Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » අද සවස අපි මහින්දව ඉල්ලනවා -බෑ නම් අපි මෛත්‍රීට නෑ

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සභාපති ධුරයට කවුරුන් පත්වුවද රටේ ජනතාවගේ හිත දිනාගත් නායකයා රටේ නායකයා කිරිම සදහා දිවි හිමියෙන් කටයුතු කරන බව අද සවස පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවට සහභාගි විමට නියමිත කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු lnw.today skype ලිපිනය ඔස්සේ අමතා කියා සිටියා.

ඉදිරි මහ මැතිවරණයේදී ද බුලත් කොළය යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තරග කිරීමට තීරණය කර තිබෙන බව සංවිධායකයන්ට දන්වා ඇති බවත් සන්ධානයක් ලෙස රටට ලබාදුන් ජයග්‍රහණයන් තවත් ලබාදිමට අනිවාර්‍යයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය මෙම මැතිවරණ සටනට අවශ්‍යබවද ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීමට නියමිත බව දැනුම්දි තිබෙන බවත් අද සවස මෛත්‍රී ජනාධිපතිවරයාට තමන් ඇතුලු සියලු දෙනා එක හඩින් මහින්ද ඉල්ලා සිටින බවද ඔහු සදහන් කළා.

යම් ආකරයකින් මෛත්‍රී ජනපති මේ හඩට කන් නොදුන්නොත් මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ඔනෑම පියවරකට දෙවරක් නොසිතා සහය ලබාදෙන බවද ඔහු සදහන් කළා.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com





About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments