Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » මාතෘ භුමිය බිලී දෙන්නට හදන අධමයින්ට එරෙහිව මරණය දක්වා සටන් කරනවා

මාතෘ භුමිය 2009 වසරේ දිනාගත් විජයග්‍රහණයන් 2015 ජනවාරි 9 වැනිදා මේ රට බිලිගත් විජාතික බලවේග විසින් යලිත් 30 වසරක සාපරාධි කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට යටකරමින් සිටින බව දැස මානයෙම දකින්නට තිබේන බවත් මවුබිමට අසීමිතව ආදරය කරන අප මේ මවුබිම වෙනුවෙන් ජිවිතය පුජා කිරිමට සිදුවන්නේ නම් ඒ ගැන දෙවරක් නොසිතන බව ඔබට තරයේ අවධාරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් "කඩවර බලකාය" නැමැති සංවිධානය අවධාරණය කර සිටි.


මාතෘ භුමිය 2009 වසරේ දිනාගත් විජයග්‍රහණයන් 2015 ජනවාරි 9 වැනිදා මේ රට බිලිගත් විජාතික බලවේග විසින් යලිත් 30 වසරක සාපරාධි කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට යටකරමින් සිටින බව දැස මානයෙම දකින්නට තිබේ.එදා මරණයේ අදුරු සෙවනැලි අතර ජිවත් වු සමස්ත සිංහල,දෙමළ,මුස්ලිම් ඇතුලු වෙනත් ජාතිකයන් මුදවා ගැනිමට සිය ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල රණවිරුවන් පවා අද බිල්ලට දෙනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරවය.

එවන් තත්ත්වයක් තුල මිලෙච්ඡ කොටි ත්‍රස්තවාදීන් විනාශ කිරිම සදහා දේශපාලන නායකත්වය දුන් නායකයන් බිල්ලට දිමට යහපාලනය නමින් පෙනි සිටින මෙම අජුත දේශපාලකයන් දෙවරක් නොසිතනු ඇති බව අමුතුවෙන් කිවයුතු නැත.

මුළුමහත් ලොව ම ත්‍රස්‌තවාදය හමුවේ බියෙන් තැතිගෙන ඇති මොහොතක ලොව පැවැති දරුණු ම ත්‍රස්‌තවාදී සංවිධානය පරදා අප ලද විජයග්‍රහණය යුගයෙන් යුගය මේ රටේ උපදින දූපුතුනට කියාදිය යුතු වීර කාව්‍යයකි. නමුත් අද වනවිට ඩයස්පොරාවන් සමග නිදිවදිමින් රනිල්-චන්ද්‍රිකා-මෛත්‍රී එම වීර කාව්‍යය මකා දැමිමට අනවරත උත්සහයක් යෙදි සිටි.

අනුරපුර සිරිමහ බෝ සමිඳුන් අභියස අහිංසක සිල්මෑණිවරුන් ඝාතනය කළ, උතුරු හා නැගෙනහිර පළාත්හි සිංහල මුස්‌ලිම් ගම්මානයන්හි අබල-දුබල වැඩිහිටියන්, ගැබිනි කාන්තාවන් අතදරුවන් ආදි ලෙස සකලවිධ ජනීජනයා ඝාතනය කළ කොටි ත්‍රස්‌තවාදීන් විමුක්‌තිකාමීන් ලෙස වෙස්‌ගැන්වීමට එරෙහි ව අප ඇරැඹූ අරගලය දශක දෙකක්‌ පුරා පෝෂණය වෙමින් නන්දිකඩාල් කලපුවේ දී ලද අතිදැවැන්ත විජයග්‍රහණය තෙක්‌ අපි විවිධ ක්‍ෂේත්‍රයන්හි නිරත වෙමින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් පෝෂණය කෙළෙමු. නමුත්මේ වනවිට යහපාලන රෙද්දෙන් වසා රට බෙදීමේ කුමන්ත්‍රණය අත ආසන්නයටම පැමිණ අවසන්‍ ය.

මෙවර මහා මැතිවරණය පැවැත්වෙන්නේ රටට සතුරුව ක්‍රියා කළ, රටේ පැවැත්මට අභියෝගයට ලක්‌ කළ සතුරු පිළක්‌ හා ඒ අභියෝගයනට අභීතව මුහුණ දී රට රැකගත් නායකයකු අතර බව පැහැදිලිය. එහි දී ඔබ මොනයම් ම හේතුවක්‌ නිසා හෝ ඒ රට රැකගත් නායකයාට එරෙහිව රට පාවාදුන් සතුරු නඩයට පක්‍ෂ වන්නේ නම් එය ඔබ උපන් රටට කරන්නා වූ අති මහත් ද්‍රෝහිකමකි. වසර දහස්‌ ගණනක්‌ පුරාවට පෝෂණය වූ අපගේ සභ්‍යත්ව විඥනයට මුළුමනින් ම පිටුපෑමකි.ඒම නිසා ඒ මහා  ජයග්‍රහණය කිලිටි කිරීමට කිසිවකුට ඉඩ නොතබා සිංහ ධජය සෙවනේ අභිමානවත් ජාතියක්‌ ගොඩ නැංවීමට කැපවීම අප හැමගේ යුතුකම ය. අපමණ කැපවීම් කර රැකගත් මවුබිම සදා සුරකිමු·

අප මෙලෙස ඔබ අමතනුයේ ඒ සියලු ජයග්‍රහණ ආපසු හැරවීමේ ප්‍රයත්නයක්‌ ක්‍රියාත්මක ඇති බැවිනි. ගෙවුනු මාස 6ක කාලය තුල මේ සියල්ලම දෙස නිරික්ෂණයයෙන් බලා කල්පනාකාරීව අප රටපුරා සංවිධානය වුයේ අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා දමා වැඩක් නොවන බව හොදින්ම දන්නා බැවිනි.දැන් කාලය පැමිණ තිබේ.මවුබිමට අසීමිතව ආදරය කරන අප මේ මවුබිම වෙනුවෙන් ජිවිතය පුජා කිරිමට සිදුවන්නේ නම් ඒ ගැන දෙවරක් නොසිතන බව ඔබට තරයේ අවධාරණය කරන්නේමු.

ඒ වගේම අපද මේ රට පාවාදීමට මාන බලමින් සිටින තක්කඩි දේශපාලකයන්,රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයන්,මුදල් මත යැපෙන වෙබ් කඩමලු සහ මාධ්‍යවේදීන් යැයි කියාගත් ඇම්බැට්ටයන් ඇතුලු වචනයෙන් හෝ අපේ මවුබිමට ද්‍රෝහි වන්නන්ට අනතුරු ඇඟවීමක් කර තබන්නේමු.

ඒ මවුබිමට ද්‍රෝහි වන්නන් ද්‍රෝහීයන් විමට පෙර දෙවරක් මදිනම් තෙවරක් හෝ සිතා බලා කටයුතු කරන ලෙසයි.

තවද අප සටන් කරනුයේ සිංහල,දෙමළ,මුස්ලිම් හෝ වෙනත් ජාතිකත්වයන් හෝ බෞද්ධ,ක්‍රිස්තියානි,මුස්ලිම් ආගමිකයන් හෝ කවර ආගමක් හෝ අදහන කණ්ඩායමක් වෙනුවෙන් නොව අපේ ආදර අම්මා හැටියට අප වැලඳගත් ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් පමණක් බව අප තරයේ අවධාරණය කර සිටිමු.

>ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
>අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
>ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
>අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

කඩවර බලකාය

මවුබිම නැත්නම් මරණය 

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments