Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මේක යහපාලනයද? යමපාලනයද?

යහපාලනය නිසා අද සිල් රෙද්දක් බෙදන්නත් තහනම් යුගයක් ඇවිල්ලා. මේක මහා ජාතික අපරාධයක්,මේ දින 100ට මේ ගොල්ලෝ කළේ මහින්දෝදය කියන මගේ නම ගලවලා දාපු එකයි.  රට බේරා  ගත්තු අපිට මඩ ගහගෙන බොරු චෝදනා දාපු එක විතරක් බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා.

ගම්පහ ඉඹුල්ගොඩ ශ්‍රී නාගානන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ පසුගිය  (21) පැවැති රැස්වීමේදී හිටපු ජනපතිවරයා 

"මේ රටේ ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කළා. අපි බොහොම අමාරුවෙන් දිනාගත් භූමිය නැවත කැඩෙන්න දෙන්න බෑ. මේ ගැන මෙන්ම උතුර ගැන අපි කල්පනා කළ යුතුයි. මේ රට කැඩෙන්න දෙන්න බෑ. ජීවිත පරිත්‍යාගයෙන් අපි ආරක්ෂා කර දුන්නු රට. වසර 30ක යුද්ධය අවසන් කරලායි අපි මේ රට නිදහස් කරගත්තේ. අපට මඩ ගහනවා. දෝෂාරෝපණ කරනවා. චෝදනා කරනවා. ඒත් අපි මේ රට ත්‍රස්ත වාදයෙන් මුදාගෙන රට සංවර්ධනය කර තිබෙනවා යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය."

මම බොහොම කාලෙකට පස්සේ මේ ගමට නැවත ආවේ. එසේ පැමිණීමට ලැබිම ගැන මට හරිම සතුටුයි. මේ භාවනා මධ්‍යස්ථානය හදන්න පටන් ගන්න කාලයේදී මම මේකට දායක වුණා. චන්දිම හිමිත් එක්ක අපි ශාසනික කටයුතුවලදී දායක වුණා. මෙතැන භාවනා කරන්න හොඳ තැනක්. සමහරු මේ ස්ථානයට අන්‍ය ආගමික බලවේග හා මාධ්‍ය අරන් මේ ස්ථානය කිලිටි කරන්නත් හැදුවා.

අපි මේ ස්ථානය බෞද්ධ ජනතාව ආරක්ෂා කළා. මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරන අයත් මේ ප්‍රශ්නය ගැන නිහඬ වුණා. මම ඒ වෙලාවේ මේ ගැන රජය දැනුවත් කළා. ඒ වගේම පසුගිය ජනපතිවරණයේදී මට සහාය දුන් මේ ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. 

වසර 30ක් පුරා මේ රටේ තිබූ යුද්ධය ඔබේ සහායෙන් අවසන් කළා. හිමිවරුන්ගේ දායකත්වයත් රණවිරු සහායත් එයට ලැබුණා. එදා යුද්ධය නිසා කොච්චර මියගියාද.? සුදුකොඩි යුගයක් තිබුණා. මේ අපි කළේ ජාතියකට විරුද්ධ යුද්ධයක් නොවෙයි. ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයක් අපි කළේ. මේක දෙමළ ජාතියට එරෙහිව කරපු යුද්ධයක් කියලා ඩයස්‍පෝරාව ලොව පුරා කියාගෙන ගියා. 

අද රටේ පාරවල් කාපට් කරලා අධිවේගී මාර්ග හදලා. රට සංවර්ධනය කළා. මහින්දෝදය විද්‍යාගාර හැදුවා. ආර්ථිකය සංවර්ධනය කළා. දුප්පත්ව තිබුණු අපේ රට මධ්‍යම ආර්ථිකයක් ඇති හොඳ රටක් බවට පත් කළා. මේ රටේ සාරධර්ම දියුණු කරලා දරුවන්ගේ විනය හදල අධ්‍යාපනය හදල යහපත් මිනිසෙක් හදන්න අපි වැඩ කළා. 

නමුත් අද අපට බොරු චෝදනා එනවා. අදත් මට දුරකථන ඇමතුමක් ආවා. ගෙයක් හම්බවුණා නේද කියලා. ඒකට බඩු ගේනවලු කන්ටේනර් දෙකකින්. මට එහෙම ගෙයක් ලැබුණා නම් දෙනවා නම් කමක් නෑ. එහෙම එකකුත් නෑ. මඩ ප්‍රචාර බොරු ප්‍රචාර ගහනවා. 

තිස්ස අත්තනායකට ඇමැතිකමක් දීම ලොකු අල්ලසක්ලු. ඒක අල්ලසක් නම් ජනාධිපති දිනපු ගමන් සුළුතර නියෝජනය ඇති රනිල්ට අගමැතිකම දීම අල්ලසක් ද නැද්ද කියලා මම අහනවා.

ගොනාහැරෙන කොට දැනෙනවනේ හැරෙන්නේ කොහාටද කියලා. එහෙම කතාවක් තියෙනවානේ. අපිට බොරු චෝදනා කරනවා. මඩ ගහනවා ඉවරයක් නෑ. මාව රිමාන්ඩ් කරන්න හදනවා. මගේ නෝනට දරුවන්ට මල්ලිලාට චෝදනා කරනවා. 

රජයේ සේවකයෝ රජයේ රාජ්‍ය වැඩකටයුතු කරන විට ඒවා ගැන සොයා බලනවා. ඇමැතිවරුන් ‍ලේකම්ලාගෙන් පැය ගණන් ප්‍රශ්න කරනවා තම රාජකාරිය ඉටු කිරීම ගැන. පුදුම වැඩක් අද සිල් රෙද්දක් ගෙනාවාම ඒකත් සීල් කරනවා. සිල් රෙදි බෙදන්නත් තහනම් යුගයක් ඇවිත්. මේක මහා අපරාධයක්. 

අද බොරුවෙන්මයි යන්නේ. යූ. එන්. ඕ. එකේ බෑන් කී මූන්ට මම සහාය දුන්නලු පත්තරේක තිබුණා ධනපාල මහතාට සහාය නොදී. මම තමයි ධනපාල වෙනුවෙන් කතා කළේ. ඡන්දේ නැතිවුණාම අන්තිමේට ඉල්ලා අස්වුණා. ඒක ඔහුගේ තීරණයක්. 
මේවා ගැන උත්තර දෙන්න ගියොත් පැය ගාණක් යනවා. ගම්පහ තමයි උත්තර දෙන්න හොඳම තැන. 

දින 100ත් ඉවරයි. මේ දින 100ට මොනවද කළේ. මහින්දෝදය පාසල්වල මහින්දෝදය කියන කෑල්ල ගලෝලා විසි කළා. 

මේ දින 100ට ඒකවත් කරගන්න පුළුවන් වුණ එක ලොකු දෙයක්. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා සමග මම හදපු මහින්දෝදය අද වන විට විවෘත කරන්නවත් මේ ගොල්ලන්ට බැරි වුණා. මගේ නම තියෙන කෑල්ල ගලෝලා දාපු එක විතරයි කළේ දින 100 ඇතුළත සත්තුවත්තක් සත්ව උද්‍යානයක් විවෘත. කරපු එක නම් හොඳයි. මගේ නම තියෙන බෝඩ් ගලෝපු එක විතරයි මේ ගොල්ලෝ කළේ. යහපාලනයද? යමපාලනයද? 

වර්තමාන ජනපතිතුමා ශ්‍රීලනිප සභාපති හැටියට රැකියාවලින් අස් කරන සියලු දෙනාට නැවත රැකියාවල පිහිටුවා ජීවිතය ගෙන යන්න අවස්ථාව ලබාදිය යුතුයි. ශ්‍රීලනිප සභාපති ලෙස මෙය ජනපතිගේ වගකීමක්. මේවා කළ යුතුයි. නැත්නම් එතුමාටත් දෝෂා රෝපණ එන්න පුළුවන්.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments