Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » එඩි මිලිබෑන්ඩ්ගේ ඡන්ද ගුණ්ඩුව!

බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂයේ නායක එඩී මිලිබෑන්ඩ් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයෙන් සිංහල ප්‍රජාව ඉවත් කර තිබුණි. සිය සුබපැතුම් පණිවුඩය යොමු කර තිබුණේ ද්‍රවිඩ ජනතාවට පමණි. මේ සුබපැතුම් පණිවුඩය ඔහු මුළුමනින්ම යොදාගත්තේ තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. ලබන මැයි මස බ්‍රිතාන්‍ය මැතිවරණය පැවැත්වෙන නිසා එඩි මිලිබෑන්ඩ් සිය සුබපැතුම් පණිවුඩයෙන් පැවසුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

ද්‍රවිඩ ජනතාව තම මිතුරන් ලෙස සලකන බවද හෙතෙම කියා සිටියේය. ඉදිරි කාලය තුළ ද්‍රවිඩ ප්‍රජාව සමග එක්‌ව කටයුතු කරන බවද මිලිබෑන්ඩ් පළ කළේය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද ඊට සමාන ප්‍රකාශයක්‌ කළේය. එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශනය ගැන ශ්‍රී ලංකාව පූර්ණ සහාය දැක්‌විය යුතු බව ඔහු පළ කළේය.බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික සංවර්ධන කටයුතු සඳහා වූ ලේකම්වරිය වූ මේරි කිසාන් ද පැවසුවේ බ්‍රිතාන්‍යය විසින් ජාත්‍යන්තර පරීක්‍ෂණයන් සඳහා සහය දක්‌වන බවයි.උතුරු අයර්ලන්තය සඳහා වූ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ තෙරේසි විලියම්ස්‌ ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන් ඝාතනය ගැන විමර්ශනය කෙරෙන එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණයට සහය දැක්‌විය යුතු බව කීවාය.

මේ ප්‍රකාශවලින් පසුව බ්‍රිතාන්‍ය මන්ත්‍රී ලී ස්‌කොට්‌ නිවේදනයක්‌ නිකුත් කරමින් යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවෙන් නව එළියක්‌ උදාවෙන බව කියා සිටියේය.

එහි අර්ථය නම් ශ්‍රී ලංකාව වරදකරු වන බවයි. ලී ස්‌කොට්‌ යනු කොටි හිතවාදියෙකි. ඔහුට පෙර ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් එකී යුද අපරාධ පරීක්‍ෂණයෙන් ශ්‍රී ලංකාව වරදකරු බව පවසා තිබුණි.

බ්‍රිතාන්‍ය දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කර ඇති මෙම ප්‍රකාශවලින් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඔවුන් බරපතල ලෙස මැදිහත් වී ඇති බවයි.

එහෙත් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදු කළ යුද අපරාධ ගැන අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව කිසිදු බ්‍රිතාන්‍ය දේශපාලකයෙක්‌ ප්‍රකාශ කර නැත. ඉරාකයේ සිදු කළ මිනිස්‌ ඝාතනවලට අදාළ පරීක්‍ෂණ වාර්තාව ද ලබන මැයි මස පැවැත්වෙන මහ මැතිවරණය නිසා කල් දමා ඇත.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු හමුදාපතිට එරෙහිව එම විමර්ශනයෙන් චෝදනා එල්ලවී තිබේ. චැනල් 4 රූපවාහිනිය ශ්‍රී ලංකාවට එරෙහිව නිපද වූ නෝපයර් සෝන් චිත්‍රපටයෙහි නිර්මාතෘ කැලම් මැක්‌රේද බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුත් ලන්ඩන් කොටි ජාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවට උපදෙස්‌ දීමට ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකා රජය යුද අපරාධ සම්බන්ධ අන්තර්ජාතික රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද කැලම් මැක්‌රේ පවසා තිබේ. එසේම ශ්‍රී ලංකා හමුදා ප්‍රධානීන් එකී ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව ද ඔහු සඳහන් කර ඇත. මේ පසුබිම මත ඉරාකයේ යුද අපරාධ ගැන චෝදනා එල්ල වී ඇති බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාව ගැන කටයුතු කිරීමට බලය ලබා දුන්නේ කවුද?

වන්නි මෙහෙයුම යටතේ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙරටට පැමිණ කොටි බේරා ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. මෙයට වසර කීපයකට පෙර එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ඇමතූ එවකට ජිනීවා නිත්‍ය නියෝජිත වූ දයාන් ජයතිලක බටහිර රටවල් සිදු කළ යුද අපරාධ ගැන පරීක්‍ෂණ කිරීමට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකාව ද ඊට එකඟ වන බව කීවේය.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වීමට බ්‍රිතාන්‍ය තානාපති ඉදිරිපත් වූයේ නැත. මේ තත්ත්වය මත යුද අපරාධ චෝදනා එල්ලවූ චූදිතයා වූ බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන සෙවීමට සදාචාර හිමිකමක්‌ තිබේද?
මේ සාවද්‍ය යුද අපරාධ චෝදනාවේ දේශීය ඒජන්තවරු සිටින්නේ ශ්‍රී ලංකාවේය

~~ලංකා ඒ නිවුස්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments