Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » සිංහලත්වය දුර්වල කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමූ!

රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විධායක බලතල හැකිතාක් තමා අතට ගැනීමට මිස විධායක බලතල අහෝසි කිරීම නො වේ. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම යනු ජනතාව නොමග යැවීමට යොදාගන්නා සටන් පාඨයක් පමණ ය. වර්තමානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු පිටුපස සිංහල විරෝධී සිංහල බෞද්ධ විරෝධී විජාතික බලවේග ක්‍රියාත්මක වෙයි. විදේශ ඔත්තු සේවාවන් ද එම බලවේගවල කොටසක් වෙයි.

ඉහත සඳහන් කියමන  යම් ප්‍රමාණයකට සංශෝධනය විය යුතු ය. විජාතික බලවේග ඇත්තේ මෛත්‍රිපාල පිටුපස නො වේ. විජාතික බලවේගවලට අවශ්‍ය සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම ය. එය අවුරුදු සිය ගණනක් මුළුල්ලෙහි ක්‍රියාත්මක වෙයි. විජාතික බලවේගවල පරමාදර්ශය රනිල් වික්‍රමසිංහ ය. එහෙත් ඔහුට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ඒ බලවේග දනියි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දී කරු ජයසූරිය ආදී විවිධ පුද්ගලයන් සලකා බලා අවසානයේ දී මෛත්‍රිපාලට එකඟ වූයේ ජයග්‍රහණය කිරීමට වඩාත් ම ශක්‍යතාවක් තිබුණේ ඔහුට බැවිනි. 

එහි දී විජාතික බලවෙගවලට ජාතික හෙළ උරුමයේ නොමඳ සහාය ද ලැබිණි. ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය ලෙස සෑලකිය හැකි අශෝක අභයගුණවර්ධන පැරණි කොමියුනිස්ට් වාදියෙකි. ඔහුගේ පියා කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතකු විය. ජාතික හෙළ උරුමයවත් එහි පුරෝගාමී සංවිධානවත් කිසි දිනෙක අව්‍යාජව සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියේ නැත. විජාතික බලවේග සිංහලත්වයට විරුද්ධ බව ප්‍රසිද්ධියේ නො කීවේ ය. ඒ වෙනුවට ඔවුහු මහින්දගේ දුෂණය භීෂණය ආදිය ගැන කතාකර ඊනියා යහපාලනයක්, සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ල නි පක්‍ෂයේ නිමල් සිරිපාල, බැසිල් රා ජපක්‍ෂ,ඩලස් අලහප්පෙරුම ආදීහු ද ප්‍රධ්න ප්‍රශ්නය වූ සිංහලත්වයට  හිමි තැන ලබා ගැනීම අමතක කළහ. ශ්‍රී ල නි ප මාධ්‍ය ප්‍රචාරය මෙහෙයවනු ලැබුයේ ඔවුන් විසිනි. 

අප කිහිප විටක් සඳහන් කර ඇති හේතු නිසා මහින්ද පරාජයට පත්විය. එහෙත් දැන් නැවතත් ජාතිකත්වය මහින්ද සමග ඇත. එයින් කලබලයට පත් රාජිත වැන්නෝ ජාතිවාදීන් මහින්ද වටා එකතු වී ඇතැයි කියති. රාජිත සැමදාමත් සිංහල ජාතිකත්වයට විරුද්ධ ය. රාජිත අද ඇත්තේ රනිල් සමග ය. රනිල් කිසි දිනෙක තමාට ජනාධිපති වීමට නොහැකි බව දන්නා බැවින් අගමැති ධුරය පික් පොකට් ගසා විධායක බලතල අගමැති යටතට ගැනීමට සැරසෙයි. යම්කිසි අයුරකින් රනිල්ට ජනාධිපතිවරණයකින් ජයගැනීමට හැකි කමක් තිබිණි නම් ඔහු විධායක ජනාධිපති ධුරයෙහි බලතල කපා දැමීමට එකඟ වන්නේ ද? 

19 වැනි සංශෝධනය මගින් එක් පැත්තකින් රනිල් විධායක බලතල අතට ගැනීමට සැරසෙන අතර තවත් පැත්තකින් මහින්ද බලයට ඒම වැළැක්වීමට උත්සාහ කරයි. ඒ සියල්ල සමග සිංහලත්වය දුර්වල කිරීම ද වෙයි. අද  සංශෝධනයේ 33 වැනි වගන්තිය මගින් අර්ථනොදක්වන ලද     ඊනියා සංහිඳියාව වැනි වචන යොදා ගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන  නැති කිරීමේ උත්සාහයක් වෙයි. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුයේ මේ කරුණු ඉටු කිරීම සඳහා ය. 

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වය කුමක් කළ ද සංධානයේ සෙසු මන්තීවරුන්ට පාරලදමේන්තුවේ දී 19 වැනි සංශෝධනය පරාජය කළ හැකි ය. ඒ සඳහා කළ යුත්තේ සංශෝධනයට පක්‍ෂව තුනෙන් දෙකේ ඡන්දය ලැබීම වෑළ්ක්වීම ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 04

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments