Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » මෛත්‍රීට අපිව නතර කරන්න බෑ......

අගමැති කමට කෙල හලමින් සිටින නිමල් සිරිපාලලාට අවශ්‍ය වි ඇත්තේ කෙසේ හෝ ජාතික ආණ්ඩුව යන මුක්කුව ගසා ගනිමින් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් ඉවත් කොට අගමැති විමට බව කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීම අවසානයේ LNW විශේෂ වාර්තාකරු ධම්මික ප්‍රසාද් අමතමින් කියා සිටියා.

ජාතික ආණ්ඩු සංකල්පයට තමා තරයේ විරුද්ධ බවත් සන්ධානය ශක්තිමත්ව මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත්  හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල කණ්ඩායම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට කප්පාදු කර පවත්වා ගැනීමටත් ඡන්ද ක්‍රමය සංශෝධනය කළ යුතුම බව පෙන්වා තමන්ට අගමැති කම  ලබාගැනිම දක්වා  දින සියය තවදුරටත් ඇදගෙන යෑමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බවට හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු සදහන් කර තිබේ.

"නිමල් සිරිපාලලා මේ විදියේ ගුණමකුවෝ කියලා දන්නවානම් කිසිම දවසක අපි එකට වැඩ කරන්නේ නෑ....."හෙට නුවර පැවැත්වෙන රැළිය සම්බන්ධයෙන්ද ඔහු ප්‍රකාශයක් කළා.....

"ආපහු දෙකක් නෑ..අපි යනවා...මෛත්‍රීපාලගේ යහපාලනයට අපිව නතර කරන්න බෑ......"

"අද සිද්ධ වුනේ ජාතික ආණ්ඩුවක් සඳහා තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් එහි සභාපතිවරයාට, ලේකම්වරයාට සහ ජාතික සංවිධායකවරයා යන පල් හොරු තුන්දෙනාට පවරා ගැනිම පමණයි...." 

"58 ලක්ෂය ඡන්දෙ දුන්නේ ශ්‍රී ලංකා එකටද මහින්ද රාජපක්ෂ නමටද කියන එක නොබෝ දිනකින් වැටහේවි. ....මේ ජන ගග නතර කරන්න ඔය බලහත්කාරකම් වලින් බැහැ. යු එන්  පි එකට බලයට එන්න පාර කපන කොන්ත්‍රාත්තුව ඉටු කරන පක්ෂ සභාපතිත්වයේ අන පිලි පැදලා හැමදාම විපක්ෂයේ ඉන්නවද නැත්නම් මහින්ද මහත්තයත් එක්ක ගිහින් ගිලිහුණු බලය නැවත ලබා ගන්නවද කියන තීරණය හෙට අනිද්දට ගන්න සිදු වෙනවා...."


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments