Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » නීතියට පිටින් ගිහින් මෛත්‍රී අසාද් සාලිට පොරොන්දු දෙයි

ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ 1913/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 21 වැනිදා තෙක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධීකරණ අතුරු නියෝගයක් නිකුත් කලද එම සමාගම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ හා උපාලි අබේරත්න යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අතුරු නියෝගය පනවන ලදි.

ඇමරිකා ඩොලර් බිලියන 4 ක් වැය කරමින් ආයෝජන ගිවිසුම්වලට අනුකූලව ඇරඹූ තම ව්‍යාපෘති අමාත්‍ය මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව තිබියදීත් වත්මන් ජනාධිපතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් නැතිව අත්තනෝමතිකව අදාළ ගැසට් නිවේදනය මගින් හිටපු ජනපතිවරයා මුදා හැරි ඉඩම් යළි පවරාගත් බවද පෙත්සම්කරු කියයි.

අදාළ ඉඩම කෙසේ හෝ තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසට අසාද් සාලී මෙම් තිරණයෙන් පසුව මෛත්‍රීපාලට ඇවටිලි කර තිබෙන අතර එහිදි මෛත්‍රී- අසාද මෙම ගණුදෙනුව අනාවරණය වි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments