Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» »Unlabelled » Exclusive: ජාත්‍යන්තර වහලා අමුතුම ගැටයක් ගහයි-19 ඉල්ලන බත් බැලයන් ඝාතනයට සුදානමක්!

එක්සත් ජාතික පක්ෂය විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරිමට බලකරමින් පවත්වන උද්ඝෝෂණ සදහා බුද්ධි අංශයේ සාමාජිකයන් 50ක් යොදවා කලබල ඇති කිරිමේ සුදානමක් පවතින බව අප ආරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු බැරිනම් පාර්ලිමේන්තුව විසිරුවනු සටන් පාඨය යටතේ පුරවැසි සංවිධාන එකමුතුව විසින් හෙට කොළඹදී  පැවැත්වීමට නියමිත උද්ඝෝෂනය සහ පා ගමන අතරට මෙම කණ්ඩායම එකතුකර කලබලකාරි තත්වයක් ඇතිකිරිම හරහා මහින්ද රාජපක්ෂට සහය දක්වන මන්ත්‍රිවරුන් අත් අඩංගුවට ගැනිමට සුදානම් වන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.මිට අමතරව ඒ හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසිමට සුදානමක්ද පවතින බවයි අනාවරණය වි ඇත්තේ.මෙම මෙහෙයුම ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින ප්‍රභල රනිල් වාදියෙකු හරහා ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් රහසිගතව සාකච්ඡාවක් පවත්වා ඇති අතර 50 දෙනාගෙන් තොරාගත් 5 දෙනෙකුට 9mm වර්ගයේ අංක සටහන් නොමැති  පිස්තෝල ලබා දි තිබෙන බවද අප වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවසන් වතාවට පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට නියමිත 27 වෙනි සඳුදා ‘ජනවරමට හිස නමනු - 19 සම්මත කරනු‘ යන සටන් පාඨය සමග පාගමනක් රාජගිරියේ ආයුර්වේද හන්දියේ සිට ආරම්භ කිරිමට යහපාලන කඩේ යන බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන සිවිල් සංවිධාන සුදානමින් සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments