Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » නාටකය ඇති රටේ මුදල් කොල්ල කෑ රනිල්, රවි, හා මහේද්‍රන් යුක්තියේ නාමයෙන් අත් අඩංගුවට ගනු

Arjuna Mahendran: ජවනිකා අංක 1 2015 පෙබරවාරි 27 මහ බැංකු ගිනුම්කර වෙන්දේසියේදී සිදුවූ ලංකා ඉතිහාසයේ ඉහලම මුල්‍ය වංචාව පිලිබඳව මුලින්ම චෝදනාව නැගුනේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්ටය.

ඒ මෙම බැඳුමකර වෙන්දේසියේදී  රුපියල් බිලියන් 6.25 වටිනා 30 අවුරුදු බැදුම්කර එවකට වෙළඳ පොලේ පිලිගත් පොලී අනුපාතයට වඩා අතිශයින් ඉහල පොලියකට සිය බෑනා වන අර්ජුන් ඇලොසියස්ට අයිති 'පෙර්පෙචුවල් ට්‍රෙෂරීස්' යන සමාගමෙන් මිලදීගැනීමට ක්‍රියාකිරීම හා වෙන්දේසියට ඉදිරිපත් වූ අනිකුත් සමාගම් 12 ටම  ලබා නොදුන් අභ්‍යන්තර  දැනුමක් 'පර්පෙචුවල් ට්‍රෙෂරීස්' සමාගමට අධිපති මාමා විසින් ලබා දී තිබුන බවට සැක කිරීමට බොහෝ කරුණු තිබීම නිසාය.

මේ ගනුදෙනුව නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දිනකදී ලැබූ අයථා ලාබය රුපියල් බිලියනයකට වැඩියය් ඇස්තුමෙන්තු කර ඇති අතර මේවා දීර්ඝ කාලීන 30 අවුරුදු බැඳුම් කර නිසා ඔවුන්ගේ සමස්ථ ලාබය රුපියල් බිලියන් 10 ඉක්මවනු ඇත. මෙම ගනුදෙනුවේ අතුරුපලයක් ලෙස  රටේ පොලී අනුපාතයනිසා ඉහල යාමෙන් මාර්තු මාසය තුල පමනක් රජයට වූ සමස්ථ පාඩුව රුපියල් බිලියන් 42කි. මෙම වසර අවසානය වන විට මෙම පාඩුව රුප්යල් බිලියන් 4500 ට ආසන්න වනු ඇතැයි  ඇස්තමේන්තුගත වී ඇත.

 ජවනිකා අංක 2

මෙම හොරකම  සැලසුම් කල කවුරුන් හෝ සිතන්නට අත්තේ රනිල් වික්‍රමසිංහ ඊට සති කිහිපයකට පෙර  මාධ්‍ය ප්‍රධානීන්ට ප්‍රසිද්දියෙ හා දුරකථනයෙන් තර්ජනය කොට රජය විවේචනය නොකරන ලෙස අණ දී තිබුන නිසා මෙම සිද්දිය ගැන කතාකරන්නට කිසිවෙකු ඉදිරිවත් නොවෙනු ඇත කියාය්. නමුත් ඔවුන් නොසිතූ ලෙස වෙබ් අඩවි හා ෆේස් බුක් ගිනුම් හරහා බලලා මල්ලෙන් එලියට පැන්නේය.  මෙම තත්වය තුල සම්ප්‍රදායික මාධ්‍ය වලටද කතා නොකර සිටිය හැකි විය.  විපක්ෂ මන්ත්‍රී වරුන් මේ පිලිබඳව පාර්ලිමෙන්තුවේ ප්‍රශ්න කරන හා විරෝධතා දක්වන වාතාවරණයක් නොබෝ දිනකින් ඇති විය.


 ජවනිකා අංක 3

මහ බැංකු අධිපතිවරයාට විරුද්දව විපක්ෂයේ ඇඟිලි දික්වූ වහාම ප්‍රකාශයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුනාණායක මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේ  කිසිදු මුල්‍ය වංචාවක් සිදුවී නැතැයි  ප්‍රසිද්දියෙ කීවේය. මෙය අස්වාබාවික තත්වයකි.  සාමාන්‍ය ක්‍රමයනම් මුදල් ඇමතිවරයා පාර්ලිමෙන්තුවේ හා මාධ්‍ය මගින් ඉදිරිපත් වූ චෝදනාව ගැන පලමුව සොයා බලන්නට පොරොන්දු විය යුතුය. එසේ සොයා ගත් කරුනු මත වග කීමකින් යුතුව පාර්ලිමේන්තුවටත් රටටත් කරුණු පැහැදිලි කල යුතුය. එසේ නොකර මහ බැංකු අධිපති සුද්ද කිරීමට මුදල් ඇමති හදිස්සි වීම විශාල සැකයකට තුඩු දෙන කරුණකි.

ජවනිකා අංක 4

මහ බංකු මංකොල්ලය පිලිබඳ රටේ අවධානය නතර කිරීමට රවි කරුනාණායක දැරූ උත්සාහය පැහැදිලිවම  අසාර්ථක විය. විරෝධය විවිධ මාධ්‍ය හරහා බුරබුරා නගින්නට විය.  මෙම ප්‍රශ්නය පිලිබඳව පරීක්ෂණයක් කරන්නට මන්ඩලය පත් කරන බව ජනාධිපති සිරිසේන කීවේය. නමුත් ඔහුගේ සියලු බොරු  පොරොන්දු  මෙන් සුපුරුදු පරිදි මෙම පොරොන්දුවද ඉටු නොවිනි.නමුත් විපක්ෂ්යේ මන්ත්‍රීවරු දිගින් දිගටම  මේ පිලිබඳපරීක්ෂණයක් ඉල්ලා සිටියහ. මෙගා ඩීල් අල්ලන්න කියා ඇවිත් සිඟිති ඩීල් පස්සේ එලවමින් සිටින එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව මේ ගැන කරන්නේ කුමක්දැය් ජනතාවද මවිතයෙන් බලා සිටියදී අගමැති  රනිල් වික්‍රමසිංහ තවත් අපුරු වික්‍රමයක් කලේය.  මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේ කිසිදු මුල්‍ය වංචාවක් සිදුවී නැතැය් මුදල් ඇමති කලාක් සේම ඔහුද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.  මෙම පූර්ව නිගමනය නිවේදනය කලාට පසු විපක්ෂයේ ඉල්ලීම ඉටුකරන්නට කියා  කඩිනමින් පරීක්ෂනයක් කිරීමට තමන්ට ඉතා විස්වාස පක්ෂ ක්‍රියාකාරීන් 3 දෙනෙකුගෙන් යුත් කමිටිවක් පත් කලේය. 

එක්සත් ජාතික පක්ෂයේ විධායක කමිටු සමාජිකයන් වූ මේ තිදෙනාගෙන් එක් අයෙකුටවත් මුල්‍ය වෙළඳ පොල හෝ බැඳුම්කර පිලිබඳ කිසිදු පිළිගත හැකි වෲතීමය සුදුසුකමක්  නොතිබිනි. හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් ලෙස ඕනෑම කෙනෙකුට පැහදිලිවම පෙනෙන මෙම ඇස්බැන්දුම් කමිටු වාර්තාව බලාපොරොත්තු වූවා සේම  අර්ජුන මහෙන්ද්‍රන්ව නිදහස් කලේය. පැහදිලිවම මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව පොට්ටයෙකුට උනත් පෙනෙන තත්වයක් තුල  හොර කම් ඇල්ලිම ගැන උදේ සිටන් රෑ වන තුරු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත කෑ ගසන රනිල්ගේ මෙම මග හැරීමේ ක්‍රියා කලාපය පැහදිලිවම සැකයට තුඩුදෙයි.

තිරයෙන් පිටුපස- ජවනිකා 1

මෙම  කතාවේ දැනටමත් සැක කරුවන් 3 දෙනෙකු සිටිති. එක් අයෙකු  සිදුවූ හොරකමට කෙලින්ම සම්බන්දය. අනෙක් දෙදෙනා  සිය ආත්ම ගරුත්වය බල්ලාට දමා පලවන සැකකරු ගලවා ගැනීමට තම කලිසම් අතේ තබාගෙන ඉදිරිපත් වීම තුලින්ම අපගේ සැකකරු ලැයිස්තුවට අතුලත් වී සිටිති.

පූර්ව ජවනිකා අංක 1

මහ බැංකු අධිපති  මහේද්‍රන් මෙන්ම මුදල් ඇමති රවීද පත් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. මේ දෙදෙනාම ඒ තනතුරු වලට නුසුදුසු අය වන අතර ඔවුන්ගේ පත්කිරීම වලට අභ්‍යන්තර විරෝදතාද එල්ලවූ බව ප්‍රසිද්ධ රහසකි. රවි කරුණානායක යනු දැනටත් අධිකරණයේ විභාග වන විනිමය වංචා නඩුවක සැක කරුවෙකි. අර්ජුන් මහෙන්ද්‍රන් විදේශිකයෙකි. ඊටත් අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියාමනය කරනු ලබන ආයතනයක් වන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිකරුගේ මාමන්ඩියය. එවැනි තත්වයක් යටතේ මාමා බෑනා සම්බන්ධය විවිධ අයථා කටයුතු වලත පාදක විය හැකි නිසාම මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සදාචාරත්මක නැතැය් කැබිනට් මන්ඩලයෙන්ම මූලික විරෝදතාවක් පැන නැගී තිබිනි. නමුත් මේ කිසිවක් නොසලක හිතු මතයට මෙම පත් කිරීම් කරන්නට රනිල් පසුබට නොවීය.

යහපාලන ආන්ඩුවක් පිහිටවීමට පොරොන්දුවී අගමැති කම ගත් රනිල් තම රජයේ වගකිවයුතුම තනතුරු දෙකක් සම්බන්ධව මෙවැනි අස්වාබාවික තීරණයක්  ගත්තේ ඇය්. එහි මුල පටන්ම යටි අරමුණක් නොතිබුනා විය හැකිද ? තමන්ට රනිල්ගේ අනුග්‍රයෙන් තොරවනම් කිසිදිනක ලබා ගත නොහැකි මේඉහල  තනතුරු රවි හා අර්ජුන් බාරගත්තේ යම් කොන්ත්‍රාත්තුවක් ඉටුකරන්නට රනිල්ට දුන් පොරොන්දුවක් මතද ?


පූර්ව ජවනිකා අංක 2


රවි හා රනිල් අතර සම්බන්ධය  දශක ගනනක් පැරණිය. සජිත් ප්‍රේමදාස රනිල් ගැටුමේදීත්, කරු ජයසුරිය රනිල් ගැටුමේදීත්, රවී සිටියෙ රනිල් සමගය.

මහෙන්ද්‍රන් හා රනිල් අතරද ඉතා පැරණි මිත්‍රත්වයක් ඇත. 2001-2004රනිල් අගමැති කම් කල කාලයේ ඔහු මහේන්ද්‍රන්ව සිංගප්පුරුවේ සිට ගෙන්වාගෙන ආයෝජන ප්‍රවර්ධන මන්ඩලයේ සභාපති ලෙස පත් කලේය.

රනිල්ගේ ඉතාම කිට්ටු විස්වාසවන්තයන් වන මහේන්ද්‍රන්ව හා රවි අතරද අනිවාර්‍යයෙන්ම දිගු කාලීන සම්බන්දතාවක් ඇතිබව මෙම දේශපාලන සම්බන්ධතා හරහා පෙනීයයි.

පූර්ව ජවනිකා අංක 3

රවී කරුණනායකට ඇති විදේශ විනිමය වංචා නඩුව නම්   රාජු රාජරත්නම් නැමති ඇමෙරිකාවේ වෙසෙන ව්‍යාපාරිකයෙකු විසින් ලංකාවට එවන ලද ඩොලර් මිලියන් 3 ක් හෙවත් රුපියල් මිලියන 390 විදේශ විනිමය නීති උල්ලංගනය කරමින් පෞද්ගලික ගිනුමක තැන්පත් කිරීමය.

අමෙරිකානු කොටස් වෙළද පොල සම්බන්ද වංචාවකට වැරදි කරු වී අද ඇමෙරිකාවේ සිරදඩුවම් ලබමින් සිටින රාජු රාජරත්නම්ට රවි කරුණානායකට ඇති සම්බන්දය කුමක්ද ?

මේ ගැන සොයද්දි අපිට තව විශේෂ කරුණක් හමුවෙය්. ඒ රාජු රාජරත්නම් හා අර්ජුන මහේන්ද්‍රන් පාසැල් වියේ සිටම මිතුරන් බවත්, අර්ජුන මහෙන්ද්‍රන් පසුකලක රාජු රාජරත්නම්ගේ මුල්‍ය උපදේශකවරයෙකු ලෙසද කටයුතු කල බවත්ය.

දැන් අපට රාජු රාජරත්නම්ට රවි කරුණානායකගේ පෞද්ගලික ගිනුමකට  මිලියන් 390 එවන්නට උපදෙස් දුන්නේ කවුදැය් සිතාගැනීමට අපහසුද ?

මෙම මුදල් හදිස්සියේ එවන ලද්දේ 2005 චන්දයට ඔන්න මෙන්න කියාය. නොසිතූ ලෙස මෙම මුදල් විදේශ විනිමය වංචාවකට අසුවී රජයේ බාරයට නොගන්නට එම මුදල් එක්සත් ජාතික පක්ෂයේ චන්ද ව්‍යාපාරයට යොදවා ගන්නට සැලස්මක් තිබුනාද ?

2005 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද ? - ඒ රනිල් වික්‍රමසිංහය.

තිරයෙන් පිටුපස- ජවනිකා 2

පහුගිය ජනාධිපතිවරනයට විදේශ රටවලින් ලැබුන අති විශාල මුදල් සම්බාරය කලමනාකරණය කලේ එක්සත් ජාතික පක්ෂයය්. සිංගප්පුරුවේ සිට මෙම කටයුත්ත බාරව සිටියේ අර්ජුන මහෙන්ද්‍රන්ය. විටින් විට සිංගපූරුවට එන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු, පක්ෂ ක්‍රියාකාරින් හා හිතමිතුරන් අත අර්ජුන මහෙන්ද්‍රන් මෙම මුදල් ලංකාවට එවන ලදී.  ප්‍රචාරන කටයුතුවලට හා ආන්ඩු පක්ෂ ඇමතිවරු/මන්ත්‍රීවරු බිලී බා ගන්නට ලෝස් නැතුව වියදම් කලේ මේ මුදලුය්.  බොහෝ විට පිටරටින් මුදල් එන පොරොන්දුව පිට ලංකාවේ සිටි ව්‍යාපාරිකයන්  මෙහි වියදම් දැරූ අතර ප්‍රචාරක කටයුතු කරන ලද්දේ දෙන්නම් කාසි වලටය.


නාට්‍ය සමාලෝචනය- පුරවැසි විචාරක  විසිනි


මෙම ජවනිකා සියල්ල ගත් කල සිදු වූ දෙය වටහා ගැනීම අපහසු නැත. එය මෙසේ විග්‍රහ කල හැක.

ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසු වියදම් ගනන් හිලව් පියවීමේ ප්‍රධාන වගකීම පැවරුනේ මුදල් අංශය බාරව සිටි රනිල්, මලික්  රවි හා අර්ජුනටය්. ඔවුන්ට  පෙනී ගියේ අය හා වැය අතර විශාල  පරතරයක් තිබෙන බවය්. සුපුරුදු පරිදි අතරමැදියන්  සල්ලි යටිමඩි ගසා තිබුනි. එහි ප්‍රතිපලයක් වශයෙන් නොගෙවූ ණය බොහෝමයක් ඉතුරුව තිබුනි.

කට්ටිය  තීරණය කලේ මේ සා විශාල මුදලක් ඉක්මනින් පියවීමට හොඳම ක්‍රමය එය රජයේන් හොරකම් කිරීම බවය්. බොහෝ දෙනෙකුගේ විරුදධත්වය මැද විදේශිකයෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙසත්,  මුලු රටම දන්නා පට්ට හොරෙක් වන රවි කරුණානායක මුදල් ඇමති ලෙසත් පත්වෙන්නේ මේ සුසංයෝගය රජයේ මුදල් කොල්ලකෑමටනම් අත්‍යවශය නිසාය.

කිසිවෙකුටත් අසුනොවෙතැය් ඔවුන් සිතූ හොරකම කල ආකාරය බුද්ධිමත්ව සිතන්නෙකුට වටහා ගැනීම ඉතා සරලය. එහි පියවර කිහිපයක් ඇත.

රුපියල් බිලියන 1 ක බැදුම්කර පෙබරවාරි 27 මිලදී ගන්නාබව මහ බැංකුවේ ලියා පදිංචි තැරව්කාර සමාගම් 13 ට දින දෙකකට පෙර දන්වනු ලැබේ. මහ බැංකුව ඔවුන්ට කියන්නේ සාමාන්‍යයෙන් 9% ක පමන් පොලියක් ගෙවන්නට මහ බැංකුව සූදානම් බවයි. ඉතින් මෙ සියලු දෙනා  ( අර්ජුන් අලෝසියස්ගේ සමාගම හැර ) ලන්සු තබන්නේ සුලු මුදලක් අඩු පොලියට මහ බැංකුවට ණයට දෙන්නටය.

එහෙත් මහෙන්ද්‍රන් මාමා එදාට බිලියන 10ක ලංසු බාරගන්නා බව ඇලෝසියස් බෑණා පමනක් දනිය්. ඒ නිසා ඔහු බිලියන 6.25 ක් පොලියට දීමට ලංසු කිහිපයක්ම තබය්. ඔහු ඉල්ලන පොලිය 10.8% හා 12.5% අතර වන  ඉතා ඉහල පොලියකි.

මේ මුදල්ද ඔහුගේ මම අප්පාගේ බුදල් නොවේ. එයින් වැඩි හරිය ඔහු 8% පොලි‍යට එදා උදේ ලංකා බැංකුවෙන් ණයට ගත් මුදල්ය. වැඩි පොලියට මහ බැංකුවට ණයට දෙන්නට  අඩු පොලියට ලංකා බැංකුවෙන් අර්ජුන ඇලෝසියස්ට ණයක් දෙන්නේ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරීට ඉහලින් ආ නියෝගයක් අනුවය.මේ නියෝගය දෙන්නේ අන් කිසිවෙකු නොව මුදල් ඇමති රවි කරුණානායකය.

බිලියන් 1ක් වෙනුවට බිලියන 10 ක් දක්වා ණය ගැනීමට මහබැංකුව සූදානම් බව ප්‍රකාශ වන්නේ වෙන්දේසිය අතරමැදය. සැලස්ම  කලින් දැන සිටින්නේ අපේ කථා නායක පිරිස පමනි.  අඩු පොලියට ඉදිරිපත්වූ ලංසු කිහිපය අවසන් වූ පසු මහ බැංකුවට ගන්නට ඉතුරුව ඇත්තෙ ගිනි පොලියට දෙන අර්ජුන ඇලෝසියස්ගේ ණය පමනි. මේ ලාබය එක වසරකට නොවේ අවුරුදු 30 කටය.

යහපාලන හොර නඩය එක දවසක් ඇතුලත බිලියන ගනනක්  සෙව්වේ මේ ආකාරයටය. එයින් කොටසක් පක්ෂයේ ණය බේරීමට යන අතර ඉතුරු ටික යන්නේ කාගේ කාගේ සාක්කු වලටදය් විශෙෂ්යෙන් පහදා දෙන්නට අවශ්‍යතාවක් නැත.

බැටලු වේශයෙන් පැමින සිටින මේ වෘක රැල හඳුනාගන්නට ශ්‍රී ලාංකික ජනතාවට හැකි වන්නේ කවදාද ?

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments