Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » » රනිල්ට කඩේ ගොස් ගෙවුනු සපත්තුව වෙනුවට MC එකෙන් සපත්තු කුට්ටමක් ගත් රටේ රාළ

30 වසරක් සාපරාධි ත්‍රස්තවාදීන් රටේ රාජ්‍ය නායකයන් දුටු-දුටු තැන බෝම්බ ගසා මරා දමද්දි ඇමතිවරයෙකු ලෙස සන්නද්ධ රථ පොරවාගෙන ගිය මෛත්‍රී උන්නැහේ බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් ජනපති වි හදිසියේම සපත්තු කුට්ටමක් ගන්න යැමෙන් පැහැදිලි වන්නේ රනිල්ට හා බෙදුම්වාදීන්ට කඩේගිය තරම මිසක රටේ ජනතාවට කල මගුලක් නොවේ.

මෛත්‍රීට මේ හදිසියේ සපත්තු කුට්ටමක් ගන්නට මතක් වුයේ සපත්තු මගුලක් ඔනෑ නිසා නොව දිනෙන් දින තමන්ට නැති වෙන රටේ ජනතාවගේ සහ පක්ෂයේ ප්‍රසිද්ධිය සල්ලි වලට ඔනෑම බිබික්කමක් සමාජගත කිරිමට පොරකන වෙබ් සහ පත්තර කඩමලු හරහා ලබා ගන්නට බව ඉතා පැහැදිලිය.

වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි. 

පට්ටම සින් එකනම් පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි..... යනුවෙන් ගූ කන වෙබ් අඩවියක සදහන් කර තිබුනද කඩේ නම ලියන්නට අමතක වි ඇති විමයි....

නොලියු ටික අපි කියන්නම් ....මේ බම්බලපිටියේ මැජස්ටික් සිටි( Majestic City) එකයි.සාමාන්‍ය කඩයක සපත්තු කුට්ටමක් රුපියල් 5000ක් නම් Majestic City හී එම වටිනාකම හතර ගුණයකටත් වඩා වැඩිය.මෛත්‍රී රටේ ජනතාවගේ සල්ලි ගැන ඔය තරම් කැක්කුමක් තිබේන කලයුතුව තීබුනේ කල යුතුව දේශිය ව්‍යාපාරිකයන්ට අත දිමක් වශයෙන් DSI සපත්තු කඩයකට ගොස් සපත්තු කුට්ටමක් මිලදි ගැනිමය.

අදාළ ඡායාරූපය ජනාධිපති මාධ්‍ය එකකයේ මෛත්‍රීගේ චොකා මල්ලි හරහා අපටද ලැබි තිබිනි.නමුත් අප් ඒ පිළිබඳව මත පලකිරිමට හදිසි නොවුනේ මෛත්‍රී ගත් සපත්තු පලදින්නේ මෛත්‍රීම මිස අප නොවන නිසාය. නමුත් ජනතාව ගොනාට අන්දවන්නට යම් කණ්ඩායමක් සුදානම් වන්නේ නම් එයට එරෙහිව ඇත්ත හෙලි කිරිම අපගේ යුතුකමකි.

අපට කඩේ යන මල්ලිලාගෙන් අසන්නට පැනයක් තිබේ......  


කිසිදු උසස් අද්යාපනයක් නොලැබූ ග්‍රාමසේවකු ලෙස ජීවිතය අරඹා පසුකලක අමාත්‍ය ධුර කීපයක් දරා ජනාධිපති වූ මොහු පසුගිය රජය සමයේ තම පුතු දහම් උසස් අධ්‍යයන ලබා ගැනීමට එංගලන්තයට යැවුවේ පොඩි කාලේ එකතු  කල කැටේ කඩලාද?

ශ්‍රී ලංකාවේ උසස් පෙළ අසමත් දහම් පුතා එංගලන්තයහි අධ්යාපනය හැදෑරීමට යන අධික වියදම අත්මේස් පළදින මහා රැජින හෝ තම රථයහි දොර ඇරපු ඩේවිඩ් කැමරුන් විසින් හෝ ශිෂ්‍යත්වයක්  මගින් පිරිනමා තිබේද?

තමාට ලැබෙන ඇමති වැටුපෙන් පමණක් දහම් පුතා එංගලන්තයේ ඉගැන්විමට හැකි වුයේ කෙසේද? පිරිසිදු පාලනයක් ගැන පච දොඩන සිරිසේන පුතා රට ඉගැන්වීමට මුදල් සොයාගත් ආකාරය පෙන්වීම සදාචාර නොවේද?

අල්ලස් සහ දුෂණ කොමිසම මේ ගැන සෙවිය යුතු නොවේද?

අවසාන වශයෙන් රනිල්ට warning එකක් දිය යුතුය.අට වැනිදා ඉදලා මෛත්‍රී දාගෙන ගිය සපත්තු කුට්ටම දැන් ෂුවර් එකටම ඇත්තේ ඇඳක් යටය.මේ සපත්තු කුට්ටම දමාගත් මෛත්‍රී දැන් යන්නේ රනිල් පෙන්වු මඟ නොවිය හැක.

~විශේෂ ලියුම්කරු~

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments