Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » ස්වයං පාලනයට පෙර හමුදා කදවුරු ඉවත් කරනු! CV මෝදිට ලියයි

උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ස්ථාපිත කිරිමට පෙර වහාම උතුරේ සියලුම හමුදා කදවුරු ඉවත් කිරිමට ශ්‍රි ලංකා රජයට බලපෑම් කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දන්වා එවා තිබෙන බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) පවසයි.මිට දින 5කට පමණ පෙර උතුරේ විශේෂ නියෝජිතයෙකු හරහා මෙම දැනුම්දිම සිදුකර ඇති බවද ඔහු අනාවරණය කර සිටියා.

මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මැතිවරණයට පෙර ඇති කරගත් එකඟතාව අනුව ස්වයං පාලනයට පෙර උතුරේ සියලුම හමුදා කදවුරු ඉවත් කිරිමට එකඟ වුවත් වර්තමානයේ රටේ ජනතාවගෙන් එල්ල වන පීඩනය හමුවේ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අඩිය පස්සට තබමින් සිටින බවද එම පණිවිඩය හරහා දැනුම්දි තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව උතුරට ලබාදිමට නියමිත ස්වයං පාලනය දැන් යථාර්ථයක් බව අනාවරණය වී තිබේ.දින 90ක් තුල උතුරු හා නැගෙනහිර පළාත් සදහා ජාත්‍යන්තරව පිළිගත් ස්වයං පාලනයක් ලබාදිමට කටයුතු කළ යුතු බවට යොජනාවක්  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබෙන බව අප පසුගියදා අනාවරණය කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments