Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » විස්කි මැඩම්ගේ පාරට්ටුව.....ජනතාව ආදරය කරන යුග පුරුෂයා ඉදිරිපිට චන්ද්‍රිකාව කුනු කැබල්ලක් තරමට වටින්නේ නැත

මේ රටේ සිටි වැඩකටම නැති ජනාධිපති කවුද කියා ඇසුවොත් ඉතිහාසය දන්නා ඕනෑ කෙනෙකුගේ තොරා ගැනීම වනු ඇත්තේ වික්ටර් අය්වන් විසින් වරක් චෞර රැජින යැයි නම් කරනා ලද චන්ද්‍රිකා බන්ඩාරණායකය. කිසිදු වැඩක් වෙලාවට නොකල, කට ඇරියොත් ගල් පැලෙන බොරු කියන, යුද්දය දිගට හරහට පැරදුන,  රට ජාතිය ගැන කිසිදු ආදරයක් නොතිබුන මෙම චන්ද්‍රිකා තම 11 වසරක පාලනය තුල රටේ කිසිදු ආකාරයක සංවර්ධනයක් සිදු නොකල අතර තම පාලන කාලය තුල රටේ ආර්ථික වර්ධනය ඍන අගයකට ගෙන ගිය එකම රාජ්‍ය නායකයා වීමේ වාර්තාවෙන් පමනක් ඉතිහාස ගත වුවාය. 

2005 මහින්ද රාජපක්ෂ වෙනුවට ඇය ජනාධිපති තරඟයට ඉදිරිපත් වූවානම් පරදින්නේ ඇපත් නැතුව බව තෙරුම් ගත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ එක හඩින් චන්ද්‍රිකාව ප්‍රතික්ෂෙප කොට මහින්ද ඉල්ලා සිටියහ. එහෙව් චන්ද්‍රිකා මෛත්‍රී රනිල් පිහිටින් නැවත කරලියට පැමින මහින්දට අභියෝග කිරීම තරම් විහිලුවක් තවත් ඇද්ද ?  මේ රටේ 30 වසරක යුද්දය අවසන් කොට යෝධ සංවර්ධන ක්‍රියාවලියක් ආරම්බ කල මහින්ද රාජපක්ෂ ඉල්ලමින් රට පුරා ජනතාව එක් රොක් වෙද්දී  ගම්පහ දිස්ත්‍රික්කයේ විසි තිස් දෙනෙක් සහබාගී වන කුප්පි මීටින් වලට මාධ්‍ය  කැඳවාගෙන " මහින්ද වැඩිය නැටුවොත් චන්දෙට මම එනවායැයි පාරම් බාන්නේ විස්කි මැඩම්ගේ පිස්සුව හොඳටම තදවෙලාද නැත්නම් ආයෙත් කොහොම හරි බලයට එන්නට හොර පාරක් කපමින් ඉන්න නිසාද කියා පුරවැසියන් වන අපට ප්‍රශ්නයක් ඇත. 

මීටත් වඩා ලොකුම විහිලුව වන්නේ ජනාධිපතිවරනයට ඉදිරිපත් උනේ සිරිසේන උනාට ජනාධිපති වගේ හැසිරෙන්නේ ඡන්දයට ඉදිරිපත් නොවුනු මේ අම්මන්ඩි වීමය. ඇයගේ කතා අසාගෙන සිටින ඕනෑම කෙනෙකුට එන ගැටලුව නම් මේ ආකාරයට කටමැත දොඩවන්නට චන්ද්‍රිකාට බලයක් දුන්නේ කවුද කියාය. අප දන්නා තරමට නම් අප ජිවත් වන්නේ වලව්වේ හාමුලා අප පාලනය කරන වැඩවසම් යුගයේ නොවේ. කාට හෝ ජනතාවගේ පාලකයෙකු වන්නට අවශ්‍යනම් එම පාලන බලය ලබාගත යුත්තේ මහජන ඡන්දයෙනි. 

එසේ නම් ඡන්දයකට ඉදිරිපත් නොවු චන්ද්‍රිකා හිටි හැටියේ නැවතත් අපේ පාලකයෙකු උනේ කෙසේද ? මහින්දගේ රැස්වීම වලට යන අයට අපි විනය පරීක්ෂන කරනවා කියන්නට, අපට ඕනෑ හැටියට ඉන්න බැරි නම් මහින්දට ගෙදර යන්න පුලුවන් කියන්නට මුන්දෑ කවුරුන් කියා සිතාගෙන ඉන්නවාද ?මේ රටේ ජනතාවට යම් ආත්ම ගෞරවයක්  තිබෙන නිසා ජනතාව ලබන චන්දයේදී අද චන්ද්‍රිකා කරේ තබාගෙන ඉන්නා උන් සොය සොයා ඔවුන්ට අන්ත පරාජයක් ලබදෙනු නියතය. විස්කි මැඩම්ම තරඟයට ආවොත් වඩාත් හොඳය. ඒ මහින්ද කියන ජනතාව ආදරය කරන යුග පුරුෂයා ඉදිරිපිට චන්ද්‍රිකාව කුනු කැබල්ලක් තරමටවත් ඡන්දදායකයින් මායිම් නොකරන බව ඇයටම කිය දෙන්නට එය කදිම අවස්තාවක් වන බැවිනි.

~~විශේෂ ලියුම්කරු ~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments