Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ගෝන් ටෝක් දින 100ක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ගෝන් ටෝක් දින 100ක් ගත වෙන්නටත් ප්‍රථම එළියට වැමෑරීම නිසා මෛත්‍රිපාල සිරිසේන අර්බුධයකට පත්ව ඇති බව වාර්තා වනවා.මීට පෙර මෙරට  ජනාධිපතිවරුන් බවට පත්වූ කිසිදු ජන නායකයෙකු පරාජය ලැබූ පසු ඔහුගේ සුව දුක් විමසීම සදහා රටේ ජනතාව මුදල් වියදම් කරමින් ජන ගග ගලා ගියේ නොමැත.

නමුත් මහින්ද රාජපක්ෂ ජනතා හදවත ස්පර්ශ කල ජන නායකයෙකු වීම නිසා ඔහු බැලීම සදහා දිවයින පුරා විසිරී සිටින ජනතාව වැල නොකැඩී ගියේ ඔහුට තවමත් මෙරට ජනතාවගේ අසීමාන්තික ආදරය පවතින බව සනාත කිරීම  සදහායි.

නමුත් මේවා බලාසීමට නොහැකි ඇතැම් යහපාලකයෝ නොහොබිනා කතා හදමින් මහින්ද රාජපක්ෂ යන චරිතය නැති කිරීම සදහා කටයුතු කරමින් පවතී.ඒ අතරම යහපාලකයන් විසින් මෛත්‍රිපාල සිරිසේනත් නැති කිරීම සදහා වෙනමම වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සදහන් කල යුතුයි.  

මේ ටික දිනට රනිල් වික්‍රමසිංහ කට තියන පලියට කියවීම සදහා වදුරාට දැලි පිහිය ලැබුණා සේ අගමැති ධූරයේ බලතල අසීමාන්තික ලෙස භාවිතයට ගැනීම නිසා මෛත්‍රිපාලට ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අප්‍රසාදය ඇතිවී ඇති බව වාර්තා වනවා.රටේ වැදගත් තීන්දු තීරණ රැසක් අගමැතිවරයා විසින් ගැනීම නිසා මෙරට ජනාධිපති කෙනෙක් සිටිනවා දැයි අපට හිතුණ අවස්ථා අනතයි අප්‍රමාණයි.නමුත් මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

පසුගිය දිනවලදී චන්ද්‍රිකා බන්ඩාරනායකගේ කට නිසා මෛත්‍රිපාල සිරිසේන වැනසුණු අතර දැන් රනිල් වික්‍රමසිංහ නිසා එම තත්වය හට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.  

විශේෂ ලියුම්කාරිනි 

සුමෙත්මා පෙරේරා විසිනි 
  

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments