Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » දිල්රුක්ෂි ඩයස් වැට පැනලා - උත්තර දෙන්න ඇඟිලි ගනී

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටින අතරතුර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක ලෙසද කටයුතු කරමින් ආයතන දෙකෙන්ම දීමනා ලබා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීම පිළිබඳව යහපාලන ආණ්ඩුවේ පරම පිවිතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියට එරෙහිව එම කොමිසමටම පැමිණිල්ලක් එල්ල වි තිබේ.

මනූෂ නානායක්කාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම රාජ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීම පිළිබඳව පැමිණිල්ල ගොනුකර තිබේන අතර එම පැමිණිල්ල හරහා පෙන්වා දි ඇත්තේ රජයේ මුදල් රෙගුලාසි අනුව කිසිම රජයේ සේවකයකුට වැටුපක් ගත හැක්කේ ආයතන එකකින් පමණක් බවයි. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ මුදල් රෙගුලාසි උල්ලංගනය කර තිබෙන බව පැමිණිල්ලෙන් පෙන්වා දි තිබේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පිළිතුරු දීමට මෙය සුදුසු වෙලාව නොවන බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සදහන් කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම තුළ විෂමාචාර ක්‍රියාවල යෙදෙන නිලධාරීන් සිටින බව දැනගන්න ලැබී ඇති හෙයින් ඔවුන් හසු වුවහොත් ඔවුනට එරෙහි තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පියවර ගෙන තිබෙන බව පසුගියදා යහපාලනයට කඩේ යන මාධ්‍ය හමුවේ ඇය කියා සිටියා.

ඒ අනුව කවර හෝ නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තම රාජකාරි පරාසය තුළ එවැනි විෂමාචාර ක්‍රියාවල යෙදෙන බවට තොරතුරු තිබේනම් ඔවුන් පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හඳුන්වාදෙන අංක 0776011954 හෝ dgbribery@gmail.com  වෙත දැනුම් දීමට ද අවස්ථාව සලසා දී තිබේ.

""මේ කොමිසමේ සිටින්නාවූ ඇතුම් නිලධාරීන් විෂමාචාරී ක්‍රියාවල යෙදෙන බව දැනගන්නට ලැබුණි. මේ ආයතනය මගේ දෙවැනි නිවසයි. එය කුණු දූවිලිවලින් තොරව පවිත්‍රව තිබිය යුතුයි. මගේ නිවසත් එහි වාසය කරන නිවැසියනුත් අපවිත්‍ර නම් මගේ යුතුකම හා වගකීම වෙන්නේ පළමුව නිවස පිරිසිදු කර දෙවනුව අසල්වැසියාගේ නිවස තුළට එබී බැලීම සුදුසුයි""

දැන් බලාගෙන ගියාම ඉස්සෙල්ලා එබිලා බලන්න වෙලා තියෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ කාමරයටය.....දෙයියෝ සාක්කි....කමක් නෑ බං ......යහපාලනයේ ...ඒ මේ දිනවල මුහුණු පොතේ නිතරම දකින කතාවකි.....


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com


About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments