Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » "ප්‍රා" නායක පාඨලි චම්පික අධිකරණයට අත දමයි

යහපාලන ආණ්ඩුවේ අයිතිකරුවන්ව සිටින ප්‍රා නායකයන් දෙදෙනෙකු වන  දත් දොස්තර රාජිත සේනාරත්න සහ පාඨලි චම්පික රණවක නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කලකිරිමට ලක්ව සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි. පාඨලි චම්පික අධිකරණ ක්‍රියාවලියට් බලපෑම් එල්ල කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පැහැදිලි කිරිමත් සමග මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරි තිබේ.

තමන්ගේ උපදෙස් අනුව නටන විනිසුරුවරුන් පත්කර ගතයුතු බව පවසමින් පාඨලි චම්පික අධිකරණ අමාත්‍යවරයාට විවිධ බලපැම් එල්ල කරමින් සිටි. එහි එක් පියවරක් ලෙස පුත්තලම් දිසා විනිසුරු රංග දිසානයක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කිරිමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.

දිසා විනිසුරු රංග දිසානයක අවස්ථා ගණනාවකදි මුණගැසි ඇති පාඨලී තමන්ට අවශ්‍ය වන අකාරයට තින්දු තිරණ ලබාගැනිම සදහා තමන් රංග දිසානයක කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කරන වට පොරොන්දු ලබාදි තිබේ.

ඒඅනුව පෙරේදා අධිකරණ අමාත්‍යවරයා වහාම හමුවන ලෙසට රංගට පාඨලී දැනුම්දි තිබේ.ඒ අනුව පෙරේදා රාත්‍රී 10.00ට පමණ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් මේ ගැන සාකච්ඡා කර තිබෙන බව අප වාර්තාකරු අනවරණය කළා.(අවශ්‍යනම් විජේදාස රාජපක්ෂගේ 24 පැයේ ක්‍රියාත්ම CCTV නැරඹිය හැක.)

කෙසේ නමුත් විජේදාස රාජපක්ෂ මෙම ඉල්ලිම් ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments