57 සේනාංකයේ පලමු සේනාධිපති වූ මානවඩු මහතා 2009 වසරේ අවසන් සටනේදී ඉතා විශිෂ්ට මෙහෙයක් ඉටුකල නිලධාරියෙකි.එපමණක් නොව මැලේසියාවේ තානාපති සේවා සමයේ,එරට සැගව සිටි කොටි ත්‍රස්තයන් අත්වඩංගුවටගෙන මෙරටට බාරදුන් අතර එම ත්‍රස්තයන් අතර වාන්පුලිගාල් හෙවත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන්ද විය.රුපියල් කෝටි 400ක වැට් බදු වංචාවට සම්බන්ධ නිලධාරීන් මැලේසියාවේදී අත්වඩංගුවට ගනු ලැබූයේ මානවඩු මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මකවූ කණ්ඩායමක් විසිනි.
මේජර් ජෙනරාල් සුමිත් මානවඩු හදිසියේ තානාපති සේවයෙන් ඉවත් කිරීම පිටුපස මැලේසියාවේ ශ්‍රිලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් ශාරිඩ් ද සිටින බව වාර්තාවේ.ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් සේවය කල හමුදා නිලධාරීන් විශ්‍රම ගැන්වීමේ යහපාලන රජයේ තවත් එක් පියවරකි මෙය.
මැලේසියානු විශේෂ වාර්තාකරු
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


.jpg)
.jpg)
.jpg)
No comments
Post a Comment