Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ඇමතුම නොව බොලවු! ජාතික හැමිනිල්ල

ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.

එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

කෙසේ වුව ද වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පාරම්බාන සිරිසේන ජනාධිපතිවරයා, ඔහු ගෙනා ඊනියා නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කළ පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීම අප අවබෝධ කර ගන්නේ කෙසේ ද? ජනාධිපතිවරණයේ දී තමන්ට එරෙහි වූ පිරිස සහිත පක්ෂයට පැමිණ එහි නායක පුටුවේ වාඩිවීම ලොව කවර නම් නිවහල් නායකයෙකු කර තිබේ ද? සන්ධාන පාර්ලිමේන්තු සහ සියලු ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ කැමැත්ත විමසා ඔහුට පක්ෂ නායකයා විය හැකි ද? ඔහු සැබවින් ම කර ඇත්තේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් මත සිය නායකත්වය පිහිටුවා එම ජනතාව වහලුන් බවට පත් කිරීම නොවේද? වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පවසා රට ඉන්දියාවේ සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර වහල් දේශයක් බවට පත් කර ශ්‍රීලනීපය ප්‍රමුඛ සන්ධානය වහල් පක්ෂයක් බවට පත් කිරීම පමණි ඔහු කර ඇත්තේ.

බටහිර සුවච කීකරු ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ද වසර 20ක් තිස්සේ වහල් හිමියෙකු ලෙස නතැහොත් නියෝජිතයෙකු ලෙස එජාපය පාලනය කරමින් සිටී. එය උපන්ගෙයි ම බටහිර වහලුන්ගේ පක්ෂය හෙයින් එහි ඇති අරුමයක් නැත. එහෙත් ඒ වහල්භාවයට එරෙහිව මතු වූ ජනතා බලය සහිත පක්ෂය ද අද වහල්භාවයට ඇද දමා තිබේ. ජාතිය අමතනවා යැයි කියා ජනපති විසින් කරන ලද්දේ විධායක ජනාධිපති ධූරයේ බලය පාචිච්චි කරමින් ඩැහැ ගත් පක්ෂයේ සාමාජිකයින් සහ ජනතා නියෝජිතයින් වහලුන් යැයි අවමානයට ගැරහුමට පාත්‍ර කිරීම පමණි. එසේ අවමාන කරන්නේ 58 ලක්ෂයක් ජනතාව වහල්භාවයට ඇද දැමූ වහල් හිමියා ය. නැත වහල්හිමියාගේ ටොමියා ය. එහෙයින් එය ජාතික ඇමතිල්ලක් නොව හැමිනිල්ලකි.

'අප්පා මළයි!' ගෑ විට බලු කෙඳිරිල්ල
විසිකර ඇමති කටු නිවටුන් කර මෙල්ල
වහලුන් කියා ගැරහුම නිවහල් ගොල්ල
ඇමතුම නොව බොලවු! ජාතික හැමිනිල්ල

නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments