවා ටීකා ලිවීම මගේ අභිප්‍රාය නො වේ. රනිල් ඉරිදා රිවිරට හා ඉරිදා දිවයිනට තර්ජනය කරන්නේ ඒ පුවත්පත් සිංලයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කළහොත් තම ඡන්ද ප්‍රමාණය තවත් අඩුවේ යැයි සිතන බැවින් ද? සිංහලයන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉඩ නොතැබීම යහපාලනය ද? මාධ්‍ය නිදහස ද? සිංහලයන්ට මාධ්‍ය නිදහස අහිමි ද? එය තිබිය යුත්තේ ඊනියා රාජ්‍ය නොවන පඬියන් ඇතුළු දෙමළ ජාතිවාදින්ට පමණ ද?

ජාතිවාදී වීමක් ගැන කියමින් ඒ පුවත්පත් දෙකට හා එහි කතුවරුන්ට තර්ජනය කරන  රනිල් උතුරේ මහ ඇමති විග්නේස්වරන්ගේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී ප්‍රකාශ, යෝජනා අමතක කර දමයි. ඔහු ඒ සම්බන්ධයෙන් කියන්නේ විග්නේස්වරන්ට ඊනියා ජාත්‍යන්තරයෙන් කණේ පහරක් ලැබී ඇති බව ය. කවුරු කණේ පහරක් දුන්නත් නැතත් විග්නේස්වරන්ට විරුද්ධව පියවරක් නොගන්නේ ඇයි? රනිල් ක්‍රියා කරන්නේ කා වෙනුවෙන් ද යන ප්‍රශ්නය මැතිවරණයේ දී පුවත්පත් තහනමක් ඇතිව හෝ නැතිව හෝ රැව් පිළිරැව් නැගීම කිසිවකුටවත් වැළැක්විය හැකි නො වේ.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 22


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
පච කිමේ හැබෑම දක්ෂයෙකු වන මේජර් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරිමේ සැබෑ අරමුණ මේ වන විට අනාවරණය වි තිබෙන බව LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු පවසයි. ටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියල්ල අහිමි කරමින් අභූත චෝදන නැගිමේ ප්‍රධානියා වන්නේ ක‍්‍රිෂාන්ත ද සිල්වා වන අතර එම බොරු කීමේ හැකියාව යලි භාවිතයට ගෙන් ජහපලනයද කටයුතු කරන බව අනාවරණය වි තිබේ. ඒ නිදහස් උත්සවය අවසන් වි දින 18කට පසුව අලුත් බිල්ලෙක් මවා පෑමට ජහාපලකයන් කටයුතු කිරිමත් සමගය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය (තටු කපන ලද ) රුවන් විජයවර්ධනගේ පත්තර කඩමල්ල වන ලංකාදිප පුවත් පතේ අද පලවි තිබෙන දිර්ඝ පච පුවතකින් උපුටා ගත් කොටසකි.(පරිස්සමෙන් කියවන්න)

"පසුගිය සතියේ ජාතික එකාබද්ධ රජයේ වැඩි අවධානයට ලක්ව තිබුණේ ගෙවුනු පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රීජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල  පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගීව සිටි ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇතැයි කියන ප‍්‍රහාරයක්  පිළිබඳවය.


එම ප‍්‍රහාරය 1981 වසරේදී ඊජිප්තු ජනපති අන්වර් සදාත් ඝාතනය කෙරුණු පරිද්දෙන් දියත් කිරීමට තිබුණු බව සදහන් වන අතර එම ප‍්‍රහාරයේදී ආරක්ෂක රථ පෙළපාලියකට සහභාගීව සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ කණ්ඩායමක් තම රථ වලින් බැසවිත් ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ට වෙඩි තබා ඔවුන් ඝාතනය කළහ.

බුද්ධි අංශ වලින් මෙම තොරතුරු ලබාගත් වහාම කි‍්‍රයාත්මකව ඇති ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක මහතා ජනපතිවරයාව දැනුම්වත් කිරීමටත්,එසේ ප‍්‍රහාරයක් එල්ලවුවහොත් එය මර්දනය කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක විශේෂඥයින් හා රැස්වීම් වට කිහිපයක්ම පැවැත්වීමටත් කටයුතු කර ඇත.ප‍්‍රහාරයෙන් ආරක්ෂා වෙන්න කළ යුතු දේ ගැන එම රැස්වීම් වලදී දීර්ඝව සාකච්ඡා කෙරුණා යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ආරංචි මාර්ගයක් පැවසීය.කෙසේ වෙතත් ලැබුණු අනතුරු ඇගවීමේ,ප‍්‍රහාරයෙන් ඉලක්ක කෙරෙන්නේ කවර  පුද්ගලයින්ද,ප‍්‍රහාරය සැළසුම් කර ඇත්තේ කවුරුන්ද ආදී වැදගත් තොරතුරු කිසිවක් සදහන්ව නොතිබුනි.ප‍්‍රහාරය ගැන ලද තොරතුරු විශ්වාස කළ හැකි මට්ටමක තිබුණු බව පැවසීමට අමතරව ඒ සම්බන්ධ වැඩි තොරතුරක් පෙර සදහන් කළ රජයේ ආරංචි මාර්ගය හෙළි නොකළේය.එම තොරතුරු ලැබුණු දිනයේ පටන් නිදහස් දින උළෙලේදී ආරක්ෂක කටයුතු දියත් කළ යුත්තේ කෙසේදැයි ආරක්ෂ විශේෂඥයින් සැළසුම් කරමින් සිටියද ඔවුන්ගේ වැඩකටයුතු  සිතුවාට වඩා පහසුවන බවක් පෙනෙන්නට තිබුණේ ජනපති සිරිසේන 67 වැනි නිදහස් දින සමරුව වැඩි සංදර්ශනයක් නොමැතවි ඉතා චාම් හා සරලව පැවැත්වීමට තීරණයක් ගෙන තිබුණු හෙයින්ය.ආරක්ෂක අංශ සතු අවි බලය ප‍්‍රදර්ශනය කිරීම හා සමරුවට ඉහළින් ගුවන්හමුදාවට අයත් ප‍්‍රහාරක යානා පියාසර කරවීම අනවශ්‍ය යැයි ජනපතිවරයාගේ තීරණය විය.එමෙන්ම උත්සවයේ කටයුතු සදහා පාසැල් ළමුන් සියගණන් සහභාගී කරගැනීමටද ඔහු විරෝධය දැක්වීය."
 
ඉහත කතාව ගොතන ලද පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාගේ ලගම කොල්ලෙකු බව අප LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු අනාවරණය කරගෙන් තිබෙන අතර ඔහු විසින් මෙම කතාව ගොතා බස්නායකට ගිල්වා තිබේ. පෙබරවාරි 4 වැනිදා සිට මේ දක්වා කිසිම් දවසක අනාවරණය නොවු මේ අකාරයේ කුමණ්ත්‍රනයක් හදිසියෙම එලියට ආවේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුතු නෑ. හෙට අනිද්දාට පච කිමේ අංක එකේ හැකියාව ඇති නව් හමුදාපතිවරයා මාධ්‍ය ඉදිරියේ මේ අමු කෙප්පය රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාවට බස්වනු ඇත. මෙම කතාව ගොතනු ලැබුවේ මිට දවස් 4කට පෙර බව අප වගකිමෙන් යුතුව අවධාරණය කිරිමට කැමැත්තෙමු.නමුත් අප ඒ සම්බන්ධයෙන් නිහඩව සිටියේ මේ තරම පුන්නක්කු කන ආරක්ෂක අමාත්‍යවරයෙකු සහිත ආරක්ෂක අමාත්‍යංශයක් අපට ඇද්ද යන්න තහවුරු කරගත යුතු නිසාවෙනි.

ඊටත් වඩා මෙම ගොතනු ලැබු කතාව හරහා රටේ හිටපු හමුදාපතිවරයා ඇතුලු හමුදා භටයන් කෙරෙහි අවිශ්වාසය වපුරමින් ඔහු යලිත් රට තුල අපකිරිතියට පත්කර තිබේ. වගකිවයුතු මාධ්‍යක් ලෙස අප එකක් කිවයුතුය තමන්ගේ බලය රැක ගැනිම් සදහා හිතළු නිර්මාණය කිරිමෙදි ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්නේනම් ඒ වැනි හිකනලුන් හෙලිකිරිමට අප දෙවරක් කල්පනා නොකරනු ඇත.



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි සිය කෘතඥතාව දැක්විම සදහා දස දහස් ගණන් ජනතාව ඊයේ සහ අද රටේ බොහෝ ප්‍රදේශවලින් පිරිස් තංගල්ලේ කාල්ටන් නිවස කරා ඇදි ආ බව අප තංගල්ල වාර්තාකරු සදහන් කළා.

"මහින්ද කියන නම සදාකාලිකයි ! මොන තරම් මඩ ගැහුවත් සත්‍යය යට යන්නේ නෑ ! කොළඹ වැඩ කරන අපිට ආපහු පණ පිටින් ගෙදර යන්න පුළුවන් යුගයක් ඇති කළේ ඔබතුමා! ඒ පිනම ඇති ඔබතුමාට !"

"අපේ පණ බේරාගත් නායකයා ඔබයි. 1948ණ් පසුව බිහිවූ කොන්ද පන ඇති සිංහලයන් වෙනුවෙන් නොබියව ලෝකයට මුහුණදුන් නායකයා ඔබයි.... ඔබට තෙරුවන් සරණ වේවා." යනුවෙන් හඩමින් ජනතාව හිටපු ජනාධිපතිවරයා ඉදිරියෙ කදුලු හලනු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරු සදහන් කළේ.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරමින් සිටින් බැවින් කෙසේ හෝ එම තත්ත්වය සමාජගත කර ශ්‍රීලනිපය,සන්ධානය සහ මහින්ද එක්ව ගොඩ නැගෙන පෙරමුණ වහාම නතර කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩීල් කුමාර හෙවත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන මණ්ඩල සභිකයන්ට දැනුම් දි තිබේ. 

සති අන්තයේ  මීගමුවේ පැවති  ශ්‍රීලනිපයේ වැඩමුළුව තුළ මෙම් සැලසුම සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කර තිබෙන බවයි ඩීල් කුමාර  තම සගයන්ට පවසා ඇත්තේ.යම් හෙයකින් රනි වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉක්මනින්ම බිඳවැටීමට් ලක්වුව හොත් ජනතා විමුක්ති පෙරමුණට එය බරපතල ලෙස බලපානු ඇති බවද ඔහු පෙන්වා දි තිබේ. 

ඉතා ඉක්මනින් මහින්ද රාජපක්ෂ කෙරෙහි අප්‍රසාදය ඇති වන අකාරයට  දේශපාලන වැඩසටහන් තුල විවිධ අසත්‍ය තොරතුරු වැඩි වැඩියෙන් ඉදිරිපත් කරන ලෙසට මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන ලෙස  විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත්ට ඩීල් කුමාර නියෝගයක්ද කර තිබේ.  

දැනටත් අරලියගහ මන්දිරයේ සියලු පහසුකම් විදමින් කාමර 2ක් භාවිතා කරන ඩීල් කුමාර එම සැප පහසුකම් නැති කරගන්නට දැන්ම් කැමැත්තක් නැති බව හොදින්ම පෙනෙන්නට තිබේ.

මේ අතර ශ්‍රීලනිපයේ වැඩමුළුව තුළ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු බහුතරයකගේ එකඟත්වය පළවු බව අප වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කිරිමේ සුදානමක් පවතින බව  LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු අනාවරණය කර සිටි.උතුරේ ස්වයං පාලන එකකයක් පිහිටුවිමෙදි   ජාත්‍යන්තරව ගණුදෙනු කිරිමේදි ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත බාධාවක් විය හැකි බව දෙමළ ඩයස්පොරාව පෙන්වා දිමත් සමග TNA රජයෙන් ඉල්ලා ඇත්තේ එම පනත අහොසී කරන ලෙසයි. 

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ . අපරාධ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වූවන් සහ සාක්‍ෂිකරුවන් සඳහා වන සහයෝගය සහ ආරක්‍ෂාව පිළිබඳ පනත හරහා ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කරන ලෙසට රජයෙන් ඉල්ලා තිබේ.

එහිදී කතාවක් කල පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සදහන් කළේ අභ්‍යන්තර ගැටුම අවසන් වී වසර 6ක් ගතවී ඇතත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි නොකිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කලයුතු අවශ්‍යතාවයත් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.




හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මෛත්‍රී ආණ්ඩුවේ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞරුෂය හීන කම හේතුවෙන් යලිත් චිනය හෝ වෙනත් රටක් ශ්‍රි ලංකාව සමග සබඳතාවයන් ඇති කර ගැනිමේ අවදානමක් ඇති හෙයින් එවැනි තත්ත්වයක් යලි ඇති නොවිමට ශ්‍රීලංකා රජයේ මුල්‍ය පාලනය සියතට ගැනිමට ඉන්දිය රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) අනාවරණය කළා. මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවිම හරහා මෙම පාලනය සියතට ගැනිම ඉන්දිය රජයෙ උපක්‍රමය වි තිබේ.

පසුගිය පාලන සමයේ විදේශ බැංකුවල සඟවා තිබෙන මුදල් පිළිබද සොයා බැලිම මෙම මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය මඟින් සිදුකරනු ලබන බව පවසමින් ශ්‍රි ලංකාවේ සියලු මුල්‍ය පාලනය සියත්ට ගැනිම උපක්‍රමයක් බවයි ආසෝ ඛාන් සදහන් කළේ.

හොංකොං ,මැකාවෝ ,ශිසල්ස් වැනි බදු නොගෙවන බැංකු තුළ පසුගිය ආණ්ඩුව විසින් මුදල් තැන්පත් කර ඇති බව පවසමින්  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි සහ අනෙකුත් නිලධාරින්ගෙන් ඉල්ලිමක් කර ඇත්තේ මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකයක් පිහිටුවා ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර දෙන ලෙසය. අතට ලැබුනු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉන්දිය රජය ශ්‍රීලංකාවේ මුල්‍ය පාලනය ඉන්දිය රජය අතට ගැනිම සදහා මෙහෙයුම දියත් කර තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
මේ වනවිට මෛත්‍රීගේ යහපාලනයේ දෑත් ශක්තිමත් කිරීමට තවත් තක්කඩි ඇමතිවරු පිරිසක් පැමිණ තිබේ. අප ඔවුන්ට තක්කඩි ඇමතිවරු කියන්නේ කටු ලෙවකෑමට බලය හැරෙන හැරෙන අතට පැනීම නිසාය. පහුගිය 8 වෙනිදාට පෙර ඔවුන් මරාගෙන මැරෙන සටනක නියැලුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේය. 

දින තුනකින් ඔවුන් නැවතත් විජාතික කුමන්ත්‍රණ යයි හඩ තැලූ මෛත්‍රී පිලේය. ඒ අතර ගාමිණී විජිත් විජයමුණි සොයිසා . පොල් ඇමති ජගත් පුෂ්ප කුමාර, රෙජිනෝල්ඩ් කුරේ, දයාසිරි ජයසේකර, පක්ෂය දමා යන් නැතැයි හොටු පෙරා ඇඩු ජනක බණ්ඩාර තෙන්නකොන්ද ඇතුළු තවත් පිරිසක් ඒ අතර සිටියහ. දයාසිරි මීට ටික කලකට පෙර UNP එකෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ගේ ආණ්ඩුවට පැන රනිල් වික්‍රමසිංහ පතුරු ඇරියේය. ඊට පෙර හම්බන්තොට වරායේ අති විශාල කළු ගලක් ඇතැයි සොයා ගත් ඔහු ඒ ආණ්ඩුව පතුරු ඇරියේය. පසුව ආණ්ඩුවට ගොස් එම කළුගල විලි ලැජ්ජාවක් නැතිව ඔහු ගේ කටින්ම ඉවත් කළේය.

ඊළගට රෙජිනෝල්ඩ් කූරේට තිබෙන වංචා දුෂණ චෝදනාවක් ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ අනුමැතිය නොදුන් බව දත් දොස්තර රාජිත සේනාරත්න සටන දේශපාලන සංවාදයට පැමිණ ඊට අදාල ලිපියක් පෙන්වමින් කීවේය. මහින්ද රාජපක්ෂ කුරේට එරෙහිව ඇති දුෂණ චෝදනාවඉදිරියේ පරීක්ෂණ නොපවත්වන ලෙස කතිර ගසා රාජපක්ෂ මෙහෙමයි හොරු රැක්කේ යැයි ලිපිය මහජනතාවට පෙන්නුවේය. දැන් රාජිත මෛත්‍රීගේ යහපාලන යටතේ රෙජිනෝල්ඩ් කුරේට දඬුවම් කරන්නේ කෙසේද ? විජමුණි සොයිසා ද නිල්ගල වනය සංහාර කර එහි ඇති විශාල ගස් මොරටු එවූ හොරෙකි. බිබිල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට සහ පරිසර සංවිධාන වලට මොහුගෙන් ගස් ආරක්ෂා කර ගැනීමට ගස් මහණ කිරීම හෙවත් ගස්වලට සිවුරු පෙරවීමට සිදුවිය. දැන් යහපාලනය ගේන්නේ මෙවැනි හොරු සමගද ?

වැදගත්ම කරුණ හෙළ උරුමයද සිටින යහපාලනයට පොල් ඇමති ජගත් පුෂ්ප කුමාරද එකතු වීමය. මීට පෙර ඔහු හරක් හොරෙක් බව සාක්ෂි සහිතව පෙන්නවා දුන්නේ හෙළ උරුමයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්මය. උන්වහන්සේ නිදහස් කර මුදා හරින හරක් මේ ඇමතිවරයා හොරෙන් විකුණන බව ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩු පක්ෂයේම ඇමතිවරයකුට ප්‍රසිදියේ චෝදනා කළේය අසාධාරණයට එරෙහිවය. කටුනායක ගේට්ටු වසා දුෂිතයන්ට දඩුවම් කරන බව මෛත්‍රී පාල සිරිසේන මහතා තෙපර බෑවේ මෙබදු යහපාලනයක් ගැනද? හෙළ උරුමයද මෛත්‍රී පාලනයකට යන්නේ මෙවන් හරක් හොරුන් සමගද ?

-හෙළබිම -


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com