Select Menu

Main News

Powered by Blogger.

Blog Archive

LNW ඔත්තුකරු

විශේෂාංග

Circle Gallery

කුමන්ත්‍රණ

දේශපාලන

විශේෂ ලියුම්කරු

» » බඩගින්නට ඉඳුල් කෑ යහපාලකයෝ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණිම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන රජය වියදම් කළ අකාරය සහ සංවිධානය කල ආකාරය රටේ නිදහස් උත්සවය වෙනුවෙන් සියයට 10ක් වත් නොකල බව පවසමින් වත්මන් යහපාලන රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යධුර දරණ් කිහිප දෙනෙකුම තමන්ගේ කනස්සල්ල පලකර සිටි.LNW ඇමතු අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම සදහන් කළේ මේ තරම් අරාජිකත්වයක් තමන්ට කිසිදු දවසක දැනි නැති බවයි.

මේ අතර ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතද්දී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඔහුට නිහඬ විරෝධය පාමින් පාර්ලිමේන්තුවෙන් නැඟිට යැම කා අතරත් මහත් ප්‍රසාදයට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී වීරවංශ සඳහන් කලේ ඉන්දීය අගමැතිවරයා විසින් 13 වන ව්‍යවස්ථා සංශෝදණය මුළුමනින්ම ක‍්‍රියාත්මක කල යුතු බවට කොළඹදී කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් නිහඬ විරෝධය පල කිරීමක් ලෙස මෝදි අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතන්නට සූදානම් වෙද්දී තමන් ඉන් පිටව ආ බවයි.

1987 වසරේදී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුම යටතේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ස්තාපිත කෙරණු අතර එවකට ජවිපෙ දේශපේ‍්‍රමි තරුණයෝ ඊට එරෙහිව සටන් වැදුනහ. ඊයේ දිනයේ ජවිපෙ නියෝජිතයෝ මෝදිට අත්පොලසන් දෙමින් පාර්ලිමේන්තුවේ පසුවූහ.


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

About Lanka News Web

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
«
Next
Newer Post
»
Previous
Older Post

No comments