Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » සිරීසේන....සිරිසේන.... කෝටි ගණන් වංචා කළ දහම් සිරිසේන සහ රාජිත කාණු කටා ගැන පරික්ෂණ නැද්ද!

දූෂිතයන් පලවාහැරීමට කියා බලයට පත් වූ සිරිසේන රජය තම පුත් දහම් සිරිසේන විසින් නීති විරෝධීව ළඟ තබා ගත් රුපියල් මිලියන 153 ක වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගය පිලිබඳ 2014 දෙසැම්බර් මස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇරඹු පරීක්ෂණයට කුමක් විද යන්න දැන් ප්‍රශ්ණ කලයුතු කාලයයි.

තමන්ට පලිගැනීමට අවශ්‍ය අය පමණක් තෝරා පොලීසිය, අල්ලස් කොමිසම සහ හිර ගෙදර මගින් හිරිහැර කරන මෙම ජඩ පාලනය ශ්‍රී ලංකික ඉතිහාසයේ කිසිම රජයක් නොකළ අන්දමට තම විරුද්ධ වාදීන් දඩයම් කරමින් සිටි.

මෑතකදී සිරිසේන රේජිමයේ ඇමතිකම් ගත් ශ්‍රී ල නි පක්ෂ මන්ත්‍රීන් හට තිබෙන කිසිම චෝදනාවකට ප්‍රශ්න කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට තිබෙන ඉමහත් ජනතා පිළිගැන්ම ගැන වැටහී වියරු වී සිටින මෙම රැල කෙසේ හෝ එය මැඩ පැවැත්වීමට සියලු උපක්‍රම යොදමින් සිටි.

විශාල චෝදනා රැසක් ඇති රාජිත, බදුර්දීන් , රවී කරුණානායක වනාන් ගැන කිසිම පරීක්ෂණයක් මේ වනතුරු අරඹ කොට නොමැත .

බොදු බල සේනාව 2014 අගෝස්තු මසදී එවකට සිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හා දුෂණ වංචා කොමිසමට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අල්ලස් කොමිසම මෙම චෝදනාව විභාග කර ඇත්ද?(අපේ රටේ)

 ~~රාජිත ගැන බොදු බල සේනාව කල පැමිණිල්ල~~

බොදු බල සේනාව 2014 අගෝස්තු මසදී එවකට සිටි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හා දුෂණ වංචා කොමිසමට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී නැගෙන ප්‍රධාන ප්‍රශ්නය නම් මෙම චෝදනාව විභාග කර ඇත්ද? එසේ නැතිනම් පසුගිය වසරේ ලැබූ එම චෝදනාව පසෙක දමා ඉන්පසුව ලැබී ඇති චෝදනා විභාග කිරීමට ඇති කඩිමුඩිය කුමක්ද? යන්නය. මෙය විභාග කිරීම සඳහා සී.අයි.ඩියට හා අනිකුත් ආයතන වලට යනු ඇත්තේ දින තුනක් පමණක් බවද අපරාධකරුවකු වන ඔහු අමාත්‍ය තනතුර අතහැර බන්ධනාගාරයට යාමට සුදානම් වන ලෙසත් උන්වහන්සේ පවසා ඇත.

මෙම 2014 ලැබුණු පැමිණිලි යට ගසා ඊට පසුව ලැබුණු අලුත් පැමිණිලි විභාග කරන්නේ රාජිත සේනාරත්න යහපාලනයේ යහළුවකු වී ඇති නිසාද? යන්න පොදු මහජනතාවට බරපතල ප්‍රශ්නයක් වී ඇත,

බොදු බල සේනා පැමිණිල්ලේ ඇමතිවරයාට එරෙහි කරුණු වූයේ :-

ඇමති රාජිත සේනාරත්න ගේ වන්දි භට්ටයකු වන ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න විසින් ‘බ්ලූ ඕෂන් ෆිෂරි‘ පුද්ගලික සමාගම හරහා රුපියල් මිලියන 600 කට නැව්  8ක් මිලදී ගෙන ඇති අතර බොදු බල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් පවසා ඇත්තේ එහි කොටස් වලින් 60%ක් අනුරාධ සෙනෙවිරත්න සතු බවද,

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇමතිවරයාට නිවාස කීයක් ඇත්ද? යන බව

මේ සඳහා ‘කළු සල්ලි‘ ලැබුනේ කොහෙන්ද? යන බව

ඇතුල් කෝට්ටේ ධීවර සංස්ථාව සතුව තිබු ගොඩනැගිල්ලක් විකුණා ඇති අතර එහි ලිපිගොනු අන්තර්ධානව ඇති බවත් ඊට මීටර් 100කට එහායින් වෙළඳසලක් කුලියට ගෙන මාළු අලෙවි කිරීමට පටන් ගෙන ඇති බව

මුස්ලිම් අන්තවාදීන් සනසමින් බේරුවල කේරල ගංජා ව්‍යාපාරිකයෙකු හා පුත්තලමේ මුහුදු හම්බෙල්ලන් විකුණන්නෙකු ලඟින් ආශ්‍රය කිරීම

ධීවර රක්ෂණ නිකුත් කරමින් සිටි ලංකා බැංකුව පසෙක දමා සෙලාන් බැංකුවට එය ලබාදීමේ සැකසහිත බව,

වැලිගම සහ මාතර ධීවරයන්ට ධීවර ආම්පන්න සහ උපකරණ ලබාදීමේදී ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම යන්නයි.

ඇමතිවරයා බොදුබල සේනාවට එල්ල කරන චෝදනා වන නොර්වේ රාජ්‍යයෙන් මුදල් ලැබුනා නම්ද, එජාපයේ මන්ත්‍රී රවී කරුණානායකගෙන් උදව් ලැබුනා යයි චෝදනා කරනවා නම්ද  කුමන ගිණුමට, කුමන චෙක් පතෙන්, කුමන විදේශ මුදලින්, කොපමණ ප්‍රමාණයක්, කුමන ආකාරයෙන් මාරුකර කුමන කාර්යයක් සඳහා යෙදුවාද යන්න ඔප්පු කර පෙන්විය යුතු බව උන් වහන්සේ පවසා ඇත..

 එසේම මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි 2015 මාර්තු 03 දා ජාතික නිදහස් පෙරමුණ විසින් කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

‘අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.’ යනුවෙන් ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

සිරිසේන පුත් දහම් රුපියල් මිලියන 153  සම්බන්දව දෙසැම්බර් මස පල වූ පුවත:

කෝටි 15ක විදේශ මුදල් අත්අඩංගුවේ.. දහම් සිරිසේන පෙම්වතිය සමඟ පැන යයි..

රුපියල් කෝටි 15 ක (මිලියන 153 ක) වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් නීති විරෝධීව ළඟ තබා ගැනීම පිළිබඳ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

මේ අනුව නුගේගොඩ, දුම්රිය‍පොළ පාරේ පදිංචි අතුල රෝහණ වීරරත්න යන අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන, සිරිමල් උයනේ රත්මල් මාවතේ අංක 32 ලිපිනයේ පදිංචි වීරසේන මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තමන්ගේ බාප්පා වන අතුල රෝහණ වීරරත්න මහතා තමන්ගේ නිවසට ගෙනැවිත් භාරදුන් බ්‍රිෆ් කේසයක විශාල විදෙස් මුදල් තොගයක් තිබිම හේතුකොටගෙන ඒ පිළිබඳ පැමිණිලි කළ බවද සැකකරුගේ සොහොයුරාගේ පුත්‍රයා රහස් ‍පොලිසියට පවසා තිබේ.

තමන්ට ලැබුණු පැමිණිල්ලට අනුව වහා ක්‍රියාත්මක වූ රහස් ‍පොලිසිය මහ බැංකුවේ අතිරේක අධ්‍යක්ෂවරයකු හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අතිරේක විනිමය පාලකවරයකු සමග බ්‍රිෆ් කේසය තිබූ නිවසට ගියත් එහි රහස් අංකය සොයා ගැනීම සඳහා අතුල රෝහණ වීරරත්න හමුවීමට නුගේගොඩ ලිපිනය සොයා ගියත් ඔහු නිවසේ සිට නැත.

ඉන්පසුව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කළ රහස් ‍පොලිසිය එය 2006 අංක 05 දරන මුදල්විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ හා 1953 අංක 24 දරන විනිමය පාලන පනත යටතේ ගැනෙන වරදක් හෙයින් එය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරියේ විවෘත කිරීමට නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ අනුව පසුගිය සෙනසුරාදා (20) රහස් ‍පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ විවෘත කළ එම බ්‍රිෆ් කේසයේ ඩොල් 100 නෝට්ටු 100 බැගින් වූ මිටි දෙකක් සහ ස්විස් ෆ්‍රැන්ක් 10000 නෝට්ටු 100 බැගින් වූ රුපියල් මිලියන 153 ක් වටිනා මුදල් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන අතුල රෝහණ වීරරත්න අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හා දහම් සිරිසේනගේ පෙම්වතියද නිවසින් අතුරුදන්ව ඇතැයි රහස් ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම මුදල් ජනාධිපතිවරණයේදී භාවිත කිරීම සඳහා කිසියම් විදේශ පාර්ශ්වයක් විසින් දෙනු ලැබුවේද යන්න පිළිබඳව විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුව තිබේ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments