Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » කෝටි දෙකකට විකිණෙන රත්නායක මුදියන්සේ

අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යා හෙවත් රනිල් පැන්නිමේ කල්ලියේ අයෙකු වූ රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බංඩාර කෝටිපති පෞද්ගලික බස් ව්‍යාපාරිකයකු රහසිගත ගනුදෙනුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.අමාත්‍යවරයාගේ ඥාතියකු හරහා එම ගනුදෙනුව සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාල ව්‍යාපාරිකයාට අයත් බස් රථ බොහොමයක් මේ වනවිටත් දුර ගමන් සේවා සඳහා යොදවා තිබේ.

පසුගිය කාලයේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මෙන්ම, කටුනායක අධිවේගී මාර්ගයේ ඔහුට අයත් බස් රථ වැඩි වශයෙන් ධාවනයට එක්කිරීම සුවිශේෂී කාරණාවක්.එම මාර්ගවලට ලබාදී ඇති පෞද්ගලික බස්රථ ධාවන බලපත්‍ර අයථා ලෙස ලබාදී ඇති බව පවසමින් ඒවා අවලංගු කිරීමට නව රජය බලයට පත්වීමත් සමග තීරණය කළා.ඒ බස් සංගම් නියෝජිතයන් සහ හිමිකරුවන් කළ ඉල්ලීම්වලට අනුවයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයා ධාවනයට එක්කර ඇති අදාල බස් රථ තවදුරටත් ධාවනයේ යෙදවීම සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීමට රුපියල් කෝටි දෙකක මුදලක් ලබාදීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

~~සිංහ පුවත්~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments