Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රී වේශයෙන් ආ ‘යහපාලන’ සමාජ ජාලා පාදඩකරණයේ අහිංසක ගොදුරු….

යාපනයේ පාසල් ශිෂ්‍යයාවක් දූෂණය කර මරා දැමූ සිදුවීම මුළු සමාජයම කම්පනයට ලක් කළ පුවතක් විය. එයට ජාති ආගම් භේදයක් නොවීය. ඇසූ ඇසූ බොහෝ දෙනා ‘අනේ අපොයි’ කිව්වා මිස සිහි බුද්ධිය ඇති කිසිවෙකු ‘ඕකිට හොඳ වැඩේ’ කිව් බවක් නොඇසිණ. ඒත් සමගම මෙවැනි පාහරයින් එල්ලා දැමිය යුතු යැයි බොහෝ දෙනාගේ අදහස විය. එහිදී ඇය දෙමළ ජාතික දැරියක් වීම පරහට හිටියේ නැත. මීට පෙරද මෙවැනි සිදුවීම් සිය දහස් ගණනින් අසා ඇති මුත් මාධ්‍ය මගින් ලබා දෙන අසාමාන්‍ය ප්‍රචාරය නිසාත් , එමෙන්ම මේ හරහා උතුර යළි ගිනි ගැනීමේ අවධානමක් ඇතැයි යන සාධාරණ සැකය නිසාත් මෙම සිද්ධිය වැඩිපුර කතාබහට ලක් විය.

ඒ අතර උගත් වියත් දැනුවත් ජනතාව යැයි තමා විසින්ම හඳුන්වා ගන්නා කොටසගේ  ලෝකය, එනම් සමජ ජාලා තුලද මේ පිලිබඳ ඇති වෙන්නට කතා කර තිබිණ. කතා , ශෝක කවි, ගීත, සමාජ විචාර ආදී නොයෙක් ආකාරයෙන් බොහෝ දෙනා මේ පිලිබඳ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර තිබිණ.  බොහෝ දෙනා තමන්ට ඇතිවූ අවංක කම්පනය නිසා එවැනි දේ පළ කළා වන්නට පුළුවන.

නමුත් ඒ අතර දේශපාලන  ඉහඳ පණුවන් තමන්ගේ මෙහෙයුම ආරම්භ කර තිබිණ. ඔවුන් මේ අස්සේ සැලසුම් කළේ මේ අවස්ථාව තමන්ගේ කුණුගහන ජඩ දේශපාලන වෙනුවෙන් ආයෝජනය කරන්නේ කෙසේද යන්නයි. ඔවුන්ට හොඳ පොටක් පෑදින. ස්ත්‍රී දූෂකයාට සමාන රුවක් සහිත පුද්ගලයකු හිටපු ජනාධිපතිවරයා සමග සිටින චායාරූපයක් හමුවන්න මෙහිදීය. මොහොතක්වත් පසුබට නොවී මඩ මෙහෙයුම ආරම්භ විය. ඒ සඳහා පූර්වාදර්ශයක් ඔවුන්ගේ “වියත් දැනුවත්  යහපාලන දේශපාලන පෙරගමන්කරුවා”  වූ චම්පික රණවක ශූරීන් විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කර තිබිණ ( කුප්‍රකට ෆෝටෝශොප් මෙහෙයුමෙන් ලෙසටර් ජේමිස් පීරිස් කේපී බවට පත් කිරීම හරහා ). එවැනි ඕනෑම ජවස්ථාවාදී ජඩ වැඩක් කිසිඳු කරදරයකින් තොරව, නීතිය ක්‍රියාත්මක වීමකින් තොරව සිදුකර ඔස්තාර්ලා ලෙස නිරුපද්‍රිතව වැජබීමට යහපාලනයෙන් ඉඩ ඕනෑතරම් ලැබෙන බව චම්පිකගේ සිදුවීම හරහා සමාජයම අවබෝධ කරගෙන තිබිණ.

අනිත් අතට ඕනෑම බොරුවක් විකුණා ගත හැකි පාරිභෝගික කණ්ඩායමක් අද වන විට සමාජ ජාලා වල රස්තියාදු ගසමින් සිටින බව  ඔවුන් පසුගිය කාලය පුරාම ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරගෙන තිබිණ.
ජනාධිපති වැය ශීර්ෂය කෝටි දස දහසකට කිට්ටු ගණනකින් “අඩු කළා ” ‍යැයි මැජික් පෙන්වමින් ,  එමෙන්ම රත්තරන් අශ්වයින් , හෙලිකොප්ටර් ලැබොගිනි ආදිය අවශ්‍යය අවස්ථාවල මවමින් ක්ෂණිකයකින් අතුරුදහන් කරමින් ඒ මැජික් සෙල්ලම තව දුරටත් සමාජයම පුදුම කර තිබුන.  එවැනි ඕනෑම ව්‍යාජයකින් ඇන්දිය හැකි පුළුල් සමාජ තීරුවක් ‘මධ්‍යම පන්තිය පළල් වීම’ නැමති ක්‍රියාවලිය හරහා නිර්මාණය වී ඇති බව ඉතා නිවරදිව මේ මඩ ඔස්තාර්ලා අවබෝධකරගෙන තිබේ.  [ මෛත්‍රීපාලනයෙන් ජනාධිපති වැය ශීර්ෂය කෝටි නම දහස් හත්සිය පණහකින් පමණ අඩු කලා යැයි යහපාලන ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ගෙන ගිය ව්‍යාජ ප්‍රචාරය ව්‍යාජයක් බව කී දෙනෙක් නම් දනීද? තවමත් කී දෙනෙක් එම ව්‍යාජය ව්‍යාජයක් බව නොදනීද? ජනාධිපති සිරිසේන මහතාම රූපවාහිනී නාලිකාවක් ඉදිරියේදීම මේ රජ කෙප්ප කිසිඳු විලි ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කරද්දී අනිත් සොක්කන් ගැන කුමන කතාද. ]

ඉතින් එවැනි වටපිටාවක ස්ත්‍රී දූෂකයා මුලික කර ගනිමින් මඩ ප්‍රහාරයට මොහොතක් පසුබට නොවී ඉක්මනින් ක්‍රියාත්මක වී තිබිණ. මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණ සමයේ සහ ජනාධිපති වීමෙන් පසුවද ඇගයුමට ලක් කල මෛත්‍රීවේශයෙන් මඩම ගසන ෆේස්බුක් අඩවි මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නිල  ෆේස්බුක් ගිණුම පවා මේ පාහර ක්‍රියාවලියට නොමසුරුව දායක කර ගැනිණ. දස දහස් ගණනින් Shares සහ Likes සමග ලෝකය පුරා ක්ෂණිකයකින් පුවත පැතිරී ගියේය.  

“වියත් දැනුවත්” ජනතාව කිසිඳු සෙවිල්ලකින් බැවිල්ලකින් තොරව යහමින් මේවා ෂෙයාර් කර තිබුණි.
[මේ ලියුම්කරුගේ උගත් ඉංජිනේරු මිත්‍රයන් කිහිප දෙනෙකුම මෙය එලෙස තම ගිණුම හරහා ප්‍රචාරය කර ඔහුගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතදාරීන්ට ඔච්චම් කර තිබුණේ “මෝඩ බයියොන්ට පේන්න ෂෙයාර් කරමු ” යන කැප්ෂනයද සමගිනි.  ]  එමෙන්ම එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර නැමැත්තාද කිසිදු හිරිකිතයක් නැතිව පසුගියදා පැවැති රූපවාහිනී සංවාදයකදී  මේ සමාජ ජාලා මඩ ප්‍රචාරය පිළිබඳ ආඩම්බරයෙන් දීර්ඝව විස්තර කරනු දුටුවෙමි.
එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව එම පුවත පළ කල ආකාරයයි මේ.

ෆේස්බුක් මාධ්‍ය තුල දෛනික පඩි ලබන කුලීකරුවන් මේ වන විට ක්‍රියාත්මක බව ප්‍රකට රහසකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සමාජ ජාලා තුල එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් සමග අරලිය ගහ මන්දිරයේ තිබූ හමුවකදී ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා උතුරේ ස්ත්‍රී දූෂණය තම දේශපාලනය සඳහා යොදාගනිමින් සිටීම ලැජ්ජාවට කරුණක් බවයි. 

ඒ රාජපක්ෂ මහතා උතුරේ පොලිසියට සහ උසාවියට පහර දීම අනාගත ව්‍යසනයක් වීමට ඉඩ ඇතැයි පල කල අදහසටයි. රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රකාශය කරන කණ්ඩායම තුලද මේ තිරිසන් ප්‍රචාරණයට හවුල් වූ කී දෙනෙකු සිටියේද?
දේශපාලනඥයන් අරභයා මඩ අවලාද නගිනවා ඇප මීට කලින්ද දැක ඇත්තෙමු. නමුත් මෙහිදී සිදූවී ඇත්තේ කුමක්ද. මේ ස්ත්‍රී දූෂකයකු ලෙස හංවඩු ගසා ඇති අහිංසකයා දැනට ජීවත් වන්නේස්විස්ටර්ලන්තයේ .
මේ එම ව්‍යාජ ප්‍රචාරණයට එරෙහිව ඔහු හඳුනන හිතවතෙක් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි. 

“එම පුද්ගලයා වෙන කිසිවෙක් නොව මේ මොහොතේත් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරමින් සිටින ”ස්විස් රංජන්” නැමැති ශ්‍රී ලාංකිකයායි. කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව රංජන් ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගිය අතර ඔහු යාපනයේ සිටියදී ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. විදේශගතව සිටියදීත් ඔහු සිය දේශපාලන කටයුතුවල යෙදුන අතර.දමිළ ජනයාටත් මහා පිළිකාවක් වී තිබු ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය අවසන් කල 2009 අවසාන සටන සමයේ ශ්‍රී ලංකාව තුල ඒ සදහා බල කෙරෙන ජාතික සංවිධාන නිර්මාණය වුවා හා සමානවම රන්ජන් විසින් ස්විස්ටර්ලන්තයේ Gtv නම් දෙමළ සංවිධානය සාදාගනිමින් විදේශගතව නැගෙන Ltte හඩට පිළිතුරු ලබාදුන්නේ සැබෑ ශ්‍රී ලාංකිකක් බව පසක් කරමිනි.

ඔහුගේ ගිණුම මෙයයි - https://www.facebook.com/swiss.ranjan.1
 ඊට අමතරව මේ රන්ජන් නැමැත්තාද තම ෆේස්බුක් ගිණුම හරහා මේ මඩ ප්‍රචාරයට එරෙහිව දෙමළ බසින් තම අදහස පළ කර තිබුණි.

ස්ත්‍රී දූෂණයට සිතුවිල්ලකින්වත් දායක නොවූ මෙවැනි අහිංසකයෙකු ගස් බැඳ තිබෙන ව්‍යාජ ඡායාරූපයක් සමග ස්ත්‍රී දූෂකයෙකු ලෙස හංවඩු ගසා ලෝකය වටා ප්‍රචාරය කිරීමේ ජඩ විකෘත්ති ‘යහපාලන’ සමාජ ජාලා භාවිතයේත්  , පාපතරයන් නම දෙනෙකු වින්ද්‍යා දියණිය අමානුෂික ලෙස දූෂණය කර මරා දැමූ විකෘති මානසිකත්වයේ වෙනසක් නැත. උතුරේ පාපතරයක් වින්ද්‍යා දූෂණය කරද්දී දකුණේ සිට යහපාලන වෙළෙන්දන් වින්ද්‍යා මෙන්ම රංජන්ලාද එකවර දූෂණය කර ඔවුන්ගේ අත්මය මරා දමා තිබේ.

ඔහුගේ මානව හිමිකම් වෙනු වෙන්පෙනී සිටීමට අලුත් පරපුරේ ලැබ්බෝගිනි නළුවන්වත් ,යහපාලන වෙළඳාමට “බුද්ධිමය” දායකත්වය සපයන ආචර්‍ය නිර්මාල්ලාගේ පරපුරවත්  , 

නිරමාල්ට ටොක්කක් ඇන්න විට කොටුවේ පිකටින් කල කිසිවෙකුවත් ඉදිරිපත් වේද?

අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ එක පැනයකි..

මහත්වරුණි අපි මෙසේ බොරුවෙන්ම තව කොතරම් දුරක් යමුද?

කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments