Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » වික්‍රමසිංහගේ දඩයම් කුමාරිය යහපාලනයට ගිනී තියයි-පාර්ලිමේන්තුව උණුසුම්-නිමල් සිරිපාල චෞරයෙක් බව ඔප්පු කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  යහපාලනයේ දඩයම් මන්දිරයේ දඩයම් ඥාතී කුමාරිහාමි හෙවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරිය දිල්රුක්ෂි ඩයස් තමන්ගේ වෛරී දඩයම් සදහා යොදවා ගැනිමට එරෙහිව ප්‍රගතිශීලි මන්ත්‍රීවරුන් ආරම්භ කර තිබෙන පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරිමේ සටන හේතුවෙන් යහපාලන ආණ්ඩුවම ඇනගෙන තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සමග පැවති සාකච්ජා අසාර්ථක වීමෙන් අනතුරුව කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට කැඳවනු ලැබු අතර  සවස 4ට ඇයට මෙසේ පාර්ලිමේන්තුව හමුවට පැමිණෙන ලෙසට කතානායකවරයා දන්වා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීම සහ එතුමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ මැදට පැමිණ කතානායකවරයා ඉදිරියේ හිඳ ගනිමින් විරෝධතාවයක නිරත වූ අතර කතානායක, නියෝජ්‍ය කතානායක හා පාර්ලිමේන්තු මහා ලේකම් වරයා එම මන්ත්‍රීන් සමග පැවති සාකච්ජා අසාර්ථක වුනා.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාර දීමට නියමිත ලිපිය සදහා විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අත්සන් කර නොමැති බවත්  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවෙකු බවට චෝදනා කරමින් මන්ත්‍රිවරුන් කෑ ගසා තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කලේ මේ වනවිට පාර්ලිමේන්තුව තුල මන්ත්‍රිවරුන් 80කට අධික පිරිසක් රැදි සිටින බවත් තවත් මන්ත්‍රිවරුන් රැසක් පැමිණිමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පැවසු බවද ඔහු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments