Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » පොළොන්නරුවේ රඟන ඩඩ්ලිගෙ මැරයෝ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එක් මලයෙක් වන බුද්ධදාස ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු වලත්ත කමේ ගොස් වැදුණු පොරෝ පහරකින් මරණයට පත්විමත් එම පොරෝ පහරට සැබැවටම හේතුවු කරුණ ඉතා වගකිමෙන් www.lankanewsweb.today හෙළිදරවු කිරිමෙන් පසුව මහත් කලබලයට පත්වු යහපාලන සිරිසේනගේ අනිකුත් සහෝදරයන් පොළොන්නරුවේ යකා නටමින් සිටින බව අප වාර්තාකරු සදහන් කළා.

අද දවස පුරාම ප්‍රදේශයේ සැරිසැරු අප වාර්තාකරු මේ සිද්ධිය සම්බන්ධයෙන් හොදින්ම දන්නා කිහිප දෙනෙකු හමුවිමට උත්සහ කලද වැලි රාජුට නොදැවෙනි කැසිනෝරජා වන ඩඩ්ලි සිරිසේනගේ මැර කණ්ඩායමේ තර්ජනයන් හා භිය වැද්දිම් හමුවේ කිසිවෙකුත් වචනයක්වත් කතා කිරිමට කැමැත්ත පලකර නෑ.

වැලි රාජාට එල්ල වු පොරෝ පහර සම්බන්ධයෙන් ලක්මාල් ලබාදුන් කට උත්තරය සම්පුර්ණයෙන් වෙනස් කර අත්සන් ගැනිමට යහපාලන පොලිසිය කටයුතු කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

මේ අතර මෙය දඩමීමා කරගෙන මෛත්‍රීට මඩගසන්නට වලිකන රාජපක්ෂ කණ්ඩායම පෙලඹී සිටින බවට යහපාලක කණ්ඩායම් පුවත් මවමින් සිටින අතර කවුරුන් මොනවා කිවුවද අප කල අනාවරණය ඉතා නිවැරදි බව මේ මොහොතේ යලිත් අවධාරණය කරමු. 

~උපුටා ගැන්ම අප වෙබ් අධවියේ පුවත~

සිරිසේනගේ බලය අතට ගෙන ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජු)  ක්‍රියාත්මක කරමින් තිබු වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරයට අද මරු ප්‍රහාරයක් එල්ලවි තිබේ.බෙදුම්වාදින්ගේ ඡන්ද වලින් මෛත්‍රී ජනපති වු සැනින් පොලොන්නරුවේ පමණක් නොව මුලුරටේම මැරකම් ක්‍රියාත්මක කල ප්‍රියන්ත සිරිසේන අසරණ මිනිසුන්ගේ වැලි කැටයට පවා කෙලියේ කිසිම ගරුසරුවක් නැතිවය.

කෙසේවෙතත් මෙම එල්ල කර තිබෙන පොරො පහර පසුපස කතාව වෙන එකකි..අප පොලොන්නරුව වාර්තාකරු සිද්ධිය සම්බන්ධයෙන් සම්පුර්ණ විස්තරය අනාවරණය කරගෙන තිබේ.

මෛත්‍රීපාල ජනපති විමට පෙර සිටම වැලි රාජු සමග මිතුරෙකුව සිටි ලක්මාල් නැමැත්තා සමග රාජු කල දුෂණ ක්‍රියා අපමණ ගණන්ක් තිබේ.වැලිගොඩ දැමිම,දඩමස් ජාවාරම,ස්ත්‍රි දුෂණ වැනි රැසක් මෙම දෙදෙනා එක්ව කර තිබෙන්නේ තිබෙන ගජ මිතුරු කම නිසාය.

මෛත්‍රී ජනපති විමට පෙර ප්‍රදේශයේ සුන්දර කාන්තාවක් සමග මෙම දෙදෙනා එකගේ කැමක නිරත වු අතර අදාල කාන්තාවට සියලු පහසුකම් සැපයිමට දෙදෙනාම කටයුතු කර තිබුනා.

නමුත් හදිසියේම මෛත්‍රී බලයට පැමිණිමෙන් පසුව හවුලේ පවුල් කෑම හදිස්සියේම නතර කිරිමට  වැලි රාජු කටයුතු කර ඇති අතර තම මිතුරා වු ලක්මාල්ට අවස්ථා ගණනකදි තර්ජනය කර තිබේ.

පසුව දෙදෙනා අතර බහින්බස් විම උග්‍ර අතට හැරි ඇති අතර එහි  ප්‍රතිපලයක් ලෙස මෙම පහරදිම අද සවස සිදුවු බව අප වාර්තාකරු අවරණය කළා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා  පැවසුයේ  ඔහුගේ මිතුරකු වන නැමැත්තකු  ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගැනීමට සොයන බවයි.

~උපුටා ගැන්ම අවසන්~

වැලි රාජු හොඳ පුද්ගලයෙක් නොවේ ඔහු පොලොන්නරුවේ ජීවත් වූ මැරයෙකි. නීති විරෝධී වැලි ජාවාරම් කරුවෙකි. නමුත් ඔහු මැරයෙක් වූයේ මෛත්‍රී ජනාධිපතිවූවාට පස් නොවේ. ඔහු නීතිවිරෝධීව වැලි ගොඩදැමීම පටන්ගත්තේ මෛත්‍රී ජනාධිපති වූවාට පසුව නොවේ, එමෙන්ම ඔහු හා මෛත්‍රී අතර ඇති හිත හොඳකමක්ද නැත.

මෛත්‍රීපාල සිරිසේන හා වැලි රාජු අතර ඇති අමනාපකම (විඩියෝව බලන්න)


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments