Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » තවමත් බෙදන සයිබර් ටොපිය

රටේ මිනිසුන් ඉතාමත් බියෙන් ජිවත්වූ යුගයක් හමාර කල විප්ලවයක් පසුගිය ජනවාරි අටවනදා සිදුවූබවත් දැන් එවැනි බියක් සමාජය තුල දකින්නට නැතිබවත් දින සියය සමරනුවස් යහපාලන රජය පවසා ඇත. තවද කලින් වහලුන් වු පිරිසක් අනේ අපිව ආයෙමත් වහලුන් කරන්නැයි ඉල්ලා සිටිබවද පැවසෙයි.

 එ අනුව ජනවාරි අටවැනිදාට පෙර ශ්‍රී ලාංකිකයෝ බියෙන් හා අවිනිශ්චිත භාවයෙන්  පසුවී ඇත. රජයේ සේවකයන් මෙන්ම අනෙකුත් වැසියන්ද කටක්හැර මහින්ද ගැන හෝ අනෙකුත් රාජක්‍ෂවරැගැන වරදක් කතාකිරීමට බියවූ කාලපරිච්ඡේදයක් ජනවාරි අටවනදා පසුකර ඇතිබව පුනපුනා මතකකර දෙයි. මෙවැනි භීතියක් රටේ ඇතැයිද ඒ අයව සුදු වෑන්වලින් වන්දනාවේ එක්ක යන බවද සමාජය තුල ප්‍රචරය කලෝ සයිබර් වසන්තය කලමනාකරනය කල යහපාලන මාමලාමැයි. මෙය ඉතා සැලසුම්ගත සයිබර් වසන්තයේ ප්‍රධාන ක්‍රියවලියයි. අරාබි වසන්තය නොහොත් සයිබර් වසන්තය ඇතිවූ සෑම රටකම එවකට සිටි පාලකයින්ගේ ගිනුමට බැරකල රාජ්‍යය භීශණය මෙයයි. එවැනි භීතියක් ශ්‍රී ලංකාවේ නම් රාජපක්‍ෂ සමයේ තිබුනේ නැත. සුදු වෑන් ක්‍රියාත්මක කලේ පුද්ගලික ලාබ ප්‍රයෝජනයක් සදහා වෙනත් පුද්ගල යෙකු බවත් ඔහුට එම කරැන සම්බන්දව නඩුපවරා ඇතිබවත් මුඵ රටම දන්නා කරැනක් වුවත් යහපාලක වරැන්ට එයඉතා පහසුවෙන් අමතකවී ඇතිබව පෙනේ.

 සෑම රජයේ සේවකයෙකුගේම ටෙලිෆෝනවලට සවන්දෙන බවත් මහින්දගේ රජයගැන නම් අනිසි කිසිම දෙයක් නිකම්වත් ටැලිෆෝනයට නොකිවයුතු බවත් මේ පච හා මඩ ප්‍රචාරක අංශ සමාජය තුල පතුරැවා, මහින්ද හා ඔහුගේ රජය කෙරෙහි ජනතාව බිදුවා, සයිබර් වසන්තයේ අඩිතාලම තවත් ශක්තිමත් කිරීමට ක්‍රියා කලෝ අද එහි පල නෙලාගෙන ජනතාවට කතන්දර කියයි. එදා එසේ ටෙලිෆෝන් ටැප්කර සංවාදවලට සවන්දීමට නම් තාක්‍ෂනයෙන් අනූන රජයේ ආයතනයක් හොර රහසේ හෝ තිබිය යුතුය. මෙම ආයතනය අඩුම තරමින් විසිපස්දෙනෙකුගෙන්වත් සමන්විත විය යුතුය. තවද එවැන්නක් සදහා කැබිනට් අනුමැතියක් හා නිතිපති අවසරයක්ද තිබිය යුතුය. මේ එකම අනුමැතියක්වත් නැතත් එහි සේවයකලෝ දොට්ට නොදමුවේනම් ඔවුන් අද ආණ්ඩුවතුල යහතින් වැජබෙනු ඇත. එවනි බියක් එවකට පැවති රජය විසින් මුදාහැර තිබුනේ නම් ඔවුන් අල්ලා දඩුවම් නොදෙන්නේ මන්ද?

 කොහේවත් තිබුනේ නැති බියක් ගැන දින සියය සමරමින් සුරංගනා කතා දේසනා කිරීමෙන් පලක් නැත. සුදු වෑන්වලින් මිනිසුන් අරන්ගියා නම් ටෙලිෆෝන් ටැප්කලා නම් එසේකලවුන්ට යහපාලනය ක්‍රියාත්මක කිරීමට සුභ හෝරාවක් අවශ්‍ය නැත.

 සත්‍යනම් එවැනි එකම දෙයක්වත් මහින්දගේ සමයේ රාජ්‍යය අනුග්‍රහයෙන් නොවු බවය. මෙවා සියල්ලම සයිබර් මාමලා සුලඟේමුදා හරින ලද සුරංගනා කතාය. සුලඟට කොහොම අච්චු කරන්නද?

 කෙසේ හෝ රාජපක්‍ෂ කෙනෙක් දින සියය ගෙවීමට මත්තෙන් සිරභාරයට ගතයුතුය. නැතිනම් යහපාලකයින්ට ජනතාවට පෙන්නන්න යහමින් දෙයක් නැත. කුරිරැ ත්‍රස්තවාදයෙනේ බැටකෑ යුගයක් හමාරකර ජනතාවට ජිවිත දානය ලබාදි රටතුලවු බිය නිමාකිරිමට උරදුන් රාජපක්‍ෂ වරයෙක් රටේ ආර්ථික කලමනාකරනය නිසිලෙස කල ‘වරදට’ අද අත් අඩංගුවට පමුනුවා ඇත. ඇත්තම හේතුව නම් යහපාලනයතුල බැසිල් තරම් දක්‍ෂ ආර්ථිකය කලමනාකරනය කලහැකි අයෙක් අද නැත. ඔහුව අත් අඩංගුවට ගැනීම ලැජ්ජාව වසාගැනීමට කල දෙයක් විය යුතුය.

 හිස් ටින් එකක් වගේවුනු දිනසියය සමරමින් තවත් සුරංගනා කතා මවමින් යහපාලන ටොපී බෙදන මාමලා ගැන බුද්ධියෙන් සිතිය යුතු කාලය පැමින ඇත.

 ඔබට සුභ පැතුම්

 තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර සිට

2015  අප්‍රේල් මස 27දා

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments