Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ඔලමොට්ටල පැඩි ෆිල්ඩ් මාෂල් රවිරාජ් ඝාතනයෙන් ගැලවිමේ සුදානමක - ගෝඨාභය,කරන්නාගොඩ බිල්ලට දෙන්න යයි

පසුගිය අප්‍රියෙල් 6 වැනිදා අප අනාවරණය කල පරිදිම ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් සිදුකල පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මත පැටවිමට සුදානම් වන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. 

පසුගිය අප්‍රියෙල් 6 වැනිදා අප මේ තත්ත්වය අනාවරණය කල අතර එයට සරත් ෆොන්සේකා වග කිවයුතු ආකාරයද අප පෙන්වා දුන්නා. අප කල අනාවරණය කියවන්න - ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා හමුදා නිළධාරි බිල්ලට දෙයි

පාවාදිමේ පලමු පියවර ආරම්භ කරමින් ෆොනීගේ කූප්‍රකට මාෆියාකරු වන සේනක සිල්වා යොදවා ගනිමින් මුදල් ලබාදි ලංකා ඊ නිව්ස් හී අමු කෙප්පයක් අද පලකර තිබේ.

--උපුටා ගැන්ම ලංකා ඊ නිව්ස්--

පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨා සහ කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීම පමා වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්: නෑ ස්කොට්ලන්ඩ්යාඩ් වාර්තා ආවේ නෑ: ලබන මස වරදකරුවන් අධිකරණයට ගේනවා -නීතිපති දෙපාර්තමේන්තුව

(2015.මැයි.25, ප.ව.3.35) හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් මහතා ඝාතන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ අවසන් කර ඇතත්, මෙම අපරාධයේ ප්‍රධානතම විත්තිකරුවන් දෙදෙනා වශයෙන් හඳුනාගෙන ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසකගේ ඇල් මැරුණු වැඩ කෙරුවාව නිසා බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පවසයි.

--උපුටා ගැන්ම අවසන් --

2006 නොවැම්බර් මස 10 වැනිදා නාරාහේන්පිට සිට බොරැල්ල හරහා ගමන් කරමින් සිටියදී රවිරාජ් නඩරාජා මහතා රැගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නඩරාජා සහ පොලිස් නිලධාරියකු මරනයට පත්වු අතර එම ප්‍රහාරය මෙහෙයු බව කියන නාවික හමුදාවේ තිදෙනකු රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිම පසුපස ෆිල්ඩ් මාෂල් තනතුරට පත්  සරත් ෆොන්සේකා සිටින බව අප වාර්තාකරු අනාවරණය කර සිටි.

නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි, හිටපු නිලධාරීන් වන සුළු නිලධාරී සෙනවිරත්න හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ අධි සහයක ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය ෆොන්සේකා විසින් පාවාදී ඇත්තේ ෆොනීම කල වැරද්දක් වසා ගැනිම් සදහා රවි රාජ් ඝාතනය කල නිසාය.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම 

~~උපුටා ගැන්ම "වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ"Lankanewsweb.today ~~

"යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග  වූ බෑගය සහ බට් මොඩල් T56  නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ  මෙයය. මලමිනී වෙලදාම."

කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.


මරා දැමීමට පෙර වූ උදෑසන  දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත්  යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300  බැගින් එහි අයිතිකරුවන්ටම  අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු  ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය.  ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

~~උපුටා ගැන්ම අවසන්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments