Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ජනාධිපති ජාතිය ඇමතීමේ වක්‍ර පනිවිඩය 'ආන්ඩුවට දින 100යි - වැඩේ මාරයි - රට හමාරයි' ....

මෛත්‍රිපාල  ජනාධිපති දින 100 අවසන්වූ දින ජාතිය අමතනවා යන ආරන්චියට මේ රටේ ජනතාව රුපවහිනී වටා රොද බැඳ ගත්තේ යම් විශේෂ පනිවිඩයක් බලාපොරොත්තුවෙනි. එහෙත් පැය බාගයක කතාවෙන් පසු බොහෝ දෙනෙක් විසිර ගියේ කලකිරීමෙනි. ඒ මෙම කතාව තුල  කිසිදු  නව අදහසක්  නොතිබුනු බැවිනි.

එහෙත් මෛත්‍රිපාලගේ කතාවේ අඩංගු වූ ප්‍රධාන කරුණු දෙස අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ මෙහි අන්තර්ගතය තුල යම් වක්‍ර පනිවිඩයක් ඇති බැවිනි. එය මෛත්‍රිපාලද නොදැනුවත්වම සිදුවූවකි.

1) තමා ජනාධිපති වු පසු අන්තර්ජාතික සමාජය තුල ලංකාවට පිලිගැනීමක් ලැබී ඇතැය් මෛත්‍රිපාල කියය

අද අන්තර්ජාතික සමාජය යනු එක කන්ඩායමක් නොවේ. ඇමෙරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවේග ඉන් එක් කන්ඩායමකි. සම්ප්‍රදායිකව මෙම කන්ඩායම යටත් විජිත මානසිකත්වයෙන් එලියට එන්නට උත්සාහ කරන ඕනෑම  රටකට අකුල් හෙලන අතර පහුගිය කාලයේ ඔවුන්ගේ මතයට එරෙහිව යමින් ත්‍රස්තවාදී යුද්දය අවසන් කිරීම පිලිබඳව රාජපක්ෂ රජය සමග නය් වෛරයකින් පසුවූහ. බටහිරට නොනැමෙන කොන්ද පන ඇති සිංහල නායකයා පන්නා දැමීමේන් පසු පත්කර ගත් රූකඩ නායකත්වය සමග ඔවුන් මිත්‍ර වීම පුදුමයක්ද ? නමුත් එම මිත්‍රත්වයෙන් මේ දින 100 තුල ශ්‍රී ලන්කාවට තබ දොය්තුවක වාසියක ලැබී තිබේද.

2) බොහෝ බටහිර රටවල තානාපතිවරු මෛත්‍රිපාල මුනගැසීමට පැමින ඔහු සමග සුහදව කතාකොට ඇත.

තවත් රටක රාජ්‍ය නායකයා හමුවීමට පැමිනෙන නිලධාරියෙකු එම  නායකයා සමඟ කතා කරන තව විදියක් තිබේද ? සුද්දෙක් කතාකල පමනින් , සුද්දියෙක් මේස් නොදා අත ඇල්ලු පමනින් මේ තරම් චූන් වන්නට අවශ්‍යද ? එය ජනාධිපතිවරයෙකු ජාතිය අමතන විට කියන්නට තරම් වැදගත්ද ?

3) දින 100 තුල තම තෙවැනි විදෙශ සංචාරයේදී චීනයට ගොස් මිත්‍රකම් අලුත් කරගත්තාලු.

අවාසනාවකට මෙන් මෙය අපට ප්‍රයෝගිකවනම් නොපෙනෙයි. අපට පෙනෙන්නේ චීන උපකාරයෙන් පටන්ගත් සියලු මහා පරිමාන ව්‍යාපෘති නතර වී ඇති ආකාරයය්. පසුගියදා පාකිස්තානයට ගිය චීන නායකයා ඩොලර් බිල්ලියන ගනනාවක් වටින අධිවෙගී මාර්ග පද්ධතියක් පාකිස්තානයේ ඇරබීමට මුදල් දුන්නේය.  පාකිස්තානයේ නව වරායක් ගොඩනැගීම සඳහා ගිවිසුම් අත්සන් කලේය. මෛත්‍රිපාල චීනයට ගියේ මීට පෙර වූවත් එම සංචාරයෙන් ලංකාවට ලැබුන දෙයක් නැත. එසේ නම් මේ කියන අලුත්කරගත් මිත්‍රත්වය කුමක්ද ?

4) ජනතාවට දැන් ලොකු නිදහසක් ලැබී ඇති අතර දුරකතන ටැප් කරාවීයැය් දැන් මිනිස්සු බය නැත.

යහපාලනය බලයට ආපසු ටෙලිෆොන් ටැප් කරන යන්ත්‍රයක් හෝ ක්‍රමවේදයක් හොයාගෙන එය නතර කරනවා අපි දින 100 තුල දුටුවේ නැත. සිදුවී ඇති එකම දේ නම් රාජපක්ෂලා ටෙලිෆොන් ටැප් කරනවා යන්නත් යහපාලන කල්ලිය විසින් කාලයක් තිස්සේ ගෙතු බොරුවැලෙන් එකක් පමනක් බව අද ජනතාව වටහාගෙන ඇති නිසා ඔවුන් බියෙන් තොරව දුරකතන බාවිත කිරීමය.

5) ජනතාවට බෞතිකව නොපෙනුනාට දින සීයෙන් බොහෝ දෙවල් කර ඇත

මෙය හතර බීරි කතාවකි. ඡන්ද කාලයේ මුද්‍රිත දින 100 වැඩ සටහනේ තිබුනේ පැහැදිලිවම හඳුනාගත හැකි කාර්‍ය බාරයන් සමූහයකි. එවායෙන් 70% ඉටු වී නැති බව එකින් එක නිරීක්ෂනය කිරීමෙන් හඳුනාගත හැක. අවංකව කියනවානම් දින 100 පැහැදිලිවම අසාර්තකවූ සැලැස්මකි.

6) 19 ව්‍යවස්ථා සංශෝදනයට එකඟ වීම ජාතියේ නාමයෙන් ඉටු කල යුතු වගකීමකි.

19 වන ව්‍යවස්ථාව මගින් ජනාධිපති බලතල ඉවත් කරනවාට  අනාගත ජනාධිපති වීමට සිහින මවන චම්පික හැර අන් කිසිවෙකුගේ විරිද්දත්වයක් නැත. නමුත් ජනාධිපති බලතල සීමා කිරීමට සමගාමීව 20 සංශෝදනය මගින් පාර්ලිමේන්තු මැතිවරන ක්‍රමය වෙනස් කොට සුලු ජාතික චන්ද මත නො‍යැපෙන ශක්තිමත් රජයන් බිහි කිරීමට ඉඩ දිය යුතුය. නමුත් 20 සංශෝදනය  ශ්‍රි ලංකාව අස්ථාවර රාජ්‍යයක් කොට තම අනසක යටතේ තබා ගන්නට අර අඳින බටහිර බලවේග වලට අවශ්‍ය දෙයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය 19 පමනක් පාස් කර ගන්නටය. එහි ප්‍රතිපලය වන්නේ දුර්වල ජනාධිපති පදවියක් හා දුර්වල පාර්ලිමේන්තුවකි. පලාත් සබා අතිශයින් බලවත් වෙය්. බෙදුම්වාදය පහසුවෙය්. සුද්දන් ඉදිරියේ දනහිස් වෙව්ලන වර්තමාන රාජ්‍ය නායකත්වය 20 එනතුරු ඉන්නේ නැතුව 19 පමනක් පාස් කරගන්නට හදන්නේ මේ බටහිර බලපෑම නිසාය. චන්දයට සහය දෙනවාට පොරොන්දුවු අල්ලස් ගෙවන්නට කාලය පැමින ඇති නිසාය.

7) කිසිදා නොතිබුන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් අද ඇත

මේ නිදහස රජය කැමැත්තෙන් දුන්නක් නොවේ. එය මාද්‍යවේදීන් හා සයිබර් අවකාෂයේ සැරිසරන්නන් විසින් බලහත්කාරයෙන්ම ලබාගත්තකි. රජයට මාසයක් පිරෙන්නටත් පෙරා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මාද්‍ය ප්‍රධානීනට තර්ජනය කල හැටි අපිට අමතක නැත.නව රජය පත්වූවාට පසු විශ්ව විද්‍යාල සිසුන් කල පලමු සාමකාමී උද්ඝෝෂණයටම පොලීසිය යොදා පන්න පන්නා ගැසූ හැටි අපට මතකය. පසුගිය සතියේ සිදුවූ  ප්‍රබල මහජන උද්ගෝෂන දෙකම රජය උසාවි තීරන මගින් නතර කරන්නට උත්සාහ කල බව අමතක කරන්නට තරම් අප මොඩ නැත. ඒ නිසා අද තිබෙන්නේ  රජය කැමැත්තෙන් දුන් නිදහසක් නොව වේගයෙන් වෙනස් වෙමින් පවතින මහජන මතය වේලි බැමි කඩාගෙන එලියට ඒමේ ප්‍රතිපලයක් පමනක් බව මතක තබා ගත යුතුය.

මේ සියලු කරුනු නිසා අසාසිටි අපට මතක් වූයේ විමල් වීරවංශ කීවා සේ 'ආන්ඩුවට දින 100ය් - වැඩේ මාරය - රට හමාරය'

~~විශේෂ ලියුම්කරු~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments