Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ගෝඨා එලියේ හිටියොත් මට කෙලවෙනවා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමට නොහැකි විම තමන්ට බරපතල ප්‍රශ්ණයක්ව ඇති බව රනිල් වික්‍රමසිංහ ඊයේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම සමග පවසා තිබේ.මහ මැතිවරණයකදි කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ගේඨාභය හා විමල් විරවංශ වැනි පුද්ගලයන් මැතිවරණයට ඉදිරිපත් විම හරහා අහිමි විමේ ඉතා ඉහල ඉඩක් පවතින බවයි. එම නිසා ජාතික මට්ටමේ මැතිවරණයකට පෙර ගේඨාභය සහ විමල් වැනි අය කුඩුවේ තැබිම අත්‍යවශ්‍යය බවද රනිල් සිය සමාජිකයන්ට පෙන්වා දි තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ නෛතික ගැටලූවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.යම් අයෙක් සහනයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ විට ඊට අවසර ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම විනිසුරුවරුන් දෙදෙනකුට සිදු කළ හැකියි.නමුත්, අතුරු තහනම් නියෝගයක් ලබාදීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 132 කේ දෙක සහ 126 යන වගන්තිවලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තුන්දෙනෙකු සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඊයේ කොළඹ පැවැති උත්සවයකදී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, තමාට හෝ කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා නොදී ශ්‍රේෂ්ඨාධිකරණය, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් නඩුවේදී කටයුතු කර ඇති බවයි.ඒ අනුව ඊට එරෙහිව පොදුරාජ්‍ය මණ්ඩලයීය අධිකරණ කටයුතු අංශයෙන් උපදෙස් ලබාගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියා.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පිටු 600කින් යුක්ත මූලික අයිතිවාසිකම් පෙත්සම අධ්‍යයනය කිරීම සඳහා සිය නීතිඥයන්ට භාරදුන් බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.අරලියගහ මන්දිරයේ පැවැති බෞද්ධ හා හින්දු ආගමික නායකයන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා ඒ බව අවධාරණය කළා.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය දා අධිකරණය ලබාදුන් තීන්දුව, අග්‍රාමාත්‍යවරයා විවේචනයට ලක් කිරීමෙන් පෙනීයන්නේ, එක්සත් ජාතික පක්ෂය සිය සුපුරුදු මාවතට අවතීර්ණ වී ඇති බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසනවා.

එමෙන්ම, රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය මගින් මෙරට අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක්වන බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා. 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments