Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ -2 ~~සිංහල බෞද්ධයා කුජීත කළ රාජිත සහ චම්පික~~

දේශපාලනය යනු බලය වෙනුවෙන් එකෙකු පාගා දමා තවකෙකු ගොඩ එන  දඩයමකි. ලොව දෙවන පැරණිතම වෘත්තිය දේශපාලනය වන අතර පෙනුමෙන් සහ ගුනයෙන් පලමු වෘත්තියට කිසිත් නොදෙවෙනිය.

රාජිත දු‍ටු ලොව තීක්ෂනම යුධ සෙබලා

දකුනේ භීෂනය පහව වසර 4ක් ගතවිය. විප්ලවය පාවා දුන් චම්පික නලින් සිල්වාගේ ජාතික චින්තනය හා ගොනු විය.කල දු‍ටු කල වල ඉසගත් චම්පික  ගංගොඩවිල සෝමගේ මිනිය වෙන්දේසිකොට පාර්ලීමේන්තුවට ගොඩබැසීය.අනතුරුව ධර්ම රාජ්‍ය තැනීම්ට ගල් වැලි එකතු කිරීය.චන්ද්‍රිකා බලයට පැමිනි පසු අනුරුද්ධ රත්වත්තේ යම්තාක් දුරට යුධ ක්‍රියාන්විතය ගෙන ගියද එය අතරමග නවතා දැමීමට  නියෝග කෙරීය. රණවිරුවන් පාවා දුන් චන්ද්‍රිකා  නෝර්වේ රාජ්‍ය හා එක්ව  සටන් විරාමයකට ගියේය.කුමාර් රූපසිංහ හා එක්වූ රාජිත යුධ විරෝදී සංධානය තැනීය.දෙමල ඊලමට දර  දිය සැපයු රාජිත ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටියේ LTTE කිසි දිනක පරාජය කල නොහැකි බවය.ලොව තීක්ෂනම යුධ සෙබලා ප්‍රභාකරන් බව කීවේය.රට බේරා ගැනීමට ඇති එකම විසදුම ෆෙඩරල් ක්‍රමය බවත්  එහි බලතල කොටින්ට දිය යුතු බවට හඩ නැගීය.යුධ විරෝධී පෙරමුනට  නෝර්වේ රජයෙන් අනුග්‍රහය ලැබුනු බව ප්‍රකට කරුනකි.නෝර්වේ-චන්ද්‍රිකා ගනුදෙනු  නිරන්තරයෙන් ඉන්දියාවේ උකුසු ඇසැට ලක්විය. මේ හේතුවෙන් සාම බ්‍රෝකර් කුමාර් රූපසිංහ ඉහල මිල ගනන් වලට රෝ ඔත්තු සේවයට අලෙවි විය.

රාජිත සහ චම්පිකගේ දෙවන ඉනිම

රූපසිංහලාගේ රාජිතලාගේ සැලසුම වූයේ සිංහල රජය හැකි තාක් අරාජික කොට ෆෙඩරල් ක්‍රමයක් බලෙන් පැටවීමය.  බිහිවන නව පාලනයේ මුල් පු‍ටු ඩැහ ගැනීම  සැලසුම විය.චම්පිකද මේම කූට සැලසුමේ කොටස් කරුවකු විය.ඔහුට බාරවූයේ සිංහල කොටියාගේ චරිතයයි.එනම් රාජිතලා යුද්ධය එපා කියා රට වටේ යන විට,  ප්‍රදශනාත්මකව  ඔවුන්ට පහර දීමයි.මෙම නාට්‍ය  ලෝකයා වෙත ගෙනයාම මහ රාජාගේ සිරස නාලිකාවට බාර විය.නාට්‍යයේ ප්‍රථම ජවනිකාව රගදැක්වූයේ කොළඹ විහාර මහාදේවී පිටියේය. එහි වූ යුධ විරෝධීගේ ‍රැස්වීමට කඩා වැදුනු ගලබොඩ අත්තේ ඥානසාර මයික්‍රපෝන විසිකරමින්, අසභ්‍ය වචන කියමින් කලහ කෙරීය. නාලාගිරිට රා කල 7ක් පෙව් දේවදත්තයා (චම්පික) තිරය පි‍ටුපස විය.යුධ  විරෝධී පෙරමුනේ ආරක්ෂාව බාර වූයේ කුප්‍රකට ප්‍රා කන්ඩායමටය. ප්‍රා සාමාජිකයන්ට අවශ්‍ය වී නම් ඥානසාරගේ පිරිස පාලනය කල හැකිව තිබුනි. නමුත් එවැන්නක් රාජිත- චම්පික ලියු තිර පිටපතේ නොවීය.ඔවුන්ට අවශ්‍ය වූයේ ලෝකය හමුවේ සිංහල බෞද්ධයා කුජීත කිරීමය.

නූලෙන් මිස් වුනු ඝාතනය

යුධ විරෝදීන්ගේ දෙවන ‍රැසවීම පැවැත්වූයේ මන්නාරමය.තෙවන ‍රැස්වීම පැවැත්වූයේ කලුතරය.මෙය සාමකාමී ස්වරූපයෙන් අවසන් වූ බව පෙනුනද  මනා ලෙස සැලසුම් කල ඝාතනයක් වැලකී ගියේ නූලෙනි. කලුතර ‍රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුනේ නගරසභා ශාලාව අසල එලිමහන් වේදිකාවකය.කලුතර දකුන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු වේදිකාව අසල සිවිල් ඇදුමෙන් රාජකාරියෙහි යොදවා තිබුනි. වෙදිකාව අසල ගැවසුනු එක් සැකකටයුතු පුද්ගලයෙක් මොවුන් ඇසගැ‍ටුනු අතර වැඩිදුර පරීක්ෂාව සදහා ඔහු කලුතර දකුන පොලීසිය වෙත ‍රැගෙන යන ලදී.

ඝාතකයා  ඉලක්කය හඹා යයි

වැඩිදුර පරීක්ෂා කිරීමේදී ඔහුගේ  බෑගය තුල සගවා තුබූ ගිනි අවියක් සොයා ගන්නා ලදී.අනවසර ගිනි අවියක් යනු   ඇප නොමැති වරදක් වුවද  සුලු මොහොතකින් එතනට පැමිනි රාජිතගේ ආරක්ෂක අංශයේ දෙදෙනෙකු ඔහු ‍රැගෙන යන ලදී.සැකකරු නිදහස් කර තිබුනේ පොලීසියේ ආරක්ෂක උපදේශක ලෙස පත්කර තිබූ කොටකදෙනියගේ උපදෙස් මතය. සියල්ල සම්බන්ධීකරනය කලේ චම්පිකය. කුමාර් රූපසිංහ සහ රාජිත මෙම සිදුවීම වසන් කෙරීය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග  වූ බෑගය සහ බට් මොඩල් T56  නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ  මෙයය. මලමිනී වෙලදාම.

ෆොන්සේකා අංහිසකද ?

කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි  ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ  එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා  වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.

උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර

මරා දැමීමට පෙර වූ උදෑසන  දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත්  යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300  බැගින් එහි අයිතිකරුවන්ටම  අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු  ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය.  ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.

චම්පිකගේ බලල් අත

ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී  තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමා තිබුනි.පොලීසිය ප්‍රකාශ කලේ ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බවය.   ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු සුහීර්තරාජන් පොලීසියේ ප්‍රකාශයට අභියෝග කලේය. ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්‍ෂි සහිතව  ඔප්පු කළේය.කොලඹින් පැමිනි ඩිෆෙන්ඩර් රථ වල චයාරූප ඔහු සතු විය.එම ඩෙෆෙන්ඩර් රථ කොටකදෙනියගේ  පූල් එකට අයත් ඒවා විය. දින කිහිපයකින් මෙකී 'සුඩර්ඔලි'  වාර්තාකරුගේ  හිසට වෙඩි තබා මරා දැමිණ. මෙහි වැදගත්ම සිදුවීම  නම් ශිෂ්‍යයන්ගේ මරණයෙන් ඔබබට ගිය  කුමන්ත්‍රනයක් තිබීමය. මෙම වෙඩි තැබීම සිදුවන විට මහින්ද රාජපක්ෂ සිටියේ ඉන්දියාවේ නිල සංචාරයක නියුතුවය.සිසු ඝාතනයට විරෝධය පලකරනු වස් ඉන්දියාව  මහින්ද සමග  වූ නිල හමුවීම් කිහිපයක් අවලංගු කෙරීය.අපහසුතාවට  පත් මහින්ද ගෝඨාබයට හිටගස්වා දෙස් දෙවොල් තැබීය. අමනාපය කොතෙක්දයත්  දින කිහිපයක් යන තුරු දෙදෙනා  මූන නොබලන තත්වයට පත් විය.නමුත් සත්‍ය ලෙස සිදුවූයේ සිය න්‍යාය පත්‍රය අනුව චම්පික ශූක්ෂමව කොටකදෙනිය  ඉත්තකු ලෙස යොදා ගැනීමය.ත්‍රිකුණාමලයේ සිසු ඝාතනයෙන් පසු පොලීසියේ උපදේශක තනතුර කොටකදෙනියට අහිමිවිය.

පාර්ලීමේන්තු ඉතිහාසයේ දුෂණ චෝදනාවකට ලක්ව මන්ත්‍රී ධූරය අහිමි වූ එකම පුද්ගලයා

මහින්දගේ යුධ පෙරමුන ශක්තිමත්ව ඉදිරියට යන විට  පාර්ලීමේන්තුවේ ඔලුගෙඩි මාරුකොට  රජය පෙරලීමට කුමාර් -රාජිත මාන බැලීය.  කසකරුවන් ලෙසින් මංගල-ශ්‍රීපති සහ අනුර බන්ඩාරනායක රජයෙන් ඉවත් විය.මංගල ශ්‍රීපතිලාගේ පැති මාරුව මහින්දට  අධෝවායුවක් තරම් නොදැනිනි.අනතුරුව ජවිපෙ දෙකඩ කිරීමේ කුමන්ත්‍රනය දියත් විය.විමල් වීරවංශ ඇතුලු පිරිස මහින්ද හැර නොයාමෙන් එම කුමන්ත්‍රනයද අසාර්තක විය.එල්ලෙන්න වැල් නැතිවූ රාජිත අගේ ඉදන් කන කෑමට මහින්ද සමග එක් විය.රාජිත සේනාරත්න යනු අඩසියවසක පාර්ලීමේන්තු ඉතිහාසයේ දුෂණ චෝදනාවකට ලක්ව මන්ත්‍රී ධූරය අහිමි වූ එකම පුද්ගලයාය. අභියාචනාධිකරණයේ  අංක 1164/98 දරණ නඩුවේ 2000 මාර්තු 31 දින දුන් තීන්දුවෙන් , මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීම යන චෝදනාවට වරදකරු වීමෙන් පාර්ලීමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි විය.එසේම  කලකට ඉහතදී  ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු විය.

දේවදත්තලාගේ බුද්ධ රාජ්‍ය.

චම්පික-රාජිත දෙදෙනාම මහින්දගේ රජයේ දැරූ ඇමතිධූර හරහා ගසා කෑවා මිස ජනතාවට කල සෙතක්  නැත.වැටයි නියරයි ගොයම් කෑවා සේ, ධීවරයාගේ ආරක්ෂාවට පත් කල ඇමති දැවැන්ත  නැව් 8ක් යොදවා මාලු ඇල්ලීමට බැස්සේය. බෝට්‍ටුවෙන් ගොස් මාලු අල්ලන අහිංසක ධීවරයාට කැඳත් නැතිවිය.චම්පිකද  හීන් නූලෙන් ගසාකමින් ලස්සන  කතා පැවවූවා මිස රටට ජනතාවට කල සේවයක් නැත.බුද්ධරාජ්‍යක් පිහි‍ටු වීමට  පැමිනි උපාසක චම්පිකගේ වෙස් මුහුන ගැලවින.සමාජය හමුවේ ඔහුගේ වසල ගති පැවැතුම් එකිනෙක නිරාවරණය විය. බුද්ධ රාජ්‍ය කෙසේ වෙතත්  අපාය සහායක ලක්ෂණ  පැහැදිලි විය. අමානුෂික ලෙස සිය බිරිද  ලිංගික හිංසාවට ලක්කිරීම හා ද්වේශසහගත  හැරයාම පිලිබද චෝදනා ගොනුවිය .මේ සම්බන්ධව වෙබ්  ලිපිය පලකල ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කෙරීය.

ඉතිහාසයේ සරදම

චම්පික එදා ඥානසාරට රා පෙව්වේ  යුධ විරෝධී පෙරමුනට එරෙහිව කලහ කිරීමටය. මෙදා ඥානසාරට රා පෙව්වේ මුස්ලිම ජනයාට එරෙහිව කලහ කිරීමටය.හලාල් කථා, අළුත්ගම සිදුවීම, මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම  ආදී සියල්ල  මහින්ද සමග වූ මුස්ලිම් ජනතාව භේද කිරීමට ඉන්දියාවේ රෝ සහායෙන් චම්පික මෙහෙය වූ කූට ව්‍යාපෘතිය. එය තේරුම් ගන්නා විට ගොදුරක්ව අවසන්ය.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක
මතු සම්බන්දයි
වඳුරන්ගෙන් බන අසා ජේතවනයට ගල් ගැසුවෝ -1 මෙතනින් කියවන්න 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments