Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මිත්‍යාවෙන් මිදෙමු නිවැරදි මඟ යමු -මහින්ද රාජපක්ෂ පැරදුනු හේතු විග්‍රහාත්මක අධ්‍යනයක්...

මහින්ද රාජපක්ෂ පැරදුනු හේතු ලෙස "යහපාලන" ඡන්දදායකයන් ඉදිරිපත් කරන ඇතැම් චෝදනා...මේ වැරදි නිවැරදි කරනලද යහපාලන රාජ්‍යතන්ත්‍රයක් ඇතිකිරීමට යහපාලන රජය සමත් වීද..?විග්‍රහාත්මක අධ්‍යනයක්...

මහින්ද රාජපක්ෂ පරාජය වූ බව සියල්ලෝම දනිති.. එහි පශ්චාත් මරණ පරික්ෂණයේ ප්‍රතිඵලත් බොහෝ දෙනා දනී. අද කාලයට ගැලපෙන ප්‍රශ්ණය මෙය නොවේ.

මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතුවීයැයි යහපාලන ඡන්දදායකයන් පවසනඑක එක හේතු ගෙනහැර බලා ඒවා නැතිකිරීමෙහිලා වත්මන් රජය ගෙනඇති පියවර සලකා බැලීම වටින බව මාගේ අදහසයි...
මහින්ද රාජපක්ෂ පරාජය වීමට බලපෑ මේ වැරදි නිවැරදි කරනලද යහපාලන රාජ්‍යතන්ත්‍රයක් ඇතිකිරීමට යහපාලන රජය සමත් වීද..?යන්නඉන් පසක් වනු ඇත.

හේතු 01 - තම පවුල පමණක් තර කරගනිමින්, ආක්‍රමනිකව රට පාලනය කිරීම සහ ගජමිතුරු ආර්ථිකය

රවීකරුණානායක ගේ බන්සාජයා, විජයදාසගේ පුත් රඛිත, මෛත්‍රී ජනාධිපතිතුමාගේ පුත්, දුව, කුමාරසිoහ සිරිසේන ඇතුලු සහෝදරයන්ට තනතුරු සහ වරදාන ලබාදී ඇත. පත්වී ඇති ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන් අදත් ඔවුන්ගේ පෞද්ගලික කාර්‍ය මණ්ඩලවල ජනතා මුදලින් යැපෙති.මෙයද අඩුවැඩි වශයෙන් පවුල් පාලනයකි. පවුල් පාලනය "නැතිකරනවා" කියූ රජයකට මෙම ක්‍රියාකාරකම් ඔබින්නේ නැත.මේ සියල්ල කරමින්යහපාලන රජයේ කෙරෙන වැඩක් නැත.මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර වනවා හැරෙන්නට අලුතින් ආරම්භ වන බවක් පෙනෙන්නට නැත.

ආක්‍රමණිකව රට පාලනය කරන පාලකයෝ කලින් මැතිවරණ කැදවන්නේ නැත. (දැන් කරුණාකර එක්වරම ජ්‍යෝතිෂ හේතුවට පනින්නට පෙර හේතු නො. 10 ට ප්‍රතිචාරය බලන්න) මතක තබාගත යුත්තේ මහින්ද රජය ජේ.ආර් මෙන් කලගෙඩි ලාම්පු සෙල්ලම් නොකල බවය. ආක්‍රමිණකයා හෝ ඒකාධිපතියා යන වචන කෙතරම් මහින්ද රාජපක්ෂනිර්වචනය කිරීම සදහා ගැලපේද යන්න සිතා බැලිය යුතුය. යහපාලන රජය නම් ඡන්ද කල්දැමීමට අර අදින බව පෙනී යයි.එය තීරණය වන්නේ 2015 අප්‍රේල් 23වනදාය. එතෙක් එය කතා කල යුතු නැත. කලින් නම් මැතිවරණ නොකැදවන බව ස්ථිරය.

ගජමිතුරු ආර්ථීකයේ තරම අර්ජුන් මහෙන්ද්‍රන් ගේ මහබැoකු වoචාවෙන්ම තේරුම් ගත හැක.මුලු පාඩුව කෝටි 62,000කි. කටුනායක අධිවේගී මාර්ගය මෙන් 16ක්, හම්බන්තොට වරාය මෙන් 12ක්, මත්තල ගුවන් තොටුපල මෙන් 22ක් එම මුදලින් තැනිය හැක.

ප්‍රශ්ණය නම් සිදුවූවෙනසක්අවංකව දැකිය හැකිද?යන්නයි...

හේතු 02 - සoවර්ධනක්‍රියාවලියේදී සිදුවුන අධික වූ දූෂණ වoචා අක්‍රමිකතා…

මේවා සියල්ල හුදු ප්‍රලාප මිසක් කිසිවක් ඔප්පුකොට නොමැත. ඔප්පු කරන තෙක් චෝදනා - චෝදනා ලෙසම පවතී. හොරා හොරා කියනවා හැරුනුකොට යහපාලන රජය ඇල්ලූ හොරෙක් නැත. ගහපු පදේකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

නමුත් මේ චෝදනා වලට වඩා කීප ගුණයක් විශාල මහබැoකු ණයකරනිකුත්කිරීමේ අක්‍රමිකතාව රටට කර ඇති පාඩුව අතිමහත්ය. මුලු පාඩුව කෝටි 62,000කි. කටුනායක අධිවේගී මාර්ගය මෙන් 16ක්, හම්බන්තොට වරාය මෙන් 12ක්, මත්තල ගුවන් තොටුපල මෙන් 22ක් එම මුදලින් තැනිය හැක. සැබෑ මෙගා ඩීල් මේවාය.
සිදුවූයේ මෙගාඩීල් යැයි කියූදේ ඔප්පු කරගත නොහැකි වීමයි.

වෙනස නම්ඊටත් වඩා කීපගුණයක් වැඩි ඩීල් අඩු කාලයකින් සිදුවීමයි.

හේතු 03 - 17 අහෝසි කර 18 සම්මත කර ගැනීම

මෛත්‍රීපාල ජනපතිතුමා, රාජිත, චම්පික වැනි අයම එවක අත ඔසවා සම්මත කල18වන සoශෝධනය නිෂේද කෙරෙන 19සoශෝධනය සම්මත කරන්නට මෛත්‍රීපාල මහතා නායකත්වය දරණ ශ්‍රීලනිපය කෝදුරු තෙල් හත්පට්ටයක් සහ තවත් ටිකක් සොයයි. වෙනසේ තරම වටහාගැනීමට එපමනක් ප්‍රමාණවත් වේයයි සිතමි.
ඊට අමතරව මෛත්‍රී ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි ජනාධිපති තනතුරේ විධායක බලතල අහෝසි කිරීමට මෙතෙක් එතුමා ගත් අවoක සාධනීය පියවරක් නැති තරම්ය. බලතලද අහෝසි වන්නේ එතුමාගේ ධූරකාලයෙන් පසුවයැයි කියවේ. පොරොන්දු වූයේ මෙය නොවන බව සියල්ලෝම දනිති.සෝභිත හාමුදුරුවන්ටද යහපාලනය පිලිකුල්වී තිබෙන්නේ මේ නිසාමය.
සිදුවූවෙනසක්අවංකව දැකිය හැකිද..?වෙනසක් නැත.

හේතු 04  - අධිකරණයේ ස්වාධීන බව නොමැතිවීම 

අධිකරණයේ ස්වාධීන බව සම්පූර්ණ ලෙස බිද වැට්ටවීම (ශිරානි බන්ඩාරනායකව ධූරයෙන් පහකර නීලකාස සොරෙකු වන මොහාන් පීරිස් පත් කිරීමෙන්)

දූෂණ චෝදනා වලට ලක්වූ ශිරාණි මැතිනිය ඉවත් කිරීම සහ එම ක්‍රමවේදය වැරදි නම් යහපාලන රජයට එය වඩානිවැරදිව කල හැකිව තිබුනි. හිටපුඅගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කල ආකාරය රාජපක්ෂ යුගයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කාටනම් කිවහැකිද? 

ඇත්තෙන්මසිදුවූයේ ඊටත් අන්ත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ලෙස යහපාලන රජය කටයුතු කිරීමයි.
ඉතින් වෙනස කුමක්ද..?

මොහාන් පීරිස්ටද හොරා හොරා කීවදමේවා සියල්ල හුදු ප්‍රලාප මිසක් කිසිවක් ඔප්පුකොට නොමැත. ඔප්පු කරන තෙක් චෝදනා - චෝදනා ලෙසම පවතී. හොරා හොරා කියනවා හැරුනුකොට යහපාලන රජය ඇල්ලූ හොරෙක් නැත. ගහපු පදේකුත් නැත. බෙරේ පලුවකුත් නැත
.
හේතු 05 - දූෂිත ඇමතිවරු ලග තබාගැනීම සහ නායකයා දූෂිතවී දූෂිත ඇමතීන් ළඟතබා ගැන සිටීම හා ඔවුන් කල දූෂණවලට එරෙහි පියවර නොගැනීම. එයට හේතුව නායකයා ඊටවඩා දූෂිතයකු වීමයි.

නැවතඅවධාරණයකලයුත්තේචෝදනාඅදටත්චෝදනාමිසකිසිවක්ඔප්පුකොටනොමැති බවයි. හොරා හොරා කියනවා හැරුනුකොට යහපාලන රජය ඇල්ලූ හොරෙක් නැත. ගහපු පදේකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
එසේමදූෂිතයැයිචෝදනාලැබූඇතැම්හිටපුඇමතිවරුඅදදඇමතිධූරලබාඇත. දුමින්දසිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි ජන-අප්‍රිය නායකයන් යහපාලන රජයේ යෙහෙන් වැජබෙති. දුමින්ද සිල්වාපැය 20ක ප්‍රශ්න කිරීමකින් පසු අදත් අත්අඩoගුවටගෙන නැත. මර්වින් සහ ලාන්සා ශ්‍රීලනිප  මධ්‍යම කාරක සභාවට පත්කලේ ජනපති මෛත්‍රීමය.

සිදුවූ වෙනසක් අවංකව දැකිය හැකිද..?

හේතු 06 - කැබිනට් මණ්ඩලය අධිකවීම

එදාමුලු ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ගනනට වඩා 20% ක පමණ අඩුවක් ඇත. නමුත් යහපාලන රජයේ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඉටුවී නැත.

යහපාලන රජය පොරොන්දු වූ 30ත් - 40ත් අතර ප්‍රමාණය මෙන් දැන් පවතින ඇමති මණ්ඩලය දෙගුණයකි. එජාප මන්ත්‍රීන් 90%කට කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති ධූර ඇත. වාසනාවට එජාපයට ඇත්තේ ආසන 43කි. ඊට වැඩි වූවානම් අනුපාතය එසේම පවතිනු ඇත.  ඇමතිවරු ගණන වැඩිවනු ඇත. තවත් ශ්‍රීලනිප පිරිසකට ඇමතිධූර ලබාදෙන බව කැබිනට් ප්‍රකාශක පවසයි.

ඉතින් වෙනස කුමක්ද..?

හේතු 07 -  බොදුබලනම් ජාතිවාදී බලසේනා සදා සෙසු ජාතීන්ව හෑල්ලුවට ලක්කිරීම

අද අමු අමුවේ හෑල්ලුවට ලක්කර ඇත්තේ සිoහලමහජාතියයි. යහපාලන රජය මහජාතිය ජාතිවාදීන් කර ඇත. සුලු ජාතීන්ට අවැසි සියලු දොලපිදේනි දෙන අතර මහජාතිය නැගීසිටින සෑමතැනම ඔවුන් පාගා දමයි. (උදා: කූරගල.)
මෙම තත්වය පෙරටත් වඩා ජාතිවාදී අදහස් පෝෂනයට දායක වන බව රහසක් නොවේ.
සිදුවූ වෙනසක් ඇත. එය රටට අහිතකරය.


හේතු 08 -  එවකට අමාත්‍යoශ ලේකම් කෙනෙකු වූ ගෝඨාභය කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලන කිරීම 

මෙයද හුදු චෝදනාවකි. මෙයට එරෙහිව ගතහැකි කිසිදු පියවරක් යහපාලන රජය ගෙන නැත. ගහපු පදේකුත් නැත. බෙරේ පලුවකුත් නැත.එතැනින්ම එම චෝදනාව අනික්වා මෙන්ම පදනමක් නැති දෙයක් බව ඔප්පු වේ.

එසේම අන්තර්ජාලය ඔස්සේ විකාශය වූ මහනුවර, රත්නපුර රැලි අවහිර කිරීමට මෛත්‍රී ජනපති සොයුරු කුමාරසිoහ සිරිසේනටෙලිකොම් හරහා ක්‍රියාකල අන්දම රටට රහසක් නොවේ. එයද එම අර්ථයෙන් ගත්කල දේශපාලනය කිරීමකි. - මේවානම් අපරටේ හැමදාම සිදුවිය. අද සිදුවන්නේ අවුරුදු 50කට එහා සිදුවූ දේ නැවත් සිදුවීමයි.

සිදුවූ වෙනසක් අවංකව දැකිය හැකිද..?

හේතු 09 - ප්‍රමුඛතා අනුපිලිවෙලට සoවර්ධනය නොකිරීම

අද සිදුවන කිසිදු සංවර්ධනයක් නැත.

එයනම් වෙනසකි. නමුත් රටට අහිතකර වෙනසකි.

හේතු 10 - ජෝතිශය පසුපස ලුහුබැදීම

මේ සදහා පිලිතුරු ලෙස මෛත්‍රී ජනපතිතුමා පසුගිය සතියේ ශ්‍රීලනිප බස්‌නාහිර මධ්‍යම හා වයඹ පළාත්වල පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා නගරාධිපතිවරුප්‍රාදේශීය දේශපාලකයන් අමතා කල කතාවම සෑහේ.

දිවයින 12/04/2015.

උපුටා ගැනීම

"පසුගිය ජනාධිපතිවරණය ගැන එක එක අය එක එක කතා කිව්වා. ජනාධිපති මහින්දට හදිසි ජනාධිපතිවරණයක්‌ අවශ්‍ය වුණේ "ජ්‍යෙතිෂ්‍ය කතා" නිසාය කියල පෙන්නන්න සමහරු උත්සාහ කළා. ඒත් ඇත්ත කතාව ඒක නොවෙයි. මහින්දට ලොකු තර්ජනයක්‌ තිබුණා. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන්. ඉතින් එයා බැලුවේ ඡන්දයක්‌ දිනලා රටේ එයාට ලොකු බලයක්‌ තියෙනවා කියල ලෝකෙට පෙන්නන්නයි. ඒකයි හදිසි ජනාධිපතිවරණයක්‌ තිබ්බේ. එහෙම නැතුව ජ්‍යෙතිෂය කියපු නිසා නොවෙයි.”

උපුටා ගැනීමඅවසන්.

මීට අමතරව යහපාලන රජය ජාතික ආරක්ෂාව ඔට්ටුවට තබා යෙදෙන ක්‍රීඩාවේ බරපතල බව ඉතාම අහිතකරය. බෙදුම්වාදය පෝෂනය කරමින් යෙදෙන ක්‍රීඩාව නැවත හැරවිය නොහැකි ප්‍රතිවිපාක ගෙනදීමට ඉඩඇත. රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ දන්දී දිනාගත් නිදහස ඉතාම නිර්ලජ්ජිතව පාවාදෙන අන්දම ඇත්ත වශයෙන්ම ජුජුප්සාජනකය. මහින්ද රාජපක්ෂ ක්‍රියාකලේ යුද්ධය දිනා, ත්‍රස්තවාදය පරාජය කොට බෙදුම්වාදය විනාශකිරීමට බව සැවොම එකග වනු ඇත.මේ වෙනස නම් රටට අහිතකර වෙනසකි.

අවසානයේ සිදුවූ වෙනසේ තරම මෙයයි. පශ්චාත් මරණ පරික්ෂණ හොදය. නමුත් පරණ දේ කබල්ගානවා වෙනුවට යහපාලන රජය කලයුත්තේ ජනතාවට පොරොන්දු වූ “වෙනස” ලබාදීමය. යහපාලකයන්ට ඡන්දය දුන් ලක්ෂ 62ද කලයුත්තේ හරිදේ කිරීමට රජය පෙලඹවීමයි. මහින්දට බැන බැන සිටීම නිශ්ඵල බව වැඩිකල් නොගොස් ඔවුන්ටම වැටහෙනු ඇත.  

සටහන - රණසිංහ 

ඔබගේ අදහස් හා යෝජනාවන් lankanewsweb.today@gmail.com ට එවන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments