Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » බල පෙරලිය ගැන මෝදිටත් දැනිලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොළඹ ඉන්දීය තානාපති නිල නිවසේදී විනාඩි 30කට හමුවි සාකච්ඡා කිරිම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග අවුලට පත්ව සිටින බව වාර්තා වේ.හිටපු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙන්නේ ද ඉන්දීය අගමැතිවරයා විම මෙම කනස්සල්ලට ප්‍රධාන හෙතුව වි තිබේ.

හිටපු ජනාධිපතිවරයා පැරදවිම සදහා ඉන්දිය රෝ සංවිධානය සමගින් ඉතා සමිපව කටයුතු කල මේ දෙදෙනා ඒ හරහා ඉන්දියාවෙන් රුපියල් කෝටි 3400ක්ද ලබා ගත්තේ ජනාධිපතිවරණ කටයුතු සදහාය.

මේ අතර රාජපක්‍ෂව නරේන්ද්‍ර මෝදි හමුවීම දෙමළ ජනතාවට කල ද්‍රෝහිකමක් බවට තමිල්නාඩු කොංග‍්‍රස් නායක ඊවීකේඑස් ඉළංගෝවන් කල ප‍්‍රකාශ කර තිබේ.ශ‍්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ සතුරෙක්. චීනයේ මිතුරෙක්. ශී‍්‍ර ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවට එරෙහිව කෲර දේශපාලනයක් වේදිකා ගත කල ඔහුව අගමැති නරේන්ද්‍ර මෝදි මුණ ගැසීම දෙමළ ජාතිකයන්ට කරන විශාල ද්‍රෝහිකමක් බව පවසා ඇති තමිල්නාඩු කොංග‍්‍රස් නායක

ඊ.වී.කේ.එස්.ඉළංගෝවන්, මෙවැන්නක් කල ඔහුව මෝදි මුණ ගැසීමේ පසුබිම කුමක්ද ? මීට වඩා දෙමළ ජාතිකයන්ට කරන ද්‍රෝහිකමක් තියෙනවාද ? යනුවෙන්ද විමසා ඇත.

බලහත්කාරයෙන් අත්පත් කරගත් මේ ආණ්ඩුව වැඩි කාලයක් පවතින්නේ නැති බව හොදින්ම දන්නා නිසා බවත් නැවත් රටේ බලයට පත්වන මහින්ද සමගද හිත හොදින් තියාගත යුතු නිසා මෝදි මහින්ද රාජපක්ෂ මුණගැසීමට තිරණය කර තිබෙන බවටද තමිල්නාඩු මාධ්‍ය චොදනා කර සිටි.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments