Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ - 1

දර්ශනවාදියෙකු මෙසේ ලියා ඇත ''ඉතිහාසය පිලිබදව නොදන්නේ නම්  ලේ උරාබොන දේශපාලකයන්ගේ, දඩයම් පිහි  සපයන නය්‍යායාචාර්යවරුන්ගේ සහ ජනමාධ්‍ය  මස් වැද්දන්ගේ  නියත ගොදුර බවට ඔබ පත්වෙනු ඇත.

මෑතකාලීන දේශපාලන හැසිරීම් හා ගලපන කල්හි මෙම කියමන  කොතෙක් දුරට සත්‍ය වන්නේද?එය වටහා ගැනීමට නම දේශපාලන බල කුමන්ත්‍රනයේ ප්‍රධාන චරිතයන්හි  (චන්ද්‍රිකා,රාජිත,චමිපික ) යටගිය දවස විමසා බැලිය යුතුය.රාජිත සහ චන්ද්‍රිකා යනු දෙමල ඊලම, සහ ඔවුන්ගේ  සන්නද්ධ අරගලයට සහාය දුන් මහජන පක්ෂයේ ආදි කතෘන් දෙනමකි. ඔවුන්ගේ  ප්‍රතිපත්තියට එරෙහිව අවි එසවූ ජවිපෙ වෙත  අවියෙන් පිලිතුරු දුන් ප්‍රා සංවිධානයේ නිර්මාතෘන්ය.88-89 වකවානුවේ එජාප රජය හා එක්ව  පාසැල් සිසුන්,බුද්ධ පුත්‍රයන් ඇතුලු 5000 ක් පමන පිරිසක් ඝාතනය කල අලුගෝසුවන්ය.චම්පික යනු මෙම වකවානුවේ ජවිපෙ ක්‍රියාකාරියෙකු ලෙස ප්‍රා සංවිධානයේ  අත් අඩංගුවට ගත් අයෙකි. පසුව අරගලය පමනක් නොව සිය සගයන්ද අමු අමුවේ පාවා දුන් ද්‍රෝහියෙකි.

විජාතික බලමුලු වලට එරෙහිවූ ජවිපෙ

80 දශකයේදී විජාතික බලවේග වලට එරෙහි මෙහෙයුම්වල පෙර ගමන් කරුවන් වූයේ ජවිපෙය. ජ වි පෙරමුණේ  ක්‍රියාකාරකම් සියල්ල අනුමත නොකෙරුණද එදා ඔවුන් අවි අතට ගත්තේ විජාතික බලවේගවලට එරෙහිව ය.ලක් රජයට තග දමා ඉන්දු ලංකා ගිවිසුම බලෙන් පටවන විට ජවිපෙ පෙරට ආවේය.එපමනක් නොව විජාතික බලවේගයන්හි  අතකොලු වූ සමසමාජ, කොමියුනිස්ට්, නව සමසමාජ, මහජන පක්ෂයද , කතෝලික පල්ලියේ මුදල්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන රැසක්ද  තහනම් කළේය. 1988 ජනවාරි 25වැනිදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිකුත් කල පත්‍රිකාවේ සඳහන් වූයේ ද්‍රවිඩ ඊලමට ගැති වාමාංශිකයින් තෙවන සතුරු හමුදාව ලෙස නම් කල බවය.ඒ අනුව ජ වි පෙරමුණේ   දඩයම ඇරඹින.

ඊලමට කත්  ඇඳි  විජය 

විජයගේ මහජන පක්ශය ක්‍රියාත්මක වූයේ ඊලාම් ගරිල්ලන්ගේ දකුනු දිගුව නොහොත් දකුනේ නියොජිතයන් ලෙසය.86-88 කාලයෙදී ප්ලොට් නායක උමා මහේස්වරන් ගේ මෙහෙයවීම යටතේ   මහජන පක්ෂයේ ක්‍රියාකාරීන්  ‍රැසකට අවි පුහුනුව ලැබින. මෙම ගනුදෙනු සදහා විජය නිරන්තරයෙන් වව්නියාව ප්‍රදේශයේ සංචාරය කෙරීය. ඊලාම් සටන්කාමින් සමග වනේ වන ගතවීමට  විජයගේ සමරිසි ලිංගික ජීවිතයද බලපෑවේය.විජයෙගේ අනුගාමිකයන් අතර නමගිය පාතාලයන්, අපරාධ කරුවන්ද විය.මොවුන්ට  පුහුවට වඩා අවශ්‍ය වූයේ ගිනි අවිය. එම  අවි සහ ජීව පතරොම් සැපයීමේ මෙහෙයුම ක්‍රියාත්මක වූයේ වව්නියාවේ සිටි EPRLF පද්මනාභ හරහාය.මිය යාමට පෙර විජය විසින් මහජන පක්ෂයේ සන්නද්ධ අංශය ගොඩනගා තිබුනා පමනක් නොව කාඩරයන් විවිධ පැතිකඩ ඔස්සේ ප්‍රචන්ඩත්වය මුදා හැර තිබුනි .

කනවැන්දුම් චන්ද්‍රිකාගේ පිහිටට රෝ ඔත්තු සේවය පැමිනෙයි

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් 1988 අවසාන වන විට ඊලමට පක්ෂ වාමාංශික නායකයින්, ක්‍රියාකාරිකයින්, හිතවතුන් 158 දෙනෙකු මරා දමා තිබිනි. ඉන් 117 දෙනෙකු විජය කුමාරතුංගගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයට අයත් අය වූහ. මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග ඝාතනය වීමත් සමඟම ජවිපෙන් පලි ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ප්‍රා සංවිධානය ගොඩනැගෙනුයේ ඒ අනුවය. එහි නායකත්වය ගත්තේ  චන්ද්‍රිකා , ඔසී, රාජිත සහ සරත් ආනන්දය(පොඩි සිල්වා). 'ප්‍රා' යනුවෙන් කෙටියෙන් හඳුන්වන  සම්පූර්ණ නම මහජන විප්ලවකාරී රතු හමුදාවය.ප්‍රා සංවිධානයේ මුල්‍ය පදනම සැකසුවේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයයි. රෝ ඔත්තු කරුවන් ලක්ෂ 50 ක මුදලක්  චන්ද්‍රිකා හරහා ප්‍රා සංවිධානය වෙත සම්ප්‍රේශනය කෙරීය .ඉන්දු ලංකා ගිවිසුමට  එරෙහි වූ ජවිපෙන් වාඩුව ගැනීම ඔවුන්ගේ  අරමුන විය.

 රොස්මිඩ් නිවසේ ආයුධ ගබඩාව

එජාප ආණ්ඩුව මගින්   ටී 56 සහ ටී81 තුවක්කු, රිවෝල්වර , මූනිස්සම්  සහ ග්‍රෙනේඩ් තොගයක් 1988 මාර්තු 25වැනිදා  මහජන පක්ෂයට භාර දුන් අතර එය චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් බාර ගත්තේ ලොකු අතුල (නිමලසිරි ජයසිංහ)  විසිනි.  ලබා දුන් සියලු ආයුධ ප්‍රා මෙහෙයුම් ඛන්ඩ වෙත බෙදා හරින තුරු  ගබඩා කර තිබුණේ කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ චන්ද්‍රිකාගේ නිවසේය.මුදල් සහ අවි ආයුද ප්‍රා කාඩරයන් අතර බෙදා හැරි චන්ද්‍රිකා නොබෝ දිනකින් විදේශ ගත  විය.තවද  ප්‍රා සංවිධානයට  එජාප රජය මගින් රුපියල් ලක්ෂ 20ක්ද   වාහන සහ සංන්නිවේදන උපකරන  ලැබිණි.ප්‍රා සංවිධානයේ බංකර් සහ නිවාස ගණනාවක් කොළඹ සහ තවත් ප්‍රදේශ කිහිපයක පවත්වා ගෙන ගියේය. . පරණ තුරඟ තරඟ පිටිය,කොම්පඤ්ඤවීදියේ  ලිපිකරු සේවා  ගොඩනැගිල්ල, බැරැක්ක පටුමගේ  බංකරය, නොරිස් කැනල් පාරේ බංකරය, බොරැල්ලේ ඔස්ලෝන් බංකරය,කුප්‍රකට  බටලන්ද, ජපුර සහ  කොලඹ සරසවි නේවාසිකාගාර, වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාගේ බංකරය, කුරුණෑගල ජයවික්‍රමගේ බංකරය ඒ අතර ප්‍රධාන විය.

"ප්‍රා" - මනුෂ්‍යත්වයට එරෙහිව

රජයේ හමුදාවන්ට ඔත්තු සැපයීම, හඳුනාගැනීම, හමුදාව සහ ප්‍රාදේශීය දේශපාලන මැරයන් සමග එක්ව පුද්ගලයන් පැහැර ගැනීම, වධ හිංසා කොට තොරතුරු ලබා ගැනීම සහ ඝාතනය ප්‍රා සංවිධානයේ ප්‍රමුඛ කාර්ය අතර විය.එපමනක් නොව පුද්ගලයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමද විටින් විට සිදු කර තිබුනි.එජාප රජය විසින් ප්‍රා සාමාජිකයන්  බොහොමයකට හමුදා බුද්ධි අංශ හරහා වැ‍ටුප් ගෙවූ අතර හැදුනුම්පත් ද  නිකුත්කර තිබුනි.ප්‍රා සංවිධානය මගින් අත්අඩංගුවට ගත් අය මරා දැමුවේ දත්, නිය ගැලවීම, අත පය කැපීම ගෙල සිදලීම වැනි දරුණු වධ දීමෙනි. මරා දැමූවන්ගේ දේපල කොල්ල කෑමේ ද නිරත විය. ප්‍රා සංවිධායයේ නායකයන් නිරන්තරයෙන් රනිල් සමගද තොරතුරු හුවමාරු කර ගැනීය.
ප්‍රා සමග අත්වැල් බැදි ස්වාධීන ශිෂ්‍ය සංගමය

විශ්ව විද්‍යාල  සුද්ද කීරීමේ කාර්ය භාරවූයේ ප්‍රා  සංවිධානය හා අනුබද්ධ වූ  ස්වාධීන ශිෂ්‍ය සංගමය වෙතය.මෙහි ක්‍රියාකාරිකයින් සමහරෙක් ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක ටාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි.ස්වාධීන ශිෂ්‍ය සංගමයයේ සාමාජිකයන් අතර  නිර්මාල් රංජිත් දේවසිරි ,උපුල් ශාන්ත  සංනස්ගල,ශීරාල් ලක්තිලක වැන්නවුන්ද විය.කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයකු වූ කරුනා‍සේන (කරුවා)  සිගරට් වලින් පුච්චා  මරාදැමුවේ සන්නස්ගල සහ  දේවසිරි බවට ඇස දු‍ටු  සාක්ෂි  විය.පුතු මිය ගිය සොවින්  කරුනා‍සේනගේ මව උමතු තත්වයට පත් වූ අතර පියා වස පානය කොට සිය දිවි හානි කර හැනීය. ඊලමට දර දිය සැපයූ  විජය කුමාරතුංගගේගේ අවමගුලේදී ඊ.පී.ආර්.එල්.එෆ් එවකට නායක වර්ධරාජා පෙරුමාල්ගේ කථාව සිංහලෙන් කියවන ලද්දේ උපුල් ශාන්ත සන්නස්ගලය.

රට හෙල්ලු ඝාතන

මානව හිමිකම් ක්‍රියාකාරියින්වූ නීතිඥ චරිත ලංකාපුර 1989 ජුලි 07වැනිදාද, නීතිඥ කාංචන අබේපාල 1989 අගෝස්තු 28වැනිදාද, ගම්පහ නීතිඥ නෙවිල් නිශ්ශංක 1989 ඔක්තෝබර් 03වැනිදාද බැංකු නිලධාරියෙකු වූ නිදහස් මාධ්‍යවේදී එච්.ඊ දයානන්ද 1988 දෙසැම්බර් 02වැනිදාද ඝාතනය කළේ ප්‍රා සංවිධානය යටතේ වැඩකල ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින්ය.1985 දෙසැම්බර් සිට 1986 සැප්තැම්බර් දක්වා අන්තරේ කැඳවුම්කරු වූ කොළඹ නීති පීඨයේ සරත් එදිරිසිංහ 1989දී ගංගාරාමය ඉදිරිපිටදී පැහැර ගෙන අත්පා කඩා මරා දැම්මේද ඔහු ඉගෙන ගත් නීති පීඨය තුළදීමය.මෙම වධකාගාරයේ අවසන් හුස්ම හෙලි ඉහළම ජවිපෙ නායකයන් අතර  ඩී. එම්. ආනන්ද , මුදල් ලේකම් වූ ගුණරත්න වනසිංහ, ජවිපෙ මධ්‍යම කාරක සභික සමරප්පුලිගේ සෝමසිරි විය.

දේවදත්තට අජාසත්ත මුන ගැසෙයි

ප්‍රා සංවිධානයේ ප්‍රධාන වධකාගාරය වූයේ කොළඹ සරසවියේ නීති පීඨ රැඳවුම් කඳවුරය.ජවිපෙ ප්‍රධාන පෙලේ නායකයන් ‍රැගෙන ආවේ මෙම කදවුරටය.මෙම මේ වදකාගාරයෙ ප්‍රධාන වධකයා සහ අලුගෝසුවා වූයේ  රාජිත සේනාරත්නය.කාසල් වීදියේදී පැහැරගත් චම්පික රනවක ගාල් කලේද නීති පීඨ රැඳවුම් කඳවුර තුලය. ආරුමුගම් නම් වූ ජවිපෙ සැකකරුවාට රාජිත විසින්  එල්ලා පහර දුන් බවත් එහිදී ඔහුට පිටවුනු මූත්‍රා රාජිතගේ මුහුනට විසිවූ අතර කෝප වූ රාජිත එසැනින් සැකකරුට වෙඩි තැබූ බවට ප්‍රසිද්ධ සිදූවීමක් වෙයි.මෙය සජීව දේශපාලන සංවාද වලදී රාජිතට එරෙහිව නිරතුරුව  කියවින. නීති පීඨ  කදවුරේදී රාජිත විසින් පාඨලී චම්පිකට එල්ලා පහර දෙන විට ජවිපෙ හා සම්බන්ද සමාජයේ ඉහල තනතුරු හොබවන , පිලිගත පුද්ගලයන් ගේ නම් ලැයිස්තුවක් ලබා දීමට ඔහු එකග විය.ඒ අනුව   චම්පිකට නිදහස ලැබෙයි. සගයන් පාවාදීමේ නහීන පිලිවෙතින් නිදහස් වූ චම්පික පසුව සමාජ ගත කලේ මූත්‍රා කිරීමට යන මුවාවෙන් කදවුරින් පැන ගිය බවකි. එතැන් පටන් මොවුන් දෙදෙනා කෙතරම් සමීප වීදයත් රාජිතගෙ දරුවන් වූ චතුර සහ එක්සත්ට නිවසේදී  අකුරු කරන  ගනිත ගුරුවරයා වූයේ චම්පිකය.

ඉතිහාසයේ සරදම

88-89 වකවානුවේ  පුරවැසියන් ,පාසැල් සිසුන් පමනක් නොව බුද්ධ පුත්‍රයන්ද  අමු අමුවේ ඝාතනය  කල ප්‍රා සංවිධානයේ ආදී කතෘන් අතර චන්ද්‍රිකාද විය.  වසර හතරකට පසු, එදා ඔවුන් අතින්ම මිහිදන් වූ අයගේ ඇටසැකිලි ගොඩ අදිමින් ජනතාව අන්දවා  බලයට පැමිනියේය .

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

මතු සම්බන්දයි

කියවන්න -වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ -2 ~~සිංහල බෞද්ධයා කුජීත කළ රාජිත සහ චම්පික~~


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments