Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රීපාලට බැරි බව වැඩ බැරි අනුර ටාසන් කියයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රීලනිපයේ මැදිහත් වීමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද අනාවරණය කළා. නමුත් ප්‍රශ්ණය වි ඇත්තෙ තමන්ගේ පක්ෂයේ හිටපු ප්‍රභල නායකයෙකු වන සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් යනතෙක් ඇතුලේ තිබුනු කුමන්ත්‍රණය නොදැකපු  ඩිල් කුමාර හෙවත් අනුර කුමාර ජර්මනියේ සිට හදිසියෙම ගොඩ බෑ සැනින් අනුන්ගේ පක්ෂ වල ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ දැකිමයි.

"දිනේෂ් ගුණවර්ධන වාර්තාවට වසර 11ක් ගතවෙලා තිබෙනවා. එහෙත් මැතිවරණ ක‍්‍රමය පිළිබඳව පක්‍ෂවලට එකඟතාවයකට එන්න බැරිවුණා. මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා අපේ‍්‍රල් 09වැනිදා පැවැති සාකච්ඡාවේදී එකඟ වුණේ 19වැනි සංශෝධනය 20, 21 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමටත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමටත්ය."

 "එම කොමිෂන් සභාව මගින් වසරක් ඇතුළත නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව වාර්තාවක් සකස් කිරීමට නියමිතයි. දැන් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා කළ යුත්තේ ඒ එකඟතාවයට තමන්ගේ පක්‍ෂය මෙහෙයවීමයි."

"දැන් සිදුව තිබෙන්නේ එක්කෝ ඔහුට ඔහුගේ පක්‍ෂය මෙහෙයවා ගන්න නොහැකිවීම නැතිනම් ඔහුගේ උපදෙස් අනුව ශී‍්‍රලනිපය කටයුතු කිරීමයි. මේ අතරතුර තමයි ශී‍්‍රලනිපය අලූත් මැතිවරණ ක‍්‍රමයක් හදන්න කමිටුවක් පත් කරන්නේ. ජනාධිපතිවරයා අනෙකුත් පක්‍ෂවලට වෙනත් දෙයක් කියමින් පක්‍ෂය තුළ වෙනත් දෙයක් කරමින් ඉන්නවා. 27, 28 දින වනවිට නව ඡන්ද ක‍්‍රමයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න බැහැ. ඒ සඳහා මාසයකට අධික කාලයක්වත් ගතවෙනවා. ඒනිසා මේ ශී‍්‍රලනිපය කරමින් තිබෙන්නේ 19 හෙට්ටු කර 27 සහ 28 දෙදින තුළදී 19සම්මත කිරීම වැළැක්වීමටයි."


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments