Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

‹
›

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

යුද අපරාධ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විමට  ශ්‍රී ලංකා රජයට ඇමරිකාව බලපෑම කල යතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ඇමරිකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කියා සිටි.

විශේෂයෙන්, සංහිදියාව සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.

“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්‍රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය යලි නගාසිටුවීම, ප්‍රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය."යනුවෙන් ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

-
දෙමළ ඊළාම් වීර විමුක්ති සටනේදී, ජනතාවගේ ජාතික විමුක්තිය පමණක් තමන් තුල අරමුණක් කරගෙන, යකඩ මිනිසකු ලෙස ඕනෑම බාධකයක් බිඳ දමමින් මාතෘ භූමිය ආරක්‍ෂා කල ගොඩබිම, මුහුදු සහ ගුවන් කළු කොටි ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල බවත් තමන්ගේම රටක් වෙනුවෙන් අප තබා තිබු බලාපොරොත්තු යලිත් කඩා වැටෙමින් තිබේන බව ස්විට්සර්ලන්තයේ Bern ප්‍රාන්තයෙදී කළු කොටි සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කියා තිබේ.

ඊළාම් දිනාගැනිමේසටන වෙනුවෙන් තවත් දස දහස් ගණනින් වුවද ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරිමට කළු කොටි හමුදාව සුදානම් බවයි එහිදි අවධාරණය කර ඇත්තේ.

කළු කොටි අනුස්මරණ දිනය පසුගිය 5 වන දින උත්කාර්ශවත් අන්දමින් ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජනතාව සමරා ඇති අතර එම අවස්ථාවට දේශපාලන රැකවරණය පතා ස්විට්සර්ලන්තයට පැමිණි සිටින මාධ්‍යවේදීන් යැයි හදුන්වන කිහිප දෙනෙකුද සහභාගී වි සිටි බව අප ස්විට්සර්ලන්ත වාර්තාකරු සදහන් කළා.

ජනතාව විසින් කළු කොටි සාමාජිකයින්ගේ ඡායාරූප වලට පුෂ්පෝපාහර දක්වා, ඔවුන්ට ගෞරවය පුදකර ඇත. පසුගිය කාලයේ සිට මේ දක්වා දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය විසින් සැළැසුම් සහගතව අඛණ්ඩව සිදුකරමින් සිටින දෙමළ ජාති ඝාතනයේ සාක්ෂියක් ලෙස ඇති “ මෙය ජාති ඝාතනයක්ද? නැද්ද?” යන වාර්තාමය චිත්‍රපටය මෙහිදි තිරගත කර තිබේ.

‘ජනතා විප්ලවයක් ඇතිකර, ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවමු’ යන ත්‍යාගි තිලිපන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අප සියළුදෙනා සමඟි බලයෙන් කටයුතු කිරීමට, සැත්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිශ්‍රයට රැස්වන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.



-
ජහ පාලනයේ මජර මාධ්‍ය මෙහෙයවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන රත්නපුර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරිම සදහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සමග එක්ව කුමන්ත්‍රණය නියැලී සිටින බව LNW ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානය නියෝජනයක් රමින් රත්නපුරයට තරග කරන බවට ප්‍රචාරය විමත් සමග සන්ධාන නාම යෝජනාවට රත්නපුරින් අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන සිය නම ඇතුලත් කර තිබේ.නාමයෝජනා කැදවිම ආරම්භ විමට පෙර අමාත්‍යාංශයේ ලේකම් ධුරයක් දරණ අයෙකු ඉන් ඉවත්ව නාමයෝජනා සදහා ඇතුලත් කලයුතු අතර එසේ නොවුනහොත් නාමයෝජනා කැදවිමෙන් පසුව පැයක කාලයක් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතාවයන් ගොනුකල හැකි අතර එහිදි පරණවිතානන්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද කටයුතු යොදවා තිබේ.

ඒ අනුව වංචනික ක්‍රියාවලිය හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රයම අහෝසි කිරිම කරු සහ ගයන්තගේ කුමන්ත්‍රණය වි තිබේ.පසුගියදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර සමග පැවති සාකච්ඡාවකදි මෙම කුමන්ත්‍රණ මෙහෙයුම දියත්කර ඇති අතර ඒ සදහා ඒ සදහා ගයන්ත හරහා කරුණාරත්න පරණවිතානට සන්තෝෂමක් වශයෙන් මුදල් ලබාදිමටද කටයුතු කර තිබේ.
-
පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොකවුට් වෙයි කියන බයට මේ දිනවල සෑම නගරයකම අහස උසට කටවුට් ගැසු රනිල්ගේ කටවුට් කොල්ලෙක්ගේ හපන්කම් මේ දිනවල හෙලිවෙමින් තිබේ. 

තඹ සුදා,ගල් සුදා කඩුවෙල ඇමති සුජීගේ අලුත්ම බිස්නස් එක වී ඇත්තේ ලක්ෂ ගණනින් කොමිස් ගැනීමය.

ඇමති සුජීගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් වන අනිල් විසින් මෙහෙයවමින් තිබෙන මෙම මගඩියට පදනම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ 'එක ගමකට එක වැඩක්' ව්‍යාපෘතිය ය.

මීට අදාලව කඩුවෙල ආසනයට හිමිවුණු ලක්ෂ 570ක මුදලින් සිදුකළ ව්‍යාපෘති වලින් කොමිස් මුදල් ලබාගෙන තිබේ.

ඒ, ලක්ෂ 10ක ව්‍යාපෘතියක් වෙනුවෙන් ලක්ෂයක මුදලක් කොමිස් මුදල ලෙසය. මේ අනුව ආසන්න වශයෙන් ඇමති සුජී විසින් ලක්ෂ 57ක මුදලක් කොමිස් වසයෙන් ලබාගෙන තිබේ.

ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවු අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව තඹ හොරකමේ

ඇමති සුජී ගල් මුදලාලිගේ ගෑනිගෙ ගලකට යටවෙයි
-
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය සටන මෙහෙය විමට ලැබිමත් සමග බෙදුම්වාදීන්ගෙන් මුදල් ගෙන රනිල් වික්‍රමසිංහලා සමග එකතුවි කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිපදෙනකු එකතුවි "රට කෑව මෛත්‍රී" නමින් පිටු 6ක ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත් පතක්  මුද්‍රණය කිරිම සදහා කටයුතු කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටිමින් ශ්‍රිලනීපය විනාශ කරමින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වු ආකාරය රහසීගත ඡායාරූප කිහිපයක්ද සමග ලිපියක් සහ සොඛ්‍ය අමාත්‍යවරයාව සිටියදි කල ටෙන්ඩර මගඩි කිහිපයක් පිළිබඳව තොරතුරු සහ සිරිසේන මහතාගේ පවුලේ පෞද්ගලික තොරතුරු රැසක්ද එයට ඇතුලත් කර තිබේ.

මිට අමතරව මෛත්‍රීපල සිරිසේනගේ දෙවැනි දියණිය වන ධරණී සිරිසේනගේ අතිශය පෞද්ගලික තොරතුරු රැසක්ද එම මඩ පත්තරයට එකතු කර තිබේ.ධරණී 10 වසර අධ්‍යාපණය ලබන කාලයේ කොන්දොස්තර වරයෙකු සමග පැනයාම,11 වසරේදි යලිත් කොල්ලෙකු සමග පැන යැම සහ වැඩිමහල් දියණීය වන චතුරිකාගේ පාසල් පෙම්වතා රීය අනතුරකින් ඝාතනය කිරිම සහ මෛත්‍රීගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පිළිබඳවද තොරතුරු ඇතුලත්ව තිබේ.මිට අමතරව පෝරෝ පහරකින් ජිවිතක්ෂයට පත්වු ප්‍රියන්ත සිරිසේන සම්බන්ධයෙන් සහ දැනට ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති වරයා ලෙස කටයුතු කරන රනිල්ගේ වෙබ් මාධ්‍ය හරහා නිරන්තර මඩ ප්‍රහාරයන්ට ලක්වන සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර තිබේ.

පසුගිය දිනකිහිපය තුල හදිසියේම පත්තර කඩමල්ලක් නමක් යොදාගනිමින් අටවාගත් මඩ කන්තොරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර එම මඩ පත්තරයට ශ්‍රි ටෙලිකොම් හරහාම විශාල මුදලක් ලැබි තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

සියලු තොරතුරු බලාපොරොත්තු වන්න 




-
රාජිත සේනාරත්න සහ පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහා මැතිවරණයට තරග කිරිමට කැමැත්ත පලකර තිබේන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් රාජිත මැතිවරණයට ඉදිරිපත් වන බවට පසුගිය දින කිහිපයේ තැන තැන පවසමින් ගියද මහින්ද සන්ධානය මෙහෙයවිමට ගැනිමත් සමග රටේ සැම අස්සක් මුල්ලක් නෑරම යලිත් ජනතාව පිබිදීමකට ලක්ව ඇති නිසා තමන් සන්ධානයෙන්ම තරග වැදිමට තිරණය කර තිබේන බව රාජිත පවසා තිබේ.

කෙසේ නමුත් රාජිතගේ පුත් චතුර සේනාරත්නට නාමයෝජනා ලබා නොදිසිටිමට සන්ධානය තින්දුකර තිබේ.ඒ සම්බන්ධයෙන් චතුර කල විමසිමක්දි චතුරට පවසා ඇත්තේ පලමුව පලාත් සභාවකට හෝ තරග කර තමන්ගේ හැකියාවන් පෙන්වා සිටින ලෙසයි.මිට අමතරව බස්නාහිර පළාත් සභාව නියෝජනය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් නියෝජනය කරන සන්ධාන මන්ත්‍රිවරුන්ට මහා මැතිවරණය සදහා නාමයෝජනා ලබාදිමද අර්බුදයක්ව පවතින බව වාර්තා වේ. ඒ අනුව හිරුනීකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඇතුලු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික් සහ ගම්පහ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රිවරුන්ට නාමයෝජනා නොලැබිමේ අවදානමක් තිබේ.

මේ අතර  පාඨ්ලී චම්පික රණවක සහ අතුරුලියේ රතන හිමියන්ට පමණක් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් සන්ධානය හරහා තරග කිරිමට අවස්ථාව ලබාදිමට එකඟත්වය පල වි තිබේ.මිට අමතරව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන දේශප්‍රේමි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටද කොළඹ,නුවර,මාතර,හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  තරග කිරිමට සන්ධානය අවස්ථාව හිමිකර දිමට සුදානමින් සිටි.
-
රටම පාවාදුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රැක ගැනිම සදහා මන්න පොන්ගලගේ ගූ කන වෙබ් අඩවි තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලැබිම බොරුවක් බවට හුවා දැක්විම සදහා කටයුතු කරමින් සිටි.

මන්න පොන්ගලගේ පච වෙබ් අඩවිය වන ලංකා ඊ(යා...) නිවුස් වෙබ් අඩවිය මගින් උපුටා ගත්තකි ..... 

පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින්  සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

උපුටා ගැන්ම අවසන්.....

ලංක නිවුස් වෙබ් ඩොට් ටුඩේ කතෘ 

මේ සම්බන්ධයෙන් අප සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් විමසිමක කල අතර උන්වහන්සේ කියා සිටියේ තමන් මෛත්‍රීපාල සිරිසේනගෙන් එවන් විමසිමක් නොකල බවයි.ලංකාවේ දේශපාලනය ගැසිරෙන ආකාරය සම්බන්ධයෙන් තමන් හොදින් දන්නා නිසා තමන්ට මෙය අලුත් දෙයක් නොවන බවද උන්වහන්සේ සදහන් කළා.


යලි උපුටා ගැන්ම ලංකා ඊ(යා...) නිවුස් වෙබ් අඩවිය මගින් 

ලංකා ඊ නිව්ස් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්‍ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්‍රියා විරහිත  කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්‍රියා විරහිත කර තිබේ. 

උපුටා ගැන්ම අවසන්.....

ලංක නිවුස් වෙබ් ඩොට් ටුඩේ කතෘ 

මේ තවත් පට්ටපල් අමුලික බොරුවකි අපද ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ සමිපතමයන් හැමොගෙම දුරකථන අංක හොදින්ම දන්නා අතර එයට ඇමතුම් ගැනිමටද අපට හැකියාව තිබේ.ගදරුවන්ගේ පච පුවත සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා අපද එම දුරකතන අංක සමග සම්බන්ධ වෙමින් තොරතුරු විමසා සිටි අතර මෙම පුවත සම්බන්ධයෙන් අප කල මතක් කිරිමේදි ජනාධිපති මාධ්‍ය ලේකම් කියා සිටියේ ..."ඔවා මංගලගේ වැඩ ගණන් ගන්නට එපා..." කියාය.

මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කල බවද ගඳරුවන් එම පුවත අවසානයේ සදහන් කර තිබේ.

නමුත් ගෙවිගිය දින 168ක කාලය තුල තිස්ස අත්තනායක ජනාධිපතිවරණ සමයේ ඉදිරිපත් කල එම ලිපිය සත්‍යක් බව ඔප්පු වි හමාරය.එම නිසා ගඳරුවන්ට කියන්නට තියෙන්නේ රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත...නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා යනුවෙනි.

රටේ ජනතාවටද අප එක දෙයක් අවධාරණය කර සිටින්නෙමු.එනම් මංගලගේ සහ රනිල්ගේ මෙන්ම ඩයස්පොරාවලද ගූ කන මාධ්‍යවේදීන් යැයි කියාගත් කණ්ඩායම් තවමත් අප අතර සැරිසරමින් සිටින බවයි.


-
කුමන්ත්‍රණය පිට කුමන්ත්‍රණ සහිතව ගෙවිගිය ඊයේ(02) රාත්‍රිය අවසානයේ මෛත්‍රීපාල සිරිසේනට තව තවත් ඉතුරුකර ඇත්තේ මහින්ද සම්බන්ධයෙන් භීතිකාව හා ශ්‍රිලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් බව මෙම සාකච්ඡා සදහා මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කල මෛත්‍රීපාලගේ අතීශය විස්වාසවන්තයා යැයි සලකන පුද්ගලයා අප සමග අනාවරණය කළා.

ඊයේ රාත්‍රීය පුරාම මහින්ද රාජපක්ෂ කණ්ඩායම සිය A,B පියවර ශක්තිමත් කරමින් තම සුපුරුදු කටයුතු සිදුකරමින් යන විටදි මෛත්‍රී මුලු රාත්‍රීයේම මහින්ද සම්බන්ධයෙන් සිතමින් එකිනෙකාගෙන් කතා අසමින් ඔලුව වනමින් කෙලින් තිරණයක් ගත නොහැකිව ලතවු අයුරු අප මිතුරා අනාවරණය කළා.

ඊයේ රාත්‍රීයේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට මෛත්‍රීගේ බත්ගොට්ටෙකු ලවා දුරකතන ඇමතුමක් ගෙන ස්පිකර් දමා කතා කරමින් ....."දැන් අපි මොකද කරන්නේ මහින්ද නැතුව දිනන්න පුලුවන්ද? යනුවෙන් අසා තිබේ....."මෛත්‍රීගේ කරුමයක තරම නම් තමන් සමග සවස් කාලයේ මහින්දට දෙන්න එපා යනුවෙන් කටමැත දෙඩවු කිහිප දෙනෙකුද දුරකතනය ඔස්සේ පවසා ඇත්තේ මහින්ද නැතුවනම් දිනනවා බොරු යනුවෙනි.

මේ අතර ඊයේ රාත්‍රීය එක්සත් ජාතික පක්ෂයටද නිදීවර්ජිත රාත්‍රියක් වුනා සන්ධානයේ බිලී බා ගැනිමට ඔන්න මෙන්න කියා තිබු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම මේ වනවිට එජාපය මගහරිමින් සිටින බව වාර්තා වේ.ඔහුන් හරහා මහින්දට එරෙහිව විරෝධතාවයක් ගොඩ නැගිමට මුදල් පවා ඇතැම් මන්ත්‍රිවරුන් අරගෙන තිබේන බවද වාර්තා වේ.


කෙසේවෙතත්හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (3) ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් දේශපාලන පක්ෂ නායකයන්ට ඊයේ (02) දැනුම් දි තිබුනා.
-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසීම හරහා උතුරේ ස්වයං පලනය සම්බන්ධයෙන් තම සංවිධාන තබා තිබේන බලාපොරොත්තුව ඇතට විසිවි යන බව කොටි සංවිධානයේ බෙදුම්වාදී සංවිධාන සමුහයෙන් සමන්විත දමිළ ඩයස්පොරාව කැනඩාවේ අද පැවති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර යෝර්ක් විශ්වවිද්‍යාලයේ පැවති ඩයස්පොරාවේ රැස්විමකදි මේ බව අනාවරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ යලි බලය ලබා ගැනිම හරහා දෙමළ ජනතාවගේ ස්වයං පාලනය සම්බන්ධයෙන් තබා තිබේන බලාපොරොත්තුව සම්පුර්ණයෙන් විනාශ වි යැම කිසිවෙකුටත් නතර කර නොහැකි බව මෙහිදි අවධාරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂට යලිත් දේශපාලනයට පිවිසිමට නොහැකි වන පරිදි කටයුතු කිරිම ජාත්‍යන්තර වගකිමක් බවත් ඒ සදහා ඩයස්පොරාවේ සියලුම කණ්ඩායම් ජාත්‍යන්තරයට බලකල යුතු බවද එහිදි අවධාරණය කර තිබේ.
-
පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් කෝටි 5ක මුදලක් පොරොන්දු පිට සන්තෝෂමක් ලෙස රුපියල් කෝටියක මුදලක් ලබාදි ඉතිරි මුදලට පොලු කෑ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල සුරංග ජාගොඩ එජාපයෙන් නාමයෝජනා ලබාදිමට අකමැත්ත පලකර තිබේන බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.

විමල් වීරවංස මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පත්කල මන්තී‍්‍ර වරයෙකු වු අචල සුරංග ජාගොඩ වීරවංසගේ ආරක්ෂාව සම්බන්ධව වගකීම ඉසිළු අතර පක්ෂයට ලැබුනු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධුරයද මුසම්මිල් හට ලබා නොදී අචල ජාගොඩ ලබා ගත්තෙකි. 

අචල සුරංග ජාගොඩ මහතා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ සමීපතමයකුද වෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වුණු අචල සුරංග ජාගොඩ මහතා කලෙක සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ. ජනතා විමුක්ති පෙරමු‍‍ණෙන් ‍දේශපාලනයට පිවිසි අචල ජා‍ගොඩ මහතා රත්නපුර දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු මන්ත්‍රීවර‍යෙකු ‍ලෙස කටයුතු කළා, 

ජනාධිපතිවරණ සමයේ සත පහක වටිනාකමක් නොමැතිව සිටි අචල නන්දන ගුණතිලක සමග එක්ව මෛත්‍රීපාල සිරිසේනට සහය දක්වමින් යන්තම් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනඟා ගත් අතර විකුණුම් වටිනාකම අනුව නන්දනට ලක්ෂ 10ක් පමණක් ලැබි තිබේ.පසුව අචල කට්ටි පනිමින් තමන්ගේ වටිනාකම ඉහල දමා ගැනිම සදහා විවිධ උපක්‍රම භාවිතා කලද එය සාර්ථක නොවුනු අතර අන්තිමට රුපියල් කෝටි 5ක මිලක් අචලට නියම වි තිබේ. නමුත් අචලට එයින් ලැබි ඇත්තේ රුපියල් කෝටි 1ක මුදලක් වන අතර ඊට අමතරව නන්දනට සහ අචලට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදිමට පොරොන්දු දි තිබේ.

නමුත් මැතිවරණය ප්‍රකාශයට පත්කීරිමෙන් පසුව එජාප නායකත්වය නාමයො දිම මගහරිමින් සිටින බව අචල ජාගොඩ අප වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.තමන්ට එජාපයෙන් නාමයෝජනා නොලැබෙන්නේ නම් සන්ධානයෙන් හෝ නාමයෝජනා ලබා ගැනිමට හැකියාවක් තිබේද යන්න තම්න් බැසිල් රාජපක්ෂ මහතා හමුවි සාකච්ඡා කල බවද පවසා තිබේ.

-
නොසිතු ලෙස මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරිමත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුක්ෂම ලෙස මැතිවරණ වයාපාරය මෙහෙය විමත්, රටේ ජනතාවගෙන් සියයට 60කටත් වඩා මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනතාව පිළිගන්නා බව තමන්ගේම බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග 2010 වසරේදී ඇනගත් ආකාරයටම යලිත් එක්සත් ජාතික පක්ෂ හොම්බෙන් යන්නට ඇනගෙන ඇති බව දැන ගත් එජාප ප්‍රභලයන් දැඩි මානසික පීඩනයට ලක්ව සිටින අතර සුපුරුදු පක්ෂ නායකත්වය වෙනස් කිරිමේ කුමන්ත්‍රණය මේ වනවිට ආරම්භ කර තිබේ.

30 වතාවක් එක්සත් ජාතික පක්ෂය පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහට ඉදිරි මහ මැතිවරණයේදීත් එජාපය ජයග්‍රහණය කරවීමට නොහැකි බව එජාපයේ බහුතරයක් පාක්ෂිකයින්ගේ අදහස වී තිබේ.ඊට හේතු වී ඇත්තේ, රනිල් වික්‍රමසිංහට සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අකමැති වීම, පසුගිය දින 100 වැඩපිළිවෙළ අසාර්ථක බවත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ දැරිය යුතු බවටත් පාක්ෂිකයින් කල්පනා කිරීම සහ එජාපයේ එක්තරා පැළැන්තියක් පමණක් රනිල් වික්‍රමසිංහ විසින් පෝෂණය කර අනෙක් අයව නොසලකා හැරීමයි.

ඒ අනුව එජාපයේ රනිල්ට එරෙහි බහුතරයක් සාමාජිකයින්ව සිරිකොතට කැඳවා කරු ජයසූරිය ව එජාප නායකත්වයට පත් කරවීමටත්, එජාපයට තරුණයින්ව ආකර්ශනය කරගැනීම සඳහා හරීන් ප්‍රනාන්දු ට එජාප නියෝජ්‍ය නායක කම ලබා දීමටත් සැලසුම් සකස් වී ඇත.ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස ව ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා කරවීම සහ ඉන් පසුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුව ජනාධිපති අපේක්ෂකයා කිරීම මෙම සැලසුමේ මුඛ්‍ය පරමාර්ථයයි.

එජාපයේ මෙම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළට මූලිකත්වය ගන්නා 11 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මෙලෙසයි.

1. සුජීව සේනසිංහ
2. සජිත් ප්‍රේමදාස
3. කරු ජයසූරිය
4. බුද්ධික පතිරණ
5. හරීන් ප්‍රනාන්දු
6. තිස්ස අත්තනායක
7. රෝසි සේනානායක
8. මෛත්‍රී ගුණතිලක
9. ශිරාල් ලක්තිලක
10. තලතා අතුකෝරාල
11. රංජිත් මද්දුමබණ්ඩාර

වර්තමානයේ එජාපය රාජ්‍ය බලය ලබාගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ගේ දක්ෂතාවය නිසා නොව පොදු අපේක්ෂක භූමිකාව වටා සියලුම මහින්ද විරෝධීන්ව රැස් කරවීමට හැකි වීමෙනි. නමුත් ඉදිරි මහ මැතිවරණයේ එක් එක් පක්ෂ තනි තනිව සටන් වදින හෙයින් එජාපයට මැතිවරණ ජයග්‍රහණය තීරණාත්මක වී ඇත.මීට පෙරද අවස්ථා කිහිපයකදීම එජාප නායකත්වය වෙනස් කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. 

එහි තීරණාත්මක අවස්ථාවක් වූයේ 2011 දෙසැම්බරයේදී පැවැති එජාප නායකත්ව  සටනයි. එහිදී රනිල් වික්‍රමසිංහ වැඩි ඡන්ද 42 ක් ලබා ජයග්‍රහණය කළේය. එවකටද ඔහුගේ ප්‍රතිවාදියා වූ කරු ජයසූරිය ලබා ගත්තේ ඡන්ද 26 ක් පමණි. කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය.

එහිදී නි‍යෝජ්‍ය නායකත්ව සටනේදී එජාපයේ ජනප‍්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡුන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේය. ප්‍රතිඵලය වූයේ දයාසිරි ජයසේකර, මහින්ද රාජපක්ෂ මහතා ළඟ නැවතීමයි.රනිල් වික්‍රමසිංහ එක් එක් සභිකයාට එල්ල කළ පීඩනය හේතුවෙන් පක්ෂයේ උන්නතිය වෙනුවට එම පුද්ගලයන්ගේ දේශපාලන ඉදිරි ක්‍රියාමාර්ග තකා ඡන්දය දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයේ සැබෑ දක්ෂයන් පක්ෂයට අහිමි විය.

ප්‍රතිඵලය වූයේ එජාප කැරළි කණ්ඩායම වරින් වර සිරිකොතට පවා ගල් ගසමින් තම පීඩනය එල්ල කිරීමත්, ඔවුන්ට අවස්ථාවක් එන තුරු කුරුමානම් ඇල්ලීමයි. ඉදිරි මහ මැතිවරණය පොදු අපේක්ෂක සළුවෙන් වසාගැනීමට නොහැකි නිසා එජාපයේ නායකත්වය වෙනස් වීම වැළැක්වීමට නොහැක්කකි.

විශේෂ ස්තූතිය ලංකා කුවික් 
-
වෙනම පරිපාලන ඒකකයක් පිහිටුවීම සම්බන්ධයෙන් තම යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කල බවත් නිසි වේලාව පැමිණෙන විටදී එය ඉටුකිරිමට ජනපති මෛත්‍රී තමන්ට පොරොන්දු වු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ නායක රවුෆ් හකීම් දමිළ මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

නැගෙනහිර පළාතෙහි වෙනම පරිපාලන ඒකකයක් ලබාගැනීමේ සටන තමන් වසර ගණනාවක සිට කරගෙන ආ බවත් පසුගිය රාජපක්ෂ රජයේ වසර 5ක කාලයක් තමන්ට එය කරගැනිමට මහින්ද රාජපක්ෂ ඉඩ නොදුන් බවද ඔහු පවසා තිබේ.

අදාළ පරිපාලන ඒකකය නිර්ණය කිරිමේදි භාෂාමය වශයෙන් ජනතාව තම එදිනෙදා කටයුතු සිදුකරගන්නා අන්දමින් සිමා නිර්ණය කිරීම කළ යුතු බවත් තින්දු ගැනිමේ හැකියාව එම පරිපාලන එකකයේ ප්‍රධානියා සතුවිය යූතු බවද ඔහු සදහන් කර තිබේ.

"ජනතාව තම අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යාම වෙනුවට ප්‍රාදේශීය වශයෙන් ඒවා ඉටුකරගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. ඒ හේතුවෙන් නව පරිපාලන ඒකකය පිහිටුවිය යුතුය යන ඉල්ලීම අඛණ්ඩවම ඉදිරිපත් කරනු ඇති බවත් ජනාධිපතිවරයා අවශ්‍ය අවස්ථාවේදී එය පිහිටුවීමට ක්‍රියාමාර්ග ගනු ඇති බවත් රවුෆ් හකීම් සදහන් කර තිබේ."

-
13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම වසර අවසානයේදි ක‍්‍රියාත්මක කර උතුරු නැගෙනහිර පලාත්වල මහ ඇමැතිවරුන් දෙදෙනාම පොදුවේ මධ්‍යම රජයේ ඇමැතිවරයෙකු පත් කරන බවට පසුගියදා ලන්ධනයේ පැවති රහසිගත සාකච්ඡාවෙදි මන්න පොන්ගල හෙවත් මංගල සමරවිර ලිඛිතව ලබාදි තිබේන බව දමිළ මාධ්‍ය අනාවරණය කර තිබේ.

එනම් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙම වසර අවසානයේදි ක‍්‍රියාත්මක කරන බවත්  ඒ සදහා යෝජනාවන් නව පාර්ලිමේන්තුව පිහිටුවීමත් සමග ඉදිරිපත් කරන බවත් 13 සංශෝධනය පිළිබඳ නව යෝජනාවට උතුරු නැගෙනහිර පලාත්වල මහ ඇමැතිවරුන් දෙදෙනාටම පොදුවේ මධ්‍යම රජයේ ඇමැතිවරයෙකු පත් කරන බවත් එම ඇමැති පදවිය ද්‍රවිඩයෙකුට ලබා දෙන බවත් ඔහුටම 13 සංශෝධනයේ සදහන් ඉඩම් පොලිස් බලතල ලබා දෙන බවත් මෙම ලිඛිත පොරොන්දුවෙන් තහවුරු කර තිබේ.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් සාකච්ඡාවේ එකඟතාවයන් සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේසියලු දෙනා දැනුවත් කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇති බව අප පසුගියදා අනාවරණය කළා.(එම අනාවරණය කියවන්න - මන්න පොන්ගල ලන්ඩනයේදි දුන් පොරොන්දු මෙන්න- දුටු තැන අල්ලා ගස් බැඳ පහරදෙනු)

මේ අතර ඊළග සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ සුමන්දිරන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ,හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ මංගල සමරවිර ඇතුලු කොටි ඩයස්පොරාවේ සමාජිකයන් සමග පැවැත්විමට නියමිත බවද වාර්තා කර තිබේ.




-
2010 වසරේ ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් වු කාටුන් ශිල්පියෙකු මෙන්ම ලංකා ඊ නිවුස් වෙබ් අධවියේ වාර්තාකරුවෙකු ලෙස කටයුතු කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පරික්ෂණ හදිසියේම වත්මන් යහපාලන් රජයේ ප්‍රබල චරිතයක් වන අමාත්‍ය පාඨලී චම්පික රනවක දෙසට යොමු වෙමින් තිබේන බව වාර්තා වේ.

අප අවස්ථා ගණනාවකදිම ප්‍රගීත් අතුරුදහන් විමට පාඨලී චම්පික සම්බන්ධ බවට අනාවරණය කල අතර පසුව එවකට නේපාලයේ දේශපාලන රැකවරණය ලබමින් සිටි ප්‍රගීත්ගේ සමකාලිනයෙකු වන ශාන්ත විජේසුරියද තහවුරු කර තිබුනා. 2009 දෙසැම්බර් 08 දින ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල අතිශය පෞද්ගලික ජිවිතයට සම්බන්ධ ලිපියක් මෙම අතුරුදහන් කිරිමට සම්බන්ධ බවට අප අනාවරණය කළා.(එම ලිපිය කියවන්න - එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…)

අපකල අනාවරණයන්ට අනුව පසුගිය 2010 ජනාධිපතිවරණ සමයේ අතුරුදහන් කළ ප්‍රගීත් එක්‌නැලිගොඩ සම්බන්ධයෙන් අප කළ හෙළිදරවු වලින් පසුව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය සමයේ ප්‍රගීත් එක්නැලිගොඩ විකුණා කමින් මුදල් හම්බකල වර්තමානයේ යහපාලන වන්දනාවේ යන රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් හමුවි මේ සම්බන්ධයෙන් කතාකරන් ලෙස ඉල්ලිමක් කර තිබුනද ඔහුන් සියලුම දෙනා යහපාලන ආණ්ඩුවේ වන්දිභට්ටයන් වි සිටිම නිසා එය සම්පූර්ණයෙන් නතර වි ගියා .(එම ලිපිය කියවන්න - ප්‍රගීත් අමතක වේ - සන්ධ්‍යා තනි වේ)

කෙසේ වෙතත් අමාත්‍ය පාඨලී චම්පික රනවක යලිත් රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා ගේ යහපාලන ආණ්ඩුවට විරුද්ධව යමින් සිටින බවට බුද්ධි අංශ අනාවරණය කිරිමත් සමග එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු හෙලිකරගෙන තිබේන බවත් ඒම මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ එවකට ආණ්ඩුවේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමිප මිතුරෙකු බවට තොරතුරු අනාවරණය වි ඇති බවට රහස් පොලීසිය වාර්තා කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දුරකථන අංක කිහිපයක් හා ඒවා භාවිතා කරමින් ඇමතුම් ලබාගත් ජංගම දුරකථන 22ක් ගැන තොරතුරු හෙලිකරගෙන තිබේන අතර  මෙම දුරකථන 22 දිවයිනට ගෙන්වා ඇත්තේ කවුරුන්දැයි සොයාගැනීම සඳහා රේගුවට වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබේ.

එසේම අදාළ ජංගම දුරකථන වලින් ගනු ලැබූ ඇමතුම් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට විදුලි සංදේශ නියාමන කොමිසමටද අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබේන බව වාර්තා වේ.
-
මෙරට ඇඟලුම් කම්හල් ප්‍රධානීන් සහ  මහින්ද රාජපක්ෂ මහතා  අතර හමුවක් පසුගිය දිනෙක පෞද්ගලික හෝටලයකදී පැවැත්වුනා.“ජනපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලනය” යන මැයෙන් විශේෂ දේශනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් එහිදී පවත්වනු ලැබුණි.එහිදි බෙදුම්වාදීන් සමග වසර දෙකහමාරක් කළ කුමන්ත්‍රණය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා අනාවරණය කළා.
-
යාපනය අධිකරණයට ගල් ගෑසිමට බෙදුම්වාදීන් කටයුතු කල විත්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරිමට සම්බන්ධ මළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ නීතීඥ තවරාසා බේරා ගැනිම සදහා රජයේ ඉහළ බලපැමක් මත පරික්ෂණ කටයුතු සියල්ලම වෙනතකට යොමුකරමින් සිටින බව අප යාපන වාර්තාකරු සදහන් කළා. 

ශ්‍රමදානයක් මුවාවෙන්  පුංකුඩුතීව් ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර යොදාගෙන විත්‍යා සිසුවියගේ ඝාතනය පිළිබඳ සාක්‍ෂි නැති කර ඇති අතර විත්‍යාගේ ඥාතීන්ගේ විරෝධය දැක්වුවද ඔහුන් එය නොතකා සියලු සාක්ෂි ඩොසර් කරදමා තිබේ.

විත්‍යා සිසුවිය ඝාතනය කල මහ මොළකරුවන් ආරක්‍ෂා කිරීමට සැළසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ත්‍යාගරාසා තුවාරගේෂ්වරන් ප්‍රසිද්ධියේ චෝදනා කර තිබේ.





-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් දියත්වන්නේදැයි සැකයක් පවතින බව ජනතා මාධ්‍ය මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නිමල් වීරතුංග මහතා අද මාධ්‍ය හමුවකදි අනවරණය කළා.2015 ජූනි 09 වන දින තම සංවිධානය විසින් මේ පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවත්, ඒ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට යොමුකරන බව දන්වා තිබුණු බවත් ඔහු අද කියා සිටියා.

ඒ අනුව ඉදිරියේදී 'මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ" බවට පෙන්වා දෙන විශේෂ වාර්තාවක් සකස්කොට එය ජනාධිපතිවරයාට,ආරක්ෂක ලේකම්වරයාට,පොලිස්පතිවරයාට සහ රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද වීරතුංග මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ නීතිඥ සිසිර ජයකොඩි මහතා කියා සිටියේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 300 දෙනෙකු නිදහස් කිරීමට කටයුතු කරන බවට මාධ්‍ය වාර්තා පළවී ඇති බවයි.

මේවන විට මහින්ද රාජපක්ෂ මහතාට මිනී මරුවෙක් බවට ව්‍යංගයෙන් අභූත චෝදනා එල්ල කරමින් තිබෙන බවත්, දෙදෙනෙකු මැරූ බවට එලෙස රංජන් රාමනායක වැන්නන් චෝදනා කරන බව වෙබ් අඩවිවල පළවන බවත් වීරතුංග මහතා සඳහන් කළේය.

හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ අතුල නිමලසිරි ජයසිංහ මහතා ජීවිතක්ෂයට පත්වූයේ අරලියගහ මන්දිරයේදී බව ජෝන් අමරතුංග අමාත්‍යවරයා පවසන බවත්, එයින් අදහස් කෙරෙන්නේද රාජපක්ෂ මහතාට එහි වගකීම පැවරීමට ගන්නා උත්සාහයක් බවත් ඔහු කියා සිටියේය.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාද පසුගිය දිනෙක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ රැස්වීම් තිය තිය යාම ළඟදීම නතරවෙනු ඇති බවට ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු නීතිඥ ශ්‍රී දොලවත්ත කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබුණු හෙදියකගේ සහ වෛද්‍යවරයෙකුද එතුමාගේ කාර්ය මණ්ඩලයෙන් ඉවත්කොට නැවත කැඳවා ඇති බවයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ නායක පිං අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව බෙදුම්වාදී චන්ද්‍රිකා-මෛත්‍රී-රාජිත සහ කෝටි ත්‍රස්තවාදීන් අවස්ථා ගණනාවක උත්සහයන් ගනිමින් සිටින බව අප පසුගිය කාලසිමාව තුල අවස්ථා ගණනාවකදි ආනාවරණය කළා.

එම වාර්තාවන් බලන්න 

>කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

>මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතයට තර්ජනයක්- වහාම පරික්ෂණයක් අවශ්‍යයි

>හිටපු ජනපති මහින්ද ඝාතනයට සැලැස්මක්!

>මහින්ද ඝාතනයට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් උත්සහයක!

>""කොණ්ඩ රිස්වාන්"" ඝාතනයට සුදානමක්!

>පාතාල නායක "රතු චයිනා" වැලිකඩින් පන්නයි -ආ ගිය තැනක් නෑ






-
නිදහස් මාධ්‍ය ව්‍යාපාර ලෙස ක්‍රියාත්මක වු බෙදුම්වාදී කණ්ඩායම් දැන් රටේ උගතුන් බිල්ලට ගැනිම සදහා කටයුතු කරන අකාරය මහාචාර්ය මොහාන් සමරනායක මහතා ඊයේ අනාවරණය කළා.යහපාලනයෙන් රට බෙදේන හැටි ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ විද්වත් කතිකාවකට එක්ව මහාචාර්ය මොහාන් සමරනායක මහතා රට බෙදෙන හැටි.....පැහැදිලි කල අයුරු 



ගෝනී බිල්ලා ගැන තවත් කතා 

ණයට කැස්ස සුනිල්ට මෛත්‍රීගෙන් ආතල් තනතුරක්

ණයට කහින එක පුරුද්දක්ද?
-
තවදුරටත් මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට සහය දිමට කිසිදු අවශ්‍යතාවක් නැති බව ශ්‍රිලනිපය ප්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයකම නායකයන් අද සවස රැස්ව ගත් තින්දුවෙන් පසුව ලංකා නිවුස් වෙබ් ඩොට්.ටුඩේ වෙබ් අඩවිය අමතමින් කියා සිටියා.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාරගත් බොහෝ නායකයන් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සියල්ල කැපකර කටයුතු කල නායකයන් වන බවත් දැන් ඒ ගොඩට මෛත්‍රීපාල සිරිසේන එකතු වන බවත් ඔහුන් පෙන්වා දුන්නා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ නරකම පාවාදීම මේ වනවිටත් මෛත්‍රී-චන්ද්‍රිකා-රාජිත සිදුකර අවසන් බවද ඔහුන් පෙන්වා දුන්නා.මීළඟ මැතිවරණයෙන් කවුරුන් දිනුවත් අගමැති රනිල් යැයි තලතා අතුකෝරාළ වැන්නන් පවසන්නේ ඒ පාවාදිමේ ප්‍රථිපලයක් ලෙස බවද ඔහුන් අවධාරණය කළා.

මෛත්‍රිපල කණ්ඩායම මහින්ද පිළ සමග එකතු නොවුනහොත් අවසාන වශයෙන් මෛත්‍රිපාල සමග ඉතිරිවනු ඇත්තේ කිසිදු ඡන්ද පදනමක් නැති රාජිත, එස් බී, හිරුණිකා, මල්ෂා කුමාරතුංග, සෝලංගආරච්චි ආදී පිරිසක් පමණක් බවත් නිමල් සිරිපාල ද බොහෝ දුරට මහින්ද කණ්ඩායම සමග එකතු වනු ඇති බවද ඔහුන් පෙන්වා දුන්නා.
-
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය තබා නාමයෝජනාවත් ලබා දිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මෛත්‍රී-මහින්ද සමගි කරවීමට පත් කළ කමිටුවට  දැනුම් දුන් බව කක්කුස්සි කටා හෙවත් ඇමැති රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවේ පවසා තිබේ.

එම කමිටු සාමාජිකයන් ජනාධිපති හමු වූ අවස්ථාවේ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති මේ බව පැවසූ බව ද ඒ අනුව එම කමිටුව අක්‍රීය තත්ත්වයට පත් වන බව ද රාජිත සේනාරත්න කියා සිටියේ මහා හපන්කමක් කල අයෙකු මෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකමුතුකම සංධානයේ ජයග්‍රහණය බැවින් ඉදිරියේ දී පක්ෂයේ නායකයන් අතර සුහදතාවය වර්ධනය කර කටයුතු කිරීම සඳහා සුදුසු ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පසුගියදා රැස්වු ඊනියා ශ්‍රීලනිප නියෝජිත හමුවේදී තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ හෝ ඔහු වට ගොඩනැගි සිටින රටේ බහුතර සිංහල බෞද්ධයන් මෛත්‍රීගෙන් හෝ යහපලනයෙන් මහින්දට අපෙක්ෂකත්වය ඉල්ලා සිටියේ නැත.මහින්ද ඉල්ලා සිටියේද නැත දැන් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා-කක්කුස්සි කටා එක්ව ක්‍රියාත්මක කිරිමට ගිය කුමන්ත්‍රණය පැය 24ක් යන්නට කලින් අනාවරණය වි හමාරය.

තවමත් මෛත්‍රී පස්සේ යන ශ්‍රි ලනිපයේ අතලොස්සක තරමේ ලපයි සිපයියන්ට දැන් තිරණය ගැනිමට කාලය එළඹි තිබේ.
-